අපි තමයි හොඳටම කළේ
January 24th, 2024චානක බණ්ඩාරගේ
‘අපි තමයි හොඳටම කළේ’ න්‍යාය බොහෝ ලෙස ප්‍රචලිත වුයේ 2009 යුධ ජයග්‍රණයෙන් පසුවය.
ශ්‍රී ලංකාව යනු මුළු ආසියාවේම ආශ්චර්ය (Wonder of Asia) බවට වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් එවකට තිබු රජය විසින් ආරම්භ කෙරිණ. මේ ගැන සෙසු ආසියානු රටවල වැඩි කැමැත්තක් නොතිබීණ. කෙසේ වෙතුදු, එකී රජයට තමනට එරෙහිව නැඟුණු අභූත යුධ අපරාධ චෝදනා වැරදි බව ලොවට පෙන්වා දීමේ හැකියාවක්/ශක්තියක් වත් නොවීය.
2022 කොරෝනා සමයේ මුළු ලොවෙන්ම ‘අපි තමයි හොඳටම කොරෝනා සුව කළේ’ යයි පාරම් බෑවෙමු. ඇත්තවශයෙන්ම එවිට ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතයන් වාර්ථා වු රටක් වුයේ ශ්‍රී ලංකාවය.
අපට තරම් හොඳින් ග්‍රන්ථාරූඪ කරන ලද ඉතිහාසයක් ලොව වෙනත් කිසිම රටකට නැතයි කීවේ පොන්නම්බලම් රාමනාදන් මහතා 20 ශත වර්ෂයේ මුල් භාගයේදීය. ඒ, මහාවංශයට ඉමහත් ගෞරවයක් ලබා දීම සඳහාය. මිහිඳු හිමියන් විසින් බුද්ධ ධර්මය ගෙන ඒමෙන් පසු අති විශිෂ්ට ශිෂ්ටාචාරයක් මේ රටේ බිහි විය. ඒ වැව, දාගැබ සහ බෞද්ධ ගම පදනම් කරගෙනය. දේවානම්පියතිස්ස රජතුමා මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයක් බිහිකිරීමේ පුරෝගාමී රජතුමාය.
නමුත්, ‘අපි තමයි හොඳටම කළේ’ න්‍යාය යටතේ දැන් අපට මුළු ලොවම පිළිගත් සහ විශ්මිත වූ ඒ ශ්‍රේෂ්ට ඉතිහාසය මදිවී ඇත. ඒ නිසා අප මොහෙන්දජාරෝ හරප්පා, ඉන්දු වැළි වැනි ලොව පිළිගත් ඉපැරණිම ශිෂ්ටාචාරවලටත් වඩා පැරණි, අති විශිෂ්ට වූ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන්නෝ යයි පාරම් බාමූ.
මේවා නිසා අපි අපේ තිබෙන ඉතිහාසයත් නැති කර ගන්නෙමු.
අපේ නියම, සත්‍ය ඉතිහාසය පසෙකළා අප දැන් ප්‍රබන්ධමත් ඉතිහාසයක් ගැන කථා කරමු. මේ බොරුව හඳුන්වා දුන් රටම පිළීගත් එක් ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙක් සිටී. මොහු ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ විශ්ව විද්‍යාලයක පුරා විද්‍යා අංශයේ ප්‍රධානියාද වේ. ඉතා ප්‍රසිද්ධ මොහුට ජනතාව වන්දනා මාන කරන තත්ත්වයක් අද ඇත. මන්ද, මොහු ජනතාව නොමඟ යවන බොරු උසස් ඉතිහාසයක් ඔහුගේ ‘නොනවතින ඉතිහාසය’ වැනි නමකින් හඳුන්වන යු ටියුබ් වැඩ සටහන සහ වෙනත් මාර්ග වලින් ප්‍රචලිත කරන බැවිනි.
එම වැඩසටහන් වනාහි ඉතිහාස ෆැක්ටරියකි. මොහු අද කියන ඉතිහාසය නොවේ හෙට, අනිද්දා සහ ඊළඟ සතිවල/මාසවල කියනුයේ.
මේ පුරාවිද්‍යාඥයයාට/මහාචාර්යවරයාට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ (මීට වසර 3,500 – 50,000) ලොව සෙසු ජාතින් ගල් ගුහා වල වෙසෙද්දී අප මෙහි වෙන ලොව කොහි වත් නොතිබූ ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයක් පවත්වාගෙන ගියෙමු. මොහුට අනුව ලොවට සහල් (අවුරුදු 49,000 පෙර), යකඩ, බාර්ලි/ඕට්ස් (අවුරුදු 49,000/10,000/8,000 පෙර – විවිධ වැඩසටහන් වල විවිධ කාලයන් දී ඇත) හඳුන්වා දුන්නේ අපයි.
නැත, මේවා හඳුන්වා දුන්නේ පිළිවෙලින් චීනය, චීනය සහ ඉශ්රායාලයයි (පලස්තීනය) – වසර 7,000 – 8,000ට පෙරය.
මෙතුමා පවසන අයුරින් ඒ කාලයේ අපේ රජවරු විදේශවලට තානාපති වරු යැවූහ, අපේ කාන්තාවෝ ඇහි බැම පාට කිරීම වැනි උසස් රූපලාවන්‍යය කටයුතු වල නියැලුණාහ. මොහු මේ කියන්නේ ගල් යුගය ගැන බව අප සිහිතබා ගත යුතුයි.
විජය රජු වැනි සල්ලාල, සෙල්ලක්කාරයෙක්ගෙන් සිංහලයා පැවතෙන්නේය යන්න පිළිගැනීම මෙම පුරාවිද්‍යාඥ/මහාචාර්යවරයාට, සමහර සංඝයාවහන්සේලාට ඉතා මදි කමක් වී ඇත. වසර 2,000ට වැඩි කාලයක් පුරා ලොවම පිළිගත් එම ඉතිහාසය දැන් ඉතා සීග්‍රයෙන් ක්ෂය වෙමින් යයි. ‘අපි තමයි හොඳටම කළේ’ න්‍යාය නොව තමනට අවශ්‍ය වෙනත් විෂම චේතනා වෙනුවෙන් (බෙදුම්වාදී වැනි) අපේ ඉතිහාසය වෙනස් කරගැනීමයි මෙහිදී සිදු වන්නේ. ඒ කර්තව්‍ය ඉතා මැනවින් සිදු වෙමින් පවතී.
දරුවන්ගේ පාසැල් පෙළ පොත් වලින් විජය, දේවානම්පියතිස්ස, මහින්ද හිමි, සංඝමිත්තා තෙරුණිය, දුටු ගැමුණු, විහාර මහා දේවී යන නාමයන් ගිලිහී ගොසිණි, නැත්නම් ඔවුන් ගැන වන සඳහන් ඉතාම අල්පය.
ශ්‍රී ලංකා ජාතියේ මී මුත්තා උගන්ඩාවේ (හෝ එවැනි නැගෙනහිර අප්‍රිකානු රටක) බිහිවූ හෝමෝ සපියෙන් ලෙසට පාසැල් පෙළ පොත් වල ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට හැකිවීම තමන්ගේ පුද්ගලික ජයග්‍රහණයක් යයි මේ පුරාවිද්‍යාඥයා/මහාචාර්යවරයා පවසයි. සිංහලයා විජයගෙන් නොව මේ හෝමෝ සපියෙන්වරුන් අතරින් පසුව පැණ නැගුන ජාතියක් බව නොකියා ඔහු කියයි. ශ්‍රී ලංකාවේ දෙමළ අයද මේ හෝමෝ සපියෙන්ගෙන් මෙරට තුලම බිහිවූ ජාතියක් බවයි ඔහු පවසන්නේ.
මෙතුවක් කල් තිබු පිළිගැනීම වන අපේ දමිළ සහෝදරවරු සිංහලයාට බොහෝ පසුව තමිල්නාඩුවෙන් මෙරටට ආ අය බවට වන පිළිගැනීම මොහු බැහැර කරයි.
අපේ දමිළ සහෝදරවරුන්ගේ නිජභිම තමිල්නාඩුව නම් (එහි දෙමළ ජනගහනය කෝටි 8ට එහාය), ඔවුනගේ නිජභිම ශ්‍රී ලංකාවේද විය නොහැක. කිසිම ජාතියකට සම්භවයන් (origin) දෙකක් තිබිය නොහැක.
විජයාගමනය, මහින්දාගමනය, මහාවංශය බොරු යන අවබෝධයක් මේ පුරාවිද්‍යාඥයා/මහාචාර්යවාරයා ලබා දෙයි. ප්‍රභාකරන්/ඇන්ටන් බාලසිංහම් කීවේද මේ දේමයි. මිහිඳු හිමි පැමිණීමට ප්‍රථම මේ රටේ බුද්ධාගම පැවතීය යන බොරුව මොහු ප්‍රචාරණය කරන්නේ අපේ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අවතක්සේරු කිරීමටයි (බුදුන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කලේ බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට නොවේ. ඒ කර්තව්‍යයේ වගකීම උන්වහන්ස්සේ සිය පිරිනිවන් මංචකයේදී සක්‍රයාට පැවරුහ. සක්‍රයා එය සමන් දෙවිදුන්ටත්, සමන් දෙවියන් එය තමන්ට අමතරව දැඩිමුන්ඩ දෙවියන්ටත් පැවරුහ).
බුදු දහම අදත් මේ රටේ හොඳින් වැජභෙන්නේ දෙවානම්පිතිස්ස/ මිහිඳු හිමි කදිම සුසංයෝගය නිසාය. ඔවුහු මේ රටේ බුද්ධාගම ස්ථාපනය කලේ ඉතා හොඳ, ශක්තිමත් අත්තිවාරමක් මතය. මේ පුරාවිද්‍යාඥයා/මහාචාර්යවාරයා කියන අයුරෙන් සැළසුමක් නොමැති, ‘කඩ චොහොරුවක්’ මෙන් ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මය ස්ථාපිත නොවුණි.
මේ පුරාවිද්‍යාඥයා/මහාචාර්යවාරයාට අනුව සිංහලයාට ඇත්තේ දෙමළ සම්භවයක් විය යුතු අතර ශ්‍රී ලංකාවේ සිටී රජවරුන් බොහොමයක් දෙමළ හෝ දෙමළ සම්භවය වුවෝයි.
බලවත් කණගාටුවට සහ භයානක කරුණ නම් මොහුගේ බොරු බොහොමයක් පාසැල් පෙළ පොත් වලට (ඔහුම සම- සම්පාදකත්වය දරන) දැන් අඩංගු කර තිබීමයි.
අප දන්නා තරමින් ලොව කිසිම පිළිගත් ඉතිහාසඥයෙක්/ පුරාවිද්‍යඥයෙක් අපේ මේ පුරාවිද්‍යඥ/මහාචාර්යවරයාගේ ඊනියා නව සොයාගැනීම් සත්‍ය බවට සනාථ කර නොමැත.
හුදු මිත්‍යාවක් වන රාවණා ශ්‍රී ලංකාවේ රජ කෙනෙක් ව සිටී බවට බෙදුම්වාදයට හොරෙන් උදව් දෙනවා යයි චෝදනා ලැබු දෙමළ ආධිපත්‍ය ඇති රුපවාහිනි මාධ්‍යය (ශ්‍රී ලංකාවේ ප්‍රධානතම), සංකර FM නාළිකා ඉතා රසවත් වැඩසටහන් මඟින් 1990 මැද භාගයේ පටන් ජනතාව තුලට කාවැද්දුහ. එසේ කරන ලද්දේ ‘අපි තමයි හොඳටම කළේ’ න්‍යායට අනුගතවීමට නොව බෙදුම්වාදී අදහස් තීව්‍ර කර අප රටේ ඇති පැහැදිලි ඉතිහාසය අවුල් කිරීමටය. රාවණා ද්‍රවිඩ බව පෙන්වා ද්‍රවිඩ බෙදුම්වාදීන්ට නව අත් වැළක් සැපයීමටය.
‘අපි තමයි හොඳටම කළේ’ න්‍යාය අදහන උගත් බෞද්ධ භික්ෂූවහන්සේලාද මේ බොරු බේගල් වලට අසුවුහ. එය ඛේධ ජනකය.
රාමා – සීතා – රාවාණා සිංහලයාට කිසිසේත්ම අදාළ නොවේ. සිංහලයා බිහිවුයේ විජයගෙණි. ඒ නිසා, විජයට පෙර සිටී රාවණා සිංහලයෙක් විය නොහැක. රාවණා කුවේණි වැනි හෙළයෙක් යයි කියා අප කීවත් (අපේ පුරාවිද්‍යඥ/මහාචාර්යවරයා කියන්නේ කුවේණි දෙමළ කියාය) ජාත්‍යාන්තරය එය පිළිනොගනී. ඔවුන් සැම කියන්නේ රාවණා ද්‍රවිඩයෙක් කියායි.
රාවණා පිළිගැනීමෙන් අප කරන්නේ සිංහලයාට පෙර ද්‍රවිඩයන් මෙහි විසුහ යන බෙදුම්වාදි ඊලාම් මතයට උඩ ගෙඩි දීමය.
මේ කරුණ පෙන්වා ජාත්‍යාන්තර නිතීය යටතේ ඊලාම දිනාගැනීමට විග්නේස්වරන්, සිද්ධාර්ථන් (අරූන් නොවේ), සුමන්තිරන් වැන්නන් අනාගතයේදී උත්සහ දරනු ඇත.
අපේ කිසිදු ඉතිහාස පුරා ග්‍රන්ථයක රාවණයෙක් මෙහි සිටියාය කියා ලියැවී නැත. එවැන්නෙක් මේ රටේ සිටියේය යන්න සනාථ කෙරෙන කිසිම පුරා විද්‍යා සාක්ෂියක් මේ දක්වා හමුවී නොමැත. ඒ නිසාය රාවණාවාදීන් කාශ්‍යප රජ විසින් තනන ලද සීගිරිය රාවණාගේ නිර්මාණයක්ය යන බොරුව ප්‍රචාරය කරනුයේ.
රාවණා ඇල්ල, රාවණා කන්ද, රාවණා දේවාල වැනි නම් වලින් ස්ථාන අප රටේ තිබෙන බව ඇත්තය. මේවායේ රාවණා යනුවෙන් අදහස් කරන්නේ රාවණා යන රජෙක් ගැන නොව ‘ශබ්ධ’ යන අර්ථයයි. රාවණා ඇල්ල ඉතා ශබ්ධය (‘ශබ්ධ ඇල්ල’).
සිතා එළියට ඒ නම ලැබුනේ රාමායනයේ එන සිතා නිසා නොව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතාම සීත ගමක් වීම නිසායි. ශ්‍රී පාදයේ ඇති සීත ගඟුලට ඒ නම ලැබුනේ එහි ඇති අධි ශීත වතුර මිස රාමායණයේ එන සිතා නිසා නොවේ.
‘අපි තමයි හොඳටම කළේ’ යන න්‍යාය යටතේ බුදුරාජාණන් වහන්සේ උපන්නේ දඹදිව නොව ශ්‍රී ලංකාවේය යන අමූලික, අසත්‍ය මතයක් ගොඩ නඟමින් සිටින පිරිසක් ඇත. මේ මිත්‍යාව ප්‍රචලිත කිරීම දැන් ඉතා තීව්‍ර වී ඇත. බොහෝ අය දැන් මේ කථාව විශ්වාස කිරීමට පටන් ගෙන ඇත. මෙය මෙරටින් පමණක් නොව මුළු ලොවින්ම බුදු දහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් විය හැක.
පුරාණ රජ දරුවන් අටමස්ථාන බිහි කලේ මනා සැළසුම් සහගතව, ක්‍රමවත් ලෙසටය. ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහාසෑය අටමස්ථානාවලින් ප්‍රමුඛස්ථානය ගනී. ‘අපි තමයි හොඳටම කළේ’ යන න්‍යාය තදින්ම පිළිපැදී අපේ ‘නුතන රජවරුනට’ රුවන්වැලි මහාසෑයට සරිලන, සමාන චෛය්තයක් නිර්මාණය කිරීමට බෙහෙවින් අවශ්‍ය විය. මෙයින් අටමස්ථාන සංකල්පය පරළ වී නවමස්ථාන යන නව සංකල්පයක් බිහි වන බවත්, ඉදි කරන ලද නව චෛත්‍යය රුවන්වැලි මහාසෑයට ‘තරඟයක්’ දෙන තත්වයක් උදා විය හැකි බවත් මොවුනට ඒතරම් කාරණයක් නොවීය. අදත් රාත්‍රී කාලයේදී රුවන්වැලි මහාසෑයට නොලැබෙන විදුලි අලංකරණයක් රජයෙන් මේ නව චෛත්‍ය රාජයාණන්ට ලබාදේ.
අද හතු පින්පෙන්න්නක් මෙන් රහතුන් වහන්සේලා, අවලෝකතේශ්වර වැනි බෝධි සත්වයන් වහන්සේලා පහළ වෙත්. මේවා ගැන අප පුදුම විය යුතු නොවේ. ඉදිරියේදී විවිධ ව්‍යාජ බුදු වරුන්ද පහළ වනු ඇත. මේ සියල්ල ‘අපි තමයි හොඳටම කළේ’ න්‍යායට අනුකූලය.
ශ්‍රී ලංකාව තරම් ආචාර්ය, මහාචාර්ය වරු සිටින රටක් වෙන කොහෙවත් නැති විය හැක. හාස්‍යයට කරුණ නම මේ බොහෝ දෙනෙකුට පළමු උපාධිය වත් නැත. වර්ෂාවකට වත් විශ්ව විද්‍යාලයකට ගොස් නැති අයයි මේ බොහෝ දෙනෙක් . අපි ‘අපි තමයි හොඳටම කළේ’ රටක් නිසා මේ ගැන පුදුම විය යුතු නැත.
‘මහාචාර්ය’ යන පදවිය භාවිතා කල හැක්කේ විශ්ව විද්‍යාලයක එම මහාචාර්ය පදවිය දරන තුරු පමණි. ඉන් ඉවත්වූ පසු ඔවුනට ආචාර්ය ලෙස හඳුන්වා ගත හැක. නමුත්, අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවම ඊනියා මහාචාර්යවරු කොපමණ වේද? මාධ්‍ය ආයතනවල, රාජ්‍ය /පෞද්ගලික ආයතනවල පඳුරකට ගැසූ පසු මහාචාර්යවරු 10 -12ක් පමණ විසි වෙත්.
‘අපි තමයි හොඳටම කළේ’ න්‍යාය පිළිපදින්නන් අධි මානසික ව්‍යාධියෙන් පෙලෙන්නෝයි (superiority complex). මෙහි විභවය නම් අඩු මානසික ව්‍යාධියයි (inferiority complex). මේ දොගොල්ලම යම් තරමින් මානසික රෝගීන් විය හැක. අවශ්‍ය අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන මැනවි. වඩාත්ම අවශ්‍යවනුයේ මේ අයට හොඳ/නරක කියා දී, මොවුන් මඟින් රටට/සමාජයට වන විශාල හානිය පැහැදිලි කර දීමය.

Colombo, Jan 23 (Daily Mirror) – Samagi Jana Balawegaya (SJB) is to spend more than Rs 20 million to be paid for the people who are to be brought to Colombo for its protest on January 30 2023, UNP General Secretary Palitha Range Bandara alleged today.

මහා සංඝරත්නයට සහ රටේ සමාජ සංස්ථාවට දිගින් දිගටම සිදුවන පහර දීම දීර්ඝ කාලීන න්‍යායපත්‍රයකට අනුව සිදුවන බවත්, රටේ පවතින අර්බුදය මැද එය උච්චම තැනට ගෙනවිත් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

Colombo, Jan 21 (Daily Mirror) – A total of 987 suspects have been arrested during the islandwide operation ‘Yukthiya’ within the last 24 hours, the Public Security Ministry said.
Colombo, Jan 22 (Daily Mirror) – Public Administration, Home Affairs, Provincial Councils and the Local Government Minister requested that high priority be given to renewable energy in order to reduce the recurrent costs of the local government bodies in 2024.





