ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර බෑ කිවුවා..- කොළඹ රුසියා තානාපති
Posted on June 1st, 2025

 lanka C news

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

රුසියානු ජනාධිපති වැල්දීමීට් පුටීන්ගේ ආරාධනාව ලිඛිතව තමන් ජනාධිපති අනුර දිසානායක මහතාට භාර දුන් බවත් නමුත් ඉදිරි මැතිවරණය පැවැත්වෙන නිසා තමන්ට ඊට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි අනුර දිසානායක ජනාධිපතිවරයා දැන්වූ බවත් හෙතෙම සඳහන් කළේය.

‘ජාත්‍යන්තර නීතිය තුළ බලය භාවිත කිරීම රුසියනු දෘෂ්ටිකෝණ’ මැයෙන් කොළඹ පැවති සමුළුවකදී ඔහු මෙම අදහස් පල කලේය.#

මම පසුගේ වසරේ ඔක්තොම්බර් පළමුවෙනිදා ඔබේ අභිනව ජනපති අනුර කුමාර රිසානායක මහතා හමුවීමට ගියා. එහිදී මම රුසියා ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රය භාර දෙන්නු ලැබුවා

එහි තිබුණේ රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට පැමිණෙන ලෙසට කළ ආරාධනයයි.

අපි සාකච්ඡාව පැවැත්තුවේ භාෂා පරිවර්තකයෙක් මාර්ගයෙන්. මම හිතනවා භාෂා පරිවර්තකයා නිවැරදි ලෙස ප්‍රකාශ කළ දේ සන්නිවේදනය කරන්න ඇති කියලා

එහෙදී ජනපති ප්‍රකාශ කළා ඔහුට ඉදිරි පැවැත්වෙන මහමැතිවරණය නිසා පැමිණීමට නොහැකි බව.

පළමුව රටක් බ්‍රික්ස් සමඟ එක්වෙනවා නම් ඊට අනුගමනය කළ යුතු පියවරයන් තිබෙනවා.

සාමාජිකත්වය ඇතුළු අනෙකුත් පියවරයන් සඳහා අනෙකුත් සාමාජික රටවල අනුමතියද අවශ්‍යයි.

රුෂියාවෙන් පමණක් බැහැ. රුසියාව චීනය ශ්‍රී ලංකාවට සහය ලබා දෙනවා.

ඔබ මේ සඳහා උනන්දුවක් දක්වනවා. ඔබ මේ සඳහා උනන්දුයිද. නමුත් මට ඒ ගැන නම් හැඟින්නේ නැහැ.

නමුත් ඔබ මේ සඳහා දැන් එහි වත්මන් සභාපති දරන බ‍්‍රසීලය සමග සාකච්ඡා කළ යුතුයි.ඒ ඔබේ රජය විසින් තීරණය කළ යුතු දෙයක්”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress