2022 ආර්ථික අර්බුදයට බලපෑ සැබෑ හේතු මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් හෙළිකරයි.. (වීඩියෝ)
Posted on May 10th, 2026
උපුටා ගැන්ම ලංකා ලීඩර්
2022 අරගලය පුපුරා යාම සඳහා ආර්ථික අර්බුදය පාවිච්චි කිරීම පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ආර්ථික අර්බුදයේ පළමු වගඋත්තර කරුවා කර ආර්ථික අර්බුදයට වගකිවයුතු සැබෑ වගඋත්තර කරුවන්ට බලයට පැමිණීමට අරගලය පාවාඩ එලුවාදැයි ප්‍රශ්නයක් පැන නගින බවය.
ඒ මහතා මේ බව පැවසුවේ මොහාන් සමරනායක මහතා විසින් රචනා කළ ‘ගාලු මුවදොර වර්ණ විප්ලවය’ හෙවත් ‘Regime Change ව්‍යාපෘතිය 2022’ කෘතිය සමාජ ගත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සව අවස්ථාවේදී ය.
ආර්ථික අර්බුදයක් ඇතිවීමට විශේෂයෙන්ම බලපෑ විදේශ සංචිත කඩා වැටීම පිළිබඳව සහ ස්වෛරීත්ව ණය ලබා ගත් ආකාරය පිළිබඳව ද ඒ මහතා මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..