සාගර ජලය මදි හැඩුවා !
Posted on May 31st, 2022

From an FB post dated May 28

අද සිරස රාත්‍රී 7.00 ප්‍රවෘත්ති නැරඹූ බොහෝ දෙනෙකුගේ දෑසේ කදුළු බිදුවක් හෝ නොනැගුණා නම් ඒ පුදුමය කි.

එසේම ලේ කෝප වන තරම් දර්ශන ද එම ප්‍රවුර්ති විකාශනය අතර තුරවිය.

දුක හිතුනේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පුංචි තේ කඩයක තේ බීමට එන වතු කම්කරුව න් වැනි දිළිදු ගැහැණු න් ගෙන් සහ මිනිස්සුන් ගෙන් ආධාර ඉල්ලා දමා තිබූ දැන්වීමකි.

තේ කඩේ තබා ඇති පෙට්ටිය කට ලංකාවේ මිනිසුන් ට යැවීමට කීයක් හෝ දමන්න කියා තේ කඩ හිමියා දෑත් එක්කොට කරන ආයාචනයක්ද එහිවිය .

ඊලග ප්‍රවෘත්ති ය වූයේ අව්රුදු 8ක දැරිය ක් බයිසිකලයක් ගැනීමට කැටයක එකතු කරගත් රුපියල් දෙදාහක මුදලක් ලංකාවේ මිනිසුන් ට යැවීමට පාසැලේ විදුහල් පතිතුමා ට බාරදීමය .

දෙදහස් පන්සිය වසරක ඉතිහාසය ක් ඇති අභිමානවත් ජාතියකට අත්වූ අවාසනාවන්ත ඉරණම ඉහත ප්‍රවෘත්ති දෙක නිසා අපේ දෑස ට කදුළු ගෙන ආ හේතුව වේ.

ඊලග ඇගේ මාළු නටන්නට වූ යේ , මේ ආකාරයට තමිල්නාඩුවේ ජනතාව ගෙන් හිගාකා එකතුකොට නැවක පටවා මෙරට එවූ මොහොතේදී එය බාරගැනීමට V8, ප්රාඩෝ වලින් වරාය ගිය මැති මැටි වරු දැකීමෙනි .

ඇ මැටි කමක් තියා මන්ත්‍රී කමක් වත් නැති, “මං ඩීල් කාරයෙක් තමා” කියා නිර්ලජ්ජිත ව තමා වම ප්‍රසිද්ධියේ හදුන්වා දුන් වජිර අබේවර්ධන ද මගුළ් ගෙදර යනවා වාගේ සැරසී පැමිණි ආකාරයත්,

එම ආධාර බාර ගනිමින් G.L.පීරිස් ලොක්කා ඔලුව වනමින් තාලෙට ඇද පැද කී කතාව ත් ය.

ඔහු කීවේ “මේ වගේ ආධාර යක් මීට පෙර ඉතිහාසයේ කවදාවත් අපිට ලැබී නැති බවය .

එහෙම රෙදි ඇදගෙන කීමට මේ පප්පලාට ලැජ්ජාව ක් නැතිවාට , මේ රටේ නීති ගරුක , බදුගෙවන මිනිසුන් නං මේවා බලා සිටීමට වත් බැරිය .

කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සීනි හොරුන් ,සුදු ලූණූ හොරුන් ආරක්ෂා කරමින්ද, ජනපති වරයා ව පිස්සු වැට්ටූ 20 වැනි සංශෝධනය මහ ඉහළින්ම වර්ණනා කරමින්ද, කබ්‍රාල් කාරයා ට්‍රිලියන ගනනින් පන්දාහේ කොළ අච්චු ගැහුවාට උද්දමනය ක් ඇති නොවේය කියමින්ද, IMF යෑමට දැම්ම කලබල නොවිය යුතුය කියමින් ද,

පිස්සු කෙළින ආණ්ඩුව ට හරිපාර පෙන්නා දෙනවා වෙනුවට ඇ මැටි කම බේරා ගෙන ආතල් ගැනීම හොඳයයි කියා සිතා කටයුතු කිරීම ද නිසා ඉතිහාසය ගත ආධාර ඉන්දියාවෙන් ලබාගැනීම ට තමා ද ආධාර අනුබල දුන්නේ ය කියා මේ පප්පා නොකීවාට මේ රටේ ජනතාව මේ වන විටත් සුද්ද සිංහළෙන් ම ඒ බැව් කියනවා ඇත.

කෙසේ නුමුත් මේ කාළකන්නි දේශපාලකයො විසින් ම හිගමනට ඇදදැමූ අහිංසක මිනිසුන් ගේ දුක් කදුළු පිසින්නට තම රුපියල හෝ සතය පරිත්‍යාග කල තමිල්නාඩුවේ ජනතාව ට කදුළු පිරි දෑසින් අපි අපේ ආදරය පුදකරමු.

මන්ද අදටත් හොරාකෑ ඩොලර් කෝටි ගනනින් , එකඑකාගේ නමින් ,, ඩුබායි ,ශී ෂෙල්ස්, උගන්ඩා වැනි රටවල තියාගෙන ඉන්නා නීච දේශපාලන හොරුන්ට වඩා තමිල්නාඩුවේ තේ කඩකාරයා ත් අර කුඩා ගැහැණු ළමයාත් කොයිතරම් ශ්‍රේෂ්ඨ ද?

(උපුටා ගැනීමකි.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress