මේ සිංහල ජාතිය සහ රට හමුවේ අද ඇති ලොකුම අභියෝගය
Posted on June 5th, 2026

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර

2026.ජූනි,04 මහනුවරදීය

අද සිංහල ජාතිය සහ මේ රට වැටි ඇති දේශපාලන, ආර්ථික, සාමාජික, ආගමික හා සදාචාරාත්මක අඝාධයෙන් ගොඩ ගැනීමේ එකම මඟ, ලොව පුරා සිටින සියළුම සින්හල බෞද්ධයින්, ජාතියේ මුරදේවතාවුන් වහන්සේලාගේ නායකත්වයෙන් සන්විධානයවී, මේ රට, එහි භූගෝලය, ඉතිහාශය සහ ශිෂ්ඨාචාරය පිළිබඳ මනා අවභෝධයක් ඇති රටට,ජාතියට සහ බුදු සසුනට ආදරය කරණ වර්තමාන ලෝකයේ අභියෝගයන් හමුවේ ඉදිරියෙන්ම සිටින රටක් බවට මේ රට පත්කළ හැකි දෙශප්‍රේමී ජාති හිතෛෂී විද්වත් කන්ඩායමක් මේ රට පාලන බලයට පත්කොට ගැනීමයි.

අද මේ රටේ උදාවී ඇත්තේ මේ සින්හල බෞද්ධ රටේ ඉතිහාසයේ මින් පෙර කිසිම දාක ඇති නොවූ අභාග්‍ය සම්පන්න, අවිනිශ්චිත  මෙන්ම අති භයානක කාලයකි. උද්ගත වී ඇති එම භයානක තත්වයෙන් රට,ජාතිය සහ බුදු සසුන බේරා ගැනීමට අප විසින්කළ යුතු එකම දෙය නම් මේ සමස්ථ සින්හල බෞද්ධ විරෝධී මාර සේනාව සහමුලින්ම පරාජයකොට ඊනියා අන්තර්ජාතික සහ ජාතික කුමන්ත්‍රණ කරුවන්ගෙන් මේ රටත්,සින්හල ජාතියත්, සම්බුද්ධ සාශනයත් ආරක්ෂාකර ගැනීමට, කේශර සින්හයින් මෙන් සින්හනාද කොට එකා මෙන් නැගී සිට එකාවන්ව අභීතව සටන් වැදීමෙන් පමණකැයි මම සිතමි.

එකී සටනේ නායකත්වය ගන්නාමෙන් මෙරට තුල මෙන්ම ලොව පුරා විසිරී සිටින සමස්ත සින්හල බෞද්ධ ජනතාවගෙන්ම මම ජාත්‍යාලයෙන්, දේශාභිමානයෙන් සහ ආගමානුආලයෙන් උදක්ම ඉල්ලා සිටිමි.මේ රටේ ඉතිහාශය පුරාම සිදුවූ පරිදි ඒ සන්ඳහා නායකත්වය දිය යුත්තේ වසර 2500කට වැඩි කාලයක් පුරා ජාතියට නායකත්වය දුන් ජාතියේ මුරදෙවතාවුන් වශයෙන් විරුදාව ලත් ගරුතර මහා සන්ඝ රත්නයයි.

ඉතිහාශයේ රට, ජාතිය සහ ශාසනය බේරා ගැනිමට සිවුරුහැර දුටුගැමුණු රජු සමඟ යුද්ධයට ගිය ථෙරපුත්ථාභය, මරණය ඇස්පනාපිටම දකිමින්   දළදා මැදුර අභියස මහමලුවේදි සුද්දාගේ කොඩිය බිමට ඇද දමූ වාරියපොල සුමන්ගල, 1848 මාතලේ නිදහස් සටනට නායකත්වය දීමේ වරදට 1848 බෝගම්බර දී බුද්ධ චීවරය පිටින්ම කෙශර සින්හයෙකුසේ සිටගෙනම සුද්දාගේ උන්ඩයට අභීතව පපුව දී වෙඩිකා අපවත් වූ ඒ වීර කඩහපොල හිමි,  සුද්දාගේ මිත්‍යා දෘෂ්ටිය සුණු විසුනුණු කොට පංචමහා වාදයකින් මේ රට තුළ පමණක් නොව ලොව පුරා  විශේෂයෙන්ම බටහිර ලෝකය පුරා බුදු දහමට ගෞරවනීය තැනක් ලාදුන්  මිගෙට්ටුවත්තේ ගුනානන්ද වැනි වීර හිමිවරුන් මෙන්ම 1956 දී මේ රට් තුල බණ්ඩාරනායක අගමැතිවරයාගේ නායකත්වය යටතේ  සින්හල බෞද්ධ පුනරුදයකට නායකත්වය දුන් විද්‍යාලන්කාර භික්ෂු සන්සදය සහ එක්සත් භික්ෂු පෙරමුණේ හිමිවරුන් වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙහිදී මගේ සිහියට නැගේ.

ඒ අභීත සහ උදාර යතිවරුන්ට කෙරෙන ගෞරවයක් වශයෙන් වර්ත මානයේද උදාවී ඇති ජාතික හා සාශනික විනාශයෙන් මේ රට  බේරා ගැනිම සහ සින්හල බෞද්ධයින්ගේ වසර 2500 කට වඩා පැරණි ජාතික උරුමයන් ආරක්ෂාකොට ගැනීම සඳහා මේ රටේ පමණක් නොව ලෝකය පුරා විසිරී සිටින සියලුම සින්හල බෞද්ධයින් වහාම සන්විධානය වී  සින්හල බෞද්ධ නායකත්වයකින් යුත් සින්හල බෞද්ධ ආණ්ඩුවක් පිහිටුවා ගැනිමට අප්‍රමාධව වහාම පියවර ගතයුතුයයි මම සිතමි. 

ඒ සඳහා අනිවාර්යෙන්ම ත්‍රයිනිකායික මහානාහිමිවරුන් ඇතුළු ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා වන මහා සන්ඝරත්නය පෙරමුණ ගත යුතුයි. එසේම මේ සඳහා සමස්ථලන්කා බෞද්ධ සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා ඇති සියළුම බෞද්ධ සමිති වහාම සන්විධාන විය යුතුයි. ඒ සඳහා මහාසන්ඝ රත්නය වෙනුවෙන් මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහ්න්සේලා ද එසේම සින්හල බෞද්ධ ගිහියන්ගේ ජාතික නායකයා වන දියවඩන නිළමේද එසේම සියළුම දේවාලවාල බස්නායක නිලමේ වරුන්ද පෙරමුණ ගෙන දවස පුරා පැය 24ම නොනිනිදා සටන් කළ යුතු කාළයකුයි දැන් උදාවී තියෙන්නේ.

මේ රට තුල සිටින රට දැය හා උතුම් සසුන ගැන මෙලෝ අවභෝධයක් හෝ ආදරයක් නැති සියළුම දේශපාලුවන්ගෙන් මෙන්ම අන්තර්ජාතික කුමන්ත්‍රන කරුවන්ගෙන්ද මේ රටත්, සින්හල ජාතියත් සම්බුද්ධ සාශනයත් ආරක්ෂාකර ගැනීමට සින්හනාද කොට නැගී සිටිනමෙන් මේ රටේ මෙන්ම ලොව පුරා සිටින සමස්ථ සින්හල බෞද්ධ ජනතාවගෙන්න්ම ජාත්‍යාලයෙන්,දේශාභිමානයෙන් සහ ආගමානු ආලයෙන් මම උදක්ම ඉල්ලා සිටිමි. දේශහිතැති, ජාතිහිතැති ඔබ තුමන්ලා දැනටමත් ඒ සටනට  ප්‍රමාද  වුවා වැඩි බව මගේ අදහසයි.

 එසේ පෙරමුණ ගෙන සන්විධානය වී ඉතිහාසහයේ ආරම්භයේ සිට මේ රටේ තිබුණු සින්හල බෞද්ධ රාජ්‍යය වහාම නැවත පිහිටුවා ගැනීම සඳහා පෙරමුණ ගන්නා මෙන් ඔබ සැමගෙන් දේශාභිමානයෙන් සහ ජාත්‍යාලයෙන් යුතුව උදක්ම ඉල්ලාසිටිමි.

වර්ෂ 1505 සිට පෘතුගීසි, ඕලන්ද සහ ඉන්ග්‍රීසි අධිරාජ්‍යවාදී ආක්‍රමනිකයින් විසින් මේ රටේ සින්හල බෞද්ධ රාජ්‍ය සහ සන්ස්කෘතිය විනාශකිරීමේ සියළුම කුමන්ත්‍රන පරාජයකොට මේ සින්හල රටත්, සින්හල ජාතියත් එසේම සින්හල ශිෂ්ඨාචාරයේ ආත්මය වන සම්බුද්ධ සාශනයත්  විනාශකිරීමට මේ රටේ ජාතිකත්වයක් නැති, මේ රට කුමක්ද,එහි භූගොලය කුමක්ද, ඉතිහාසය කුමක්ද, මේ මහපොලවේ මුල්බැසගත් ශිෂ්ඨාචාරය කුමක්ද කියා නොදන්නා සුද්දන් විසින් 1799 සිට දකුණු ඉන්දියාවෙන් මේ රටට ගෙන ආ ඔවුන්ගේ වහලුන් වන මලබා දෙමලුන්, 1870 න් පසු සුද්දන් විසින් උඩරට තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් 1948 දී ඔවුන් රටින් පිටව යනවිට මෙහි අතරමන්කොට ගිය සුද්දාගේ වතු කම්කරුවන් සහ මුස්ලිම්වරුන්ට සහ ක්‍රිස්තියානි කාරයින්ගේ චන්ද  ලබාගැනීම සහ දේශපාලන බලය රැකගැනීම සඳහා පමණක් පිස්සුකෙළින සියළුම සින්හල  දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ආගම් ද්‍රෝහී බලවේග පරාජයකොට අප සැමදෙනාම, සින්හල කම,බෞද්ධකම සහ මනුස්සකම හදවතෙහි රුවාගෙන එක්සිත්ව එක්සත්ව මේ රට නැවතත් ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨතම, සව්භාග්‍යතම මෙන්ම සදාචාරාත්මකම සහ ප්‍රීතීමත්ම රට බවට පත්කර ගැනීමේ මුල්ගල තබමු.

එසේ කොට අපගේ වීරෝදාර මුතුන්මිත්තන් විසින්

ක්‍රි. පූ. 2 වන සියවසේ සිට 13 වන සියවස දක්වා සිදුවු දකුණු ඉන්දීය චෝල, මාඝ ආදී අක්‍රමනිකයින්ගෙන්ද ක්‍රි.ව. 1505 සිට 1948 දක්වා පෘතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි යන බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමනිකයින්ගේ සටන් වලදී ලක්ෂ සන්ක්‍යාත ජීවිත පුජා කොට අපට ආරක්ෂා කොට දුන් මිහිපිට පාරාදිශයක් බඳු මේ පින් බිම  අපගේ අනාගත පරම්පරාවටද  උරුමකොට මිය යාමට ඔබ අප සියලුදෙනාම සපථකොට  මේ වීරෝදාර ධර්ම යුද්ධය මෙහෙයවමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress