අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින්  එය ගොඩගත හැකි  හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි.
Posted on May 11th, 2022

ආචාර්ය සුදත් ගුණසේකර

(ත්රයි නිකායික මහානායක හිමිවරුන් ප්රමුඛ සමස්ථ භික්ෂු  සමාජයට සහ දේශප්රේමි සියළු ශ්රී ලාන්කික ජනතාව වෙත විවුර්ථ සන්දේශයක්)

ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්, ශ්‍රී ලන්කා රාජ්ය පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994) සහ මහනුවර සින්හල බෞද්ධ ජෙෂ්ඨ පුරවැසියන්ගේ සන්විධානයේ සභාපතී 1985 සිට මේ දක්වා))

8.5.2022. මහනුවර

පූර්විකාව

අද මේ රට හා ජාතිය පත්ව ඇති අර්භුධයන්ගෙන් ගොඩගැනීමට  ඇති හොඳම විසඳුම

*පවතින මැතිසබයේ සියළුම පක්ශ නියෝජනයවන සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි.

(මන්ද මේ අවස්ථාවේ මැතිසභය විසුරුවා මැතිවරණයකට යාමෙන් රටේ ප්‍රස්න තවත් උග්‍රවන අතර රටේ පවතින තත්වය යටතේ පැවත්වෙන මැතිවරණයකින් කිසිම පක්ශයකට රජයක් පිහිටුවීමට බහුතරයක්ද නොළැබෙන නිසා එය කිසිසේත්ම සුදුසු නොවන බැවිනී)

 එහෙත් එම සර්වපාක්ශික අන්තර්කාලීන රජය.

 *මේ රට සින්හල බෞද්ධ රාජ්යක් යන මූලික සන්කල්පය මත පදනම් වූ ජාතික ප්‍රතිපත්තියක් අනුව රට පාලනය කිරීම, ,

*1815 වේ සිට මේ රටේ සින්හල ජාතියට අහිමිවූ සියළු උරුමයන් නැවත ලබාදෙන, (සියළු සුළු ජන කොටස්වල වාර්ගික හා ආගමික අයිතීන් ආරක්ශා කරමින්)

*1948 ලබාගත්තායයි කියන ඊනියා නිදහස 1972 න් මෙපිටට සමූර්ණ කිරීම.

* 1987 ජූලි 29 රජිව්-ජේ. ආර්. ඉන්දු-ලන්කා ගිවිසුම සහ මේ රටට සාපයක්වූ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පලාත් සභා පැටවූ 13 වන ආණ්ඩුක්‍රම සන්සෝධනය අහෝසිකිරීම සහ පලාත් සභා හූනියමද අහෝසි කිරීම 

* දැනට මේ රටේ පවතින බටහිරින් ආනයනය කරණළද අප සන්ස්කෘතියට ආගන්තුක දේශපාලනයේ පවතින බෙදීම සහ ආත්මාර්ථය වෙනුවට බුදු දහමෙන් අපට උරුමවූ,  රටේත්, ජනතාවගේත්  මෙන්ම සියලු සත්වයන්ගේත් සුභසෙත මූලික පදනම වශයෙන් සලකන දේශපාලන ක්‍රමවේධයක් නිර්මානය කරගැනීම,

*මේ රටේ දේශීය සන්ස්කෘතිය, චිරාගත සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් පදනම් කරගත් දේශයට ගැලපෙන නව ආණ්ඩුක්‍රම විව්ස්ථාවක් වසරක් තුල ජනමත විචාරණයට ඉදිරීපත් කිරීම,  යන කරුණු සියල්ල ඉටුකිරීමට දිවුරා සපථ කරණ,

තවදුරටත්

*එම රජය මෙම ලිපියේ  පහතින් දක්වා ඇති ජාතික ප්‍රතිපත්තීන් අනුව ලෝකයාගේ හිතසුව පිණිසම දැහැමින් සෙමින් රට පාලනය කිරීමට ශ්‍රී දළදා වහන්සේ සහ ත්‍රයිනිකායික මහානායක හිමිවරුන් ඉදිරියේ දිවුරා පොරොන්දුවන රජයක් විය යුතුය.

එසේම

මේ රට අද පවතින දේශපාලන සමාජ සහ ආර්ථික අර්බුධවලින්  ගොඩගත හැක්කේ මහානායක හිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලිම අනුව වහාම ජනාධිපතිවරයා සහ අගමැහිවරයා ඉල්ලා අස්වි  පාර්ලිමෙන්තුවෙන් පත්කරගන්නා විධායක නොවන නව ජනාධිපති වරයකු හා මැතිසබයේ බහුතරයේ පිළිගැන්ම ඇති අගමැතිවරයකු සහිත ජාතික ප්‍රතිපත්තියක් අනුව රට පාලනය කිරීමට දිවුරා සපථ කරණ  රටේ සාම්ප්‍රදායික දේශපාලන මඩ ගොහොරුවෙන් මිදුනු, රටේ ඉතිහාසය, සමාජ, ආර්ථික හා තාක්ශනික සම්ප්‍රදායන් පිලිබඳ දැණුමක් ඇති දේශප්‍රේමි ජනතා හිතවාදී බුද්ධිමතුන් සහිත කුඩා (17) පහත දක්වා ඇති පරිදී අමාත්ය මන්ඩලයකින් පාලනයවන අන්තර්කාලීන සර්වපාක්ශික රජයකට පමණි

වර්තමාන අර්බුධයන්ගෙන් රට සහ ජනතාව ගොඩ ගැනීමේ ඒකායන ක්‍රමය යන මැය යටතේ 20.4.2022 වන දින ලන්කාවෙබ් පුවත්  අඩවියේ පලවූ මගේ ලිපියේ පළමු ඡේදයේ සඳහන්වූ

1 පුලුල් ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට එකඟවන,

2 නව ජනාධිපතිවරකු සහ පාර්ලිමේන්තුවේ සිටින සියළුම පක්ශ නායක්යින්ගෙන් යුත්,

3 සර්ව පාක්ශික අන්තර්කාලින ඇමති මන්ඩලයකින්,

4 රට පාලනය කිරීමට

ජනාධිපතිවරයා සහ පක්ශ 11 කණ්ඩායමේ නියෝජිතයින් එකඟ වූ බව ඇසීම මට නිම් හිම් නැති සතුටකි 

කෙසේ වුවද ඉහත දක්වනලද මගේ ලිපියේ එම ඡේදයේම සඳහන්වන

1.අමාත්ය තනතුරුවලට අදාල විශයන් පිළිබඳ විසේසඥ සහ ප්‍රායෝගික දැනුමක් ඇති පුද්ගලයින් කීපදෙනකු රාජ්ය සභාවට පිටතින් ගැනීමේ සහ 3 අවුරුදු කාලයකට  යන කරුණු දෙකද මෙම ලේඛනයට එකතුවිය යුතුය. එහි සඳහන් 3 අවුරුදු කාලය පළමුව 1 අවුරුදු කාලයකට සීමා කිරීම මැනවයි දැන් මට සිතේ. මන්ද පළමු වසරේ ප්‍රගතිය අනුව, 2 සහ 3 දක්වා එය දීගුකළ හැකි බැවිනි. මා එසේ කියන්නේ 20.4.2022 වන දින ලන්කාවෙබ් පුවත් අඩවියේ පලවූ ලිපියේ සවිස්තරාත්මකව දක්වා ඇති පරිදි මේ අවස්ථාවේදී මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නොවන බැවිනි.එයවත් තේරුම්ගැනීමට නොහැකි කිසිවෙකු මේ රටේ පාලනයට කිසිසේත්ම සම්බන්ධවීමට තබා ඒ සඳහා සිහින දැකීමට හෝ සුදුසු නැති බව මගේ දැඩි අදහසය.

යෝජිත රජයේ සන්යුතිය සහ වැඩපිළිවෙල ප්‍රකාශකොට එවැනි රජයක් පිහිටුවීමත් සමඟම රට තුල වර්තමානයේ පවතින දේශපාලන සහ සමාජ උද්ඝෝෂන, අසහනය සහ අරාජිකත්වය මුළුමනින්ම නැතිවී  ජනතාවට සැනසුම් සුසුමක් හෙලීමට එය හේතු වියහැකියයි මම සිතමි.

නව රජය ප්රථමයෙන්ම සිදුකළයුතු කාර්යන්

1ජනතාවගේ එදිනෙදා ජීවිතයට අත්යාවස්ය සහල් පිටි, අල, පරිප්පු, ලොකු ළුුණු, කරවල සහ සීනි  වැනි ආහාර ද්‍රව්ය සහ, ඉන්ධන, ඖෂධ වැනි දේවල්, පෝලිම්වල පැය ගණන් නොසිට  හිගයකින් තොරව සාධාරණ මිලකට ලබාගැනීමට මෙන්ම ජලය, විදුලිය සහ ප්‍රවාහන සේවා අඛණ්ඩව ලබාගතහැකි  පරිසරයක් ඇතිකිරීම

2 අත්යාවස්ය භාණ්ඩ සඳහා දැඩි පාලනමිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ එය උල්ලන්ඝනය කරණ සහ භාණ්ඩ සඟවන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් දීම

3 වී වගාව ප්‍රධානකොට ඇති කෘශිකර්මාන්තයට, මෙන්ම අපනයන වැවිළි කර්මාන්තයට අවශ්ය රසායනික පොහොර සහ පළිභෝධ නාසක වැනි යෙදවුම් සාධාරන මිලකට හිගයකින් තොරව ලබාදීම.

4 ගෙවතු මුල්කොට ගෙන  දීපව්යාප්ත දැවන්ත ආහාර නිශ්පාදන වැඩ පිළිවෙලක් ගම් මට්ටමින් වහාම ඇරඹීම සහ  නිස්පාදිත භාණ්ඩ, ප්‍රවාහනය,අළෙවිකිරීම ගබඩාකොට තැබීමට සීතගබඩා  පහසුකම්, අලෙවි සන්වර්ධන දෙපාර්තමේන්තුවෙන් සැපයීම

5 පසුසම්පත් හා ධීවර කර්මාන්ත වලටද අවශ්ය සියලුම පහසුකම් ලබාදී විශේසයෙන්ම ධීවර කර්මාන්තය දැවැන්ත අපනයන කර්මාන්තයක් බවට පත්කළහැකි අන්දමින් සන්වර්ධනය කිරීම.

6 බහුතර ජානතාවගේ එදිනෙදා ජීවිතයට අනවස්ය, ඇපල්, මිදි චීස් සහ රට බීම වර්ග වැනි සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම වහාම නතර කිරීම

7 අතීතයේදී පැවති අන්දමට අඩු ආදායම් ලාභීන්ට සලාක ක්‍රමයට සහල්,පිටි සීනි වැනි අතයාවස්ය ද්‍රව්ය ලබාදීම සහ වැඩි ආදායම් ලබන පුද්ගලයින් සහ ආයතන වලින් වැඩි බදු අයකර ගැනීම

8 රජයේ අනවශ්ය වියදම් වහාම නතර කිරිම

9 පාසැල් යන ළමයින්ට ඇඳුම් සහ පොත් ලබාදීම වැනි අනවශ්ය දේවලට විරාමයක් තැබීම.

10. 13 වන විවස්ථා සන්සෝධනය සහ පලාත් සභා අහෝසිකිරී.

11මැති අමතිවරුන්ගේ වැටුප් වසරකට නතර කිරීම සහ ඔවුන්ට ලබාදෙන සියළුම අමතර දීමනා, වරප්‍රසාද  අහෝසි කිරීම සහ දැනට දී ඇති නිල වාහහන සියල්ල ආපසු ලබාගෙන වෙන්දේසියේ විකුනා එම මුදල් ඹාණ්ඩාගාරයට බැරකිරිම සහ ඔවුන් සියලුදෙනාටම විදෙස් ගමන් තහනම් කිරීම.මැතිසභා රැස්වීම වලට පොදු වාහනවලින් එන මෙන් දැන්වීම.ඒ සම්ඟම ඔවුන්ට දී ඇති පුද්ගලික සේවක මන්ඩල (ඇමති 25 රාජ්ය ඇමති?—) සහ ආරක්ශක නිලධාරින් ආදී සියල්ලද වහාම ඉවත් කළයුතුය

12 ශ්‍රී ලන්කා පරිපාලන සේවය ට අයත් නැති සියලුම අමාත්යාන්ශ ලේකම් වරුන්  සහ ශ්‍රි ළන්කා විදේශ සේවයට අයත් නැති සියළුම විදේශ සේවා පත්වීම් අවළන්ගු කල යුතුය.(අන්ක 11 සහ 12 යටතේ ඇති යෝජනා කීපය පමණක් කිරීම වුවද  ජනාධිපති වරයාටට නැවත ඉපදීමට, ප්‍රමාණවත් යයි මම කියමී

දෙවනුව

මෙම වැඩපිළිවෙල කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිපාලන යාන්ත්‍රණයක් සකස්කළයුතුය. 

1)         මෙම වැඩපිළිවෙල කාර්යක්ෂමව ක්‍රියාත්මක කළහැකි අදාල විෂයන් ගැන මනා පරිචයක් ඇති කුඩා අමාත්ය මණ්ඩලයක් පත් කිරීම

2) අදාල සේවාවන් කාර්යක්ශමව ක්‍රියාත්මක කළහැකි පළපුරුදු දක්ශ වෘතීය පරිපාලන සහ විදේශසේවා ලේකම් වරුන් ඇතුල වෘතීය නිලධාරීන්  රාජ්ය ආයතනවලට පත්කිරීම

3) රජයේ සේවයට බඳවාගැන්නීමේ පටිපාටියට  සහ ක්‍රම්වේදයන්ට පටහැණිව සහ භණ්ඩාගාරයේ  සේවා හා සන්ක්යා අද්යක්ෂකගේ නියමයන්ට පටහැනිව කිසිම රජයේ ආයතන්යකට කිසිම සේවකයෙකු අලුතෙන් බඳවා නොගත යුතුය.

මෙම ක්‍රියාත්මක වැඩපිළිවෙල නිසියාකාරව සිදුවේදැයි සොයාබැලීමට විෂේෂ ඒකකයක් බැගින් සෑම අමාත්යන්ශයකම පිහිටුවීම

4 රජයේ මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික මට්ටමේ අමාත්යන්ශ හා දෙපාර්තමේන්තු වලට අමතරව දිසා, උපදිසා සහ ගම් මට්ටමේ පූර්ණ වගකීම දිසාපති, ප්‍රාදේශීය උපදිසාපති සහ ග්‍රාමසේවා නිලධාරීන්ට පැවරීම.

(මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොරව සිදුකළ යුතුය.)

අඛණ්ඩ ප්රගති සමාලෝචනය

පළමුව සතිපතාද  දෙවනුව දෙසති පතාද ඉන්පසුව මාස්පතාද අඛණ්ඩව ප්‍රගති සමාලෝචනය කළයුතුය. සෑම මසක අවසානයේම කාර්ය සාධනය සමාලෝචන වැඩපිළිවෙලක් මගින් නිලධාරින් මෙන්ම ඇමැතිවරුන්ද ඇගයීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළයුතුය..

තෙවනුව ඩොලර් යුද්ධය ජයගන්නා හැටි

ණය ගෙවීම සහ හාණ්ඩ ආනයනයට අවස්ය ඩොලර් සොයා ගැනීම

1)         මහබැන්කුව මගින් දැනට කෙරීගෙන යන වැඩපිළිවෙලට අමතරව ලෝකය පුරා විසිරීසිටින ශ්‍රී ලාන්කිකයින්ට මාස්පතා රට ගොඩගැනීමේ අරමුදල නමින් මහ බැන්කුවේ විශේෂ ගිණුමක් ආරම්භකොට එයට තමන්ට හැකි මුදලක් එවනමෙන් නව ජනාධිපති වරයා ඔවුන්ට ආයාචනයක් කිරීම. ඒ සඳහා ඔවුන් උනන්දුකිරීම සඳහා විසේෂ ප්‍රතිලාභ ක්‍රමයක්ද ඇතිකළ යුතුය

ළොව පුරා විසිරී සිටින 10 ලක්ස්ගයකට අධික පිරිසකගෙන් මසකට එක් අයෙකු ඩොලර් 10 ක් එව්වත් එක් මසකට $ මිලියන 100 ක් ලැබේවි නේද 

2)  හෑම ශේස්ත්‍රයකම අපනයනය  ඉහල දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක් කිරීම. අපනයන කරුවන්ට අව්ස්ය සෑම පහසුකමක්ම ලබාදිය යුතු අතර, ඒ සඳහා ඔවුන් උනන්දුකිරීමේ විසේෂ වැඩ සටහනක් ඇතිකල යුතුය.

3) අත්යාව්ස්ය දේට පමණක් ආනයන භාණ්ඩ සීමාකිරීම

4) රට, අහරින් ස්වයන්පෝෂනය කිරීම. ඒ අතර වී වගාවට ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය දියයුතු අතර ඊට අවශ්ය ජලය,රසායනික පොහොර, පළිභෝධනාසක ආදිය සාධාරණ මිලකට ලබාදීම. මීට සමගාමීව අලි, ඌරන්, මුවන් ,ඉට්තෑවන්,වඳුරන්, රිළවුන්, දණ්ඩු ලේණන්, මොණරුන් සහ වෙනත් පක්ශීන් වැනි වනසතුන්ගෙන්  වගාවන්ට සිදුවන හානි (දැනට 35 %) අවම කිරීමේ දීපව්යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක් කිරිම.

5.ඊට සම්ගාමිව රටතුල  දැවැන්ත කෘශිකාර්මික, කාර්මික සහ සේවා ආදි සියළු අන්ශවලම අපනයනය කඩිනමින් වර්ධනය කිරීම මඟින් විදේශවිනිමය ලබාගැනීම වැඩි කරගැනීම සහ ඊට් අවස්ය ව්යාප්ති උපදෙස්, යෙදවුම් සහ වෙනත් සේවා සැපයීම.

මෙම වෙනස්කම් සමඟම පහත දැක්වෙන පරිදි ශුභවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි වාතාවරණයක් රට තුල ඇතිවිය හැක.

1 1948 න් පසු, කිසිම අව්ස්ථාවක සිදු නොවූ පරිදි, ප්‍රථම වතාවට මේ රටට හිතකර එසේම ගැළපෙන ජාතික ප්‍රතිපතියක් මත සියලුම දේශපාලන පක්ශ එකඟවීම මෙන්ම  සියළුම දේශපාලන පක්ශ ජාතියේ පෙර ගමනට එකම මාර්ගයකට ප්‍රවේශවීම.

(මේ වූ කලී මේ රටේ ඉතිහාසයේ අයිතිහාසික  සන්සිද්ධියක් වනු නො අනුමානය.මගේ අදහසේ හැටියට නම් මෙය සිදුවියයුතුව තිබුණේ 1948 ඊනියා නිදහස ලැබීමත් සමඟමය).

 2එසේම 1948 සිට මේ රට හා ජාතිය විනාශකළ, රට සන්වර්ධනය පසෙක තබා තමන්ගේ දේශපාලන බලය සහ මඩීය තරකරගැනීමේ එකම අරමුණ ඇතිව එකිනෙකා මරාගනිමින් මේ රටත් ජාතියත් යන දෙකම අද තිබෙන තත්වයට පත්කල, අධිරාජය වාදීන් විසින් අප බෙදා පාලනය කොට විනාශ කිරීමට අපට දායාදකොටදී ගිය මරඋගුලක්වූ, දේශපාලන පක්ශ ක්‍රමය අවසන්වීම ආරම්භවීම සහ පක්ශ දේශපාලනය නිසා උනුනුන් කුලල්කාගැනීම ද තාවකාලිකව හෝ නතර වීම.

3 අනෙකුත් හැමරටකම ඇත්තේ එක් ජාතියක් පමණක් නිසා මේ රටටද ඒ අනුව සින්හල/ශ්‍රී ලාන්කික නම්වූ එක් ජාතිය පමණක්බව ප්‍රකාශකොට එය විවස්ථාගත කළයුතුය. ඒ අනුව මින් පසු මේ රට බහු ජාතික, බහුවාර්ගික සහ බහු ආගමික අනාදි බහුභූත කතා කිසිවෙකු නොකියා සිටිය යුතුය, එසේම නොලියා සිටිය යුතුය. මේ තුලින් ජාතියේ පෙරගමනට නැතිවම බැරි ජාතික සම්ඟිය ස්ථාපිත වනු ඇත.

4 දේශප්‍රේමි, ජනතා සේවයට ඇප කැපවූ උගතුන් බුද්ධිමතුන් කීපදෙනෙකුගෙන් හෝ සමන්විත අමාත්ය මණ්ඩලයක් සහිත රජයක් පළමු වරට රටට ලැබීම

5.ඒ සමඟම රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ශුභවාදී මාවතට පිවිසීම,  යන සියළු ජාතික අපේක්ශාවන් ඉන් එකවර ඉටුවන නිසාය.

