ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම –  (4 කොටස)
Posted on May 7th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

ගෝල්පේස් අරගලකරුවන්ගෙන් පැහැදිලි කරගත යුතුවූ කාරණා/ගැටළු කීපයක් මෙම ලිපි පෙලේදී මුල සිටම මතුවිය.

1. මෙම <අරගලය> 2019 දී තාප්පවල චිත්‍ර ඇන්ඳ හා පුරන් කුඹුරු වගාවට ගිය ගම් වල සිංහල බෞද්ධ 69 ලක්ෂයට අයත් තරුණයින්ගේම අහිංසක අදහසක්ද?

2. එසේ නැත්නම් එය, රාසමාණික්කම් කොල්ලා විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි පරිදි, කොළඹ ජනතාව විසින් හයිජැක්කල, රට කැඩීමේ ව්‍යාපාරයේ සැඟවුණු ඇමක්ද?

3. යම් පොදු කටයුත්තකදී ඊට නායකයෙක් නැතිවීමත්, බොහෝ නායකයින් සිටීමත් යන දෙකම අයෝග්‍ය බව බුදුහාමුදුරුවන් විසින්ද සඳහන් කර ඇත. මෙම අරගලයේ නායකයෙක් හෝ නායක මණ්ඩලයක් සිටිනවාද? මෙහි ඇති වදගත්කම නම් සංවිධානයක ක්‍රියාවලට වගකිව යුතු කෙනෙකුගේ අවශ්‍යතාවයය. එකඟවූ එක අරමුණක් නැතිව, නොයෙක් අරමුණු ඇති අය නොයෙක් වැඩ කරමින් වැඩේ අවුල් කිරීම සමාන කල හැක්කේ රුවලක්, හබලක් නැති ඔරුවක් ඔහේ මුහුදේ පාවෙනවා වැනි ක්‍රියාවකටය. ඉහල අහසින් දුර ගමන් යන කුරුළු රංචු වල ඉදිරියෙන් පියාඹන කුරුල්ලෙක් හා කුරුල්ලන් කීපදෙනෙක් සිටින්නේය, ත්‍රිකෝණයක උලක් මෙන්ය.

4. තවත් වැදගත් ප්‍රශ්ණයක්වූයේ ගොටාගෝහෝම් වැඩේ හරිගියොත් අරගලය විසින් ඉන්පසු කරන්නේ කුමක්ද යන්න රටට ඉදිරිපත්කල යුතුව තිබීමය. සජිත් විසින් <මට රට භාර දෙන්න> හා අනුර කුමාර විසින් <මම රට භාරගන්න සූදානම්> යයි කරණ ප්‍රකාශ දෙන්නම් කාසි ගනයට වැටේ. රට භාරගෙන කරණ දේ කීමට මේ දෙන්නාම අසමත්වී සිටී. එය පුස්ස බින්ඳා වැනි නිෂ්ඵල ප්‍රකාශයකි. අරගලයත් මේ ගනයට වැටීම අරගලය කෙරෙහි මහජන විශ්වාශය බංගවීමට හේතුවේ.

ගෝල්පේස් මහමොලකරු

සේපාල් අමරසිංහ, සන්නස්ගල, brother charles Thomas, දර්ශන් හඳුන්ගොඩ හා ඔහුගේ ගෝල අභිශේකා ප්‍රනාන්දු කෙළී, සුදත්ත තිලකසිරි හා නාගානන්ද කොඩිතුවක්කු යන මේ පංචකන්ධ ගෝල්පේස් නිල නොලත් න්‍යායාචාරීන්ද නැත්නම් එඬේරුන්ද? සුදත්ත නම් මේ වනවිට ලවුඩ්ස්පීකර් දෙකක්ද සමඟ කෙළින්ම අරගලයට එකතුවී සිටී. නායකයෙක් හෝ නායක මණ්ඩලයක් හෝ නැතිව සිටින ගෝල්පේස් පිරිසට මැදිහත් වීමට එන <මහමොලකාරයෙක්> ගැන සේපාල් අනතුරු අඟවන්නේ සුදත් ගැන සිතාද? එසේ නැත්නම් සන්නස්ගල ගැනද? පසුගිය අප්‍රේල් 25 දා  කිත්සිරි ආනන්ද නම් පුද්ගලයා විසින් සන්නස්ගලට කල දෙහිකැපීම අවසානවූයේ සන්නස්ගල ඔහුට අමු තිත්ත කුනුහරපයෙන් බැණ ටෙලිෆෝනය විසන්ධි කිරීමෙනි (ඔහු විසින් ඩෑන් ප්‍රසාද් නම් තැනැත්තාටද මෙවැනිම දෙකැපීමක් කලත් ඩෑන්, සන්නස්ගල මෙන් කුණුහරුප නොකියා ටික වේලාවකින් පසු  දුරකතනය විසන්ධි කලේය). මෙවැනි අයෙකුට <අරගලයට> උපදෙස් දිය හැකිද? නාගානන්දට නම් සිදුවී තිබෙන්නේ ගිණිපෙල්ලෙන් බැටකෑ මිනිහා කණා මැදිරි එලියටත් බය වගේ වැඩක්ය. ඒ නිසා ඔහු නිවසේ සිට නිව්ස් බුලටින් නිකුත් කරයි. වැටෙන් පිට සිට ජේවීපී මොළකරුවෙකුවන හඳුන්නෙත්ති කෙඳිරිගාන්නේ ගෝටගෝ කිව්වාට විතරක් වැඩක් නෑනේද කියමිනි. පිටිය තුල යාමට ආරාධනාවක් නැතිකම ඔවුන්ට ඇති ලොකුම මදිකම නොහොත් පරාජයය.

නාගානන්ද සිය වියදමින් දූෂිත ක්‍රියාවලට විරුද්ධව දිගින් දිගටම පෙනී සිට නඩුකාරයින්ගෙන් හිරිහැරයට ලක්වූ කෙනෙකි. එහෙත් ඔහු නායකයෙක් හෝ උපදේශකයෙක් ලෙස අරගලකරුවන් විසින් මෙතෙක් ප්‍රකාශකර නැත. දැන් නොමිලයේ ඉදිරිපත්වන දුසිම් ගණන් බාර් ඇසෝසියේෂන් නීතීඥ පිරිස් නාගානන්දගේ පොදු සටන්වලට උදව් කරණවා තබා උසාවියේදී ඔහු ලඟින් මේසයේ ඉඳගැනීමටවත් ආවේ නැත. ඒ නිසා දැන් අරගලයට නොමිලේ උසාවියට යන මේ අය ඉදිරියේදී මෙතෙක් කලා මෙන් තම සේවාදායකයින් සූරාගෙන නොකෑමට සිතනවා යයි රට බලාපොරොත්තුවීම සාධාරණය (ඉහතින් නම් සඳහන් කල පංචස්කන්ධ විසින් කරණ  කියන සමහර කතාවල, ක්‍රියාවල යම් රටට පිළිගත හැකි අදහස් ඇති බව නිහතමානීව පිළිගත යුතුය).

අරගලයේ හඬ සේ පෙනී සිටින පංචස්කන්ධ

ලිපි මාලාවේ මෙම කොටස ලියන අතරතුර අරගලය හා සම්බන්ධ පංචස්කන්ධ කීපයක් ගැනම දැනගැනීමට ලැබුණි. පැතුම් කර්නර් හා යොහාන් සෙනෙවිරත්න යන දෙන්නා අතරින් යොහාන් යනු බොරුකාරයෙකි. ඔහු බෝන් අගේන්කාරයෙක් මිස ඔහු කියන අයුරු බොදු බල සේනාවට ඔහුගේ සම්බන්ධයක් නැත. කලින් චතුර අල්විස්ගේ සාකච්චාවට සහභාගීවු ලාබාල තරුණයින් තුන් දෙනා හා තරුණියට වඩා බලවත් ලෙස රතිඳු සේනාරත්න, නුවන් බෝපගේ හා දුලීකා මාරපන යන තුන් දෙනා අරගලය වෙනුවෙන් දෙරණ සළකුණ වැඩසටහනට (මැයි 5 දා, EP335) සහභාගී විය. මේ තුන් දෙනාටම අරගලය විසින් වහාම හෝ දිගුකාලීන වශයෙන් යෝජනාකරණ විසඳුම් හෝ සැලැස්මක් ගැන හෝඩුවාවක් වත් දීමට නොහැකිවිය. ඔවුන්ගේ හැසිරීම ඉඟිකලේ ඔවුන් වෙනත් කාගේ හෝ න්‍යාය පත්‍රයකට අනුව පාවෙන රූකඩය යන්නය. හැමෝම අරගලයේ මහමොළකරයා යයි සිතන රැට්ටා උත්තර දුන්නේ බලවත් අපහසුතාවයෙනි.

සිස්ටම්ස් ඇප්‍රෝච් නැතිව සිස්ටම් චේන්ජ් කිරිමේ හීනය

මොවුන් තිදෙනා රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව (ඉතිහාසය කියන්නේ රටේ අතීත භූගෝල විද්‍යාවටය) නොදන්නා බව පැහැදිලිවම ප්‍රදර්ශණය විය. හෙලිකොප්ටරයකින් උඩට නැග්ගවිට එකිනෙකට සාපේක්ෂ්ව පහල පොලොවේ සිදුවනදේ පෙනෙන අයුරු, මෙවැනි බරෑරුම් අරගලවලට හොට දමන අයට සමස්තය ගැන දැණුමක්, අවභෝධයක් තිබිය යුතුය. (holistic/systems approach) ගසුත්, කැලයත් යන දෙකම දැකිය යුතුය. සිස්ටම් එක චේන්ජ් කරන්නට සිස්ටම්ස් ඇප්‍රෝච් එකක් අවශ්‍යය. ඔවුන් ගෝටාගෝහෝම් යන මන්ත්‍රයම ජපකරන්නේ මෙම දැනුමේ අඩුව නිසාය.

දැන හෝ නොදැන ඔවුන්ගෙන් සමහරෙක්වත් හිරවී සිටින, මේ ගෝල්පේස් අරගලයේ යටි අරමුණ විදේශ බලවේග විසින් මෙහයවන රෙජීම් චෙන්ජ් (යුද්ධය දිනූ ගෝටාගේ මස් රාත්තලම ඉල්ලීම ) එක නොවේ නම්,  සිස්ටම් චෙන්ජ් එකට අදාල බොහෝ පියවරවල් ගෝටා සිටියදීම ශාක්ෂාත් කරගත හැකිය. උදාහරණයක් වශයෙන්, උමංදාවේ සමන්තභද්‍ර හිමියන් විසින් මල්වතු මහනාහිමියන්ට සංඝ ආඥාවක් නිකුත් කරණ ලෙස ඉල්ලා සරල යෝජනා තුනක් ඉදිරිපත් කලේය. ඒවා නම්: (1) රටේ ලොකු කුඩා සියළුම දේශපාලකයින් හා නිලධාරීන්ගේ වත්කම් විගණනය කීරීම (2) බලයට එන ආණ්ඩුවලට වෙනස්කල නොහැකි ජාතික සංවර්ධන වැඩපිලිවෙලක් (සැලස්මක්) ක්‍රියාත්මක කිරීම හා (3) දේශපාලකයින්ට ලබාදී ඇති සියළුම දීමනා, වරප්‍රසාද, ඉවත් කිරීම (මන්ත්‍රීලා ඇත්තවශයෙන්ම මහජන සේවකයින් කිරීම).

පෙරටුගාමීන් හා අන්තරේ වහළුන්

මෙම යෝජනාව සැසඳිය යුත්තේ කුමාර් ගුණරත්නම්ගේ බලාපොරොත්තුව සමඟය. කලින් ජේවීපීකාරයිනුත්, දැන් පෙරටුගාමීකාරයිනුත් විශ්ව විද්‍යාලවලට ගම්වලින් එන දුප්පත් ශිෂ්‍යයින් මානසික වහළුන් බවට පත්කලේය. යම් තරුණියකට තමන් කැමති සායක්, ගවුමක් අඳින්නට නොහැකි අන්තරේ බල්ලට දැමිය යුතුය. මේ නිසා පාරේ ජලය හා කඳුළුගෑස් නාන කොණ්ඩ වවාගත් හාමුදුරුවරුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපිය යුතුය. රජයේ වියදමින් හා මහපොල දීමනාව දෙන්නේ මෙසේ පිස්සු නටන්නද? අධ්‍යාපනය සඳහා බැංකු ණයක් දී ටියුෂන් ගාස්තුවක් අයකල යුතුය. එවිට පාරට එන්නේ රටේ ටැක්ස් ගෙවන්නාගේ මුදලින් නොව තමන්ගේම මුදලිනි.

යම් තරුණයින් පිරිසක් විසින් අහිංසක ලෙස ඇරඹූ අරගලයක් දැන් පෙරටුගාමීන් විසින් උදුරා ගෙන තිබේ. මෙය කෙළවර වන්නේ විශාල ජීවිත හානියකිනි. කුමාර් ගුනරත්නම් කියන්නේ නියම විසඳුම නම් <ජනතාව බලගන්වන> ක්‍රමයක් බවය. ජන සභා සංකල්පය යටතේ මෙය කිරීමට යෝජනාවී මේ වනවිට දශක ගණනක්ම ගත්වී ඇත. ගෝටාගේ සෞභාග්‍යයේ දැක්මේ පවා මෙම අදහස ජනමූල සභා වශයෙන් සටහන් කර ඇත. එසේ නම් කුමාර් ගුනරත්නම් අන්තරේ නායකයින් පිස්සන් ලෙස යොදවනවා වෙනුවට කල යුතු  ගෝටාට මෙම ජනමූල සභා පිහිටුවන ලෙස බල කිරීමය. අනිත් කාරණය නම් අන්තරේ  පොලිස්බරියර් කැඩීමේ ව්යායාමය ඉදිරියේ සිටිය යුතු ව්‍යායාමය ඉදිරියේ සිටිය යුතු කුමාර් හා දුමින්ද නාගමුව යන දෙන්නා යන්නය. චේ ගුවේරා කලේ එයය.

සිස්ටම් චේන්ජ් ප්‍රමුඛතා/ප්‍රායෝගික ලැයිස්තුව කෝ?

නායකයෙක් හෝ නායක කමිටුවක් හෝ තවමත් රටට ඉදිරිපත්කර නැතත්, සිස්ටම් චෙන්ජ් එක යටතේ ඔවුන් බලාපොරොත්තුවන කාරණා වල ලැයිස්තුවක් සදා රටට ප්‍රසිද්ධ කිරීමට දැන්වත් <අරගලයට> ශක්තියක්, දැණුමක් හෝ දැකුමක් තිබිය යුතුය. එවැනි ලැයිස්තුවක් ජනාධිපතිට ඉදිරිපත් නොකිරීම, ඔවුන් පිටුපස සැඟවී ඉන්නා ප්‍රොපෙසර්ලාට, වෘත්තිකයින්ට හා අරගලයට ජයවේවා කියන දේශපාලක ඉත්තන්ටද එල්ල වන අභියෝගයකි. ජේවීපී මෙන් දෙන්නන් කාසි උඩ සිටීමෙන් වෙන්නේ අරගලය පුස්ස බින්ඳා වගේ වී දියාරුවී යාමය.

දැන් දැන් එලිදරව් වෙමින් යන්නේ පෙරටුගාමීන් හා ජේවීපිකාරයින් අරගලයට රිංගා ගෙන විශාල ලේ වැගිරීමක් සඳහා කැසකවමින් ඉන්නා බවය. පැතුම් කර්නර්ලා අතරමංවී සිටිනා ආකාරයක්ය. මෙහි මීට ඉහතින්ද පෙන්වා දුන් අයුරු රට අරාජික නොකර, සිස්ටම් චෙන්ජ් එක පියවරෙන් පියවරට බෞද්ධ ප්‍රතිපත්ති අනුව ලබාගන්නට ඇති අවස්ථාව පාවා දෙන්නේ ඇයි?  ජේවීපී-පෙරටුගාමි-සජිත්-ටී.එන්.ඒ- පිරිස්, මේ අස්සේ හර්තාල් හා ස්ට්‍රයික් කිරීම අනුමත නොකරණ බව, අරගලයේ නායකයින් විසින් ප්‍රකාශ කිරීම අරගලයේ පිරිසිදු චෙතනාව රටට පෙන්වා දීමක් හා අරගලයේ දිගු ගමනට රුකුලක් වන්නේය

එවැනි ලැයිස්තුවක් ප්‍රමාදවන දවසක් පාසා ඔප්පු වන්නේ 1995 සිට චන්ද්‍රිකා- නීලන්-ජී ඇල්- රනිල්-දැන් ජීනීවා වල සඟවී සිටින ජයම්පති- සජිත් හා ඔහුගේ නායාචාරී දයාන් ජයතිලක- සුමන්තිරන්ලාගේ රට කැබලි කිරීමේ ව්‍යාපාරය මෙම <අරගලය> යටින් දුවන බවය. එවැනි පසුබිමක් යටතේ තම අරගලය <නිර්පාක්ෂික> යයි පුන පුනා කීම, මේ තරුණයින් විසින් තම තමන්වම දැන හෝ නොදැන රවටා ගැනීමකි. එයට හේතුව ගෝටාගෝ කතාව හරිගියොත් ඉන් වන්නේ අරාජිකවූ වියවුල්වූ රටකට U.N. සාම හමුදා පැමිණ mcc ට්‍රෝජන් අශ්වයා පිටේ නැග රට කඩා දැමීම වීමය. එවැනි දෙයකට දිල්ලියේ සිට මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර්කාරයින් තලුමරමින් සිටී. ඒ මිසක් තෙල්, බෙහෙත් හෝ ආහාර ප්‍රශ්ණයවත් ගෝටාගෝ හරහා විසඳෙන්නේ නැත.

පාන් ගෙඩිය රුපියල් 500 වීම ශක්‍රයාගේ පුතා වයිමාටවත් නවත්තන්නට  නොහැකිය. 1978 ට පෙර සිටම සිදුවූ ණයට කෑමේ, කැවීමේ රඟ එසේය. මිනිසුන් අල බතල වලට ආපසු යායුතුය. දර ලිප, කෘමීන් ගෙන් තොරව වියළි ආහාරද්‍රව්‍ය රැකදෙන ඊට උඩින් ඇති දුම් මැස්ස හා වත්තේ ලිඳ, යළි මතක් කරගත යුතුය. රටෙන් සියේට 60 කට එය කල හැකිය. අමාරුවේ වැටෙන්නේ ගෝල්පේස් එන කොළඹ ජනයාය.

සිස්ටම් එක යටතේ දුක් විඳින ස්ත්‍රීන් තුන් කොටස

*(1) ලංකාවේ ඈත ගම්වල අන්ත අසරණ ස්ත්‍රීන් අරාබිකරයට ගොස් වැසිකිළි සෝදා රටට එවන ඩොලර් වලින් කළුසුද්දෝ ජොලිකලේය. ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ වෙනත් ශුභ සාධන ක්‍රමයක්  ඇතිකලේ නැත. දැන් ඔවුන් පස්සේ හිඟන්නන් මෙන් පාලක හොරු හඬා වැටේ. (2) ගාමන්ට් බොරුව ගමේ කෙල්ලන් විනාශකලේය. පිටරටින් සියළුම අමුද්‍රව්‍ය ගෙන්නා, ජංගි මසා යවා රටට ලැබෙන ශුද්ධ ඩොලර් ප්‍රමාණය කීයද? සිදුවන්නේ ගමේ අහිංසක කෙල්ලන්ගේ ශ්‍රමය සූරාකා ගාමන්ට් අයිතිකාරයින් ලාභ ලැබීමය. සුපවයිසර්ලා අනංගයින්සේ හැසිරීමය. ඔවුන් ප්‍රේමදාසට සදා ණය ගැතිය! තම තරුණ ජීවිතය අනාථ කර ගන්නා මේ සේවිකාවන් සඳහා යම් ශුභසාධන ක්‍රමයක් තිබේද? මොවුන් විඳින දුක සිහිකරන්නේ එංගල්ස් විස්තර කල මැන්චෙස්ටර් වැනි නගරවල 1840 ස් ගණන් වල පැවති රෙදි පැක්ටරි නමැති මරු කටවල්ය. දරු ප්‍රසූති අවස්ථාව දක්වාම වැඩට ආ ගෑණු, දරු ප්‍රසූතියෙන් පසු  සතියකින් පමණ ආපසු වැඩට ගියේ රක්ෂාව නැතිවේය යන භිය නිසාය. ඒ වෙනුවට, අවුරුදු පහකින් මන්ත්‍රීලාට, ඔවුන්ගේ ලේකම්වන බිරිඳට පෙන්ෂන් දෙන රටකට දේවසාපයක් කවදාහෝ ලැබිය යුතු නැද්ද? අරගලකරුවන්ගේ ඉල්ලිම් ලැයිස්තුවට මේවාද ඇතුලත් විය යුතුය. (3) තලාක්, තලාක්, තලාක් යනුවෙන් කියා කසාදය කටුගෑම, කාති උසාවි හා ගෑණු හතරක් තබා ගැනීමේ මුස්ලිම් ක්‍රමය යටතේ වහළුන්වී සිටින කාන්තාවන් ඉන් මුදවා ගැනීම අරගලයේ ලැයිස්තුවට දැමිය යුතුය. තලාක් කීමේ අයිතිය මුස්ලිම් කසාදයේ ස්ත්‍රී පාර්ශවයටද තිබිය යුතුය.

ගෝල්පේස් අරගල කරුවන් විසින් එක රටක් එක නීතියක් බලකායේ වැඩ පිළිවෙල අගය කල යුතු මේ නිසාය. ඊට විරුද්ධනම් ඒ බව රටට ප්‍රකාශ කල යුතුය.

<සිස්ටම් චේන්ජ්>, <රෙජීම් චේන්ජ්> පටලැවිල්ල

2019 දී පාරේ තාප්පවලවල චිත්‍ර ඇන්ඳ, පුරන් කුඹුරු යළි අස්වද්දන්ට වෙලට බැස්ස තරුණයින් බලාපොරොත්තු වූයේ සිස්ටම් චේන්ජ් එකක්ය. සිස්ටම් චේන්ජ් එකකට විරුද්ධවන කිසිවෙක් නැත. 1967 දී පේරාදෙණියෙන් පිටවූ කාලයටත් පෙර සිටම රටට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යබව මට ප්‍රත්‍යක්ෂ විය 1971 දෙසැම්බර් මස ජේවීපී රැඳවියන්ගේ ශාක්ෂි ලියාගත් සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් එක් අයෙක් වශයෙන් මේ සිස්ටම් චේන්ජ් එක සඳහා අවංකව කැපවී මිය ගිය තරුණ තරුණියන් ගැන මට දැන ගැනීමට ලැබුණේය.

1971 දී රටේ සිංහල තරුණ-තරුණියන් විනාශ වුනේත්, 1988/89 දී එය නැවතත් සිදුවුනේත්, රෙජීම් චේන්ජ් කිරීම හා සිස්ටම් චේන්ජ් කිරීම අතර ඇති සම්බන්ධය හා වෙනස යන කාරණා දෙක, ඒකාලයේදීත්, දෑන් 2022 දීත්, රට වැසියන්ටත්, චන්දදායකයින්ටත්, දැන් අරගලකාරයින්ටත් (විප්ලවකාරයින්ටත්?) හරිහමං ලෙස අවභෝධ වී නොතිබීමය. වංක දේශපාලකයාට අනුව බලයේ සිටි පක්ෂය පරදවා බලය ලබාගැනීම  සිස්ටම් චේන්ජ් නොව රෙජීම් චෙන්ජ් විය. එහෙත් චන්දදායකයා සිතුවේ යම් තරමකින් හෝ සිස්ටම් චේන්ජ් (පවතින පරිපලන- පරිපාලන-සමාජීය-දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමක්) එකක් සිදුවේවිය යනුය. සුද්දාගේ බෙදා පාලනය කිරීමේ උපක්‍රමය සුද්දාටත් වඩා දක්ෂ ලෙස කළු සුද්දා පාවිච්චි කලේය.  කොල, නිල්, රතු වශයෙන් බෙදී,  ගම, ලඟ ඥාතීන්, පවුල, නිවස, මට්ටමටම මරා ගන්නා  තරමට චන්දදායකයා අන්ධවූ අතර, දේශපාලකයා රහසින් හා එලිපිටම කරේ අතදාගෙන වැජඹුණේය.  අන්ධ චන්ද දායකයාට එය නොවැටහුණේ, පොදු යහපත වෙනුවට පුද්ගලික වාසිය තකා සිය චන්දය භාවිතා කිරීම නිසාය.

මෙම පටලැවිල්ලේ ඉතිහාසයක් ඇත. සිස්ටම් චේන්ජ් එක <පොදු යහපත> උදෙසා ලඟාකර ගන්නට සිතන යහපත් අරමුණක් වන අතර, රෙජීම් චේන්ජ් යනු පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂ දේශපාලක හොරුන් විසින් බොහෝ විට විදේශ බලවේග එහි පිටුපසින් සිට මෙහයවන චන්ද දායකයා රවටන

සුද්දගෙ සිස්ටම් එක හා කළු සුද්දගෙ සිස්ටම් එක

1815 දී සුද්දා මුළු රටම අල්ලාගත් පසුව 1948 දක්වා පැවතියේ සුද්දාගෙ සිස්ටම් එකය. එම සිස්ටම් එක යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය උඩ ගොඩ නැඟුණකි. ඊට ඉහළින් තිබුණු පැරඩයිම් එකක්වූයේ පෘතුවිය වටේ ඉර කැරකෙනවා යන ඇදහීමය. සූර්යා වටේ අපේ ග්‍රහයා කැරකෙනවා යයි එය වෙනස්වූයේ දැඩි ක්‍රිස්තියානි විරෝධයක් පරදවාය.  සුද්දාගේ සිස්ටම් එකට අනුව බුද්ධාගම යනු බොරුවක්ය. රටේ හාමුදුරුවරු හා වැසියා අතර ඇති ගහට පොත්ත වැනි බැඳීම කඩා දැමිය යුතු විය. බෙදා පාලනය කිරීමේ උපක්‍රමය යටතේ රටේ මහජාතියට විරුද්ධව සුළු ජන වර්ග වලට තැනක් ලබා දිය යුතුය.

මේ අනුව සුද්දගෙ සිස්ටම් එක යටතේ සිංහල බෞද්ධයාට බලවත් අසාධාරණකම්,  සමූල ඝාතනවලට ලක්වීමට පවා සිදුවිය. 1947 නිදහස ලැබුණා යන්නේ අර්ථය විය යුත්තේ මෙම සුද්දගෙ සිස්ටම් එක වෙනස් කිරීමය. එහෙත් කළු සුද්දන් එය දිගටම ගෙන ගියේය. 1956 දී සිංහල ජනයා සිතුවේ මෙම සිස්ටම් චේන්ජ් එක සිදුවේය කියාය. එහෙත් ඇත්තටම සිදුවූයේ රෙජිම් චෙන්ජ් එකක් හා පවතින සිස්ටම් එක  දෙදරුම් කෑම පමණය. සිස්ටම් චේන්ජ් එකක් සඳහා ඉදිරිපත්වූ SWර්‍RDB අගමැතිට වසදීමට තැත්කර පසුව 1959 දී ඔහුව මරා දැම්මේත්, 1962 කුමණ්ත්‍රනය කලේත් සිස්ටම් චෙන්ජ් එකකට විරුද්ධවූ කළු සුද්දන් පිරිසය.

වරද පිළිගත් එකම ජනාධිපති

<අරගලයේ> අරමුණ තාප්පවල චිත්‍ර වලින් සංකේතවත්ව අභිලාෂ ඉටුකර ගැනීම නම්, එය ලබාගත හැක්කේ, <ගොටාගෝහෝම්> කියමින් අශෝභන ප්ලැකාඩ් උස්සාගෙන ජනාධිපති, අගමැති යන රටේ උත්තර්‍රිතර ධූර වලට නිග්‍රහ කිරීමෙන් නොව, තමන් කල වැරදි ප්‍රමාදවී හෝ පිළිගෙන, තමන්ව නොමඟ යැවූ නෑයින් හා යර්ස් මෑන්ලා ගෙන් නිදහස් වීමට, ගැලවීමට, ක්‍රියාකරමින් සිටිනා බව පෙනෙන, ගෝඨභය හරහාම නොවේද යන්න පහදා දෙන කිසිවෙක් ගෝල්පේස් රඟහලේ නැත්තේ ඇයිද යන්නය.

අගමැති ඉවත්කරණ ලෙස පහසුවෙන් ලබාගත හැකි ඉලක්කය වෙනුවට ගෝටාගෝ කියා රාජ්‍යය අරාජික කිරීම, අත්තේ අග සිට ගහ ලඟින් අත්ත කැපීමක් වැනිය. සබන් වතුර බේසම සමඟ බබාවද විසිකිරීමය. ඉල්ලිම් ලැයිස්තුවක් දීමේ උපක්‍රමය නම් ලේසියෙන් ලබාගත හැකිදේ මුලින් සඳහන් කිරීමය.

ගෝඨාභයගේ මස් රාත්තලම ඉල්ලමින් කරණ මෙම අදූරදර්ශී හා උපක්‍රමශීලි නොවන <අරගලය> යටින් දුවන්නේ රට අරාජික කර U.N. සාම හමුදා ගොඩබස්සවා ගෙන mcc ට්‍රෝජන් අශ්වයා හරහා රට දෙකට තුනට කැඩීමේ චන්ද්‍රිකා-රනිල්-සජිත් ප්ලෑනය. එසේ නොවේ නම් මෙම <තරුණ> පිරිස් කල යුතු දියවන්නා හෝටලයේ පාරවල් තුන අවහිරකර 225 හිර අඩස්සියට ගැනීමය. එසේ කර අගමැති කෙනෙක් පිටින් පින් ලැයිස්තුව හරහා ගෙන ඒමය. ඔහු ලංකාව සිංහල බෞද්ධයින්ගේ රට බව පිළිගන්න අයෙක් විය යුතුය. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති චන්දය ඉල්ලුවේ පවතින වහල් ක්‍රමයට පක්ෂවය. එහෙත් පසුව ඔහු වහල් ක්‍රමයට විරුද්ධව යුද්ධ කලේය. 1958 කුඹුරු පණත ගෙනා වේලේ මිසිස් බී ඊට විරුද්ධව කුස්සියේ සිට අරගලයක් දියත් කලේය. නමුත් ඇය පසු කලෙක ඇමෙරිකන් හා බ්‍රිතාන්‍ය තෙල් සමාගම් ජනසතු කිරීමට එඩිතර පියවරක් ගත්තා පමණක් නොව තමන් සතු ඉඩම් අක්කර 2500 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ පණත යටතේ රජයට දුන්නේය.

කුඹුරු පණත සිස්ටම් චේන්ජ් කිරීමේලා ගත් එක් පියවරක් වුවත්, ගොවියාගේ ප්‍රශ්ණ හෝ ගොවියා දරිද්‍රභාවයෙන් මුදා ගැනීමට අදාල අනිත් සිස්ටම් චේන්ජ් සිදුවූයේ නැත. නිෂ්පාදනයට සාධාරණ මිලක්, නිෂ්පාදන  වෙළදපොලට ගෙනයාමේ ක්‍රම හා විධි ඒ සමඟ සිදුවූයේ නැත. පෝර ප්‍රශ්ණයෙන් ජනාධිපති අමාරුවේ වැටී අද පවතින උද්ඝෝෂණ වලට හේතුවූයේද මෙසේ සිස්ටම් පද්ධතියක්  පෝර භාවිතය සමඟ ඇති බව වටහා නොගෙන, එය තනි සිද්ධියක්සේ සැළකීමය.

තෙල්, ගෑස් හා විදුලිය නැතිවීමෙන් AC, Fan හා කාර් නැතිව දාඩිය දාගෙන ඉන්නට සිදුවී තිබෙන්නේ කොළඹ ක්‍රවුඩ් එකටය. පරණ හා අළුත් UNP බලකොටුවද කොළඹය.  සිංහල බෞද්ධ ජනයා අඩුමද කොළඹ ප්‍රදේශයේය. රාසමාණික්කම් කොළුවා අරගලය දිගටම ගෙන යන ලෙස පාර්ලිමේන්තුවේදී  ඉල්ලා සිටියේ කොළඹ මනො ගනේෂන්, මරික්කාර්ලා ගෙන්දය. සිස්ටම් චේන්ජ් ඉල්ලීම දේශීය හා රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව දන්නා ඇත්ත වශයෙන්ම ගමේ අයගේ ඉල්ලීමක් නම්  ලංකාවේ අගනුවර රජ රටට ගෙන යායුතුයයි 1940 ස් ගණන්වල සිට ආ යෝජනාවේ වටිනාකම දැන් 2022 දී කෙතරම් කාලෝචිතදැයි සළකා බැලිය යුතුව ඇත. මේ පිළිඹඳව මා ලියූ දීර්ග ලිපියක් අප්‍රියෙල් — අයිලන්ඩ් පුටත් පතේ පලවිය.

මේ ගෝල්පේස් පිටියට එන අයට 1978 දී ජේ.ආර්. විසින් රටට ගෙන ආ විනාශය ගැන යම් තරමක හෝ දැණුමක් තිබිය යුතුය. එම විනාශයෙන් ගොඩ ඒමට මා වැනි රටෙන් පිටව සිටි බොහෝ අය නොයෙක් යෝජනා 2005 දී සිට ඉදිරිපත් කලේය. මෙම යෝජනා අද තරුණයින් ඉල්ලා සිටින් සිස්ටම් චේන්ජ් එකට අදාල විය. මේ නිසා සැබෑ තරුණ අරගලයකට විරුද්ධවන්නේ කළු සුද්දන් පිරිස් පමණය.

මෙම ලිපි පෙලේ මාතෘකාවේ සඳහන් බෞද්ධ විසඳුම ලිවීමට තවත් කොටසක් ලිවිය යුතුව ඇත. අරගල කරුවන් විසින් සළකා බැලිය යුතු යයි සිතන ඉල්ලිම් ලැයිස්තුවක්ද එයට ඇතුලත් කිරීමට අදහස් කරමි. මෙහි පහතින් ඇත්තේ <ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය-1948-2020> යනුවෙන් මා එකතුකල කෘතියේ පටුනය. සිස්ටම් චේන්ජ් ගැන සිතන අයෙකු කියවිය යුතුම එය pdf කර අරගලයේ නිලලත්, නිල නොලත් යනාදී පුදගලයින්ට දැන ගැනීමට මීලඟ ලිපියෙන් පැතුම් කර්නර් ගේ ඊමේල් ලිපිනයට යවමි. මීට අමතරව, < සුද්දගෙ නීතිය අපිට එපා> යනුවෙන් දැනට මාස කීපයකට පෙර එකතුකර කුඩා පොතක් ලෙස මුදාහල ලිපි රැසක් මෙම ලිපියට අමුණා ඇත. 

ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය-1948-2020

පටුන

2. කළුසුද්දන්ගේසම්භවයහාආධිපත්යය

1.බමුණු කුලය බිඳ වැටීම                               

2.වළාකුළක් ලණුවකින් බැඳගත හැකිද?

3.විදේශ අමාත්‍යාංශයට අබසරණයි

4.බුද්ධාගම කොට උඩ යවන්න හිතන තිසරණී

5.හින්දු-බෞද්ධ මිත්‍රත්වය

6.දොස්තර මහත්තයා හා වෙද මහත්තයා

7.රෙදි ගැලවීම නිසා යට ගවුමෙන් ඉන්නා කඳු

8.හාමුදුරුවරුන්ට 13 සංශෝධනය අමතකවීම

9.සිවුරු පොරවා ගත් කළුසුද්දෝ

3. ප්රජාතන්ත්රවාදයනමැතිනාස්ලණුවෙන්ගැලවෙමු

1.ලිප්බොක්කේ හිරවුණු බෝධිසත්ව නාගයා

2.බුදු දහම හා ප්‍රජාතන්ත්‍රවාදය

3.කොරෝනා-තන්ත්‍රවාදය

4.ඕ මයිගෝඩ් ලංකාව හා බුදු අම්මෝ ලංකාව

5.වැව් බැඳි රාජ්‍යය

4. කළු සුද්දන් නැටූ නාඩගම් හා ඒවාට මුහුණ දීම

          1. ඒකීය ශිරි ලංකාව මොන බම්බුවටද?

          2.දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම

3. ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ශාරියා මිණීමරුවන් කිරීම

4.මැකියාවේලි ශාස්ත්‍රය අනුගමනය කල මුවර් නායකයින්

5. ශාරියා/ඉකුවාන් ආක්‍රමණයඅගමැතිලා ජනාධිපතිලා නාස්ලණු දමා ගැනීම

6.සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය හා ගර්‌භාශ යුද්‌ධය

7. කළු සුද්දන්ගේ රට කැබලිකිරීමේ රහස් ප්ලෑන

8.ඉංග්‍රිස් පාරුව කරට ගැනීම

9.බල්ලට ගිය නීතියසුප්‍රීම් උසාවිය හා පක්ෂ දේශපාලනය

10.ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය

5.  අපට මඟක් ඇතබුදු දහම හා තිරසර සංවර්ධනය

          1. ධර්මපාලතුමා ලොවට දුන් දායාදය: Why nations fail?

2.ඉතිහාසඥ මයිකල් රොබට්ස්ට අනාගාරික ධර්මපාලතුමා මුණගැසීම

3.පොසොන් ආක්‍රමණය

4.පන්සල් අතරමංකල ලංකාවේ හා දකුණු ඉන්දියාවේ දෙමළ බෞද්‌ධයා

5. බෞද්ධයින් ප්‍රචන්ඩත්වයට ඇයි මෙච්චර ලොල්!

6.පරසුද්දාපර කළු සුද්දා-පර මන්ත්‍රී

7. රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress