PTA යටතේ සුරේෂ් සාලි දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබා ගැනීම සහ කෲර සැලකීම
Posted on June 8th, 2026
පුවත්පත් නිවේදනය 2026 ජූනි 8 ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කැඳවුම්කරු හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රධාන විධායක නිලධාරි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවන් සුරේෂ් සාලි මහතා දින 100කට වඩා රඳවා තබාගැනීම හා කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි.
2019 පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශනවලට සම්බන්ධව සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 දින අත්අඩංගුවට ගනු ලැබීය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව 2026 මැයි 4 වැනිදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තාව (MLEF අංක 50/2026) මගින් හෙළිවන කරුණු මෙසේය.
අමානුෂීය රඳවා ගැනීමේ තත්ත්වයන්: පැය 24 පුරා ආලෝකමත් කරන ලද (අඩි 6 අඟල් 4 x අඩි 4 පමණ) ක කුඩා සිරකුටියක දින 40ක් පමණ බිම නිදා ගැනීමට සිදුවීම, කැරපොත්තන් සහ මීයන් සිටීම, වැසිකිළි ප්‍රවේශය සීමා කිරීම, දඬුවම් කුටියක රාත්‍රී 4ක් තැබීම.
අවමන් සහගත ශරීරය පරීක්ෂා කිරීම – තවත් අය ඉදිරියේ ඇඳුම් ගලවා ශාරීරික පරීක්ෂාවකට ලක් කිරීම.
ශාරීරික බලපෑම්: මාස 2කින් කිලෝ 6-7ක බර අඩුවීම, සමේ රෝග, පෝෂණ ඌනතා ඇතුළත් විටමින් ඩී ඌනතාව, සුළු වශයෙන් ඉහළ ගිය රුධිර සීනි හා කොලෙස්ටරෝල්, උග්‍ර වූ හිසරදය.
මානසික සෞඛ්‍ය බලපෑම: දරුණු අවපාත තත්ත්වයක්, කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ලක්ෂණ හඳුනාගෙන ඇත. අධිකරණ මනෝ වෛද්‍යවරයා මේවා වධහිංසා හෝ අයහපත් සැලකීම්වලට විශේෂ ලක්ෂණ” ලෙස විස්තර කර ඇති අතර, සියදිවි නසාගැනීමේ ඉහළ අවදානමක් ඇති බව සඳහන් කර ඇත. අභ්‍යන්තර බිඳවැටීම, දුර්භීති සිහින, ආහාර රුචිය නැතිවීම, වරදකාරී හැඟීම් සහ නිරන්තර ආතතිය ඔහුගෙන් වාර්තා වී ඇත.
උග්‍ර බාහිර තුවාල නොමැති නමුත් නඩු විභාගයට සුදුසු බවත් වාර්තාව සඳහන් කළ ද, සුදුසු පරිසරයක වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරයි.
පොලිසිය පවසන්නේ තුවාන් සලේ ට සාමාන්‍ය ලෙස සලකන බවයි. PTA රැඳවුම්වල අයහපත් සැලකීම් සහ නොසලකා හෑරීම, ආහාර ලබානොදීම, ත්‍රස්ත පනතේ විධිවිධාන මගින් විධිමත් චෝදනා නොමැතිව වසරකට වඩා පරිපාලනමය රඳවා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබන පුද්ගලයින්ට කෲර හා අමානුෂික ලෙස සැලකීම සාමාන්‍ය තත්වයක් බව පොලිස් ප්‍රකාශයෙන් ගම්‍ය වේ. සමාන තත්ව යටතේ රඳවා ඇති PTA රැඳවියන් සම්බන්ධයෙන් තත්වය ද ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල අවධානයට යොමු විය යුතුය.
වධහිංසා සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් වලට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලය [the Optional Protocol to the Convention against Torture (OPCAT) ]යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගකීම් සහ එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ උප කමිටුව [ UN Subcommittee on Prevention of Torture (SPT)] ඉදිරියේ දී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න රැසක් මතු කරනු ඇත.
ෆ්‍රී ලෝයර්ස් සංවිදානය රජයෙන්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ:
1. සුරේෂ් සලේ සහ සියලු PTA රඳවියන්ට සුදුසු චිකිත්සක පරිසරයක ස්වාධීන, පුළුල් වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ පවුලේ සාමාජිකයින් හා නීතිඥ උපදේශ සඳහා නිතිපතා ප්‍රවේශය සහතික කරන්න.
2. සියලු රඳවියන් වහාම වෘත්තීය පළපුරුද්දක් සහිත අධිකරණ බලධාරීන්ට ඉදිරිපත් කර හඳුනාගත හැකි කරුණු සහිත නම් ඔවුන්ට චෝදනා ගොනු කරන ලෙස හෝ එසේ නොවේ නම් ඔවුන් නිදහස් කරන්න.
3. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල සහ ජාත්‍යන්තර අත්සන් කර ඇති කැපවීම්වලට අනුකූලව සියලු රැඳවුම් ස්ථානවල වධහිංසා, අයහපත් සැලකීම් සහ අත්තනෝමතික රඳවා ගැනීම් වලට එරෙහි මූලික ආරක්ෂාවන් සහතික කරන්න.
4. අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ රැඳවුම් සඳහා ඉඩ සලසන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන ඉවත් කිරීම හා අර්ථවත් ප්‍රතිසංස්කරණ හෝ පනත අවලංගු කිරීමේ ක්‍රියාවලිය දැන්වත් ආරම්භ කරන්න.
කෲර හිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, රජයේ බලධාරීන් සහ ඉදිරියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ දූත පිරිස කමිටුව [UN Subcommittee on Prevention of Torture (SPT)] සමඟ සවිස්තර තොරතුරු සැපයීමට සහායවීමට සහ වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට දායකත්වය සැපයීමට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සූදානමින් සිටී.
සුරේෂ් සලේ නඩුව තනි හුදෙකලා සිද්ධියක් නොවේ. එය පුද්ගලයින්ගේ අභිමානයට සහ අයිතිවාසිකම්වලට තර්ජනයක් වන පරිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදු කරන ‘රඳවා ගැනීමේ රාමුවේ පද්ධතිමය දුර්වලතා’ පිළිබඳ පිළිබිඹුවකි.
යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය යථා තත්වයට පත් කිරීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.
පුවත්පත් නිවේදනය 2026 ජූනි 8 ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කැඳවුම්කරු හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රධාන විධායක නිලධාරි
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
2026 ජූනි 8