ක්‍රි.පූ. 307 පොසොන් දෙපෝ දිනයේ උපත ලැබූ මේ සින්හල බෞද්ධ රටේ ජාතික දිනය වශයෙන් දැන්වත් පොසොන් දෙපෝ දිනය ප්‍රකාශ කළ යුතුය
Posted on June 3rd, 2025

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994) 

සින්හල බෞද්ධ ජාතියේ උපත සිදුවූයේ ක්‍රි. පූ. 307 වන සියවසේ පොසොන්පෝය දිනයේ දී සිදුවූ ඒ අසිරිමත් මහින්දාගමනයත් සමඟය.  එබැවින් අනිවාර්‍යෙන්ම මේ රටේ ජාතික දිනය විය යුත්තේ පොසොන්පෝය දිනය මිස වෙනත් කිසිම දිනයක් නොවේ.  එමනිසා පොසොන්පෝ දිනය දැන්වත් මේ සින්හල බෞද්ධ රටේ ජාතික දිනය වශයෙන් ප්‍රකාශකොට එය ව්‍යවස්ථාගත කළ යුතුය.ඒ සමඟම මේ රටේ හෝ සින්හල ජාතියේ ආරම්භයට කිසිදු සම්භන්ධයක් නැති පෙබරවාරි 04 ජාතික දිනය වශයෙන් ප්‍රකාශකොට ඇති 1978 ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය නමැති කුණුහරුපයද වහාම පරිච්චින්න කළ යුතුය.

ඒ සමඟම ඉන්පසු සින්හල බෞද්ධ ජාතියේ  සැබෑ ජාතික දිනය වශයෙන් පොසොන්පෝය දිනය වසරක් පාසා රාජ්‍ය අනුග්‍රහය ඇතිව රට පුරා සැමරිය යුතුය. එසේම ජාතික වැඩපිළිවෙලක් වශයෙන් රට පුරා සියලුම පාසැල් සහ පන්සල්වලද සියළුම විශ්වවිද්‍යාල වලද මෙදිනට මෙම සැමරීම අනිවාර්‍ය කළයුතුය.එසේම රටපුරා නිවසක් නිවසක් ගානේ ධජ කොඩි නන්වා එය සැමරිය යුතුය.එවිට ඒ තුලින් මේ රටේ සමස්ථ ජනතාව මෙන්ම බාල පරම්පරාව තුලද කුඩාකළ සිටම ජාතිකානුරාගය වර්ධනය වීමෙන් ජාති‍යානුරාගය සහ දේශාභිමානයෙන් සන්නද්ධවූ ජනතාවක් හා ජාතියක් රට්තුල බිහිවණු ඇත. ඒ තුලින් මේ රටේ නවතම ජාතික පුනරුදයක් ඇතිවී මරනින්දේ පසුවන මේ සින්හල ජාතිය යළි කේශර සින්හයින් මෙන් අවදිවී යලිත් නැගීසිටිණු ඒකාන්තය.

මේ රටේ හා ජාතියේ ආරම්භයේ සිටම  අඛණ්ඩව පවත්වාගෙන එන ජාතික සම්ප්‍රදායන් අනුව සිදුකෙරෙන ශ්‍රී දළදා හිමියන් ආරක්ශාකිරීම, බුද්ධ ශාශනය සුරක්ෂිතකොට පෝෂනය කීරීම මෙන්ම මෙම ජාතික දිනය වාර්ෂිකව සැමරීමද රාජ්‍ය නායකයාගේ සහ රජයේ පරම වගකීමක් වන බවටද ව්‍යවස්ථාගතකළ යුතුය.

මහාවන්ශයේ සඳහන් වන පරිදි සිංහල ජාතියේ උපත සිදුවූයේ ක්‍රිස්තු. පූ. 543 දී සිදුවූ විජයාගමනයත් සමඟය.”එසේම සිංහල බෞද්ධ ජාතියේ මෙන්ම සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයේ” උපත මෙන්ම ආරම්භයද සිදුවූයේ කි.පූ. 307 දී සිදුවූ ඒ අසිරිමත් මහින්දාගමනයත් සමඟය.

ඒ අනුව අනිවාර්‍යෙන්ම වසර 2332 දෙකක දීර්ඝ ඉතිහාශයක් ඇති මේ සිංහල බෞද්ධ රටේ සැබෑ ජාතික දිනය වියයුත්තේ ඇත්තවශයෙන්ම ජාතිය උපන් දිනය වන පොසොන්පෝය දින මිස වෙනත් කිසිම දිනයක් නොවේ. එම නිසා සින්හල බෞද්ධ ජාතියේ ජාතික දිනය වියයුත්තේද ඒ අසිරිමත් පොසොන්පෝය දිනයම නොවේද?

මේ අනුව ක්‍රි.පූ.307 සිට මෙදා දක්වා වසර 2332 ක් පුරාම පැවති සින්හල ජාතියේ උපන් දිනය වන, ඒ අසිරිමත් පොසොන්පෝය මිස වෙන කිසිම දිනයක් සින්හල බෞද්ධ ජාතියේ ජාතික දිනය වශයෙන්  කිසිවෙකුට ප්‍රකාශකළ නොහැක. එම කරුණ නිසාම 1978 ජනරජ ව්‍යවස්ථාවේ 8 වන වගන්තියෙන් මේ රටේ ජාතික දිනය පෙබ් 4 වශයෙන් ව්‍යවස්ථාගත කිරීම මේ රට හෝ ජාතිය ගැන මළපොතේ අකුරක් නොදන්නා, එසේම තවමත් යටත්විජිත මානසිකතවයේ පසුවන, ජාතිය ගැන හෝ රට පිලිබඳ හෝ කිසිදු ආදරයක් නැති ජාති ද්‍රෝහී, දේස්ද්‍රෝහී පුද්ගලයෙකුගේ අමණ ක්‍රියාවකි.

එමනිසා දැන්වත් අධිරාජ්‍යවාදී වහල් මානසිකත්වයෙන් මිදී ඒ ශ්‍රේෂ්ඨ සින්හල බෞද්ධ ජාතියේ මෙන්ම සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරයේ උපත සිදුවූ ක්‍රි පූ. 307 දී සිදුවූ ඒ අසිරිමත් මහින්දාගමන දිනය වූ පොසොන්පෝදා මේ සින්හල බෞද්ධ ජාතියේ සැබෑ ජාතික දිනය වශයෙන් වහාම ප්‍රකාශ කළ යුතුය. එසේම ඉරහඳ පවතිනාතුරුම එහි පැවැත්ම ස්ථාපිත කිරීම සඳහා ඒ බව ශ්‍රී ලන්කා ජනරජ ව්‍ය්වස්ථාවේද ව්‍යවස්ථාගතකළ යුතුය. එසේකොට මහින්දාගමනයෙන් වසර 2332 පිරෙන මෙම අවස්ථාවේදි හෝ දැන්වත් මේ රටේ ජාතික දිනය වශයෙන් මිහින්තලා පින්කෙතට ඉහලින් අහසේ පුන්සඳ පායා ලක්දෙරණ ඒකාලෝක කරවන පොසොන්පෝ දිනය මේ රටේ සැබෑ ජාතික දිනය වශයෙන් ප්‍රකාශකොට සින්හල ජාතියේ සහ මේ රටේ නවෝදයක් උදාකරමු.

මා සිතන හැටියට මෙය සිදුකළයුතුව තිබුණේ 1948 දී අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු දිනදීමය. එසේ කළේ නම් නව සින්හල බෞද්ධ ජාතියක මෙන්ම නව නවසින්හල බෞද්ධ පුනරුදයක ඇරැඹුම එදා සිටම මේ රටේ ආරම්භවීමට ඉඩ තිබිණ.

1972 දී බණ්ඩාරනායක මැතිනිය විසින් ජනරජ ව්‍යවස්ථාවෙන් පූර්ණ ව්‍යවස්ථාදයක,විධායක සහ අධිකරණ බලතල සහිට පූර්ණ නිදහස්, නිවහල්, ස්වඉරී රාජ්‍යක් බවට මේ රට පත්කළද පොසොන් පෝය දිනය මේ රටේ ජාතික දිනය වශයෙන් නම්කිරීමට එතුමියට උපදෙස් දීමට කිසිවෙකු නොසිටි බව පෙනේ.

ජනාධිපති ජේ. ආ.ර් ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාවේ අන්ක 8 යටතේ

ශ්‍රී ලන්කා ජනරජයේ ජාතික දිනය පෙබරවාරි මස 04 වන දිනය වන්නේය”

යනුවෙන් මේ රටේ ජාතික දිනය පෙබ 4 බව ව්‍යවස්ථාගතකොට මේ රට යටත් විජිතවාදී මානසිකත්වය කරා යළිත් ආපසු ගෙන ගියේය.

මේ ශ්‍රී ලන්කාවේ වසර 2500 කට වැඩි කාලයක් සින්හලයින්ගේ රට වශයෙන් අඛණ්ඩව පැවති මේ රටේ ජාතික දිනය පෙබරවාරි 04 වශයෙන් සැලකිමට සහ එය ව්‍යවස්ථාවෙන්ම නීතිගත කිරීමට ජේ ආර්ගේ යටත්විත වහල් මානසිකත්වය හැර එම දිනයෙහි ඇති ජාතික හෝ සන්ස්කෘතික වටිනාකම කුමක්දැයි මම ප්‍රස්න කරමි.

මා හිතන අන්දමට ඔහු පෙබ 4 ජාතික දිනය වශයෙන් සඳන් කොට ඇත්තේ 1948 දී මේ රටට බ්‍රතාන්‍යයින්ගෙන් ලැබුනායයි කියන “නිදහස නැමැති සුද්දන්ගේ ප්‍රෝඩාව” මැරෙන තුරුම ජේ. ආර්ට තේරුම් ගැනීමට තරම් ජාතික හැඟීමක් හෝ ජතිකාභිමානයක් ඔහු තුල නොතිබුණ නිසා විය හැක.

 ඔහු එසේ කිරීමට පෙළඹවූයේ සෝල්බරී ව්‍යවස්ථාව ලිවූ ජෙනින්ග්ස්ගේ බිරිඳගේ උපන්දිනය මෝඩ සින්හලයින් ලවා 1948 සිට 1972 දක්වා ජාතියේ නිදහස් දිනය වශයෙන් සැළකූ පෙබ 04 ආභාෂය විය හැකියයි මම සිතමි. වසර 2500 කට අධික කාලයක් පුරා මේ රටේ ජාතික දිනය වසයෙන් සැලකීමට එම දිනයේ ඇති ජාතික වටිනා කම කුමක්දැයි ඇසීමට දැන් ඔහු ජීවතුන් අතර නැත.

එමනිසා දැන්වත් පොසොන්පෝය මේ සින්හල බෞද්ධ රටේ ජාතික දිනය වශයෙන් ප්‍රකාශකොට පොසොන්පෝය මේ රටේ සහ ජාතියේ ජාතික දිනය වශයෙන් නම්කොට ව්‍යවස්ථා ගතකරණ මෙන් ජනතා උද්ඝෝෂනයක් කරණ මෙන් මම යෝජනා කර සිටිමි.

මා එසේ ඉල්ලා සිටිණුයේ මේ රටේ සින්හල බෞද්ධ ජාතියේ” උපත සිදුවූයේ, කිතු වසින් පෙර 307 වන වසරේ පොසොන් පෝය දින නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress