පලාත් සභා 111 කොටස
Posted on June 27th, 2026

ආචාර්ය සුද ත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය, එසේත් නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන්, ජාතිද්‍රෝහීන් සහ බෞද්ධ විරෝධීන් වශයෙන් වහාම මේ පින් බිමෙන් යළි කිසිදාක ආපසු ආ නොහැකි පිට සක්වලකටම පිටුවහල් කළ යුතුය.

111 කොටස

ශ්‍රී ලන්කාවේ පලාත්සභා හූනියමේ නිර්මාතෘන්, ප්‍රතිලාභීන් සහ වින්දිතයින්

1987 ජූලි 29 වන දින ඉන්දු ලන්කා ගිවිසුම අත්සන් කිරීමටපෙර එහි ප්‍රධාන නිර්මාතෘ සහ පළමු හූනියම්කරු වශයෙන් කටයුතු කලේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිය. ඔහුගේ සහායකයිකන් වූයේ කවුටිල්ල්‍ය පරම්පරාවේ ඉන්දීය පරිපාලන සහ විදේශ සේවා නිළධාරීන්ය.මෙම හූනියම වැලලීමට ලන්කාවේ උතුරු නැගෙනහිර පලාත් දෙක යොදා ගැනීමේදි,එම වස්තු බීජය 1799 පැLaකල ක්ලෙග්හෝන් දෙවන හූනියම්කරුය් වශයෙන් මම හඳුන්වමි. අවුරුදු 2500 ක් පුරා අඛණ්ඩව සින්හල බෞද්ධ රාජධානියක් වශයෙන් පැවති  මේ  රටේ  සැබෑ ඉතිහාශය මුළුමනින්ම විකුර්ථිකරමින් මේ රට සින්හළ දෙමළ වශයෙන් ජාතීන් දෙකකින් සහ රටවල් දෙකකින් යුත් රටක් බවට මිත්‍යා සටහනක් එවකට මූදුබඩ ප්‍රදේශ පාලනය කළ නොර්ත් ආණ්ඩුකාරයාට දෙන්මින්,මේ රට සින්හල සහ දෙමළ වශයෙන් බෙදීම සඳහා කරනලද ඔහුගේ යෝජනාව වසර 34 කට පසු 1833 දී මේ රට පලාත් 5ක ට බෙදා භූමියේ සළකුණු කළ කෝල්බෲක්- කැමරන් කොමසාරිස් වරුන් තෙවන හූනියම් කරුවන්ය. මෙම පලාත් 5 භූමියේ සළකුණු කිරීමේදී ක්ලෙග්හෝන් දෙමළ රට වශයෙන් ඔහු හැඳින්වූ උ.හා නැ පලාත් දෙක, ඔහු සිතුවාටත් වඩා මුළු රටෙන් 2/3 ක්ම අසුව න පරිදි මහපොලවේ සිතියම් ගතකළ කොමසාරිස් වරුන්ට ඔහු එලොව සිට හෝ ස්තූතිවන්ත වෙනවාට සැක නැත.

මේ රටේ සින්හල ජාතියයත්,සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරයත්, ක්‍රි.පු.307 සිට පැවති මේ දේශයට උචිත සම්ප්‍රදායික පරිපාලන රටාවත් එසේම සම්බුද්ධ සාශනයත් මිහිතලයෙන් අතුරුදන්කිරිමේ ඔවුන්ගේ කුමන්ත්‍රණය, ඔවුන් සිතූ පැතූ ආකාරයෙන්ම සිදුවෙන බව දැක එලොව සිට හෝ කොමසාරිස් වරුන්ද සතුටුවෙනවාට සැක නැත.

ඊට අමතරවව තමිල්නාඩුවේ දේශපාලනඥයින් මෙන්ම මේ රටේ ඊලම්වාදි මලබා සන්ක්‍රමනිකයින්ද මේ කුමන්ත්‍රණයේ සිව්වන කොටස්කරුවන්වේ.එසේම 1944 දී ලන්කාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වියයුතුයයි රාජ්‍යමන්ත්‍රන සභාවේ දී කී ජේ. ආර්. ද මේ හූනියම් රැළේ පස්වන කොටස්කාරයා වශයෙන් සැලකිය හැක.

මෙම හූනියමේ ප්‍රතිලාභීන්

මෙම හූනියමේ ප්‍රතිලාභීන් රිජු සහ වක්‍ර වශයෙන් කොටස් දෙකකි. රිජු ප්‍රථිලාභීන් වනුයේ රජිව් ගාන්ධිය.ඉන්දියාවේ ලොක්සභාවේ තමිල්නාඩුව නියෝජනය වන ආසන සන්ක්‍යාව වැඩිකරගත් ඉන්දීය රජය දෙවන රිජු ප්‍රතිලාභියා වන අතර, 13 වන සන්ශෝධනයෙන් ප්‍රතිලාභ ලභාගත් උතුරු නැගෙනහිර සිටින මලබා සන්ක්‍රමනිකයින්ට තෙවන තැන හිමිවේ.

වක්‍ර ප්‍රතිලාභීන් අතරෙනුත් වැඩිම ප්‍රතිලාබ ලබන්නේ මේ රටේ දේශපාලකයින්ය.පලාත් සභා පිහිටුවීම නිසා, ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යාන්ශයක් සහ ඇමතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමති වරයෙක් ඇතුළු කාර්‍යමණ්ඩලයක්, පලාත් සභා 9 ට ආණ්ඩු කාරයින් 9 ක්, මහ ඇමතීන් 9ක් ඇමතීන් 36 ක් සහ 700 කට වැඩි පලාත් සභා මන්ත්‍රී තනතුරු වටා රට පුරා ගෙතුණු දේශ පාලන ජාලයක්, එම ආයතන වලට 20,000 වැඩි සේවක පිරිසක් සහ ඔවුන්ට වැටුප්, දීමනා,යාන වාහන වැනි වෙනත් වරප්‍රශාධ.

මේ සියල්ලම බෙදී යනුයේ ජනාධිපති, මැති ඇමති සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් සහ හිතවතුන් අතරය. මෙයින් ලැබෙන ප්‍රථිලාභ වලට අමතරව ඒ හරහා ගොඩ නැගෙන තම පක්ෂවල මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම සඳහා ලක්ෂ ගානක දේශපාලන අනුගාමිකයින් පිරිසක්  සහ පලාත් සභා ජාලය පවත්වාගෙන යාමේදි ලැබෙන මූල්‍ය සහ වෙනත් අතුරු ප්‍රතිලාභ- විදෙස් ගමන් සහ පලාත් සභා ජාලයට සම්භන්ධවන විසාල පිරිසකට රැකියා සහ ආර්ථික ප්‍රතිලාභ රැසක් ලැබී ඇත. මෙය ඔවුන්ගේ හිසට අහසින් කඩා වැටුණු වාශනාවකි. මෙහි ඇති විශේෂය වනුයේ ඔවුන් වෙනුවෙන් වැයවන මහා ධනස්ඛන්ධයෙන් රටට හෝ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක්  නොලැබීමය.

වින්දිතයින්

පලාත් සභා ක්‍රමය යටතේ ප්‍රේමදාස ජනාධිපති වරයාගේ ඇතිකළ ඊනියා පරිපාලනය ගමට ගෙනයාමෙ” වැඩ පිලිවෙල යටතේ නිකුත්කල ප්‍රාදේශීය ලේකම් වරුන්ට බලය පැවරීමේ පනතින් සහ 1992 රා.ප.පා.චක්‍රලේඛ අන්ක 21 න්, 1833 සිට මේ රටේ මැනවින් ස්ථාපිතව තිබුණු ඉතාමත් ප්‍රශස්ථ සහ ක්‍රමවත් දිස්ත්‍රික්ක පරිපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර,1992 අන්ක 21 දරන  චක්‍රලේකයේ අවසානයේ දිසාපති කාර්යාල වසාදමා ඒවා දිස්ත්‍රික්කයේ කටයුතු   සම්බන්ධීකරනයට පමණක් භාවිතා කරණ බව සඳහන්කොට ඇත.

මේ රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය පිළිබඳ මලපොතේ අකුරක් නොදන්නා කොළඹින් පිට එක පයක් තබා නැති අමාත්‍යාන්ශ ලේකම්වරයෙකු ජනාධිපති සතුටු කිරිම සඳහා මෙම අමණ තීරණය ගෙන 1833 සිට මේ රටේ ජනජීවිතයේ මුල්බැස තිබුණු විශිස්ඨ දිසා පාලන  ක්‍රමය එසේ විනාශකළ නිසාද, එසේම  පලාත් සභා පාලනයත්  ජනතා හිත වාදීව කිසිදිනක නිසියාකාරව ක්‍රියාත්මක නොවූ නිසාද, නිළධාරීන් මෙන්ම දේශපාලකයින් තම යුතුකම් සහ වගකීම්ද නීසියාකාරව, කලට වෙලාවට ඉටු නොකළ නිශාද මේ සියළු අඩුපාඩුකම් සහ අපහසුකම් වල  වින්දිතයින් වූයේ රටේ අහින්සක ජනතාවටය. මේ නිසා මා පලාත්සභා දකින්නේ මේ රටේ සින්හල බෞද්ධ ජාතිය මතට අහසින් කඩාවැටුණු හෙන ගෙඩියක් මෙනි.

මෙම ඛේධනීය තත්වය යටතේ 1987 සිට මේ රටේ, ඒකීය භාවයට, විධිමත් හා ප්‍රසස්ථ දේශීය රාස්ඨ්‍ර පාලන රටාවට සහ  වසර 2500 කට අධික ඉතිහාසයක් ඇති ජනතා හිතවාදී රාජ්‍යපරිපාලන ක්‍රමවේදයකට තවදුරටත් හානි සිදුවීමට ඉඩ නොතබා අදිරාජ්‍යවාදීන් සහ ඉන්දියාව විසින් ඒකාබද්ධව, වසර 2500 කට අධික කාලයක් ඒකීය රටක් වශයෙන් අඛණ්ඩව පැවති මේ සින්හලයින්ගේ රට, පලාත් වශයෙන් කොටස්වලට කඩා සින්හල, දෙමළ සහ මුස්ලිම් ආදිවශයෙන් කැබෙලිවලට කඩා සදාකාලික ජාතිවාදී සහ ආගම්වාදි  නොනවතින ගැටුම් වලට මඟ පාදන මේ පලාත් ක්‍රමය මෙන්ම පලාත් සභා ක්‍රමයද තව මොහොතක් හෝ ප්‍රමාධ නොකොට මෙම සුද්දාගේ පලාත් ක්‍රමය මෙන්ම පලාත් සභා හූනියමද කපා අවසන් කරනමෙන් මම තරයේ යෝජනා කරමි.

සින්හල බෞද්ධ ජාතියත් එසේම බුදු සසුනත් මේ මිහි පිටින්  අතුරුදන් කිරීමේ දුෂ්ඨ අදහසින්  මේ රට  නොනවතින සින්හල,දෙමල සහ මුස්ලිම් ගැටුම් වලින් ශාපලත්   පෙඩරල් රටක් බවට පත්කිරීමේ මේ දුෂ්ඨ  දේශපාලන අදහස වහාම අත් හැරදමා රටේ ජාතියේ හා සම්බුද්ධ සාශනයේ චිරස්ථිතිය සඳහා පලාත් සභා හූනියම දැන්වත් වහාම අහෝසි කලයුතුයයි මම යෝජනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress