කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීම පසුපස අගමැති හරිනි.. කොළඹ උපකුලපති පුතුන්ට විදෙස් සරසවිවලින් පූර්ණ ශිෂ්‍යත්ව කප්පම්…
Posted on June 7th, 2025

 lanka C news

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය වසා දැමීම පිටුපස අගමැති හරිනි අමරසූරිය මෙන්ම කොළඹ විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ආණ්ඩුව කොතලාවල වෛද්‍ය පීඨය වැසීමට සූදානම් බව එය ප්‍රසිද්ධ කිරීමටත් පෙර මෙරට සිටින විදෙස් රටවල වෛද්‍ය පීඨ ඒජන්තයන් දැනගෙන කොතලාවල වෛද්‍යපීඨය වසා දමන බවත් දරුවන් තම ආයතන හරහා විදෙස් රටවලට යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ලොකු පුතා බෙලරුස්වල ද පොඩි පුතා රුසියාවේ ද පූර්ණ ශිෂ්‍යත්ව ලබා අධ්‍යාපනය හදාරන බවත් එම විශ්වවිද්‍යාවලට කප්පම් දීමට ආණ්ඩුව කොතලාවල වෛද්‍යපීඨය වසා දමන බවත් නලීන් බණ්ඩාර අනාවරණය කරයි.

ලංකාවේ ඉතාම ඉහළ ප්‍රමිතියක් සහිතව පවත්වා ගෙන යන කොතලාවල වෛද්‍යපීඨයෙන් වසරකට වෛද්‍යවරුන් 120-130ක් බිහි වන බවත් එය වසා දමා ඊට වඩා වැඩි මුදලකට අඩු ප්‍රමිතියේ විදෙස් වෛද්‍යවිද්‍යාල වෙත එම ළමුන් යැවීම මහා අපරාධයක් බවත් ඔහු අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් නලීන් බණ්ඩාර මේ බව කීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress