ශ්‍රී ලංකාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මේ රට ජනරජයක් බවට ප්රකාශ කළ මැයි මස 22 දා පමණක් බැවින් මේ වසරේ සිට හෝ, 1978 සිට 2026 දක්වා සියලුම රජයන් විසින් නැවත පෙබරවාරි 4 ම පැවැත්වීමෙන් සිදුකරනලද ජාතිද්රෝහී දේශද්රෝහි පාවාදීම මේ රජයෙන් හෝ නිවැරැදි කරන මෙන් මම යෝජනා කරමි.
Posted on May 14th, 2026
ආචාර්ය සුදත් ගුණසේකර
අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්තිර ලේකම් සහ සභාපති, ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමය (1991-94).
2026.මැයි 10 දා.
ඔබ පක්ෂය විසින් 1971 මෙහෙයවනලද රාජ්‍ය විරෝධී කැරැල්ලේදි බන්ඩාරනායක මැතිනිය මරාදැමීමට සැළසුම් කොට සිටියත් ඇය ඒ සියලු දෙනාටම සමාව දී පුනරුත්ථාපනය කළ නිසා ඔබ පක්ෂයෙ නය ගෙවීමට එතුමියට ගෞරව කිරීම සන්දහා කළහැකි සුදුසුම ක්‍රම්රමය එය යයි මම සිතමි.
මා අද මෙම ලිපිය ලියනුයේ වසර 2566 ක අඛන්ඩ ඉතිහාසයකට හා ශ්‍රේෂ්ඨ අභිමානයකට මේ මිහිපිට උරුමයක් ඇති සාඩම්බර සින්හල බෞධයෙක් වශයෙනි.අපගේ මේ මව්බිම ගැන හෝ එහි දීර්ග ඉතිහාසය ගැන හෝ සින්හල ජාතිය පිළිබඳ හෝ අබමල් රේණුවක අවභෝධයක් හෝ ආදරයක් නැති, මේ රටේ ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී, බලලෝභී දේශපාලන අග්ඥයින් විසින් වසර 133 ක ඉන්ග්‍රීසින්ගේ දුර්දාන්ත, කෲර පාලනයකින් පසු 1948 දී මේ රටට නොලැබුණු නිදහසක් සැමරීම” යයි කියමින් 1948 න් පසු (1972-77 හැර ) 75 වන වතාවටත් මේ සින්හල ජාතියත් උපන් බිමත් පාවා දෙමින්, මේ ශ්‍රේෂ්ඨ මව්බිමත් එහි අභිමානවත් සින්හල ජාතියත් මුහුනපා සිටින අතිෂයින්ම සෝචනීය මොහොතකදීය.
මෙම ලිපිය කියවන ඔබ සැමගෙන්, මා මෙම ලිපියේ මාර්තෲ කාවෙන් විමසා ඇත්තේ සැමරීම” යන වචනයෙන් අප අදහස් කරන්නේ අතීතයේදී සිදුවු කිසියම් වැදගත් සත්‍ය සිද්ධියක් නැවත සිහිකිරීම නොවේද කියාය. එය උපතක්, විපතක් හෝ විවාහයක් වැනි පුද්ලික කරුණක් හෝ රටක,ජාතියක ඓතිහාසික වැදගත් කමක් ඇති සන්සිද්ධ්යක් විය හැක. මේ කුමක් වුවත් ‘සැමරීමට නම් එය ඇත්ත වශයෙන්ම සිදුවු සත්‍යදෙයක් වියයුතු නොවේද?
1948 දී සුද්දන් විසින් අප රටට කිසිම ආකාරයක පූර්ණ රාස්ට්‍රපාලන නිදහසක් අපරටට ලබා දුන්නේ නැත. එමනිසා,1948 දී නිදහස ලැබුණේ යයි කීම චේතිය ගණයේ මුසාවකි. එම නිසා ඒ බොරුව මෙහිදී පමණක් සත්‍යයක් වන්නේ කෙසේද යන ප්‍රස්නය මෙහිදී මම ඔබගෙන් අසමි. 1948 දී මේ රටට කිසිම රාස්ට්‍ර පාලන ස්වාධීනත්වයක් නිදහසක් සුද්දන් නොදුන් බවද එමනිසාම ඔවුන්ගේ යටත් විජිතවාදි පාලනයෙන් අප රට නොමිඳුනු ආකාරය මේ ලිපියේ පහතින් මම දක්වා ඇත.
ඒ නිසා අවුරුදු පතා ජාතියක් වශයෙන්, ජාතික ධනය කෝටි ගණනින් නාස්ති කරමින් උත්සවත් ශ්‍රීයෙන් සැමරීම සඳහා, 1948 දී මේ රටට සූද්දන් විසින් ලබාදුන්නා යයි කියන නිදහස කුමක්දැයි යන්න හැකිනම් දැන්වත් පැහැදිළිකරන මෙන් මම මේ රටේ සියළුම දේශපාලකයින්ට අභියෝග කරමි.මා දක්නා අන්දමට,1948 දී සුද්දන් විසින් අප රටට ලබාදී ඇත්තේ සෝල්බරී ව්‍යවස්ථාව නමැති යදමින් අපගේ රට හා ජාතිය, අතපය මෙන්ම මනසද බැඳ තබා, 18 වන සිය වසේ සිට බ්‍රතාන්‍යයේ තිබුණු වෙස්ට්මින්ස්ට පාර්ලිමේන්තු ක්‍රමය අනුව, ඔවුන්ගේ රටේම යහපත සඳහා , ඔවුන්ගේම නීති රීති අනුව තවදුරටත් මේ රට පාලනය කිරීම සඳහා ලාන්කික ධනවත් ව්‍යාපාරික, ප්‍රභූ පිරිසක් අතට ඔවුන්ගේ අධිරාජ්‍යයේම යහපත සඳහා 1948 න් පසුවද බ්‍රතාන්‍ය අධිරාජ්‍යයේම යටත් විජිතයක් වශයෙන් තව දුරටත් මේ රට පාලනය කරගැනීම සඳහා ඔවුන් විසින්ම මනාසේ පුරුදු පුහුණු කරනලද, හමින් පමණක් කලුවූ, එහෙත් සිතුම් පැතුම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම් ආදී අනෙකුත් සෑම අන්ශය්කින්ම සුද්දන් වූ පිරිසක් අතට මේ රටේ පාලනය මාරු කිරීම පමණි.
එසේ නැතිව තමන්ගේම ස්වාධීන රාජ්‍ය පාලන ක්‍රමයකින් මේ රට පාලනය කිරීමේ බලය හෝ සමුර්ධිමත් රාජ්‍යක් වශයෙන්, ආර්ථික වශයෙන් හා සන්ස්කෘතික වශයෙන් ස්වාධින රටක් ව්වශයෙන් ඉදිරියට යාම සඳහා අපට ලබාදුන් සම්පූර්ණ නිදහසක්නම් නොවේ.
සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හැර සෙසු සියලුම දේ ශපාලකයෝ 1948 මේ රටට බ්‍රතානය යටත්විජිත පාලන්යෙන් නිදහස ලැබූ බව තරයේ විස්වාශ කරති. එහෙත් 1948 දී එසේ නොවූ බව පිළිගත් එතුමිය 1972 දී සෝල්බරී ව්‍යවස්තාව අහෝසිකොට නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කලාය. ඒ අනුව ඇත්ත වශයෙන්ම වසර 133 ක බ්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සහ අධිරාජ්‍යවාදි ග්‍රහනණයෙන් පළමුවරට මේ රට බේරාගත්තේ 1972 දි එතුමිය විසින් බව පි පිළිගත් සන්සිද්ධියකි. යථාර්තය එයනම් අප විසින් මේ රටේ සැබෑ නිදහස් දිනය වශයෙන් සැමරිය යුත්තේ 1972 මැයි 22 දා නොවේද.
ඒ අනුව මැතිනියගේ රජයෙන් 1972 සිට 77 දක්වාම මේ රට පූර්ණ නිදහස ලැබූ මැයි 22 දා මේ සින්හල ද්වීපය බ්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලැබූ දිනය වශයෙන් හා නැවත සින්හල ජාතියේ ජනරජ දිනය වශයෙන් නම්කොට වසරක් පාසා මහත් අභිමානයෙන් වසර 5ක්ම රට පුරා නිදහස් දිනය සහ ජනරජ දිනය සැමරීමේ උත්සව පැවැත්වීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා 1977 එතුමියගේ පාලනකාලය අවසන් වන තුරුම අඛණ්ඩව එම සැමරුම් උත්සව මහත් අභිමානයෙන් රට පුරා පවතවන ලදී. සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හැර සෙසු සියලුම දේශපාලකයෝ 1948 මේ රටට බ්‍රතානය යටත්විජිත පාලන්යෙන් නිදහස ලැබූ බව තරයේ විස්වාශ කරති. එහෙත් 1948 දී එසේ නොවූ බව පිළිගත් එතුමිය 1972 දී සෝල්බරී ව්‍යවස්තාව අහෝසිකොට නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කලාය. ඒ අනුව ඇත්ත වශයෙන්ම වසර 133 ක බ්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සහ අධිරාජ්‍යවාදි ග්‍රහනණයෙන් පළමුවරට මේ රට බේරාගත්තේ 1972 දි එතුමිය විසින් බව පිළිගත් සන්සිද්ධියකි.
යථාර්තය එයනම් අප විසින් මේ රටේ සැබෑ නිදහස් දිනය වශයෙන් සැමරිය යුත්තේ 1972 මැයි 22 දා නොවේද. ඒ අනුව මැතිනියගේ රජයෙන් 1972 සිට 77 දක්වාම මේ රට පූර්ණ නිදහස ලැබූ මැයි 22 දා මේ සින්හල ද්වීපය බ්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලැබූ දිනය වසයෙන් හා මේ රට නැවත සින්හල ජාතියේ ජනරජ දිනය වශයෙන් නම්කොට වසරක් පාසා මහත් අභිමානයෙන් වසර 5ක්ම රට පුරා නිදස් දිනය සහ ජනරජ දිනය සැමරීමේ උත්සව පැවැත්වීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා 1977 එතිමියගේ පාලනකාලාය් අවසන් වන තුරුම අඛණ්ඩව එම සැමරුම් උත්සව මහත් අභිමානයෙන් රට පුරා පවත්වන ලදී.
යතාර්තය එසේ වුවද මහජන මුදල් කෝටි ගණනින් නාස්තිකරමින් මේ රටට අද වනතුරුම කිසිදාක නොලැබුණු ඊණියා නිදහසක් (ස)මරමින් වසරක් පාසා ගාලුමුවදොර පවත්වන මේ දේශපාලන සේතාම්බර පටසළු නාඩගම දැන්වත් නතර නොකරන්නේ ඇයි?
යථාර්තය මෙසේව තිබියදී පෙබ් 4 නිදහස සැමරීම නිදහස මැරීමක් මිස සැමරීමක් නොවන බව මා ප්‍රකාශ කරනුයේ මේ නිසාය.
වර්ෂ 1815 මාර්තු 02 වන දින ඩොයිලිගේ කපටිකමින් සුද්දන් විසින් උදුරාගත් අපගේ මේ සින්හල දේශයට අහිමිවූ, සමස්ත භූමියේ ස්වෛරීත්වයේ හෝ ශිෂ්ඨාචාරයේ නිදහස අද වනතුරුම අපට ලැබීනැතත්, ඒ බව හෝ නොදන්නා රටට දැයට කිසිදු ආදරයක් නැති, අමණ දේශපාළුවන් විසින් වාර්ෂිකව සිදු කරණලද ඔවුන්ගේ දේශපාලන සේතාම්බර පටසළු නාඩගම, රාජ්‍ය බලය ගැනීමට පෙර අධිරාජ්‍ය විරෝදී, සමාජවාදී සහෝදර වරුන් වුවද, බලය ලබාගැනීමෙන් පසු අද බටහිර අධිරාජ්‍ය ගැති නිරුවත් බලුකුක්කන් මෙන් ඔවුන්ද, ජාතිකත්වයක් නැති, මේ රට කුමක්ද කියා හෝ නොදත්, ඔවුන්ගේ බටහිර ගැති පූර්වගාමීන් මෙන්ම යලිත් මේ වසරේ ද පෙබරවාරි මස 04 වන දින ද 77 වන වරටත් ගෝල්ෆේස් හිදී හෙළුවත්ශ්‍රීයෙන් එය සැමරීමය..මේ රටේ මිනිසුන් සිය දහස් ගනනින් හාල්, පොල් තබා ළුනු ටිකත් නැතිව කුසගින්නේ පෝලිමේ ලතවෙද්දී, බටහිර සුද්දන් සතුටු කිරීමට සහ තම දේශපාලන නිරුවත වසාගැනීමට වසරක් පාසා, කෝටි ගනන් මහජන මුදල් නාස්ති කරමින් තම මෝඩ දේශපාලන හෙළුව මුළු ලොවටම ප්‍රදර්ශනය කිරීම සඳහා වසරක් සඳහා ගාලුමුවදොර පවත්වන මේ දේශපාලන නාඩගම දැන්වත් නතර නොකරන්නේ ඇයි. මේ රටේ දෙශපාලකයින්ගේ ජාතිකත්වය සහ දේශප්‍රේමිත්වය තිබෙන්නේ කොහේදැයි මටනම් නොතේරේ.
1948 දී සෝල්බරි ව්‍යවස්ථාවෙන් මේ රටට පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා හැමදාම දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එන්ගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.
රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම එහි අභිමානය නොදන්නා පිරිස් විසින් එය පාලනය කරණු ලබනවිට සිදුවන විපරීතකම් තවමත් වෙනස් නොවී ඇති බැවින්, ඔවුන් උඩ බලාගෙන කෙළගසාගැනීම දැන්වත් නතර කිරීම සදහා වසර 2021 පෙබ 4 දා පැවති නිදහස් දිනය වෙනුවෙන් 3 දා මවිසින් පලකරනලද අදහස් සහ 1998 දි දිවයින පුවත්පතේ නිදහස්දින සමරුවට ‘සින්හලයේ මහා පාවාදීම” යන මැයින් මවිසින් ලියලද ලිපියෙන් මේ රටට 1948 දී ලැබුණායයි කියන නිදහස පිලිබඳ දක්වන්ලද අදහස්ද ගොණුකොට නැවතත් ඒ අයුරින්ම මෙහි ප්‍රකාශ කරමී.
රටක් නිදහස් වූවායයි කීමට අත්‍යාවශ්‍ය කරුණු 4 ක්
කිසියම් රටක් දේශපාලන වශයෙන් නිදහස් වූවායයි කීමට අත්‍යාවශ්‍ය මූලික කරුණු 4 ක් වෙයි. එනම් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය සහ අදාල රටේ භූමියේ පරම අයිතිය යන කරුණු හතරය. මෙම ප්‍රධාන අත්‍යාවශ්‍ය අන්ග හතරම සෝල්බරී ව්‍යවස්ථාවෙන් මේ රටට ලබාදී නොතිබුණු බව අපි හොඳාකාරවම දනිමු. මන්ද 1972 දී බන්ඩාරනායක මැතිනියගේ රජයෙන් මේ රට ජනරජයක් බවට ප්‍රකාශ කරන තුරු මෙ මේ රටේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කළේ එන්ගලන්තයේ රැජිනගේ නමිනි. එසේම, ඒ වන තුරුම මේ රටේ විධායක බලය තිබුණේද එන්ගලන්තයේ මහ රැජින විසින් පත් කරණු ලැබූ අග්‍රාණ්ඩුකාරයකුගේ යටතේය. තුන්වනුව එමව්‍යවස්ථාව යටතේ ලන්කාවේ උපරිමාධිකරනණයක් තිබුණද අභියාචන බලය තිබුණේ එන්ගලන්තයේ සාමි මණ්ඩලයේම බැවින් අධිකරණ බලයද තිබුණේද එන්ගලන්තයේමය.
මීට අමතරව මේ රට තුල ක්‍රියාත්මක වූයේද එන්ගලන්තයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේම අනුපිටපතක් වූ පාලන ක්‍රමයකි. එසේම පූර්ණ නිදහස සම්පූර්ණවීම සඳහා 1815 දී ලන්කා රාජ්‍යයට අයත්ව තිබුණු මාලදිවයිනද ව්‍යවස්ථාවේ 1. (2) යටතේ ලන්කාවේ අයිතියෙන් බැහැරකොට ඇති අතර එසේම ලක් රජයේ භූමියෙන් 2/3 ක් පමණ වූ මධ්‍යමකඳුකරයේ හිස් අයිතියද ලක් රජයට ආපසු භාරදී නොතිබුණි.එසේ වීමට හේතුව සුද්දන් විසින් බලහත් කාරෙයෙන් අල්ලාගත් උඩරට සින්හලයින්ට අයිතිව තිබුණු අක්කර 13 ලක්ෂයක් පමණ බූමියේ ඔවුන් විසින් දකුණු ඉන්දියාවෙන් මෙහි ආනයනය කරණලද 12 ලක්ෂයක් පමණවු ඉන්දියානුවන්ද එම ප්‍රදේශයෙන් ඉවත් කොට භූමියේ හිස් අයිතිය මේ රටට ආපසු පවරා නොදුන් නිසාය.
අභිමානවත් වාරියපොල හිමි සහ සින්හලේ නිලමේවරු 1815
මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය. ඊනියා නිදහසක් 1948 දී අපට ලබුනායයි කිවද රටේ හා භූමියේ පරම නිදහස, පාලන නිදහස, බසේ නිදහස, සන්ස්කෘතියේ නිදහස, ආර්ථික නිදහස, සිතීමේ හෝ ආකල්පවල නිදහස ආදි නිදහස් රටකට තිබියයුතු වැදගත් කිසිවක් තවම අපට ලැබී නැත.
මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ 1947 දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීයට ලන්කාව හෝ හොදින් තබාගැනීම වාසිදායක බව සිතු සුද්දන් විසින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකරවා ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන්ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලන්කාව බව බව ඔවුන් කල්පනාකල බැවින් යයි මට සිතේ. ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ශ්‍රී ලන්කාව උපාය මර්ගගික ශයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කල බැවිනි. ගෝලිය වශයෙන් එහි පිහිටීම මෙන්ම තමන්ට අවනත බෙදා වෙන්කකළ, මානසික වශයෙන් බුද්ධිසෝධනය කකළ පාලක පැලැන්තියක් එහි සිටින බව ඔවුන් මැනවින් දැනසිටියාට සැක නැත. ඇත්ත වශයෙන්ම් ඔවුන් රටින් පිටවී ගියද ඔවුන් සිටි පුටුවේ වාඩිවි ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබින. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් ඔවුන්ගේ කටයුතු මොවුන් සිදු කරන බව දිවැසින් මෙන් ඔවුන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ. අදටත් සමාජවාදී සහෝදරයින්ගේ රජය සිදු කරණුයේද එයම නොවේද.
සෝල්බරී විවස්ථාව කපටි ජෙනින් විසින් නිර්මාණය කලේ එකී වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වසයෙනි. අපේ මෝඩ දේශපාලකයින් එය ධාතු කරන්ඩුවක් මෙන් පිළිගත් බව පෙනේ. එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම බුද්ධිමත් කෙනෙකුට කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තු කැබිනෙට් ආණ්ඩුකරමය, නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්ය පාලනක්‍රමය, පාලන භාශාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය, විදේශ ගිවිසුම්වලට එළඹීමේ බලතල, යුද්ධය ප්‍රකාශ කිරීමේ බලය රැජිනගේ අතේ තබා ගැනීමට අමතරව 45 වන වගන්තිය යටතේ විධායක බලයද එන්ගලන්තයේ මහ රැජිනගේ/රජුගේ අතම තබාගැනීම මෙන්ම කටුනායක, ත්‍රිකුණාමල ගුවන් කඳවුරුද ඔවුන් අතම තබාගැනීම සහ පොදුරාජ්ය මන්ඩලය නැමැති බ්‍රතාන්ය අධිරාජ්යයේ සාමාජිකයකු වශයෙන් රන්දවාගැනීම, මේ රට තුල ජාතීන් කීපයක් සිටින බව විවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලන්කා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුලුජාතීන් නම් අමුතුම සතුන් ජාතියක් ඇතිකොට, ඒ අනුව 1833 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සින්හල දෙමල හා මුස්ලිම් ආදී වසයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සින්හලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද නමැති සමාජ හූනියමද හන්දුන්වා දෙමින් සෝල්බරී විවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට දක්කා මේ රට විනාශකිරිමට අවශය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය, ඔවුන් මින් පිටව ගියේ.
මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ ව්‍යාපාර සහ වතු අධිරාජ්‍යයේ වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රතාන්ය පුරවැසියන් ද මෙහි පදින්චිකොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්තික, සාමාජික හා සන්ස්කෘතික වසයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කලේ නැත. 1948 පසුවී 77 වසරක් ගතව ඇතත් රටක් වසයෙන් ජාතියක් වසයෙන් අප තවමත් හිර වී සිටින්නේ ඒ අධිරාජ්‍යවාදී මාරාන්තික මළපුඩුවේම නොවේද.1948 සුද්දන් මේ රට්න් පිටවී ගියත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනියා ජාත්යන්තර සන්විධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස බැලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක් යන මානසිකත්වයෙන් කටයුතු කරන බව ඉතා පහැදිලිය.
එපමණක්ද නොව මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත. පෙබරවාරි 4 ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය යයිද කියවේ. කොටින්ම කීවොත් අපි තවමත් සිතන්නේද, කන්නේ බොන්නෙද, අඳින්නේද පලඳින්නේද සුද්දන්මෙන්මය. ඊනියා නිදහස ලැබී වසර 77ක් ගියත් මේ රටේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ නම්, ස්ථානනාම, නගර නාම අතුරුපාරක පවා නම් තවමත් සුද්දන්ගේ නම්මය.විෂේශයෙන්ම කොලඹ නගරය මන්මාවත් චතුරස්ස්‍ර වල නම් දෙස බලන්විට එය ලන්ඩන් නගරයේම කොටසක්දැයි සිතේ. එපමණක් නොව මේ රටේ සින්හලයින් දහස් ගනන් වධ බන්ධනදී මරා දැමූ බ්‍රවුන් රිග්,ටොරින්ග්ටන්, මැක් ඩොවල් වැන්නවුන්ගේ නම්ද අපේ සින්හල්යින් තවමත් ගෞරවයෙන් සලකති. මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයේ මේ ආදී හේතූන් නිසාය.
අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝට් ගනනින් මෙන්ම රටේ සන් වර්ධනයට ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පතද නාස්ති කරමින් 77 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.
මගේ අදහසේ හැටියට 1948 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ නමෝ නමෝ මාතා සින්දුව පමණි. එයද 2015 සිට දෙමලෙන්ද ගැයින. 1815 දී ජාතියට අහිමිවූ අපේ ජාතික කොඩියද 48 දී නැවත් නොඉසවූ නිසා අපට ජාතියක් වසයෙන් කොඩියක්ද නැත. ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් බහුජාතික රෙදි කැබෙල්ලක් වූ අපබ්බ්‍රන්ශ නිර්මාණයකි.
මේ අතර යාන්තමින් ව්සර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට, බ්‍රතාන්ය ග්‍රහනයෙන් අධිකරණයද නිදහස්කොට,සුද්දන්සතු වතු, තෙල් සමාගම් ආදිය ජනසතුකොට එක්තරා අන්දමක ස්වාධීන බවක් රටතුල ඇතිකලාය. ඒ අනුව ඇත්ත වසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේ 1972 මැයි මස 22 දායයි කිවයූතුය. එමනිසා මේ ර රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කලයුත්තේ ඇයට යයි මම සිතමි. එහෙත් අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමනදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරය දඇන්වත් ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වසයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්‍රයද ජනරජ චතුරස්ස්‍රය වසයෙන් නම්කල යුතුයයි මම යෝජනා කරමි. මේ රටේ නියම නිදහසේ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය.
නිදහසට පසුවදනක්
පුන්චි කාලයේ අපට කියා දී තිබුනේ ලන්කාවට නිදහස ලැබුනේ 1948 පෙබරවාරි 4 දා කියල. ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුත් හය හතර තේඉරෙනකොට අපට තේරුනා 48 මේරටට හා ජනතාවට සැබේ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැන්නුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුනා. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගනන් වැයකොට කලින් කල බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට මහජනමුදල් කෝටි ගනන් වැය කරමින් ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන, පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේ වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මෙ ජාතික ධන විනාසය මෙන්ම සේතාම්බර පඨසලු නාඩගමක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවභෝධයක් ඇති උනාට පසුවය. මේ අනුව මේ රටේ දෙශපාලකයින් 1948 සිට 1972දක්වාත් එසේම නැවතත් 1978 සිට මේ වසර දක්වාත් නිදහස් උත්සවය නමින් සිදුකොට ඇත්තේ හුදු මොනර රන්ගනයක් පමණක් නායක්පමණකැයි මම කියමි.මන්ද මොනරා උගේ රන්ගනය ලස්සණයැයි මොනරිය ඉදිරියේ රන්ගනය කළ උගේ පස්චාත් ප්රදේශම එලියේ නිසා තමන් හෙලුවෙන් නටන බවත් ඌ නොදන්නා නිසාය.
මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1997 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්ය.
එවකට දිවයින පුවත්පතේ ප්‍රධාන කතුවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමු කරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව. දෙවැන්න ජී.ඇල්, පීරිස්, ජයම්පති වික්ක්‍රමරත්න සුසන්යෝගයෙන් හදපු චන්ද්‍රිකාගේ, රට කොටින්ට පාවාදීමේ දේශපාලන පැකේජය (ජේ ආර් පොට්ටනිය වශයෙන් නම්කල) ආදීනව පෙන්වා එය පරාජය කලයුතු.බවය. මගේ යොජනාවක් අනුව එවකට අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්වූ පලීපාන ශ්‍රී චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් සහ රටේ ජාති හිතෂී උගතුන් 50 ක් පමණ අස්ගිරියේ චන්දානන්ද ශාලාවට ගෙන්වා සාකච්චාකොට මවිසින් සන්ස්කරනය කරනලද පොට්ටනිය පැරෙදවීමට මුලිකවූ ලිපියෙන් රට හා ජාතිය පාවාදීමක් සිදුවන බැවින් එය වහාම ඉල්ලා අස්කරගන්නා මෙන් ජනාධිපතිවරියට දැන්වූ ලිපිය ඇතුල්කිරීම. එම ලිපිය දිවයින පත්තරයේ පලවීමෙන් පසු එය කියවූ කොලඹ වෝඩ් පෙදෙසේ වෛද්‍යවරකයකුවු ජයන්ත ගුනරත්න ජයතිලක මහතා මට දුරකතනයෙන් කථාකොට එම ලිපිය පොතක් වසයෙන් මුද්‍රණයකල. ඒ අනුව පොත් 1000 ක් මුද්‍රණයකොට මට 900 එව්වා. මා ඒ වනවිට ජාතික ඒකාඛධ කමිටුවේ මහනුවර සාඛාවේ සභාපති.
මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජන්තාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි. එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට මා කියන පනිවිඩය තෙරුම් ගැනීමට අද දක්වාම පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය අදුනන, ඇත්ත තේරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේසපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ. 1948 වන විට ආසියආවේම ජපානයට පමණක් දෙවැනි වූ දියුනුම ආර්තිකය තිබුණු මේ රට වර්තමානයේ ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන තත්වයට ඇද වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.
මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී, මිනිසු සිය දහස් ගනන් මියයද්දී,මුලු රටම සාගතයකින් පෙලෙද්දී,අහස උසට බඩුමිල නගිද්දී මේ වසරේත් 77 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිලු සන්දර්ශනය පැවැත්වීම ලෝක විහිලුවක් නොවේද
මේ වසරේත් නිරපරාදේ මහජන මුදල් රුපියල් කෝටි ගනනින් නාස්ති කොට ඉනියා නිදහස් උත්සවය පැවැත්වීම් සිදු කෙරින. ඒ සේතාම්බර පටසලු සන්දර්ශනය දැවත් නතර් කළ්ඒයුතු නොවෙද?. 1978 සිටම තමන් සෙළුවෙන් පෙරහැරේ යනබව මේ රටේ දේශපාලකයෝ නොදනිත්.එනමුදු මතු යම් දිනක කවදාහෝ ඔවුන්ද පෙරදවස රජකෙනෙකු කලාක්මෙන් හෙළුවෙන් ඇතුපින් යමින් තම හෙළුව මුළු ලොවටම යළිත් ප්‍රදර්ශනය කලබව හඬගා ඒකාන්තයෙන්ම කියනු ඇත. එසේම.හෙලුවෙන් පෙරහැරේ ගිය බව මුලු ලොවටම හන්ඩගා කියනු ඒකාන්තය. මා කියන මේ බස ඔවුන්ට නොඇසෙනු ඇත එසේම න්තේරෙනුද ඇත
එහෙත් මාගේ මේ තනි සටන කවදා හෝ දිනන බව මට ස්ථිර වසයෙන්ම විස්වාශය. එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ මගේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ සාශනය වෙනුවෙන් මම දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්හයකු මෙන් මෙම සටන ගෙනයමි කිසියම් ලෙසකින් මට එය ඉටුකළ නොහැකි වුවද කවුරු හරි සින්හල මවකගේ කුසක උපදින එඩිතර පුතෙකු අනිවාර්යෙන්ම මේ රට සුදු අධිරාජ්‍යවාදින්ගෙන් නියම නිදහස ලැබුවේ 1972 මැයිමස 22 දිනයයි මුලු ලොවටම හඅන්ඩගා කියනු ඇත.
මෙම ලිපිය අවසන් කිරීම සඳහා අවසාන වසයෙන් මේ ඇස් නැති, කන් නැති හිතන්ට ඔලුවක් නැති, එසේම ගඳ සුවඳ නොදැනෙන දේසපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රශ්න කීපය මම අසමි.
විදේශ ආධිපත්තියකින් කිසියම් රටකට නිදහස ලබෙනවා කියන්නේ මොකක්ද.
1948 දී ලඇබුනායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්ධයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණ ජාතික නිදහස තියෙන්නේ කොහේද, එය ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමණක් නොවේද?
වසර 2500 කට වැඩි ඉතිහාශයක් තිබී 1815 දී අපට අහිමිවූ ,1815 දි සුද්දාට භාරදෙනකොට සින්හලේ රාජධානිය සතුව තිබුණු, සෝල්බරී විවස්ථාවෙන් මුස්ලිම් මිනිසුන්ට භාරදුන් මාලදිවයින් ඇතුලු සින්හලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුනාද.?
1815 පැවති රටේ නම වූ සින්හලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද?.
1815 මේ රටේ රාජ්ය භාෂාව වූ සින්හල භාෂාව අදවනතුරුත් මේ රටේ රාජ්ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වෂයෙන් ස්ථාපිත වුනාද?.
ක්‍රි.පූ. 307 සිට මේ රටේ රාජ්‍යය ආගම වූ බුද්ධාගමට නිසිතැන ලැබුනාද?
1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් හිස් භුක්තිය 1948 දී ලබාගත්තද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද?
1815 වනතුරු රටේ ජාතිය වසයෙන් හැදින්වූ සින්හල ජාතිය යන නමවත් 48 දී ලබාගත්තාද?
1840 න් පසු වරින් වර සුද්දන් ඔවුන්ගේ වතුවල සහ වියාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සින්හලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තාද?
සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙමල සහ මුසල්මානු සුලුජන කොටස් 29 වන වගන්තියෙන් බලවත්කොට සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වශයෙන් සකස්කල සෝල්බරී විවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියොජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත්මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද. ඒ මරඋගුඋලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ 2500 ශිස්ඨාචාරයේ පදනම මත ආණ්ඩුකරම ව්‍යවස්ථාවක් හදාගත්තාද. නැති බව ඔබ දන්නවාද. ඉන්දියාව තම ව්‍යවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. එය භාර කලේ ශ්‍රේඨෂ්ඨ භාරත පුත්ත්‍රයෙක්වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා දන්නවාද?
අපගේ දේශයට හා සන්ස්කෘතියට ආවේනික වු ශිස්ඨාචාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවස්‍යතාව ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද?
1948 ඊනියා නිදහස ලැබී වසර 77 ක් ගතවීත් 2500 පුරා මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගූ, ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා රට ජාතිය බේරාගත් භූමිපුත්‍රයින්වු උඩරට සාඩම්බර ගැමියන්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා ගත්තාද. විශේෂයෙන්ම එවකට උඩරට රාජධහානියේ සින්හල මිනිසුන්ගේ ඉඩ කඩම් ආපසු ලබා දුන්නාද.අද ඒ ඉඩම් සියල්ල ඉන්දීය වතු කම්කරුවන්ට රනිල්, සජිත් සහ අනුර යන තිදෙනාම සින්නක්කර කරදී දීමට පොරොන්දුවූ බව මෙය කියවන ඔබ ඔබ දන්නවාද?
වර්තමාන ජනාධිපති වරයාගේ අග්‍ර පුරෝහිතයකු වන සමන්ත විද්‍යාරත්න කියන ඇමතිවරයා උඩරට සින්හලයිගේ ඉඩම් වතු දමළුන්ට ලබාදී එම ඉඩම්වල තට්ටු නිවාස හදාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දුවී ඇති බව ඔබ දන්නවාද?
1948 ඊනියා නිදහසින් පසු 77 වසරක් ගතව ඇතත් ස්වාධීන, ස්වෛරී හා සැබෑ නිදහස් රටක් අද්වනතුරුත් මේ රටේ වසර 2500 ක් පුරා ජන්ම උරුමකරුවන් වන ඔබලා මේ පොලව මත ස්ථාපිත කර ගත්තාද?
වතුකරයේ ඉඩම් ඉන්දීය දෙමළුන්ට දුන් පසු ඔබලා මියගිය පසු ඔබගේ දරු මුනුබුරන් ජීවත් වන්නේ කොහේද කියා ඔබ කිසි දිනක සිතුවාද?
1948 දී නිදහසක් ලැබුණානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ/ කළ කුමන්තරණය සහ 1971 දී ජා. වි.පෙ කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වශයෙන් හැදින්වුයේ ඇයි?
1948 දී මේ රට පූර්ණ නිදහස ලබා තිබුණානම් 1962 රජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රතාන්‍ය ප්‍රිවි කවුන්සලයෙන් නිදහස්කලේ කෙසේද?
1947 දී ඉන්ග්‍රීසි පාලනයෙන් නිදහස ලබාගත් භාරතය 1951 දී ජනරජයක් වශයෙන් ප්‍රකාශ කලානම් 1948 දීම මේ රටත් ජනරජයක් නොකළේ ඇයි?
1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු වසර 24 ක් තිස්සේ කිසිවෙකු මේ රට ජනරජයක් වශයෙන් ප්‍රකාශ නොකලේ ඇයි?
1977 දී බලයට පත්වූ ජේ ආර් මැයි 22 ජනරජ දිනය අවලන්ගුකොට නැවතත් පෙබරවාරි 4 නිදහස සැමැරීම ඇරැඹීය. නිදහස් පක්ශයේ පියා වූ බන්ඩාරනායකගේ අතිජාත දුවනිය වූ චන්ද්‍රිකා 1994 දී බලයට පත් වුවද බටහිර ගැති සෝබෝන් මානසික ඇයද නැවතත් පෙබ 4 ම නිදහස් දිනය පැවැත්වීය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලන්කා පක්ශයේ බලකණුව වූ මහින්ද රාජපක්සද පෙබ 4 ම කිසිදාක නූපන් දරුවාගේ උපන් දිනය පැවැත්වීම දිගටම කලේය. යහපාලන රජයේ රනිල් -සිරිසේන යුගලයද එයම කලහ. ඉන්පසු යලිත් බලයට පත් වූ ශ්‍රී ලන්කා රාජපක්ශලාද පෙබ 4 ටම පෙම්බැදි බව අදටත් පෙනේ. කිසිදාක අපට නොලැබුණු ඒ නිදහස පෙබ් 4 ම රතු විප්ලවකාරී දේශප්‍රේමීන් යයි කියන මල්ලිලාද අදටත් පෙබ 4 ම එය පැවැත්වීම කොතරම්නම් අවාසනාවන්තද. කොතරම් ලැජ්ජා සහගතද?
පෙබරවාරි 4 ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය බවවත් අපේ දේශපාලකයින් දන්නවාද?
ඒ අනුව1948 සිට (1972-75 හැර) වසර 77ක් තිස්සේ අපේ දේශපාලකයින් ශ්‍රී ලන්කාවේ ජාතික ධනය කෝටි ගණනින් නාස්ති කරමින් ජාතික නිදහස් දිනය වශයෙන් ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය සැමරූ මෝඩ රැළක් බව දැන් වත් ඔබට වැටහෙනවාද?
වැටත් නියරත් යන දෙකම ගොයම් කානම් කාට කියමු ද ඒ අමාරුව. පරගැති බහුජාතික සහ බහුආගමික එ.ජා,ප. එසේ කිරීම ගැන අපි මවිත නොවෙමු. 1972 මැයි මස 22 දින මේ රට ජනරජයක් බවට පත් කොට 1815 න් පසු පලමු වතාවට ජාතීයට නිදහස ලබාදීමෙන් පසු 1977 දක්වා වසර 5ක් ජනරජ දිනය නිදස් දිනය වශයෙන් පැවැත්වීමෙන් පසු 1977 බලයට පැමිණි ජේ.ආර් ගේ රජය යලිත් පෙබරවාරි 4 ම ජාතියේ නිදහස් දිනය වශයෙන් පැවැත්වීම ආරම්භ කරණ ලදුව අද දක්වාම ඒ අනුව පෙබ් 4 දිනම නැවතත් නිදහස් දිනය සැමරීම ආරම්භ කෙරිණ.නිදහසේ සැබෑ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ තුරුළේ හැදුණු වැඩුණු අයම මේ අයුරින් ඒ උතුම් ලක් මාතාව, (නූතන විහාරමහාදේවිය) පාවා දීම අපටනම් කිසි ලෙසකින් අනුමත කල නොහැක. සින්හල ජාතිය මෙවැනි නිවට නියාලු, ගඳ සුවඳ නොදැනෙන කෘතගුන නොදන්නා පරගැති දැයක් වූයේ කෙසේදැයි මටනම් කිසිසේත්ම අදහාගත නොහැක.
බන්ඩාරනායක ඝාතනයෙන් පසු මැතිනිය පනදුන් ශ්‍රී ලන්කා නිදහස් පක්සයේ තිඹිරිගෙයින්ම උපන් එසේම ඒ තොටිල්ලේම හැදුනු වැඩුණු උදවියම ඇය විසින් ජාතියට දායාදකළ මැයි 22 ජනරජ දිනය අවලන්ගුකොට පරගැති එ.ජා.ප. යේ ඕනෑ එපාකම් සපුරමින් මහජනමුදල් කෝටි ගනනින් වැය කරමින් 1948 තබා අද වනතුරුත් අපට නොලැබුණු නිද්හසක් සමරමුයි කියා විළිලජ්ජා නැතිව සුද්දියකුගේ උපන් දිනයක් සැමරීමට සින්හල ජාතියේ ජාතික අහිමානය මේ අන්දමින් විනාශකරමින් අපගේ මේ උදාර ජාතිය පවාදීම අපි කෙසේනම් තව දුරටත් ඉවසා සිටිමුද?
රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම මේ සින්හල දේශයේ වසර 2566 ක අඛණ්ඩ අභිමානනීය ඉතිහාශය නොදන්නා පිරිස් ඒ වගේම තම රටක හා ජාතිය ගැන භක්තියක්, හෝ ආදරයක් නැති ඉන්ග්‍රීසි කාරයින්ගේ ගෝල අඳබාලයන් 1815 න් පසු 1972 මැයි මස 22 වන දින සීරිමාවෝ බන්ඩාරනායක අගමැතිනිය ලබාදුන් නිදහස පසෙක දමා ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය සමරන පෙබ 4 වන දින, ජාතියක් වශයෙන් කිසිදාක සින්හල ජාතියට හෝ මේ රටට නොලැබුණු නිදහසක් උජාරුවට සමරමින් සාපරාඅදී අන්දමින් යලිත් ජාතියක් මරණ මේ අවස්ථාවේදී පරක් තෙරක් නැති ඈත එපිට ඉන්දීය සයුරේ මුරිසි (මෝරිටිස්) දිවයිනේදී පර සුද්දන්ගේ සිරකරුවකු වශයෙන් 1829 දී අවසන් හුස්ම හෙලූ අවස්ථාවේදී සැරයටියක ආධාරයෙන් නැමීගෙන මුරිසි පොලෝමත ඇවිදිමින් ඇහෙලේපොල වීර මහ අධිකාරම් තුමා මුරිසි පොලොව මත සෙවූ 1815 දි ජාතියක් වශයෙන් අපට අහිමිවූ ඔබේත් ශ්‍රී ලංකාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මේ රට ජනරජයක් බවට ප්රකාශ කළ මැයි මස 22 දා පමණක් බැවින් මේ වසරේ සිට හෝ, 1978 සිට 2026 දක්වා සියලුම රජයන් විසින් නැවත පෙබරවාරි 4 ම පැවැත්වීමෙන් සිදුකරනලද ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී පාවාදීම මේ රජයෙන් හෝ නිවැරැදි කරන මෙන් මම යෝජනා කරමි.
ඔබ පක්ෂය විසින් 1971 මෙහෙයවනලද රාජ්‍ය විරෝධී කැරැල්ලේදි බන්ඩාරනායක මැතිනිය මරාදැමීමට ඔබ පක්ශය සැළසුම් කොට සිටියත් ඇය ඒ සියලු දෙනාටම සමාව දී පුනරුත්ථාපනය කල නිසා ඔබ පක්ෂයෙ නය ගෙවීමට එතුමියට ගෞරව කිරීම සන්දහාද ඇති සුදුසුම ක්රමයද එය යයි මම සිතමි.
මා අද මෙම ලිපිය ලියනුයේ වසර 2566 ක අඛන්ඩ ඉතිහාසයකට හා ශ්‍රේෂ්ඨ අභිමානයකට මේ මිහිපිට උරුමයක් ඇති සාඩම්බර සින්හල බෞධයෙක් වශයෙනි.අපගේ මේ මව්බිම ගැන හෝ එහි දීර්ග ඉතිහාසය ගැන හෝ සින්හල ජාතිය පිළිබඳ හෝ අබමල් රේණුවක අවභෝධයක් හෝ ආදරයක් නැති, මේ රටේ ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී, බලලෝභී දේශපාලන අග්ඥයින් විසින් වසර 133 ක ඉන්ග්‍රීසින්ගේ දුර්දාන්ත, කෲර පාලනයකින් පසු 1948 දී මේ රටට නොලැබුණු නිදහසක් සැමරීම” යයි කියමින් 1948 න් පසු (1972-77 හැර ) 75 වන වතාවටත් මේ සින්හල ජාතියත් උපන් බිමත් පාවා දෙමින්, මේ ශ්‍රේෂ්ඨ මව්බිමත් එහි අභිමානවත් සින්හල ජාතියත් මුහුනපා සිටින අතිෂයින්ම සෝචනීය මොහොතකදීය.
මෙම ලිපිය කියවන ඔබ සැමගෙන්, මා මෙම ලිපියේ මාර්තෲ කාවෙන් විමසා ඇත්තේ සැමරීම” යන වචනයෙන් අප අදහස් කරන්නේ අතීතයේදී සිදුවු කිසියම් වැදගත් සත්‍ය සිද්ධියක් නැවත සිහිකිරීම නොවේද කියාය. එය උපතක්, විපතක් හෝ විවාහයක් වැනි පුද්ලික කරුණක් හෝ රටක,ජාතියක ඓතිහාසික වැදගත් කමක් ඇති සන්සිද්ධ්යක් විය හැක. මේ කුමක් වුවත් ‘සැමරීමට නම් එය ඇත්ත වශයෙන්ම සිදුවු සත්‍යදෙයක් වියයුතු නොවේද?
1948 දී සුද්දන් විසින් අප රටට කිසිම ආකාරයක පූර්ණ රාස්ට්‍රපාලන නිදහසක් අපරටට ලබා දුන්නේ නැත. එමනිසා,1948 දී නිදහස ලැබුණේ යයි කීම චේතිය ගණයේ මුසාවකි. එම නිසා ඒ බොරුව මෙහිදී පමණක් සත්‍යයක් වන්නේ කෙසේද යන ප්‍රස්නය මෙහිදී මම ඔබගෙන් අසමි. 1948 දී මේ රටට කිසිම රාස්ට්‍ර පාලන ස්වාධීනත්වයක් නිදහසක් සුද්දන් නොදුන් බවද එමනිසාම ඔවුන්ගේ යටත් විජිතවාදි පාලනයෙන් අප රට නොමිඳුනු ආකාරය මේ ලිපියේ පහතින් මම දක්වා ඇත.
ඒ නිසා අවුරුදු පතා ජාතියක් වශයෙන්, ජාතික ධනය කෝටි ගණනින් නාස්ති කරමින් උත්සවත් ශ්‍රීයෙන් සැමරීම සඳහා, 1948 දී මේ රටට සූද්දන් විසින් ලබාදුන්නා යයි කියන නිදහස කුමක්දැයි යන්න හැකිනම් දැන්වත් පැහැදිළිකරන මෙන් මම මේ රටේ සියළුම දේශපාලකයින්ට අභියෝග කරමි.මා දක්නා අන්දමට,1948 දී සුද්දන් විසින් අප රටට ලබාදී ඇත්තේ සෝල්බරී ව්‍යවස්ථාව නමැති යදමින් අපගේ රට හා ජාතිය, අතපය මෙන්ම මනසද බැඳ තබා, 18 වන සිය වසේ සිට බ්‍රතාන්‍යයේ තිබුණු වෙස්ට්මින්ස්ට පාර්ලිමේන්තු ක්‍රමය අනුව, ඔවුන්ගේ රටේම යහපත සඳහා , ඔවුන්ගේම නීති රීති අනුව තවදුරටත් මේ රට පාලනය කිරීම සඳහා ලාන්කික ධනවත් ව්‍යාපාරික, ප්‍රභූ පිරිසක් අතට ඔවුන්ගේ අධිරාජ්‍යයේම යහපත සඳහා 1948 න් පසුවද බ්‍රතාන්‍ය අධිරාජ්‍යයේම යටත් විජිතයක් වශයෙන් තව දුරටත් මේ රට පාලනය කරගැනීම සඳහා ඔවුන් විසින්ම මනාසේ පුරුදු පුහුණු කරනලද, හමින් පමණක් කලුවූ, එහෙත් සිතුම් පැතුම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම් ආදී අනෙකුත් සෑම අන්ශය්කින්ම සුද්දන් වූ පිරිසක් අතට මේ රටේ පාලනය මාරු කිරීම පමණි.
එසේ නැතිව තමන්ගේම ස්වාධීන රාජ්‍ය පාලන ක්‍රමයකින් මේ රට පාලනය කිරීමේ බලය හෝ සමුර්ධිමත් රාජ්‍යක් වශයෙන්, ආර්ථික වශයෙන් හා සන්ස්කෘතික වශයෙන් ස්වාධින රටක් ව්වශයෙන් ඉදිරියට යාම සඳහා අපට ලබාදුන් සම්පූර්ණ නිදහසක්නම් නොවේ.
සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හැර සෙසු සියලුම දේ ශපාලකයෝ 1948 මේ රටට බ්‍රතානය යටත්විජිත පාලන්යෙන් නිදහස ලැබූ බව තරයේ විස්වාශ කරති. එහෙත් 1948 දී එසේ නොවූ බව පිළිගත් එතුමිය 1972 දී සෝල්බරී ව්‍යවස්තාව අහෝසිකොට නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කලාය. ඒ අනුව ඇත්ත වශයෙන්ම වසර 133 ක බ්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සහ අධිරාජ්‍යවාදි ග්‍රහනණයෙන් පළමුවරට මේ රට බේරාගත්තේ 1972 දි එතුමිය විසින් බව පි පිළිගත් සන්සිද්ධියකි. යථාර්තය එයනම් අප විසින් මේ රටේ සැබෑ නිදහස් දිනය වශයෙන් සැමරිය යුත්තේ 1972 මැයි 22 දා නොවේද.
ඒ අනුව මැතිනියගේ රජයෙන් 1972 සිට 77 දක්වාම මේ රට පූර්ණ නිදහස ලැබූ මැයි 22 දා මේ සින්හල ද්වීපය බ්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලැබූ දිනය වශයෙන් හා නැවත සින්හල ජාතියේ ජනරජ දිනය වශයෙන් නම්කොට වසරක් පාසා මහත් අභිමානයෙන් වසර 5ක්ම රට පුරා නිදහස් දිනය සහ ජනරජ දිනය සැමරීමේ උත්සව පැවැත්වීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා 1977 එතුමියගේ පාලනකාලය අවසන් වන තුරුම අඛණ්ඩව එම සැමරුම් උත්සව මහත් අභිමානයෙන් රට පුරා පවතවන ලදී. සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හැර සෙසු සියලුම දේශපාලකයෝ 1948 මේ රටට බ්‍රතානය යටත්විජිත පාලන්යෙන් නිදහස ලැබූ බව තරයේ විස්වාශ කරති. එහෙත් 1948 දී එසේ නොවූ බව පිළිගත් එතුමිය 1972 දී සෝල්බරී ව්‍යවස්තාව අහෝසිකොට නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කලාය. ඒ අනුව ඇත්ත වශයෙන්ම වසර 133 ක බ්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සහ අධිරාජ්‍යවාදි ග්‍රහනණයෙන් පළමුවරට මේ රට බේරාගත්තේ 1972 දි එතුමිය විසින් බව පිළිගත් සන්සිද්ධියකි.
යථාර්තය එයනම් අප විසින් මේ රටේ සැබෑ නිදහස් දිනය වශයෙන් සැමරිය යුත්තේ 1972 මැයි 22 දා නොවේද. ඒ අනුව මැතිනියගේ රජයෙන් 1972 සිට 77 දක්වාම මේ රට පූර්ණ නිදහස ලැබූ මැයි 22 දා මේ සින්හල ද්වීපය බ්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලැබූ දිනය වසයෙන් හා මේ රට නැවත සින්හල ජාතියේ ජනරජ දිනය වශයෙන් නම්කොට වසරක් පාසා මහත් අභිමානයෙන් වසර 5ක්ම රට පුරා නිදස් දිනය සහ ජනරජ දිනය සැමරීමේ උත්සව පැවැත්වීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා 1977 එතිමියගේ පාලනකාලාය් අවසන් වන තුරුම අඛණ්ඩව එම සැමරුම් උත්සව මහත් අභිමානයෙන් රට පුරා පවත්වන ලදී.
යතාර්තය එසේ වුවද මහජන මුදල් කෝටි ගණනින් නාස්තිකරමින් මේ රටට අද වනතුරුම කිසිදාක නොලැබුණු ඊණියා නිදහසක් (ස)මරමින් වසරක් පාසා ගාලුමුවදොර පවත්වන මේ දේශපාලන සේතාම්බර පටසළු නාඩගම දැන්වත් නතර නොකරන්නේ ඇයි?
යථාර්තය මෙසේව තිබියදී පෙබ් 4 නිදහස සැමරීම නිදහස මැරීමක් මිස සැමරීමක් නොවන බව මා ප්‍රකාශ කරනුයේ මේ නිසාය.
වර්ෂ 1815 මාර්තු 02 වන දින ඩොයිලිගේ කපටිකමින් සුද්දන් විසින් උදුරාගත් අපගේ මේ සින්හල දේශයට අහිමිවූ, සමස්ත භූමියේ ස්වෛරීත්වයේ හෝ ශිෂ්ඨාචාරයේ නිදහස අද වනතුරුම අපට ලැබීනැතත්, ඒ බව හෝ නොදන්නා රටට දැයට කිසිදු ආදරයක් නැති, අමණ දේශපාළුවන් විසින් වාර්ෂිකව සිදු කරණලද ඔවුන්ගේ දේශපාලන සේතාම්බර පටසළු නාඩගම, රාජ්‍ය බලය ගැනීමට පෙර අධිරාජ්‍ය විරෝදී, සමාජවාදී සහෝදර වරුන් වුවද, බලය ලබාගැනීමෙන් පසු අද බටහිර අධිරාජ්‍ය ගැති නිරුවත් බලුකුක්කන් මෙන් ඔවුන්ද, ජාතිකත්වයක් නැති, මේ රට කුමක්ද කියා හෝ නොදත්, ඔවුන්ගේ බටහිර ගැති පූර්වගාමීන් මෙන්ම යලිත් මේ වසරේ ද පෙබරවාරි මස 04 වන දින ද 77 වන වරටත් ගෝල්ෆේස් හිදී හෙළුවත්ශ්‍රීයෙන් එය සැමරීමය..මේ රටේ මිනිසුන් සිය දහස් ගනනින් හාල්, පොල් තබා ළුනු ටිකත් නැතිව කුසගින්නේ පෝලිමේ ලතවෙද්දී, බටහිර සුද්දන් සතුටු කිරීමට සහ තම දේශපාලන නිරුවත වසාගැනීමට වසරක් පාසා, කෝටි ගනන් මහජන මුදල් නාස්ති කරමින් තම මෝඩ දේශපාලන හෙළුව මුළු ලොවටම ප්‍රදර්ශනය කිරීම සඳහා වසරක් සඳහා ගාලුමුවදොර පවත්වන මේ දේශපාලන නාඩගම දැන්වත් නතර නොකරන්නේ ඇයි. මේ රටේ දෙශපාලකයින්ගේ ජාතිකත්වය සහ දේශප්‍රේමිත්වය තිබෙන්නේ කොහේදැයි මටනම් නොතේරේ.
1948 දී සෝල්බරි ව්‍යවස්ථාවෙන් මේ රටට පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා හැමදාම දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එන්ගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.
රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම එහි අභිමානය නොදන්නා පිරිස් විසින් එය පාලනය කරණු ලබනවිට සිදුවන විපරීතකම් තවමත් වෙනස් නොවී ඇති බැවින්, ඔවුන් උඩ බලාගෙන කෙළගසාගැනීම දැන්වත් නතර කිරීම සදහා වසර 2021 පෙබ 4 දා පැවති නිදහස් දිනය වෙනුවෙන් 3 දා මවිසින් පලකරනලද අදහස් සහ 1998 දි දිවයින පුවත්පතේ නිදහස්දින සමරුවට ‘සින්හලයේ මහා පාවාදීම” යන මැයින් මවිසින් ලියලද ලිපියෙන් මේ රටට 1948 දී ලැබුණායයි කියන නිදහස පිලිබඳ දක්වන්ලද අදහස්ද ගොණුකොට නැවතත් ඒ අයුරින්ම මෙහි ප්‍රකාශ කරමී.
රටක් නිදහස් වූවායයි කීමට අත්‍යාවශ්‍ය කරුණු 4 ක්
කිසියම් රටක් දේශපාලන වශයෙන් නිදහස් වූවායයි කීමට අත්‍යාවශ්‍ය මූලික කරුණු 4 ක් වෙයි. එනම් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය සහ අදාල රටේ භූමියේ පරම අයිතිය යන කරුණු හතරය. මෙම ප්‍රධාන අත්‍යාවශ්‍ය අන්ග හතරම සෝල්බරී ව්‍යවස්ථාවෙන් මේ රටට ලබාදී නොතිබුණු බව අපි හොඳාකාරවම දනිමු. මන්ද 1972 දී බන්ඩාරනායක මැතිනියගේ රජයෙන් මේ රට ජනරජයක් බවට ප්‍රකාශ කරන තුරු මෙ මේ රටේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කළේ එන්ගලන්තයේ රැජිනගේ නමිනි. එසේම, ඒ වන තුරුම මේ රටේ විධායක බලය තිබුණේද එන්ගලන්තයේ මහ රැජින විසින් පත් කරණු ලැබූ අග්‍රාණ්ඩුකාරයකුගේ යටතේය. තුන්වනුව එමව්‍යවස්ථාව යටතේ ලන්කාවේ උපරිමාධිකරනණයක් තිබුණද අභියාචන බලය තිබුණේ එන්ගලන්තයේ සාමි මණ්ඩලයේම බැවින් අධිකරණ බලයද තිබුණේද එන්ගලන්තයේමය.
මීට අමතරව මේ රට තුල ක්‍රියාත්මක වූයේද එන්ගලන්තයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේම අනුපිටපතක් වූ පාලන ක්‍රමයකි. එසේම පූර්ණ නිදහස සම්පූර්ණවීම සඳහා 1815 දී ලන්කා රාජ්‍යයට අයත්ව තිබුණු මාලදිවයිනද ව්‍යවස්ථාවේ 1. (2) යටතේ ලන්කාවේ අයිතියෙන් බැහැරකොට ඇති අතර එසේම ලක් රජයේ භූමියෙන් 2/3 ක් පමණ වූ මධ්‍යමකඳුකරයේ හිස් අයිතියද ලක් රජයට ආපසු භාරදී නොතිබුණි.එසේ වීමට හේතුව සුද්දන් විසින් බලහත් කාරෙයෙන් අල්ලාගත් උඩරට සින්හලයින්ට අයිතිව තිබුණු අක්කර 13 ලක්ෂයක් පමණ බූමියේ ඔවුන් විසින් දකුණු ඉන්දියාවෙන් මෙහි ආනයනය කරණලද 12 ලක්ෂයක් පමණවු ඉන්දියානුවන්ද එම ප්‍රදේශයෙන් ඉවත් කොට භූමියේ හිස් අයිතිය මේ රටට ආපසු පවරා නොදුන් නිසාය.
අභිමානවත් වාරියපොල හිමි සහ සින්හලේ නිලමේවරු 1815
මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය. ඊනියා නිදහසක් 1948 දී අපට ලබුනායයි කිවද රටේ හා භූමියේ පරම නිදහස, පාලන නිදහස, බසේ නිදහස, සන්ස්කෘතියේ නිදහස, ආර්ථික නිදහස, සිතීමේ හෝ ආකල්පවල නිදහස ආදි නිදහස් රටකට තිබියයුතු වැදගත් කිසිවක් තවම අපට ලැබී නැත.
මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ 1947 දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීයට ලන්කාව හෝ හොදින් තබාගැනීම වාසිදායක බව සිතු සුද්දන් විසින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකරවා ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන්ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලන්කාව බව බව ඔවුන් කල්පනාකල බැවින් යයි මට සිතේ. ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ශ්‍රී ලන්කාව උපාය මර්ගගික ශයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කල බැවිනි. ගෝලිය වශයෙන් එහි පිහිටීම මෙන්ම තමන්ට අවනත බෙදා වෙන්කකළ, මානසික වශයෙන් බුද්ධිසෝධනය කකළ පාලක පැලැන්තියක් එහි සිටින බව ඔවුන් මැනවින් දැනසිටියාට සැක නැත. ඇත්ත වශයෙන්ම් ඔවුන් රටින් පිටවී ගියද ඔවුන් සිටි පුටුවේ වාඩිවි ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබින. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් ඔවුන්ගේ කටයුතු මොවුන් සිදු කරන බව දිවැසින් මෙන් ඔවුන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ. අදටත් සමාජවාදී සහෝදරයින්ගේ රජය සිදු කරණුයේද එයම නොවේද.
සෝල්බරී විවස්ථාව කපටි ජෙනින් විසින් නිර්මාණය කලේ එකී වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වසයෙනි. අපේ මෝඩ දේශපාලකයින් එය ධාතු කරන්ඩුවක් මෙන් පිළිගත් බව පෙනේ. එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම බුද්ධිමත් කෙනෙකුට කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තු කැබිනෙට් ආණ්ඩුකරමය, නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්ය පාලනක්‍රමය, පාලන භාශාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය, විදේශ ගිවිසුම්වලට එළඹීමේ බලතල, යුද්ධය ප්‍රකාශ කිරීමේ බලය රැජිනගේ අතේ තබා ගැනීමට අමතරව 45 වන වගන්තිය යටතේ විධායක බලයද එන්ගලන්තයේ මහ රැජිනගේ/රජුගේ අතම තබාගැනීම මෙන්ම කටුනායක, ත්‍රිකුණාමල ගුවන් කඳවුරුද ඔවුන් අතම තබාගැනීම සහ පොදුරාජ්ය මන්ඩලය නැමැති බ්‍රතාන්ය අධිරාජ්යයේ සාමාජිකයකු වශයෙන් රන්දවාගැනීම, මේ රට තුල ජාතීන් කීපයක් සිටින බව විවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලන්කා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුලුජාතීන් නම් අමුතුම සතුන් ජාතියක් ඇතිකොට, ඒ අනුව 1833 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සින්හල දෙමල හා මුස්ලිම් ආදී වසයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සින්හලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද නමැති සමාජ හූනියමද හන්දුන්වා දෙමින් සෝල්බරී විවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට දක්කා මේ රට විනාශකිරිමට අවශය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය, ඔවුන් මින් පිටව ගියේ.
මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ ව්‍යාපාර සහ වතු අධිරාජ්‍යයේ වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රතාන්ය පුරවැසියන් ද මෙහි පදින්චිකොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්තික, සාමාජික හා සන්ස්කෘතික වසයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කලේ නැත. 1948 පසුවී 77 වසරක් ගතව ඇතත් රටක් වසයෙන් ජාතියක් වසයෙන් අප තවමත් හිර වී සිටින්නේ ඒ අධිරාජ්‍යවාදී මාරාන්තික මළපුඩුවේම නොවේද.1948 සුද්දන් මේ රට්න් පිටවී ගියත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනියා ජාත්යන්තර සන්විධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස බැලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක් යන මානසිකත්වයෙන් කටයුතු කරන බව ඉතා පහැදිලිය.
එපමණක්ද නොව මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත. පෙබරවාරි 4 ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය යයිද කියවේ. කොටින්ම කීවොත් අපි තවමත් සිතන්නේද, කන්නේ බොන්නෙද, අඳින්නේද පලඳින්නේද සුද්දන්මෙන්මය. ඊනියා නිදහස ලැබී වසර 77ක් ගියත් මේ රටේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ නම්, ස්ථානනාම, නගර නාම අතුරුපාරක පවා නම් තවමත් සුද්දන්ගේ නම්මය.විෂේශයෙන්ම කොලඹ නගරය මන්මාවත් චතුරස්ස්‍ර වල නම් දෙස බලන්විට එය ලන්ඩන් නගරයේම කොටසක්දැයි සිතේ. එපමණක් නොව මේ රටේ සින්හලයින් දහස් ගනන් වධ බන්ධනදී මරා දැමූ බ්‍රවුන් රිග්,ටොරින්ග්ටන්, මැක් ඩොවල් වැන්නවුන්ගේ නම්ද අපේ සින්හල්යින් තවමත් ගෞරවයෙන් සලකති. මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයේ මේ ආදී හේතූන් නිසාය.
අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝට් ගනනින් මෙන්ම රටේ සන් වර්ධනයට ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පතද නාස්ති කරමින් 77 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.
මගේ අදහසේ හැටියට 1948 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ නමෝ නමෝ මාතා සින්දුව පමණි. එයද 2015 සිට දෙමලෙන්ද ගැයින. 1815 දී ජාතියට අහිමිවූ අපේ ජාතික කොඩියද 48 දී නැවත් නොඉසවූ නිසා අපට ජාතියක් වසයෙන් කොඩියක්ද නැත. ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් බහුජාතික රෙදි කැබෙල්ලක් වූ අපබ්බ්‍රන්ශ නිර්මාණයකි.
මේ අතර යාන්තමින් ව්සර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට, බ්‍රතාන්ය ග්‍රහනයෙන් අධිකරණයද නිදහස්කොට,සුද්දන්සතු වතු, තෙල් සමාගම් ආදිය ජනසතුකොට එක්තරා අන්දමක ස්වාධීන බවක් රටතුල ඇතිකලාය. ඒ අනුව ඇත්ත වසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේ 1972 මැයි මස 22 දායයි කිවයූතුය. එමනිසා මේ ර රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කලයුත්තේ ඇයට යයි මම සිතමි. එහෙත් අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමනදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරය දඇන්වත් ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වසයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්‍රයද ජනරජ චතුරස්ස්‍රය වසයෙන් නම්කල යුතුයයි මම යෝජනා කරමි. මේ රටේ නියම නිදහසේ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය.
නිදහසට පසුවදනක්
පුන්චි කාලයේ අපට කියා දී තිබුනේ ලන්කාවට නිදහස ලැබුනේ 1948 පෙබරවාරි 4 දා කියල. ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුත් හය හතර තේඉරෙනකොට අපට තේරුනා 48 මේරටට හා ජනතාවට සැබේ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැන්නුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුනා. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගනන් වැයකොට කලින් කල බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට මහජනමුදල් කෝටි ගනන් වැය කරමින් ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන, පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේ වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මෙ ජාතික ධන විනාසය මෙන්ම සේතාම්බර පඨසලු නාඩගමක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවභෝධයක් ඇති උනාට පසුවය. මේ අනුව මේ රටේ දෙශපාලකයින් 1948 සිට 1972 දක්වාත් එසේම නැවටත් 1978 සිට මේ වසර දක්වාත් නිදහස් උත්සවය නමින් සිදුකොට ඇත්තේ හුදු මොනර රන්ගනයක් පමනකැයි මම කියමි.මන්ද මොනරා උගේ රන්ගනය ලස්සණයැයි මොනරිය ඉදිරියේ රන්ගනය දැවුවද උගේ පස්චාත් ප්රදේශයම එළියේ නිසා තමන් හෙලුවෙන් නටනබවත් ඌ නොදන්නා නිසාය.
මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1997 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්.
එවකට දිවයින පුවත්පතේ ප්‍රධාන කතුවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමු කරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව. දෙවැන්න ජී.ඇල්, පීරිස්, ජයම්පති වික්ක්‍රමරත්න සුසන්යෝගයෙන් හදපු චන්ද්‍රිකාගේ, රට කොටින්ට පාවාදීමේ දේශපාලන පැකේජය (ජේ ආර් පොට්ටනිය වශයෙන් නම්කල) ආදීනව පෙන්වා එය පරාජය කලයුතු.බවය. මගේ යොජනාවක් අනුව එවකට අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්වූ පලීපාන ශ්‍රී චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් සහ රටේ ජාති හිතෂී උගතුන් 50 ක් පමණ අස්ගිරියේ චන්දානන්ද ශාලාවට ගෙන්වා සාකච්චාකොට මවිසින් සන්ස්කරනය කරනලද පොට්ටනිය පැරෙදවීමට මුලිකවූ ලිපියෙන් රට හා ජාතිය පාවාදීමක් සිදුවන බැවින් එය වහාම ඉල්ලා අස්කරගන්නා මෙන් ජනාධිපතිවරියට දැන්වූ ලිපිය ඇතුල්කිරීම. එම ලිපිය දිවයින පත්තරයේ පලවීමෙන් පසු එය කියවූ කොලඹ වෝඩ් පෙදෙසේ වෛද්‍යවරකයකුවු ජයන්ත ගුනරත්න ජයතිලක මහතා මට දුරකතනයෙන් කථාකොට එම ලිපිය පොතක් වසයෙන් මුද්‍රණයකල. ඒ අනුව පොත් 1000 ක් මුද්‍රණයකොට මට 900 එව්වා. මා ඒ වනවිට ජාතික ඒකාඛධ කමිටුවේ මහනුවර සාඛාවේ සභාපති.
මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජන්තාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි. එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට මා කියන පනිවිඩය තෙරුම් ගැනීමට අද දක්වාම පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය අදුනන, ඇත්ත තේරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේසපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ. 1948 වන විට ආසියආවේම ජපානයට පමණක් දෙවැනි වූ දියුනුම ආර්තිකය තිබුණු මේ රට වර්තමානයේ ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන තත්වයට ඇද වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.
මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී, මිනිසු සිය දහස් ගනන් මියයද්දී,මුලු රටම සාගතයකින් පෙලෙද්දී,අහස උසට බඩුමිල නගිද්දී මේ වසරේත් 77 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිලු සන්දර්ශනය පැවැත්වීම ලෝක විහිලුවක් නොවේද
මේ වසරේත් නිරපරාදේ මහජන මුදල් රුපියල් කෝටි ගනනින් නාස්ති කොට ඊනියා නිදහස් උත්සවය පැවැත්වීම් සිදු කෙරින. ඒ සේතාම්බර පටසළු සන්දර්ශනය දැන්වත් නතර කළයුතු නොවේද?. 1978 සිටම තමන් සෙළුවෙන් පෙරහැරේ යනබව මේ රටේ දේශපාලකයෝ නොදනිත්.එනමුදු මතු යම් දිනක කවදාහෝ ඔවුන්ද පෙරදවස රජකෙනෙකු කලාක්මෙන් හෙළුවෙන් ඇතුපින් යමින් තම හෙළුව මුළු ලොවටම යළිත් ප්‍රදර්ශනය කලබව හඬගා ඒකාන්තයෙන්ම කියනු ඇත. එසේම.හෙලුවෙන් පෙරහැරේ ගිය බව මුලු ලොවටම හන්ඩගා කියනු ඒකාන්තය. මා කියන මේ බස දේශපාලන බලයෙන් ඔළුව ඉදිමුණු ඔවුන්ට නොඇසෙනු ඇත. එසේම නොතේරෙනුද ඇත.
එහෙත් මාගේ මේ තනි සටන කවදා හෝ දිනන බව මට ස්ථිර වසයෙන්ම විස්වාශය. එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ මගේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ සාශනය වෙනුවෙන් මම දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්හයකු මෙන් මෙම සටන ගෙනයමි කිසියම් ලෙසකින් මට එය ඉටුකළ නොහැකි වුවද කවුරු හරි සින්හල මවකගේ කුසක උපදින එඩිතර පුතෙකු අනිවාර්යෙන්ම මේ රට සුදු අධිරාජ්‍යවාදින්ගෙන් නියම නිදහස ලැබුවේ 1972 මැයිමස 22 දිනයයි මුලු ලොවටම හන්ඩගා කියනු ඇත.
මෙම ලිපිය අවසන් කිරීම සඳහා අවසාන වසයෙන් මේ ඇස් නැති, කන් නැති හිතන්ට ඔලුවක් නැති, එසේම ගඳ සුවඳ නොදැනෙන දේසපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රශ්න කීපය මම අසමි.
විදේශ ආධිපත්තියකින් කිසියම් රටකට නිදහස ලබෙනවා කියන්නේ මොකක්ද.
1948 දී ලඇබුනායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්ධයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණ ජාතික නිදහස තියෙන්නේ කොහේද, එය ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමණක් නොවේද?
වසර 2500 කට වැඩි ඉතිහාශයක් තිබී 1815 දී අපට අහිමිවූ ,1815 දි සුද්දාට භාරදෙනකොට සින්හලේ රාජධානිය සතුව තිබුණු, සෝල්බරී විවස්ථාවෙන් මුස්ලිම් මිනිසුන්ට භාරදුන් මාලදිවයින් ඇතුලු සින්හලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුනාද.?
1815 පැවති රටේ නම වූ සින්හලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද?.
1815 මේ රටේ රාජ්ය භාෂාව වූ සින්හල භාෂාව අදවනතුරුත් මේ රටේ රාජ්ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වෂයෙන් ස්ථාපිත වුනාද?.
ක්‍රි.පූ. 307 සිට මේ රටේ රාජ්‍යය ආගම වූ බුද්ධාගමට නිසිතැන ලැබුනාද?
1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් හිස් භුක්තිය 1948 දී ලබාගත්තද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද?
1815 වනතුරු රටේ ජාතිය වසයෙන් හැදින්වූ සින්හල ජාතිය යන නමවත් 48 දී ලබාගත්තාද?
1840 න් පසු වරින් වර සුද්දන් ඔවුන්ගේ වතුවල සහ වියාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සින්හලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තාද?
සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙමල සහ මුසල්මානු සුලුජන කොටස් 29 වන වගන්තියෙන් බලවත්කොට සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වශයෙන් සකස්කල සෝල්බරී විවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියොජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත්මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද. ඒ මරඋගුඋලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ 2500 ශිස්ඨාචාරයේ පදනම මත ආණ්ඩුකරම ව්‍යවස්ථාවක් හදාගත්තාද. නැති බව ඔබ දන්නවාද. ඉන්දියාව තම ව්‍යවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. එය භාර කලේ ශ්‍රේඨෂ්ඨ භාරත පුත්ත්‍රයෙක්වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා දන්නවාද?
අපගේ දේශයට හා සන්ස්කෘතියට ආවේනික වු ශිස්ඨාචාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවස්‍යතාව ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද?
1948 ඊනියා නිදහස ලැබී වසර 77 ක් ගතවීත් 2500 පුරා මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගූ, ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා රට ජාතිය බේරාගත් භූමිපුත්‍රයින්වු උඩරට සාඩම්බර ගැමියන්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා ගත්තාද. විශේෂයෙන්ම එවකට උඩරට රාජධහානියේ සින්හල මිනිසුන්ගේ ඉඩ කඩම් ආපසු ලබා දුන්නාද.අද ඒ ඉඩම් සියල්ල ඉන්දීය වතු කම්කරුවන්ට රනිල්, සජිත් සහ අනුර යන තිදෙනාම සින්නක්කර කොට දීමට පොරොන්දුවූ බව මෙය කියවන ඔබ ඔබ දන්නවාද?
වර්තමාන ජනාධිපති වරයාගේ අග්‍ර පුරෝහිතයකු වන සමන්ත විද්‍යාරත්න කියන ඇමතිවරයා උඩරට සින්හලයිගේ ඉඩම් වතු දමළුන්ට ලබාදී එම ඉඩම්වල තට්ටු නිවාස හදාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දුවී ඇති බව ඔබ දන්නවාද?
1948 ඊනියා නිදහසින් පසු 77 වසරක් ගතව ඇතත් ස්වාධීන, ස්වෛරී හා සැබෑ නිදහස් රටක් අද්වනතුරුත් මේ රටේ වසර 2500 ක් පුරා ජන්ම උරුමකරුවන් වන ඔබලා මේ පොලව මත ස්ථාපිත කර ගත්තාද?
වතුකරයේ ඉඩම් ඉන්දීය දෙමළුන්ට දුන් පසු ඔබලා මියගිය පසු ඔබගේ දරු මුනුබුරන් ජීවත් වන්නේ කොහේද කියා ඔබ කිසි දිනක සිතුවාද?
1948 දී නිදහසක් ලැබුණානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ/ කළ කුමන්තරණය සහ 1971 දී ජා. වි.පෙ කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වශයෙන් හැදින්වුයේ ඇයි?
1948 දී මේ රට පූර්ණ නිදහස ලබා තිබුණානම් 1962 රජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රතාන්‍ය ප්‍රිවි කවුන්සලයෙන් නිදහස්කලේ කෙසේද?
1947 දී ඉන්ග්‍රීසි පාලනයෙන් නිදහස ලබාගත් භාරතය 1951 දී ජනරජයක් වශයෙන් ප්‍රකාශ කලානම් 1948 දීම මේ රටත් ජනරජයක් නොකළේ ඇයි?
1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු වසර 24 ක් තිස්සේ කිසිවෙකු මේ රට ජනරජයක් වශයෙන් ප්‍රකාශ නොකලේ ඇයි?
1977 දී බලයට පත්වූ ජේ ආර් මැයි 22 ජනරජ දිනය අවලන්ගුකොට නැවතත් පෙබරවාරි 4 නිදහස සැමැරීම ඇරැඹීය. නිදහස් පක්ශයේ පියා වූ බන්ඩාරනායකගේ අතිජාත දුවනිය වූ චන්ද්‍රිකා 1994 දී බලයට පත් වුවද බටහිර ගැති සෝබෝන් මානසික ඇයද නැවතත් පෙබ 4 ම නිදහස් දිනය පැවැත්වීය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලන්කා පක්ශයේ බලකණුව වූ මහින්ද රාජපක්සද පෙබ 4 ම කිසිදාක නූපන් දරුවාගේ උපන් දිනය පැවැත්වීම දිගටම කලේය. යහපාලන රජයේ රනිල් -සිරිසේන යුගලයද එයම කලහ. ඉන්පසු යලිත් බලයට පත් වූ ශ්‍රී ලන්කා රාජපක්ශලාද පෙබ 4 ටම පෙම්බැදි බව අදටත් පෙනේ. කිසිදාක අපට නොලැබුණු ඒ නිදහස පෙබ් 4 ම රතු විප්ලවකාරී දේශප්‍රේමීන් යයි කියන මල්ලිලාද අදටත් පෙබ 4 ම එය පැවැත්වීම කොතරම්නම් අවාසනාවන්තද. කොතරම් ලැජ්ජා සහගතද?
පෙබරවාරි 4 ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය බවවත් අපේ දේශපාලකයින් දන්නවාද?
ඒ අනුව1948 සිට (1972-75 හැර) වසර 77ක් තිස්සේ අපේ දේශපාලකයින් ශ්‍රී ලන්කාවේ ජාතික ධනය කෝටි ගණනින් නාස්ති කරමින් ජාතික නිදහස් දිනය වශයෙන් ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය සැමරූ මෝඩ රැළක් බව දැන් වත් ඔබට වැටහෙනවාද?
වැටත් නියරත් යන දෙකම ගොයම් කානම් කාට කියමු ද ඒ අමාරුව. පරගැති බහුජාතික සහ බහුආගමික එ.ජා,ප. එසේ කිරීම ගැන අපි මවිත නොවෙමු. 1972 මැයි මස 22 දින මේ රට ජනරජයක් බවට පත් කොට 1815 න් පසු පලමු වතාවට ජාතීයට නිදහස ලබාදීමෙන් පසු 1977 දක්වා වසර 5ක් ජනරජ දිනය නිදස් දිනය වශයෙන් පැවැත්වීමෙන් පසු 1977 බලයට පැමිණි ජේ.ආර් ගේ රජය යලිත් පෙබරවාරි 4 ම ජාතියේ නිදහස් දිනය වශයෙන් පැවැත්වීම ආරම්භ කරණ ලදුව අද දක්වාම ඒ අනුව පෙබ් 4 දිනම නැවතත් නිදහස් දිනය සැමරීම ආරම්භ කෙරිණ.නිදහසේ සැබෑ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ තුරුළේ හැදුණු වැඩුණු අයම මේ අයුරින් ඒ උතුම් ලක් මාතාව, (නූතන විහාරමහාදේවිය) පාවා දීම අපටනම් කිසි ලෙසකින් අනුමත කල නොහැක. සින්හල ජාතිය මෙවැනි නිවට නියාලු, ගඳ සුවඳ නොදැනෙන කෘතගුන නොදන්නා පරගැති දැයක් වූයේ කෙසේදැයි මටනම් කිසිසේත්ම අදහාගත නොහැක.
බන්ඩාරනායක ඝාතනයෙන් පසු මැතිනිය පනදුන් ශ්‍රී ලන්කා නිදහස් පක්සයේ තිඹිරිගෙයින්ම උපන් එසේම ඒ තොටිල්ලේම හැදුනු වැඩුණු උදවියම ඇය විසින් ජාතියට දායාදකළ මැයි 22 ජනරජ දිනය අවලන්ගුකොට පරගැති එ.ජා.ප. යේ ඕනෑ එපාකම් සපුරමින් මහජනමුදල් කෝටි ගනනින් වැය කරමින් 1948 තබා අද වනතුරුත් අපට නොලැබුණු නිද්හසක් සමරමුයි කියා විළිලජ්ජා නැතිව සුද්දියකුගේ උපන් දිනයක් සැමරීමට සින්හල ජාතියේ ජාතික අහිමානය මේ අන්දමින් විනාශකරමින් අපගේ මේ උදාර ජාතිය පවාදීම අපි කෙසේනම් තව දුරටත් ඉවසා සිටිමුද?
රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම මේ සින්හල දේශයේ වසර 2566 ක අඛණ්ඩ අභිමානනීය ඉතිහාශය නොදන්නා පිරිස් ඒ වගේම තම රටක හා ජාතිය ගැන භක්තියක්, හෝ ආදරයක් නැති ඉන්ග්‍රීසි කාරයින්ගේ ගෝල අඳබාලයන් 1815 න් පසු 1972 මැයි මස 22 වන දින සීරිමාවෝ බන්ඩාරනායක අගමැතිනිය ලබාදුන් නිදහස පසෙක දමා ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය සමරන පෙබ 4 වන දින, ජාතියක් වශයෙන් කිසිදාක සින්හල ජාතියට හෝ මේ රටට නොලැබුණු නිදහසක් උජාරුවට සමරමින් සාපරාඅදී අන්දමින් යලිත් ජාතියක් මරණ මේ අවස්ථාවේදී පරක් තෙරක් නැති ඈත එපිට ඉන්දීය සයුරේ මුරිසි (මෝරිටිස්) දිවයිනේදී පර සුද්දන්ගේ සිරකරුවකු වශයෙන් 1829 දී අව්සන් හුස්ම හෙලූ අවස්ට්ථාවේදී සැරයටියක ආධාරයෙන් නැමීගෙන මුරිසි පොලෝමත ඇවිදිමින් ඇහෙලේපොල වීර මහ අධිකාරම් තුමා මුරිසි පොලොව මත සෙවූ 1815 දි ජාතියක් වශයෙන් අපට අහිමිවූ ඔබේත් ශ්‍රී ලංකාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මේ රට ජනරජයක් බවට ප්රකාශ කළ මැයි මස 22 දා පමණක් බැවින් මේ වසරේ සිට හෝ, 1978 සිට 2026 දක්වා සියලුම රජයන් විසින් නැවත පෙබරවාරි 4 ම පැවැත්වීමෙන් සිදුකරනලද ජාති ද්රෝහී දේශද්රෝහි පාවාදීම මේ රජයෙන් හෝ නිවැරැදි කරන මෙන් මම යෝජනා කරමි.
ඔබ පක්ෂය විසින් 1971 මෙහෙයවනලද රාජ්‍යය විරෝධී කැරැල්ලේදි බන්ඩාරනායක මැතිනිය මරාදැමීමට ඔබ පක්ශය සැළසුම් කොට සිටියත් ඇය ඒ සියලු දෙනාටම සමාව දී පුනරුත්ථාපනය කල නිසා ඔබ පක්ෂයෙ නය ගෙවීමට එතුමියට ගෞරව කිරීම විරෝධී ආද ඇති සුදුසුම ක්රමයද එය යයි මම සිතමි.
මා අද මෙම ලිපිය ලියනුයේ වසර 2566 ක අඛන්ඩ ඉතිහාසයකට හා ශ්‍රේෂ්ඨ අභිමානයකට මේ මිහිපිට උරුමයක් ඇති සාඩම්බර සින්හල බෞධයෙක් වශයෙනි.අපගේ මේ මව්බිම ගැන හෝ එහි දීර්ග ඉතිහාසය ගැන හෝ සින්හල ජාතිය පිළිබඳ හෝ අබමල් රේණුවක අවභෝධයක් හෝ ආදරයක් නැති, මේ රටේ ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී, බලලෝභී දේශපාලන අග්ඥයින් විසින් වසර 133 ක ඉන්ග්‍රීසින්ගේ දුර්දාන්ත, කෲර පාලනයකින් පසු 1948 දී මේ රටට නොලැබුණු නිදහසක් සැමරීම” යයි කියමින් 1948 න් පසු (1972-77 හැර ) 75 වන වතාවටත් මේ සින්හල ජාතියත් උපන් බිමත් පාවා දෙමින්, මේ ශ්‍රේෂ්ඨ මව්බිමත් එහි අභිමානවත් සින්හල ජාතියත් මුහුනපා සිටින අතිෂයින්ම සෝචනීය මොහොතකදීය.
මෙම ලිපිය කියවන ඔබ සැමගෙන්, මා මෙම ලිපියේ මාර්තෲ කාවෙන් විමසා ඇත්තේ සැමරීම” යන වචනයෙන් අප අදහස් කරන්නේ අතීතයේදී සිදුවු කිසියම් වැදගත් සත්‍ය සිද්ධියක් නැවත සිහිකිරීම නොවේද කියාය. එය උපතක්, විපතක් හෝ විවාහයක් වැනි පුද්ලික කරුණක් හෝ රටක,ජාතියක ඓතිහාසික වැදගත් කමක් ඇති සන්සිද්ධ්යක් විය හැක. මේ කුමක් වුවත් ‘සැමරීමට නම් එය ඇත්ත වශයෙන්ම සිදුවු සත්‍යදෙයක් වියයුතු නොවේද?
1948 දී සුද්දන් විසින් අප රටට කිසිම ආකාරයක පූර්ණ රාස්ට්‍රපාලන නිදහසක් අපරටට ලබා දුන්නේ නැත. එමනිසා,1948 දී නිදහස ලැබුණේ යයි කීම චේතිය ගණයේ මුසාවකි. එම නිසා ඒ බොරුව මෙහිදී පමණක් සත්‍යයක් වන්නේ කෙසේද යන ප්‍රස්නය මෙහිදී මම ඔබගෙන් අසමි. 1948 දී මේ රටට කිසිම රාස්ට්‍ර පාලන ස්වාධීනත්වයක් නිදහසක් සුද්දන් නොදුන් බවද එමනිසාම ඔවුන්ගේ යටත් විජිතවාදි පාලනයෙන් අප රට නොමිඳුනු ආකාරය මේ ලිපියේ පහතින් මම දක්වා ඇත.
ඒ නිසා අවුරුදු පතා ජාතියක් වශයෙන්, ජාතික ධනය කෝටි ගණනින් නාස්ති කරමින් උත්සවත් ශ්‍රීයෙන් සැමරීම සඳහා, 1948 දී මේ රටට සූද්දන් විසින් ලබාදුන්නා යයි කියන නිදහස කුමක්දැයි යන්න හැකිනම් දැන්වත් පැහැදිළිකරන මෙන් මම මේ රටේ සියළුම දේශපාලකයින්ට අභියෝග කරමි.මා දක්නා අන්දමට,1948 දී සුද්දන් විසින් අප රටට ලබාදී ඇත්තේ සෝල්බරී ව්‍යවස්ථාව නමැති යදමින් අපගේ රට හා ජාතිය, අතපය මෙන්ම මනසද බැඳ තබා, 18 වන සිය වසේ සිට බ්‍රතාන්‍යයේ තිබුණු වෙස්ට්මින්ස්ට පාර්ලිමේන්තු ක්‍රමය අනුව, ඔවුන්ගේ රටේම යහපත සඳහා , ඔවුන්ගේම නීති රීති අනුව තවදුරටත් මේ රට පාලනය කිරීම සඳහා ලාන්කික ධනවත් ව්‍යාපාරික, ප්‍රභූ පිරිසක් අතට ඔවුන්ගේ අධිරාජ්‍යයේම යහපත සඳහා 1948 න් පසුවද බ්‍රතාන්‍ය අධිරාජ්‍යයේම යටත් විජිතයක් වශයෙන් තව දුරටත් මේ රට පාලනය කරගැනීම සඳහා ඔවුන් විසින්ම මනාසේ පුරුදු පුහුණු කරනලද, හමින් පමණක් කලුවූ, එහෙත් සිතුම් පැතුම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම් ආදී අනෙකුත් සෑම අන්ශය්කින්ම සුද්දන් වූ පිරිසක් අතට මේ රටේ පාලනය මාරු කිරීම පමණි.
එසේ නැතිව තමන්ගේම ස්වාධීන රාජ්‍ය පාලන ක්‍රමයකින් මේ රට පාලනය කිරීමේ බලය හෝ සමුර්ධිමත් රාජ්‍යක් වශයෙන්, ආර්ථික වශයෙන් හා සන්ස්කෘතික වශයෙන් ස්වාධින රටක් ව්වශයෙන් ඉදිරියට යාම සඳහා අපට ලබාදුන් සම්පූර්ණ නිදහසක්නම් නොවේ.
සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හැර සෙසු සියලුම දේ ශපාලකයෝ 1948 මේ රටට බ්‍රතානය යටත්විජිත පාලන්යෙන් නිදහස ලැබූ බව තරයේ විස්වාශ කරති. එහෙත් 1948 දී එසේ නොවූ බව පිළිගත් එතුමිය 1972 දී සෝල්බරී ව්‍යවස්තාව අහෝසිකොට නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කලාය. ඒ අනුව ඇත්ත වශයෙන්ම වසර 133 ක බ්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සහ අධිරාජ්‍යවාදි ග්‍රහනණයෙන් පළමුවරට මේ රට බේරාගත්තේ 1972 දි එතුමිය විසින් බව පි පිළිගත් සන්සිද්ධියකි. යථාර්තය එයනම් අප විසින් මේ රටේ සැබෑ නිදහස් දිනය වශයෙන් සැමරිය යුත්තේ 1972 මැයි 22 දා නොවේද.
ඒ අනුව මැතිනියගේ රජයෙන් 1972 සිට 77 දක්වාම මේ රට පූර්ණ නිදහස ලැබූ මැයි 22 දා මේ සින්හල ද්වීපය බ්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලැබූ දිනය වශයෙන් හා නැවත සින්හල ජාතියේ ජනරජ දිනය වශයෙන් නම්කොට වසරක් පාසා මහත් අභිමානයෙන් වසර 5ක්ම රට පුරා නිදහස් දිනය සහ ජනරජ දිනය සැමරීමේ උත්සව පැවැත්වීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා 1977 එතුමියගේ පාලනකාලය අවසන් වන තුරුම අඛණ්ඩව එම සැමරුම් උත්සව මහත් අභිමානයෙන් රට පුරා පවතවන ලදී. සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හැර සෙසු සියලුම දේශපාලකයෝ 1948 මේ රටට බ්‍රතානය යටත්විජිත පාලන්යෙන් නිදහස ලැබූ බව තරයේ විස්වාශ කරති. එහෙත් 1948 දී එසේ නොවූ බව පිළිගත් එතුමිය 1972 දී සෝල්බරී ව්‍යවස්තාව අහෝසිකොට නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කලාය. ඒ අනුව ඇත්ත වශයෙන්ම වසර 133 ක බ්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සහ අධිරාජ්‍යවාදි ග්‍රහනණයෙන් පළමුවරට මේ රට බේරාගත්තේ 1972 දි එතුමිය විසින් බව පිළිගත් සන්සිද්ධියකි.
යථාර්තය එයනම් අප විසින් මේ රටේ සැබෑ නිදහස් දිනය වශයෙන් සැමරිය යුත්තේ 1972 මැයි 22 දා නොවේද. ඒ අනුව මැතිනියගේ රජයෙන් 1972 සිට 77 දක්වාම මේ රට පූර්ණ නිදහස ලැබූ මැයි 22 දා මේ සින්හල ද්වීපය බ්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලැබූ දිනය වසයෙන් හා මේ රට නැවත සින්හල ජාතියේ ජනරජ දිනය වශයෙන් නම්කොට වසරක් පාසා මහත් අභිමානයෙන් වසර 5ක්ම රට පුරා නිදස් දිනය සහ ජනරජ දිනය සැමරීමේ උත්සව පැවැත්වීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා 1977 එතිමියගේ පාලනකාලාය් අවසන් වන තුරුම අඛණ්ඩව එම සැමරුම් උත්සව මහත් අභිමානයෙන් රට පුරා පවත්වන ලදී.
යතාර්තය එසේ වුවද මහජන මුදල් කෝටි ගණනින් නාස්තිකරමින් මේ රටට අද වනතුරුම කිසිදාක නොලැබුණු ඊණියා නිදහසක් (ස)මරමින් වසරක් පාසා ගාලුමුවදොර පවත්වන මේ දේශපාලන සේතාම්බර පටසළු නාඩගම දැන්වත් නතර නොකරන්නේ ඇයි?
යථාර්තය මෙසේව තිබියදී පෙබ් 4 නිදහස සැමරීම නිදහස මැරීමක් මිස සැමරීමක් නොවන බව මා ප්‍රකාශ කරනුයේ මේ නිසාය.
වර්ෂ 1815 මාර්තු 02 වන දින ඩොයිලිගේ කපටිකමින් සුද්දන් විසින් උදුරාගත් අපගේ මේ සින්හල දේශයට අහිමිවූ, සමස්ත භූමියේ ස්වෛරීත්වයේ හෝ ශිෂ්ඨාචාරයේ නිදහස අද වනතුරුම අපට ලැබීනැතත්, ඒ බව හෝ නොදන්නා රටට දැයට කිසිදු ආදරයක් නැති, අමණ දේශපාළුවන් විසින් වාර්ෂිකව සිදු කරණලද ඔවුන්ගේ දේශපාලන සේතාම්බර පටසළු නාඩගම, රාජ්‍ය බලය ගැනීමට පෙර අධිරාජ්‍ය විරෝදී, සමාජවාදී සහෝදර වරුන් වුවද, බලය ලබාගැනීමෙන් පසු අද බටහිර අධිරාජ්‍ය ගැති නිරුවත් බලුකුක්කන් මෙන් ඔවුන්ද, ජාතිකත්වයක් නැති, මේ රට කුමක්ද කියා හෝ නොදත්, ඔවුන්ගේ බටහිර ගැති පූර්වගාමීන් මෙන්ම යලිත් මේ වසරේ ද පෙබරවාරි මස 04 වන දින ද 77 වන වරටත් ගෝල්ෆේස් හිදී හෙළුවත්ශ්‍රීයෙන් එය සැමරීමය..මේ රටේ මිනිසුන් සිය දහස් ගනනින් හාල්, පොල් තබා ළුනු ටිකත් නැතිව කුසගින්නේ පෝලිමේ ලතවෙද්දී, බටහිර සුද්දන් සතුටු කිරීමට සහ තම දේශපාලන නිරුවත වසාගැනීමට වසරක් පාසා, කෝටි ගනන් මහජන මුදල් නාස්ති කරමින් තම මෝඩ දේශපාලන හෙළුව මුළු ලොවටම ප්‍රදර්ශනය කිරීම සඳහා වසරක් සඳහා ගාලුමුවදොර පවත්වන මේ දේශපාලන නාඩගම දැන්වත් නතර නොකරන්නේ ඇයි. මේ රටේ දෙශපාලකයින්ගේ ජාතිකත්වය සහ දේශප්‍රේමිත්වය තිබෙන්නේ කොහේදැයි මටනම් නොතේරේ.
1948 දී සෝල්බරි ව්‍යවස්ථාවෙන් මේ රටට පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා හැමදාම දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එන්ගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.
රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම එහි අභිමානය නොදන්නා පිරිස් විසින් එය පාලනය කරණු ලබනවිට සිදුවන විපරීතකම් තවමත් වෙනස් නොවී ඇති බැවින්, ඔවුන් උඩ බලාගෙන කෙළගසාගැනීම දැන්වත් නතර කිරීම සදහා වසර 2021 පෙබ 4 දා පැවති නිදහස් දිනය වෙනුවෙන් 3 දා මවිසින් පලකරනලද අදහස් සහ 1998 දි දිවයින පුවත්පතේ නිදහස්දින සමරුවට ‘සින්හලයේ මහා පාවාදීම” යන මැයින් මවිසින් ලියලද ලිපියෙන් මේ රටට 1948 දී ලැබුණායයි කියන නිදහස පිලිබඳ දක්වන්ලද අදහස්ද ගොණුකොට නැවතත් ඒ අයුරින්ම මෙහි ප්‍රකාශ කරමී.
රටක් නිදහස් වූවායයි කීමට අත්‍යාවශ්‍ය කරුණු 4 ක්
කිසියම් රටක් දේශපාලන වශයෙන් නිදහස් වූවායයි කීමට අත්‍යාවශ්‍ය මූලික කරුණු 4 ක් වෙයි. එනම් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය සහ අදාල රටේ භූමියේ පරම අයිතිය යන කරුණු හතරය. මෙම ප්‍රධාන අත්‍යාවශ්‍ය අන්ග හතරම සෝල්බරී ව්‍යවස්ථාවෙන් මේ රටට ලබාදී නොතිබුණු බව අපි හොඳාකාරවම දනිමු. මන්ද 1972 දී බන්ඩාරනායක මැතිනියගේ රජයෙන් මේ රට ජනරජයක් බවට ප්‍රකාශ කරන තුරු මෙ මේ රටේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කළේ එන්ගලන්තයේ රැජිනගේ නමිනි. එසේම, ඒ වන තුරුම මේ රටේ විධායක බලය තිබුණේද එන්ගලන්තයේ මහ රැජින විසින් පත් කරණු ලැබූ අග්‍රාණ්ඩුකාරයකුගේ යටතේය. තුන්වනුව එමව්‍යවස්ථාව යටතේ ලන්කාවේ උපරිමාධිකරනණයක් තිබුණද අභියාචන බලය තිබුණේ එන්ගලන්තයේ සාමි මණ්ඩලයේම බැවින් අධිකරණ බලයද තිබුණේද එන්ගලන්තයේමය.
මීට අමතරව මේ රට තුල ක්‍රියාත්මක වූයේද එන්ගලන්තයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේම අනුපිටපතක් වූ පාලන ක්‍රමයකි. එසේම පූර්ණ නිදහස සම්පූර්ණවීම සඳහා 1815 දී ලන්කා රාජ්‍යයට අයත්ව තිබුණු මාලදිවයිනද ව්‍යවස්ථාවේ 1. (2) යටතේ ලන්කාවේ අයිතියෙන් බැහැරකොට ඇති අතර එසේම ලක් රජයේ භූමියෙන් 2/3 ක් පමණ වූ මධ්‍යමකඳුකරයේ හිස් අයිතියද ලක් රජයට ආපසු භාරදී නොතිබුණි.එසේ වීමට හේතුව සුද්දන් විසින් බලහත් කාරෙයෙන් අල්ලාගත් උඩරට සින්හලයින්ට අයිතිව තිබුණු අක්කර 13 ලක්ෂයක් පමණ බූමියේ ඔවුන් විසින් දකුණු ඉන්දියාවෙන් මෙහි ආනයනය කරණලද 12 ලක්ෂයක් පමණවු ඉන්දියානුවන්ද එම ප්‍රදේශයෙන් ඉවත් කොට භූමියේ හිස් අයිතිය මේ රටට ආපසු පවරා නොදුන් නිසාය.
අභිමානවත් වාරියපොල හිමි සහ සින්හලේ නිලමේවරු 1815
මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය. ඊනියා නිදහසක් 1948 දී අපට ලබුනායයි කිවද රටේ හා භූමියේ පරම නිදහස, පාලන නිදහස, බසේ නිදහස, සන්ස්කෘතියේ නිදහස, ආර්ථික නිදහස, සිතීමේ හෝ ආකල්පවල නිදහස ආදි නිදහස් රටකට තිබියයුතු වැදගත් කිසිවක් තවම අපට ලැබී නැත.
මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ 1947 දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීයට ලන්කාව හෝ හොදින් තබාගැනීම වාසිදායක බව සිතු සුද්දන් විසින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකරවා ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන්ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලන්කාව බව බව ඔවුන් කල්පනාකල බැවින් යයි මට සිතේ. ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ශ්‍රී ලන්කාව උපාය මර්ගගික ශයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කල බැවිනි. ගෝලිය වශයෙන් එහි පිහිටීම මෙන්ම තමන්ට අවනත බෙදා වෙන්කකළ, මානසික වශයෙන් බුද්ධිසෝධනය කකළ පාලක පැලැන්තියක් එහි සිටින බව ඔවුන් මැනවින් දැනසිටියාට සැක නැත. ඇත්ත වශයෙන්ම් ඔවුන් රටින් පිටවී ගියද ඔවුන් සිටි පුටුවේ වාඩිවි ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබින. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් ඔවුන්ගේ කටයුතු මොවුන් සිදු කරන බව දිවැසින් මෙන් ඔවුන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ. අදටත් සමාජවාදීඉ සහෝදරයින්ගේ රජය සිදු කරණුයේද එයම නොවේද.
සෝල්බරී විවස්ථාව කපටි ජෙනින් විසින් නිර්මාණය කලේ එකී වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වසයෙනි. අපේ මෝඩ දේශපාලකයින් එය ධාතු කරන්ඩුවක් මෙන් පිළිගත් බව පෙනේ. එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම බුද්ධිමත් කෙනෙකුට කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තු කැබිනෙට් ආණ්ඩුකරමය, නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්ය පාලනක්‍රමය, පාලන භාශාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය, විදේශ ගිවිසුම්වලට එළඹීමේ බලතල, යුද්ධය ප්‍රකාශ කිරීමේ බලය රැජිනගේ අතේ තබා ගැනීමට අමතරව 45 වන වගන්තිය යටතේ විධායක බලයද එන්ගලන්තයේ මහ රැජිනගේ/රජුගේ අතම තබාගැනීම මෙන්ම කටුනායක, ත්‍රිකුණාමල ගුවන් කඳවුරුද ඔවුන් අතම තබාගැනීම සහ පොදුරාජ්ය මන්ඩලය නැමැති බ්‍රතාන්ය අධිරාජ්යයේ සාමාජිකයකු වශයෙන් රන්දවාගැනීම, මේ රට තුල ජාතීන් කීපයක් සිටින බව විවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලන්කා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුලුජාතීන් නම් අමුතුම සතුන් ජාතියක් ඇතිකොට, ඒ අනුව 1833 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සින්හල දෙමල හා මුස්ලිම් ආදී වසයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සින්හලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද නමැති සමාජ හූනියමද හන්දුන්වා දෙමින් සෝල්බරී විවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට දක්කා මේ රට විනාශකිරිමට අවශය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය, ඔවුන් මින් පිටව ගියේ.
මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ ව්‍යාපාර සහ වතු අධිරාජ්‍යයේ වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රතාන්ය පුරවැසියන් ද මෙහි පදින්චිකොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්තික, සාමාජික හා සන්ස්කෘතික වසයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කලේ නැත. 1948 පසුවී 77 වසරක් ගතව ඇතත් රටක් වසයෙන් ජාතියක් වසයෙන් අප තවමත් හිර වී සිටින්නේ ඒ අධිරාජ්‍යවාදී මාරාන්තික මළපුඩුවේම නොවේද.1948 සුද්දන් මේ රට්න් පිටවී ගියත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනියා ජාත්යන්තර සන්විධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස බැලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක් යන මානසිකත්වයෙන් කටයුතු කරන බව ඉතා පහැදිලිය.
එපමණක්ද නොව මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත. පෙබරවාරි 4 ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය යයිද කියවේ. කොටින්ම කීවොත් අපි තවමත් සිතන්නේද, කන්නේ බොන්නෙද, අඳින්නේද පලඳින්නේද සුද්දන්මෙන්මය. ඊනියා නිදහස ලැබී වසර 77ක් ගියත් මේ රටේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ නම්, ස්ථානනාම, නගර නාම අතුරුපාරක පවා නම් තවමත් සුද්දන්ගේ නම්මය.විෂේශයෙන්ම කොලඹ නගරය මන්මාවත් චතුරස්ස්‍ර වල නම් දෙස බලන්විට එය ලන්ඩන් නගරයේම කොටසක්දැයි සිතේ. එපමණක් නොව මේ රටේ සින්හලයින් දහස් ගනන් වධ බන්ධනදී මරා දැමූ බ්‍රවුන් රිග්,ටොරින්ග්ටන්, මැක් ඩොවල් වැන්නවුන්ගේ නම්ද අපේ සින්හල්යින් තවමත් ගෞරවයෙන් සලකති. මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයේ මේ ආදී හේතූන් නිසාය.
අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝට් ගනනින් මෙන්ම රටේ සන් වර්ධනයට ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පතද නාස්ති කරමින් 77 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.
මගේ අදහසේ හැටියට 1948 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ නමෝ නමෝ මාතා සින්දුව පමණි. එයද 2015 සිට දෙමලෙන්ද ගැයින. 1815 දී ජාතියට අහිමිවූ අපේ ජාතික කොඩියද 48 දී නැවත් නොඉසවූ නිසා අපට ජාතියක් වසයෙන් කොඩියක්ද නැත. ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් බහුජාතික රෙදි කැබෙල්ලක් වූ අපබ්බ්‍රන්ශ නිර්මාණයකි.
මේ අතර යාන්තමින් ව්සර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට, බ්‍රතාන්ය ග්‍රහනයෙන් අධිකරණයද නිදහස්කොට,සුද්දන්සතු වතු, තෙල් සමාගම් ආදිය ජනසතුකොට එක්තරා අන්දමක ස්වාධීන බවක් රටතුල ඇතිකලාය. ඒ අනුව ඇත්ත වසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේ 1972 මැයි මස 22 දායයි කිවයූතුය. එමනිසා මේ ර රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කලයුත්තේ ඇයට යයි මම සිතමි. එහෙත් අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමනදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරය දඇන්වත් ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වසයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්‍රයද ජනරජ චතුරස්ස්‍රය වසයෙන් නම්කල යුතුයයි මම යෝජනා කරමි. මේ රටේ නියම නිදහසේ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය.
නිදහසට පසුවදනක්
පුන්චි කාලයේ අපට කියා දී තිබුනේ ලන්කාවට නිදහස ලැබුනේ 1948 පෙබරවාරි 4 දා කියල. ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුත් හය හතර තේඉරෙනකොට අපට තේරුනා 48 මේරටට හා ජනතාවට සැබේ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැන්නුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුනා. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගනන් වැයකොට කලින් කල බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට මහජනමුදල් කෝටි ගනන් වැය කරමින් ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන, පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේ වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මෙ ජාතික ධන විනාසය මෙන්ම සේතාම්බර පඨසලු නාඩගමක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවභෝධයක් ඇති උනාට පසුවය. මේ අනුව මේ රටේ දෙශපාලකයින් 1948 සිට් 1972දක්වාත් එසේම නැවටත් 1978 සිට මේ වසර දක්වාත් නිදහස් උත්සවය නමින් සිදුකොට ඇත්තේ හුදු මොනර රන්ගනයක් පමනකැයි මම කියමි.මන්ද මොනරා උගේ රන්ගනය ලස්සනයැයි මොනරිය ඉදිරියේ රන්ගනය දැවුවද උගේ පස්චාත් ප්රදේශම එලියේ නිසා තමන් හෙලුවෙන් නටනබවත් ඌ නොදන්නා නිසාය.
මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1997 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්
එවකට දිවයින පුවත්පතේ ප්‍රධාන කතුවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමු කරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව. දෙවැන්න ජී.ඇල්, පීරිස්, ජයම්පති වික්ක්‍රමරත්න සුසන්යෝගයෙන් හදපු චන්ද්‍රිකාගේ, රට කොටින්ට පාවාදීමේ දේශපාලන පැකේජය (ජේ ආර් පොට්ටනිය වශයෙන් නම්කල) ආදීනව පෙන්වා එය පරාජය කලයුතු.බවය. මගේ යොජනාවක් අනුව එවකට අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්වූ පලීපාන ශ්‍රී චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් සහ රටේ ජාති හිතෂී උගතුන් 50 ක් පමණ අස්ගිරියේ චන්දානන්ද ශාලාවට ගෙන්වා සාකච්චාකොට මවිසින් සන්ස්කරනය කරනලද පොට්ටනිය පැරෙදවීමට මුලිකවූ ලිපියෙන් රට හා ජාතිය පාවාදීමක් සිදුවන බැවින් එය වහාම ඉල්ලා අස්කරගන්නා මෙන් ජනාධිපතිවරියට දැන්වූ ලිපිය ඇතුල්කිරීම. එම ලිපිය දිවයින පත්තරයේ පලවීමෙන් පසු එය කියවූ කොලඹ වෝඩ් පෙදෙසේ වෛද්‍යවරකයකුවු ජයන්ත ගුනරත්න ජයතිලක මහතා මට දුරකතනයෙන් කථාකොට එම ලිපිය පොතක් වසයෙන් මුද්‍රණයකල. ඒ අනුව පොත් 1000 ක් මුද්‍රණයකොට මට 900 එව්වා. මා ඒ වනවිට ජාතික ඒකාඛධ කමිටුවේ මහනුවර සාඛාවේ සභාපති.
මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජන්තාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි. එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට මා කියන පනිවිඩය තෙරුම් ගැනීමට අද දක්වාම පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය අදුනන, ඇත්ත තේරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේසපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ. 1948 වන විට ආසියආවේම ජපානයට පමණක් දෙවැනි වූ දියුනුම ආර්තිකය තිබුණු මේ රට වර්තමානයේ ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන තත්වයට ඇද වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.
මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී, මිනිසු සිය දහස් ගනන් මියයද්දී,මුලු රටම සාගතයකින් පෙලෙද්දී,අහස උසට බඩුමිල නගිද්දී මේ වසරේත් 77 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිලු සන්දර්ශනය පැවැත්වීම ලෝක විහිලුවක් නොවේද
මේ වසරේත් නිරපරාදේ මහජන මුදල් රුපියල් කෝටි ගනනින් නාස්ති කොට ඉනියා නිදහස් උත්සවය පැවැත්වීම් සිදු කෙරින. ඒ සේතාම්බර පටසලු සන්දර්ශනය දැවත් නතර් කළ්ඒයුතු නොවෙද?. 1978 සිටම තමන් සෙළුවෙන් පෙරහැරේ යනබව මේ රටේ දේශපාලකයෝ නොදනිත්.එනමුදු මතු යම් දිනක කවදාහෝ ඔවුන්ද පෙරදවස රජකෙනෙකු කලාක්මෙන් හෙළුවෙන් ඇතුපින් යමින් තම හෙළුව මුළු ලොවටම යළිත් ප්‍රදර්ශනය කලබව හඬගා ඒකාන්තයෙන්ම කියනු ඇත. එසේම.හෙලුවෙන් පෙරහැරේ ගිය බව මුලු ලොවටම හන්ඩගා කියනු ඒකාන්තය. මා කියන මේ බස ඔවුන්ට නොඇසෙනු ඇත එසේම න්තේරෙනුද ඇත
එහෙත් මාගේ මේ තනි සටන කවදා හෝ දිනන බව මට ස්ථිර වසයෙන්ම විස්වාශය. එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ මගේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ සාශනය වෙනුවෙන් මම දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්හයකු මෙන් මෙම සටන ගෙනයමි කිසියම් ලෙසකින් මට එය ඉටුකළ නොහැකි වුවද කවුරු හරි සින්හල මවකගේ කුසක උපදින එඩිතර පුතෙකු අනිවාර්යෙන්ම මේ රට සුදු අධිරාජ්‍යවාදින්ගෙන් නියම නිදහස ලැබුවේ 1972 මැයිමස 22 දිනයයි මුලු ලොවටම හඅන්ඩගා කියනු ඇත.
මෙම ලිපිය අවසන් කිරීම සඳහා අවසාන වසයෙන් මේ ඇස් නැති, කන් නැති හිතන්ට ඔලුවක් නැති, එසේම ගඳ සුවඳ නොදැනෙන දේසපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රශ්න කීපය මම අසමි.
විදේශ ආධිපත්තියකින් කිසියම් රටකට නිදහස ලබෙනවා කියන්නේ මොකක්ද.
1948 දී ලඇබුනායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්ධයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණ ජාතික නිදහස තියෙන්නේ කොහේද, එය ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමණක් නොවේද?
වසර 2500 කට වැඩි ඉතිහාශයක් තිබී 1815 දී අපට අහිමිවූ ,1815 දි සුද්දාට භාරදෙනකොට සින්හලේ රාජධානිය සතුව තිබුණු, සෝල්බරී විවස්ථාවෙන් මුස්ලිම් මිනිසුන්ට භාරදුන් මාලදිවයින් ඇතුලු සින්හලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුනාද.?
1815 පැවති රටේ නම වූ සින්හලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද?.
1815 මේ රටේ රාජ්ය භාෂාව වූ සින්හල භාෂාව අදවනතුරුත් මේ රටේ රාජ්ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වෂයෙන් ස්ථාපිත වුනාද?.
ක්‍රි.පූ. 307 සිට මේ රටේ රාජ්‍යය ආගම වූ බුද්ධාගමට නිසිතැන ලැබුනාද?
1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් හිස් භුක්තිය 1948 දී ලබාගත්තද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද?
1815 වනතුරු රටේ ජාතිය වසයෙන් හැදින්වූ සින්හල ජාතිය යන නමවත් 48 දී ලබාගත්තාද?
1840 න් පසු වරින් වර සුද්දන් ඔවුන්ගේ වතුවල සහ වියාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සින්හලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තාද?
සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙමල සහ මුසල්මානු සුලුජන කොටස් 29 වන වගන්තියෙන් බලවත්කොට සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වශයෙන් සකස්කල සෝල්බරී විවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියොජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත්මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද. ඒ මරඋගුඋලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ 2500 ශිස්ඨාචාරයේ පදනම මත ආණ්ඩුකරම ව්‍යවස්ථාවක් හදාගත්තාද. නැති බව ඔබ දන්නවාද. ඉන්දියාව තම ව්‍යවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. එය භාර කලේ ශ්‍රේඨෂ්ඨ භාරත පුත්ත්‍රයෙක්වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා දන්නවාද?
අපගේ දේශයට හා සන්ස්කෘතියට ආවේනික වු ශිස්ඨාචාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවස්‍යතාව ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද?
1948 ඊනියා නිදහස ලැබී වසර 77 ක් ගතවීත් 2500 පුරා මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගූ, ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා රට ජාතිය බේරාගත් භූමිපුත්‍රයින්වු උඩරට සාඩම්බර ගැමියන්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා ගත්තාද. විශේෂයෙන්ම එවකට උඩරට රාජධහානියේ සින්හල මිනිසුන්ගේ ඉඩ කඩම් ආපසු ලබා දුන්නාද.අද ඒ ඉඩම් සියල්ල ඉන්දීය වතු කම්කරුවන්ට රනිල්, සජිත් සහ අනුර යන තිදෙනාම සින්නක්කර කරදී දීමට පොරොන්දුවූ බව මෙය කියවන ඔබ ඔබ දන්නවාද?
වර්තමාන ජනාධිපති වරයාගේ අග්‍ර පුරෝහිතයකු වන සමන්ත විද්‍යාරත්න කියන ඇමතිවරයා උඩරට සින්හලයිගේ ඉඩම් වතු දමළුන්ට ලබාදී එම ඉඩම්වල තට්ටු නිවාස හදාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දුවී ඇති බව ඔබ දන්නවාද?
1948 ඊනියා නිදහසින් පසු 77 වසරක් ගතව ඇතත් ස්වාධීන, ස්වෛරී හා සැබෑ නිදහස් රටක් අද්වනතුරුත් මේ රටේ වසර 2500 ක් පුරා ජන්ම උරුමකරුවන් වන ඔබලා මේ පොලව මත ස්ථාපිත කර ගත්තාද?
වතුකරයේ ඉඩම් ඉන්දීය දෙමළුන්ට දුන් පසු ඔබලා මියගිය පසු ඔබගේ දරු මුනුබුරන් ජීවත් වන්නේ කොහේද කියා ඔබ කිසි දිනක සිතුවාද?
1948 දී නිදහසක් ලැබුණානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ/ කළ කුමන්තරණය සහ 1971 දී ජා. වි.පෙ කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වශයෙන් හැදින්වුයේ ඇයි?
1948 දී මේ රට පූර්ණ නිදහස ලබා තිබුණානම් 1962 රජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රතාන්‍ය ප්‍රිවි කවුන්සලයෙන් නිදහස්කලේ කෙසේද?
1947 දී ඉන්ග්‍රීසි පාලනයෙන් නිදහස ලබාගත් භාරතය 1951 දී ජනරජයක් වශයෙන් ප්‍රකාශ කලානම් 1948 දීම මේ රටත් ජනරජයක් නොකළේ ඇයි?
1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු වසර 24 ක් තිස්සේ කිසිවෙකු මේ රට ජනරජයක් වශයෙන් ප්‍රකාශ නොකලේ ඇයි?
1977 දී බලයට පත්වූ ජේ ආර් මැයි 22 ජනරජ දිනය අවලන්ගුකොට නැවතත් පෙබරවාරි 4 නිදහස සැමැරීම ඇරැඹීය. නිදහස් පක්ශයේ පියා වූ බන්ඩාරනායකගේ අතිජාත දුවනිය වූ චන්ද්‍රිකා 1994 දී බලයට පත් වුවද බටහිර ගැති සෝබෝන් මානසික ඇයද නැවතත් පෙබ 4 ම නිදහස් දිනය පැවැත්වීය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලන්කා පක්ශයේ බලකණුව වූ මහින්ද රාජපක්සද පෙබ 4 ම කිසිදාක නූපන් දරුවාගේ උපන් දිනය පැවැත්වීම දිගටම කලේය. යහපාලන රජයේ රනිල් -සිරිසේන යුගලයද එයම කලහ. ඉන්පසු යලිත් බලයට පත් වූ ශ්‍රී ලන්කා රාජපක්ශලාද පෙබ 4 ටම පෙම්බැදි බව අදටත් පෙනේ. කිසිදාක අපට නොලැබුණු ඒ නිදහස පෙබ් 4 ම රතු විප්ලවකාරී දේශප්‍රේමීන් යයි කියන මල්ලිලාද අදටත් පෙබ 4 ම එය පැවැත්වීම කොතරම්නම් අවාසනාවන්තද. කොතරම් ලැජ්ජා සහගතද?
පෙබරවාරි 4 ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය බවවත් අපේ දේශපාලකයින් දන්නවාද?
ඒ අනුව1948 සිට (1972-75 හැර) වසර 77ක් තිස්සේ අපේ දේශපාලකයින් ශ්‍රී ලන්කාවේ ජාතික ධනය කෝටි ගණනින් නාස්ති කරමින් ජාතික නිදහස් දිනය වශයෙන් ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය සැමරූ මෝඩ රැළක් බව දැන් වත් ඔබට වැටහෙනවාද?
වැටත් නියරත් යන දෙකම ගොයම් කානම් කාට කියමු ද ඒ අමාරුව. පරගැති බහුජාතික සහ බහුආගමික එ.ජා,ප. එසේ කිරීම ගැන අපි මවිත නොවෙමු. 1972 මැයි මස 22 දින මේ රට ජනරජයක් බවට පත් කොට 1815 න් පසු පලමු වතාවට ජාතීයට නිදහස ලබාදීමෙන් පසු 1977 දක්වා වසර 5ක් ජනරජ දිනය නිදස් දිනය වශයෙන් පැවැත්වීමෙන් පසු 1977 බලයට පැමිණි ජේ.ආර් ගේ රජය යලිත් පෙබරවාරි 4 ම ජාතියේ නිදහස් දිනය වශයෙන් පැවැත්වීම ආරම්භ කරණ ලදුව අද දක්වාම ඒ අනුව පෙබ් 4 දිනම නැවතත් නිදහස් දිනය සැමරීම ආරම්භ කෙරිණ.නිදහසේ සැබෑ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ තුරුළේ හැදුණු වැඩුණු අයම මේ අයුරින් ඒ උතුම් ලක් මාතාව, (නූතන විහාරමහාදේවිය) පාවා දීම අපටනම් කිසි ලෙසකින් අනුමත කල නොහැක. සින්හල ජාතිය මෙවැනි නිවට නියාලු, ගඳ සුවඳ නොදැනෙන කෘතගුන නොදන්නා පරගැති දැයක් වූයේ කෙසේදැයි මටනම් කිසිසේත්ම අදහාගත නොහැක.
බන්ඩාරනායක ඝාතනයෙන් පසු මැතිනිය පනදුන් ශ්‍රී ලන්කා නිදහස් පක්සයේ තිඹිරිගෙයින්ම උපන් එසේම ඒ තොටිල්ලේම හැදුනු වැඩුණු උදවියම ඇය විසින් ජාතියට දායාදකළ මැයි 22 ජනරජ දිනය අවලන්ගුකොට පරගැති එ.ජා.ප. යේ ඕනෑ එපාකම් සපුරමින් මහජනමුදල් කෝටි ගනනින් වැය කරමින් 1948 තබා අද වනතුරුත් අපට නොලැබුණු නිද්හසක් සමරමුයි කියා විළිලජ්ජා නැතිව සුද්දියකුගේ උපන් දිනයක් සැමරීමට සින්හල ජාතියේ ජාතික අහිමානය මේ අන්දමින් විනාශකරමින් අපගේ මේ උදාර ජාතිය පවාදීම අපි කෙසේනම් තව දුරටත් ඉවසා සිටිමුද?
රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම මේ සින්හල දේශයේ වසර 2566 ක අඛණ්ඩ අභිමානනීය ඉතිහාශය නොදන්නා පිරිස් ඒ වගේම තම රටක හා ජාතිය ගැන භක්තියක්, හෝ ආදරයක් නැති ඉන්ග්‍රීසි කාරයින්ගේ ගෝල අඳබාලයන් 1815 න් පසු 1972 මැයි මස 22 වන දින සීරිමාවෝ බන්ඩාරනායක අගමැතිනිය ලබාදුන් නිදහස පසෙක දමා ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය සමරන පෙබ 4 වන දින, ජාතියක් වශයෙන් කිසිදාක සින්හල ජාතියට හෝ මේ රටට නොලැබුණු නිදහසක් උජාරුවට සමරමින් සාපරාඅදී අන්දමින් යලිත් ජාතියක් මරණ මේ අවස්ථාවේදී පරක් තෙරක් නැති ඈත එපිට ඉන්දීය සයුරේ මුරිසි (මෝරිටිස්) දිවයිනේදී පර සුද්දන්ගේ සිරකරුවකු වශයෙන් 1829 දී අව්සන් හුස්ම හෙලූ අවස්ට්ථාවේදී සැරයටියක ආධාරයෙන් නැමීගෙන මුරිසි පොලෝමත ඇවිදිමින් ඇහෙලේපොල වීර මහ අධිකාරම් තුමා මුරිසි පොලොව මත සෙවූ 1815 දි ජාතියක් වශයෙන් අපට අහිමිවූ ඔබේත් මගේත්, රටේ හා ජාතියේත් ඒ සැබෑ නිදහස ලක්පොලොව මත සිසාරා සොයමින් අදත් අපි හඬමින්, වැළපෙමින් තව කොතෙක්කල් නම් අපි ඇවිදිමුද?