විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමය සහ වෙද හාමිනේගේ ඊනියා ක්‍රමය.
Posted on April 26th, 2016

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

ඩෙන්ගු රෝගීන්ගේ තත්තවය හොඳ කිරීමට පැපොල් කොල යුෂ පාවිච්චියට ගැනීම ගැන සනත් හෙට්ටිගේ දොස්තර මහතා ගේ පරීක්ෂණ පිලිබඳව වාර්තාවක් ඩේලි මිරර් සහ ලංකා වෙබ්
http://www.lankaweb.com/news/items/2016/04/25/papaya-leaves-can-beat-dengue )  වල පලවිය. මෙම වාර්තවෙහි පරීක්ෂණයට භාජන වන ද්‍රව්‍යය  පරීක්ෂා කරණ විද්‍යාත්මක ක්‍රමය ද කෙටියෙන් හෝ එහි සඳහන් වී ඇත. එනම් (i) “බෙහෙත” පරීක්ෂා කිරීමට නියම ලෙස අවසර ගැනීම, (ii) ප්‍රථම වශයෙන් බෙහෙත මීයන්ට දීම, (iii) දෙවනුව පරීක්ෂාවට භාජන වීමට එකඟ රෝගීන් දෙකොටසක් ගෙන එයින් එක් කොටස්ක ට පිලියම දී අනෙක් කොටස සංසන්දනය සඳහා තබා ගැනීම,  ආදිය ගැන එම වාර්තාවේ සඳහන් වී ඇත

බෙහෙතක් පරීක්ෂණයට ගැනීමේ දී මෙම විද්‍යාත්මක ක්‍රමය අනුගමන කල යුතු යැයි මගේ ඉහත ලිපි වලින් දැක්වූ විට,  ධර්මසිරි සෙනෙවිරදුන් ගේ ලිපි වලින් ඔහු එය හෙලා දකිමින්, බටහිර දොස්තරු ඉන්නේ ඔවුන්ගේ පුරාජේරුව සහ මහන්තත්වය රක්ෂා කර ගැනීමට බව කීය.  දේශීය ක්‍රමයට  මේ පිලියම  හොයාගෙන ඇති වෙද හාමිනේ කෙනෙක් ඇති නුමුත් ඇයට රජය සහ දොස්තර වරු  හරස් කපා ඇති බවක් දැක්වීය. තවද, ඔහුගේ මතය වූවේ රෝග වලට පිලිවෙත් ලැබ්න්නේ ඉසිවරුන්ගේ ප්‍රකාශ වලින් සහ සමත භාවනා මාර්ගයෙන්  බැවය. එම් අන්දමින් ලබා ගත් ප්‍රතිකාර වෙද පරම් පරා වල එන බව් ද ඔහු ප්‍රකාශ කලේය. විද්‍යාත්මක ක්‍රමය ට පක්ෂව කථා කරණ අය දේශීයත්වයට විර්ද්ධව ක්‍රියා කරන පර ගැතියන් ලෙස ද ඔහු නම් කලේය.

 “කේන්දර බලමු, පේන අසමු” යයි කියමින් බුදු රදුන් විසින් “තිරශ්චීන විශ්වාස” ලෙස නම් කොට ඇති බ්‍රහ්මජාලයන් ව්‍යාප්ත කිරීමට තැත්කරන නලින් සිල්වා සිල්වා මහතාගේ මනස්ගාත අවිචාරවත් ලෙස ගිලගත් ධර්මසිරි මහතා  විද්යාත්මක ක්‍රමය ට විරුද්ධ වන්නේ නලින් ද සිල්වා අනුගමනය කරමින් දේව් භක්තිය ට යට වීමෙනි. සිල්වා මහතා නාථා දෙවියන් සමඟ කථා කරන්නේ යැයි කියන ගැහැනියක් විශ්වාස කරන අතර දර්මසිරි මහතා මහසෙන් දෙවියන් ගැන සඳහන් කරයි. මේවා ආර්ය අෂ්ඨාංග මාර්ගයට අනුකූල නොවන වෛතුල්‍ය වාද වේ. ය. “ගිරය” නැමති ටී-වී (TV) වැඩසටහනක දී අතුරැලියේ රතන හිමියෝ ද නාථ දෙවියෙන් ගෙන් ඇසූ “බහුබූත”  තමාට අවශ්‍ය නොවන බව කියා එයින් ඈත් වූහ.

නියම ආකාරයට, ලෙඩාගේ රෝගයේ විකාශනයේ මුල දී උචිත අවස්ථා වල  දී පමණක් පැපොල් බෙහෙත දිය යුතුය. නැත්නම් බෙහෙතෙන් ලෙඩා මරු මුවට පත් විය හැකිය. විද්‍යාත්මක ලෙස බෙහෙත ප්‍රයෝජනයට ගන්නා ක්‍රමය විමසීමට තැත් නොකෙරූ  “හාමිනේලා” ට සහ “හාමුලා” ට අසාධ්‍ය ලෙඩුන් ට පැපොල කොල ආදිය දීමට අවසර දිය යුතු ද යන්න ප්‍රශ්නයක් වී ඇත.  මෙහිදී විද්‍යාව් පාවිච්චි නොකර නාථ දෙවියන්ගෙන් ඇසිය යුතු ද? පේන ඇසිය යුතු ද? කේන්දර බැලිය යුතු ද? සමත භාවනා කල යුතු ද, ඉසිවරු කී දේ විමසිය යුතු ද? ඒක දේශීය ක්‍රමය යැයි කීම රටටම නිගාවකි.

සිල්වා මහතා විද්‍යාව සහ ඉන් ලැබුනු තාක්ෂණය, වෛද්‍ය ක්‍රමය,  ආදිය පට්ට පල් බොරුවක් යයි කියයි. ඔහු සිංහල ව්‍යවහාරය කනපිට් හරවමින්, මුසාව යන්නට අයුතු, හිතුවක්කාර,  අර්ථයක් දෙයි. සිල්වා මහතා මෙසේ ලියා ඇත:

“ධනපාල මහතා මුසා යන්න ද තේරුම් නො ගනියි. ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගෙන නොමැති පෘථග්ජනයෝ මනසින් ඒ ඒ දේ නිර්මාණය කරති. ඒ අතර මනස ද වෙයි. මම යන්න ද මුසාවකි. එහෙත් ඒ මුසා හෙවත් බොරු අපට ජීවත්වීමට අවශ්‍ය වෙයි. මේ මුසා බොහොමයක් අපේ ප්‍රත්‍යක්‍ෂ වෙයි. එනම් ඒ පංචෙන්ද්‍රිය ගෝචර වෙයි. ඒ මුසා නිර්මාණය කෙරෙන්නේ තවත් මුසාවක් වූ මනස ආධාරයෙනි. බටහිර විද්‍යාවේ දී මේ ඇතැම් මුසා තේරුම් කිරීමට වියුක්ත කතා ගෙතෙයි. ඒ වියුක්ත කතා ප්‍රත්‍යක්‍ෂ  නො වේ ඒවා පට්ටපල් බොරු ය”.

මේ අනුව, පෘථිවිය   ගෝලාකරා යයි කීම “ව්‍යුක්ත මුසාවක්” නිසා “පට්ට පල් බොරුවකි”. එමෙන්ම පට්ට පල් බොරුව යන නම සිංහල භාෂාවෙ කිසි සේත් නොයෙදන අන්දමින් බොහෝ කරුණු සිල්වා මහතාගේ ව්‍යවහාරය අනුව “පට්ට-පල් බොරු” ලෙස නම් කෙරෙනු ඇත.   එපමනක් නොව
අළු විහාරයෙහි දී ග්‍රන්ථ කරන ලද බුදු දහම ද  “මුසාවකි”. ඒ ගැන මහා ව්ංශයෙහි එන කථා විචාර වත් ලෙස විනිශ්චය කිරීමෙන් පලක් නැත. එය සිල්වා මහතා ගේ මනස්ගාත දර්ශණය අනුව “පට්ට පල් බොරුවක්” ය. බුදු රදුන් සහ බෞද්ධ දර්මය ගැන අපට වැඩි හිටියන් සහ හිමි වරු කියන දේ “පට්ට පල් බොරු”  ය. නමුත් සිල්වා මහතා අපට කියන්නේ පේන ඇසිය යුතු බවය, කේන්දර බැලිය යුතු බවය! මේවා යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අපට දුන් “දේශීය දේවල්”  යයි ඔහු කියන හෙයින් කෙසේ හෝ බදා ගත යුතු බව සිල්වා මහතාගේ මතය වේ.  
 
විද්‍යාව පට්ට පල් බොරුවක් පමනක් නොව, එය යුදෙව්-ක්‍රිස්තියානි දර්ශනය ට පමණක් අයිති, බෞද්ධ චින්තනයට  පටහැනි, මැවුම් කාර දෙවියෙක් මුල් කරගත් බටහිර ස්මාජයට අයිති, විදේශික දෙයක් ලෙස ද සිල්වා මහතා සහ ඔහුගේ අනුගාමිකයෙක් වන දර්මසිරි මහතා කියන බව පෙනේ.
විද්‍යාව අනුගමනය කරන ගවේෂණ ක්‍රමය මුලින් ම ඉගැන්වූයේ බුදු රදුන් බව ද, එතුමා උතුරු-දකුණු සහ ප්‍රතිචීණ-ප්‍රාචීණ “සිල්ක් මාර්ගය” න් හි මං සන්ධිය වන බරණැස් නුවර දී මෙම දර්ශනය මුලින් ම වදාල  බව ද මම දැක්වීමි. එම සිල්ක් මාර්ගය මගීන් මෙම දර්මයේ අදහස් බුදුන් වහන්සේට සම කාලීනව සහ ඉන් පසුව ග්‍රීසියට ද පැමිණි බව ද පැහැදිලි කලෙමි. බුදු දහමේ අදහස් ග්‍රීක චින්තනයට පහසුවෙන් අවෂෝශනය වූවේ එම සමාජයේ තුබුනු අදහස් වල විවෘත භාවය නිසාය.

විද්‍යාව සහ එහි චින්තන ක්‍රමය ලොව ඇති වූවේ එකල උතුරු ඉන්දියාවේ ය. සැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කොට දත යුතු යැයි පැහැදිලිවම මුලින්ම කිව්වේ බුදුන් වහන්සේ ය.  එම පරීක්ෂා-මූල්ක ක්‍රමය වන “එහිපස්සිකො  ධ්ර්මය” ද මුලින්ම වදාලේ  බුදුන් වහන්සේ ය. වෙනත් සූත්‍ර වල ද, උම්මග්ග ජාතකය ආදියෙහි කරුණු පරීක්ෂා කිරීම සහ විචාර ශීලී ක්‍රමය බෞද්ධ ක්‍රමය ම බව බුදු දහම දන්නා අය දනී. ග්‍රීකයන් බොහෝ දෙනෙක් ඔර්පික් ආගම ( Orphism) පිලිගත්තේය. ඉන්දික ආගම් වල තිබෙන විශ්වාස බොහොම්යක් (උදාහරණ:  පුනරුත්පත්තිය, කර්මය )  ඔර්පික් ආගමෙහි තුබුනි. ඉහලම  පෙලේ  ග්‍රීක චින්තකයා වූ සොක්‍රටීස් ඔර්පික්  විශ්වාශ දැරීය. ඔහු මධ්‍යම ප්‍රතිපදාව ද ඉගැන්නුවේ “රන්වන් මැද මග” ( path of the golden mean) යන නමින් ය. ඉන්දික සමාජයෙහි මෙන්ම, ග්‍රීක සමාජයෙහිද බොහෝ දෙවි වරු සිටියේය. නුමුත් දෙවි වරුන් මහා භක්තියකින් ඇදහූවේ නැත. ගීක දෙවි වරුන් ගේ නම් සහ ඉන්දික දෙවි වරුන්ගේ නම් අතර ඇති සම්බන්ධත්වයන් ගැන විශාරදයන් පොත් පත් ලියා ඇත.

සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙමින් පැවත් වෙන බව බුදුන් වහන්සේ දෙසූ අතර, එය ග්‍රීක සමාජයට දුන්නේ බුද්ධ-කාලීනයෙක් වූ හෙරාක්ලීටස් ය.  මූලික විද්‍යා පංති වලදී ලීවර, කප්පි, ගියර් ආදිය පිලිබඳ ඉගෙන ගනිමු.  ඒවා ග්‍රීකයන් ගෙන් ලැබුනු විද්‍යා දැනුමකි.  එවනි දැනුම් සමකාලීන දඹදිව ද, ඊජිප්තුවේ ද තුබුනේය.  ද්‍රවයන් තුල ඇති ඉපිලෙන වස්තූන් (floating bodies) පිලිබඳ ආකිමීඩිස් ගේ  නියමයන් හදාරමු. ආකිමීඩිස් පරීක්ෂණ පවත්වා කරුණු සොයා ගත යුතු බව ඉගැන්නුවේය.  මෙහිදී දරම්සිරි මහතා හුදු ජන පරවාදයක් අවිචාර ශීලීව බදා ගෙන  ආකිමීඩිස් “හෙලුවෙන් දිව්ව” යැයි ඔහුට ගැරහුවේ ය!

 සුලු වශයෙන් හෝ  ග්‍රීසියේ පටන් ගත් විද්‍යාවට ලැබුනේ ඉන්දීය චින්තනයෙන් මුල දී පෝහණි වූ බෞද්ධ ක්‍රමයයි.   ග්‍රීක ඩිමොක්‍රිටස් සහ ලුක්‍රිටස් සෑම වස්තුවක්ම තැනී ඇත්තේ පරමාණු නැමති ක්ශුද්‍ර අංශු වලින් යැයි කීමට පවා පොහොසත් විය.  එම සඳහා ඔවුන් පරීක්ෂණය ලෙස දැක්වූයේ ආලෝක ධාරාවක දඟලනවා මෙන් පෙනෙන කුඩා දූවිලි කැබලිය. එම පරීක්ෂණය විවේචන කල හැකි මුත්, එයට පදනම් වූ චින්තන ක්‍රමය විද්යාවේ සැබෑ ප්‍රායෝගී ක්‍රමය වෙයි.   ග්‍රීයියෙහි මෙම සමගම ගණිත විද්‍යාව සහ තාරකා විද්‍යාව ද ඇති විය.   එයට ද පදනම් වූයේ අහස සැබැවින් පරීක්ෂා කිරීම සහ ග්‍රීකයන් අතර දියුණු වූ ජ්‍යාමිතිය එම පරීක්ෂාවන් ගේ ප්‍රතිඵල ගොනු කිරීමට යොදා ගැනීමය. 

මේවා යුදෙව්-ක්‍රිස්තියානි චින්තන පදනමකින් එන්නේ යයි මනස්ගාත කියන්නෝ ඉතිහාසය නොදනිති.   ග්‍රීක සහ රෝමක සමාජයන් යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයට යට වූ විට විද්‍යාව යට ගොස් දේව භක්තිය ඉහලට ගියේය.  දුර්භාග්‍ය සමය (Dark ages) ලෙස හඳුන්වන, පාප වහන්සේගේ බලයට යට වූ සමාජයෙහි නිදහස් චින්තනයක් නුතුබිනි.  විද්‍යාව පල්ලියේ බලයෙන් මිදෙන්නට පටන ගත්තේ පුනරුදය (renaissance) නමින් හැඳින්වෙන 16-17 වන ශත වර්ෂ වලදී ඇති වූ විද්‍යා පුනරුත්පත්තියයයි. එකල වූ විද්‍යාඥයෝ ක්‍රිස්තියානි සමාජයක ඉපිද  එයින් පිටස්තර දෙවියන් ගේ අත්තනොමතික බලය නොමැති, විද්‍යාවේ නියමයනට යටත් ලොවකට අදාල  චින්තනයක් දෙසට ගියේ පල්ලියේ මහා ප්‍රහාරයන් විඳගෙනය. ගැලීලියෝ සහ නිව්ටන් ක්‍රිස්තු භක්තික වූයේ එය එකල විශ්වාස ක්‍රමය වූ නිසාය. එහෙත්, එහෙයින් විද්‍යාවේ චින්තන ක්‍රමය යුදෙව්-ක්‍රිස්තියානි ක්‍රමයක් යයි කියන්නෝ මනස්ගාත ප්‍රකාශ කරන්නෝ විය යුතුය. එය හෝ, ඔව්න් කිතු ලබ්ධිකයන් විය හැකිය. ඔවුන් නවීන විද්‍යාව ඔව්න් ගේ ලබ්ධියට අනු කූලයයි කීමට කමැත්ත නිසා ද,  ඔවුන්ගේ විශ්වාසය අනුව ලොව සහ ව්ද්‍යාව ද දෙවියන් මවූ දේ නිසා ද එවැන්නක් ප්‍රකාශ කරනු ඇතැති සිතමි.

ආගම් පිලිබඳ අයින්ස්ටයින් ගේ මත ගැන මහාචාර්ය ධර්මවර්ධන මහතා ලියා ඇති, ලංකා වෙබ් හි පල වූ 
http://www.lankaweb.com/news/items/2016/04/22/what-did-einstein-say-about-god-science-and-religion/
ලිපියෙහි ද   විද්‍යාව බෞද්ධ ක්‍රමයෙන් පැණ නැඟුනක් ලෙස ඉංගි කොට ඇත. වෙනත් විද්වතුන් ද එවනි මත ප්‍රකාශ කොට ඇත.

උතුරු ඉන්දියාවෙන් ග්‍රීසියට පැමිණ, එහි විද්‍යාත්මක ක්‍රමය දියුණු වූ මුත්, එය ඉන්දියාවේ (සහ ලංකාවේ) නැති වී ගියේ කරුනු දෙකක් නිසාය. අලුත් කරුණු ගුරු මුෂ්ටි ලෙස රහසේ තබාගෙන, කරුණු ලැබුනේ ඉසිවරුන්ගේ ප්‍රතිභාවෙනි හෝ දෙවි වරුන්ගේ ප්‍රකාශ වලින් යැයි කීම එක කරුණක් විය. දර්මසිරි මහතාගේ වෙද හාමිනේලා ඔවුන් දන්නා වෙදකම් හෙලි කෙරීමට කැමති නැත. තමන් ගේ දරුවන් ට සහ ගෝලයන්ට පමණක එය දුනි. තමන්ගේ ගෝලයෝ ද එක කුලයේ විය. කුල බේදය අනුව ද   ඥාණය විවුර්ත ලෙස ප්‍රකාශ කරන්නේ නැත. බුදු සමයට බමුණෝ විරුද්ධ වූ කරුණුම විද්යාත්මක ක්‍රමයට එරෙහිව පිහිටුනි.  

විද්‍යාවේ ක්‍රමය බෞද්ධ ක්‍රමයම බව එහෙයින් අපට නොපැකිල්ව ප්‍රකාශ කල හැකිය.

ඔක්තෝබර් 2013 අයිලන්ඩ් පත්තරේ ලිපියකින් සිල්වා මහතා රසායන සහ ජෛව විද්යාවන් නොදන්නා බව (ආඩම්බරයෙන් මෙන් ) කියා ඇත. ඔහු ට භෞතික විද්‍යාව සහ ගණිතය ගැන හුදු මාස 18 ක ආධුනික පශ්චාත් උපාධි පරිචයක් පමණක් ඇති බව ද, එම මාස 18 තුල දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට් උදව් කල බව ද සිල්වා මහතා කියා ඇත. එහෙයින් සිල්වා මහතා නවීන විද්යාව හෝ ගනිතයේ ප්‍රඥප්ති   නොහඳුනයි. ගණිතයේ පර්ඥප්ති සිලවා මහතා නොදන්න බවට උදාහරණයක් නම්, A=B සහ ඹB=C නම් A=C වන්නේ කෙසේ දැයි සිල්වා මහතා මහා ගැඹුරු පැණයක අසන්නක් මෙන් විමසයි.මෙය සමාන ලකුනේ අර්ථ දැක්වීම බව ඔහු නොදනියි. එහෙයින් ඔහු තමාගේ හීන මානය වසා ගැනීමට එය අනුන්ට අටවයි. මිදි වල්ල තිත්ත වූ සිවලා මෙන් ක්‍රියා කරයි. සිල්වා මහතා එහෙයින් මෙසේ ලියයි.       “මා සිංහල බෞද්ධ විද්‍යාඥයන් විවේචනය කරන්නේ ඔවුන් තම හීනමානය වසා ගැනීමට බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කරන බැවිනි.”

විද්‍යාවේ ක්‍රමය බෞද්ධ ක්‍රමයම බව නැවතත්  අපි නොපැකිල්ව ප්‍රකාශ  කරමු.

විද්‍යාවේ කරමයට හෝ බෞද්ධ කරමයට කුලයක් සහ ඉහල පහල මට්ටමක් නැත. බමුණු මහන්තත්වයක් නැත.   බුදු හිමි ම්ංසන්දි වල තෙල් බෙහෙත් කාරයන් සහ දුප්පත් ගොඩ වෙදුන් සමග පමනක් නොව චන්ඩාලයන් නවතින අම්බලම් වල පවා නතර වී හිංගමනයෙන් දානය ලබා ගත් හ. බුදු හිමි සහ අනෙක් බුද්ධ පුත්‍රයෝ සොහොන් වල තිබෙන වස්තර වලින් සිවුරු තනාගැනීම ආදිය සිරිත කර ගති. එහෙයින් බරණැස දී බනකීම මං සන්දියේ දී බන කීමක් යැයි කීම බුදු සමයේ ජන මාමක ස්වභාවය ප්‍රකාශ කිරීමක් බව දේව-පස්සිකො භක්තික දර්මසිරි මහතාට වැටහෙන්නේ නැතැයි සිතමි.

One Response to “විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමය සහ වෙද හාමිනේගේ ඊනියා ක්‍රමය.”

  1. Dham Says:

    බුදුරජාණන් වහන්සේ පරීක්‍ෂණ පවත්වන්න කීවේ තමා ගැනය​. බෙහෙත් හැදීමවත්, පරමාණුව හැදෑරීමටවත් නොවේ. මේ බව මොට්ටපාලට වුවද පැහැදිලිය​.
    බුදුරජාණන් වහන්සේ “ඒහිපස්සිකෝ” කියා “ක්‍රමයක්” ගැන දෙසා වදාළේ නැත​. ඒහිපස්සිකෝ යනු “ඇවිත් බලන්න​” (come and see) තේරුමයි. දහමට එන්නේ නැතිව ( come) , එලියේ සිට කෙතරම් බිරුවත් ග්‍රීකයන්ට නිවන් අවබෝධ කළ නොහැකිවිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress