බැඳුම්කර මගඩිය නිසා මේ වනවිට භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පොලී අනුපාත ඉහළ ගිය ප්‍රමානය – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
Posted on December 17th, 2018

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

යහපාලන රජයේ බැඳුම්කර මගඩිය නිසා මේ වනවිට භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පොලී අනුපාත විශාල ලෙස ඉහළ ගොස්‌ ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා zදිවයිනZ ට කීවේය.
2015 පෙබරවාරි මාසයේදී උද්ධමනය අඩුවෙමින් තිබුණත් මේ බැඳුම්කර මගඩිය නිසා පොලී අනුපාත ඉහළ ගිය බව ද ඔහු කීවේය.
මේ අනුව රජයට දේශීය ණය තොගය සඳහා සියයට 3 ත් 4 ත් අතර ප්‍රමාණයක්‌ වැඩියෙන් පොලී ගෙවීමට සිදුව ඇති බව ද ඔහු කියයි.
මේ අනුව 2014 දෙසැම්බර් 31 දින වන විට පැවැති මාස තුනේ භාණ්‌ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2018.11.30 දින වනවිට සියයට 9.87 දක්‌වාද
මැයි මාසේ භාණ්‌ඩාගාර බිල්පත් පොලී අනුපාතය සියයට 5.86 සිට සියයට 10.37 දක්‌වා ද
එසේම මාස දොළහේ භාණ්‌ඩාගාර බිල්පත් පොලී අනුපාතය සියයට 6.04 සිට සියයට 11.11 දක්‌වාද ඉහළ ගොස්‌ ඇතැයි ඔහු සඳහන් කරයි.
එසේම වර්ෂ 2 සිට වර්ෂ 30 දක්‌වා නිකුත් කර ඇති සෑම භාණ්‌ඩාගාර බැඳුම්කර පොලී අනුපාතයක්‌ම 2014.12.31 දින සිට පසුගිය 2018.11.31 දින වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇත.
මේ අනුව එම කාලයේදී වර්ෂ දෙකේ භාණ්‌ඩාගාර බැඳුම්කර පොලිය සියයට 6.22 සිට සියයට 11.35 දක්‌වාද,
වර්ෂ පහේ බැඳුම්කර පොලිය සියයට 7.26 සිට සියයයට 11.75 දක්‌වා ද,
වර්ෂ හයේ භාණ්‌ඩාගාර බැඳුම්කර පොළිය 7.57 සිට සියයට 11.87 දක්‌වාද
වර්ෂ අටේ භාණ්‌ඩාගාර බැඳුම්කර පොලිය සියයට 7.91 සිට සියයට 11.98 දක්‌වාද
වර්ෂ 10 භාණ්‌ඩාගාර බැඳුම්කර පොලිය සියයට 7.99 සිට සියයට 12.13 දක්‌වාද
වර්ෂ 15 භාණ්‌ඩාගාර බැඳුම්කර පොලිය සියයට 8.58 සිට සියයට 12. 30 දක්‌වාද
වර්ෂ 20 භාණ්‌ඩාගාර බැඳුම්කර පොලිය සියයට 9.15 සිට සියයට 12.45 දක්‌වා සහ
වර්ෂ 30 භාණ්‌ඩාගාර බැඳුම්කර පොලිය සියයට 9.27 සිට සියයට 12.30 දක්‌වාද ඉහළ ගොස්‌ ඇතැයි හිටපු බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress