මාලිමාවේ දුෂිත විදුලි පනත් කෙටුම්පත ශේෂ්ඨාධිකරණයේ පරාජය කිරීමට දායකවූ සැමට ප්‍රණාමය පුදකරනවා – සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
Posted on June 30th, 2025

Courtesy Lanka Leader

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලද අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමන් ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා  පැවසුවේ ආණ්ඩුවේ දූෂිත විදුලිබල පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරාජයට පත්වූ බවත්, මෙය රටේම ජයග්‍රහණයක් බවත් ය.

මෙම නඩුව තමන් සහ පරාක්‍රම ජයසිංහ මහතා මෙන්ම නුවන් බැල්ලන්තුඩාව මහතා වෙනුවෙන් පවරණ ලද්දේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා බවත්, මෙරට බලශක්ති ස්වෛරීත්වය පිළිබඳව ලැබූ මෙම ජයග්‍රහණයට දායක වූ සියල්ලන්ට ස්තුතිය පුදකර සිටින බවත් ඒ මහතා පැවසීය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress