මේරටේපලාත්සභාඡන්දයවහාමපවත්වනමෙන්කෑමොරදෙනදේශපාලකයින්ඇතුලු සියලුම පිස්සන්ජීවිතාන්තය දක්වා යැවියයුත්තේඅන්ගොඩටය,
Posted on June 15th, 2026

ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

එසේත්නැතිනම්ඔවුන්දේශද්‍රෝහීන්, ද්‍රෝහීන් සහ සින්හල බෞද්ධ විරෝධීන්වශයෙන් වහාම මේ පින්බිමෙන්යළිකිසිදාකආපසුනොහැකි පිසක්වලකටම පිටුවහල්කළයුතුය.

ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

2026 06. 10.

හැඳින්වීම  (පළමු කොටස)

ප්‍රථමයෙන්ම, මා එසේ පවසණුයේ, මේ රට ක්‍රි.පූ.543 සිට මේ දක්වාම වසර 2567 ක් සින්හල රටක් සහ ක්‍රි.පු. 307 සිට මේ දක්වා වසර 2333 ක්ම සින්හල බෞද්ධ රක් වශයෙන් පැවති රටක් බවවත් මොවුන් කිසිවෙකු නොදන්නා සහ නොපිළිගන්නා නිසාය. එසේම 1833 දී මේ රටේ භූමිය, ඉතිහාශයේ පළමුවරට සින්හල දෙමළ වශයෙන් බෙදීමට සුද්දන් හඳුන්වා දුන් පලාත් ක්‍රමය සහ 1987 දී ඉන්දියාව විසින් මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය සහ ශිෂ්ඨාචාරය විනාශ කිරීම සඳහා අප හිසමත බලහත්කාරයෙන් පැටවූ, පලාත් සභා යන දෙකම, මෙම ලිපියේ මවිසින් පහත පෙන්වාදී ඇති හේතු නිසා මේ මේ රටේ සහ භූමිපුත්‍රයින් වන විෂ්මිත බෞධයින්ගේ පැවැත්ම සහ යහපතට කිසිසේත්ම නොගැලපෙන, එසේම විනාශයටම හේතුවන නිසාය.

එමෙන්ම මේ ක්‍රම දෙකේම ආදිනව නොදැන පලාත් සභා කිරිවදයම ඉල්ලා හඬන කිසිවෙකු මේ සිංහල රට පාලනය කිරීමට කිසිසේත්ම සුදුසු නැති නිසාය. ඕනෑම කෙනෙක් මේ රටේ දේශපාලනයට පිවිසීමට පෙර, යටත් පිරිසෙයින් පණ්ඩුකාභයගේ පටන් සියලු දෙනාගේම නූනත්, විශේෂයෙන්ම, දෙවානම්පියතිස්ස, දුටුගැමුණූ, වලගම්බා, ගජබා, මහසෙන්, විජයබා, මහාපරාක්‍රමබාහු, සිරිසඟබෝ, ධාතුසේන,6 වන පරාක්‍රමබාහු, සීතාවක රාජසින්හ, 11 වන රාජසින්හ, සහ කීර්තිශ්‍රි රාජසින්හ වැනි රජවරුන් රාජ්‍යපාලනය කළේ කෙස්ද කියා හෝ මහාවන්ශය වත් කියවා බැලිය යුතුය. 1948 න් පසු ඩී.ඇස්, එස් ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක,සිරිමා බන්ඩාරනායක, ඩඩ්ලි සේනානායක සහ අවසානවශයෙන් මහින්ද රාජපක්ෂ වැනි අයගෙන්ද නවකයින්ට ඉගෙනගතයුතු දෑ බොහෝය.

දෙවනුව ක්‍රි.ව.1833 දි කෝල්බ්රූක් කැමරන් කොමිසම විසින් මේ රටට හඳුන්වා දුන් පලාත් සංකල්පය මෙන්ම ක්‍රි.ව. 1987 දී, 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය නමැති කුමන්ත්‍රණයෙන් තර්ජනාත්මක්ව මේ සිංහල බෞද්ධ  රටේ උතුරු නැගෙනහිර පලාත් සභා ක්‍රමය යටතේ තමිල්නාඩුවේ කොටසක් කර ගැනීම සහ, අනතුරුව දැනටමත් දෙමළ බහුතරයක් සිටින, එසේම ඔවුන් උඩරට දෙමළ කරණයකොට මලයහ” නමින් හඳුන්වන මේ සිංහල රටේ හා ජාතියේ භූගෝලීය හදබිමත් ඊට ඇතුළත්කොට, අවසානයේදී මේ මුළු රටම ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය  බවට පත්කොට ගැනීමේ  අරමුණ ඇතිව,  ඉන්දියාව විසින් ලක්මවගේ හිස මත බලහත්කාරයෙන්  පැටවූ, පලාත් සභා ක්‍රමයද මේ සිංහල රටත්, සිංහල ජාතියත්  එසේම මේ රටේ  අවුරුදු 2500 කට  වැඩි ශ්‍රේෂ්ඨ ලිඛිත ඉතිහාසයක් ඇති විශ්වපූජිත සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයත්, මේ මිහිපිටින් අතුගා දැමීම සඳහා බටහිර අධිරාජ්‍යවාදීන් හා ඉන්දියාව විසින් ඒකාභද්ධව නිර්මාණය කරණළද, අති භයානක පරමාණු  බෝම්බ දෙකකි.

 නමුත් ඒ දෙකෙන්ම මේ රටට, ජාතියට සහ බුදු සසුනට දැනටමත් සිදුවි ඇති එසේම ඉදිරියටත් සිදුවිය හැකි, යළි කිසිදාක ආපසු ලබාගත නොහැකි වන, මහා විනාශයත් තේරුම් ගැනීමට තරම්වත් මොලයක් මේ කිසිවෙකුට නැති බව පෙනේ.

මගේ අදහසේ හැටියට මෙම හේතු දෙක නිසා පලාත් සභා ඉල්ලා හඬන කිසිවෙකු කිසිදාක මේ රටේ පාලකයින් වශයෙන් පත්වීමට කිසිසේත්ම සුදුසු නැත.  එම නිසා ඇත්ත වශයෙන්ම ඔවුන් උද්ඝෝෂන කලයුත්තේ පලාත් ක්‍රමය මෙන්ම පලාත් සභාද වහාම අහෝසිකොට පණ්ඩුකාභය රජතුමා විසින් (ක්රි.පු. 394-307) මේ රටේ පිහිටුවනලද පරිපාලන බෙදීම් ක්‍රමයවූ රුහුණු, පිහිටි මායා යන තුන්රට සහ ඒ තුල දිසා, කෝරල, පත්තු සහ ගම් වශයෙන් ගන්ගානිම්න සහ මහ පොලවේ භූ විෂමතා නුව පරිපාලන මායිම් අනුව සිතියමක් නිර්මාණය කර ගැනීම නොවේද? 

මේ සිංහල රට, සිංහල සහ දෙමළ වශයෙන් ජාතීන් සහ රටවල් දෙකකට බෙදීමේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සහ ඉන්දියාවෙ 29 වන ප්‍රාන්තය කර ගැනිමේ ඉන්දීය කුමන්ත්‍රනය.

ක්‍රි.ව.  1799 සිටම යටත් විජිත ලේකම් ක්ලෙග්හෝන් ප්‍රමුක යටත් විජිත වාදීන් විසින් කුමන්ත්‍රණකාරීව, වසර 2500 කට වැඩිකාලයක්  අපගේ අභිමානවත් මාතෲ භූමිය වූ මේ සිංහල රට, සිංහල සහ දෙමළ වශයෙන් රටවල් දෙකකට බෙදීම සඳහා කුමන්ත්‍රනය  කරමින්, මේ රට සිංහල සහ දෙමළ වශයෙන්  ජාතීන් දෙකක් හා රටවල් දෙකක් තිබුණු බවට සුරන්ගනා කතා කියමින්, ලියමින් සිට,  අවසානයේදී මෙම කුමන්ත්‍රණයේ, මුල්ගල වශයෙන් 1833 දී මේ රටේ ඉතිහාශයේ ප්‍රථම වරට  රට පලාත් 5 කට බෙදා ලක්පොලවේ සිතියම් ගතකල බවද, එම සිතියමේ දැක්වෙන පරිදි උතුරු සහ නැගෙනහිර පලාත් දෙකට, රටෙන් බාගයක් ඇතුලත් වන පරිදි බටහිරින් පුත්තලමේ සිට මන්නාරම, යාපනය ත්‍රිකුණාමලය මඩකලපුව හරහා අග්නිදිගින් කුමන දක්වා වෙරළ තීරුවද ඇතුලත්කොට, ඊට අමතරව මුලු රටෙන් අඩක් හසුවන පරිදි උතුරු නැගෙනහිර පලාත් දෙකේ මායිම් සලකුණු කොට කොට, සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයේ උත්තුන්ඝ කැඩපත්  වන අනුරාධපුර සහ පොලොන්නරු රාජධානි දෙකම  සුද්දාගෙ දෙමළ රට අයත්වන පරිදි එම  සිතියම සකස් කලේය. මේ අනුව 1815 වන විටත් රටේ මුළු වර්ගප්‍රමාණයෙන් 90 % ක් (සිතියම 1)     පමණවූ උඩරට රාජධානිය,

                   සිතියම1

                      1815 උඩරට රාජධානි මායිම                            

සිතියම.2                                                                                                                                                           

                                               

                            1833 පලාත් 5 මායිම්

 රටේ මුළු වර්ගප්‍රමාණයෙන් 10 % කට පමණ අඩුකොට (සිතියම.2), වසර 2500 ක් පුරා එක් සිංහල බෞධ රාජධානියක් වශයෙන් පැවති මේ සිංහල රට, ඉතිහාශයේ පළමුවරට සිංහල දෙමල වශයෙන් කොටස් දෙකකට බෙදා ලක්පොලවේ සළකුණුකොට පලාත් 5 කට බෙදා (සිතියම.2) වසර 2500 කට වැඩි ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන මේ සිංහලයින්ගේ මව්බිම සහ එහි ජන්ම උරුමකරුවන් වන සහ සිංහල ජාතිය, මේ මිහිපිටින් අතුගා දැමීම සඳහා 1833 දී පළමුවරට අත්තිවාරම දමා, සුද්දාගේ බෙදුම් වාදී පලාත් ක්‍රමය ලක් පොලවේ ස්ථාපිත කරන ලදී.

අනතුරුව 1987 දී රජිව් ගාන්ධි සහ ජේ.ආර්. යුගල, මේ සිංහල බෞද්ධ රට විනාශකොට නුදුරු අනාගතයේදී ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්කරගැනීම සඳහා පලාත්සභා මරඋගුල අටවනළදී. මෙම තිරණ දෙක ක්‍රියාත්මක් කිරීමෙන් පසු අනිවාර්‍යෙන්ම මේ සිංහල රටත්, සිංහල ජාතියත්, එසේම සිංහල බෞද්ධ රාජ්‍යත්, සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයත්, මේ මිහිතළයෙන් අතුරුදන්වන බවවත් නොදැන, නොතේරී, පලාත් සභා ක්‍රමයේ එල්ලී, උනුනුන් කුළල් කාගනිමින් දේශපාලන බලලෝභයෙන් උන්මත්තකව දඟලන, රටට ජාතියට හෝ ශාසනයට අබමල් රේණුවක හෝ ආදරයක් නැති මේ දේශද්‍රෝහි,ජාතිද්‍රෝහි, සාශනද්‍රෝහි දේශපාලුවන්ගෙන් මේ රට බේරාගෙන අනාගත පරම්පරාවට මේ රට ආරක්ෂකොට දීම රට ජාතියට ආදරය ඇති වර්තමාන දෑ හිතැති පරම්පරාවේ පරම යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.

මෙකී නව උ.හා නැ. පලාත් දෙක තුල සුද්දන් විසින් 1799 න් පසු ඔවුන්ගේ වහල් මෙහෙයට ඉන්දියාවේ මලබා ප්‍රදේශයෙන් මෙහි ගෙන ආ පිරිස් විශාල වශයෙන් පදින්චි කරණ ලදී. 1948 දී සුද්දන් ආපසු යනවිට මෙහි අතරමන්කොට ගිය මළබා කාරයින්ගේ අයිතිහාසික නිජබිම වශයෙන් මෙම පලාත් දෙක ලියාදීමට 1987 දී රජිව් ගාන්දී විසින් පලාත්සභා ක්‍රමය ඇතිකළේය. ඒ අනුව උ.නැ. පලාත් දෙක 13 වන ව්‍යවස්ථා සන්ශෝධනයෙන් දෙමළ වැසියන්ගේ අයිතිහාසික නිජ භූමිය වෂයෙන් ජේ.ආර් ලවා රජිව් ගාන්ධී විසින් ව්‍යවස්ථාගතකොට ගනු ලැබීය. (ඇතැම්විට මෙය 1944 දී ජේ.ආර් මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කළ යුතු බවට ඔහු  කළ ප්‍රකාශයේම නිහඬ දිගුවක්ද වියහැක)

දැන් පලාත් සභා ඉල්ලා උද්ඝෝෂන කරන මොවුන් කිසිවෙක් මේ බවවත් දනිතැයි මම නොසිතමි.

මේ අනුව යුරෝපීය ආක්‍රමනිකයින්ගේ සහ ඉන්දියාවේ දුෂ්ඨ දේශපාලන කුමන්ත්‍රණය නිසා මේ සිංහල රටේ වසර 2567ක් පැවති ඒකීය භාවයට,භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරී භාවයට,ජාතික  ආරක්ෂාවට, ස්වදේශීය පරිපාලන ක්‍රමයට, ජාතික සමඟියට හා නිරවුල් රාෂ්ඨ්‍ර පරිපාලනයට සහ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයේ පදනමට සිදුවූ විනාශය පිළිබඳ කිසිවක් නොදැන තම තාවකාලික දේශපාලන බලය ගැනීමේ සහ ගිළිහීගිය සැපසම්පත් හා වරප්‍රශාධ යළිත් ලබාගැනිමේ අරමුනින් පලාත් සභා පවත්වාගෙන යාමට මොවුන් සටන්වැද සිටින බව පෙනේ.

අද විපක්ෂයේ සියළුම පක්ෂ පලාත් සභා චන්දය ඉල්ලා උද්ඝෝෂන කරනුයේ නියත වශයෙන්ම සියලුම පලාත් සභාවල බලය ඔවුන්ට ලබාගත හැක යන උපකල්පනය මතය.මාලිමා රජය පලාත් සභා මැතිවරනය නොතබන්නේ නිශ්චිතවම ඔවුන් සියළුම පලාත් සභා පරදින බව දන්නා නිශාය. මේ දෙගොල්ලටම අවශ්‍ය බලය ලබාගැනීම, වරප්‍රශාද හැකි තාක්කල් භුක්ති විඳීම  සහ හැකිතාක් කල් බලයේ රැඳී සිටීම මිස රට ජාතිය හැදීම හෝ ජනතා ශුභසෙත සැලසීම නම් නොවේ.

මේ නිසා පලාත්සභා මැතිවරණයක් ඉල්ලා උද්ගෝෂනය කරන සියලුම දෙනා කළයුත්තේ,පලාත් මට්ටමේ බලය ලබාගෙන,තම තාවකාලික දේශපාලන දොලදුක සපුරා ගැනීමද? එසේ නැතිව මේ අධිරාජ්‍යවාදි-ඉන්දීය යුගල මළතොණ්ඩුවෙන් ලක් මවගේ ගෙල සිරකොට ඇය මරා දැමීම නොව ඇයගේ ගෙලෙන් එය සදාකාකිවම ගලවා දමා ඇයගේ දිවි ගලවා ගැනීම නොවේද?  ඒ සඳහා පහත සඳහන් පියවර මම යෝජනාකරමි.

1. පලාත් සභා ජයග්‍රහනය කළවහාම මේ රටට හා ජාතියට මර උගුලක්වූ 13 වන ව්‍යවස්ථා සන්සෝධනය අහෝසිකොට පලාත් සභා ක්‍රමය සහ සුද්දාගෙ පලාත් ක්‍රමයද අහෝසි කිරීම. එසේ වූ විට 13 යටතේ පිහිටුවා තිබුණු ආණ්ඩුකාර,මහ ඇමති, ඇමති සහ 700 ක් පමණ පලාත් සභා මන්ත්රීවරු, 15 දහසකට ආසන්න නිලධාරීන් සහ සියළුම ආයතනද අහෝසිවී ඒ සඳහා නාස්තිකළ කෝටි ප්‍රකෝටි ගානක් මහජන මුදල්ද ඉතිරිවණු ඇත.

2 ඒ යටතේ පනවා ඇති 1992 අන්ක 58 පනත සහ රා.පරි.පා  චක්‍රලේඛ 21 ඇතුළු සියළුම අනපනත් සහ චක්‍ර ළේඛන ආදිය අහෝසිකිරීම

3 ක්‍රි. පූ.(394-307) සිට 1833 දක්වා මේ රටේ පැවති ආසියාවේම තිබුණු විශිෂ්ඨතම පරිපාලන ක්‍රමයක් වූ දිසාවලින් ආරඹ්හ වී ගමෙන් අවසන්වූ  ස්වදේශීය පාලන ක්‍රමය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම.

4. 1978 ව්‍යවස්ථාව අහෝසිකොට මේ රටේ ශිෂ්ඨාචාරය පදනම්කොට ගත් එසේම මේ රටට සාකල්‍යෙන්ම ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තුරු රටේ පාලනය ගෙනයාම සඳහා 1972 ජනරජ ව්‍යවස්ථාව බලගැන්වීම සඳහා මෙම පලාත් පාලන මැතිවරණ ප්‍රකාශයේම චන්ද පොරොන්දුවක් වශයෙන් එය ඇතුලත්කොට එම මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය ජනමත විචාරණයක අනුමැතියක් වශයෙන් සැලකිය නොහැකිදැයි සොයා බැලිය යුතුය. දැනට පවතින දේශපාලන රටාව මුළුමනින්ම වෙනස් කොට මේ රටට හා ජාතියට  රටේ ශිෂ්ඨාචාරයේ පදනමට ගැලපෙන ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථාවක් මාස 6ක් ඇතුලත සම්මතකර ගැනීම යන මැතිවරණ පොරොන්දු මත මේ ජාතික සටන ආරම්භ කිරීම.

 මේ විෂ්මිත අපගේ එකම මාතෲ භුමියට පරසතුරන් විසින් 1799 සිට සිදුකළ, එසේම පලාත් සහ පලාත්සභා වලින් මෙතෙක් මේ රටට සිදුවි ඇති සහ, ඒවා තව දුරටත් සිදුවිය හැකි විනාශයන්  කිසිවක් නොදැන, එසේම එහි ඇති භයානක කම තේරුම් ගැනීමට තරම් මොලයක් නැති, තමන්ට සහ තම හිතවතුන්ට පමණක් ලැබෙන තාවකාලික එදාවේල වරප්‍රසාද ගැන පමණක් සිතමින් ආත්මාර්තකාමීව, තව දුරටත් මොවුන් මේ සුද්දාගේ පලාත් ක්‍රමය සහ ඒ මත ගොඩ නැගුණු ඉන්දීය පලාත් සභා මරඋගුල්වල එල්ලී සිටියහොත්, සියවස් ගානක් මේ රටේ පැලපදියම්ව තිබුණු ස්වදේශීය රාජ්‍ය පාලන රටාවන් විනාශවී, මේ රටට කිසිසේත්ම නොගැලපෙන ආදේශිත පාලන ක්‍රමයක් ස්ථාපිතවිම නිසා මේ  රටටත් ජාතියටත් ඉන් සිදුවන, කිසිදාක යළි ආපසු හැරවිය නොහැකි මහා විනාශයන් මොනවාද කියා  නොදැන, තම පටු ආත්මාර්ථය ගැන පමණක් සිතමින් දේශද්‍රෝහීව සහ ජාතිද්‍රෝහීව බලයේ රැඳී සිටීමට හා  බලයට ඒම ක්‍රියා කරන්නේ සහ උද්ඝෝෂන කරන්නේ මේ ආත්මාර්තකාමී බඩගෝස්ත්‍රවාදී දේශපාලුවන් පමණි. 

එම විලාපයට එක්ව සිටින අළුත්ම කන්ඩායම අතර, හිටපු ආණ්ඩුකාරයින්ගේ සන්සදයයි කියන දේශපාලනයෙන් ප්‍රතික්ෂේපිතයින්  හා රජගෙදර පරෙය්යන් පිරිසක්ද වෙති. පලාත් සභා නැතිනිසා තම අහිමිවි ගිය සුන්දර යස ඉසුරු හා වරප්‍රශාද ද නැවත ලබා ගැනීමේ බලාපොරුත්තුවෙන් ඔව්හු එසේ කරත්.එම ලැයිස්තුවේ සුළු අඩුපාඩුවකට ඇත්තේ මියගිය ආණ්ඩුකාරයින්ගේ අත්සන් නැතිවීම පමණි.

මේ පින් බිම තුල මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයක් උදාවී ඇත්තේ, පෙර රජ දවස මෙන්, රට, දැය සහ බුදුසසුනේ චිරස්ථිතිය තම ප්‍රාණයමෙන් සලකන රටේත් රට වැසියන්ගේත් යහපත තම යහපත වශයෙන් සළකන රාස්ඨ්‍රපාලකයින් මේ රටේ දැන් නූපදින නිසායයි මම සිතමි.  

මෙම ලිපියේ ඉතිරි කොටස, පහත සඳහන් කොටස් 5 කින් සමන්විත වෙයි

මෙම ලිපි පෙලේ සාරාංශය 

1.මේ රටේ රාෂ්ඨ්‍රපාලන සිතියමට1799 දී   පලාත් සංකල්පය හඳුන්වා දීම සහ එහි නිර්මාතෘවරුන්වූ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ සහ වෙස්ලියානු කතෝලික පල්ලියේ මේ රටේ විෂ්මිත බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරිමේ කුමන්ත්‍රණය සහ එහි යටි අරමුණු. (එසේකොට ආසියාව පාලනය කිරීමේ ඔවුන්ගේ යුධ සහ ගැටුම්  තිප්පොලක් බවට මේ දිවයින පරි වර්ථනනය කිරීම)

2 පලාත් සභා ආරම්භය සහ එහි නිර්මාතෲ වරුන් වන ඉදියාවේ සහ ජේ.ආර්ගේ  අරමුණු

3.1987 ආරම්භ කරන ළද පලාත් සභා සන්යුතිය

සහ

4 පලාත් සභා ක්‍රමයෙන් මේ රටේ අනවශ්‍ය සහ නාස්තිකාර දේශපාලන උපසංස්කෘතියක් බිහිවීම සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය දෙගුණ තෙගුනවී පලාත්,දිසා සහ ප්‍රාදේශීය මට්ටම්වල රාජ්‍යසේවය ප්‍රමාදවීම, අවුල්වීම සහ අකාර්‍යක්ෂම වීම නිසා ජනතා සේවය අවුලෙන් අවුලට පත්විම සහ දුෂණය ඉහවහා යාම හැර, රටට හෝ ජනතාවට කිසිදු පලදායී සේවයක් නොවන එසේම වසර 2500ක් පුරා මේ රටේ පැවති  මේ රටේ පාලනයේ පදනමවූ තුන් හෙලේ,දිසා,රට,කෝරළ සහ ගම යන, ගන්ගා නිම්න,සහ කඳුවැටි  වැනි ස්වාභාවික මායිම් අනුව සකස්වූ දේශයට ගැලපෙන විශිෂ්ඨ ස්වදේශීය රාෂ්ට්‍ර පාලන රටාවක් විනාශ කිරීම, රට බෙදිමේ අරමුණින් මායිම් යොදා  රට බෙදූ, පලාත් සභා නැමැති  නාස්තිකාරී මාරාන්තික දේශපාලාන පිළිකාවක් තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිදු අර්ථයක් නොමැති බව පෙන්වාදීම සහ එම විනාශයන්ගෙන් රට,ජාතිය හා බුදු සසුන බේරාගැනීම සඳහා සමස්ත ජාතියම පෙළගැසෙන මෙන් ඉල්ලා සිටීමය.

5 අවසාන වශයෙන් පලාත්සභා ක්‍රමය තව දුරටත් ක්‍රියාත්මක කළහොත් 1799 සිට නෝත් ආණ්ඩුකාරයාගේ, ක්ලෙග්හෝර්න්ගේ, අමෙරිකාණු වෙස්ලියාණු මිසනාරීන් සහ සෙසු ඉන්ග්‍රීසි යටත්විජිත වාදීන්ගේ විනාශකාරී බෙදුම්වාදී යටි අරමුණු සහ ඉන් පසු දෙමළ මුස්ලිම් වර්ගවාදින්,ආගම්වාදින්, අරුනාචලම් පොන්නම්බලන්,චෙල්වනායගම් සහ ප්‍රභාකරන්, පමණක් නොව 1944 දී මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතුයයි යෝජනා කළ ජෙ.ආර්. සහ 1997දී  පොට්ටනියහරහා මේ රට බෙදා උතුරු නැගෙනහිර දෙමලුන්ට දීමට යෝජනා කළ චන්ද්‍රිකා, උතුරු නැගෙනහිරට 13 + දීමට සහ

1505 සිට 1815 දක්වා වසර 310 ක්  පෘතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි ආක්‍රමනිකයින්ගෙන් උඩරට සිංහලේ රාජධානිය ආරක්ෂාකොටගෙන සිටි අපගේ මුතුන් මිතතන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්, ඉතිහාස පුරා, දුටු ගැමුණු, වළගම්බා වැනි නරපතීන්ට රැකවරණ ලබා දුන්, රජුන් හැදූ, ජාතියේ විෂ්මිත ආරක්ෂක  බලකොටුව වූ එසේම මේ රටේ සමස්ත ජීවී පද්ධතිය සහ ශිෂ්ඨාචාරයේ පදනම වන මධ්‍යම  කඳුකරය එහි බෞතික ස්ථාවර භාවය, වනාන්තර සහ වසර පුරා ජාතියට දියවර සපයන   සයළුම ගංගා ආරම්භවන ජාතියේ ජලඋල්පත වූ, ජාතියේ හදබිමේ අක් 13 ලක්ශයක් පමණ වන අපගේ මුතුමිත්තන්ගෙන් අපට දායාද වූ ජාතියේ ඉඩම්  සියල්ල,  2024 ජනාධිපති වරණයේදි දැනට මේ ඉඩම්වල  කම්කරුවන වන තමුන්නාන්සේලා මම මේ ඉඩම්වල අයිතිකරුවන් කරනවාවැනි  මෝඩබස් දෙඩූ සජිත් වැනි සියළු දෙනාගේම පටු දේශපාලන සිහින  ඉටුවුවහොත් වසර 2567 අප ජාතියේ උරුමය වු මේ සිංහල බෞද්ධයින්ගේ සහ බුදුන්ගේ දේශය, සිංහල ජාතිය සහ මේ රටේ සම්බුද්ධ සාශසනය නියත වශයෙන්ම මේ මිහිපිටින් අතුරුදන්වන බව පෙන්වාදීම සහ,

එම මහා ජාතික ව්‍යශනයෙන් සිංහල අපගේ මාතෲ භූමියත්, සිංහල ජාතියත් එසේම සම්බුද්ධ සාශනයත් බේරා ගැනීම සඳහා  මෙම විනාශයට මඟ පෑදු 13 වන ව්‍යවස්ථා සන්ශෝධය මුලුමනින්ම අහෝසිකොට, යටතේ පැනවූ සියළු නීති රීතිද අහෝසිකොට අපගේ මාතෲ භූමියට සාකල්‍යයෙන්ම න්ම ගැලපෙන අපගේම ශිෂ්ටාචාරය මත පදනම්කොටගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කොට  මේ පින්බිමේ,  ජාතියේ සහ සම්බුද්ධ සාශනයේ චිරස්ථිතිය ආරක්ෂාකොට ගන්නා මෙන් මේ පින්බිමේ උපත ලබා එහි හිරු එළියෙන්,වාතයෙන් හුස්ම ලබා ජීවය ආරම්භකොට,එහිම ජලයෙන් සහ එහි පසෙන් උපන් රස අහරින් ගත සිත පෝෂනයවී අවසානයේදි  එහිම මිහිදන් වී ඒ මව්බිමටම පොහොර වන දේශප්‍රේමී, ජාති හිතයිෂී සියළුම දේශපාලකයින් හා සමස්ථ ලන්කාවාසී ඔබ සැමගෙන් මම ඉල්ලා සිටීමි. 

විශේෂ සටහනක්

ඇතැම්විට මෙම ලිපිය කියවන ඇතැම් දෙනකු ලිපිය ලියන මා උග්‍ර සින්හල බෞද්ධ ජාති වාදියෙකැය සිතියි හැක. කරුනාකර කිසිලෙසවත් එසේ නොසිතන මෙන්ද මා ජාතිය වශයෙන් සිංහලයෙකු සහ ආගමිකයෙකු වශ්යෙන් උපතින් මෙන්ම ප්‍රායෝගිකව බෞද්ධයෙක් නිසා කිසිසේත්ම මා එවැන්නකු නොවෙන බව ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කරන අතර නියම සිංහලයෙකුට සහ බෞද්ධයෙකුට කිසිමදාක ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු වීමට නොහැකි බවද කියමි. කෙසේ වුවද මා මගේ ජාතියට සිය පණ මෙන් ආදරය කරන ජාතිකවාදියෙකු බවනම් කිවයුතුය.

එහෙත් වසර 2500 කට වැඩි කාලයක් පුරා ජීවිත පරිත්‍යාගයෙන් ඇස්, ඉස්, මස් පුදා අපගේ මුතුන් මිත්තන් විසින් අපට ආරක්ෂාකොට දුන් අපගේ මාතෲ භූමිය විනාශකිරීමට කොයි කවුරු හෝ සැරසේනම් මා ඊට එරෙහිව සටන් කරමි. ඉතිහාශයේ වරින්වර ජයභූමි සොයා මෙහි පැමිනි හෝ ආක්‍රමනිකයින් විසින් මෙහි ගෙනවිත් අතරමන්කොට ගිය දෙමළ හෝ මුස්ලිම් ආදී ඕනෑම කෙනෙකු පැරණි රජ දවස සිදුවූ පරිදි,මේ රටේ ශිෂ්ඨාචාරයට අනුගතව සාමකාමීව රටේ ප්‍රවේණී භූමිපුත්‍රයින් වන සිංහල අපට එරෙහිව අපගේ මේ මව්බිම උරුමකොට ගැනීමට හෝ භූමිපුත්රයින් සමඟ සම අයිතිවාසිකම් ඉල්ලීමට හෝ කිසිවෙකු නොපැතිය යුතුය.

එසේම මේ රට සිංහල බෞද්ධයින්ගේ ජන්ම භූමිය බව පිලිගෙන  සිංහල බෞද්ධයින් සම්ඟ සහජීවනයෙන් සිටිනා තුරු ඔවුන් සියළු දෙනාම අපගේම සහෝදරයින් වශයෙන් පිලිගැනීමට අපි නිරන්තරයෙන්ම සූදානම් වෙමු.එම යතාර්ථය පිළිගැනීමට සූදානම් නැති විදේශිකයින් සහ අන්‍යජාතිකයින් සියළු දෙනාම අනිවාර්‍යෙන්ම ඔවුන්ගේ මව්රටවල් බලා ආපසු යා යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress