රජරට පැතිරී අති අළුත් මාදිලියේ වකුගඩු රෝගය පිලිබඳ අලුත්ම කරුණු.
Posted on January 16th, 2020

ආචාර්‍ය චන්ද්‍ර ධර්මවර්ධන විසිනි,  

රජරට බොහෝ ගම් වල අලුත් මාදිලියක වකු ගඩු රෝගයක් වසංගතයක් මෙන් පැතිර ගොස් ඇති බව කවුරුත් දනී. සාමාන්‍ය වකුගඩු රෝගය අධික  රුධිර  පීඩනය සහ දියවැඩියාව සමග ඇතිවේ. නුමුත්, නව වකුගඩු රෝගය එවැනි කිසි රෝග ලකුණක් නොදක්වා,  ලෙඩය අසාද්‍ය වූ විට පමණක් හෙලි වෙයි.    මෙමෙ ලෙඩය 1992-2004 වකවානුවේදී මහනුවර වකුගඩු ව්ශේෂඥ දොස්තර ටිකිරි අබෙසේකර, දොස්තර රාමනාදන් ආදීන් විසින් අළුතෙන් හඳුනාගති. එවිට එම රෝගයේ අග මුල නොදත් හෙයින්   එයට ගුප්ත හේතුක නිදන්ගත වකුගඩු රෝගය යයි නම් කෙරින.

රෝගයට හේතුව  මුලදී නොදැන සිටි හෙයින් ව්ද්‍යාඥයෝ සහ දොස්තර වරු ඒ ගැන පරීක්ෂණ පටන් ගති.

එම අතර කැලණි සරසවියේ තැනැත්තියක් ලෙඩයට හේතුව ආසෙනික් අන්තර්ගත කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චිය බවත්, ඒ බව නාථ දෙවියන් හෙලිකර ඇති බවත් පල කරමින් එයට රතන හිමියන්ගේ සම්බන්ධයද යොදා ගති. ඔවුන් යහපාලන රජයේ වරමෙන්, නව වකුගඩු රෝගය දුරලීම සඳහා ග්ලයිඵොසේට් නම් වල් නාශකයද   තහනම් කරගත්තේය.  අවුරුදු දෙක තුනක්  ගත වූවත් රෝගයේ  කිසිදු අඩුවක් නොවීය.

වල්නාශකය තහනම් කීරීමෙන් තේ වගාව, බඩ ඉරිඟු වගාව සහ එලවළු වගාවට මරු පහරක් එල්ල විය.   එවිට රජය ග්ලයිඵොසේට් තහනම ඉවත් කලේය.

ඒ අතර තුරු, රෝගය පිලිබඳ පරීක්ෂණ වලින් වැදගත් කරුණු හෙලි විය. කෘෂිකාර්මික ඇලවල්, වැව් සහ වාරිමාර්ග වලින් ජලය පාණය කරණ අයට රෝගය ඇති නොවන බවද, එය ඇති වන්නේ එවැනි ජලයෙන් ඈත්ව වසන, ගෘහ ලිං වලින් ජලය සපයා ගන්න අයට බව හොංදටම  පැහැදිලි විය. මෙම ලිං ජලය නොබොන, එම ගෙවල් වලම වසන, එම ජනයාම කන ආහරයම කන බල්ලන්ට, බලලුන්ට එම රෝගය ඇති නොවෙයි.  ඉහලින් ඇති ගෙවතු  ලිං වතුර පාවිච්චි නොකරන, එම ගම් වලම  ඇලවල් අසල වසන අයට එම රෝගය   වැලඳෙන්නේ නැත.   තිරුවාන උල්පත් වලින් එන ජලය හෝ ගංගා ජලය  බොන අයට මෙම රෝගය ඇති නොවේ.

අලුත්ම කරුණු.

පෙරාදෙණි සරසවියේ විද්‍යාඥයෝ සහ මහනුවර ආරෝග්‍ය ශාලාවේ දොස්තර වරු  ලඟදී පලකල පර්යේෂණ අනුව, රෝගය ඇති කරණ  ලිං වල ජලයෙහි ෆ්ලුඔරිඩ් (Fluoride)  සහ මැග්නීසියම් ලවන අධික ලෙස ඇති බවය. එවැනි කිවුල් වතුර මීයන්ට දුන් විට ඔවුන්ගේ වකු ගඩු ද හානි වන බව පරීක්ෂණ වලින් ඔප්පු කොට ඇත. ෆ්ලුඔරයිඩ් නොමති,  කිවුල ජලය ඇති,  ජාපනය වැනි ප්‍රදේශ වල මෙම රෝගය විද්‍යාමාන නොවේ.

[බලන්න:    

 Balasooriya, S., Munasinghe, H., Herath, A. T., Diyabalanage, S., Ileperuma, O. A., Manthrithilake, H., Daniel, C., Amann, K., Zwiener, C., Barth, J.

A. C., & Chandrajith, R. (2019). Possible links between groundwater geochemistry and chronic kidney disease of unknown etiology (CKDu): an investigation from the Ginnoruwa region in Sri Lanka. Exposure and Health, Expsoure and Health. doi:10.1007/s12403-019-00340-w.

බලන්න:

 Wasana, H. M. S., Perera, G. D. R. K., Panduka De S. Gunawardena, P. d. S., Fernando, P. S., & Bandara, J. (2017). WHO water quality standards vs  synergic effect(s) of fluoride, heavy metals and hardness in drinking water on  kidney tissues. Nature-scientific reports, . doi:10.1038/srep42516.

එම කරුනු වලට එකඟ වාදයන්  පේරාදෙණියට සම්බන්ධ නොමැති ගවේශකයන්ද ඉදිරිපත් කොට ඇත.   බලන්න:

Dharma-wardana, M. W. C. (2018). Chronic kidney disease of unknown etiology and the effect of multiple-ion interactions. Environ Geochem and Health,40 , 705–719. doi:10.1007/s10653-017-0017-4.  ]

    එහෙයින්,  මහවැලි ක්‍රමය යටතේ වැඩි විමසීමක් නොමැතිව, පෙරකල කවදාවත් පාවිච්චියට නොගත් ප්‍රදේශ වල  මිනිසුන් පදිංචි කිරීම නිසා සිදු වූ මේ නස්පත්තියට පිලියම වන්නේ ඔවුන්ට පයිප්ප ජලය සැපයීමය.   එවිට මේ අළුත් වකුගඩු රෝගයද  නිරායාශයෙන්ම දුරු වී යනු ඇත.   

ආචාර්‍ය චන්ද්‍ර ධර්මවර්ධන විසිනි,     15-01-2020

2 Responses to “රජරට පැතිරී අති අළුත් මාදිලියේ වකුගඩු රෝගය පිලිබඳ අලුත්ම කරුණු.”

  1. aloy Says:

    “අවුරුදු දෙක තුනක් ගත වූවත් රෝගයේ කිසිදු අඩුවක් නොවීය.”

    An attempt to misinform the readers. There were reports that the spread of disease had reduced after the glyphosate ban and the use of Bio Fertiliser, Recently a medical doctors has proved that a good harvest can be obtained by the use of bio fertiliser by cultivating a few acres himself. Cats and dogs do not live long enough to catch the disease and also the NCP had been a heavily populated area in the days of ancient kings. Mahavansa says that the road from A’pura to trinco had been heavily populated such that a rooster could fly from one roof to other until it reaches Trinco after starting from A’pura.

    I advise Chandre not to propagate lies on behalf of large companies.

  2. Naram Says:

    If water is the problem, perhaps one answer would be collecting rainwater and using that after boiling would reduce part of the risk. I saw some research from VIetnam and nearby regions that showed the special factor of rice, keeping much of Cadmium and arsenic in its seed that comes with fertilisers. More varied diet, Manioc, other seeds, Bathala, Kos, and of course all the greens should be balanced diet.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress