ලොවම හෙල්ලූ ට්රම්ප් මහතාගේ පදවි ප්රාප්ත කතාවේ සිංහල පරිවර්තනය
Posted on January 24th, 2017

පරිවර්තනය ලංකාවෙබ්

මෙතනට පැමිණි අගවිනිසුරු රොබර්ට්ස්, ජනාධිපති කාටර්, ජනාධිපති ක්ලින්ටන්, ජනාධිපති බුෂ්, ජනාධිපති ඔබාමා, සෙසු  ඇමෙරිකානු සහෘද ජනතාවට සහ ලෝකවාසී සියල්ලන්ටම ස්තුතියි !!

අපි, ඇමරිකා පුරවැසියන් වශයෙන්, දැන් අපේ රට නැවත ගොඩනැඟීම සඳහා වු ජාතික මෙහෙවරට එක්වී ඇත්තේ අපේ ජනතාවගේ  පොරොන්දුන් හා බලාපොරොත්තු  ඉටුකිරීමේ ජාතික කාර්යභාරය ප්‍රතිසම්පාදනය කිරීමටය.

එක්සත්ව, ඉදිරි අනාගතය වෙනුවෙන් අපි ඇමරිකාවේ පමනක් නොව මුලු ලෝකයේද ගමන් මග අප විසින් තීරණය කරන්නෙමු.

අනේකවූ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවුවත්, දැඩි දුෂ්කරතාද හමුවුවත් අපි අපේ කාර්යභාරය ඉටු කිරීමට අපි බලපොරොත්තුවෙමු.

සෑම වසර හතරකට වරක් මෙම පියගැටවර මත රැස්වී, අපි ආණ්ඩුව බලය ක්රමවත්ව හා සාමකාමීව නව ජානාධිපතිවරයාට පැවරීම සිදු කලෙමු. 

අද මෙම සංක්රමණය පුරා ජනාධිපති ඔබාමාගෙන් සහ ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාගෙන්  ලැබුනු කාරුණික ආධාර හා උපකාර ගැන අපි අපේ කෘතඥතාවය පලකරමු. ඔවුන්ගේ විශිෂ්ටත්ව මෙයින් විදහා පා ඇත

කෙසේ වුවත් අද දින සිදුවන සැමරීම ඉතා විශේෂ අර්ථයක් ඇත. අප අද හුදෙක් එක් පරිපාලනයකින් තවෙකකට හෝ එක පක්ෂයකින් තවෙකකට බලය පැවරීම පමණක් සිදු නොකර අප අද වොෂින්ටන් DC සිට නැවත බලය පවරන්නේ ජනතාව වන ඔබ වෙතය.

බොහෝ කාලයක් තුල, අගනුවර සිටි කුඩා කණ්ඩායමක් විසින් රජයේ  ධන ලාභයේ සියලු ඵල නෙලාගෙන තිබූ නුමුත් වියදම දරා ඇත්තේ ජනතාව විසිනි.

වොෂින්ටන්වලට පමනක් ධනලාභයේ මල් පල දැරීමක් ලැබූ මුත් – ජනතාව කරා එම ධනය බෙදී ගියේ නැත.

දේශපාලනඥයන් පමනක් සමෘද්ධිමත්විය – එහෙත් පොදු ජනතාවගේ රැකියා විරහිත විය,  කර්මාන්ත ශාලා වසා දමන ලදී.

දේශපාලන අධිකාරිය පමනක් ස්වරක්ෂාවිය, නමුත් රටේ පුරවැසියන් අනාර්ක්ෂිත විය..

ඔවුන්ගේ ජයග්රහණ ඔබගේ ජයග්රහණ නොවීය; ඔවුන්ගේ විජයොත්සවය ඔබේ විජයොත්සවය නොවීය; ඔවුන්  අගනුවර දී ජයසමරන අතර රට පුරා විහිදුනු පීඩිත පවුල් සඳහා සැමරීමට තරම් යමක් හෝ ඔවුනට නොමැතිවිය.

මේ සියල්ල වෙනස්වේ,  වෙනස්වීමේ ආරම්බය මේතනයි, මේ මොහොතේයි.  මේ මොහොත ඔබේ මොහොතක් නිසා මෙහි අයිතිය ඔබටයි.

එය මෙහි අද රැස්ව සිටින සෑම අයටත්   ඇමරිකාව පුරා බලා සිටින සියලු අයටත් අයත් වේ.

මේ ඔබේ දිනයයි ඔබේ සැමරීමයි . මේ ඇමෙරිකානු එක්සත් රාජධානිය ඔබේ රටයි…….

කුමන පක්ෂය ආණ්ඩු කරන්නේදැයි අපට වැඳගත් නැත. වැඳගත් වන්නේ අප රජය ජනතාව විසින පාලනය වන්නේද යන්නයි ..

ජනතාව නැවතත් මේ රටේ පාලකයන් බවට පත්වූ දිනය ලෙස, 2017 ජනවාරි 20 දවස සදා සිහිපත් කෙරෙනු ඇත.

අපේ රටේ අමතක කරනලද පිරිමින් හා කාන්තාවන් තවදුරටත් අමතක නොකරනු ඇත. සියල්ලම දැන් ඔබට සවන් දෙනු ඇත.

ඔබ මිලියන ගනනින් අවුත් ලෝකයේ මීට පෙර දැක නැති ඓතිහාසික ව්යාපාරයක කොටසක් බවට ඔබ අනුවර්තනය වී ඇත.

මෙම ව්යාපාරයේ කේන්ද්රය ජාතියක් තම පුරවැසියන්හට සේවය කිරීමට පවතින තීරණාත්මක ස්ථිර විශ්වාසයයි.

ඇමරිකානුවන්හට, තම දරුවන් සඳහා උසස් පාසල්ද, ඔවුන්ගේ පවුල් සඳහා ආරක්ෂිත නිවහන්ද, ඔවුන්ගේ ජීවනොපය සදහා ස්ථිර රැකියාද අවෂ්‍යය.

මෙය දැහැමි ජනයාගේ සහ ධර්මිෂ්ඨ සමාජයේ යහපත් සහ සාධාරණ ඉල්ලීම් වේ. 

එහෙත්, අපේ පුරවැසියන්ගෙන් බොහෝ දෙනෙකුගේ යථාර්ථය මෙයට විරුද්දය:

අපේ අභ්යන්තර නගර වල සිටින මවු වරුන් සහ දරුවන් දිළිඳුකමින් කොටු වී සිටී. අපගේ ජාතියේ භූදර්ශනය පුරා විසිරී ඇති සොහොන් වැනි මලකඩ කෑ දිරාගිය කර්මාන්ත ශාලා තුන් බියක් සේ දේශය වසා සිටී. උතුරා යන මුදලින් පෝශිතවූ අධ්යාපන ක්රමයක්ද, එනමුදු සියලු දැනුම අහිමිවූ අපේ ශෝභන තරුණ සිසුන් පිරිසත්  අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය විසින් විශාල ජන ජීවිත ගණනක් බිළිගනිමින් අප රට මංකොල්ල කමින් සිටී.

මෙම ඇමරිකානු මනුෂ්ය සංහාරය අපි මෙතනින් නතර කරමු දැන්මම නතර කරමු.

අපි එකම ජාතියට අයත් වූවන් මෙමු – ඔවුන්ගේ වේදනාව අපේ වේදනාව වෙයි. ඔවුන්ගේ සිහින අපේ සිහිනයයි; ඔවුන්ගේ සාර්ථකත්වය අපගේද සාර්ථකත්වය වනු ඇත. අපි එක හදවතින්, එකම ගෙදර ජීවත්වෙමින්, එකම කීර්තිමත් ඉරණම බෙදා ගන්නා කොටස්කාරයින් වන්නෙමු.

අද මගේ දිවුරුම සියලුම ඇමෙරිකානුවන්ට පක්ෂපාතිත්වය දක්වන බවට තහවුරුකරන දිවුරුමයි.

දශක ගණනාවක් පුරා, අපි ඇමරිකානු කර්මාන්තවල වියදමින් විදේශ කර්මාන්ත වඩාත් සඑල කරවා ඇත

අපගේ හමුදාව ඉතා කනගාටුදායක අන්දමට ක්ෂයවීමට ඉඩ හැර  වෙනත් රටවල හමුදාවන්ට මුදලින් උපකාරකර සහන භුක්ති විදීමට ඉඩහැර ඇත;

අප, අනෙකුත් ජාතීන්ගේ දේශ සීමා ආරක්ෂා කර ඇති අතර අපගේම දේශ සීමා ආරක්ෂා කිරීම ප්රතික්ෂේප කර ඇත  ;

ඩොලර් ටි්රලියන හා ටි්රලියන ගනන් විදේශීයන්හි වියදම්කර ඇති අතර අලුත්වැඩියා නොකරන ලද ඇමරිකාවේ යටිතල පහසුකම්  ජරාවාස වී දිරාපත් වූ තත්වයට වැටී ඇත.

අපි වෙනත් රටවල් ධනවත් කර තිබූ අතර , අපේ ධනය, ශක්තිය සහ රටේ විශ්වාසය ක්ෂිතිජයෙන් ඔබ්බටද සිඳී බිඳි නොපෙනී අඩුවී ගොස් ඇත.

මිලියන ගණනක් ඇමෙරිකානුවන්ගේ පැතුම් තඹයකට මායිම් නොකරමින් කරමාන්ත ශාලා එකින් එක   බැගින් වැසී අප වෙරළින් ඈතට නික්මිණි.

අපගේ මධ්යම පන්තියේ ධනය අවිනීතව උදුරාගෙන අනතුරුව සියලු ලොව පුරා බෙදාහැරීම සිදු කර ඇත

අපගේ මධ්‍යමපන්තික ධනය අවිනීතව උදුරාගෙන ලෝකය පුරා බෙදාහරින ලදී.

එය ඉතිහාසයයි. නමුත් දැන් අප දකින්නේ අනාගතයයි.

අද මෙහි රැස්ව අපි නිකුත් කරන නව නියෝගයන් සෑම නගරයක්ම සෑම විදේශ අගනුවරක්ම, සෑම රාජ්‍යය පර්ෂදයකමද මින් පසු මේ ක්‍රියාදාමය දකිනු ඇත.

මේ දවසේ සිට ඉදිරියට, නව දැක්මක් මගින් අපේ රට පාලනය කරනු ඇත.

 අද සිට ඇමෙරිකාව අංක එක බවට පත් වනු ඇත. ඇමෙරිකාව පළමු ස්ථානයයි.

මින් පසු විදේශ කටයුතු, බදු, සංක්‍රමණය ආදී දේ ගැන සෑම තීරණයක් ම ඇමෙරිකානු පවුල් වල යහපත අරමුණු කොට ගැනෙනු ඇත.

අපගේ දේශසීමා අනෙකුත් රටවල විනාශ කාරීන් ගෙන් රැක ගන්නෙමු. අපගේ රැකියා අපගේ ධනය අපගේ කර්මාන්ත ශාලා ඔවුන්ගෙන් රැකගන්නෙමු. ආරක්ෂාව සෞභාග්යය හා ශක්තිමත් කිරීමට හේතු වනු ඇත

මගේ සිරුරේ පවතින සෑම හුස්මක් පාසාම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි . මා කිසිම දිනක ඔබට වැටීමට ඉඩ නොදෙමි..

ඇමෙරිකාව නැවත ජයග්‍රහණය කරා යනු ඇත. කිසිදා නොවූ අන්දමටජයග්‍රහණය කරා යනු ඇත

අපේ රැකියා අපි නැවත ගෙන ඒන්නෙමු. අප දේශසීමා අපි නැවත ගෙන ඒන්නෙමු. අපගේ ධනය අපි නැවත ගෙන ඒන්නෙමු. ඒ වගේම අපි අපේ සිහින නැවත ගෙන ඒන්නෙමු.

මුළු දේශ පුරා අප නව මංමාවත්, වරායවල් , පාලම් ගුවන්තොටුපළවල් තනන්නෙමු.. සහනාධාර වෙනුවට ජනතාවට නැවත රැකියා ලබා දෙන්නෙමු.

ඇමෙරිකානු ජනතාවගේ අත්වලින් ඇමෙරිකානුවන් මතින් අප දේශය නැවත ගොඩනගන්නෙමු

අප ඉතා සරල නීති දෙකක් අනුගමනය කරමු..

  1. ඇමෙරිකානු නිෂ්පාදන ගන්න.
  2. ඇමෙරිකානුවන් රැකියා සඳහා යොදවන්න..

අප අනෙකුත් ලෝක වාසීන්ගේ මිත්‍රත්වය පතමු. එහෙත් අප ඔවුන්ගේ ජාතික අවශ්‍යතා පළමුවෙන් සැලකීමට ඉඩ ලබා දෙමින් එසේ කරන්නෙමු.

අප කිසිදිනෙක අපගේ ජීවන රටාව අනෙකුත් රටවල් වෙත බලෙන් පටවන්නේ නැත. එහෙත් අප හොඳ මාවතේ යන්නේනම් ඔවුන් නිතැතින්ම අප පසුපස එනු ඇත.

අපේ පැරණි සන්ධාන තවදුරටත් ශක්තිමත් කරනු අතර නව සන්ධාන තවදුරටත් ඇතිකරමු ඉස්ලාමිය ත්‍රස්තවාදයට එරිහිව මුළු ලෝකයම පෙළගස්වන්නෙමු. ඉස්ලාමිය ත්‍රස්තවාදය මුළු ලෝ තලයෙන්ම සදහටම අතුගා දමන්නෙමු .

 පළමුව අපගේ දේශයට අවංක පක්ෂපාතිත්වය දැක්වීම මගින් අප එකිනෙකා තුලද පක්ෂපාතිත්වය අලුතෙන් ඇතිකර ගන්නෙමු.

ඔබ ඔබේ හදවත ජාතිමාමකත්වය වෙනුවෙන් විවෘත කරනවිට ද්‍රෝහීන්ට අවස්තාවක් නොලැබෙනු ඇත.

දෙවියන්ගේ දරුවන් එකට ජිවත් වනවිට ඇති සුන්දරත්වය බයිබලය අපට කියාදෙනවා.

අපි විවෘත මනසක් තුල කතා කළ යුතුය. අවංකව අපගේ නොඑකඟතාවන් විවාද කලයුතුය, නමුත් සෑම විටම සහයෝගය බලපොරොත්තු වියයුතුය.

ඇමරිකාව එක්සත් වන විට, ඇමරිකාව කිසිදිනක නැවැත්විය නොහැක.

අපි බිය නොවිය යුතුයි – අපේ ආරක්ෂාව, අපි හැම විටම ආරක්ෂා කරනු ඇත.

අප අපගේ රණවිරුවන් විසින් ඔවුන්ගේ ලෙය මතින් රැකගනු ඇත. ඉතා වැඳගත් දෙයනම දෙවියන් විසින් අප රකිනු ඇත.

 අප විසින් උසස් විශාල පරිමාණයෙන් සිතිය යුතු අතර ඊටත් වඩා ඉහලින් සිහින දැකිය යුතුය.

අප විසින් කටින් පමණක් වැඩකරන අක්‍රිය දේශපාලකයන් නැවත පිලිනොගන්නෙමු. ඔවුන්ගේ හිස් වචන සඳහා වූ කාලය ඇමෙරිකාව නිමා කර ඇත.

දැන් ඇත්තේ ක්‍රියා කිරීමේ කාලයයි .

කිසිවෙකුට ඔබට එය කල නොහැකියි කීමට ඉඩ නොදෙන්න.

ඇමෙරිකානුවන්ගේ ධෛර්යට, හදවතට ජයගත නොහැකි අභියෝගයක් නොමැත.

අප පරාජය නොවන්නෙමු. දේශය නැවත ගොඩනන්වන්නෙමු.

අපි, නව සහස‍්‍රවර්ෂයක අරුනලුවකට පාතබමින්   සූදානම්වන්නෙ විශ්වයේ අබිරහස්වල අගුළු හැර රෝග බියෙන් පෘථිවිය නිදහස් කර හෙටට අවශ්‍ය ශක්තිය, කර්මාන්ත හා තාක්ෂණයන් සොයා භාවිතා කිරීමට සදහා සූදානම් කිරීමයි.

නව ජාතියේ ආඩම්බරය, අපගේ ආත්මයන් විසින් උත්තේජනය කොට අපගේ අවධානය යොමුකර  භේදයබින්නයන් සුවපත් කිරීමයි.

අපගේ සොල්දාදුවන් කවදාවත් අමතක නොකරන පැරණි ප්රඥාව මතක තබා ගැනීමට කාලයයි: එනම් අපි කළු හෝ දුඹුරු හෝ සුදු වුවත්, අප සියලු දේශප්රේමීන් එකම රතු රුධිර වහනයක් ඇති බවත්, අපි හැමෝම එකම කීර්තිමත් නිදහස භුක්ති විඳීනබවත්, එක ම ශ්‍රේෂ්ට ඇමෙරිකානු ධජයට අප සියල්ලන්ම ආචාර කරන්න බවත්ය.

දරුවකු, නාගරික ඩෙට්රොයිට් වල උපන්නත්  මාරුතයෙන් පිරි නෙබ්රාිස්කා වල ඇති තැනිතලා වක උපන්නත් ඔවුන් දකින්නේ එකම රාත්රී අහසයි, සමගාමීව ඔවුන් එකහා සමාන  සිහින වලින් ඔවුන්ගේ සිත පුරවා ගන්නා අතර, ඔවුන් එකම සර්වබලධාරී නිර්මාතෘ විසින් ජීවන ආවිලයනය කරඇත .

නිසා, දුර සහ අසල මෙන්ම, කුඩා සහ විශාල සෑම නගරයක් නගරයක් පාසාද, කන්දෙන් කන්දට, සහ සාගරයෙන් සාගරයට වෙන්වී ජීවත්වෙන, සියලුම ඇමෙරිකානුවන්ට මේ වචන අසා දැනගන්න:

නැවතත් ඔබව නොසලකා හරින්නේ නැත.

ඔබේ හඬ, ඔබගේ බලාපොරොත්තු, ඔබේ සිහින, අපගේ ඇමරිකානු ඉරණම මෙහෙයවනවා ඇත.

ඔබේ ධෛර්යය, යහපත්කම සහ ප්රේමය සදහටම  අපට මඟපෙන්වනවා ඇත.

එක්ව, අපි නැවතත් ඇමරිකාව ශක්තිමත් කරමු.

එක්ව, අපි නැවතත් ඇමරිකාව ධනවත් කරමු.

එක්ව අපි නැවතත්ම ඇමරිකාව අභිමානවත් කරමු.

එක්ව අපි නැවත ඇමරිකාව සුරක්ෂිත කරමු.

 ඔව්, එකට, අපි ඇමරිකාව නැවත ශ්‍රේෂ්ට දේශයක් කරන්නෙමු.

ඔබට ස්තුතියි,

දෙවියන් වහන්සේගේ ආශීර්වාද ඔබට ලැබේවා, දෙවියන් වහන්සේගේ ආශීර්වාද ඇමරිකාවට  ලැබේවා.

ඔබට ස්තුතියි.

ඇමෙරිකාවට දේව ආශීර්වාදය ලැබේවා

2 Responses to “ලොවම හෙල්ලූ ට්රම්ප් මහතාගේ පදවි ප්රාප්ත කතාවේ සිංහල පරිවර්තනය”

  1. Ananda-USA Says:

    Donald Trump’s acceptance speech was a historically brief (15 minutes compared to the 60 min norm) speech that reaffirmed Donald Trump’s presidential election platform.

    Brevity in a speech becomes a virtue when it is filled with substance!

    His talk was a highly focused and effective speech designed to revive the long suppressed and dying Patriotism and Nationalism of the American people. He wants to REVERSE the growing trend among American people to buy into globalist liberal propaganda devoid of ethics, morals and willingness to exervise common sense in the defense of one’s own country, and return the people to the urgent languishing task of nation building!

    This is EXACTLY what we Sri Lankans should do!

    Forget the global mantra of liberalism that opens our Motherland to invasion by stealth, and selling it off to foreigners transforming us into a nations of renters in our own country, owning nothing, in the hope these Neocolonial globalists will throw us a bone to gnaw on while they dine on steak!

    Neither Donald Trump, nor I, are advocating a xenophobic or a homophobic society, but rather a return to a common srnsr Nationalism that says let Americans to put America FIRST, and let Sri Lankans put Sri Lanka FIRST!

    To that end, let us banish forever the notion that it is acceptable

    to SELL or LEASE even one inch of our Motherland to foreigners,

    to SELL citizenship in Sri Lanka to foreigners not born to citizens of Sri Lanka,

    to EMPOWER foreigners to command, direct and loot our National Institutions like the Central Bank,

    to PERMIT foreign powers and foreign NGOs to mould our Constitution to their liking,

    to ALLOW foreign powers to dictate to us how to enforce law and order in our country and subject our citizens to foreign courts,

    to ALLOW foreign nations to dictate to us who we may choose as our military and economic allies,

    to PERMIT foreign powers to dictate to us, and bribe us, to change our laws and even our cultural norms and prohibitions against deviant sexual behavior,

    to ALLOW foreign powers to dictate to us, and interfere in the governance of our sovereign nation, imposing Constitutional Amendments that are INIMICAL to the survival of our country as one undivided unitary independent nation,

    to ENABLE foreign powers to proslytize their religions converting our people to non-Buddhist religions, and disseminate their political agenda’s within the country, causing further division and dissatisfaction among our people and pitting us against each other.

    These and MANY MORE activities INIMICAL to the survival of Sri Lanka HAVE TO BE STOPPED in their TRACKS by a rising tide of PATRIOTIC NATIONALIST FERVOUR among our people, just as Donald Trump is attempting to excite in the United States!

    May God Bless Donald Trump and endow him with courage and the vision to achieve that goal for the American People, and

    May the Hatarawaran Guardian Dieties of Sri Lanka, and the Noble Triple Gem of the Lord Buddha, the Dhamma, and the Sangha help the Patriotic Citizens of Sri Lanka achieve that same goal in our Hallowed, Resplendent Motherland!

  2. Christie Says:

    Trump’s triumph was a win for the majority Anglos of the USA.

    This applies to our island.

    The current government came to power by dividing the majority Sinhalese

    That is what we need.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress