මිලින්ද මොරගොඩ සර්
Posted on March 10th, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

ගෝඨාභය ජනාධිපති මිලින්ද මොරගොඩට සර් කියා ඇමතුවාය යන කතාව අසා මගේ හිත බලවත් ලෙස සසල වූයේ, පුද්ගලයෙකු වශයෙන් ගෝඨාභය කෙරෙහි මා තුල පැවති ගෞරවය හා ආදරය නිසාය. විජේවීරගේ වෛද්‍යවරයා මෙන් ක්‍රියාකල වෛද්‍ය වසන්ත බණ්ඩාර සමඟ චමුදිත සමරවික්‍රම කල සාකච්චාව රටේ හැම සිංහල බෞද්ධයෙක් විසින්ම කියවිය යුතු වාර්තාවකි. (30) ගෝඨාභය මරලා මහින්ද ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණේ. රනිල් ප්ලැන් B @TruthwithChamuditha – YouTube

එක අතකින් සේපාල් අමරසිංහලා ඇතුළු පිරිසත් අනිත් පැත්තෙන් බෝන් අගේන් කල්ලිත්, දෙමළ බෙදුම්වාදීන්, ශාරියා කාරයින් හා න්ගො නඩ විසින් වටකරගෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට කරගෙන යන පහරදීම් ඉදිරියේ වසන්ත බණ්ඩාර, මාවරල් භද්දිය හිමියන් (දෙරණ චතුර අල්විස් සමඟ සාකච්චාව) යන අයගේ ජාතික මෙහෙවර අප අගය කල යුතුය. (30) අවුරුදු 60, 70ක් දේශපාලනය කරලා ලැජ්ජ වෙන්න ඕනෙද? | TALK WITH CHATHURA – YouTube

මීට කලින් මෙවැනි සර් කතාවක් ගැන මම ලිව්වේ මෛත්‍රීපාල ජනාධිපති වූ පසු ඔහු තවදුරටත් රනිල්ට සර් කියා දිගටම ඇමතීමට පුළුවන්දැයි රනිල්ගෙන් ඇසුවාය යන වාර්තාව දුටුවිටය. මට තිබූ කුහක මෙන්ම අහිංසක ප්‍රශ්ණය වූයේ ඉන් පසුව රනිලුත් මෛත්‍රීපාලට පෙරලා සර් කියා ආමන්ත්‍රණය කලාද යන්නය.  මිනිස් පංචස්කන්ධවල මෙම සිදුවීම් ඔවුන්ගේ චරිත පිළිඹඳ මිණුම් දඬු (මාපක, yardsticks, index)  වැනිය. ඇමෙරිකාවේ නම් ජැනිටර්ලාවත් අමතන්නේ සර් කියා වුවත් ලංකාවේ සර් කියන්නේ තමන්ගේ ගුරුවරුන්ට හා ගරුකලයුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ට පමණක් යයි මම සිතමී.

LankaWeb – රනිල් මල්ලී සහ චන්ද්‍රිකා අක්කා සර් ටෙස්ට් එක පාස්ද? කමත ටෙස්ට් එක (2016)

වසන්ත බණ්ඩාර විසින් පෙන්වා දෙන්නේ මිලින්ද මොරගොඩ තිරයෙන් පිටුපස සිට චීනය කොටු කිරීමේ ඉන්දු-ඇමෙරිකන් යුද දේශපාලන ව්‍යාපාරයට මුක්කු ගසන ආකාරය පිළිඹඳවය. ලංකාවේ සිට  පී. බී. ජයසුන්දර, කුමාරස්වාමි, ජයනාත් කොළඹගේ ලා මෙන්ම, කැබිනට් ඇමතිකෙනෙකුගේ බලය සහිත එකම තානාපති ලෙස මොරගොඩ දිල්ලියේ සිට ජයටම සිය දේවකාරිය ඇමෙරිකාව වෙනුවෙන් ඉෂ්ටකරමින් සිටී. ඔහුත් බෝන් අගේන් දැයි මම නොදනිමි. නමුත් ඇමෙරිකන් තානාපති කාර්යාලයට අනුව ඇමෙරිකන් සුරතලෙක් බව ඔහු සම්බන්ධයෙන් යවා ඇති විකීලීක් විසින් එලිකල කේබල් පණිවුඩ 150 න් ඔප්පුවන බව වසන්ත බණ්ඩාරගේ කතාවෙන් පැහැදිලිවේ. අධික වැටුප්ගෙවා පාත් ෆයින්ඩර් ජාලයට අල්ලාගෙන සිටින පංචස්කන්ධ ප්‍රමාණය අති විශාලය. 2005-2008 කාලයේ ඇමෙරිකවේ ලංකා තානාපතිව සිටි, විදේශ අමාත්‍යාංශයේ ලේකම්ව සිටි, දැන් පාත් ෆයින්ඩර් පදනමේ සභාපතිව ඉන්නා බර්නාඩ් ගුණතිලක මා දන්නා එක උදාහරණයක් පමණය. මෙවැනි ලිපියක් පලකිරීමට ඉතිරිව ඇත්තේ ලංකාවෙබ් වෙබ් අඩවිය පමණක් බව බොහෝ අය දන්නේ නැත.

==========


පාත් ෆයින්ඩර් මිලින්ද මොරගොඩ ට්‍රෝජන් අශ්‌වයෙක්ද?
Posted on April 19th, 2020.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මෙහි පහතින් දැක්‌වෙන්නේ මිලින්ද මොරගොඩ ගැන අන්තර්‌ජාල විකිපීඩියාවේ සඳහන් වා‌ර්‌තාවකි. මෙහි ඇත්ත-නැත්ත මම නොදනිමි. එහෙත් ගින්නක් නැතුව දුමක් නඟින්නේද නැත. ඒ කාලයේ තමන්ට එල්ලවූ අල්ලස්-දූෂණ චෝදනා වෙනුවට අද රටේ විශාල ඩොලර් බලයක් සහිතව මහ ඉහළින් වැජඹෙන මිලින්ද ගෙන් ප්‍රවේශම් වන ලෙස හාමුදුරුවරු වත්මන් ආණ්ඩුවට ප්‍රසිද්‌ධියේම අනතුරු ඇඟවීමක් කලේය. නිදහස් සංවාද වැඩබිමේ චපා බණ්ඩාර විසින් මිලින්දව සළකන්නේ මිලේනියම් උගුලේ ඔත්තුකරුවෙකු ලෙසය. මෙහි පහතින් ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලයේ රහස් කේබල් පණිවුඩය අනුව මිලින්ද නියමම, කදිම ඇමෙරිකන් ඒජන්ත කෙනෙක් බවට විවාදයක් නැත. මිලින්ද ගැන තොරතුරු රට වැසියාට පෙන්වාදීමට වගකීමක්, යුතුකමක් ඒ ගැන යමක් දන්නා අයට ඇත. මිලින්දට කරුණු පැහැදිලි කිරීමට අචස්‌ථාවක් ලැබෙන්නේද මෙසේ ඔහු ගැන ලිව්වොත් පමණය.

ඇමෙරිකාව ඒජන්තලා සොයා ගන්නා ආකාරය විෂ්මය දණවයි. එය ඔවුන්ගේ දක්‍ෂතාවයයි. උදාහරණයක් වශයෙන් 2010 රොබට් බ්ලේක් ගෙනා සරත් ෆොන්සේකා වෙනුවට 2019 දී හදිසියේම කඩාවැටුන මහේෂ් සේනානායක, ඇමෙරිකන් තානාපතිනියගේ ඉත්තෙක් බව දැනගන්නට ලැබුණේ චන්දයෙන් පසු මහේෂ් ඇමෙරිකා යුද කඳවුරක පරණ රක්‍ෂාවට පලාගිය පසුවය. සර්වෝදයේ වින්ද්‍යා ආරියරත්න හා තවත් ඉංජිනේරුවෙක් සමඟ මහේෂ් තානාපතිනිය මුණ ගැසී තුන්වන බලවේගයක් වශයෙන් නොමිනේෂන් දුන්නේය. සිදුවූයේ ඒ නිසා ගොඨාභයගේ චන්ද කැඩීයාම නොව තව තවත් වැඩිවීමය!

මිලින්ද උපන්නේ ඇමෙරිකාවේය. මිලින්ද විවාහ වුනේ ඇමෙරිකන් කාන්තාවක් සමඟය. ඒ කාලයේ කතාව වුනේ ඇය ජනාධිපති බුෂ් පවුලටද දුරින් සම්බන්‌ධ කෙකෙන් යනුය. මිලින්ද සුරතලෙක්‌වූයේ ඇමෙරිකන් රිපබ්ලිකන් පක්‍ෂයේ සෙනේට් සභිකයින් අතරය. ඔහු ප්‍රසිද්‌ධකල, විත් අ වෝම් හාර්ට්, අ කූල් හෙඩ් ඇන්ඩ් අ ඩීප් බ්‍රෙත්, නම් ලිපි එකතුවට (2003) පෙරවදනක් ලිව්වේ 2008 ජනාධිපති අපේක්‍ෂක‌වූ ජෝන් මැකේන්‌ය. සරත් ෆොන්සේකාට, රොබට් බ්ලේක් හෝ මාදුළුවාවේ සෝභිත හිමියන්ට මිචෙල් සෙසන් හෝ රංජන් රාමනායකට ඇලිනා ටෙප්ලිස් හෝ මෙන් නොව මෙවැනි මිලින්දගේ සම්බන්‌ධකම් හොඳින් අක් මුල් සහිතය. උදාහරණයක් වශයෙන් සමන්තා පවර්ස්ගේ මුද්ද ඉම්බ මංගල සමරවීරව, ඇමෙරිකන් රහස් සංදේශයේ සඳහන් කර තිබෙන්නේ ජෝකර් කෙනෙක් කියාය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ, පාත් ෆයින්ඩර් ක්‍රියාවෙන්, ලංකාව හැදීමේ පාත් ෆයින්ඩර් කමට මිලින්ද ඉබේම පාත් විය. මිලින්ද හා කෙළින්ම සම්බන්‌ධ දෙන්නෙක්ම (ජෙනරාල් දයා රත්නායක හා අද්මිරාල් මහාචාර්ය ජයන්ත් කොළඹගේ) ගෝඨාභය පාලනයේ ඉහළම තනතුරු දෙකක් දරණ බව චාපා බණ්ඩාර එලිකලේය. හාමුදුරුවරු එකනමක් වත් (ඔහුගේ සංවිධානයේ පඩි ලබන?) මිලින්දට ස්ත්‍රොත්‍ර ගායනා කලත් (ලිට්‍රෝ ගෑස් සල්ලි ලබාගෙන දඹරාවේ අමිල හිමි යහපාලන වේදිකාවේ සිවුර ගැලවෙන තරමට යකා නැටුවා මතකද), 2019 නොවැම්බර් 18 දා ගෝඨාභය දිනවා රටේ හාමුදුරුවරුන් කල විප්ලවය බකල් කිරීමට, මිලේනියම් හුටපටය කෙසේ හෝ රටට රිංගවීමට ඇමෙරිකාව ගන්නා නොනවතින උත්සාහයට ජනාධිපති අසුවේද යන සාධාරණ බියක් රටේ සිංහල බෞද්‌ධයින්ට ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා නම් දැන් නැතත්, අතීතයේ නම් හොඳ මිලින්ද වාදියෙකි.

මිලින්දගැන ඇති බියට හේතුව නම් ඔහුගේ අතීත හා වත්මන් ක්‍රියා යුරෝපය උතුම්‌ය යන ආකෘතිය මත පදනම්‌ව තිබීමය. ඔහු යෝජනා කරණ පාත් එක (ප්‍රතික‌ර්‍ම) ලෝක බැංකු පාරය. කොරෝනාවට පෙර තිබූ දුප්පත් රටවල් සූරා කෑ කොම්පැනි ධනවාදයට, මොන අන්‌දමින් හෝ පැලැස්තර දමා කොරෝනාවට පසු ලෝකයේ ඒවා දිගටම ගෙන යාමේ ඇමෙරිකන් ප්ලෑනට අඩතැබීම මිලින්දගේ අළුත් ප්‍රොජෙක්ට් එකේ අරමුණ බව පැහැදිලි වන්නේ, දැන් ඒ අළුත් උපක්‍රමය සඳහා ඔහු පත් කල 20 දෙනාගේ කොමිටියේ සාමාජිකයින්ගේ වතගොත සොයා බලන විටය. ඉන් බොහෝ දෙනෙක් යහපාලන කාලයේ රනිල්-මංගල-මලික්-රවි ගැත්තන්‌විය. මේ අය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන බුදු අම්මෝ අයද්, ඕ මයි ගෝඩ් අයද? පැහැදිලි එකම දේ නම් රටේ සිංහල බෞද්‌ධයින් වෙනුවෙන් ප්‍රසිද්‌ධියේ කතාකරණ එක් අයෙක්‌වත් මිලින්දගේ කොමිටිවල නොසිටීමය. එවැනි සුදුස්සන් නැද්ද, එවැනි අය ආරාධනාව ප්‍රතික්‍ෂේප කලාද,එසේත් නැත්නම් එවැනි අයවළුන් මේ වැදගත් කොමිටිවලට සහභාගි කරගන්නවාට විරුද්‌ධ බලවේගයක් යටින් තිබෙනවාද?

උදාහරණයක් වශයෙන් සංවර්‍ධනය සඳහා, නාස්තිය, කුණු කසළ හා වස-විස කළමනාකරණය පිළිඹදව ධර්‌මපාල පරපුරේ නිර්‌මාතෘ ඉඳුරාගාරේ ධම්මරතන හිමිඳුන් හා, අතුරැලියේ රතන, බොදු බල සේනාවේ ඥානසාර යන හාමුදුරුවරුන් ඉදිරිපත් කරණ පාත් එකට මිලින්දගේ පාත් එකේ ඉඩක් තිබේද? ග්‍රාම රාජ්‍ය සංකල්පය ගැන මිලින්දගේ අදහස කුමක්ද? රට යායුතු මෙග ව්‍යාපෘති පාරේද, නැත්නම් කර්‌ක් පැට්‍රික් සේල් ගේ හියුමන් ස්කේල් නම් පරිසරවාදී තිරසර සංවර්‌ධන පාරේද? මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මිලින්ද, ජනාධිපතිට දෙන සංදේශ ප්‍රසිද්‌ධ නොකරන්නේ මන්ද යන කරුණය. ඒවා රහස් ලියවිලි වන්නේ මොන ප්‍රජාතන්ත්‍රය යටතේද?

තවද මිලින්දගේ ඩී.එන්.ඒ (ජාන) වල මහාවංශ විරෝධී අංශු තිබිය හැකිය. ඔහුගේ සීයාගේ පියා රෙස්ට්‌හවුස් කීපර් කෙනෙකුගේ පුතෙකි. මේ පුතා (එන්. යූ. ජයවර්‌ධන) ඉගෙනගෙන අන්තිමේදී මහ බැංකුවේ අධිපති විය. ජේ. ආර්.මුදල් ඇමතිව සිටියදී නීති විරෝධි වැඩක් කරණ ලෙස ඔහුට කල ඉල්ලීම ඔහු ප්‍රතික්‍ෂේප කලේය (සර් ජෝන්ට එංගලන්තයේ වත්තක් ගන්නට විදේශ විනිමය දීමට). මේ නිසා ඔහුගේ රක්‍ෂාව අහිමි කලේය. ඔහු ලුනාව දේවාලයේ භාරයක් වෙමින් දේවාල මිදුල දිනපතාම අතුගෑවේය. පසුව බණ්ඩාරනායක අගමැති ඔහුව එම බොරු අල්ලස් චෝදනාවෙන් නිදොස් කලේය.

එහෙත් මේ දක්‍ෂ, අවංක සීයාගේ පුතා (ලාල්) හා ලේලි (විශාඛා කුමාරි සොයිසා) යුවල රට කැඩීමේ ඊළම් ව්‍යාපාරයට වක්‍රව හෝ දායක විය. තම්බයියාගේ (බොරු කරණාද ඇතුලත්) බුඩිසම් බිට්‍රේයිඩ් (1992) යන පොතේ පිටකවරයට තරුණ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ යක්‍ෂාරූඪ වූවා වැනි පින්තූරය සැපයූවේ සුදු මවක් සමඟ එංගලන්තයේ හැදී වැඩුණු මේ විශාඛා තොමෝය. සමහරු හිතුවේ ආනන්ද තිස්ස ද අල්විස් ගේ නම මෙන් මැයද ඇගේ නම අනුව හොඳ සිංහල බෞද්‌ධ උපාසිකාවක් කියාය! බෞද්‌ධයින් කුහකයින්‌ය යන ලේබල් එක ගෙනා ආ ඈ උග්‍ර මාක්ස්වාදියෙකි (ඒ පොත ලංකාවේ තහනම් කිරීමට මේ පින්තූරයද හේතුවක් විය. ගණනාත් ඔබේසේකරලා පොත තහනම් කිරීමට විරුද්‌ධ ලිපි ලියුවේය). ලාල්, ඊට යූ. එන්. ඕ. සරසවියේ වයිඩර් ආයතනය හරහා අරමුදල් සපයා, දිග පෙරවදනක්‌ද ලිව්වේය.

ඇන්.යූ. ජයවර්‌ධනගේ දුවගේ සැමියා, පින්තු මොරගොඩ (මිලින්දගේ පියා) ලෝක වාර්‌තාවක්ද තැබු අයෙකි. ගුණපාල මලලසේකර මහතා යූ.එන්.ඕ. සභාපති ධූරයට චන්දය ඉල්ලූ අවස්ථාවේදී එවකට එහි සේවය කල පින්තු, මලලසේකරට චන්දය දෙන ලෙස ඉල්ලා, ඔහුට පක්‍ෂ යයි සිතූ රටවලට යැවීමට පිලියෙල කල සංදේශය, මලලසේකරට විරුද්‌ධව චන්දය දේය සිතූ රටවලට යවා, මලලසේකරට පක්‍ෂව චන්දය දේයයි සිතූ රටවලට, ඔහුට විරුද්‌ධව චන්දය දේ යයි සිතූ රටවලට යැවීමට පිලියෙල කල අනිත්, වෙනස් සංදේශය යැව්වේය! මෙසේ පින්තු සිදුකල බරපතල අකරතැබ්බය අත්වැරදීමක්ද නැද්ද යන්න ගැන මලලසේකර මහතා සිතුවේ කුමක්දැයි අපි නොදනිමු. දිණන්නට සිටි මලලසේකර පැරදුණේය. පින්තෝ තවමත් ජීවත්‌ව සිටින නිසා ඔහුට අවංකව මෙය පැහැදිලි කල හැකිය. යූ.එන්.ඕ. වනාහි ලෝක හොර ගුහාවකි. යම් රහසක් කතාකරන්න ඕනෑ නම් ඒ සඳහා බිල්ඩිමෙන් ඉවත්‌ව මිදුලට එන්නේ චරපුරුෂ සේවය ඒතරමටම උග්‍ර නිසාය!

Political career of Milinda Moragoda

United National Party
During his political career of almost 10 years, Moragoda has worked in a number of key areas. He was a principal Government negotiators in the peace talks of 2002–2004. He was Minister of Economic Reform. He also gave leadership to the development and implementation of Sri Lanka’s ICT policy, E-Sri Lanka.
Moragoda was first entered to Parliament as a National List Member in 2000 with the United National Party (UNP) and was re-elected in 2001 and in 2004 from the Colombo District.[6]

Sri Lanka Freedom Party
Upon crossing over the government Moragoda was appointed as the Minister of Tourism by President Mahinda Rajapaksa. During his tenure, he was able to successfully implement the Tourism Act of 2001. In July 2009 he was appointed as Minister of Justice and Law Reform. Even though he sat and voted with the government, he remained a member of the opposition UNP until 2010 when he started the Sri Lanka National Congress (SLNC). The SLNC was disbanded in 2011 when Milinda joined the Sri Lanka Freedom Party, the main party of UPFA led by President Mahinda Rajapaksa. In the 2010 general election he lost his parliamentary seat.

In 2011 he became the UPFA’s mayoral candidate in the October 2011 municipal election in Colombo. He was elected to Colombo Municipal Council, becoming its opposition leader.

Allegations of Corruption
In 2007 Moragoda’s party was in the opposition having lost the 2005 elections to the UPFA. As the UPFA Government sought to expose corruption during the UNP regime the Parliamentary Committee on Public Enterprises (COPE) released a report accusing Moragoda of widespread corruption and abuse of power.
Mercantile Credit Ltd, a subsidiary of Mercantile Merchant Bank, founded by Moragoda was found to defaulted on loans of 4.7 Billion Rupees (which had been obtained by providing false information) while Moragoda was Minister for Economic Reform. COPE conducted three inquiries into these loans and their defaulting but on each occasion the investigations were never allowed to reach the final stages due to political pressure.
In 2002 Lanka Marine Service (Pvt) Limited owned by state-owned Ceylon Petroleum Corporation which sat on an 8.5-acre plot in the Colombo harbour was sold to the Sri Lankan conglomerate John Keells Holdings. The Supreme Court ruled that as then PERC chairman, Dr. P.B. Jayasundara and Executive Director of JKH Susantha Ratnayake had acted with dishonest intent in the sale of LMSL shares. The Bribery Commission also began investigations into criminal charges against Dr. Jayasundara, former Ministers Milinda Moragoda (PERC was under him) and Karu Jayasuriya (CPC was under him) on the charge of abusing public property in connection with this deal.
Before the investigation could reach conclude both Moragoda and Jayasriya crossed over to the government. Reporting on the privatisation of Lanka Marine Service COPE stated that by his actions Moragoda had at the very least incurred a loss of 1.7 Bn rupees for the government.

The COPE report also alleged severe irregularities in the privatisation of Sri Lanka Insurance which happened under the tenure of Moragoda. The report stated that Moragoda created a loss of over 3 Bn Rupees for the government solely through non-compliance with the 4th term of the contract. These investigations too were not concluded before Moragoda crossed over to the government.

Links to the USA
US Embassy cables released by WikiLeaks show Moragoda to be a long time information source of the US Embassy in Colombo. The cables also state the US Government’s interest in Moragoda as their key partner in Sri Lanka. Writing to Washington in 2003, then US Ambassador to Sri Lanka Ashley Wills says of Moragoda:

[Regarding] the U.S., the intelligent, articulate Moragoda is a perfect fit. born in Washington, D.C, he is a dual national Amcit (please protect) married to an American, with plenty of Washington connections, many from his days as a visiting fellow at the Heritage Foundation and at Harvard. A big picture” person, Moragoda is also highly aware that the U.S. is the most powerful country in the world, and he feels that it is better that Sri Lanka recognize that fact and work within it.

Other work
Moragoda has served as a member of the Commission on Legal Empowerment of the Poor, which was co-chaired by Madeleine Albright and Hernando de Soto.
He has founded a number of non-profit organisations. Among them is the Milinda Moragoda Institute for People’s Empowerment, under whose aegis operates a humanitarian de-mining programme in the North and East which has been in operation since 2002 and Apeksha, a free English Education Programme for children of low income families.

Honors….

One Response to පාත් ෆයින්ඩර් මිලින්ද මොරගොඩ ට්‍රෝජන් අශ්‌වයෙක්ද?”

  1. Hiranthe Says:
    April 19th, 2020 at 11:07 pm

This Moragoda can not be considered as a son of the land and a true son of Mother Lanka.

I agree 100% with Chapa of Nidahas web programme. MM is a dangerous visus you should not associate closely. I also feel very uncomfortable to see this fellow with the President because his organisation is like Corona Virus, waiting to infect and grab the land of Mother Lanka for their masters in the US.

Path Finder are very clever in recruting Kolambage and Daya Ratnayaka. Who knows how many other patriots who have been recruited by them??? Traitors never rest.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress