නීල මහා යෝදයා
දැන් නලින් ද සිල්වාට මහතාට ඇති එකම ප්‍රශ්නය නම් මේ නීල මහා යෝදයා නමින් පුහු චින්තකයාගේ පුහු චින්තන එළිදරවු කරන තැනැත්තා කව්දැයි හඳුනා ගැනීමයි. වරක් ඔහු ලංකවෙබ් වෙබ්ජාලයහි සංස්කාරක කර්තෘ නීලමහා යෝදයායි වරදවා හඳුනාගෙන ද්‍යෝෂාරෝපණය කරමින් ඔහුගේම වෙබ්ජාලයහි සටහනක් තබා තිබුනි . නමුත් ලංකවෙබ් වෙබ්ජාලයහි සංස්කාරක කෙනෙක් හෝ කර්තෘ කෙනෙක් නැති බව එහි පලමුවෙනි පිටුවෙහින් දෙන පනිවිඩයේ සඳහන් වෙයි. මෙම පනිවිඩය අනුව ලංකවෙබ් ක්රියා කරනවන්නේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ ශ්රීලාන්කිකයින් බව ඉතා පැහැදිලිය. තවත් වරක් ධර්මසිරි වීරසිංහ නැමති තැනැත්තා නීලමහා යෝදයා නමින් පෙනීසිට ඔහුගේ ලිපි වලට ප්‍රතිචාරය දෙන්නේයයි කියා දෝෂාරෝපනය කර තිබුනි. මීට මාස කිහිපයකට ප්රථම ධර්මසිරි වීරසිංහ මහතා සහ නලින් ද සිල්වා මහතාට අතරේ විද්යත් මාර්ගයෙන් ඇතුවු ලොකු බහින් බස් වීමක් නිසා ධර්මසිරි වීරසිංහ මහතාව මෙසේ සැකකරනබවත් නලින් ද සිල්වා මහතාගේ මේ ප්රකාශයන් තරයේ ප්රතික්ෂේප කරන බවත් ධර්මසිරි වීරසිංහ මහතාගේ ප්‍රතිචාරවලින් හැඟීයයි.
මෙහි වැදගත්ම දේ වන්නේ නීල මහා යෝදයා එක්තරා පනිවිඩයක් සිංහල පමනක් කථාකරන මහ ජනතාව ඉදිරියෙන් දි දිගහැරීමයි. ඒ තමා පුහු චින්තකයාගේ පුහු චින්තන. නීලමහා යෝදයා කියන හැම සිද්ධාන්තයක් සහ පරිසිද්ධියක්ම ඉංග්‍රීසි භාෂාවෙන් පලකරනලද කරුණු වන අතර සමහර කරුණු අන්තර්ජාලයෙන් උවත් ලබාගත හැකිය.
නලින් ද සිල්වාගේ පුහු චින්තන අතර ප්‍රධාන තැන ගන්නේ;
- ඕල්කොට් බෞද්ධයෝ යයි ඉංග්‍රීසි උගත් සිංහල බෞද්ධයින් බෙදා වෙන්කිරීම
- නවීන විද්යාව පට්ටපල් බොරුවක්යයි ප්‍රචාරය කිරීම
- නවීන විද්යාව යුදෙව් ක්‍රිස්තියානි සංකල්පයකි ඇතිවූවක් බව ප්‍රචාරය කිරීම
- ඥානය, ප්‍රඥාව, ‘සම්මා දිට්ඨිය’, සක්කාය දිට්ඨිය සහ විඥානය යන බෞද්ධ ධර්මතාවයන්ට අබෞද්ධ අර්ත්ථ කථනයන් ආරූඩ කිරීම
කාලාම සූත්‍රය කියා දෙන පරිදි ඥානවිභාගී යථාර්ථය හා සදාචාරාත්මක ශක්ති තුළ සත්ය ලෙස පිළිගන්නේ පෞද්ගලිකව තේරුම් ගත හැකි සැබෑදැයි පරීක්ෂාකර කළ හැකි දේ පමණි.
කාලාම සූත්‍රයෙහි සඳහන් පරිදි කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.
“කාලාමයෙනි,
- නුඹලාඅනුන් කියනු ඇසීමෙන් නොපිළිගත යුතුය.
- පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගත යුතුය.
- මෙය මෙසේදවිය හැකියයිනොපිළිගත යුතුය.
- අපගේපොත පතෙහි සඳහන් බැවින්නොපිළිගත යුතුය. .
- තර්කානුකූලයයිදනොපිළිගත යුතුය.
- න්යායට අනුකූලයයිදනොපිළිගත යුතුය.
- මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්දනොපිළිගත යුතුය.
- අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිදනොපිළිගත යුතුය.
- මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිදනොපිළිගත යුතුය.
- මේ ශ්රමණ තෙමේ අපගේ ගුරුයයිදනොපිළිගත යුතුය.
මේ අනුව අනෙක් අය ධර්මයයයි තේරුම් ගන්නා දෙය කවුරුන් කීවත් තමාට එය කිසිසේත් අදාල නැත. ධර්මය පිලිබද තමාගේ ආකල්පය අනිකුන්ගේ සිතුවිලිමත වෙනස්වෙන්නේද නැත. කෙසේ වෙතත්, කාලාම සූත්තගේ කියන පරිදි තමා විශ්වාස කරන දෙය ප්‍රඥාසම්පන්න බුද්ධිමතුන් විසින්ම ප්රශංසාවට ලක් කෙරෙයි නම් තමාට ඒගැන සම්පූර්නයෙන්ම සන්තෘප්ත විය හැකිය. තමන්ගේ විශ්වාසයන් අනෙකුන් විසින් තහවුරු කරන ලද විට ද එය නිසැකවම තෘප්තිමත් අත්දැකීමක් බවට පත්වේ. ඔවුන්ගේ සදාචාර විශ්වාසයන්ගේ වලංගුභාවය පිළිබඳ සැකයක් ඇත්නම් අනිත් අයත් මෙම විශ්වාස අනුගමනය කරන්නේද කිය සොයා බලන්නේ අන්න ඒ කාරනය නිසාය.
නවීන විද්‍යාව
විද්යාව යනු සාක්ෂිය මත පදනම්වූ ක්රමානුකූල ක්රමවේදයක් අනුගමනය කිරීමෙන් ස්වාභාවික හා සමාජීය ලෝකය පිළිබඳ දැනුම හා අවබෝධය ලබා ගැනීම සඳහා අනුගමනය කරන මාර්ගය සහ එහි භාවිතයයි. ((එක්සත් රාජධානියේ විද්‍යා මණ්ඩලය)
විද්‍යාමක පර්යේෂණයන් සිදු කරන විට විද්යාඥයන් විසින් කරනුයේ විද්යාත්මක ක්රමවේදයක් භාවිතා කරමින් මැනිය හැකි ආනුභූතික (empirical ) සාක්ෂි එකතු කොට ඉන්පසු උපකල්පිතයට (hypothesis) අනුකූලව හෝ ප්රතිවිරෝධී කිරීමට හෝ ඉලක්ක කරගත් ප්රතිඵල මත පදනම් වූ සමීක්ෂණයකි.
ශාස්ත්‍රාලිය (academic) විද්‍යාව සහ කර්මාන්තයන් ( Industrial) පිළිබඳ විද්‍යාව වශයෙන් නවීන විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී ඇත.විශාරදයින් දිගු කලක් තිස්සේ ප්රකාශ කර ඇත්තේ, මෙම අංශ දෙක අතර තියුනු වෙනස්කම් ලංකාවේ පවතින බවය.
ලංකාවේ ශාස්ත්‍රාලිය විද්‍යාව නලින් ද සිල්වා මහතා පෙන්වාදෙන පරිදි පට්ටපල් බොරුවක් වුවත් කර්මාන්තයන් පිළිබඳ විද්‍යාව එසේ නොවන්නේ රටේ පැවැත්ම සඳහා නිෂ්පාදනය අවශ්‍ය වන බැවිනි.
රූපවාහිනිය, ගුවන් විදුලි, මෝටර් රථ, දුම්රිය බස් රථ වැනි කාර්මික නිෂ්පාදන මහජනතාවට ලැබෙන තෙක් නවීන විද්යාව පට්ටපල් බොරුවක් නොවන බව කාහටත් පැහැදිලිය.
නලින් ද සිල්වා මහතා බටහිර විද්යාවේ ප්රවාද (thesis )නිර්මාණය කරන්නේ කෙසේ දැයි අසයි? මේ ප්‍රවාද වියුක්ත (abstract) බවත් කිසියම් වූ ප්‍රවාදයක් ඇසුරෙන් නිගමනවලට ඒම චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් බැහැර කෙරෙන බව දන්නවාද කියා අසයි? මේකට උත්තරය ලෙහෙසියෙන් ගූග්ලෙ කර ලබාගටහ් හැකියි.
උදාහරනයකට ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීමේ දී පාවිච්චිකරන ලද ප්රවාද සහ ප්රවාද වියුක්ත දෙකම පහත සඳහන් අන්තර්ජාල පිටුවෙන් ලබාගත හැකියි
https://en.wikipedia.org/wiki/Electron
එසේම අහස් යානය සොයගත් හැටිද සොයා ගැනීමේ දී පාවිච්චිකරන ලද ප්රවාද සහ ප්රවාද වියුක්ත දෙකම පහත සඳහන් අන්තර්ජාල පිටුවෙන් ලබාගත හැකියි
https://en.wikipedia.org/wiki/Wright_brothers
මේක පට්ටපල් බොරුවක්නම් බිමට කඩා වැටෙනවා නොවේද?
නලින් ද සිල්වා මහතාගේ බටහිර විද්යාවේ ප්රවාද (thesis )නිර්මාණය සහ ප්රවාද වියුක්ත (abstract) කිරීම ගැන ඇති ප්රශ්නය ගැන තවදුරටත් කතාකිරීමට පෙර යථාර්ථයේ (realism) ස්වභාවය කුමක්ද කියා සොයා බලමු.
යථාර්ථයේ (realism) ස්වභාවය කුමක්ද?
ප්‍රථමයෙන් අපි යථාර්ථයේ ස්වභාවය කුමක්ද කිය සොයා බලමු.
අපි බොහොමයක් මේ ප්‍රශ්නය ගැන අපගේ කාලයෙන් සැලකියයුතු ප්‍රමානයක් මිඩන්ගු නොකලත් අපි සියල්ල ඉදහිට මේ ගැන අවදාරණය කරන්නෙමු
බටහිර දර්ශනවාදය අනුව යථාර්ථය යනු විශ්වාසය යයි හැඳින්වේ.
නමුත් බුදු දහමේ ඉගැන්වීම අනුව යථාර්ථය යනු සියලු පරමාර්ත දර්ම බව සූත්‍රපිටකයේද අභිධර්ම පිටකයේද සඳහන් වේ.
යථාර්ත වාදය ඉතා ආකර්ෂවත් අදහස වුවත් නවීන විද්‍යාවේ සමහර සොයාගැනීම් මෙයට සම්පූර්ණයෙන්ම පටහැනිව පෙන්නුම් කර දී ඇත.
උදාහරණයක් වශයෙන් ක්වොන්ටම් භෞතිකවිද්‍යාවේ අංශුවකට නිශ්චිත පිහිටීමක් හෝ නිශ්චිත ප්රවේගයක් නිරීක්ෂකයකු මගින් මනිනු තෙක් නොමැති නිසා අංශුවක අස්තිත්වය (existence) ගැන යථාර්තයක් නොමැත.
අංශුවකට නිශ්චිත පිහිටීමක් හෝ නිශ්චිත ප්රවේගයක් නිරීක්ෂකයකු මගින් මනිනු තෙක් නොතිබුන නිසා එම මැනීමද සාවද්‍ය වේ.
එසේම ඇතැම් අවස්ථාවලදී තනි වස්තූන් ස්වාධීනව පැවැතීමටද හැකිකමක් නැති වුවත් කණ්ඩායමේ කොටසක් වශයෙන් පැවැත්විය හැකිය.
එසේම වෙනස් න්යායන් එකිනෙකට වෙනස් සංකල්පමය රාමුව හරහා එකම සංසිද්ධිය වෙනස් ආකරයට සාර්ථකව විස්තර කළ හැකිය.
සාර්ථක ලෙස සනාථ කරනලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසුකාලයේ දී නව විද්‍යාත්මක සිද්ධාන්තයන් විසින් නව යථාර්ථයන් යටතේ ප්‍රතිස්ථාපනය කර ඇත.
මෙවැනි අවථාවලදී යථාර්ථය ගැන ප්‍රශ්න ඇතිවිය හැකිය
එපමනක්ද නොව පතසවිත්‍රණ මූලධර්මය (Holographic principle) යථාර්ථය (realism) වශයෙන් සනාථ කරනවානම් අපගේ චතුර්මාන ලෝකය (four –dimensional world) (අවකාශය හා කාලය) යන සංකල්ප වල විලයනයවූ පඤ්චමාන ලෝකයක (five-dimensional world) කඩඉම පටලය (boundary) මත වැටුන සෙවණැල්ලක් මෙන් පෙනෙන මායාවකි
නලින් ද සිල්වා වැනි යථාර්ථය පිලිනොගන්නවුන් හඳුන්වන්නේ යථාර්ථ විරෝධී (anti-realist) වශයෙනි.
යථාර්ථ විරෝධීන් ආනුභූතික දැනුම (empirical knowledge) සහ න්යායික දැනුම (theoretical Knowledge) අතර වෙනසක් දක්වයි.
ඔවුන් සාමාන්යයෙන් තර්ක කරන්නේ නිරීක්ෂණ (observation) සහ අත්හදා බැලීම් (experiments) අර්ථවත් උවත් සිද්ධාන්තයන් අවශ්‍ය මෙව්ලමක් (instrument) විනා නිරීක්ෂිත සංසිද්ධි (observed phenomena) මත පවතින ගැඹුරු සත්යතාවයක් (deeper truth) නොමැති බවයි
සමහර යථාර්ථ විරෝධීන් විද්යාව පියවි ඇසින් නිරීක්ෂ්‍යනය කළ හැකි දේවල් වලට පමනක් සීමා කිරීමට වුවමනා විය. මේ අනුව 19 වෙනි සියවසේදී පරමාණුව යන සංකල්පනය පියවි ඇසින් නිරීක්ෂ්‍යනය කළ නොහැකි නිසා එය ප්‍රතික්ෂේපද කලේය.
ජොර්ජ් බර්කලේ (1695-1753) අසාමාන්‍ය දෘෂ්ථිපථයේ සීමාවටම ගොස් මනස සහ එහි සිතුවිලි හැර විද්‍යාව කියා කිසිවක් නොමැති බව ප්‍රකාශ කලේය.
නලින් ද සිල්වා වැනි පුහු චින්තකයින් සිතන්නේ විද්යාව නිරීක්ෂණය කළ හැකි දේවලට පමනක් සීමා කලයුතුබවත් නිරීක්ෂණයෙන් ලබාගන්නා සිද්ධාන්තයන් පට්ටපල් බොරුබවත්ය.
මෙසේ යථාර්ථය ගැන ප්රශ්න ඇතිවූවත් නවීන විද්‍යාවෙන් ලබාගන්නා දැනුම නලින් ද සිල්වා වැනි පුහු චින්තකයින් කියන පලියට ප්‍රතික්ෂේප නොකල යුතුය.
නවතම ආකල්පයක්වූ ආකෘතිය මත රඳා පවතින යථාර්තවාදය” (Model dependent realism) ඉදිරිපත් කිරීමෙන් යථාර්ථය ගැන තිබූ ප්‍රශ්න නිරාකරනය කිරීමට හැකිවී තිබේ.
ආකෘතිය මත රඳා පවතින යථාර්ථවාදය අනුව, ආකෘතිය සැබෑ වන්නේ දැයි විමසා බැලීම වැදගත් නොවන මුත් නිරීක්ෂනය හා එකඟ වියයුතුය.
සිංහල ජනප්රවාහයෙන් එන අලියා සහ අන්ධයින් හත් දෙනාගේ කතාවේ පරිදි අලියාගේ එක් එක් අවයව බලා අන්ධයින් කල විස්තරයට සමාන සංකල්පයක් ආකෘතිය මත රඳා පවතින යථාර්තවාදය ඉදිරිපත් කරයි.
එක අන්ධයෙක් අලියාගේ වලිගය අල්ලා අලියා කඹයක් වගේයයිද තව අන්ධයෙක් අලියාගේ කකුල අල්ලා අලියා වන්ගෙඩියක් වගේයයිද තව අන්ධයෙක් අලියාගේ කන අල්ලා අලියා කුල්ලක් වගේයයිද කීවේ එක් එක් අන්ධයින්ගේ නිරීක්ෂණය මත අලියා ගැන සම්පාදනය කරනලද ආකෘතිය තුලිනි.
ආකෘතිය මත රඳා පවතින යථාර්ථවාදය අනුව හැම අන්ධයෙකුගේම නිරීක්ෂනය සහ නිගමනය නිවැරදි වන අතර එක් අන්ධයෙක් අනෙකුට වඩා සත්‍ය යයි කිව නොහැකිය.
එංගලන්තයේ සුප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් වන ස්ටීවන් හෝකින්ග් ඔහුගේ The Grand Design පොතේ දක්වා ඇතිපරිදි ආකෘතිය මත රඳා පවතින යථාර්ථවාදය විද්යාත්මක ආකෘතීන්ට පමණක් නොව,විඥානයට හා භවාංග (උපවිඥානය) යන මානසික ආකෘතියටද එදිනෙදා ලෝකය අර්ථ නිරූපණය කිරීම හා අවබෝධ කර ගැනීම සඳහාද අදාළ වේ.
ආකෘතිය මත රඳා පවතින යථාර්ථවාදය අනුරූපව අපි අරමුණ ප්‍රත්‍යක්ෂ කරමු. අපි යම් දෙයක් දර්ශනය කරනවිට අක්ෂි ස්නායුව හරහා මොළයට සංඥා මාලාවක් ලැබේ..එම සංඥා ඔබේ රූපවාහිනිය මත වැටෙන රූපයේ ආකාරයට සකස්වූවක් නොවේ. එය හිස්තැන්වලින් පිරි සම්පූර්න නොවූ චායා රූපයකි.
අක්ෂි ස්නායුව ඇසෙහි දෘෂ්ටී පටලය සම්බන්ද වන හැම ස්ථානයකම අන්ධ ස්ථානයක් ඇතිවන හෙයින් මොළය ලැබෙන සංඥා මාලාවෙන් සම්පූර්න වූ චායාවක් ගෙන නොදෙයි.
දර්ශනය හා සම්බන්ද දළ දත්ත දුර්වලවූ පික්සල් වලින් නිර්මානය කරනලද අන්ධ ලප වලින් පිරි චායාවකට සමානය.
වාසනාවකට, මිනිස් මොළය අමු දත්ත සම්ප්රේෂණය කරනවා පමනක් නොව ඇස් දෙකින්ම ලැබුනු දත්ත සංයෝග කොට ද්විමාන දත්ත වලින් ත්රිමාන අවකාශයක් නිර්මානය කරමින්. උඩුයටි නිවැරදි කොට සම්පූර්න චායාවක් නිර්මානය කරයි
නමුත් බෞද්ධ ධර්මයට අනුකූලව ගොඩ නංවන ආකෘතිය (Model) හාත්පසින් වෙනස්වූවකි. බෞද්ධ ධර්මයට අනුව ඇස තුල තිබෙන්නාවූ චක්ඛු ප්‍රසාද (චක්ඛූන්ද්‍රිය) නැමැති රූපස්කන්දය අරමුණක් හා ගැටී බොහෝ දීප්තිමත් වන කල්හි එයට අනුව රූපය හොඳින් දන්නා චක්ෂුර් විඥානයක් ඇතිවේ.ඇස තුලින් ගන්නා රූපය සිත (චිත්තය) තුල ගොඩනගන්නේ චක්ෂුර් විඥානය මගිනි.
ආකෘතිය මත රඳා පවතින යථාර්ථවාදය අනුව මෙම ආකෘතියද යථාර්ථයක් වශයෙන් පිළිගත හැකිය.
මේ අනුව නලින් ද සිල්වා මහතාගේ බටහිර විද්යාවේ ප්රවාද (Thesis) නිර්මාණය සහ ප්රවාද වියුක්ත (abstract) කිරීම ගැන ඇති ප්රශ්නය ගැන තවදුරටත් කතාකිරීමට අනවශ්‍යය.
නවීන විද්යාව යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ආභාශයෙන් ඇතිවුන සංකල්පයක් ද?
විද්යාව යනු සැබෑ ලෝකයේ සංසිද්ධි (phenomena) නිරීක්ෂණය කිරීම, පැහැදිලි කිරීම හා අනාවැකි අවධාරණය කරන විද්යාඥයින් විසින් නිපදවන ලද ස්වාභාවික ලෝකය පිළිබඳ ආනුභූතික (empirical), න්යායාත්මක හා ප්රායෝගික දැනුමයි.
විද්යාඥයකු Scientist” යන ඉංග්රීසි වචනය සාපේක්ෂ නූතන වචනයක් වන අතර 19 වන සියවසේදී විලියම් විවෙල් විසින් මුල්ම වතාවට එය යොදා ගෙන ඇත. මීට පෙර, ස්වභාවික ලෝකය පිළිබඳ ආනුභූතික විමර්ශනයන් කරන්නන් “ස්වාභාවික දර්ශනවාදීන්” “natural philosophers” නමින් හැඳින්වූහ.
ස්වභාවික ලෝකය පිළිබඳ ආනුභූතික විමර්ශනයන් සම්භාව්ය (Classical) යුගයේ සිට (තලිස් සහ ඇරිස්ටෝ.ටෙල් විසින්) විස්තර කර ඇතත් විද්යාත්මක ක්රමවේදය භාවිතා කර ඇතතේ මධ්යකාලීන යුගයේ සිටය
නවීන විද්යාව ආරම්භ වී ඇත්තේ නූතන යුගයේ විශේෂයෙන්ම විශේෂයෙන් 16 වන හා 17 වන සියවස්වල යුරෝපයේ විද්යාත්මක විප්ලවය තුළ වර්ධනය විමෙනි. මේ අනුව සාම්ප්රදායිකව විද්යා ඉතිහාසඥයින් විසින් විද්යාවේ අතිතය ප්රමාණවත් තරම් පුළුල් ලෙස අර්ථ දක්වා ඇතත් නවීන විද්යාව යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ආභාශයෙන් ඇතිවුන සංකල්පයක් වශයෙන් කිසිම තැනක සඳහන් වී නැත
නවීන විද්‍යාවට ඉන්දියානු චීන සහ ඊජිප්තියානු දායකත්වය යුදෙව් ක්රිස්තියානි දායකත්වයට වඩා කැපී පෙනෙන්නේ ඔවුනොවුන්ගේ විවිද සොයාගැනීම් පසු කාලවලදී නව සොයාගැනීම් මගින් තවදුරටත් දියුණු තියුණු කිරීමට හැකිවූ නිසාය.
පුරාණ ඊජිප්තුව තාරකා විද්යාව, ගණිතය හා වෛද්ය විද්යාව අතින් වැදගත් ප්රගතියක් ලබා ඇත. නයිල් ගඟ ගැලීමෙන් වාර්ෂිකව ගංවතුරට ගොදුරු වූවන්ගේ වගා සැලැස්ම හා වගා අයිතිය ආරක්ෂා කිරීම සඳහා මැනුම් කටයුතු කිරීම අවශ්ය බැවින් ජ්‍යාමිති ශ්‍රාස්ත්‍රය වර්ධනය කිරීම සිදු වී ඇත.
බබිලෝනියානු තාරකා විද්යාවේදීන් විසින් ලියනලද ග්රන්ථවල ග්රහලෝකවල සහ චන්ද්රයාගේ චලනයන් පිළිබඳ විස්තර ඔවුන් විසින් නිර්මාණය කළ මැටි පුවරු දහස් ගණනක සඳහන් වී ඇත. මිසපොටේමියානු මූල විද්යාඥයන් විසින් හඳුනාගෙන ඇති තාරකා සහ විද්යාත්මක කාල පරිච්ඡේදය පවා සූර්ය වර්ෂය හා චන්ද්ර මාස වැනි බටහිර දින දර්ශනවල දී පුළුල් ලෙස භාවිතා කරනු ලැබේ. මෙම දත්ත උපයෝගි කර ගනිමින් වසර අවසානයේ දී දිවා කාලය ගණනය කිරීම සඳහා ගණිත ක්රම නිර්මාණය කර ඇති අතර එමගින් සූර්ය ග්රහයන් සහ චන්ද්රග්රහයන් පිලිබඳ අනාවැකි පළ කිරීම හැකිවී ඇත.
ඉන්දියානු අර්දධ්ද්වීපය තුළ ගණිතමය දැනුමෙහි මුල්ම ලක්ෂණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමග ක්‍රි.පූ. 4 වලදී ඇතිවූ බවට පුරා විද්‍යා කැනීම් වලින් තහවුරු වී තිබේ . මෙම ශිෂ්ටාචාරයේ ජනතාව නිපදවන ලද ගඩොල දිග පළල සහ ඝනකම 4: 2: 1 යන අනුපාතයට තිබීමෙන් ගොඩනැඟිලි වල ස්ථාවරත්වය සුරක්ෂිත කරවා ඇත. ප්‍රාමාණික දිග මිනුම් ඒකකයක් පාවිචිකිරීමෙන් ඔවුහු ඉතා නිවැරදි මිනුම් ගැනීමට උත්සාහ කරඇත. ඔවුහු ලෝකයේ ප්‍රථම මිනුම් දන්ඩ නිර්මාණය කළ අතර මෙම මොහෙන්ජො-දාරෝ මිනුම් දන්ඩ යයි නම්කර ඇති එය දිග ප්රමාණය අඟල් 1.32 හෝ සෙන්. මී. 3.4 වූ අතර සමාන කොටස් දහයකට ප්‍රණිත කර තිබුනි. පැරණි මොහෙන්ජෝ-දාරෝ හි නිපදවන ලද ගඩොල්වල දිග ප්රමාණය මෙම ඒකකයෙන් පූර්ණ සංඛ්‍යාත්මක යෙන් යුක්ත විය
ඉන්දියානු තාරකා විද්යාඥයකු සහ ගණිතඥයකු වන ආර්යබාතා (ක්‍රි.ව 476-550), ඔහුගේ ආර්යබාතිය (ක්‍රි.ව.499) විසින් ත්රිකෝණමිතික ශ්රිත (සයින්, කොසයින් සහ ප්රතිලෝම සයින් ඇතුළුව), ත්රිකෝණමිතික චක්‍ර සහ වීජගණිතය සහ ක්රමවේදයන් හඳුන්වා දුන්නේය. ක්‍රි.ව. 628 දී බ්‍රහ්මගුප්ත ගුරුත්වාකර්ෂණය ආකර්ෂණීය බලයක් බවයෝජනා කළේය. තවද ලොව පුරා පුර්ණ වශයෙන් භාවිතා වන හින්දු අරාබි සංඛ්යාලේඛන පද්ධතියක් සහිත අංකයක දශම නිරූපණයෙහි වැදගත් ශුන්යය භාවිතා කිරීම පැහැදිලි කළේය.
තාරකා විද්යාත්මක සංකල්ප මුලින්මසඳහන් වන්නේ ඉන්දියාවේ ආගමික ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන වේදය හියි . සර්මා (2008) අනුව: “රිග් වේදය ශූන්‍යයත්වයේ සිට විශ්වයේ උත්පාදනය පිළිබඳ බුද්ධිමත් සම්පේක්ෂණයක් කරමින් විශ්වයේ වින්යාසය, ගෝලාකාර ස්වයං ආධාරක පෘථිවිය සහ සෑම වාරයක්ම අන්තරස්ථ මාසයක් සමඟ 360 කින් යුක්ත දින කොටස් 12 කට හා සමාන කොටස් 12 ක් බෙදා වෙන්කර ඇති අන්දම පෙන්වා දී ඇත.
වූට්ස්, තුත්ත සහ මල නොකන වානේ ඉන්දියාවේ පළමුවෙන් සොයාගෙන ඇති අතර, පැරණි මධ්යධරණී ලෝකයට විශාල වශයෙන් අපනයනය කෙරී ඇත. ඉන්දියානු වොට්ස් වානේ රෝම අධිරාජ්යයේ ඉහළ සැලකිල්ලක් දැක්වූ අතර බොහෝ විට එය හොඳම වානේ විය. 1000 වර්ෂයේදී සිරියාව තුල ආනයනය කොට යොදාගත්විශේෂ තාක්ෂණික ක්රමක් මගින් දමස්කස් වානේ වශයෙන් නිශ්පාදනය ලදී.
චීනයද විද්යා ක්ෂේත්රයට සැලකිය යුතු දායකත්වයක් දක්වා තිබේ. බහුශාස්ත්‍රඥයෙක් වූ ෂෙන් කූඕ (1031-1095), නාවික යාත්රා සඳහා භාවිතා කරන මාලිමා යන්ත්‍රය අඳුන්වා දෙනලදී. ඔහු සැබෑ උතුර (North) සංකල්පයක් වශයෙන් සොයා ගත් අතර,තාරකාවිද්‍යාත්මක ඡායා දණ්ඩ, කටු ගෝලය සහ පෑතැටිය යනාදිය සහ බෝට්ටු අලුත්වැඩියා කිරීම සඳහා වියළි නැව් තටාකය භාවිතා කිරීම අඳුන්වා දෙනලදී.
චීනයහි අභිනව නිපදවීම අතර ප්‍රධානයෙන් මාලිමා යන්ත්රය , වෙඩි බෙහෙත්, කඩදාසි සහ මුද්රණය ශිල්පය නිපද වීමයි. ටැංග් රාජවංශයේ දී චීනයේ මුද්රණය බෙහෙවින් වාර්තා කරන ලදී. නමුත් රෙදි මත මුද්‍රනය වාර්තා කර ඇත්තේ ක්‍රි. ව. 220 දී පමනි.
අපගේ ආදි සිංහලයින් විසින්ද නිර්මාණය කරනලද ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පය ප්‍රගත සමාජ විද්‍යාමක නිර්මාණයක් බව අප විසින් පිලිගතයුතුය. නමින් විද්‍යත්මක සංකල්පයක යයි අපි නම් නොකලත් ජලසම්පාදනය සඳහා වැසි වතුර එකතුකොට වාරිමාර්ග සඳහා රඳවනවා තබන වැවත් බිසෝකොටුවත් අපේ මුතුන්මිත්තන් විසින් නිර්මානය කරන ලද විද්‍යත්මක සංකල්පයකි.
මෙයින් පෙන්වා දිය හැක්කේ නවීන විද්යාව යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ආභාශයෙන් ඇතිවුන සංකල්පයක් නොවන් බවයි
නලින් ද සිල්වාගේ ඥානකථා
නලින් ද සිල්වා ගේ ඥානකථා ගැන කියනවිට අපට එක විටම සිහිවන්නේ ගමේ තේකඩේ කෑම මේසය උඩ තිබෙන ප්‍රනීත පැණිරස කෑමකි. විශේෂයෙන් නලින් ද සිල්වා ගේ ඥානකථා කියවනවිට අපට සිහිවන්නේ සිඳු ටෙලිනාට්‍යයේ හීංබබා සීයාගේ මනඃකල්පිත කථාන්දරයි.
මම දැන් විස්ථර කරන්නට බලාපොරොත්තුවන ඥානකථා ඇත්තවශයෙන්ම සූත්‍රපිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදා මාර්‍ගයෙහි දක්වා ඇති ධර්මයයි.
පටිසම්භිදා මාර්ගය සූත්‍ර පිටකයේ ඇති ගැබුරු අරුත් අර්ථ විවරණ කරමින් සැරුයුත් තෙරුවන් විසින් වදාරනලද විස්ථරාත්මක ධර්මයයි.
පටිසම්භිදා මාර්ගයෙහි ඥානය සහ ප්‍රඥාව මෙසේ අර්ථකථනය කර ඇත.
“තං ඤාතට්ඨෙන ඤණං, පජානනට්ඨෙන පඤඤා”
දන්නා අර්ථයෙන් ඥානය වෙයි, ප්‍රකාරයෙන් දන්නා අර්ථයෙන් ප්‍රඥා වේ.
එනම් ප්‍රභේද වශයෙන් දැනගැනීම අර්ථයෙන් ප්‍රඥා නම් වේ.
තව දුරටත් විස්තර කලහොත් සංඥාව නීල-පීතාදී වශයෙන් අරමුණ ගැනීම මාත්‍රය මුත් අනිත්‍යාදී ලක්ෂන දැනීම නොකෙරේ.
ඥානය නීල-පීතාදී වශයෙන් අරමුණ ගැනීම සහ අනිත්‍යාදී වශයෙන් ලක්ෂන ප්‍රතිවේධයද කෙරේ, එහෙත් උත්සාහ කොට මාර්‍ග ඉපදවීමට සමර්‍ථ නො වේ.
ප්‍රඥාව නීල-පීතාදී වශයෙන් අරමුණ ගැනීමද අනිත්‍යාදී වශයෙන් ලක්ෂන ප්‍රතිවේධයද කිරීමද, උදයව්‍යඥානාදී පිළිවෙලින් ව්‍යායාම කොට මාර්‍ග ඉපදවීමටද සමර්‍ථ වේ.
ඥානය (knowledge) ලබාගත හැකි දැනුමකි. නමුත් ප්‍රඥාව, ඒකග්ගථාවය (සමාධිය) වැනි වැඩිය යුතු ශෝභන චෛතසිකයකි.
ප්‍රඥාව සම්පූර්ණ වන්නේ චතුරය්‍ය සත්‍යය අවබෝධ කිරීමෙන් සම්මා දිට්ඨිය’ සහ සම්මා සංකප්ප යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ඇති කොටස් අවබෝධ කර ගැනීමෙනුයි
ලොව්තුරා බුද්ධ තත්වයට පත්වු උතුමෙකු දියුණු කර ඇති බුද්ධ ඥාණයන් (73) හැත්තෑ තුනකි. මෙයින් බුද්ධ ඥාණයන් (6) හයක් ලොව්තුරා බුද්ධ තත්වයට පත්වු උතුමෙකුට පමණක් දියුණු කලහැකි ඥාණයන්ය. හැට හතක් (67) ශ්රාවකයන්ටද මාර්‍ගඵල ලබාගැනීම සඳහා දියුණු කලහැක
සුතමය ඥානය , චින්තාමය ඥානය , හා භාවනාමය ඥානය යන තුන් ආකාර දැනුම ප්රඥා විමුක්තිය ලබාගැනීමට බොහෝ සෙයින් පෘතග්ජනයන්ට උපකාරී වේ.
පටිසම්භිදා මාර්ගයහි සඳන් වන්නේ මෙසේයි;
ශ්‍රැතමය ඥානය නම් මේ ධර්මයෝ මැනැවින් දතයුත්තාහයි (අභිඤෙඤය්‍ය ) සෝතාවධාන යැ හෙවත් ශ්‍රැතයයි. ඒ ශ්‍රැතිය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥානයයි.
ශ්‍රැතමය ඥානය නම් මේ ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහයි (පරිඤෙඤය්‍ය ) සෝතාවධාන යැ හෙවත් ශ්‍රැතයයි. ඒ ශ්‍රැතිය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥානයයි.
අපි යමක් පිළිබඳ දැකීමෙන් ඇසීමෙන් ඇතිකර ගන්නා ඥානය සුතමය ඥානය වශයෙන් හඳුන්වනු ලැබේ සුතමය ඥානය ලබාගත යුත්තේ විමර්ශනශීලීව ය. එය ලබා ගැනීම සඳහා ද ඔහුට යම් ඥානයක් තිබිය යුතුම ය. එසේ නොමැතිව ඔහුට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.
ශ්රැතමය ඥානය වශයෙන් එකල ගත්තේ ධර්ම සාකච්චා හා ධර්ම ශ්රවණයෙන් ලබාගත් ඥානයි . එයට හේතුව එකල පොතපත නොමැතිවීමයි.
බොහෝ දෙනෙකුට යමක් ඇසුවට, ඇසූ පමණින් ඒ පිළිබඳව නුවණ පහළ වෙන්නේ නැත. එය ටික වෙලාවකින් අමතක වී යනවා ඇත. නමුත් අන් අයගෙන් ඇසූ පිරූ දැනුම ඇතුව, ඒ ඇසූ දේ පිළිබඳව ගැඹුරු ප්රඥාවක් අවදි කරගන්නට සමර්ථ වූවා නම් ඔවුන්ට ශ්රැතමය ඥානය ඇතිවේ.
චින්තාමය ඥානය යනු ඉතාමත් අසීරු අමාරු දෙයකි. එයට හේතුව වනුයේ සිතීම හැම දෙනාටම කළ හැකි වූවත් එය නිවැරැදිව හරියටම කළ යුතුවීමයි. අපි යමක් දැකීමෙන් ඇතිවන සිතීම විවිධාකාර විය හැකිය. එය ආශාවෙන් සිතන්නක් විය හැකිය. රාගයෙන් සිතන්නක් විය හැකිය. මෝහයෙන් සිතන්නක් විය හැකිය. සිතන දෙය ඉටුකර ගැනීමට යාමේදී එය තුළින් බොහෝ වැරැදි සිදුවීමට පුළුවන.
ලෝකයේ පහළ වූ විද්වතුන් යම් දෙයක් සොයා ගත්තේ නම් ඒ තවත් දෙයක් පිළිබඳ දුරදිග සිතා බැලීමෙනි.
දොස්තර වරයෙක් ලෙඩෙකු පරීක්ෂා කිරේමේදී ඔහු චින්තාමය ඥානය උපයෝගී කරගෙන රෝග විනිශ්චයක් කර ඔහුට අවශ්‍ය වන ඖෂධ නියමකරයි. ඉංජිනේරුවරයෙක් චින්තාමය ඥානය උපයෝගී කරගෙන නිර්මාණයක් සැලසුම් කරයි. විද්‍යාඤ්ඤයින් ඔවුන්ගේ චින්තාමය ඥානය උපයෝගී කරගෙන අලුත් සොයා ගැනීම් එලිදරව් කරයි.
ඔබවිසින් ලබාගත් සුතමය ඥානහි නිවැරදි භාවය ශාක්ෂාත් කරගත හැකිවෙන්නේ ඔබ විසින් වඩාගත් චින්තාමය ඥානයේ දෘස්ටින් හීන වුනතරමටය.
භාවනාමය ඥානය තුළින් සිත ඉහළ මානසිකත්වයකට ගෙන යාමට හැකිය. එවිට ශීලාදී ගුණයන් සිත තුළ උපදිනු ඇත. ශීලාදී සිතුවිලි ඇතිවන විට පස් පව් දස අකුසල් සිදුවන්නේ නැත. එසේ වූ විට පුද්ගල දියුණුව ඇතිවේ.
දහම් දැණුමඅවබෝධයක් දක්වා එසේත් නැතිනම් ප්‍රඥා විමුක්තියක් දක්වා මෙහෙවිය හැක්කේ චින්තාමය හා භාවනාමය ඥානයක් තුලින්ම පමණකි. එසේ නැතිව තර්ක විතර්ක තුලින් නොවේ.
නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ භාවනාමය ඥානය තුළින් කෙරෙන විදර්ශනා භාවනාවයි.
විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්‍රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.
නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකිය.
විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි.
සමිමස්ස ඤාණය (knowledge of comprehension), උදයබ්බය ඤාණය (knowledge of rise and fall of formations), භඩ්ගානුපස්සනා ඤාණය(knowledge of the dissolution (of formations), භයතුපට්ඨාන ඤාණය, knowledge of (of dissolving things) as fearful. ආදිනවානුපස්සනා ඤාණය, knowledge of (fearful) things as dangerous නිබ්බිද්‍රනුපස්සනා ඤාණය, knowledge of disenchantment (with all formations) මුඤචිතු කම්‍යතා ඤාණය, knowledge of desire for deliverance. පටිසඩ්ඛානු පස්සනා ඤාණය, knowledge of contemplation. සඩ්ඛරුපෙක්ඛා ඤාණය, knowledge of equanimity towards formations සච්චනුලෝම ඤාණය knowledge of conformity යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි
සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.
සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි.
සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්‍රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ සෝවාන් ඵලයට පත්වූවයි පවසන සිරිසේන උපාසක මහතා දක්වන අන්දමට ශ්‍රැතමය ඥානයෙන් සහ චින්තාමය ඥානයෙන් ප්‍රඥාව ඇතිකලයුතුයි යනුවෙනි. මෙය බෞද්ධ ධර්මයට සම්පූර්නයෙන්ම පටහැනි ධර්මයකි.
බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව සෑම පුද්ගලයෙක්ම කොටස් හතරකට බෙදිය හැකිය.
- උග්ඝටිතඤ්ඤ
- විපඤ්චිතඤ්ඤ
- නෙය්ය
- පදපරම
උග්ඝටිතඤ්ඤ පුද්ගලයෝ ස්වභාවයෙන්ම ශ්රැතමය ඥානයෙන් සහ චින්තාමය ඥානයෙන් යුක්තයි. භාවනාමය ඥානය නොමැත.
උග්ඝටිතඤ්ඤ යනු සසර බොහෝ කල් ශ්රැතමය ඥානය හුරු පුරුදු කළ, චින්තාමය ඥානය හුරු පුරුදු කළ මනසක් ඇති පුද්ගලයෙකි. ඔහුට අවශ්ය වී ඇත්තේ මාර්ගය ගැන, ප්රතිපදාව ගැන දැනුමක් පමණයි. යම් වෙලාවක දී දුක් සහගත ලෝකෙන් එතෙර වෙන මාර්ගය පිළිබඳ කෙටියෙන් හෝ අහන්නට ලැබුනා නම් එපමණකින්ම ඔහු ධර්මය අවබෝධ කරගන්නවාඇත.
විපඤ්චිතඤ්ඤ පුද්ගලයින්ට ශ්රැතමය ඥානය තිබෙන මුත් චින්තාමය ඥානය සහ භාවනාමය ඥානය නොමැත.. විපඤ්චිතඤ්ඤ පුද්ගලයින්ට ඉතිරි ඥානයන් දෙකම ඇති කරගැනීමට හැකිය. මුලින්ම ශ්රැතමය ඥානයෙන් අහගත් දේ ගැන හිතා චින්තාමය ඥානය හුරු පුරුදු කරගත යුතුය. එසේ හුරු කරගත් කල ලෝකෙ විරාග ස්වභාවය දැනගෙන භාවනාමය ඥානයෙන් ධර්මය අවබෝධ කරගත හැකිය.
නෙය්ය පුද්ගලයින්ට ශ්රැතමය ඥානයත්, චින්තාමය ඥානයත්, භාවනාමය ඥානයත් නොමැත. නමුත් නෙය්ය පුද්ගලයාට මෙම ඥානයන් තුනම ඇති කරගැනීමට හැකි කමක් ඇත. මුලින්ම ශ්රැතමය ඥානය ලැබිය යුතුය. ඉන්පසු අහගත් දේ ගැන හිතා චින්තාමය ඥානය හුරු පුරුදු කරගත යුතුය. එසේ හුරු කරගත් කල ලෝකෙ විරාග ස්වභාවය දැනගෙන භාවනාමය ඥානයෙන් ධර්මය අවබෝධ කරගත හැකිය.
පදපරම පුද්ගලයට ශ්රැතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය අනාගතයේ ඇතිකර ගැනීමට හැකියාව තිබෙන පුත්ගලයිනුයි.
පදපරම පුද්ගලයට ධර්මය ශ්රවණය කරන විට වචන ටිකක් ඇහෙනවා මිස වචනවල අර්ථය මෙනෙහි කරන්නෙත් නැත. අර්ථය අවබෝධ කරගන්න උත්සාහවත්වෙන්නෙත් නැත. අහන වෙලාවෙ මෙනෙහි කරන්නෙත් නැත. නැගිටලා ගිහින් මෙනෙහි කරන්නෙත් නැත
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ සෝවාන් ඵලයට පත්වූවයි පවසන සිරිසේන උපාසක මහතා හැමකෙනෙක්ම උග්ඝටිතඤ්ඤ පුත්ගලයෝ කියා මුළා කරන අතර ඔවුන්ට අවශ්ය මාර්ගය ගැන, ප්රතිපදාව ගැන දැනුමක් පමණයි අවදාරනය කරමින් අලුත් අභිවාදනයක් නිර්මාණය කරමින් සිටියි.
අවසාන වශයෙන් නලින් ද සිල්වා නැමති පුහු චින්තකයා කියන ඕල්කොට් බෞද්ධයෝ කවුරුදැයි සොයා බලමු.
අනගාරික ධර්මපාල තුමා අවුරුදු විස්සක කාලයක් තුල කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය සමග බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ යාව ජීව සාමාජිකයෙක් වශයෙන් ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ පුනර්ජීවනය කල සේවය නිසා අනගාරික ධර්මපාල තුමාද ඕල්කොට් තුමා මහින් පුනර්ජීවනය ලැබූ බෞද්ධයෙකි. එම නිසා අනගාරික ධර්මපාල තුමා සත්තකින්ම ඕල්කොට් බෞද්ධයෙකි.
එපමනක්ද නොව ඕල්කට්තුමා 1893 දී චිකාගෝහි පැවති පළමු ලෝක ආගම් පිලිබඳ පාර්ලිමේන්තුවට සහභාගී වීම සඳහා ධර්මපාලතුමාට අනුග්රහය දැක්වීය. මෙය බෞද්ධ ධර්මය ගැන බටහිර ලෝකයට කල පළමු පිළිගැන්වීමයි. මෙහිදී ඔහු විද්යාව පිළිබඳ නව සොයා ගැනීම් සමඟ බුද්ධාගම එකඟ වන බව තර්ක කළ පලමු වැන්නාද විය.
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට ( පසුව අනගාරික ධර්මපාල නමින් හැඳින්වූ) කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය.
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවියම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය.
අනගාරික ධර්මපාලතුමාට පාලි ඉගෙන ගැනීමටත් මානව වර්ගයාගේ යහපත උදෙසා කටයුතු කිරීමටත් උපදෙස් දුන් මැඩම් බ්ලැවට්ස්කි සමග ඉතා සමීපව සිට අනගාරික ධර්මපාලතුමා බෞද්ධාගමේ පුනර්ජීවනය සඳහා ඉමහත් සේවයක් සිදුකලේය.
වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශයේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.
අභග්‍යයකට මෙන් 1904 අනගාරික ධර්මපාල තුමා ඉංදියාවේ බරණැස් සිට ලංකාවට එන අතරතුර දකුණු ඉංදියාවේ අඩියර් නගරයේ සිටි ඕල්කොට් තුමා හමුවීමට ගියබවත් එහිදී දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රතිරූපයක් පොත් රාක්කයක් යට තිබූ බව දැකීමෙන් කෝපයට පත් අනගාරික ධර්මපාල තුමා ඕල්කොට් තුමා හා අතර ඇතිවූ බහින්බස් වීමකින් පසු අවුරුදු විස්සක් පුරා තිබූ මිත්‍රවය අවසාන කලබව 1927 මහාබෝධි සංගමය විසින් ප්‍රකාශිත අනගාරික ධර්මපාල තුමාගේ වර්ෂක්‍රමානුගත වාර්තාවේ සඳහන් වේ.
ඉන් පසු 1906 සිට බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ නමද වෙනස් කිරීමට බලවත් ව්‍යාපාරයය යෙදුන බවත් බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ සිටි සිංහල බෞද්ධ නිලධාරීන් එයට විරුද්ධ වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.
1907 පෙබරවාරි 17 ඕල්කොට් තුමා මියයන විට අනගාරික ධර්මපාල තුමා බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ විනාශය සඳහා බලවත් ප්‍රයත්නයක යෙදී සිටියමුත් සිංහල බෞද්ධ නිලධාරීන්ගේ උත්සාහයෙන් බෞද්ධ පරම විඥානාර්ථ සංගමය, ප්‍රධාන පෙලේ පාසැල් වන කොළඹ ආනන්ද, නාලන්ද, නුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද, කුරුනෑගල මලියදේව, පන්නිපිටියේ ධර්මපාල, මාතර ශ්‍රී රාහුල වැනි පාසැල්ද දෙදාහකට අදික ග්‍රාමීය පාසල්ද පවත්වා 1960 දී පාසැල් රජයට පවරාගන්නා තෙක් අසහාය සේවාවක් අකන්ඩව බෞද්ධ ශිෂ්‍යයන් හට ලබාදුනි
මෙහිදී අනගාරික ධර්මපාල තුමා සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය කඩ කිරීමෙකැයි චොදනා ලැබීමෙන් පසු සිංහල පුවත්පත් ඔහුට විරුද්ධව ලිපි පලකිරීමෙන් අනතුරුව බලවත් සිත් තැවුලකට පත්වී ඉංදියාව නිත්‍ය වාසස්ථානය බවට පත්කර ගත්තේය.
විශේෂ සටහනක්
සිල්වාගේ ප්‍රශ්නය – කතෝලික බැතිමතුන්ට ආගමේ අය යයි කියන්නේ ඇයි?
පිලිතුර- වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම කතෝලික ආගම ආගමකි. කතෝලික අය බෞද්ධගම් කාරයින්ට කියන්නේ අන්‍යාආගම් කාරයින් කියායි