වඩිගාගමනය
March 15th, 2019ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
වඩිගාගමනය ගැන කතාව කියන්නම්. දෙමළ භාෂාව කතාකළාට වඩිගයෝ කියලා කියන්නේ දෙමළ ජනවර්ගයක් නෙවෙයි. ඒ අය වැඩිපුර නෑදෑකම් කිව්වේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඉන්න තෙළිඟු මිනිස්සුන්ට. ඒත් කාලයක් තිස්සේ මධුරෙයි නගරයේ ජීවත්වෙච්ච හින්දා ඒ අය කතාකළේ දෙමළ. ඉස්සර විදිහට කියනවා නම් මධුරාපුරය කියලා කියන්නේ පාණ්ඩ්‍ය රටේ අගනුවර. ඒක දෙමළ මිනිස්සු හිටපු රටක්. ඊට අමතර ව තවත් රටක දෙමළ මිනිස්සු හිටියා. ඒකට කිව්වේ චෝළ කියලා. මේ රටවල් දෙක ම තිබුණේ එකකට එකක් මායිම්වෙලා. නැගෙනහිර පැත්තට වෙන්න තිබුණේ චෝළ රට. බටහිර පැත්තට වෙන්න තිබුණේ පාණ්ඩ්‍ය රට. දැන් තමිළ්නාඩුව කියලා ප්‍රාන්තයක් හදලා තියෙන්නේ ඒ රටවල් දෙකට ම අයිති බිම් එකතුකරලා. තමිළ්නාඩු කියන වචනයේ තේරුමත් දෙමළ රට” කියන එකනේ.
හැබැයි චෝළ රටත් පාණ්ඩ්‍ය රටත් සැරෙන් සැරේට පාලනය කළේ වෙන වෙන වංශවලට අයිති මිනිස්සු. දෙමළ මිනිස්සුන්ට කවදාවත් ම තමන් ගේ කියලා රාජ වංශයක් හදාගන්න බැරිවුනා. ඉතින් මේ කියන කාලයේ මධුරාවේ බලය අල්ලගෙන හිටියේ වඩිගයෝ. ඒ අයට කිව්වේ මධුරෙයි නායක්ලා කියලා. ඉතින් ඒ වඩිග රජ පරම්පරාවට අයිති අයට පුළුවන් වුනා අපේ සිංහල රජ ගෙදරටත් රිංගන්න. මේක වුනේ කොහොම ද? මේ අය අපේ රටට ආවේ කොහොම ද? ඉතින් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙන විදිහට මුලින් ම අපි වඩිගාගමනය පිළිබඳ කතාව කියවමු.
අපේ රටේ බිහිවෙච්ච මහා වීරයෙක් තමයි පළමුවැනි විමලධර්මසූරිය රජතුමා. රජවෙන්න කලින් එතුමා ව හැඳින්වුනේ කොනප්පුබණ්ඩාර කියලා. එතුමා රජ පවුලකින් පැවැත ආපු කෙනෙක් නෙවෙයි. ඉතින් එහෙම කෙනෙක්ට රජකම උරුමවුනේ කොහොම ද? රජකමේ උරුමය පිළිබඳ ප්‍රශ්නය එතුමා විසඳගත්තේ කුසුමාසන දේවිය එක්ක විවාහවෙලා. අපි හැමෝ ම දන්න විදිහට කියනවා නම් දෝන කැතරිනා එක්ක විවාහවෙලා. එතුමිය අයිතිවුනේ සිංහල සිංහාසනයට උරුමකම් කියපු සේනාසම්මත වික්‍රමබාහු ගේ පරම්පරාවට. ඇත්තෙන් ම එතුමිය කන්ද උඩරට රැජින බවටත් පත්වුනා. ඒ, ක්‍රිස්තු වර්ෂ 1581 දී. ඒකට උදව්කළේ පරංගි. ඒත් සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට පුළුවන් වුනා ඒ රැජින ව එළවලා පරංගීන් ගේ සැලසුම් පරාජයට පත්කරන්න. ඒත් පස්සේ කාලෙක ඒ කුසුමාසන දේවිය කන්ද උඩරටට ආපහු ආවා. ඒ වතාවේ එතුමිය ආවේ කොනප්පු බණ්ඩාරත් එක්ක. ඉතින් කොනප්පු බණ්ඩාරට පුළුවන් වුනා පළමුවැනි විමලධර්මසූරිය කියන නමින් කන්ද උඩරට රජවෙන්න. ඒ වගේ ම, කුසුමාසන දේවියත් එක්ක විවාහවෙලා හිටපු හින්දා ඔහුට පුළුවන් වුනා කන්ද උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකාරයා බවට පත්වෙන්නත්.
පළමුවැනි විමලධර්මසූරිය රජතුමාට පස්සේ බලයට ආවේ සෙනරත් රජ්ජුරුවෝ. එතුමා රජවෙන්න කලින් මහණවෙලා හිටියේ. විමලධර්මසූරිය රජතුමා ගේ සහෝදරයෙක් එහෙමත් නැතිනම් මස්සිනා කෙනෙක් කිව්වාට එතුමාටත් රජකමට උරුමයක් තිබුණේ නෑ. ඉතින් සෙනරත් රජ්ජුරුවොත් කුසුමාසන දේවීය එක්ක ම විවාහවෙලා සිංහාසනයේ අයිතිය තහවුරු කරගත්තා. ඊට පස්සේ එතුමාට ඕනවුනා තමන් ගේ පුතාලා ගේ රජ උරුමය තව තවත් තහවුරුකරන්න. ඉතින් එතුමා තීරණය කළා තමන් ගේ පුතාලට මුධුරාපුරයෙන් මනමාලියෝ ගෙනැවිත් දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි වඩිගයෝ අපේ රජ මාළිගාවට මුලින් ම ඇතුල්වෙන්න පටන්ගත්තේ. සෙනරත් රජ්ජුරුවන්ට පස්සේ ඔහු ගේ පුතා – ඒ කියන්නේ මහා අස්ථාන කුමාරයා; දෙවැනි රාජසිංහ කියන නමින් රජවුනා. එතුමා අපිට හිටිය ඉතාමත් ශ්‍රේෂඨ රජකෙනෙක්. අවුරුදු පනහකටත් වැඩි කාලයක් කන්ද උඩරට රජකිරීමෙන් ම ඒ බව පැහැදිළියි. පරංගින්ට විරුද්ධ ව කරපු යුද්ධවලට විජයනගර් අධිරාජ්‍යයෙන් පවා උදව් ලබාගන්න එතුමා කටයුතු කළා. මේ වැඩවලටත් එතුමා ගේ වඩිග නෑදෑයෝ එතුමාට උදව්කරන්න ඇති.
ඉතින් මොන මොන ක්‍රමයෙන් හරි මහනුවරට වඩිග සනුහරේ ඇදිලා එන්න පටන්ගත්තා. රජ මාළිගාවේ සම්බන්ධකම් හින්දා ඒ අය විශාල බලයකුත් අත්පත් කරගත්තා. දෙවැනි රාජසිංහට පස්සේ රජවුනේ දෙවැනි විමලධර්මසූරිය. වඩිග අම්මා කෙනෙක් ගේ පුතෙක් වෙච්ච නිසා එතුමාට වඩිගයොත් එක්ක තිබ්බ සම්බන්ධකම් තවත් වැඩියි. ඉතින් රජ සැප විඳින්න මහනුවරට එන වඩිගයෝ ගණන දවසින් දවස ම වැඩිවුනා. දෙවැනි විමලධර්මසූරිය රජ්ජුරුවෝ මිය පරලොව ගියාට පස්සේ – ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1707 දී; එතුමා ගේ පුතා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන නමින් රජකමට පත්වුනා. ඒ තමයි අපිට හිටපු අන්තිම සිංහල රජ්ජුරුවෝ. හැබැයි අපි දන්නවා එතුමා ගේ අම්මාත් වඩිග. ඒ විතරක් නෙවෙයි එතුමා ගේ ආච්චි අම්මාත් වඩිග. ඉතින් ඔහු ගේ කාලය වෙද්දී වඩිගයන්ට මහනුවර තිබුණු බලයේ තරම අපිට හිතාගන්න පුළුවන්.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ බොහොම සෙල්ලක්කාර පුද්ගලයෙක් බවටත් කතාවක් තියෙනවා. එතුමා බොහොම උගත් ශ්‍රද්ධාවත් කෙනෙක් බවටත් කතාවක් තියෙනවා. මේ විදිහේ එකකට එකක් විරුද්ධ කතා දෙකක් හැදීමෙන් පැහැදිළිවෙන්නේ ඒ කාලයේ අපේ මිනිස්සු අතර තිබුණු බෙදීමේ තරම. රාජ සභාවෙත් මේ බෙදීම බොහොම බරපතල විදිහට තිබුණා. සිංහල රදළ ප්‍රධානියෝ තමන් ගේ බලය වර්ධනය කරගෙන තිබුණා. රජ්ජුරුවෝ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ටත් තමන් ගේ වඩිග නෑදෑයන්ටත් වැඩි වැඩියෙන් ළංවෙන්න පටන්ගත්තා. බුරුමයෙන් උපසම්පදාව ගෙන්නලා දෙන්නත් මහන්සිවුනා. ඒත් ඒක සාර්ථක වුනේ නෑ. ඒත් ඒ වගේ වැඩ හින්දා සරණංකර හාමුදුරුවොත් එතුමාටත් එතුමා එක්ක හිටපු අයටත් වැඩි මනාපයක් පෙන්නුවා. නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන් ගේ අග බිසවට දරුවෝ හිටියේ නෑ. ඉතින් එතුමා මිය පරලොව ගියාට පස්සේ රජකමේ උරුමය පිළිබඳ ප්‍රශ්නයක් මතුවුනා. නරේන්ද්‍රසිංහ රජතුමා ගේ යකඩ දෝලියට නම් දරුවෙක් හිටියා. ඒ තමයි උනම්බුවේ බණ්ඩාර.
රාජ සභාවේ හිටපු අදිකාරම්ලා ඇමැතිලා සෑහෙන ප්‍රමාණයකට උවමනා වුනා උනම්බුවේ බණ්ඩාරට රජකම පවරන්න. ඒත් ඇතිවෙලා තිබුණු බෙදීම් හින්දා සරණංකර හාමුදුරුවෝ ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑ. උන්වහන්සේ වැඩියෙන් කැමැතිවුනේ ඉතිරිවෙලා තිබුණු අනිත් විකල්පයට. ඒ තමයි, මිය පරලොව ගිය නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන් ගේ මස්සිනා. ඒ කියන්නේ අග බිසව ගේ සහෝදරයා. මේක වඩිග සම්ප්‍රදායටත් එකඟයි. ඒ සම්ප්‍රදායේ හැටියට රජකම දෙන්න ඕන මිය පරලොව ගිය රජ්ජුරුවන් ගේ බිසව ගේ සහෝදරයාට. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1739 දී පළමු වතාවට වඩිගයෙක් අපේ රජ්ජුරුවෝ බවට පත්වුනා. ඒ තමයි ශ්‍රී විජය රාජසිංහ රජතුමා.
මේ වෙද්දි තවත් දෙයක් වෙලා තිබුණා. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 1736 දී සිද්දවෙච්ච මධුරාපුර වඩිග පාලනයේ බිඳවැටීම. මූගල් අධිරාජ්‍යයේ ඒජන්තයෙක් වෙච්ච චන්දා සහීබ් කියන මුස්ලිම් පාලකයාට මධුරාපුරය අයිතිවුනා. ඉතින් මධුරාවේ හිටපු වඩිගයන්ට රජ සැප ලබාගන්න පුළුවන් තැනකට ඉතිරිවෙලා තිබුණේ මහනුවර විතරයි. තමන් ගේ ම එකෙක් මහනුවර රජවුනා ම වඩිගයන්ට කොච්චර නම් අස්වැසිල්ලක් ලැබෙන්න ඇති ද?
ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවන්ටත් රට බිසවක් කැන්දගෙන එන්න උවමනා වුනා. ඉතින් මධුරාවේ බලය පරිහිලා හිටිය වඩිගයන්ට එල්ලෙන්න වැලකුත් හම්බවුනා. ඒ වෙද්දි මධුරාවේ වඩිගයන්ට සම්බන්ධ බංගතිරුමාල් ගේ පවුල පදිංචිවෙලා හිටියේ දකුණට වෙන්න තිබුණු ශිවගංගා කියන ප්‍රදේශයේ. ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවන් ගේ නියෝජිතයෝ බංගතිරුමාල් ව හොයාගෙන ගියා. ඒ නියෝජිතයන්ට මුලින් ම මුණගැහුණේ රාම ක්‍රිෂ්ණප්පා කියන වඩිගයාත් නාරන්නප්පා කියන වඩිගයාත්. මේ නාරන්නප්පා කියන වඩියාට වැඩිවියට පත්වෙච්ච දුවෙක් හිටියා. ඉතින් ඒ අය එකඟවුනා නාරන්නප්පා ගේ දුව ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවන්ට විවාහකරලා දෙන්න. ඉතින් ඒ මනමාලියත් එක්ක ඒ පවුල්වල අයත් ලංකාවට ආවා. ඒ අය ගේ නෑදෑ හැතිකරයත් ඒ පස්සෙන් එන්න පටන්ගත්තා.
ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවන් ගේ මාමණ්ඩිය බවට පත්වෙච්ච නාරන්නප්පාට පුතාලා දෙන්නෙකුත් හිටියා. ඒ එක පුතෙක්ට ඒ වෙද්දි – ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1740 වෙද්දි; වයස අවුරුදු 5 කට 6 කට වැඩි නෑ. අනිත් පුතා අත දරුවෙක්. මේ කියන කතාවට ඒ පුතාලා දෙන්නත් වැදගත්. මොකද ඒ දෙන්නා ම පස්සේ කාලෙක අපේ රජවරු බවට පත්වුනා. ඒ අය ගැන පස්සේ කියන්නම්.
මේ වෙද්දි රජ මාළිගාවේ කතාකරන භාෂාවත් දෙමළ බවට පත්වෙලා ඉවරයි. ශ්‍රී විජය රාජසිංහ රජතුමා ගේ මව් භාෂාවත් දෙමළනේ. මේක හරියට අපේ නායකයෝ දැන් ඉංග්‍රීසි කතාකරනවා වගේ තමයි. අපේ රට අවුරුදු 150 කට වැඩි කාලයක් ඉංග්‍රීසි යටත්විජිතයක් වෙච්ච හින්දා අපේ ලොකු පවුල්වල මිනිස්සු ඉංග්‍රීසි කතාකරන්න පටන්ගත්තා. එතැනින් නවතින්නේ නැතුව තමන් ගේ දරුවන්ට ඉංග්‍රීසි නම් දෙන්නත් පටන්ගත්තා. ඒ විදිහටනේ අපිට දොන් ස්ටීවන් සේනානායකලා, සොලමන් වෙස්ට් රිච්වේ ඩයස් බණ්ඩාරනායකලා, ජූනියස් රිචඩ් ජයවර්ධනලා වගේ නායකයෝ ලැබුණේ. මේක නායක පවුල්වල එවුන්ට විතරක් බෝවෙච්ච ලෙඩකුත් නෙවෙයි. දැන් දැන් අපේ ගම්වල එවුන්ගෙනුත් සෑහෙන ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන් අත්සන්කරනවානේ. ගුඩ් මෝර්නිං” ගුඩ් නයිට්” කියන චාරිත්‍රත් අපි පිළිපදිනවානේ. ඉතින් ඒ දේවල් එක්ක සංසන්දනය කරලා බැලුවා ම අපිට ම තේරුම්ගන්න පුළුවන් වඩිග බලපෑම හින්දා අපේ රාජ සභාවට ආ ගිය අය දෙමළ කතාකරන්න පුරුදුවෙච්ච විදිහ.
ශ්‍රී විජය රාජසිංහ රජතුමා මිය පරලොව ගියාට පස්සේ රජකමට පත්වුනේ අර කලින් කියපු නාරන්නප්පා ගේ ලොකු පුතා. වඩිග සම්ප්‍රදායේ හැටියට රජකම දෙන්න ඕන මිය පරලොව ගිය රජතුමා ගේ මස්සිනාටනේ. ඉතින් බොහොම සම්ප්‍රදායානුකූල ව ඒ වැඩේ සිද්දවුනා. ඒ පුත්‍රයා කීර්ති ශ්‍රී රාජසිංහ කියන නමින් රජකමට පත්වුනා. කීර්ති ශ්‍රී රාජසංහ රජතුමා අපේ බෞද්ධ සම්ප්‍රදාය හොඳින් හඳුනාගෙන වැඩකරපු කෙනෙක්. වඩිගයෙක් වුනාට එතුමා කෙරෙහි අපේ ලොකු ගෞරවයක් තියෙන්නෙත් ඒ හින්දා. පරංගින් ගේ ලන්දේසින් ගේ බලපෑම් හින්දා, ඒ වගේ ම ඉවරයක් නැති ව ඇතිවෙච්ච යුද්ධ කෝලාහල හින්දා පිරිහිච්ච අපේ ශාසන කටයුතු නැවත පුබුදුවන්නත් එතුමා අතහිත දුන්නා. නැතිවෙච්ච උපසම්පදාව සියම් රටෙන් ගෙනැල්ලා නැවත ඇති කළෙත් එතුමා ගේ කාලයේ දී. මහනුවර දළදා පෙරැහැර බොහොම උත්සවශ්‍රීයෙන් පවත්වන්නත් එතුමා කටයුතු කළා. ඉතා ම හොඳ බෞද්ධයෙක් විදිහට එතුමා කටයුතු කළ බවට අපිට සැකයක් නෑ. ඉතින් එතුමා කළ ඒ දේවල් අපි අමතකකරන්න හොඳ නෑ. ඉතින් එතුමාට පුළුවන් වුනා ඉතාමත් ශක්තිමත් විදිහට අවුරුදු තිස්පහක විතර කාලයක් කන්ද උඩරට රජකම් කරන්න.
රජතුමා ශක්තිමත් වුනා ම එතුමා ගේ සනුහරේත් ශක්තිමත් වෙනවා. ඒක ඉතින් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහනුවර රජ මාළිගාවත් මාළිගාව අවට වීදිත් වඩිගයන්ගෙන් පිරෙන්න පටන්ගත්තා කියන කාරණාව මේ කරුණුත් එක්ක තේරුම්ගන්න පුළුවන්. දෙමළ භාෂාවට අමතර ව වඩිගයෝ පිළිපැදපු හින්දු ආගමික චාරිත්‍රත් අපේ සංස්කෘතියට කාන්දුවෙන්න පටන්ගත්තා. ඒ එක්කම අපේ සිංහල බෞද්ධ චාරිත්‍ර යටයන්න පටන්ගත්තා. ඉතින් මේ සිද්දවෙමින් තිබුණ දේවල් ගැන අපේ මිනිස්සුන් ගේ කැමැත්තක් තිබුණේ නෑ. අපේ මිනිස්සු අතරින් ඒ සංකර වැඩවලට විරෝධයක් මතුවෙන එක ස්වභාවිකයි. ඉතින් ඒ විරෝධය විවිධ විදිහට අපේ මිනිස්සු ප්‍රකාශකරන්න පටන්ගත්තා.
වඩිග වසංගතයට විරුද්ධ ව අපේ මිනිස්සු අතර ඇතිවෙච්ච විරෝධය විවිධාකාර කුමන්ත්‍රණ විදිහටත් එළියට ආවා. එක වතාවක් අපේ මිනිස්සු හාමුදුරුවරුත් එක්ක එකතුවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් ව බොරු වලක වට්ටවලා මරලා දාන්න උත්සාහ කළා. ඒත් හුලංගමුවේ බුද්ධරක්ඛිත හාමුදුරුවොත් ගලගොඩ දිසාවේත් ගෝපාල මුදියන්සේ කියන මුස්ලිම් පුද්ගලයාත් රජ්ජුරුවන්ට ඒ ගැන ඔත්තුවක් දුන්නා. ඉතින් රජ්ජුරුවෝ ඒ උගුලට අහුවුනේ නෑ. අන්තිමට සිද්දවුනේ සංඝරාජ හාමුදුරුවන්වත් තිබ්බොටුවාවේ හාමුදුරුවන්වත් මහනුවරින් ඈත ප්‍රදේශවලට පිටුවහල් කරපු එක. සමරක්කොඩි මහ අදිකාරමත් මැටිහන්පොළ නිලමේතුමාවත් මොළදණ්ඩේ නිලමේතුමාත් ඇතුළු සිංහල නායකයෝ සෑහෙන ප්‍රමාණයක් මරලා දාපු එක.
මොන විදිහට මර්දනය කළත් සිංහල නායකයෝ තමන්ට පුළු පුළුවන් තරමින් මේ වඩිග වසංගතය දුරින් දුරු කරන්න උපක්‍රම යෙදුවා. බුද්ධ ශාසනයේ සුරක්‍ෂිත බව වෙනුවෙන් කැපවෙලා හිටපු කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ට අපේ මිනිස්සුන් ගේ ලොකු විරෝධයක් තිබුණේ නෑ. ඒත් කොච්චර හොඳ කළත් ඉවරයක් නැතුව පැතිරෙන වඩිග වසංගතය හින්දා මිනිස්සු අසහනයෙන් අසහනයට පත්වුනා. අන්තිමට අපේ මිනිස්සු බලාපොරොත්තුවක් ඇති කරගත්තේ රාජාධි රාජසිංහ රජ්ජුරුවෝ බලයට ආවාට පස්සේ.
රාජාධි රාජසිංහ කියලා සිංහාසනයට ආවේ ක්‍රිස්තු වර්ෂ 1740 අවුරුද්දේ දී අපේ රටට ආපු නාරනප්පා ගේ බාල පුත්‍රයා. ඒ පුතා ලංකාවට ආවේ අත දරුවෙක් විදිහට. ඒත් අවුරුදු 40 කට කිට්ටු කාලයක් තමන් ගේ අයියා රජකම කරපු හින්දා රාජාධි රාජසිංහ රජතුමා ඔටුන්න පැළැඳගනිද්දි තරමක් වයසට ගිහිල්ලා මැදි වයසේ පුද්ගලයෙක් බවට පත්වෙලා හිටියේ. රාජාධි රාජසිංහ කියලා කියන්නේ එතුමා ගේ වැඩි මහළු සහෝදරයා තරම් බලවත් පුද්ගලයෙක් නෙවෙයි. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1882 අවුරුද්දේ සිංහාසනයට ආපු රාජාධි රාජසිංහ රජතුමා අවුරුදු 16 ක් ම රජකම් කළත් ඔහුට විරුද්ධ ව යම් ප්‍රමාණයකින් හරි සංවිධානය වෙන්න අපේ සිංහල නායකයන්ට පුළුවන් වුනා.
ක්‍රිස්තු වර්ෂ 1898 දී රාජාධි රාජසිංහ රජ්ජුරුවෝ මරණයට පත්වුනේ මහා අභිරහස් විදිහකට කියලා කියනවා. අශ්වයෙක් පිටේ නැගලා උද්‍යානයට ගිය ඔහු ගේ ඇඟේ අත්තක් වැදිලා තියෙනවා. ඔහු අසු පිටේ යද්දි ගසක අත්තක හැප්පුනා කියලා තමයි කියන්නේ. ඒත් උගුලක් විදිහට ඇදලා බැඳලා බිබිච්ච අත්තක රැහැන කැපුවා ම ගැස්සිලා ඇවිල්ලා එතුමා ගේ ඇඟේ වැදිච්ච බවකුත් කියනවා. කොහොම හරි රාජාධි රාජසිංහ රජතුමා පරලොව ගියා. ඊට පස්සේ වඩිග සම්ප්‍රදායේ හැටියට ඔටුන්න හිමිවෙන්න තිබුණේ මුත්තුසාමි කියන වඩිගයාට.
ඒත් පිළිමතලව්වේ මහ අදිකාරම ඇතුළු සිංහල නායකයෝ වඩිග වසංගතය අවසන් කරනවා කියන අධිෂ්ථානයෙන් වෙන වැඩක් කළා. ඒ තමයි මුත්තුසාමි කියන වඩිගයා වෙනුවට ඊට වඩා ලාබාල වයසක හිටපු කන්නසාමි කියන වඩිගයාට අපේ සිංහාසනය බාරදෙන එක. ඉතින් කන්නසාමි කියන වඩිගයාට ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නමින් ඔටුණු පැළැන්දුවා. රජකමට පත්වෙද්දි කන්නසාමි ගේ වයස අවුරුදු 18 යි. ඉතින් පිළිමතලව්වේ ඇතුළු සිංහල නායකයෝ හිතුවේ මොකක් හරි උපක්‍රමයක් යොදලා ශ්‍රී වික්‍රම රාජසිංහ ව බලයෙන් පන්නලා ඇතිවෙලා තිබුණු වඩිග වසංගතය රටින් දුරින් දුරුකරලා දාන්න.
ඉතින් මුල් කාලයේ දී පිළිමතලව්වේ මහ අදිකාරම් ප්‍රධාන සිංහල නායකයන්ට ඇහුම්කන්දීපු රජතුමාට අවුරුදු කීපයක් ගතවෙද්දී අනතුරක ඉව වැටෙන්න පටන්ගත්තා. ඒ වෙද්දී ඉංග්‍රීසිනුත් කොළඹට ඇවිල්ලා. සිංහල නායකයෝ ඉංග්‍රීසින් එක්කත් සම්බන්ධකම් පවත්වන්න පටන් ඇරන් තිබුණේ. මේ හැම දෙයක් ගැන ම කල්පනා කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කලබලවුනා. ඉතින් එතුමා මහා වියරුවකින් වගේ හැසිරෙන්න පටන්ගත්තා. ක්‍රිස්තු වර්ෂ 1812 අවුරුද්දේ දී ඔහු පිළිමතලව්වේ මහ අදිකාරම්වත් තවත් ලොකු ලොකු සිංහල නායකයෝ ගණනාවකුත් වැරැදිවලට පටලවලා මරලා දැම්මා.
ඊට පස්සේ මහ අදිකාරම් තනතුරට පත්කළේ ඇහැළේපොල ව. එතුමා ගැන විස්තර වෙනම කතා කරන එක වටිනවා. ඒත් මේ කතාව ඉවරකරන්න කලින් ඇහැළේපොල වාර්ණනාව” පොතේ තියෙන කවි කිහිපයක් කියවන එක වැදගත්. ඒ කාලයේ ඇතිවෙලා තිබුණු වඩිග වසංගතය මොන තරම් දරුණු ද කියන එක මේ තෝරාගත් කවි කීපයෙන් වුනත් හොඳින් ම පැහැදිළිවෙනවා. පාඨකයන්ට පුළුවන් ඇහැළේපොල වර්ණනාව” හොයාගෙන කියවන්න.
වසින් සකරජ එක් දහස් සත්සියෙ විසිවන වස පෙ මා
මෙවන් සිරිලක සතුන් පෙර කළ පවක් පලදෙන විලස මා
නපුන් සකදිටු අරිටු මිසදිටු දෙමළෙක් රජව මා
යසුන් වවමැයි කියා සිරිලක නැසී මෙලෙසින් දින හැ මා
පොරණ නිරිඳුන් වවා සුමඟුල් ගෙයක් ලෙසටම තිබූ සිරිල ක
කරන කම හැම තබා අකමින් මිනීමැරුට සැදී නොව සැ ක
පුරන සුචරිත අරව්වාවෙල අදිකරණ මැති සමඟ එම ව ක
දෙරණ පරසිඳු දෙනගමුවේ මැති එවක මරවා රැගෙන දනෙන ක
එතැන් සිට ලක මිනීමැරුමට පටන්ගෙන විලසට සො රා
ඔවුන් සන්තක මුදල් ගම්බිම් මරාලෙට ගෙන වැඩි ක රා
බුදුන් දෙවියන් සතුව තිබූ ගම් රැගෙන එහි දෙමළුන් පු රා
ලෙවන් සිත් බිය ගන්වමින් පත් ලෙසින් අංගුලිමල් සො රා
නුවර තැන තැන පිහිටමින් තිබූ බෝදි කොටවා ඉවත් කරවා
පතර වම එම ආරච්චාවෙල මැතිඳු තිබූ පින් පිණිස කරවා
ළකර බණ සාලාව බිඳුවා මුනිඳු පතිමා බිදැර අ රවා
කවර කලවත් නුදුට නොම ඇසු රදළවරුනුන් ජෝඩු කරවා
වියරු වෙස් ගති යකුන් වැනි කිසි ගුණක් නැති මිසදිටු රැග ත්
නපුරු ගුණ ඇති වඩීග රාසිය නැයනැයි පවසා මහ ත්
අතුරු නොව සියදාස් ගණනක් රාසිකරගෙන ලෙස සම ත්
මිතුරු සිංහල සෙනඟ නොතකා ඔවුන් හට කරමින් විප ත්
කුමා රුප්පේ පටන් බුවැලිකඩට තනවා ගෙවල් රා සී
තමා නැවත වඩිග දෙමළුන් සලස්වා ඉන්නා වීලා සී
සමා ගම කළ දෙමළ රාසිය ඒ දළඳා වීදියට පෑ සී
නිමා වක් නැති සැවුල් එළුවන් කැපූව දිවි කරමින් මුලා සී
දහස් සුවහස් සිටින එම දෙමළුන්ට ආයත්තමට දෙන්න ට
නිදොස් වන සොඳ මුලෑදෑනින් ගමදෙටුන් අල්වා ගෙනැත් සි ට
දහස් හැට හැත්තෑ බැගින් වද බෙරගසා හැර ඉන්ට උල්පි ට
සතොස් කර උන්නේ පිළී රන් මුදල් රැස්කර දෙමින් වරිගෙ ට
වැවක් බඳි මැයි කොටුගොඩැල්ලේ සියක් බඹයක් විතර උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොළ කොටා වනසා ගෙවල් සහ හැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස්කරවා ගමින් ගම
යමෙක් ලෙස රැක ඉඳන බැමිවටා පස් අද්දවන ලෙසට කර පෙම
කඩින් කඩ සිටුවමින් සෙබළුන් මුගුරු පොලු දී රැකව ලේ
ගමන් බඩ දනවටත් යා හැකි නොදී කරමින් කලබ ලේ
නිතින් දිවරෑ උරිස්වල අලු වැටෙන තුරු දුක් දී බ ලේ
සයින් පීඩිත දනන් විදි දුක් කියනු කවුරු ද මිහිත ලේ
නිමල් මුනිඳුගේ දකුණු දළඳා සමිඳු වැඩසිටි හැම දී නේ
දෙමල් පායට උසින් මහ පත්තිරිප්පුවකුත් තනම් නේ
සියල් ඇඳපුටු තබා එහි ඉඳ ගැනු සහ දවසරිමි නේ
විපුල් කරගති එයින්වන වැඩ ඔහුට පරලොව ගිය තැ නේ
වඩිග හැත්තට කන්ට වම්බටු කෙසෙල් පොල් හදනා මෙ නේ
සමග තල්වතු තොහැර ගඟදිග හාරගම දක්වා ගෙ නේ
එළඟ එගොඩින් තිබුණු පල්ලේකැලේ වනසා කොටමි නේ
සෙනඟ හට කළ කේඩු මගෙ එක මුවෙන් වනමිද කෙලෙසි නේ
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



According to new trends within developing societies, each nation has chosen its own language as its official language, especially in multi-cultural societies. The United Nations adopts six languages, English, French, Spanish Russian, Chinese and Arabic as the ‘official languages’ used on official written documentation.













It would be a nerve-wrecking experience for a 12-year-old to answer degree-level questions within seconds on a reality TV show. But it was a piece of cake for Nishi Uggalle, now 13, who was adjudged Child Genius 2019 at the recently concluded Channel 4’s Child Genius contest. Born to Sri Lankan parents, Neelanga Uggalle and Shiromi Jayasinghe, Nishi from Audenshaw, Greater Manchester, calls herself a ‘geek’ and spends her spare time reading philosophy and solving complicated maths questions. Nishi stunned audiences as she fired off a series of correct answers in seconds without using a calculator. On the final day of the competition she had already scored 16 points while three children, who were at 12 points each, had to go through a series of tie-breakers before they joined Nishi in the final. Nishi achieved the highest possible score of 162, topping Albert Einstein and her idol Stephen Hawking who have only scored 160.
which was also her special subject at Child Genius. Her acceptance speech was applauded by a wider community as she spoke to all females out there. After all, her attempt was to prove that even girls could be equally good at maths and physics as boys. And she definitely walked the talk.



MP Samarasinghe, who was initially due to be part of the delegation, said he had withdrawn as he told President Sirisena that it was important to send a single delegation to represent the country.



