මානව හිමිකම් කොමිසමට විරෝධය දැක්වීම.
Posted on June 21st, 2025

Mothers Movement

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දණ්ඩ නීති සංග්‍රහය 365, 365 (අ) A වගන්ති සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වීම.

LGBTQIA++ ක්‍රියා ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ) A වගන්ති සංශෝධනයට අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් LGBTQIA++ ක්‍රියා නීතිමය වලංගු භාවය ඇති කිරීමට පසුබිම නිර්මාණය කරමින් සිටී.

මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශ නිකුත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය සහ 10 වෙනි වගන්තිය සෘජුව අභියෝගයට ලක් වීම සිදුවේ. මේ තුළින් බුද්ධ ශාසනයේ චිරස්ථිතියේ උන්නතියට බාධාවක් සිදුවන අතර ඉස්ලාම්, හින්දු, කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් වල පදනම් ආරක්ෂා කිරීමට ඇති කාරණා සෘජුව තර්ජනයට ලක්වෙයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) 2 වගන්තිය වන සදාචාරාත්මක සමාජය සම්පුර්ණයෙන්ම මෙම LGBTQIA++ විකෘති ලිංගික ක්‍රියා තුළින් අභියෝගයට ලක්වේ. ජීව විද්‍යාත්මක කාන්තාව සහ පිරිමියා සෘජුවම මෙම LGBTQIA ++ තුළින් අභියෝගයට ලක්වේ.

මානව හිමිකම් කොමිෂන් සභාව LGBTQIA++ සුළුතර දහස් ගණනකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නිර්දේශ කිරීම බහුතර මිලියන ගණනක් ප්‍රජාවගේ අයිතිවාසිකම් බිලිදීම කිසි ලෙසකින් මව්වරුන්ගේ පෙරමුණ හැටියට පිළිගත නොහැකි කාරණාවක් ලෙස සලකයි. මෙහිදී LGBTQIA++ ක්‍රියා තුළින් සෘජුවම තර්ජනයට ගොදුරු වන්නේ කාන්තාවන් සහ දරුවන්ය. මේ පිළිබඳව මව්වරුන්ගේ පෙරමුණ විදිහට දැඩි විරෝධයක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත එල්ල කරන අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට හිමිකමක් නොමැති බව මව්වරුන්ගේ පෙරමුණේ අදහස වේ.

මව්වරුන්ගේ පෙරමුණේ ස්ථාවරය වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ) A වගන්ති සංශෝධනය කිරීමට ඉල්ලා ඇති නිර්දේශ ඉවත් කර ගන්නා ලෙසත්, විදේස් රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන අරමුදල් මත නිර්මාණය කරන LGBTQIA++ මතවාද ප්‍රතික්ෂේප කරන ලෙසත්ය. විදේශ අරමුදල් මගින් නිර්මාණය කරන LGBTQIA++ වැනි ලිංගික විකෘති මතවාද වලට මව්වරුන්ගේ පෙරමුණ කිසිලෙසකත් ඉඩ නොතබන බවයි. ඒ වගේම බටහිර සමාජ මතවාද අත්හදා බැලීම් වලට ශ්‍රී ලංකාව ගොදුරු කිරීමට කිසිලෙසකත් ඉඩ නොදෙන බව මව්වරුන්ගේ පෙරමුණ අවධාරණය කරමි.

+20

Mothers Movement

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress