කර්නල් අශෝක අලස් මහතාගේ අභාවය අප රටට සිදුවූ විශාල පාඩුවකි
Posted on May 23rd, 2026
– සිලෝන් වොච් සමූහය වෙනුවෙන් පාලිත ආරියරත්න
කර්නල් අශෝක අලස් මහතාගේ අභාවය අප රටට සිදුවූ විශාල පාඩුවකි අභාවය අප රටට සිදුවූ විශාල පාඩුවකි. රට ආරක්ෂා කිරීමේදී මෙන්ම, නීතිය සහ සත්යය වෙනුවෙන් එතුමා පෙන්වූ අප්රහිත ධෛර්යය සදාකාලිකවම මතකයේ රැඳෙනු ඇත. එතුමා විසින් රචනා කරන ලද විශාල ලේඛන සංඛ්යාව සහ පවත්වන ලද 150කට අධික දේශානුරාගී සංවාද මාලාව, අපේ උරුමය සහ සත්යය සුරැකීමට එතුළ තිබූ කැපවීමට කදිම සාක්ෂියකි.
මාතර, අකුරැස්ස ‘මල්ලව නිවස’ අසලින් බැස මඳ දුරක් ගියවිට හමුවන එතුමාගේ නිවසේ දේහය දැනට තැන්පත් කර ඇත. අවසන් භූමදාන කටයුතු එළඹෙන සඳුදා අකුරැස්සේදී සිදු කෙරේ.
එතුමාට උතුම් වූ නිර්වාණ සුවය ප්රාර්ථනා කරමු!
– සිලෝන් වොච් සමූහය වෙනුවෙන් පාලිත ආරියරත්න