බුදුන්වහන්සේ සබ්බාස්‍රව සූත්‍රය සහ කායානුපස්සනාව තුල පැහැදිලි කරන ‘වය’ නොහොත් ‘ක්‍රියා සිත’ දකින ආකාරය – 1 කොටස
Posted on March 24th, 2023

තිස්ස ගුණතිලක

(මෙම ලිපිය 2023 මාර්තු මස 23 වනදා lankaweb අන්තර්ජාලයේ පලවු ‘භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase’ හා සම්බන්ධයි

https://www.lankaweb.com/news/items/2023/03/22/භාහිය-සූත්රය-තුල-සිහියට/ )

මෙහිදි හමුවන ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමට ධර්මයේ මූලික කරුනු කිපයක් නැවත මතක්කර ගත යුතු වෙයි.

  1. භාහිර ලෝකය – ඔබ ඉදිරියේ පවතින භාහිර ලෝකය රූප හැඩතල (චක්ඛු රූප, ශබ්ද රූප, ඝාණ, රස රූප හා ස්පර්ශ රූප) හා එම රූප හැඩතල වලින් නිකුත්වන තරංග (වර්ණ තරංග, ශබ්ද තරංග ආදි) වල සංයෝජනයක් වන ආත්මීය නොවන ස්වභාවයක් පමනක් බව පලමුවෙන්ම පසක්කර ගතයුතුය. භාහිරය ආත්මීයවන්නේ විඤ්ඤාණ මායාව තුලයි. එනම් භාහිරයේ අනාත්මීයව පවතින හැඩතලයකට පමනක් සීමාවී සිටි ‘අම්මා හෝ දරුවාගේ’ රූපය විඤ්ඤාණ මායාව තුල ‘කෙනෙක්’ වී ආත්මීය ස්වභාවයට එනම් ‘භවය’කට පත්වී  ඔවුන් නිසා අප තුල ‘ගින්නක්’ ඇතිකරයි. අම්මා හෝ දරුවා නිසා ගින්නක් (නන්දියක්) ඇතිවන්නේ ඔවුන් ආත්මීය කරගැනීම තුලයි. ‘ආත්ම දෘශ්ඨිය’ යනු මෙම සංසිද්ධියයි.
  2. ධර්මාවබෝධය – යනු භාහිරයේ ‘දෙයක් යමක් කෙනෙක් මමෙක්’ නැතිබව (ආත්මීය නොවනබව) අවබෝධ කිරීමයි. එනම් ආත්ම දෘශ්ඨියෙන් මිදීමයි.
  3. ධර්මාවබෝධයේ නිර්නායක – පලමු නිර්ණායකය (prerequisite) වන්නේ සියළුම දෘශ්ඨිවලින් මිදී සම්මා දෘශ්ඨිය ඇතිකර ගැනීමයි. සියළුම දෘශ්ඨි වලින් මිදුන තැන සම්මා දෘශ්ඨියයි. කර්ම විපාක දෘශ්ඨියෙන් මිදීම මෙයින් ප්‍රධාන වෙයි. 
  4. දෙවන නිර්ණායකය වන්නේ ‘සිත’ සහ ‘සිහිය’ යනුවෙන් වෙන්ව පවතින අවස්ථා දෙකක් ඇතිබව දැනගැනීමත් ඒවායේ ක්‍රියාවන් අවබෝධ කරගැනීමත්ය.

5. සිත/සිතුවිල්ල/අරමුණ යනු සංඥාවලින් සකස්වුන අරමුණ පවතින කාලසීමාව තුල පමනක් විද්‍යාමානවන වේදිකාවකි. Consciousness is a vertual platform simulated with perceptual experience. It manifests and desappears with the (perceptual) experience. 

‘සිත’ තුල ඇතිවන ක්‍රියාවලියේ ප්‍රතිපල හසුවන්නේ/දැනෙන්නේ ‘සිහිය’ටයි. මේ සඳහා සතිය පිහිටුවා ගත යුතුය. උදාහරණයක් ලෙස යම් සිතිවිල්ලක්/අරමුණක් 

  1. උපාදානවූ බව (බැසගත්බව), 
  2. භවය ඇතිවූ බව (භාහිරය යමක් දෙයක් කෙනෙක් නැතහොත් ආත්මීයවූ බව) හෝ 
  3. භව වු දෙයක් දකින විදින ‘මම’ ඇති වූ බව (ජාතිය පහලවූ බව) දැනෙන්නේ ‘සිහිය’ටයි.
  4. සද්ධර්ම අවබෝධයට අවශ්‍යවන විවිධ ඤාණ හසුවන්නේද සිහියටයි.

6. සිතේ ක්‍රියාවලිය සිහියට හසුවන බව දැනගැනීමට ‘සිහිය පිහිටුවා ගත යුතුය’. සිහිය පිහිටුවා ගැනීම යනු ‘සතිය’යි. යෝනිසෝමනසිකාරය යනු ‘අවදිකරගත්’ (awakening) නැතහොත් පිහිටුවාගත් සිහියයි. ත්‍රිපිටකය තුල අන්තර්ගත වන ‘නුවණැසින් දුටුවාවු’ යනු ‘සිහියට හසුවීම’යි.

7. සිහිය අවදිවන්නේ බොජ්ජංග ධර්ම (seven factors of awakening) වැඩීමෙනි. එවිට සියළුම නීවරණ ඉවත්වී ඔබ තුල නිරතුරැවම පවත්නා (inherent) ‘බුද්ධ ස්වභාවය’ මතුවේ. මෙම බුද්ධ ස්වභාවය ඔබට ප්‍රසාදයේ සිදුවන විපරිනාම වේගය හා එම වේගයට අනුකූලව සකස්වන ප්‍රසාදයේ කලා/ධාරා (phases) සිහියට හසුකර ගැනීමට උපකාරී වෙයි.

ඉහත සඳහන් සද්ධර්මයේ මූලික කරුනු අවබෝධ කල ඔබ දැන් ස්‍රතවත් ආර්ය ස්‍රාවකයෙකි.

ඉදිරි පියවර ඔබ සඳහා වෙයි.

tgunite@tpg.com.au

තිස්ස ගුණතිලක

2023 මාර්තු මස 25වනදා 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress