මැඩ්ලීන් නෞකාව(බලාපොරොත්තුවේ රුවල්):හෘද සාක්ෂියේ ගිනිපුලිඟුව හෙවත් අඳුර තුළ බැබළෙන මනුෂ්‍යත්වයේ හදවත් දොළහක්!
Posted on June 8th, 2025
විකල්ප
මැඩ්ලීන්(Madleen) නෞකාව, ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ආධාර රැගෙන යන ‘මානුෂීය යාත්‍රාව’, හුදු නැවක් පමණක් නොවේ. එය මිනිස් හෘද සාක්ෂියේ, සාධාරණත්වය-යුක්තිය පිළිබඳ මිනිස් ආශාවේ සහ මණුෂ්‍යත්වයේ සංකේතයකි. ගාසා තීරයේ ජනතාව මුහුණ දෙමින් සිටින ‘ජනසංහාරික තත්ත්වය’ තුළ ආහාර, ඖෂධ ඇතුලු මූලික අවශ්‍යතා හිඟකම/නොමැතිකම ඇතුලු අසීමිත දුක්ඛිත තත්ත්වයන් මධ්‍යයේ ඔවුන්ට හැකි උපරිම ලෙස සහය වීම සදහා මැඩ්ලීන් නැවේ ගමන් ගන්නා මිනිසුන්ගේ හදවත් තුළ ඇති සහකම්පනයේ හඬ හී ගැඹුරු බව ‘යහපත් ලෝකයක්’ තැනිය හැකි බවට තවත් ලෙසකින් අපට පණිවිඩයක් ලබා දෙනු ලබයි. එය හුදු ආධාර බෙදාහැරීමකට එහා ගිය ගමනකි. ගමනකට වඩා මනුෂ්‍යත්වයේ ගමනක ප්‍රභල සංඛේතයකි. එය මිනිස් හෘදයේ ගැඹුරුතම ආත්මීය හඬකි; එය නිහඬව සිටිය නොහැකි බව පවසන හෘද සාක්ෂියකි. ළගා වීමට ඇත්තේ තව පැය කිහිපයයි”(කිසිදු බාධාවක් සිදුනොවුනහොත්) යන ඔවුන්ගේ හඬ, බලාපොරොත්තුවේ හා අධිෂ්ඨානයේ ගිනිපුලිඟුවක් ලෙස ලෝකයේ හදවත් තුළ දැල්වාලීමට සමත් වී තිබේ. නැවේ ගමන, එක් ආධාර යාත්‍රාවකට ඔබ්බෙහි යමකි. එය ලෝකයට මතක් කරන්නේ, හෘද සාක්ෂියකින් යුතුව, එකම යාත්‍රාවකින් හෝ ලෝකයේ අඳුරුතම තැන් ආලෝකමත් කළ හැකි බවයි. ඔවුන්ගේ ගමන, ගාසාවේ ජනතාවට බලාපොරොත්තුවක් ගෙන එනවා පමණක් නොව, ලෝකයේ හෘද සාක්ෂියන් නැඟිටුවමින්, සාධාරණය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමට කරන ආරාධනයකි. මෙම නැවේ ගමන් කරන දොළොස් දෙනා අසාමාන්‍ය බලයක් හෝ එවැනි තත්ත්වයක් ඇති අය නොවෙති. ඔවුන් ද සාමාන්‍ය මිනිසුන්ය; මිනිසුන්ය. එහෙත්, ඔවුන්ගේ හෘදයන් තුළ ඇත්තේ ජන සංහාරයේ, සාගින්නෙන් දරුවන් මිය යන, හා මිලේච්ඡත්වයේ බිහිසුණු යථාර්ථය ඉදිරියේ නින්දට වැටිය නොහැකි හෘද සාක්ෂියකි. ඔවුන් එවැනි මිනිසුන්ය. ඔවුන් තුළ ආදරය, මනුෂ්‍යත්වය, යුක්තිය පිළිබද අතිශය ගැඹුරු, නොනිදන මානව ප්‍රේමයක් ඇති බව මගේ හිත කියයි. ඔවුන්ගේ ගමන, ආහාර හෝ ඖෂධ පමණක් නොව, මිනිසත්බවේ ගෞරවය හා යුක්තිය වෙනුවෙන් ලෝකයේ හදවත් එක් කිරීමේ බලාපොරොත්තුවක් ඇති බව මේ දවස් 7තුළ මා දුටුවෙමි. Read in full: here |