එබැවින් විපක්ශ නායකයා සහ ජාතික ජනබල වේගයේ නායකයා ඇතුලු කිසියම් දේශපාලකයකු හෝ පක්ශයක් හෝ මෙම ජාතික ප්‍රතිපත්ති නොපිලිගන්නේනම් එසේම ඊට විරුද්ධවේනම්  අනිවාර්යෙන්ම. ඔවුන් මේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් විය යුතුය. ඉන්පසු ඔවුන් සදාකාලික දේශපාලන වනසණ්ඩයට යනු ඇත.එසේම ඔවුන් නායකත්වයදරණ දේශපාලාන පක්ශද මියයනු ඇත, එක්සත් ජාතික පක්සය, ශ්‍රී ලන්කා.නි.ප, සමසමාජ, සහ ල. කො. ප. යනාදියට අත්වූ ඉරණම මේ පක්ශ දෙකටද  සිදුවීම නොවැලැක්විය හැක.

මේ රටේ දේශපාලන ස්ථාවරය ඇතිකිරීම සඳහා මෙම ලිපියෙන් මවිසින් ඉදිරිපත් කරණ සියළුදෙනාම විසින් පිළිගතයුතු, සාකච්චාකළ නොහැකි මූලික ජාතික ප්රතිපත්ති මාලාවක් පහතින් දක්වමි.

රටතුල පවතින අර්බුධකාරී තත්වයෙන් ජනතාව සහ රට මුදාගැනීමට යෝජිත ජාතික ප්‍රතිපත්ති.

වහාම ගතයුතු පියවර කීපයක්

1රජයේ අනවශ්ය වියදම් වහාම නතර කිරීම සහ ආදායම් වැඩි කිරීම

උදා: 1 අමාත්ය මණ්ඩලය මෙම ලිපියේ සඳහන් පරිදි වහාම 17 ට අඩු කිරීම

2 ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්කොට කැබිනට් ඇමතිවරුන් හුදු පඹයන් බවට පත්කොට ඇති විවස්ථා විරෝධී රජයේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ පාර්ලිමේන්තුවේ කොඩිගස් පමණක් බවට පත්වී සිටින රාජ්ය ඇමතිවරුන් වහාම ඉවත් කිරීම එසේ කළ විට අමාත්යාන්ශ 24 ක් වැසීයාම නිසසා ඊට අදාල කාර්යාල,නිලධාරින්න්,යාන වාහන සහ වෙනත් වියදමද කෝටි ගණනින් අඩුවෙනු ඇත

3 කිසිම වැඩකට නැති පින්පඩි කාරයින් රැළක්වන පලාත් සභා ආණ්ඩුකාරයින් වහාම ඉවත් කොට, 1987 සිට වසර 35ක් පුරා ඉන්දියාව සතුටු කිරීම සඳහා ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගාණක් විනාශකල එසේම  වරෙක ලන්කා රාජ්ය පාලනයේ මුදුන් මල්කඩවූ දිස්ත්‍රික් පාලනය විනාශකල ජාතියට සුදු අලියෙක් සහ හූනියමක් වූ පලාත් සභා වහාම අහෝසිකොට දිසාපතිවරුන්ට තම දිසාවේ රාජකාරිය කිරීමට යලිත් නිදහස දීම.

ඒ සමඟම ප්‍රාදේශීය පාලනයේ , වියළි කලාපය,තෙත් කලාපය සහ කන්ද උඩරට වසර 12 ක් වත් අවම සේවා පුරුද්දක් ඇති මහජන සම්භන්ධතාව පිලිබඳ විසේශ කුසලතාවක් ඇති දිසා මට්ටමේ  වසර 6 ක් වත් අතිරේක දිසාපති වරයෙකු වශයෙන් පළැපුරුද්දක් ඇති  ඊට අමතරව ජාතික මට්ටමේ  දෙපර්තමේන්තු  දෙපර්තමේන්තු ප්‍රධානි සහ අමාත්යාන්ශ සහකාර සහ අතිරේක ලේකම් වරයෙකු වශයෙන් වසර 6 ක හෝ අවම සේවා පලපුරුද්දක් ඇති දක්ශ, ජේෂ්ඨ ලන් ප. සේ නිලධාරීන් පමණක් දිසාපතිවරුන් වශයෙන් පත්කළයුතුය..

4 මැති ඇමතිවරුන්ගේ සියලු දීමනා සහ වැටුප් නතරකොට මෙතෙක් රටට හා ජාතියට කර ඇති පව් ගෙවීම සඳහා, රට යථා තත්වයට පත්වන තුරු,නොමිලේ සේවය කරන මෙන් දැන්වීම,ඔවුන්ට සපයාඇති සියළුම සොඛෝපහෝගී වාහන  වහාම රජයට ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනා මුදල් රාජ්ය හාණ්ඩාගාරයට බැරකිරීම

5 පාඩු ලබන රාජ්ය ආයතනවල ප්‍රධානීන් වහාම ඉවත්කොට ඒවා යථාතත්වයට පත්කළ හැකි අය පත්කිරීම

6 සියලුම අතිරික්ත අමාත්යාන්ශ සහ රාජ්ය ආයතන වසා දැමීම

7 සියලුම විශ්‍රාමික මැති ඇමහිවරුන්ගේ ඔවුන්ගේ පවුවල අයගේ  සහ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ සියලුම වරප්‍රසාද වහාම අහෝසිකිරීම කිරීම

8 අඩුම ගානේ 1977 සිට හෝ සියලුම දේශපාලකයින්ගේ වත්කම් පරීක්ශාකොට වැරැදිකරුවන්වන් සියලුම දෙනාට දණ්න්ඩුවම් කිරීම සහ යුතු අන්දමින් උපයාගෙන මේ රටේ හෝ විදේශවල තිබෙන සියළුම වත්කම් ශ්‍රි ලන්කා  භාණ්ඩාගාරයට ලබාගැනීම

8 අධිකරණය ,රාජ්ය සේවය සහ සියලුම විස්ව විද්යාල ස්වාධීන කිරීම

9 සියළුම රාජ්ය අයතනවල අතිරික්ත රාජ්ය සේවක්යින් වන්දි

ගෙවා ඉවත්කොට ස්වයන් රැකියාවලට යොමුකිරීම

10 ජාතික රාජ්ය වැටුප් ක්‍රමයක් හා අර්ථවත් අයබදු ක්‍රමයක් ඇති කිරීම.

11.මහපොල ආධාර ණයක් බවට හැරවීමෙන් අති විශාල මුදලක් රජයට ඉතිරි කරගත හැක

ආදී වශයෙන් මේ යෝජනා කීපයෙන් මේ පමණක් ප්‍රකෝටි කීයක් රටට ඉතිරිවේදැයි බලනමෙන් මම ජනාධිපහිවරයාට කියමි.

එක්සත්, සව්භාග්යමත් ප්රබල ශ්රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා සියළු දෙනාම ඒකමතිකව පිළිගත යුතු ජාතික  ප්රතිපත්ති මාලාවක්.

1 කි පු 307 සිට 1815 දක්වා නිලවශයෙනුත් එදා සිට අද දක්වාම නිලනොවන ලෙසිනුත් අඛන්ඪව වසර 2329 පැවති පරිදි මේ රට සින්හල බෞද්ධයින්ගේ පරම මාතෲ භූමියමිය බව මෙරටවාසී සෑමදෙනාම මෙන්ම සමස්ථ ලෝකවාසීන්ම අවිවාදයෙන් පිළිගතයුතුය

තවද කිසිම අවස්ථාවකදි කිසිවෙකුට ඒ තුල වෙනම වාර්ගික ප්‍රදේශයක් හෝ වෙනම පාලන ප්‍රදේශයක් හෝ වෙනම රාජ්යයක් ඉල්ලීමට අයිතියක් නැත. එබඳු ප්‍රකාශකිරීම හෝ ක්‍රියාවන්වල යෙදීම   රාජද්‍රෝහී වරදකි..

මේ අතර රටේ පුරවැසියන් වශයෙන් ජීවත්වන දෙමළ, මුස්ලිම් සහ වෙනත් සුළුජනකොටස් මේ බිමෙහි වසර 2500 කට වැඩි කලක් පුරා රටේ පරම උරුමකරුවන් වන සින්හලයින් සමඟසුහදව ජීවත් වී ඇත. ජාතියේ උරුමයට තර්ජනයක් නොවන තුරු ඔවුන්ද සින්හල අපගේම සොහොයුරන් වශයෙන් අපි සලකමු. කෙසේ වුවද අපගේ එම පරම උරුමයට ඔවුන් කිසිදිනක වචනයෙන් හෝ ක්‍රියාවෙන් තර්ජනයක් නොවිය යුතුය. එමනිසාම ඔවුන් කිසිවෙකුට මේ රටතුල අයිතිහාසික නිජබිම් හෝ වෙනමරාජ්යයන් ඉල්ලිමට කිසිදු අයිතියක්ද  නැත.එසේම මේ රටේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ ඒ බව විව්ස්ථා ගත කළ යුතුය.  එසේම සැමදෙනාම  ඒ බව පැහැදිළිව වටහා ගතයුතුය.

2රටේ නම සින්හලේ/ශ්‍රී ළන්කාව විය යුතුය ඒ හැර ඉලන්කයි, ඊළම්  ආදි වෙනත් වචනවලින් එය හැඳින්වීම රාජද්‍රෝහී අපරාධයක් වශයෙන් සැළකිය යුතුය.

3 මේ රටේ ජාතිය. ක්‍රි පූ.548 සිට පැවති පරිදි සින්හල /ශ්‍රී ලාන්කික වියයුතුය දෙමළ සහ මුස්ලිම් ජනකොටස් යනු මේ සින්හලයින්ගේ රටට විටින් විට පැමිණි සින්හලේ රජ්වරුන්ගේ සහ පසුව මේ රටේ පාලකයින්ගේ අනුග්‍රහය ඇතිව මෙහි පදින්චි පුරවැසිකම ලබාගත් සන්ක්‍රමනික ජනවර්ග පමණි. ඔවුන් අතීතයේදී කිසිම අවස්ථාවක මේ රට තුල වෙනම ජාතීන් වශයෙන් ප්‍රකාශ කොට නැත.එබැවින් වර්තමානයේද නොකළ යුතුය. එසේම එවැනි ප්‍රකාශ කිරිම හෝ කටයුතුවල යෙදීම රාජ්ද්‍රෝහී  අපරාධ්යක් වශයෙන් නීතිගත කළයුතුය

4 ක්‍රි ව පෙ 307 සිට අඛ්ණ්ඩව පැවති පරිදි අදද බුද්ධාගම මේ රටේ රාජ්ය. ආගම විය යුතුය, කෙසේ වුවත් සියළුම ආගම් ඇදහීමේ පූර්ණ අයිතිය සහතික කෙරේ.

5 රටේ රාජය භාෂාව 1978 විවස්තාවේ තිබුණු පරිදි නැවතත් සින්හල විය යුතුය (ඒ අනුව 16 වන විවස්ථා සන්සෝධනයද  අහෝසි කළයුතුය

7 බුද්ධාගම රටේ රාජ්ය ආගම වියයුතුය.

8 මේ රටේ,ජනාධිපති, අගමැති, අග්‍රවිනිස්චයකාරතැන,ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ නීතිපති        සින්හල යින්ම වියයුතුය

9 සියලුම ජනවර්ග,ආගම්,ආදිය මුල්කරගෙන පිහිටුවා ඇති සියළුම දේශපාලනපක්ශ තහනම් කළ යුතුය.

10 ඒකීය රටක් එක  නීතියක්     

11        මධ්යම කඳුකරයේ මු ම අඩි 5000 ඉහල අධිරක්ශිතයක් වශයෙන් ප්‍රකාශකොට 3500-5000 අතර විශාල තේ වතු තිබුණද සෑම වර්ගයේම ජනාවශ තහzනම් කළයුතුය. 

12 එක් ජාතික කොඩියක්. 1815 තිබුණ සින්හලේ කොඩිය

13 ජාතික ගීය දිවයින පුරාම ගායනා කළැ යුත්තේ රටේ රාජ්ය බාශාව වන සින්හලෙන් පමණි

14 නිදහස්  දිනය මැයි 22 වශයෙන් නැවතත් ප්‍රකාශකළයුතුය.

15 ජාතික ආර්ථිකයේ ගොවිතැනට මුල්තැනදිය යුතුය.

16 නව මැතිවරණ ක්‍රමයක්. පැරැණි ආසන ක්‍රමය යළි හඳුන්වා දිය යුතුය. අනුපාත, ම්නාප සහ බහු ආසයේ  ක්‍රමය ඉවත්  කිරීම, අපේශක්යන් තේරීම අදාල ආසන චන්ද දායකයින්ට දීම සහ අපෙක්ශකයකු වීමට අදාල චන්ද කොට්ඨාශයේ වසර 5 ක් ඉස්තිර පදින්චිය හෝ ඉපදී තිබීම අනිවාර්ය කිරීම

තවද මේ යටතේ රාජ්ය සභාවේ දැනට ඇති ආසන ගණන 95 දක්වා අඩුකොට දියවන්නවේ පාර්ලිමේතුව නැවතත් ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙන ආයුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවූ විට එම ගොනැගිල්ලද හිස්වන බැවින් එහි ගැටලුවක්ද ඇති නොවනු ඇත.

17 ජාතික ලැයිස්තුව අහෝසිකිරීම ඒ වෙනුවට රටට විසිස්ඨ සේවයක් කර ඇති යම් යම් ශේෂ්ත්‍ර පිලිබඳ විසේසඥ දැණුමක් ඇති කීපදෙනකු පත්කල මන්ත්‍රීන් වශයෙන් ගැනීමට විවස්ථාවේ ප්‍රතිපාධන සැලසීම.

18        දරුණු අපාරවලට මරණ දඬුවම

19 දේශීය සහ විදේශීය රාජ්ය සේවය වුර්තිකයින්ට පමණක් සීමා කිරීම

20 වෙනස්නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්

21 සෑමපුර වැසියෙකුටම රටේ ඔනෑම තැනක පදින්චියට, දේපල මිලදි ගැනීමට සහ රැකියා කිරීමට අව්ස්ථාව        

22        මේ රට ෆෙඩෙරල් රාජ්යක් කොට දෙමල බලය නන්ග්වා සින්හල බ්ලය බිඳ දමා සින්හල ජාතිය විනාශ කිරිමට            ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පැටවූ 1987 ජූලි 29  ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඒ තුළින් උපන් 13 වන විවස්ථා සන්සෝධනය අහෝසිකොට මේ රටට හා ජාතියට  හූනිමක් වි ඇති පලාත්සභා වහාම අහෝසි කිරීම.

23 මේ රටේ ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වන  දැනට පවතින අධික රජයේ නිවාඩු දින ගණන ජාත්යන්ත්‍ර  සාමාන්ය  ගණන වන 12 හෝ ඊට ආසන්න සන්ක්යාවකට අඩුකොට  වසරකට අපතේ යන මිනිස් දින ගණන රටේ සන්වර්ධනයට යොදාගතයුතුය.එය පහත සඳහන් පරිදි විය යුතුයයි යෝජනා කරමි

. නම                                   මාසය                    දින ගණන

1 සින්හල අලුත් අවුරුද්ද  අප්‍රේල්  13 &14               2

2 වෙසක්                             මැයි    වෙසක්  පෝය    2

3 ජනරජ දිනය                          මැයි  22                   1

4  ජාතික ගොවි කම්කරු දිනය    මැයි 1                   1

5  සින්හලේ ජාතික දිනය පොසොන් පෝය            1                                                

රජය විසින් තීරණය කලයුතු නිවාඩු දින 

6    ජාතික වීර දිනය                                                 1

7   පරිසර දිනය                                                         1

8 ජාතික ළමා  දිනය                                                 1

9 ජාතික මව්වරුන්ගේ දිනය                                    1

10 ජාතික වැඩිහිටි දිනය                                           1

මුළු ගණන                                                                12

මීට අමතරව සෑම පෝය දිනයක්ම රජයේ නිවාඩු දිනයක් කිරීමෙන් තවත් නිවාඩු දින 49 ක් රජයේ සේවකයින්ට එක්වෙයි, ඒ අනුව පාසල් සතියද සකස්කරගත හැක. මේ අනුව රටේ සින්හල බෞද්ධ අනන්යතාවද  ආරක්ශා වනු ඇත.

අනෙකුත් ආගමික නිවාඩු දින අදාල ආගම  අදහන අයට පමණක් සීමා කලයුතුය              

යෝජිත අමාත්ය මණ්ඩලය

ජනාධිපති; අමාත්ය මණ්ඩලයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා

1අග්රාමාත්ය, රාජ්ය ආරක්ශක,  බුද්ධසාසන හා සන්ස්කෘතික කටයුතු

2 මුදල් හා ක්‍රම සම්පදන හා රජයේ වැඩ

3 ඉඩම්,  වාරිමාර්ග සහ පරිසර සන්රක්ශන

4 කෘශිකර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ කුළුබඩු

5 කර්මාන්ත, බලශක්ති හා තාක්ශන 

6 අධ්යාපන සහ ක්‍රීඩා

7 අධිකර, නිතිය හා සාමය

8 සෞක්ය, ආයුර්වේද සහ සමාජසේවා

9 නිවාස, පලාත්පාලන හා ජලසම්පාදන

10 වෙලඳ හා නාවික කටයුතු

11 විදේස සහ ජාත්යන්තර කටයුතු (මෙම ඇමති ධුරයට නිතරම පත්කල යුත්තේ ශ්‍රි.ලන්.වි.සේ  විශිස්ඨතම නිලධාරියෙකි- ජාතික ළැයිස්තුවෙන්)

 12 ධීවර සහ සමුද්‍ර සම්පත් –

13 කම්කරු හා රැකිරක්ශා –

 14 ගමනාගමන, මහාමාර්ග හා ගුවන්සේවා 

 15 ප්‍රවුර්ති, ගුවන්විදුලි, රූපවාහිනී සහ ජනමාඩ්යධ්ය

16`උඩරට ගැමි පුනරුත්ථාපන සහ කන්ද උඩරට (ජාතියේ හදබිම ) සන් රක්ශනය 

17 ස්වදේශ කටයුතු රාජ්ය පරිපාලන හා ග්‍රාම සන්වර්ධන (මෙම ඇමති ධුරයට නිතරම පත්කල යුත්තේ ශ්‍රි.ලන්.ප.සේ විශිස්ඨතම නිලධාරියෙකි- ජාතික ළැයිස්තුවෙන්)

(ස්වදේශ කටයුතු, රාජ්ය පරිපාලන හා ග්‍රාම සන්වර්ධන අමාත්යාන්ශය මට භාර දෙන්නේනම් 1948 සිට නොකෙරුණු මේ රටට ගැලපෙන දිස්ත්‍රික්ක, ප්‍රාදේෂීය සහ ග්‍රාම පාලන ක්‍රමයක්  6 මසක් අතුලත මට මේරටට නිර්මාණය කොට දිය හැකි බව්ද ප්‍රකාශකරමි).

දැනට තිබෙන අමාහ්යාන්ශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්ය ආයතන සියල්ල (අනවශ්ය ඒවා වසාදැමීමෙන් පසු ඉතිරිවන) මෙම අමාත්යාන්ශ යටතට විධිමත්ව අන්තග්‍රහණය  කළ යුතුය

5 ජාතික ලැයිස්තුවෙන් ඇමතිමන්ඩලයට  ගත යුතු කීපදනෙක්

ආචාර්ය ගාර්වින් කරුනාරත්න

ගාමිනි විජේසින්හ හිටපු විඝණනාධිපති

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

ප්‍රභාත් මහනාම

වන්නියෑලෑ ඇත්තො

ආචාර්ය චන්ද්‍රේ ධර්මවර්ධන.

මෙම ළැයිස්තුවට ලක්ස්මන් කදිරගාම වැනි දෙමල නියෝජිතයෙක්ද ඇතුලත් කරගත යුතුය

                        (මොවුන් ඇමති තණතුරු භාරගැනීමට අසතුටුනම් යටත් පිරිසෙයින් ජාතික සැලසුම් මන්ඩලයේ උපදේශක වරුන් වශයෙන් හෝ

                                  **************

ත්රයි නිකායික මහානායක හිමිවරුන් ප්රමුඛ සමස්ථ භික්ෂු  සමාජයෙන් සහ දේශප්රේමි ශ්රී ලාන්කික ජනතාවගෙන්ම මේ අවස්ථාවේදි දේශප්රේමයෙන් මා ඉල්ලා සිටින්නේ (ඉතිහාශය පුරාම ඔබ සිදුකොට ඇති පරිදි ක්රියාත්මක්වී) මෙම සන්දේශයෙන් මවිසින් යෝජිත වැඩපිලිවෙල, අඩුපාඩු ඇත්නම් ඒවාද සම්පූර්ණකොටගෙන, වහාම ක්රියාවට නන්ග්වා අපගේ ආදරනීය මව්බිමත් සින්හල ජාතියත් පත්ව ඇති අනතුරෙන් බේරාගැනීමට පෙරමුණ ගන්නා මෙන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress