රජය ශරියා උගුලේ සිර වී – ජනගහනය සමග මුස්ලිම් බලපෑම – 1
December 17th, 2020පානි වෑවල
කෝවිඩ් වසංගයත් සමග වරින්වර කරළියට එන මාතෘකාවක් වී ඇත්තේ ඉස්ලාම් භක්තිකයන්ගේ මරණ, තම ආගමික ඉගැන්වීම් අනුව භූමිදානයට ඉඩ දිය යුතු ම බවය. ඔවුන් එසේ පැවසුව ද ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන කුරාණයේ 5 සුරාවේ 31 වන වගන්තිය ජනාසා (අවමංගල්‍ය කටයුතු) පිළිබඳ සඳහන් යැයි දැක්වුව ද, එහි වැළලිය යුතු ම යැයි සෘජුව සඳහන් වන ආගමික ආඥාවක් නම් නැත. (මෙම සිද්ධිය ක්‍රිස්තියානියේ ද දැක්වෙන අතර, ආදාම් සහ ඒවගේ පුත්‍රයන් වූ කායින් විසින් අබෙල් මරා, මිනිය සැඟවීමේ උපක්‍රමයක් පිළිබඳ විස්තරයක් විනා වළ දැමීමක් පිළිබඳ නොවේ ය – බයිබලයේ උත්පත්ති 4:9 ට සම්බන්ධ වූ සිද්ධියමය .) එහෙත් වැළලීම තමන්ට අයිතියයක් ඇති බවට තරයේ කියා සිටින්නේ රටේ පවතින නීතියට අභියෝග කිරීමට සහ තම බලය පෙන්නවීමටය.
මේ වන විට කෝවිඩ් ආසාදිත මෘත ශරීර ලංකාවේ වැළලිය නොහැකි නම් එය මාලදිවයිනට ගෙන ගොස් වැළලිය යුතු බවට රජයේ වගකිවයුත්තන් සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. ඉස්ලාමිය ඉගැන්වීම් සහ මූලධර්ම අනුව රටකින් තව රටකට නොව තම රටේම වෙනත් ප්‍රදේශයකට මෘතශරීර ගෙන යාම මෙන්ම, අවසන් කටයුතු සඳහා මුල්‍ය හෝ අනෙකුත් අනවශ්‍ය හිරිහැරවලට බලපාන ප්‍රමාද කිරිම් හරාම් (නොකළ යුතු) බව දක්වා ඇත. මෙවැනි පදනම් විරහිත අයුතු යෝජනා සිදු කරන්නේ රජය අපහසුතාවට පත්කොට තම දේශපාලන බලය පෙන්වීම මෙන්ම අන්තවාදී කොටස් සතුටු කිරීම වන බැවින් මෙවැනි යෝජනා කරන්නවුන්ගේ රජය ප්‍රවේසම් විය යුතුය.
වැළලීම ඉස්ලාමයට පමණක් නොව මැදපෙරදිග කලාපයේ යුදෙව්, ක්‍රිස්තියානි ආදී මැද පෙරදිගින් බිහි වූ සියලු ආගම්වලට අදාළය. එහෙත් පවතින වසංගත තත්ත්වය මත කිතුනුවන් ඒසේ වැළලිය යුතු ම යැයි කියා අයුතු බලපෑම් නොකරයි. අද අප අනුගමනය කරන අවමංගල්‍ය චාරිත්‍ර අතීතයේ දී සකස් වී ඇත්තේ පරිසරික සාධක අනුවය. අරාබිකරයේ දී දෑවීමට තරම් දර නොමැති බැවින් වළලනු ලැබ ඇති අතර එය කඩිනමින් ම සිදු කිරීමට හේතු වන්නේ පවතින උණුසුම් තත්ත්වය මත මෘත ශරිරය නරක් විමට පෙර අවසන් කටයුතු කළ යුතු බැවිනි.
අපේ රට අරාබිකරයේ රටක් නොවන බැවින් ඇති තරම් ඉන්දන ද (රිෂාඩ් විල්පත්තුවේ කැපු දර ද) ඇති බැවින්, වසංගත තත්ත්වය යටතේ වඩාත් ම සෞඛ්‍යාරක්ෂිත ම ක්‍රමවේදය වන්නේ දැවීම ය. ඇත්තෙන්ම ඉස්ලාම් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කරන්නන් ද මියයන්නේ ද පණපිටින් ගින්නෙන් දෑවීයයි . එහෙත් ඉස්ලාමයට අනුව ඔවුන්ට ස්වර්ගයේ ඉහළම ස්ථානය ලැබෙනු ඇත. ඒ් අනුව ස්වර්ගයට යාමට ගින්න බාධාවක් නොවන බැවින් කෝවිඩ් වසංගතයේ දී ජිවත්ව සිටින අයගේ සුරක්ෂාව වෙනුවෙන් මෘතශරීර දැවීම ස්වර්ගයට යාමට බාධා වන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. ඇත්තෙන්ම අධිකරණ ඇමති අලි සබ්‍රී සහ අන්තවාදීන් මේ උත්සහ කරන්නේ තම ආගමික නීතිය වන ශරියා නීතිය අප රට තුළ ස්ථාපිත කිරීමට පසුබිම සැකසීම බව ඉතා පැහැදිලිය.
ඉස්ලාමය පිළිබඳව මහාචාර්ය පීටර් හැමන්ඩ් නම් විද්වතා ලියන ලද ”වහල්භාවය, ත්‍රස්තවාදය සහ ඉස්ලාම්: ඒහි ඵෙතිහාසික මූලාශ්‍ර සහ වර්තමාන තර්ජන” නැමති පොතේ රටක මුස්ලිම් ජනගහන ව්‍යාප්තියත් සමග ඔවුන් තම ආගමික ග්‍රන්ථ වන කුරාණය සහ හදීස්, සුන්නාවලට අනුකූලව ශරියා නීතිය බලාත්මක කරන්නට කටයුතු කරන බව පෙන්වා දී ඇත.
මහාචාර්ය හැමන්ඩ්ට අනුව මුස්ලිම් ජනතාව රටක ජනගහනයෙන් 2%කට අඩු වන විට ඔවුන් අන්‍ය ජාතින්ට හිරිහැරයක් නොවන ලෙස සහයෝගයෙන් කටයුතු කරන බව පෙන්වන අතර, ඒහෙත් ජනගහනය 5%ක් වන විට හලාල් (ආගම අනුව පවිත්‍ර යැයි සලකන දේ) ලබා ගැනීමට තර්ජනය කරමින් කටයුතු කරයි. ජනගහනය 5%- 10%ක් වන විට රටේ නිතිය නොතකා බහුතරයක් ඉස්ලාමිකයන්/මුස්ලිමුන් පදිංචි ප්‍රදේශවල පාලනය තම ආගමික නීතිය වන ”ශරියා නීතිය”ට අනුකූලව කටයුතු කර ගැනීමට බලපෑම් කරන බවය.
තවදුරටත් මහාචාර්ය හැමන්ඩ් දක්වන්නේ ”යම් රටක මුස්ලිමුන් ජනගහනයෙන් 10%ක් වූ විට ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත වන්නේ ඒම රටේ පවතින ප්‍රමිතින් ගැන පැමිණිලි කර උද්ඝෝෂණ කිරීම සහ නීති විරෝධි ලෙස හැසිරීමය.”
“මුස්ලිම් නොවන ඕනෑම දෙයක් ඉස්ලාම් ආගමට රිදවන්නේය යන්න හුවා දක්වමින්, ඒ් හේතු කොට ගෙන කෝලාහල, උද්ඝෝෂණ, තර්ජන සමාජය තුළ දියත් කරයි.” මෙය ලෝව පුරා මෙන් ම, අද ලංකාවේ ද සිදු වන්නේ මෙම ක්‍රියා දාමයමය.
මානව අයිතිවාසිකම් පිළිබඳ අපට මහා ඉහළින් දෙඩ වූ එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, නොර්වේ වැනි රටවල් අද මුස්ලිම් ජනගහනය වැඩි විමත් සමග හිස් එසවූ ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් සලිතව ගොස් ඇත. ඒ් අප වැනි රටවලට එල්ල කළ තම මානව හිමිකම් ඔවුන්ටම පාරාවළල්ලක් වීමෙන්ය.
1981 ජනසංගණය අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිමුන් 7.3%ක් වූ අතර 2012 දී එය 9.7%ක් ලෙස දශක 3ක දී විශාල ජනගහන වර්ධනයක් හිමිකර ගෙන ඇත. අද වන විට එය 10% ද ඉක්මවා ගොස් තිබිය හැකිය. අපි ද මුස්ලිම් ජනගහනය 10%ක් වන විට මුස්ලිම් ක්‍රියාකාරකම් අප ද අත් විද ඇත්තෙමු-විදිමු. අප සමාජය තුළ සිදුවන සිදුවීම් තුළින් ම මහාචාර්ය පීටර් හැමන්ඩ්ගේ නිරික්ෂණ සත්‍ය බව ඔබට ද වැටහෙනු නියතය.
සියලු මුස්ලිම් දේශපාලඥයන් තම ආගම ජාතිය වෙනුවෙන් කටයුතු කරන විට දී, සිංහල ඡන්දයෙන් තේරි පත් වූ පක්ෂ-විපක්ෂ සිංහල දේශපාලඥයන් සිංහලයන් වෙනුවෙන් පෙනි සිටින්නේ දැයි අපි බලා සිටිමු.
(10%ට වැඩි ඉතිරි ජනගහන විස්තර පසුව)
– පානි වෑවල








