“තඹුත්තේගම ගොවි උද්ඝෝෂණයට පහරදීම හෙළා දකිනවා ” – බාහිරින් පැමිණි පිරිසක් කළහකාරී ලෙස හැසිරුණු බවට සැක
Posted on March 2nd, 2018

මාධ්‍ය නිවේදනය  මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

තඹුත්තේගම පැවති ගොවි උද්ඝෝෂණය පහරදී මර්ධනය කිරීමට උත්සහ දැරීම සහ උද්ඝෝෂකයින් අත් අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 

එමෙන්ම මෙම ගොවි උද්ඝෝෂණය අතරතුරදී   පොලිසියට සහ රථවාහන වලට පහරදීමේ සිදුවීම පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  සඳහන් කරයි. මෙම උද්ඝෝෂණය  අතරතුරදී සුදු ටීෂර්ට් වලින් සැරසුනු පිරිසක් පොලිසියට පහරදීම සහ  දේපල හානි කිරීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නිරීක්ෂණය වී තිබේ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළ ගොවි නායකයින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙත පැවසූවේ  සුදු ටී ෂර්ට් හැඳි පිරිස තමන් නොහඳුනන බවයි. මේ අනුව මෙම උද්ඝෝෂණය අතරතුර පොලිසියට පහරදීම සහ දේපල හානි කිරීම සිදුකර ඇත්තේ බාහිර  පිරිසක් බවට බරපතල සැකයක් පවතින බව මේ වනවිට සැඟවී සිටින එම ගොවි නායකයින් පවසන අතර එය නොතකා හැරිය නොහැකි කරුණක් බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි.

මේ පිළිබඳව අදාල පරීක්ෂණ වලදී අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය  අවධාරණය කරයි.

එමෙන්ම ජල අයිතිය උදෙසා සිදුකළ මෙම උද්ඝෝෂණය හිංසාකාරී ලෙස මර්ධනය කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම්  කේන්ද්‍රය හෙළා දකියි.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

One Response to “ “තඹුත්තේගම ගොවි උද්ඝෝෂණයට පහරදීම හෙළා දකිනවා ” – බාහිරින් පැමිණි පිරිසක් කළහකාරී ලෙස හැසිරුණු බවට සැක”

  1. ranjit Says:

    Punish the police dogs who baton charged the innocent poor people in Thambuthegama without any delay. The whole country saw how those police butchers behaved and what action they took against innocent farmers. No need evidence it’s already there if you watch the live TV channels on that particular day. Police minister should be charged for this utterly disgraceful incident. This dictatorship government won’t spare a child even when they face protesters who protests peacefully. When sinhala buddhists get hammered Tamil and Muslims prepare to divide the country with their shrewd tactics with the cooperation of conspirators within and abroad. We should be prepared to fight these elements who are trying to destroy our unity and the land we love and care.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress