නීතියේ රං දේවාලයේ මහා පූජකයාගේ වෙඩිල්ල…
Posted on June 19th, 2025

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

පුදන්නට කුසුම් දෝතින්
නීතියේ ඇත්ත යදිමින්
ගියා එදවස නීතියේ රං දේවාලයට….
මහා පූජක තැබූ උණ්ඩය
පසාරු කරෙන් ළය
තෙත් වුණා රුධිරයෙන්
කුසුමාසනයම….
රුධිරය පෑන කළ
නීතිපති දේවාලය
වරද නිවැරදි කිරීමට
ගෙනාවා නීති ස‍ංශෝධනය “22”…..
බෲටස්ලා පිරිවරාගත්ද
සීසර් – ක්ලියෝපැට්‍රා
පේන තෙක් මානයක
නොමැති මේ සිරිලක….
කෙසේනම් බිහි වෙන්නද
මාක් ඇන්ටනියෙක්
ඇත්ත කියනට හුදී ජනයට…!

http://neethiyalk.blogspot.com/2025/06/blog-post_19.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress