අස්ඩක්ගේ උප්පැන්නය
Posted on December 14th, 2018
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
මම නාට්‍යයක් බලන්න ගියා.
දවල් ද?
ඔව්.
(තිරය විවර වෙයි)
v මචං අර හුණුවටය කියන්නේ මහ පිස්සු කතාවක්
o ඇයි උඹ එහෙම කියන්නේ?
v නියම අම්මා හොයන්න පුළුවන් ද රවුම් ඇඳලා?
o උඹ හිතන්නේ කොහොම කළා නම් හරි කියලා ද?
v උප්පැන්නේ බැලුවා නම් හරිනේ.
o උප්පැන්නේ හොර එකක් නම්?
v ඒ ගැන වදවෙන්නේ මොකට ද? හරියට සීල් ගහලා අනුමත කරලා තියෙනවා නම් ඒක තමයි වලංගු.
o හ්ම් …
(තිරය වැසෙයි) තිරය පිටුපසින් බුදු අම්මෝ!” කියා හඬක් ඇසෙයි.
ඒ මොකාද බං?
අර රවුම ඇඳපු එකා වෙන්නැති.
හ්ම් …
ජාතික ගීතය වාදනය වන්නට විය.
අපි සිංහයාට බයයි නංගියේ …!”