චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි
අප මේ ගතකරමින් සිටින වර්තමානය ඉතා තීරණාත්මකය. මෙරට ජනතාව සිතන කරන කියන සෑම ක්‍රියාවලියක් තුලම මනාව සැලසුම කරන ලද දේශපාලන ක්‍රියාදාමයක් ඇත. කන්නේ මොනවාද? අදින්නේ මොනවාද? කියන්නේ මොනවාද? යන හැම දෙයක් තුලින්ම අප යම්කිසි දේශපාලන ක්‍රියාවලියකට බද්ධව කටයුතු කරන්නෝ බවට පත්ව ඇත. අපට මේ උරුමව ඇත්තේ කුමක්දැයි අවබෝධ කරගත යුතුයම, අවධියකට සමාජයම අවතීර්ණව සිටි. තමන්ට තමන් අයිති නැති, තමන්ගේ බිරිදැවරුන්ව අරාබියේ මිනිසුන්ට හිමිව ඇති මේ සමාජය, අපට උරුම කරදුන්නේ කවුරුන්ද? යන්න සම්බන්ධව ගවේෂණය කලයුතුය.
මේ තත්වය දිනකින් දෙකකින් මසකින් හෝ වසරකින් අප වෙත ළඟාවූ තත්වයක් නොවේ. ඊට දිගු ඉතිහාසයක් ඇත. ඒ අප පැමිණි මාවතේ සිදුවුනේ කුමක්දැයි අප දැනගත යුතුමය. වර්තමානය යනු හරසුන් බොල් වචන එහාට මෙහාට පාකර හරිමින් මුළු සමාජයම වල්මත් කරවන යුගයකි. මේ වනවිට ජනතාව අපේක්ෂිත මැතිවරණයකට
ලගා වෙමින් සිටි. අප මැතිවරණයක් තබන සමාජයකට හෝ මැතිවරණයක් නොපවත්වා ඉදිරියට තම බලය පවත්වාගෙන යාමට වෙර දරන සමාජයකට අවතීර්ණය වීමට නියමිතය. ඒ සදහා අපි සමාජය සුදානම් කල යුතුය.
ශ්‍රී ලංකාව පාලනය කරන රාජ්‍යය පද්ධතීන් දෙකැකි. ඒ
1.අදෘෂ්‍යමාන මහා රාජ්‍යය හා
2.නිර්මාණිත ව්‍යස්ථාවකට අනුව ස්ථාපිත දෘෂ්‍යමාන රාජ්‍යය වශයෙනි.
මේ රටේ අති බහුතරයක් කර්යයන් පාලනය කරනු ලබන්නේ, අදෘෂ්‍යමාන රාජ්‍යයයි. මෙම යාන්ත්‍රණය ගෝලීයව නිර්මාණය වුවක් වන අතර, වර්තමානයේ ගෝලීය අස්ථාවරත්වයට මුලික හේතුව මේ අදිසි රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයයි. මෙම යාන්ත්‍රණය අති බලවත්ය. ලෝකයේ සෑම රටක්ම මෙම ග්‍රහණයෙන් පිඩා විදිමින් සිටි. කිසිදූ රටකට හෝ රාජ්‍ය නායකයකුට ස්වාධීනව කටයුතු කිරීමට ඔවුන් ඉඩ නොතයි. මෙම අදිසි බලවේගය, ලොවෙහි ඇති සෑම රාජ්‍යයක්ම, ඔවුන් විසින් සකස් කරන ලද ව්‍යාපෘතියකට අනුව මෙහෙයවයි. ඒ සදහා ලොව පුරා විහිදුනු ආයතන ගණනාවක්ද නිර්මාණය කර ඇති අතර, මෙම මෙහෙයවීමේ ක්‍රියාදාමයට, අධිකරණය හා විනිසුරුවරුන්, බන්ධනාගාර හා බන්ධනාගාර නිලධාරින්,
රාජ්‍ය නිලධාරීන්, සෑම දේශපාලන පක්ෂයකම සිටින දේශපාලඥයින්, වෘත්තීය සමිති ක්‍රියාකාරකයින්, සියලුම ශිෂ්‍ය ව්‍යාපාර හා ශිෂ්‍ය ක්රියාකාරකයින්,කලාකරුවන් හා පාතාල සාමාජිකයින් සෘජුවම යොදා ගන්නා අතර, ඒ සදහා ඔවුනට ඉතා ඉහල මට්ටමේ වරදාන ප්‍රධානය කරයි.
අපේ මාතෘ භූමියට නිදහසද, ප්‍රජාතන්ත්‍රවාදයද, උරුම කර දෙන ලදී. ඒ වර්ෂ 1948 පෙබරවාරි මස 4 වෙනිදායි. මේ නිදහස හා බද්ධව, උරුම කල ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය කිසිවක් ගැන සිතීමට, කථා කිරීමට හෝ ගොඩනැංවීයට උත්සහ කිරීමට අපට අයිතියක් නැතිවීම විශේෂිතය. ඒ පදනම යටතේ අපට හිමි වූ ඒ පාලන ක්‍රමයට මේ වන විට වසර 71කි. අපි නිදහසේ යන්නට වෙර දරණ මේ ගමනට, අදෘෂ්‍යමාන රාජ්‍ය කල ක්‍රියාකාර කම් මොනවාදැයි යන්න, විග්‍රහත්මකව ශ්‍රී ලාංකිකන්ගේ අවධානයට ලක්කිරීම අපගේ අරමුණයි.
වර්ෂ 1762දි මදුරාසියේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් මෙරට රජු මුණ ගැසීමට ජෝන් ෆිබස් නම් නියෝජිතයෙක් මෙරටට එවන ලදී. ඔහුගේ මුලික අරමුණ වුයේ, ත්‍රිකුනාමල වරාය හෝ එය නොහැකිනම් ඊට සමාන වෙනත් වරායක් කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හරහා ලබාගැනීම විය. ඒ ව්‍යායාමය අසාර්ථක විය. නමුත් වර්ෂ 1796දි ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගත් ඉංග්‍රීසින් වර්ෂ 1801 මාර්තු මස පළමුවන අග්‍ර විනිශ්චයකාරයා වශයෙන් එංගලන්ත ජාතිකයෙකු වූ කොඩ්රින්ටන් එඩ්මන්ඩ් කරින්ටන් මහතාව පත් කිරීමත් සමග නව බලවේගයක ආරම්භය මේ බිමේ සනිටුහන් විය. එය මේ රටේ නීතියේ ආධිපත්‍ය නමින් බිහිකළ ජාතික සටන් හා විමුක්ති ව්‍යාපාරයන් මර්ධනය කිරීමේ යාන්ත්‍රණයයි..
මේ නිතිය අවිගත් සතුරාට වඩා භයානක වූ අතර, එය විසින් මිනීමරුවන් සුරක්ෂිත කොට තම දේශයේ, විමුක්තිය උදෙසා සටන් කලවුන්ට මරණය උරුම කර දුන්හ. මේ නිතිය මේ රට පාලනය කරන අදෘශ්‍යමාන බලවේගයේ ආරක්ෂකයා බවට පත්ව එය සුරක්ෂිත කිරීම සදහා, නිතිය දිගහරිමින් හා නවමින් කටයුතු කිරීම ඉතිහාසය පුරාම අපි දකිමින් සිටින්නෙමු.
සැබෑ නිදහස් මේ රට තුල ස්ථාපිත කිරීමට අවැසි නම් පළමුව, පරදේශක්කාරයින් විසින් මෙරට ස්ථාපිත කර ඇති නිතිය හා අධිකරණ පද්ධතිය අහෝසිකළ යුතුය. රටට ගැලපෙන නව නීති පද්ධතියක් ස්ථාපිත කලයුතුය. මේ රටේ ලොකුම විනාශය කල ආයතනය, සුද්දා විසින් ස්ථාපිත අධිකරණ පද්ධතිය බව කිව යුතුමය.
1818, හා 1848 විමුක්ති අරගලයන් මර්ධනය කිරීමේදී, සිදුකල ජන සංහාරයන්, සාධාරණ යුක්තියේ නාමයෙන් නහවා පිරිසිදු කිරීමට පරයින්ගේ නිතිය
යොදාගන්නා ලදී.
මේ නිතිය වර්ෂ 1915දි එදා විධායකයේ, නියෝගයන්ට අනුව යමින්, මුස්ලිම් සිංහල කෝලහාලයේදී සිංහල ජන නායකයින් සිරගත කිරීම හා ඝාතනය කිරීම සිදුකල අතර, එම නීතියම වර්ෂ 1937දි විධායකයේ නියෝගයන්ට එරෙහිව සිටගනිමින්, බ්රෙස්ගර්ඩල් සිද්ධියේදී, ආණ්ඩුකාරයාව රටින් පන්නා දැමීමද සිදුකළහ.
සුද්දාගේ නිතිය සුදු ආණ්ඩුකාරවරයෙකු පන්නා දැමීම, බැලු බැල්මට ප්‍රාතිහාර්යක් පෑමක් සේ ජනතාවට දිස්විය. නමුත් එදා ඒ නිතිය විසින් සිදුකලේ, ද්‍රවිඩ වතුකම්කරු බලය මෙරට තුල ස්ථාපනය කිරීමේ ඉතා වැදගත්ම පියවරයි. එය ඔවුනට ඉතා වැදගත් දේශපාලනමය කාර්යයක් විය. අධිරාජ්‍යවාදීන්ට ඉතා වැදගත්ම වූ කටයුත්ත වුයේ මෙරට ස්වදේශිකයින් තුලවූ බලය මොට කිරීමයි. නිතිය රටට එරෙහිව හා ජනතාවට එරෙහිව කටයුතු කරන ලද්දේ එසේය. එම අවස්ථාවේදී, මෙරට ජනතාවට එරෙහි බලය රටතුල ස්ථාපනය කලේ, සුදු ආණ්ඩුකාරයාට එරෙහි සුදු ජාතිකයෙකුම යෙදවීම තුලිනි. මේ තුලින් ලංකා සම සමාජ පක්ෂයට හා දෙමල වතුකම්කරුවන්ට මෙරට ස්ථාවර බාවයක් ලබාදෙන ලදී.
පළමුවන රාජ්‍ය පරිච්චේදය
වර්ෂ 1948 මෙරටට වැදගත් වසරක් විය. නිදහස ප්‍රධානයේදී ඉදිරියෙන්ම සිටි පුද්ගලයා, අතිගරු ඩි. එස්. සේනානායක මහතා විය. අදෘෂ්‍යමාන මහා රාජ්‍ය මෙතුමා හිතවාදී නොවුනත් පැවතී ඓතිහාසික තත්වයන්ට අනුව එතුමාට රාජ්‍ය නායකත්වය උරුම කිරීමට සිදුවිය. ඩි. එස්. සේනානායක මහතා ප්‍රමුඛ රජය හා එහි පාලකයින්ද, තමන් පූර්ණ වශයෙන් නිදහස්ය යන විශ්වාශයෙන් යුක්තව රට පාලනය කරන්නට ආරම්භ කලද, අදිසි රජය, ඩී. එස් සේනානායක මහතාව, ඔවුන්ගේ නියෝජිතයෙක් ලෙස පිලි නොගත්හ. තමන් විසින් ඉතා උසස් පදවියක් ලෙස සලකන ලද නයිට් පදවිය, පිරිනැමූ අවස්ථාවේ, ඩි. එස්. විසින් එය ප්‍රතික්ෂේප කිරීම, “මම උඹලාගේ සම්මානනීය මිනිසෙකු වීමට සුදානම් නැත” යන පණිවුඩය ගැබ්ව තිබුණි. තවද පුරවැසි පනත මගින් නොරටුන්ට මේ රටේ චන්දයදීමේ බලය අහිමි කිරීම, මගින් අදිසි හස්තය සුදු ආණ්ඩුකාරවරයෙකු පන්නා දමා මෙරට ස්ථාපිත කල ස්වදේශික ජනවිරෝධි කාල බෝම්බය දෙදරවිමක් විය. ඔහුගේ ජාතික සංවර්ධන ව්‍යාපෘතීන් තුලින්, උතුරු නැගෙනහිර ජනාවාස බිහිකිරීම සිංහලයින් පදිංචි කිරීමද, අද මෙන්ම එදාද අදිසි හස්තය නොරිස්සුහ. මෙම කාර්යයන් සිදුකිරීම මෙරට ජාතික ධනපති පන්තියේ හිතුවක්කාර ක්‍රියාකලාපයන්සේ සැලකූ අදිසි රජුන්, මෙරට ජනතාව තුලින්ම ඩි. එස්. සේනානායක රජයට එරෙහිව හඩක් නැංවීම සදහා වාමාංශික දේශපාලන ව්‍යාපාරයන් උපයෝගී කර ගත්හ. නමුත් මහාමාන්‍ය ඩි. එස් සේනානායකයන් නිවටයෙකු සේ ක්‍රියා නොකරන්නෙක් වූ බැවින් සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන ගියහ. එහි පලය වුයේ,”හොදින්
බැරිනම් නරකින්” යන තේමාව මත ක්‍රියා කරන අදිසි රාජ්‍යය, මහා වේගයෙන් හඹා යන තුරගුන් මතින් වැටී සියදහස් ගනනක් හොදින් ජීවත් වෙන ලෝකයේ, සාමාන්‍ය තුරගකු මතින් වැටී මියයාමේ තත්වයක් ගරු ඩී. එස්. සේනානායක මහතාට උරුම කර දීමයි. ඔහුට සිය ධුර කාලය නිම කිරීමට පෙර මරු වැලද ගන්නට සිදුවිය. නිදහස ලබාගත් පසු පළමු අගමැතිවරයා වසර 4ක කාලයකින් ධුරයෙන් පමණක් නොව දිවියෙන්ද තොර කිරීමට අදිසි රජයට හැකිවිය.
ඒ මහාතාගේ මරණින් පසු ජනබලයෙන් බලයට පත් ඒ මහතාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා සිය පියාණන්ගේ ප්‍රතිපත්ති වලට අනුව යමින් කටයුතු කරන්නට වූ අතර, කිසිදාක සේනානායකවරු නොරිස්සු අදිසි රජය, වහාම ඩඩ්ලි සේනානායකාවද බලයෙන් පහකරදමිමට තීරණය කළහ. ඒ සදහා පක්ෂයේ අභ්‍යන්තර සතුරන්ද බාහිර සතුරන්ද සන්ධානගත කල අදිසි බලවේගය, එවකට මුදල් අමතිවූ ජේ. ආර්. ජයවර්ධන මහතා සහ පුරවැසි පනත මගින් වතු දෙමල කම්කරුවන්ගේ චන්ද බලය අහිමි කිරීම හේතුවෙන් උරණව සිටි වාමාන්ෂික ව්‍යාපාරය යොදාගෙන ඉතා පහසුවෙන් ඩඩ්ලි සේනානායක මහතා බලයෙන් පහකර දැමුහ. මේ අවස්තාව ලංකා දේශපාලනයේ සුවිශේෂී අවස්තාවක් නිරුපනය කරයි. අභ්‍යන්තර සතුරාවන ජේ. ආර්. ජයවර්ධන සහල් මිල 100%කින් ඉහල දමා බාහිර සතුරාගේ කාරයන්ට උත්තේජනයක් ලබාදීම තුලින්, වාමාංශික ව්‍යාපාරයට සටන දියත් කිරීමට මාවත විවර කල අතර, අපේක්ෂා කළාටත් වඩා ප්‍රබලවූ මහජනතාව, සටන රාජ්‍ය බලය අල්ලාගන්නා තත්වය තෙක් ගමන් කිරීමට කල උත්සාහය වලකා ලනු ලැබුවේද, වාමාංශික නායකයින්ම වීම මෙහි ඇති විශේෂයයිනැවකට ගෙන්වා ගත් අගමැතිතුමාට, උපදේශක සුද්දන් කියා සිටියේ, ඉල්ලා අස්වෙන ලෙසය. එය අදිසි බලයට අවැසි විදියටම සිදුවිය. ඉන්පසුව බලයට පත් සර් ජෝන් කොතලාවල මහතා කෙටිකලක් අගමැති ධුරයේ දරා, 1956 පරාජයෙන් පසු දේශපාලනයෙන් සමු ගත්හ,
දෙවන රාජ්‍ය කාල පරිච්ඡේදය.
වසර ගණනාවක් විදේශීන්ට යටත්ව සිටියේ සිංහලයින්ය. ජාතියක් වශයෙන් පිඩා වින්දේ සිංහලයින්ය. ඔවුනට නිදහස හා විමුක්තිය අවශ්‍ය විය. එය ලබාදීමට වලිකෑ ඩි. එස්ට මරණය උරුම විය. මිලගය සිංහලයට නිදහස හා විමුක්තිය ලබාදීමට ඉදිරිපත්වුයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතාය. එතුමා 1956දි බලයට පත්විය. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමත් සමගම, රටතුල ඇතිවූ නව ප්‍රබෝධය හා සිංහල ජාතියේ නැගිටීම නොරිස්සු, අදිසි රාජ්‍ය, තමන් වර්ෂ 1935 සිට ක්‍රමානුකුලව ප්‍රබල කල වාමාංශික වෘත්තීය සමිති බලමුලු උපයෝගී කරගෙන බණ්ඩාරනායක මහතාට එරෙහිව, වැඩ වර්ජන මාලාවක් දියත් කළහ. බණ්ඩාරනායක මහතාගේ මේ ළදරු දේශප්‍රේමී රාජ්‍ය වෙත, අඛණ්ඩ තර්ජන මාලාවක් එල්ල කලහ. ඊට අමතරව තමන්ගේ ඊලග බලවත් ආයුධය වූ ජාතිවාදය උත්සන්න කරවීම සදහා ද්‍රවිඩ ජාතිවාදය චෙල්වනායගම්ලා හරහාද, සිංහල ජාතිවාදය ඔවුනගේ විශ්වාශීම ඒජන්තයාවූ ජේ. ආර්. ජයවර්ධන මාර්ගයෙන් උත්සන්න කලහ. මේ පාර්ශවයන් දෙකටම සියලුම පහසු කම් සපයන්නාවුයේ බටහිර නිර්මාණයක් වූ සුදු අදිසි හස්තයයි. නමුත් බණ්ඩාරනායක මහතාද බලවතුන් ඉදිරියේ කොන්ද නමන්නෙක් නොවූ අතර, සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය හමුදා කදවුර හා කටුනායක බ්‍රිතාන්‍ය හමුදා කදවුරද ඉවත්කර ගැනීම, කොළඹ වරාය ජනසතු කිරීම, එතුමාගේ කෙටි පාලන කාලය තුලදී කල විශිෂ්ඨතම කාර්යයන් විය. එය මෙරට ජනතාව ලද තවත් එක් විජග්‍රහණයක් විය. මේ සියල්ලන්ගේම ප්‍රතිඵලයක් වශයෙන්, බණඩාරණායක මහතාව දේශපාලන වශයෙන් පමණක් නොව මෙලොවින්ද ඉවත් කිරීමට අදෘෂ්‍යමාන බලවේගය තීරණය කරන ලදී. මේ සදහා, ඔවුන් විසින් මනාව සංවිධානය කොට පවත්වාගෙන යනු ලබන පාතාල බලමුලුවල උපකාරිත්වයෙන්, ජාතික බලවේගයේ ප්‍රධාන බලමුලු දෙක වන සඟ හා වෙද යන පරපුරු දෙකේ සුසංයෝගය උපයෝගී කරගෙන, අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනයට කළහ. බලයට පත්ව වසර තුනකින් ඩි. එස්. සේනානායක මහතාව මරණයට පත්කළ, බලයට පත්ව වසර දෙකකින් ඩඩ්ලි සේනානායක මහතාව බලයෙන් පහකළ අදිසි රාජ්‍ය විසින් මෙවර, බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්, ඩි. බණ්ඩාරනායක මහතාව ඝාතනය කර බලයෙන් ඉවත් කලේද වසර තුනක් තරම්වූ කෙටි කාලයකිනි.
මෙරට ජනතාවට බලවත්ව නායකයෙක් අහිමි වීමෙන්, ඇතිවූ පිඩාව බලවත් විය. ඔවුනට නායකයෙකුගේ අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. නායකයෙකු නොමැති වුවද, ජාතික බලවේගය එක පෙලට සිටගත්හ. එවන් තත්වයක් තුලදී, අදිසි රාජ්‍ය බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන ඇමති ඩබ්ලිව්. දහනායක මහතාගේ මූලිකත්වයෙන් යුත් රජයක් බිහිකර, බණ්ඩාරනායක ඝාතන පරීක්ෂණ අඩාල කිරීමටත් රාජ්‍යපාලනය ඔවුනට අවැසි ආකාරයටත් ගෙන යාමට වෙර දැරුහ. අගමැති ඝාතනය සම්බන්ධව පරීක්ෂණ කටයුතු අඩාල කිරීම සදහා පොලිසියේ සිටි උසස් නිලධාරින් උපයෝගී කරගත්තද නැගී එන බලවත් ජනතා බලය ඉදිරියේ, එම නිලධාරීන්ව පොලිසියෙන් ඉවත්කර පරික්ෂණයන් යම්කිසි තත්වයකට ගෙනයාමට හැකිවිය. අදිසි රජය ඉතා ඉක්මනින් තම හිතවාදී රාජ්‍යයක් බිහිකර ගත්තද, එයට පැවතීමට පදනමක් සකස්ව නොතිබිණි. එබැවින් දහානායක සහිත ප්‍රතිගාමින්ගේ රජය විසුරුවාලීම සිදුවිය.
1960 මාර්තු මහා මැතිවරණයේදී, සතුරාට සතුරා අපේක්ෂා කරන පුද්ගලයා නායකයා වශයෙන් ඉස්මතු කර ගැනීමට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂයේ, ජේෂ්ඨයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා නායකයකු ලෙස පොදු ජන මනස තුල ලැගුම් ගෙන සිටියේ නැත. එබැවින්, අදිසි රජය විසින්ම එළවා දමා තිබු ඩඩ්ලි සේනානායකයන්ව යලි අගමැති බවට පත් කිරීමට ඔවුනට සහයදීමට සිදුවිය. මැතිවරණයෙන් එක්ෂත් ජාතික පක්ෂය ජයගත්තද, මාස තුනකට පමණක් රජවූ ඩඩ්ලි සේනානායක රජයට යලි එම වසරේදීම මැතිවරණයකට මුහුණදීමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වදීමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත්වූ අතර එතුමිය එහිදී විශිෂ්ඨ ජයක් ලබා ගත්හ, සිරිමා බණ්ඩාරනායක යනු, ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ රාජ්‍ය නායකයින්ගේ, දැඩි අවධානයට ලක්වූ පුද්ගල චරිතයක් විය. ඇය අධිරාජ්‍යවාදීන්ට ප්‍රබලම තර්ජනයක්ද විය.
සිරිමා බණ්ඩාරනායක මහත්මිය බලයට පත්වූ මොහොතේ සිටම, අදිසි
රාජ්‍යයය, දිවා රෑ අඛණ්ඩව, මෙරටේ හමුදාවන් හා පොලීසි තුලට කිදාබැස, මහා අපරාධයකට සූදානම් වූහ. අදිසි රාජ්‍ය මෙවර වසර දෙකක් තරම් කෙටිකාලයකින් ය පන්නා දැමීමේ කර්තව්‍ය ඉටුකිරීමට ලහි ලහියේ සුදානම් විය. එය 1962 දී, සියලුම හමුදාවන් තුල ප්‍රධානින් හරහා සිදුකිරීමට සැලසුම් කර තිබුනද, එය හෙළිවීමත් සමගම හමුදා රජයක් පිහිටුවා ගැනීමට කල කුමන්ත්‍රණයේ සියලුම තොරතුරු හෙලිවූ අතර, බණ්ඩාරනායක මහතාව ඝාතනය කර වසර 3ක් සම්පූර්ණවීමටත් පෙර බණ්ඩාරනායක මැතිනියව ඝාතනය කර බලය ගැනීමට සැලසුම් කිරීමට තරම්ම, ඔවුන් තුල ඝාතන සංස්කෘතිය කිදා බැස තිබිණ. ඔවුනගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් උජාරුවෙන් නන් දොඩන මේ අදිසි රාජ්‍යය තුල, සැබෑලෙසම පවතින්නේ ආඥාදායකත්වයයි. තමන් විසින් නිර්මානය කරන ලද ව්‍යාවස්ථාවට අනුව වසර පහක පාලන කාලයක් රජයකට උරැම වුවද, එම කාලය සැබෑ ලෙසම තීරණය කරනු ලැබුයේ මෙම අදිසි රාජ්‍යය විසිනි.
හමුදාවන් තුල වූ ඔවුනට හිතවාදීන් ලවා කිරීමට උත්සහ කල කුමන්ත්‍රණය අසාර්ථක වුවද, මෙරට සියලූම ක්‍රිස්තියාණි හා කතෝලික සභා වලින් පාලනය වන පාසල් දරු දැරියන් හා දෙමව්පියන් රජයට විරුද්ධව පාරට බස්සවා, ඉතිහාසයේ පලමුවරට නොදරුවන් රජයට විරැද්ධව පෙලිපාලි ගෙන ගොස් රජය පීඩාකාරී මාවතකට තල්ලු කරන ලද්දේ, මෙම අදිසි රාජ්‍යයයි.
මෙරට විදේශීය තානාපති කාර්යාල හරහා රජයට බලපෑම් කර, 1962 කුමන්ත්‍රණ කරුවන්ට සිරගෙදරදී ලබාදිය හැකි ඉහලම පහසුකම් ලබාදීමට කටයුතු සංවිධානය කල අදිසි රාජ්‍යය, 1964 දෙසැම්බරයේදී, දෘෂ්‍යමාන රජය, පවතින රජයේ, මැති ඇමතිවරු වරදාන උදෙසා, තමන් වෙත දිනාගෙන එම රජය පෙරලා දමන ලදී.
තෙවන රාජ්‍ය කාල පරිච්ඡෙදය.
1965 මැතිවරණයෙන්, අදිසි රජය අපේක්ෂිත පිල ජයගත්හ. ඩඩ්ලි සේනානායක මහතා නායකත්වය යටතේ, මේ රජය බිහි කලද, එතුමා ඔවුනගේ රූකඩයක් නොවුහ. එවන් නායෙකයකුට ඔවුන් තුල එතරම් කැමැත්තක් නැත. කෙසේ නමුත් ඔවුනගේ පළමු කර්තව්‍ය වුයේ, එම ජාතික නායකයාව ඔවුනට මහත් හිසරදයක් විය.නමුත් ඔවුනගේ පලමු කටයුත්ත වූයේ 1962 කුමන්ත්‍රණ කරුවන් නිදහස් කිරීම විය. එය එසේම සිදුකල අතර, නිදහස ලද සියලුම කුමන්ත්‍රණකරුවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ඉහල වගකිව යුතු තනතුරු ප්‍රධානය කරන ලදී. මෙය ජනතාවට ප්‍රශ්නාර්ථයක් විය. මේ ප්‍රශ්නාර්ථය විසින් මෙරට තුල නව බීජයක් රෝපණය කරන ලදී. බිජයට ඉතා සරුලෙස වැඩෙන්නට මෙරට දේශපාලන භුමිය සකස්වුයේ කිසිවෙකුත් නොසිතු ආකාරයෙනි. කුමන්ත්‍රණයකින් බලය අල්ලන්නෝ මැතිවරණ නොතියන්නෝය. මේ රජය යලි කිසිදා මැතිවරණයක් නොතබන මතය ජනතාව තුල ජනිත විනි. මැතිවරණයක් නොතබන පාලකයින්ගෙන් රටයලි ජනතාව අතට ගත හැක්කේ කෙසේද යන සාකච්චාව යටිබිම් තලයේ ප්‍රධාන දේශපාලන සාකච්චාව බවට පත්ව තිබුණි. එය ගත හැක්කේ විප්ලවයක් තුලින් පමණක්ය යන මතය වැඩෙන්නට වූ අතර, තරුණ කොටස් ඒ සදහා වහා වහා සුදානම් වන්නට විය. මෙය කොතෙක් සරු ලෙස වැඩුනාද යත් විප්ලවයක් සදහාම සුදානම්වූ තරුණ කණ්ඩායම් ගණනාවක්ම මෙරට බිහිව කිසිදු අන්‍යයෝන්‍යා සම්බන්ධතාවයකින් තොරව වැඩෙන්නට විය. සමාජ දේහය තුල පිළිකාවක් ලෙස ඔඩුදුවා තිබු අදිසි හස්තයේ, දරදඩු ක්‍රියාවන්ට එරෙහිව ප්‍රතිදෙහයන්ලෙස විප්ලවවාදී දේශපාලන කණ්ඩායම් නිර්මාණය කිරීම සිදුකරන්නේ ස්වභාවය විසින් බව තේරුම් ගැනීමට ඉතා පහසු තත්වයක් එදා බිම් මට්ටමේ දේශපාලකයින් දුටුහ. මේ කිසිත් හදුනා නොගත්, අදිසි රාජ්‍ය සිය සුපුරුදු උඩු දේශපාලනයේ යෙදෙන්නන් හසුරවමින් සිදුකරගෙන ගියහ. එහි පලයක් වශයෙන්, දිනපතාම, රටවැසියා ප්‍රකෝප කරන සිදුවීම් සිදුවිය. එදා ලෝකය පුරාම ගිනි අවුලවාගෙන යකා නටමින් සිටි අදිසි රජය, මෙරට ගිනි ඇවිලවීම සදහා, යලි යලිත් ජාතිවආදයම උපයෝගී කර ගත්හ. ඒ අනුව, 1966 ජනවාරි 8 වෙනිදා අපූරු කාර්යයක් නිර්මාණය කලහ. රජය දෙමල භාෂා විශේෂ විධි විධාන පනත ඉදිරිපත් කරන අවස්ථාවේදීම, ඉතිහාසය පුරාම දෙමල භාෂාවට සමතැන දිය යුතුයි යයි ප්‍රබල හඬක් නගන වාමාංශික දේශපාලන පක්ෂ, මේ පනතට එරෙහිව මහා මෙහෙයුමක් දියත් කිරීම දේශපාලන විකෘතියක් බව පැහැදිලිය. තවද 1953දී ඩඩ්ලි සේනානායක මහතාව පලවා හැරීමේ කටයුත්තට දායක වූ ඒ වාමාංශික ව්‍යාපාරය, තම ප්‍රතිපත්තියවූ සිංහල භාෂාවට හා දෙමල භාෂාවට සම තැන යන ප්‍රතිපත්තියට එරෙහිව යමින්, මේ දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව මහා අරගලයක් කිරීම අදිසි රජය සමග එකතුව කල තවත් ගනුදෙනුවක් වුවද, 1953 හර්තාලයට සමාන්තර කාර්යභාරයක් මෙදාද ඉටු කිරීමට තැත් කල බවක් පැහැදිලිව දිස්විණි. එම ජනතා විරෝධයන්ට 1953දී දක්වන ලද ආකාරයටම, මහා දහවල් කොල්ලුපිටියේදී, මැරයන්ගේ වාහන වලට මිනිසුන්ව යටකර මරා දමනවාට අමතරව, ඒ හේතුවෙන් කුපිත වූ ජනතාවට වෙඩිතබා ඝාතනය කර දමන ලදී. මෙම ක්‍රියාදාමයේදී ඉතාමත් පහත් ක්‍රියාන්විතයේ නිරත වූයේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වූ අතර, ඔවුන්ව සුවිශේෂී දේශපාලන රංගනයක යොදවමින්; ඉතිහාසය පුරාම දෙමල ජනතාවට සම තැන ඉල්ලා කල සටන, ක්ෂණයකින් අමතක කරවා, දෙමල භාෂා විශේෂ විධි විධාන පනතට විරුද්ධ කැරලි ගසන තත්වයකට පත්කරවීමට මෙම අදිසි රාජ්‍යයට හැකිවිය. මෙවර 1953දී ලැබූ ප්‍රතිපලය අදිසි රාජ්‍යයට උරුම නොවිණ. ඩඩ්ලි සේනානායක මහතා සසල වුවද, පලා නොගියහ.
මේ සමගම සමාජය අභ්‍යන්තරයේ නව සංස්කෘතියකින් යුත් දේශපාලනයක්, ජාතික බලවේගය විසින් නිර්මාණය කරන ලදී. අදිසි රජයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව හදුනාගත් එවකට සිටි තරුණ පරම්පරාව, තමන් සිටින්නේ 1962 හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ආඥාදායක රජයක් බිහි කිරීමට උත්සහ කල කල්ලියකගේ රජයක් යටතේ බව මනාව වටහා ගෙන සිටියහ. ඔවුහු ශ්‍රී ලාංකීය විප්ලවය අරමුණු කරගත් දේශපාලන සංවිධානයක් බිහිකිරීමට පෙරමුණ ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විප්ලව වාදී සංවිධාන ගනනාවක් රටතුල බිහි කරන ලදී. මතුපිට සමාජය මෙම ක්‍රියාදාමය දුටුවේම නැත.
අදිසි රාජ්‍යයට ලංකාව තුල ඉහල පහසුකම් ඇති සංචාරක කර්මාන්තයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබිණ. එම කාර්යය සදහා තම නියෝජිතයින් උපයෝගී කරගනිමින් හෝටල් සංස්ථාව නම් වූ ආයතනය ගොඩනංවා රටේ අතිවැදගත් මර්මස්ථාන වල හෝටල් ඉදිකිරීම ආරම්භ කරන ලදී. බොහෝමයක් මෙවන් ආයතනවල ප්‍රධානීන් බවට පත්කරන ලද්දේ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයේ ප්‍රධාන සැකකරුවන්වය. රටපුරා වසංගතයක් මෙන් “හිපියෝ”
නමින් හදුන්වන බටහිර අහිකුණ්ඨක සංචාරක කණ්ඩායම් ව්‍යාප්ත විය.
රට අභ්‍යන්තරයේ ගලාගිය දේශපාලන ධාරාව, මේ සිදුවන සෑම ක්‍රියාදාමයක් දෙසම ඉතා විමසිලිමත්ව බලා සිටියහ. ජාත්‍යන්තරව ලොව පුරා සිදුකරන ලද හා සිදුකරමින් සිටින හමුදා කුමන්ත්‍රණ සම්බන්ධව ඔවුනට ඉතා හොද දැනුමක්ද තිබිණ. 1962 හමුදා කුමන්ත්‍රණය සාර්ථක වූණි නම්, උදාවන තත්වය ඉතා හොදින් දැන සිටි මේ දේශපාලන කණ්ඩායම්; මේ වනවිට රජයේ ඉහල තනතුරු වලට 1962 කුමන්ත්‍රණකරුවන් ස්ථාපනය කිරීමත් සමගම අදිසි රජය මේ සැරසෙන්නේ මෙරට ජනතාවගෙන් රජයක් බලයට පත්කර ගැනීමට තිබූ අයිතිය උදුරා ගෙන ඒකාධිපති රාජ්‍යයක් ස්ථාපනය කිරීමට බව අවබෝධ කරගත්හ. ඒ අණුව එම ඒකාධිපති රාජ්‍යයට එරෙහිව සටන් වැද නිර්ධන පාංතික සමාජවාදී රජයක් ගොඩනැංවීම අරමුණ කරගෙන සංවිධානය වීම ආරම්භ කලහ.
අදිසි රජයේ ඒකාධිපති රාජ්‍ය සැලැස්මට ප්‍රධාන බාධාවන් තුනක් පැවතින. ඒ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා, හමුදාවන් තුල සිටි ජාතික හිතවාදී නිලධාරීන් හා රට අභ්‍යන්තරයේ ගලාගිය විප්ලවවාදී දේශපාලන දහරාවයි. ඒ වනවිට විප්ලවවාදී දේශපාලන දහරාව සම්බන්ධව රාජ්‍ය පාලකයින් දැන නොසිටි නිසා, අදිසි රාජ්‍යය මෙහෙයවන වන බලවේග ජාතික හිතවාදී හමුදා නිලධාරීන්ව ඒවායින් නෙරපා දැමීමේ කටයුත්තට අත ගැසුහ. නිර්මාණිත ව්‍යාජ හමුදා කුමන්ත්‍රණයක් මගින් හමුදාව, ඔවුනට ඇවැසි විදියට සකස් කරගත්තද, මෙම වකවානුවේදී, එක්සත් ජාතික පක්ෂය හා රජය තුලවූ ජාතික හිතවාදී බලවේග ප්‍රබල තත්වයක පසුවූ බැවින්, අදිසි රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී විය. මෙය නොරිස්සු අදිසි රාජ්‍ය, ඩඩ්ලි සේනානායක මහතාට එරෙහිව, ජේ. ආර්. ජයවර්ධන මහතා මෙහෙයවීම ආරම්භ කළහ. ඔවුන් අතර මත ගැටුම් උග්‍ර තත්වයට පත්විය.
මතුපිට දේශපාලනය ඒ ආකාරයට ගලයනවිට, රට අභ්‍යන්තරයේ ගලා ගිය දේශපාලන දහරාව තුලද මත ගැටීම හා කණ්ඩායම් සන්ධාන ගතවිමද සිදුවෙමින් වැඩෙමින් යන බව අදෘශ්‍ය මාන රාජයේ අතකොලුවන් බවට පත්ව සිටි, පැරණි වාමාංශික ව්‍යාපාරයට වැටහෙන්නට විය. මෙය ඔවුන්ට තර්ජනයක් වූ බැවින්, පිටතට අනාවරනය කිරීමට අදෘෂ්‍යමාන බලවේගයේ වරප්‍රසාද ලබන වාමාංශික දේශපාලඥයින් විසින් තීරණය කොට එම කාර්යය සාර්ථකව ඉටු කරන ලදී.
පවතින ජාතික හා ජාත්‍යන්තර තත්වය හමුවේ, අදිසි රජය අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටියහ. තවද එක්සත් ජාතික පක්ෂයේ ජාතික බලවේග ප්‍රබලව සිටීම, රට අභ්‍යන්තරයේ ආයුධ සන්නද්ධ අරගලයකට සූදානම් වන බලවේගයක් සිටීම, හා එම යුගයට සාපේක්ෂව ජාත්‍යන්තරව වියට්නාමය, ලාවෝසය, හා කාම්බෝජයේදී අදිසි රාජ්‍යයේ බලවේගයන් අන්ත පරාජයන් ලබමින් සිටීම යන හේතූන් මත, තාවකාලිකව අදිසි රාජ්‍යයේ ඒකාධීපති භූමිකාව හකුලා ගෙන 1970 දී මහා මැතිවරණයක් පවත්වන ලදී.
මෙම මැතිවරණයේදී රට අභ්‍යන්තරයේ ගලාගිය සියලුම දේශපාලන ප්‍රවාහයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණහි ජයග්‍රහණය උදෙසාම වැඩ කලහ. අදිසි රාජ්‍යට තාවකාලිකව පසුබැස, දිගු කාලීන සැලසුමක නිරත වීමට සිදුවිය. පලමුව එක්ෂත් ජාතික පක්ෂය පවිත්‍ර කර ඔවුනගේ බලවේගයන් අතට පක්ෂයේ බලය ලබා ගැනීම අත්‍යවශව පැවතින. දෙවනුව රට අභ්‍යන්තරයේ සිටින වාමාංශික විප්ලව වාදී බලවේග විනාශ කර සුද්ධ පවිත්‍ර කල රටක් ඔවුනට අවශ්‍ය විය. මේ කරුණු දෙකම ඉටු කර ගැනීම උදෙසා උපක්‍රමිකව, පසු බැසීමකට සූදානම් වූහ. තමන්ගේ ප්‍රබලම බල මුලුව වූ රාජ්‍යයේ නිලධාරී පැලන්තිය නිසි ලෙස ස්ථාන ගත කොට, ඔවුහු පසු බැස්සහ.
සිව්වන රාජ්‍ය කාල පරිච්ඡේදය
සියලුම දෙනාගේම අපේක්ෂාවන් ඉටුකරමින් සමගි පෙරමුණ නම් වූ, සිරිමා බණඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් සමගි සන්ධානය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිත ප්‍රබල රජයක් ගොඩනැංවිණි.
මෙම මැතිවරණයේදී, මතුපිට දේශපාලන තලයේවූ සමගි පෙරමුණ විශිෂඨ ජයග්‍රහණයක් ලද අතර, අභ්‍යන්තර දේශපාලන තලයේ වූ අදිසි රාජ්‍යයද, තමන් අපේක්ෂා කල ආකාරයේම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලදහ. මේ අතර අනාවරණය වූ විප්ලවවාදී සංවිධානයට තවදුරටත් යටි දේශපාලනයේ නිරතව සිටීමට නොහැකි තත්වයක් උදාවිය.1969දී ජනතා විමුක්ති පෙරමුණ නමින් නම් කරන ලද දේශපාලන ව්‍යාපාරය ඉතා ගැටලු කාරී සන්ධිස්ථානයකට අවතීර්ණ විය. 1965 පිහිටවූ
එක්ෂත් ජාතික පාක්ෂික රජයේ ඒකාධිපති ආඥාදායක තත්වය ඉලක්ක කරගෙන සිය සාමාජිකයින් සන්නද්ධ අරගලයකට පෙල ගැස්සූ ජනතා විමුක්ති පෙරමුණ එම ඉලක්කය අහෝසි වීම හරහා බරපතලව, අභ්‍යන්තරව හා බාහිරව අර්බූද ගනනාවකට මුහුණ පෑවාය.
අදිසි රාජ්‍යය, තමන්ට එරෙහිව මේ වනවිට බලවේගයක් ඉස්මතුවෙමින් පවතින බව වටහා ගත්හ. ඒ ලාබාල ජනතා විමුක්ති පෙරමුණයි. එය මැතිවරණ ඉලක්ක කරගෙන ගොඩනංවා තිබු දේශපාලන පක්ෂයක් නොවීම ඔවුනට අහිමත පරිදි හැසිරවීමට බාදාවක් විය. මේ පක්ෂය ළදරු අවදියේදීම විනාශ කරදමිමට ඔවුන් තීරණය කළහ. ඒ අනුව ඒ ගොඩනැගෙමින් තිබු දේශපාලන දහරාවට තම නියෝජිතයින් ඇතුල් කර එයට මහා බලයක් ඇති බව උලුප්පා පෙන්වීමත්, පොලිසිය එම සංවිධානයට එරෙහිව මෙහෙයවමින් විශාල පීඩනයක් එහි සාමාජිකයින් වෙත මුදාහරින ලදී. පීඩනය දරාගත නොහැකිවූ සාමාජිකයෝ විප්ලවය ඉල්ලා නායකත්වයට බලකරන්නට විය. එවන්තත්වයක් තුල පක්ෂ
නායක රෝහණ විජේවිරයන්ව අත් අඩංගුවට ගන්නා ලදී. කිසිවෙකුත් මේ වන තෙක් හදුනා නොගත් බලවේගයක් විප්ලවයට දිනයක් තීරණය කර කිසිදු පදනමක් නැති තත්වයක් යටතේ පොලිසිවලට පහර දීමට අණක් නිකුත් කර, ඒ පහරදීමත් සමග අදිසි රාජ්‍යට තිබු බලවත් තර්ජනයක් මෙල්ල කරන ලදී.
මීලගට අදිසි රජයට තිබු බලවත් තර්ජනය වුයේ, එවකට එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා වූ අතර, ඩඩ්ලි ජේ.ආර්. මත ගැටුම උග්‍ර තත්වයක් තුලදී, සුළු අසනීපයක් සදහා රෝහල් ගතව සිටි ඒ මහතාට හිතවතෙක් විසින්
ලබාදෙන ලද පුඩිමක් රසවිදිමෙන් පසු මරණය සිදුවීම තුලින් පක්ෂ නායකත්ව ගැටුම නිමවී. අදිසි රජය අපේක්ෂිත ආකාරයට ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂ නායකත්වයට පත්විය.
එක්සත් ජාතික පක්ෂය, ඩඩ්ලි සේනානායකට පක්ෂ අයගෙන් තොර පක්ෂයක් බවට නිර්මාණය කිරීම ජේ. ආර්. ජයවර්ධනයන්ගේ අපේක්ෂාව විය. එය අදිසි රජයේ අපේක්ෂාවද විය.
අදිසි රජයේ ඉතා ප්‍රකට හා බලවත් උපක්‍රමයක් වුයේ, රජය අභ්‍යන්තරයේ සිටින සිය සගයන් ප්‍රසිද්ධියේ ජනතාවට එරෙහිව කටයුතුකර, ජනතා අප්‍රසාදය වැඩි වැඩියෙන් රජයට පිරි නමිමයි. අභ්‍යන්තර සගයන් ජනතා විරෝධී පාහර වැඩ සිදුකරන අතරවාරයේ, බාහිර සගයන් ඒවාට එරෙහිව දැවැන්ත පෙළපාලි, සත්‍යග්‍රහ හා මඩ හා පච ප්‍රචාරයන් හරහා
අපකීර්තියට පත් කල රජය 1977 මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වීමට ඉඩහරින ලදී
පස්වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
1977 මැතිවරණය හරහා පූර්ණ බලැති අදිසි රාජ්‍යයේ බලයට නතු රජයක් මේ රටතුල ස්ථාපිත විය. කිසිවෙක් නොසිතු ආකාරයට සිරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ සියලුම සාමාජිකයින් නිදහස් කොට දේශපාලන කිරීමට පුර්ණ සය ලබාදෙන ලද්දේ, ඒ තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයකට තල්ලු කිරීමටය. ඒ කාර්යය ඒ ආකාරයෙන්ම ඉටුවිණි. අදිසි රාජ්‍යයට අවශ්‍ය කාර්යයන් රාශියක් මෙරට ජනතාව ඔවුනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සපයා ශක්තිමත් කර තිබුණි. මැතිවරණ තේමාව වූ ධර්මිෂ්ධ සමාජය, දසරාජ ධර්මය හා සතියකට ජනතාවට ලබා දෙනවා යයි දිවුරා පොරොන්දු වූ ධාන්‍ය රාත්තල් 8 ජාතික විහිලු බවට පත්විය. අදිසි රාජ්‍යය ජේ. ආර්. ජයවර්ධනගේ සහය ඇතිවත්; ඔහුගේ ආධාර නැතිවත් ඔවුනගේ ව්‍යාපෘතීන් මනාව කලමනා කරගෙන ගියහ. ජයග්‍රහණය අති ප්‍රබල විය. ඔවුනට දරා ගැනීමට තරම් අපහසු වූ මේ ජයග්‍රහණය පරාජිතයින් හඹා යන්නට විය. රට සංවර්ධනය උදෙසා යන ගමනක් වෙනුවට ම්ලේච්ඡත්වය රජ කරන සති දෙකක් තම පාක්ෂිකයින්ට ලබා දෙන ලදී. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නිරුවත රග දැක්විණ. පරාජිත දේශපාලන පාක්ෂිකයින් මරා දැමිණ. පහරදීම් වලට ලක්විණ, දූෂණ කිරීම් වලට ලක්විණ. මේ සකලවිද සිදුවීම්, ගමක් ගමක් ගානේ, නගරයක් නගරයක් ගානේ, වැඩබිමක් වැඩබිමක් ගානේ විවෘතව සති දෙකක් පුරා එක දිගටම සිදුවිය. ජේ. ආර්. ජයවර්ධන නම් වූ අදිසි රාජ්‍යයේ නියමුවා මෙම ක්‍රියාවලිය ජයග්‍රහණය බුක්ති විදීම යනුවෙන් නම් කරන ලදී. අදිසි රාජ්‍යය තමන් ඉලක්ක කරගත් කාර්යයන් හඹා යන්නට විය. ශ්‍රී ලංකාව රාජ්‍යයන් තුනකට බෙදීමට පිඹුරු පත් සකස් කෙරිණ.
1. දෙමළ ඊලම.
2. උඩරට සිංහල
3. පහතරට සිංහල
වශයෙන් නම් කර තිබූ මේ බෙදා වෙන් කිරීමේ යටි අරමුණු ගනනාවක් දෘශ්‍යමාන විය. පහතරට සිංහල වශයෙන් නම් කල රාජ්‍ය රටේ බටහිරින් දෙමළ ඊලමට මායිම්ව පුත්තලම දෙසින් ආරම්භ වී මුහුදු තීරය ආවරණය කර රටේ ගිණිකොන දෙසින් ඊලමට මායිම් කර තිබිණ. මෙම පහතරට සිංහල වශයෙන් බෙදා තිබුන රාජ්‍යය සත්‍ය වශයෙන්ම බෙදීම පදනම් කරගෙන තිබුණේ ආගමික පදනමින් වන අතර, ටිමෝරයේ මෙන් ආගමික පදනමින් ජනතාව වෙන් කිරීම මෙහි අරමුණ විය. ශ්‍රී ලංකාව ප්‍රධාන රාජ්‍යයන් තුනකට බෙදීමේ අරමුණ ජය ගැනීම සදහා වටා පිටාවන් සකස් කිරිම ආරම්භ විය. ඒ සදහා,
1. එක්සත් ජාතික පක්ෂය තමන්ට ගැති පක්ෂයක් බවට පරිවර්තනය කිරීම.
2.ජේ. ආර්. ජයවර්ධනට හැකි උපරිම කාල පාරාසයක් පාලන බලය උරුම කරදීම.
3.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකර දෑමීම.
4.ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය බේද කරන්නෙකුගේ තත්වයට පමුණුවා ලීම.
5.ඉන්දියාව හා ශ්‍රී ලංකාව පැහැදිලිවම සතුරු රාජ්‍යයන් දෙකක් බවට පත් කිරීම.
6.රට අභ්‍යන්තරයේ සිංහල- දෙමල ජාතිවාදය අවුලුවාලීම.
යන කරුණු කාරනා මේ රට තුල සිදුකල යුතුව තිබිණ. ඒ සදහා අපූරු ක්‍රමවේදයන් බටහිර රාජ්‍යයන් තුලදී හා මෙරට බටහිර තානාපති කාර්යාල තුල නිර්මාණය වෙමින් තිබිණ.
එක්සත් ජාතික පක්ෂය දිගුකාලීනව ඔවුනට යටත් දේශපාලන පක්ෂයක් බවට පත්කර ගැනීම සදහා ජයග්‍රාහී මන්ත්‍රී වරුනට ඔවුනගේ කථා කිරීමේ හා නිදහස්ව සිතා කටයුතු කිරීමේ නිදහස බටහිර ජාතීන්ගේ උපදෙස් වලට අනුකූලව දිනයක් නොදැමූ ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් කිරීම හරහා ඔවුනට උකසට තැබීමට සිදුවිය. මෙම ක්‍රියාවලිය හරහා අදිසි රාජ්‍යයේ සුපිරි ඒජන්තයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට දිගු කාලයක් රට පාලනය කිරීමට උපරීම මන්ත්‍රී සහය ලබා ගැනීමට අවකාශ ලැබිණ. පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විපක්ෂ නායක කමවත් ජනතාව හිමිකර නොදීම, අදිසි රාජ්‍යයට මහත් අස්වැසිල්ලක් විය. අනුර බණ්ඩාරනායක හා මෛත්‍රිපාල සේනානායක යන මහත්වරු මගින් එම පක්ෂය තුල අභ්‍යන්තර ආරවුල් ගනනාවක් නිර්මාණය කර පක්ෂය අකර්නම්‍ය කරන ලදී. ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය තුල ක්‍රියාකරන බටහිර ජාතීන්ගේ ඒජන්තයා බවට පමුණවන ලදී. ඒ හරහා රටේ ගෞරවය ලෝකයා ඉදිරියේ මහත් හෑල්ලුවකට පත්කරන ලදී. ඉන්දියාව ඉලක්ක කරගෙන එම රටට හා එහි නායක නායිකාවන්ට අපහස කර ප්‍රකෝප කරවන ප්‍රකාශ නිකුත් කිරීමට ඇමතිවරු කීප දෙනෙකු යොදවා තිබිණ. ඒ හරහා ඉන්දියාව හා ලංකාව ප්‍රබල සතුරු රටවල් දෙකක් බවට පරිවර්තනය කරන ලදී.
මී ලගට ඔවුනගේ අවශ්‍යතාවය වුයේ කෙලෙසක හෝ රටපුරාම සිංහල හා දෙමල වශයෙන් බෙදුන ජනතාව වාර්ගික අරගලයක යෙදෙනවා දැකීමයි. මේ සදහා සුදුසු පසුබිම උතුරේ ජනතාවගේ මනස තුල අපූරුවට නිර්මාණය කර තිබුනද; දකුණ එසේ නොවීය. ඒ වනවිට දකුණෙහි දේශපාලන දහරාව තුල වූයේ; එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අභ්‍යන්තර අර්බූද ගනනාවක් නිර්මානය කර පසුව සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය 1980 දී අහෝසි කරන ලදී. ඒ සමගම ඒ පක්ෂය අකර්මන්‍ය පක්ෂයක් වූ අතර, ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියේ ඉතිරි වූයේ; එක්සත් ජාතික පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතිවාදී දේශපාලන පක්ෂ පමණි.
අදිසි රාජ්‍යයේ මීලග පියවර වූයේ කෙලෙසක හෝ ජනතා විමුක්ති පෙරමුණ සිය අණ සකට යටත් කොට, ඔවුන් හරහා ව්‍යාජ විපක්ෂයක් නිර්මාණය කොට මුලු රටම සිය අභිමතයට පරිදි පාලනය කිරීම විය. රෝහණ විජේවීර නම් වූ පුද්ගලයා ඔවුන් අපේක්ෂා කල ආකාරයේ දේශපාලන නරුමයකු නොවූ අතර ඔහු එදා පැවති රජයට එරෙහිව සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග බාවිතා කරමින් ඉදිරියටම ඇදෙන්නට විය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ඊළග මැතිවරණය එනතෙක් ඔහේ බලා සිටින පක්ෂයක් නොවී සැඩ පහරක් මෙන් ගලා යන දේශපාලන ප්‍රවාහයක් වීම නිර්මාණිත ධර්මිෂ්ඨ රාජ්‍යට බලා සිටිය හැකි කරුණක් නොවිය. තීරණය ගැනිණි. එය ඔවුනට එරෙහිව කටයුතුකරන රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සදාකාලිකව දේශපාලන පොරපිටියෙන් ඉවත් කිරීමට ගත් තීරණයක්
බවට පත්විය.
මේ වන විටත් අදිසි රාජ්‍යය සිරිල් මැතිව් මහතාගේ නායකත්වයෙන් යුත් සිංහල ජාතිවාදී පෙරමුණක් ගොඩනංවා තිබිණ. තවද ජනාධිපති සමාව යටතේ නිදහස ලද පාතාල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනංවා තිබූ මැර හමුදාවක්ද සූදානම්ව තිබිණ. උතුරේ උග්‍ර සිංහල විරෝධී ද්‍රවිඩ බලකායක්ද සූදානම් කොට තිබිණ. ඊට අමතරව බටහිර මුහුදු බඩ ප්‍රදේශ හා දකුණෙ මුහුදු බඩ පලාත්වල ජනතාව, සම්ප්‍රදායික රෝමානු කතෝලික, ඇන්ග්ලිකානු, මෙතෝදිස්ත හා රෙපරමාදු සභාවන්ට අමතරව ආගමික ගැටුම් නිර්මාණය කිරීමේ අරම්ණින්ම ගොඩනංවන ලද, ඇමරිකානු මූලධර්ම වාදී ආගමික නිකායික බලකායන් ගනනාවක් රටෙහි ජනතාව එම ව්‍යාපාරයන්ට බදවා ගැනීමේ මහා ක්‍රියාදාමයන්ද දියත් කර තිබිණ.
අදිසි රාජ්‍යය නිසි අවස්ථාවේදී සේව නූල පත්තු කරන ලදී. තමන්ගේම වූ උතුරේ ද්‍රවිඩ ජාතිවාදී බලකාය ලවා 1983 ජූලි මාසයේදී යුධ හමුදා සෙබලුන් 13 දෙනෙකු ඝාතනය කරවා; තමන්ගේම වූ රාජ්‍ය අනුග්‍රහය ලද සිංහල ජාතිවාදීන් හා මැරකණ්ඩායම් යොදවා අපූරුවට කළු ජූලිය නිර්මාණය කරන ලදී.
මේ ක්‍රියාදාමය හරහා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම, කොටි ත්‍රස්තවාදීන්ට ඇවසි පිරිස් බලය, ධන බලය, ආයුධ ලබා ගැනීමට මංමාවත් විවර කර ගැනීමට අමතරව අදිසි රාජ්‍යය අපේක්ෂා නොකල විශාලම වාසි දායක තත්වය වූයේ, ඉන්දියාව විසින් සෘජුවම කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ පුහුණුව ලබාදීමට ඉදිරිපත් වීමයි.
අනපේක්ෂිතව උදාවූ මේ වරමින් උපරිම පල ලබාගැනීමට අදිසි රජය තීරණය කලහ. එමෙන්ම අදිසි රජයේම දේශපාලන ව්‍යාපෘතියක්වූ කලාපය හා ඉන්දියාව කැබලි කිරීමේ ව්‍යාපෘතියට අනුව 1984 ඔක්තෝම්බර් මස 31 වෙනිදා ඉන්දිරා ගාන්ධි මහත්මියව ඝාතනය කිරීමද අති සාර්ථකව ඔවුන් සිදු කළහ. ඉන්දිරා ඝාන්ධි මැතිනියව ඝාතනය කිරීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයක් විය. කලාපයේ රජකරන්නට අදිසි රාජ්‍යට මේ තුලින් මනා පිටුවහලක් නිර්මාණය විය.
නිදහසින් පසු මෙරට පාලනය කල සෑම රාජ්‍ය නායකයෙකුම ඉතා කෙටිකලකින් ඉවත් කිරීම සිදුකල අදිසි රාජ්‍ය, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලය දිගු කිරීමට තීරණය කර තිබු අතර, එය ව්‍යාස්තාපිත ධුර කාලය ඉක්මවා ගිය කාලයක් බවට පත් කිරීමට ඔවුනට අවශ්‍ය විය. ඒ සදහා මේ වනවිට මෙරට දේශපාලන පිටිය, අදිසි රාජය උපදෙස් අනුව, ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් සතුරන් රහිත රාජ්‍යය තත්වයක් ගොඩනංවා තිබිණ.
හීලෑ කරගත් මහජන පක්ෂයට නියමිත කාර්යය භාරය වූයේ, රාජ්‍ය විරෝධී වාමාංශික දේශපාලකයින්ට දේශපාලන නවාතැන් පලක් නිර්මාණය කිරීමයි.
අදිසි රාජ්‍යයේ නිශ්පාදනයන් දෙකක්වූ ජේ. ආර්. ජයවර්ධන පාලනය හා කොටි සංවිධානය; කලාපයේ දේශපාලන බලවතා පමණක් නොව, ජේ. ආර් ජයවර්ධන මහතාගේ රජයත්; දෙමල බෙදුම්වාදී සංවිධානයන්ද, නිවැරදිව හදුනා නොගත්හ.
බටහිර ප්‍රජාව තමන්ගේ රජයේ ආරක්ෂකයින් සේ ඇදහූ එවකට සිටි ජනාධිපතිතුමා, ඇමරිකානු ජනාධිපති රේගන් වෙත ගොස් ඇමරිකානු රාජ්‍ය තුල සිදුකරන කොටි හිතවාදී ක්‍රියාකාරකම් නවතා දෙන මෙන් අයද සිටියේය. තම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බැවින් එවැන්නක් කිරීම කල නොහැකි බව පලකල රේගන් ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා යනු කිසිදු ජනාධිපතිවරයකුට වඩා බලතල ඇති කලාපයේ අතරමංවූ රාජ්‍ය පාලකයකුගේ තත්වයට පත් කලහ. කෙසේ හෝ කොටි පරාජය කරමියි යන අධිෂඨානයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කිරීම ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රභාකරන්ව වදමාරච්චි සටනේදී කොටුකර ගන්නා ලදී.
ඉන්දියාව තමන්ගේ මිතුරා කොටි සංවිධානය යන මිත්‍යාවේ එල්බගෙන කොටි සංවිධානය ආරක්ෂා කර ගත්හ. මේ නිසා සැබෑ සතුරා වසං වූ අතර, ශ්‍රී ලංකාව ඒ අවස්ථාවේදී අපේක්ෂා කල ඇමරිකානු ආධාර නොලැබිණි.
මේ වනවිට ජේ. ආර් ජයවර්ධන මහතා, තමන් දශක තුනකට අධික කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මේ රටතුලදී කල සේවාවන්ට නිසි ඇගයීමක් නොලබන බව වටහා ගෙන දැඩි කලකිරීමකින් පසුවී සිටි අතර, ඉන්දීය රූකඩයක් බවට පරිවර්තනය වීම ඔහු නුරුස්සන කාර්යයක් විය.
අදිසි රාජ්‍යයේ මීලග අවශ්‍යතාවයන් වූයේ, අඛණ්ඩව ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ලෙස තබා ගැනීම, තමන්ගේ ව්‍යාපෘතිය වූ මේ රට තුනට කැඩීමේ කාර්යයට ඉතා වැදගත් ඒකකයක් වූ කොටි සංවිධානය බලවත් කිරීම හා තමන්ගේ කාර්යයන්ට මහත් බාධාවක්ව පවතින තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සමූල ඝාතනය කරවීමයි. මේ සදහා අවශ්‍ය සියලූම ජාත්‍යන්තර තාක්ෂණික රජයට ලබා දුන්හ.
කොටි සංවිධානය, ඉන්දියාව, ජනතා විමුක්ති පෙරමුණ හා තමන් වටා සිටින කපටි ජාත්‍යන්තර මිතුරන් අතර හිරවී සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා අවසානයේදී දේශපාලනයෙන් විශ්‍රාම ගත්හ.
හයවන රාජ්‍ය කාල පරිච්ඡේදය.
මීලගට බලයට පත් ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා ඉන්දීය විරෝධීයකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටියහ. අදිසි රාජ්‍යය සැබෑලෙසම ආර් ප්‍රේමදාස මහතාට පක්ෂපාතිත්වයක් දැක්වූයේම නැත. නමුත් තම ව්‍යාපෘතිය අංක එක සේ සලකන ඔවුහු ප්‍රේමදාස මහතාගේ ඉන්දීය විරෝධය හරහාම එතුමාට ලගා වූහ. උත්සහය සාර්ථක විය. ඉන්දීය හමුදාව පලවා හැරීමට කොටි සංවිධානයට උදව් කල යුතුයි යන සංකල්පය යටතේ කොටින්ට අවි ආයුධ හා මුදල් ලබාදී ප්‍රබල තත්වයකට ඔසවා තබන ලදී. මෙම අවධිය කොටි සංවිධානයට අපූරු සන්ධිස්ථානයක් විය. තමන්ගේ සතුරායයි සැලකූ ශ්‍රී ලංකා රාජ්‍යය මිතුරා වී; තමන්ව රැකගෙන සියලූම යුධ පුහුණුව හා රැකවරණය ලබාදුන් ඉන්දියාව සතුරු රාජ්‍යයක් ලෙස අපහසුවෙන් වුවද සැලකීමට ඔවුනට සිදුවිය. (මෙය වර්තමානයේදී ජනතා විමුක්ති පෙරමුණට අදිසි රාජ්‍ය විසින් උරුම කර ඇති තත්වයට සමාන තත්වයකි.).
ඔහුගේ වකවානුවේදී ඉන්දීය හමුදා මෙරටින් පිටව ගිය අතරම ජනතා විමුක්ති පෙරමුණ සමුල ඝාතනයකට ලක් කලහ.
ජනතා විමුක්ති පෙරමුණ සංහාරය කිරීමට හැකිවීම, අදිසි රාජ්‍ය ලද විශාලම ජයග්‍රහණය විය. එසේ කිරීමත් සමගම නව අභියෝගයන්ට මුහුණ දීමට අදිසි රජයට සිදුවිය.
(අ) ඝාතකාගාරවල ප්‍රබලව ක්‍රියාකල ඝාතකයින්ට රැකවරණය සැලසීම.
(ආ) මෙරට සිදුවූ අති ප්‍රබල ඝාතනයන් දන්නා ප්‍රබල සාක්ෂි මෙරට සමාජයෙන් ඉවත් කිරීම.
(ඇ) ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන දහරාවේ ක්‍රියාකාරිත්වය නවතා දැමීම. කලයුතු අවශ්‍යම කාර්යන්සේ හදුනාගන්නා ලදී.
මේ අනුව, ඝාතකාගාර වල ප්‍රබලව ක්‍රියාකල ඝාතකයින් හා මෙතෙක් කල් ජනතා විමුක්ති පෙරමුණ තුලට රිංගා බුද්ධි තොරතුරු සැපයූ අයව.ඕස්ට්‍රෙලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව හා ජර්මනිය යන රාජ්‍යයන්හි ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සූදානම් කර දෙන ලදී.
ප්‍රධාන සාක්ෂිකරුවන් වන්නේ ක්‍රියාකාරීව ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කල අය බැවින් ඔවුන්ව හා ඔවුන්ගේ පවුල්වල අයටද, දේශපාලන රැකවරණය ලබාදීම යන පදනම යටතේ,ඕස්ට්‍රෙලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව හා ජර්මනිය යන රාජ්‍යයන්හි ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සූදානම් කර දෙන ලදී.
දැන් ඝාතකයෝ හා ඝාතනයන්ට භාජනය වූවන්ගේ පවුල්වල අය හා ඝාතනයන්ට භාජනය වීමට නිර්දේශිතව සිටි අයට විදේශගතව එකම රාජ්‍ය පද්ධතියක ජීවත්වීමට ඉඩකඩ සලසා (අ) හා (ආ) වලින්, අදිසි රාජ්‍ය හිතවාදීන්ට සිදුවිය හැකිව තිබූ තර්ජනයන් අවම කර දමන ලදී.
මීලගට කලයුතු වූ කාර්යය භාරය වූජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන දහරාවේ ක්‍රියාකාරිත්වය නවතා දැමීම සදහා තමන්ට සුපුරුදු ජාත්‍යන්තරව අත්හදා බලා ප්‍රත්‍යක්ෂම ලෙස අති සාර්ථකවූ ක්‍රමය මෙරට සදහාද ආදේශ කිරීමට තීරණය කරන ලදී.
මේ අනුව රට අභ්‍යන්තරයේ සිදුවෙන දේශපාලන ක්‍රියාකාරිත්වයන් හදුනා ගැනීම සදහා රටතුල සමීක්ෂණයක් සිදුකරණ ලදී. ඉතා අවංකව ජනතා විමුක්ති පෙරමුණ ගොඩනංවන්නට උත්සහ කරන අයව හදුනා ගන්නා ලදී. ඊට අමතරව තමන් විසින් ගොඩනංවන ලද නව ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම් දෙකක්ද සමාජගත කරන ලදී. මෙම කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජය ගත්තද එය ඔවුනට අභියෝගයක් නොවීය.
මේ අතර අදිසි රාජ්‍ය කිසි විටෙකත් අපේක්ෂා නොකල සිදුවීමක් සිදුවිය. ඒ 1991 මාර්තු මස 2 වෙනිදා රංජන් විජේරත්න මහතාව ඝාතනය කිරීමයි.
මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලන පොරපිටියේ ඉතිරි වූයේ ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ රජයත්, කොටි සංවිධානයත් පමණි.
ආර්. ප්‍රේමදාස මහතා හා කොටි සංවිධානය අතර දැඩි මිත්‍රත්‍වයක් ඇති බව ලොව පුරා ප්‍රචලිත කෙරිණ. තත්වය මෙසේ පවතිත්දී අදිසි රජය විසින් ඉතා වැදගත් ඉලක්කයක් ගැනීමට ප්‍රභාකරන්ට බලකෙරිණ. ඔහු ගිරයට අසුවූ පුවකක් මෙන්විය.1991 මැයි මස 21 වෙනිදා ඉලක්කය ගැනිණ. ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාව බටහිර බලවේග විසින් මෙහෙය වන අදිසි රාජ්‍යයේ කොන්ත්‍රාත්තුවකට අනුව කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදී.
කලාපයේ බලවතා අස්ථාවර කෙරිණ. ඒ හරහා කලාපයම අස්ථාවර කිරීම අරමුණ විය.
තවද ආර් ප්‍රේමදාස මහතා බටහිර බලවේග වලට අනුව ක්‍රියා කරන්නෙක් නොවූහ. ඔහු සතුව ඔහුටම සුවිශේෂී වූ ව්‍යාපෘති ගනනාවක්ම තිබිණ. මේ වකවානුවේදී ආර්. ප්‍රේමදාස මහතා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා අතර වූ ඝට්ඨනයද අදිසි රාජ්‍යය නොරිස්සූහ. අදිසි රාජ්‍යය වර්ෂ 1993 මැයි මස පලවෙනිදා තමන්ගේ කලාපීය චණ්ඩියා වූ කොටි සංවිධානය හරහා ඒ මහතාවද ඝාතනය කර දමන ලදී.
කලාපයේ අස්ථාවර භාවය තවත් තීව්‍ර විය. කොටි සංවිධානය කලාපයේ බලවත් තත්වයකට පත්විණ.
හත්වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
රටේ පවතින තත්වය මනාව අවබෝධ කරගෙන සිටි ඩී. බී. විජේතුංග මහතා වහාම ක්‍රියාත්මක වී රාජ්‍ය බලය තමන්ගේ අතට ගත් අතර, ඔහු කාලාන්තරයක් මුලුල්ලේ දැක තිබූ අප්‍රසන්න පාලන සංස්කෘතිය වෙනස් කර 1994 නොවැම්බර් මස 12 වෙනිදා ජනාධිපතිවරණයක් පැවත්වීමට සූදානම් කරන ලදී.
මේ වනවිට අපකීර්තිමත් අදිසි රාජ්‍ය හිතවාදී පාලනයට හරියටම වසර 17ක් ගතව ජනතාව හෙම්බත්ව සිටියහ. ජනාධිපති අපේක්ෂකයකුට පවා තමන්ගේ චන්දය පාවිච්චි කිරීමට ඉඩ ලබා නුදුන් පාලන ක්‍රමය විනාශ කර දමා, රට කරවූ දූෂිතයන්ට ඒ දූෂණයන් සදහා නිසි දඩුවම් ලබාදීම පොදු ජන අපේක්ෂාව විය.
ඔවුන් තුල ඒ දූෂිත රජයට විරූද්ධව සටන් වැදී මියගිය තරුණ පරම්පරාව සම්බන්ධව මහත් ගෞරවයක් හා භක්තියක් පැවතින. මීලගට මැතිවරණයට ජයග්‍රහණය අපේක්ෂා කරන්නා, මරා දමන ලද තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටින අයෙකු විය යුතුම විය. මනා පෙර දැක්මක් ඇති අදිසි රාජ්‍යය ඒ සදහා පෙර සිටම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව සූදානම් කර තිබිණ.
රටේ පැවති තත්වයට අනුව එක්සත් ජාතික පක්ෂය අදිසි රාජ්‍යයේ අඛණ්ඩ ගමනට ඇවැසි ආකාරයට නොතිබිණ. එය තුල තමනට හිතවාදී නායකත්වයක් ගොඩනංවා ප්‍රතිසංවිධානය කරන තුරු, තමන්ගේම වූ අලුත්ම නිර්මාණය වන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ පොදු පෙරමුණ නම් වූ දේශපාලන උපාංගය පාවිච්චි කිරීමට අදිසි රාජ්‍ය තීරණය කලාය.
අට වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
අති විශිෂ්ඨ ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජය ගත්තාය. ඇගේ පාර්ලිමේන්තුවේ තිබුණේ එක වැඩි චන්දයක් පමණි. මෙරට දේශපාලනයේ සෑම අංගයක්ම සොයා බලා තීරණය ගන්නා අදිසි රාජ්‍යයට; එම රජය සුරැකීමට තීරණය කර ගත්තාය.
මේ වනවිට අදිසි රජයට ඇවැසි රජයක් බලයට පත්ව තිබිණ. ඔවුනගේ රට කැබලි තුනකට කැඩීමේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට විත් තිබිණ. කොටි සංවිධානය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබිණ. ජනතා විමුක්ති පෙරමුණ එක කණ්ඩායමක් පරයා තව කණ්ඩායමක් අතට පත්ව තිබිණ. එම කණ්ඩායමේ නායකත්වය අදිසි රාජ්‍ය හිතවාදී විය. මේ අනුව පෙර කිසි කලෙකටත් වඩා අදිසි රාජ්‍ය ප්‍රබල තත්වයක පැවතින. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ඒකාධිකාරීත්වයක් ඔවුනට හිමිවිය.
මේ කාලය තුලදී ඔවුන් විශාල ජයග්‍රහණයන් රාශියක් හිමිකරගෙන සිටියහ. මේ රටතුල සිදුකරන ලද මිනිස් ඝාතන සම්බන්ධව මහා හඩක් නගා වරදකරුවන්ට හිමිකලයුතුවූ දඩුවම් වලින් ඔවුනව අපූරුවට නිදහස් කර ගැනීමට අදිසි රාජ්‍යයට හැකිවිය. ඒ සදහා ඔවුනට ජනතා විමුක්ති පෙරමුණේ විශාල සහයක්ද ලැබීණ. අදිසි රාජ්‍යයේ කොන්දේසි හා උපදෙස් අණුව කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය හේතුවෙන් ඝාතනයට ලක්වූ 60,000 ක සහෝදරයින්, ඒ හේතුවෙන් අතරමංවූ එම පවුල් වල උදවිය හා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් විනාශකර දමන ලද එම පවුල් වල දේපල සදහා වන්දි මුදලක් ලබා ගැනීමේ මහා සටනක් ආරම්භ කල යුතු වුවද, අදිසි රාජ්‍යයේ උපදෙස් මත ඒවා රට වෙනුවෙන් කරන කැපකිරීම් බවත්; කැප කිරීම් සදහා වන්දි අවශ්‍ය නොවන බව පවසා සැබෑ පාක්ෂික උවමනාවන් යට ගැසුවේය.
එම පක්ෂයට දේශපාලනය කිරීමට සිදුවූයේ කොන්දේසි ගනනාවකට යටත්වය. ඒවා නම්,
(අ). “අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය”
“ධනවාදයට විනාශය- ජනතාවට සමාජවාද” නම් වූ සටන් පාඨ ඔවුනට තහනම් විය.
(ආ). සෑම අවස්ථාවකදීම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව දිව්‍ය මන්ත්‍රයක් සේ මිමිනීම කලයුතු විය.
(ඇ). මරා දමන ලද තම නායකයින්ගේ හෝ පාක්ෂිකයින්ගේ මරණයන් සම්බන්ධව පරීක්ෂණ ඉල්ලා සිටීම ඔවුනට තහනම් විනි.
(ඈ). විනාශකර දමන ලද ඔවුනගේ පාක්ෂිකයින්ගේ දේපල වලට වන්දි ඉල්ලා සිටීම ඔවුනට තහනම් විය.
(ඉ) විධායක ජනාධිපතිකම ඉවත් කලයුතු බවට වූ අදිසි රාජ්‍ය ඉල්ලීම රටේ අංක එකේ ඉල්ලීම බවට පරිවර්තනය කරන ලදී.
වර්ෂ 1999 වනවිට අදිසි රාජ්‍යය තමන් සැබෑ ලෙසම ඇලුම් කරන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම වූ නායකත්වයක් ලගා කරගෙන තිබිණ. දැන් චන්ද්‍රිකා කමාරණතුංග මහත්මියව බලයෙන් පහකර දැමීම ඔවුනගේ අවශ්‍යතාවය විය. කලාපයේ ඔවුනගේ ක්‍රීඩාවක් බදුවූ ත්‍රස්තවාදය උපයෝගී කරගෙනම ඇයව බලයෙන් ඉවත් කිරීමට වෙරදැරුවාය. එය අසාර්ථක වූ විට කුපිතවූ අදිසි රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තුව හරහා ඇයගේ රජය පෙරලා දැමුවාය.
නැවත වරක් ඉතිහාසය තුල එක්සත් ජාතික පක්ෂ රජයකට ඉඩක් හිමිවිණ. සටන් විරාම ගිවිසුමක් හරහා තමන්ගේ දකුණු ආසියාව පාලනය කිරීමට බාවිතා කොට බලගැන්වූ සන්නද්ධ ඒකකය වූ කොටි සංවිධානය ප්‍රබල කරවන ලදී.
ඒ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණ, අදිසි රාජ්‍යයේ, බලපෑමට නැතුව තිබු දේශපාලන පක්ෂයක් වුවද, විප්ලවවාදී දේශපාලන සංස්කෘතියක් යටතේ ගොඩනැංවුන පක්ෂයක් තුල සතුරු බලවේගයකට නිදහසේ ගමනක් යා නොහැක. එබැවින් ජනතා විමුක්ති පෙරමුණහි සිටි සැබෑ දේශප්‍රේමී බලවේග වලට විශාල කාර්යය භාරයක් සිදු කිරීමට අවකාශ ලැබිණ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදේශ ගතව සිටි නිසා දේශප්‍රේමී බලමුළු එම පක්ෂය රටට වැඩදායක ආකාරයට මෙහෙයවන ලදී. ජනතාව එම පක්ෂය වටා එක් රොක්වීම අති ප්‍රබල විය. මෙය අදිසි රාජ්‍යය නොරිස්සූ කරුණක් විය.
ජනතා විමුක්ති පෙරමුණ තුල වූ දේශප්‍රේමී බලමුළු, ඉදිරියට පැමිණීම ඉදිරියේ, එතුල වූ අදිසි රාජ්‍ය ඒජන්තයින්ට නිරුත්තරව නිහඩව සිටින්නට සිදුවිය. ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණෙ ඉහලම ජනතා ප්‍රතිචාර ලැබූ අවධිය ලගාවී තිබිණ.
එම පක්ෂයේ දේශප්‍රේමී බලකාය ඉදිරියට පැන අදිසි රාජ්‍ය ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා මගින් බලගැන්වූ විධායක ජනාධිපතිකම උපයෝගී කරගෙනම, අදිසි රාජ්‍ය හිතවාදී රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවාය.
මෙම ක්‍රියාවලිය අදිසි රාජ්‍යයට ගැසූ අතුල් පාරක් විය.
තමන් ගේ දේශපාලන පක්ෂය පෙර වකවානු වලදී මෙන් කිසිදු අතුරු ආන්තරාවක් නැතිව දේශපාලනය කිරීමට ඉඩ ලැබී ඇත්තේ තම පක්ෂයද අදිසි රාජ්‍යයේම ඒකකයක් නිසා බව අවංක ජනතා විමුක්ති පෙරමුණහි සාමාජිකයින් කවදාවත් නොසිතුවේය. ඊලග මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 41ක් දිනා ගත් එම පෙරමුණ රටේ ජනතාවගේ හද පත්ල තුල මුල් බැසගත් දේශපාලන පක්ෂය බව මුලු ලොවම අවබෝධ කරගත්හ.
සුනාමිය සමගම සන්ධාන රජය තුලටද එම සුනාමි රල පහර එවා ජනතා විමුක්ති පෙරමුණ පැවති එම රජයෙන් ගසාගෙන යන්නට ඉඩ සලසන ලදී.
එසේ ගසාගෙන ගියද එය රටතුල හා ජනතාව අතර තව තවත් මුල් බැස ගන්නට විය.
මේ සෑම ක්‍රියාවක් දෙසම නිහඩව බලා සිටි අදිසි රාජ්‍යය තමන් අතින් ගිලිහෙන ජනතා විමුක්ති පෙරමුණෙ බලය තව දුරටත් තමන් අතම තබා ගැනීමට අදිටන් කලහ.
මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා සමග සන්ධාන ගතව 2005 ජනාධිපති මැතිවරණය සදහා සූදානම් වෙමින් සිටියහ.
අදිසි රාජ්‍යය වහාම ජනතා විමුක්ති පෙරමුණෙ නායකයාව ශ්‍රී ලංකාවට පිටත් කර එවන ලදී. ඒ ජනතා විමුක්ති පෙරමුණ මහින්දගෙන් වෙන්කිරීම අරමුණු කරගෙනය.
නව වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
විශ්මිතම සිදුවීම 2005 ජනාධිපතිවරණය නිමවීමත් සමගම සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ, මහා බලාපොරොත්තු කන්දරාවක් සහිතව, සිය ධනය සහ ශ්‍රමය වැයකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහා කැපකිරීමක් කල සාමාජිකයින්ට ව්‍යාජ හේතු පෙන්නා අතරමං කලහ. මෙය පක්ෂයේ පලමු ඉරිතැලීම විය.
අදිසි රාජ්‍ය විසින් පවරන ලද න්‍යාය පත්‍රයට අනුව වැඩකිරීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවීම මෙයට හේතු විය. අදිසි රාජ්‍යය සිය ප්‍රබලම අවිය වූ කොටි සංවිධානය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හා රජය විනාශ කිරීමට වෙර දැරුවද. අවසානයේදී ලාංකීය ජාතික විමුක්ති අරගලය ජයග්‍රහණය කළහ. ශ්‍රී ලාංකීය විමුක්ති අරගලය විමුක්තිය ලබාදුන්නේ, ශ්‍රී ලාංකීය ජනතාවට පමණක් නොව මුළු මහත් ඉන්දියාවේ තිබුන සියලුම ත්‍රස්තවාදී කටයුතුද මේ සමගම නිමාවට පත්විය.
සතුරා පරාජය බාරගෙන නිහඬ වන්නෙක් නොවේ. සිය මිනීමරු ප්‍රතිපත්තිය නිර්ලජ්ජිතව වුවද දියත් කරන්නෙක් බැවින්, ඒ වන විට මෙරට තුල පිහිටි අදිසි රාජ්‍ය හිතවාදී තානාපති කාර්යාල තුල සිදු කරන ප්‍රධාන කාර්යය වුයේ, මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල ඝාතනය කරන ආකාරය සැලසුම් කිරීමේ කාර්‍යා සම්බන්ධවයි. අපගේ මනස මෙවැනි කාර්යයක් සම්බන්ධව සිතීමට පවා සූදානම් නැති වුවද, මෙම සිදුවීම, කලක පටන් සිදුවන බව මනාව වටහා ගත යුතුය.
වසර ගනනාවක් පුරා ඩොලර් බිලියන ගනනාවක් වැය කර ඉතා සූක්ෂමව ගොඩනැංවූ ශ්‍රී ලංකාව කොටස් තුනකට කැඩීමේ ව්‍යාපෘතියවත් දකුණු ආසියානු කලාපය පාලනය කිරීමේ ව්‍යාපෘතියවත් ඉවත්කර නොගත් සතුරා, ලෝකයේ දුෂිතම හා ලෝකයම අදිසි රාජ්‍යයේ පදයට මෙහෙයවීමට නිර්මාණය කොට ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය උපයෝගීකරගෙන මෙරට රාජ්‍යට බල පිඩනයට ලක් කිරීමට තරම් නිවට නියාලු තත්වයකට අද වැටිණි. ඉන් නොනැවතුන සතුරා, තමන් තව දුරටත් අදිසි සතුරෙක් නොවන බව පසක් කරමින්, ලෝකයේ බලවත්ම රාජ්‍ය මේ කුඩා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මුදාගැනීම මානව හිමිකම් කඩකිරීමක් බව කියා පෑමට තරම් නිරුවත් බාවයට පත්විය. මානසිකව ඇදවැටී වියරු වුන සතුරාට, රැකගත යුතු තම අභිමානය සම්බන්ධව ඇති සීමාව ඉක්මවා ගොස්, 2010 ජනාධිපතිවරණයේදී, එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට සෘජුවම් බලපෑම් කරමින්, ඒ පක්ෂවලට ඇති ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ අයිතිය වලකාලුහ. මේ පක්ෂ දෙකම, සතුරා විසින් නම් කරන අපේක්ෂකයාට සහය දැක්වීමට එකඟ කරවා ගත්හ. මේ සන්ධානය ලෝක ඉතිහාසයේ, හිට්ලර් හා යුදෙව්වන් අතර ඇති කරගන්නා ආකාරයේ අසාමාන්‍ය සන්ධානයක් වුවද, ඒ තුලින් එම පක්ෂ වලට සිදුවන හානිය කොතරම් ප්‍රබල වුවද, සතුරාට එය එතරම් වැදගත් කමක් නැත. ඔහු කියන ආකාරයට ඔහුට සදාකාලික සතුරෙක්වත් මිතුරෙක්වත් නැත. ඇත්තේ තම අවශ්‍යතාවයන් පමණි. ඝාතකයන් හා ඝාතනයට ලක්වුවන් හා ලක්වීමට සිටින්නන් සන්ධාන ගත කොට මහින්ද රාජපක්ෂයන්ට එරෙහිව, ලංකාවේ සිටි අග්‍ර ගනයේ රණවිරයෙකු වූ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඉදිරිපත් කිරීම තුලින් එතුමාවද අමු අමුවේ ඝාතනය කර දැමු සතුරා. ඔහුට ජනාධිපතිවරණයෙන් පසු අත්විදින්නට වූ සියලු දේවල්ම උරුම කලේද අදිසි සතුරු නියෝජිතයින් තුලින්මය.
2010 මැතිවරණයේදී බලය දිනාගත් මහින්ද රාජපක්ෂයන් සමග ෆොන්සේකා මහතාට යටින් වැඩකළ මැති ඇමතිවරු රාශියක් ස්ථානගතව අදිසි සතුරාගේ සැලසුම් වලට අනුව යමින් කටයුතු කරමින් ජනතාව හා රජය අතර ඇති වෙනස පුළුල් කරමින් ජනතාව ගස් බදිමින්, ජනතාවට උසුළු විසුළු කරමින් සිටියහ. මහින්ද රාජපක්ෂයන්ද ඒවා දකිමින් කිසිදු පියවරක් නොගනිමින් සිදුවෙන දෙවල් නොදෑක්කාසේ කාලය ගත කළහ.
2015 ජනාධිපතිවරණය, සදහා සතුරා, ජනතාවට වඩා මැතිවරණ කොමසාරිස්තුමා, පවතින රජයේ, අගමැති හා මැති ඇමතිවරු කෙරෙහි විශ්වාසය තබා, කටයුතු කළහ. සතුරා ජය ගත්හ. මේ වනවිට ඒ සතුරා විසින් අපට ප්‍රධානය කල වෙනසේ පලයන් බුක්ති විදිමින් සිටිමු. මේ වනවිට ත්‍රස්තප්‍රේමි සතුරා තමන්ට අහිමිවූ කොටි ත්‍රස්තවාදය වෙනුවට ඔටු ත්‍රස්තවාදය මෙරට තුල ස්ථාපිත කොට ඇත. එකල කොටියන්ට මෙන්ම මෙකල ඔටුවන්ටද කැවිම පෙවීම නැහැවීම සිදුකරනුයේ රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ජනපති, අගමැති, මැති ඇමති මුලිකත්වයෙන්මය.
මෙතෙක් අප කතා කලේ මෙරට දේශපාලනාවලියයි.
මෙය මෙරට දේශපාලන සමිකරණය කීවද වරදක් නැත. මෙය අපට මේ රට තුල පක්ෂ පාට බේදයක් නැති බව ඉතා හොදා කාරව පෙන්වයි. ඇත්තේ හොද හා නරකය, ප්‍රගතිශිලියා හා ප්‍රතිගාමියාය හෝ අවංකත්වය හා දුෂිතත්වය බව වැටහේ. මේ වනවිට ඩි. එස්. සේනානායක පරපුර පිහිටවූ එක්සත් ජාතික පක්ෂය නැත. එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතා පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නැත. තවද රෝහණ විජේවීර මහතා බිහිකළ ජනතා විමුක්ති පෙරමුනක්ද නැත. ඇත්තේ මේ පක්ෂ තුනම එක්කොට සතුරාට අවැසි ආකාරයට හැසිරවිය හැකි යාන්ත්‍රණයකි. එබැවින් හොඳ, ප්‍රගතිශිලිත්වය, අවංකත්වය උදෙසා නව පක්ෂයක අවශ්‍යතාවය සමාජය තුල පැන නැගිණි. එහි පලයක් වශයෙන් පොදු ජන පෙරමුණ නිර්මාණය වී ඇත. එය ස්වභාවය විසින් කරනු ලබන උත්තුංග කාර්යයක පලයකි. මේ අතරම දැන් තවත් ජනාධිපතිවරණයක් ලඟාවි තිබේ. මේ පැවැත්වීමට නියමිත මැතිවරණය, පැවැත්වීම හෝ නොපැවැත්වීම රදා පවතින්නේ අප දකින ජනාධිපති, අගමැති හෝ මැතිවරණ කොමසාරිස් අත නොව, අප නොදකින රාජ්‍යයේ, අධිපතිකම් කරන මෙරට විදේශීය තානාපති ජාලයයි. ඇත්තටම සටන ඇත්තේ විදේශීය තානාපති ජාලය හා මෙරට ජනතාව අතර බව අපට ඉතිහාසය ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.
සතුරා වඩාත් කැමති පවතින බලය, මැතිවරණයක් නොතබා දිගටම ගෙන යාමටය. මැතිවරණයක් නොතැබීමට ප්‍රබල හේතුවක් තිබිය යුතුය. හේතුවක් නිර්මාණය කිරීමට සිටි ඔටු ත්‍රස්තවාදීන් ඉක්මන්වීම හේතුවෙන්, ඔවුන්ගේ යම්කිසි පසුබෑමක් සිදුවිය. තවද ඉතා බුද්ධිමත් අගරදගුරු තුමෙක් සිටි නිසා, සතුරා අපේක්ෂිත කිසිදු දෙයක් කරගැනීමට අපහසු විය. නමුත් සතුරා බලවත් බව අප වටහා ගත යුතුය. මේ අවස්ථාවේදී නිදහසේ විසා නොමැතිව මෙරටට යම් යම් රටවල යට ඒමට ඇති හැකියාව නිර්මාණය කර ඇත. මේ මැතිවරණයක් ආසන්න කාලයේ මෙය සිදුකලේ විදේශීය ත්‍රස්තයින් ආනයනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා යයි අපට අනුමාන කල හැක. එසේ කිරීමට අපට අයිතියක් ඇත. ඒ අපේ ආරක්ෂාව අප විසින්ම ගොඩනගා ගත යුතු බැවිනි. ඉදිරියෙදී යම් යම් ත්‍රස්ත කටයතු සීග්‍රයෙන් සිදුවීමට ඉඩ තිබේ. ඒ මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණෙනි. එය සාර්ථක නොවුනොත් උතුරු නැගෙනහිර හා වතුකරයේ හොර චන්ද ගුබ්බායම් ක්‍රියාත්මක කරනු ඇත. ඉන් නොනැවතී මැතිවරණ කොමසාරිස්කාර්යාලයේද
පසුගිය පලාත්පාලන මැතිවරණයේදී මෙන් කොම්පියුටර් ජිල්මාට් ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. මේ සියල්ලක්ම සිදුවීමට ඉඩ ඇති කරුණුය. 2015 මැතිවරණ
ප්‍රතිපලය විශ්වාස නොකරන අප එම අවිශ්වාසයම ඒ ආකාරයෙන්ම තබාගෙන සිටිමු.
දැන් අපට හොද ශක්තිමත් නායෙකයෙකු ඇත. අප ඔහු වටා එකතුවෙමු. ඔහුගේ ජයග්‍රහණයට උරදෙමු.
ගෝඨාභය රාජපක්ෂ යනු ඉතිහාසය විසින් මේ යුගය උදෙසා නම් කල මිනිසාය.
ගෝඨාභය රාජපක්ෂයන්ට ජයවේවා!
ශ්‍රී ලාංකීයජනතාවට ජයවේවා!
මාතෘ භූමියට ජයවේවා!
චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි