හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධූරයට අනුමත කිරීමට පෙර ජනාධිපති ධූර කාලය අදාලව වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ “22” ගැන සෙව්වාද යන්න පාර්ලිමේන්තු තොරතුරු නිලධාරීගෙන් විමසයි.
Posted on June 4th, 2025

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

ජනාධිපති ධූරකාලය සම්බන්ධයෙන් වැරදි නිවැරදි කර ගැනීමට
2024.07.18 දිනට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට, පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කිරීමට පෙර ජනාධිපති ධූරකාල අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයේ වැරදි 2ක් නිවැරදි කිරීමට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් පළ කර තිබීම පිළිබඳ සොයා බැලුවාද විමසා පාර්ලිමේන්තු තොරතුරු නිලධාරී වෙතින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා 2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ විමසා ඇත.

http://neethiyalk.blogspot.com/2025/06/22.html?m=1

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress