විමල් පටබැඳිගේ(ශාස්ත්‍රවේදි, නීතීඥ සහ විශ්‍රාමික සොලිසිටර්)
දැනට වසර තුනක පමණ කාලයක සිට භිකෂූන් වහන්සේ විශාල පිරිසක් බැඳුම්කර මත (ඇප මත) මුදාහැරීම නොකොට රණෂිත බන්ධනාගාර ගත කිරීම, අධිකරණය කි්‍රයාවලියට යටත් කිරීම සහ බරපතල වැඩ සහිත දැඩි ද`ඩුවම් පමුණුවා බන්ධනාගාරයට යැවීම සුලබ කරුණක් බවට පත්ව ඇත. ඉන් වැඩි පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ කි්‍රයාවලියට යටත් කොට ඇත්තේ දණ්ඩනීති සංග්‍රහයේ දැක්වෙන ඇප දීමට නොහැකි මහා බරපතල අපරාධ කිරීම නිසා හෝ අල්ලස් ගැනීම්, කොමිස් ගැනීම්, රාජ්‍ය මුදල් ගසාකෑම්, මහජන දේපල අවභාවිතය, මත් ද්‍රව්‍ය විකිණීම වැනි මහා අපරාධ කිරීම නිසා නොවේ. රටේ යහපත වෙනුවෙන්, රටවැසියාගේ වර්තමාන සහ අනාගත යහපත වෙනුවෙන්, බෞද්ධයන්ට සහ බෞද්ධ සිද්ධස්ථානවලට සිදු කෙරෙන අපරාධවලට එරෙහිව සහ රටේ ඒකීය භාවය රැකගැනීමට දිවි පරදුවට තබා ත්‍රස්තවාදය මර්ධනය කොට රටවැසියාට සාමය උදා කළ රණවිරුවන් සිරගත කිරීමේ අසාධාරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම නිසාය. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විග්‍රහ කිරීම හෝ විවේචනය කිරීම මෙහි අරමුණ නොවේ.
අධිකරණයට අපහාස කිරීමේ වරදක් සිදු කරන ලදැයි චෝදනා නගා නඩුව විමසා වරදකරු කොට 2018 අගෝස්තු මස 8 වෙනි දින භිකෂූන් වහන්සේ නමක් බරපතල වැඩ සහිතව වසර දහනවයක (19) ද`ඩුවමක් නියම කොට වසර හයකට සිරගත කරන ලදී. නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් කරනු ලැබූ විට බැඳුම්කරයක් මත (ඇප මත) වරදකරු මුදා හැරීම සහ නඩු තීන්දුව කි්‍රයාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීම යුක්ති ධර්මයට අනුකූල අධිකරණමය පියවරකි. එහෙත් අභියාචනයක් ගොනු කොට මාස දෙකක පමණ දිගු කලක් ගත වී ඇත ද එය සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 28.09.2018 දිනයේ ද 05.10.2018 දිනට කල් තැබූ බව වාර්තා වී ඇත. (මේ නඩුවේ පැමිණිලිකරු අධිකරණයේ නිලධාරියෙකි. චෝදනාව අධිකරණයට අපහාස කිරීම ය. නඩුව මෙහෙය වූයේ අධිකරණ නිලධාරියෙකි. සාකෂිකරුවන් සියලූදෙනාම වාගේ අධිකරණ නිලධාරීන් ය. විනිශ්චය කළේ අධිකරණ නිලධාරීන් විසිනි. තමන්ගේ නඩුව තමන් ම අසා තීන්දු කොට ද`ඩුවම් කිරීමට අදාල මූලධර්මයක් ස්වභාව යුක්ති ධර්මය තුළ ස්ථාපිතව ඇත. මෙවැනි නඩු පිළිබඳ කි්‍රයා පරිපාටියේ යම් අඩුපාඩුවක් ඇති බව මට සිතේ.) මින් පෙර ප්‍රසිද්ධියේ zබලූ නඩු තීන්දුZ ගැන කියමින් අධිකරණය විවේචනය කළ ඇමැතියෙකු වසර දෙකකට සිරගෙට යවන ලද බව මතකය. එසේම මෑතක ප්‍රසිද්ධියේ පුවත්පත් සාකච්ඡා පවත්වමින් සමස්ථ අධිකරණ පද්ධතිය පමණක් නොව විනිශ්චයකරුවන් පවා අපහාසයට ලක් කළ, නීති සම්පාදනය කරන, ව්‍යවස්ථාදායකයේ නියෝජිත ඇමැති තනතුරක් දරණ අයෙකුට එරෙහි නඩුව දෙස රට වැසියා අවධානයෙන් බලා සිටියි.
ඒ කෙසේ වෙතත් මේ නඩු තීන්දුවත් සමගම භිකෂූන් වහන්සේගේ සිවුර ගලවා zජම්පරයZ ඇන්දවීම ගැන මහා කලබැගෑනියක් ඇති විය. අබෞද්ධයන්ගේ ඩොලර්, පවුම්, ක්‍රෝන, ප්‍රෑන්ක් ආදී මුදල්වලින් යැපෙන, සිංහල බෞද්ධ විරෝධී භඨධ නඩය පුවත්පත් සාකච්ඡා පවත්වමින් zජම්පරයZ ඇන්දවීමට කෑමොරගැසීය. ඊටත් වඩා පුදුමය නම් ආණ්ඩුවේ බන්ධනාගාර භාර ඇමති තනතුර දරණ, බෞද්ධයන්ගේ ඡන්දය ලබා ගත්, බෞද්ධ කාන්තාවක බව කියනු ලබන තැනැත්තිය සහ ටික කලකට පෙර ජනපති පදවිය දැරූ තැනැත්තිය සහ තවත් අන්‍යාගමික ඇමතියෙක් ඒ භිකෂූන් වහන්සේට ජම්පරය ඇන්දවිය යුතු බව ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමය. එය නියමිත බන්ධනාගාර ඇඳුම බව කීමට හැකි ය.
අප අමතක නොකළ යුතු දෙයක් ඇත. එනම් භිකෂුන් වහන්සේගේ සිවුර ගැලවීමට නියෝගයක් අධිකරණ තීන්දුවේ නැත. එසේම මගේ දැනීම අනුව එවැනි නියෝගයක් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නැත. එපමණක් නොව භිකෂූන් වහන්සේ කෙනෙකුගේ සිවුර ගැලවීමට නිලධාරියෙකුට හෝ කිසිම ගිහියෙකුට අයිතියක් හෝ බලයක් නැත. කාලිංගමාඝගෙන් හෝ අරිට්ටකීවෙන්ඩුගෙන් හෝ බයිනේත්තුව සහ බයිබලය අතට ගෙන වෙහෙර විහාර කඩා බිඳ දමමින් බෞද්ධ සංහාරයක යෙදුනු බටහිර ආක්‍රමණිකයාගෙන් පැවතෙන්නෙකු හැර බෞද්ධයෙකු එවැනි බලයක් තමන් අතට ගන්නේ නැත.
වැරදි කරන භිකෂූන්ගේ සිවුරු ඉවත් කොට සුදු රෙදි අන්දවා ආරාමයෙන් බැහැර කිරීමට භිකෂූන්ටම පවරා තමන් ඒ කටයුතුවලට මැදිහත් නොවූ බව ධර්මාශෝක රජුගේ සෙල්ලිපි හෙළි කරයි. බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස් වීමට කළ 1817-1818 විමුක්ති සටන මර්දනය කොට අත්අඩංගවට ගත්, බි්‍රතාන්‍යයන්ට මහා අභියෝගයක් වූ වාරියපොල සුමංගල හිමියන්ගේ සිවුර ගැලවීමට බි්‍රතාන්‍ය හමුදා අධිකරණය දැ`ගලූවේ නැත. එසේම දෙවෙනි ලෝක යුද්ධය සමයේ බි්‍රතාන්‍යයට විරුද්ධ වූයේ යZයි සිරගත කරන ලද උඩකැන්දෙවෙල සරණංකර හිමියන්ගේ සිවුර ගැලවීම කළේ නැත.
මේ සියල්ලටම වඩා වැදගත් පූර්වාදර්ශයක් ලංකාවේ බි්‍රතාන්‍ය අධිකරණ පද්ධතිය තුළින්ම අපට ලබා ගැනීමට හැකිය. උපන්ගෙයි බෞද්ධයෙකු වෙන ජනපතිටත්, කි්‍රස්තියානි සම්බන්ධයක් ඇති එහෙත් පන්සලේ දායක සභාවේ තනතුරු දරණ අගමැතිටත්, බෞද්ධ අබෞද්ධ අනෙකුත් සියලූම මැති ඇමැතියන්ටත් ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන එක් ආයතනයක් වෙන ස්වාධීන අධිකරණ සංස්ථාවේ සියලූම සාමාජිකයන්ටත් අබෞද්ධ බි්‍රතාන්‍යයන් දී ඇති අධිකරණමය පූර්වාදර්ශය වැදගත් පාඩමක් වෙනු ඇතැZයි මට සිතෙයි.
මෙය 1830 සැප්තැම්බර් මස 6 වෙනි දින හෝ ඊට පෙර දින කුරුණෑගල විනිසුරු (එකල නඩු විනිශ්චය භාර බි්‍රතාන්‍ය නිලධාරියා හඳුවනු ලැබුවේ Judicial Agent යනුවෙනි.) එක්තරා භිකෂූන් වහන්සේ කෙනෙකු වරදකරු කොට දෙන ලද නඩු තීන්දුවක් සම්බන්ධයෙනි. සොරකම සහ අසත්‍ය දිවුරුම් ප්‍රකාශයක් කිරීම මේ හිමියන්ට එරෙහි චෝදනා විය. නඩුව විනිශ්චය කිරීමේ සාමාජිකයන් ලෙස සිටි තක්සේරුකරුවන්ගේ ඉල්ලීම මත විනිසුරු ඒ භිකෂූන් වහනසේගේ සිවුරු ගැලවීමට ද`ඩුවමේ කොටසක් ලෙස තීන්දු කළේය. (රජයේ රැකියාවකට, අඩුම තරමින් කාර්යාල පිරිසිදු කරන්නෙකුගේ රැකියාවකට පවා පත් කරනු ලැබුවේ කි්‍රස්තියානි භක්තිකයන් ය. එකල ඉංගිරිසි හැර වෙනත් භාෂාවක් භාවිත නොකළ කාර්යාලවල, උසාවිවල භාෂා පරිවර්තකයන්, දිවුරුම් ප්‍රකාශ සකස් කරන්නන් වූයේ ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් සහ කොරමණ්ඩල ප්‍රදේශයෙන් ගෙනෙන ලද ද්‍රවිඩ කි්‍රස්තියානි භක්තිකයන් ය.) ඉතා දැඩි සිංහල බෞද්ධ මර්ධනයක් පැවති එකල මේ භිකෂූන් වහනසේට එරෙහි චෝදනා ගැන හෝ සිවුර ගැලවීමේ තීන්දුව ගැන නොව අධිකරණමය පූර්වාදර්ශය ගැන අවධානය යොමු කරමි.
ද`ඩුවමේ කොටසක් ලෙස භිකෂූන් වහන්සේගේ සිවුර ගැලවීමට තීන්දු කළ ද ඒ ද`ඩුවම කි්‍රයාත්මක කිරීම පිළිබඳව ගැට`ඵවක් විය. එබැවින් කුරුණෑගල විනිසුරු (අධිකරණ නියෝජිත) 1830 සැප්තැම්බර් 6 වෙනි දින, භිකෂූන් වහන්සේගේ නම සඳහන් නොකොට, අධිකරණ කොමසාරිස්ගේ (Judicial Commissioner) උපදෙස් පැතීය. අධිකරණ කොමසාරිස් 8 වෙනි දින ලිඛිතව කුරුණෑගල අධිකරණ නියෝජිතට දුන් උපදෙස් සහ මග පෙන්වීම අද පමණක් නොව මතුවට ද භිකෂූන් වහනසේගේ සිවුරු ගැලවීමට කෑමොර දෙන අයට ද මග පෙන් වීමකි.
නඩු විභාගය අවසාන වූ වහාම ද`ඩුවම කි්‍රයාත්මක කළ යුතු බැවින් ද`ඩුවමට යටත් වෙන භිකෂූන් වහන්සේ අයත් වෙන නුවර අස්ගිරි විහාර පාර්ශවයට හෝ මල්වතු විහාර පර්ශවයට සම්බන්ධ, සත් කෝරළේ අනු නායක ස්වාමීන් වහන්සේගේ පන්සලට රැගෙන ගොස් ඒ අනු නායක ස්වාමීන් වහන්සේ විසින් උපැවිදි කරවීමට සලස්වන ලෙසත්, මේ තත්වය පිළිබඳව උන්වහන්සේගේ ආසන්නම ප්‍රධානියා වෙන නුවර මහා නායක ස්වාමීන් වහන්සේට වාර්තා කරන ලෙස අනු නායක හිමියන්ට දැනුම් දෙන ලෙසත් ඉන් පසුව නඩු තීන්දුවේ ඉතිරි ද`ඩුවම් කි්‍රයාත්මක කිරීමට හැකිZZ බවත් කුරුණෑගල අධිකරණ නියෝජිතට අධිකරණ කොමසාරිස් විසින් උපදෙස් දීම සහ මග පෙන්වීම කරන ලදී. (අධිකරණ කොමසාරිස් දුන් මේ උපදෙස් ඉතා වැදගත් කරුණක් තහවුරු කරයි. එනම් අධිකරණ තීන්දුවක් මගින් නියෝග කරනු ලැබුව ද කිසිම නිලධාරියෙකු විසින් හෝ ගිහියෙකු විසින් භිකෂූන් වහන්සේ නමකගේ සිවුරු ගැලවීම හෝ උපැවිදි කිරීම නො කළ යුතු බව සහ එසේ කිරීමට නො හැකි බව සහ අයිතියක් නැති බවයි.)
මින් පසුව, අධිකරණයේ පිහිට පතන පර්ශ්වකරුවන්ගේ නඩු ඇසීමේදී අනුගමනය කළ යුතු ඉතා දීර්ඝ රීති මාලාවක් (Rules for Administering Justice) අධිකරණ කොමසාරිස් විසින් දිවයිනේ සියලූ ම විනිසුරුවන් (අධිකරණ නියෝජිතයන්) වෙත නිකුත් කරන ලදී. බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර පිටකය, විනය පිටකය සහ ඊට අදාල අට්ඨකථා පදනම් කොට ගෙන මේ රීති මාලාව සකස් කොට ඇත. ඒ රීති මාලාව ඉතා දීර්ඝ එකක් බැවින් ඒ රීති එකින් එක දැක්වීමට අදහස් නො කරමි. එහෙත් ඒ රීති මාලාවේ පූර්විකාවක් ලෙස දක්වා ඇති, විනිසුරන්ට (අධිකරණ නියෝජිතයන්ට) දී ඇති උපදෙස් අද පවා අධිකරණ ෙකෂ්ත්‍රයේ විනිසුරන්ට පමණක් නොව අධිකරණ සහායකයන් වෙන අන් සියලූ දෙනාට ම වැදගත් යයි හැෙ`ගන බැවින් උපුටා දැක්වීම සුදුසුයයි සිතමි.
“විනිසුරුවරයෙකු යුක්තිය පසිඳලීමේ දී ආදරය, වෛරය, බිය හෝ නොදැනුවත්කම, නූගත්කම, නොසැලකිල්ල හේතුවෙන් යුක්තිය නොසළකා හැරීම නිසා ඔහුගේ පිරිපුන් බව, සමෘධිමත් බව, දියුණුව අව පකෂයේ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් හීන වෙයි.
එහෙත් විනිසුරු ආදරය හෝ ද්වේෂය, බිය හෝ නොදැනුවත්කම, නූගත්කම, නොසැලකිල්ල නිසා යුක්ති ධර්මයෙන්, සාධාරණත්වයෙන් බැහැර නොවේ ද ඔහුගේ පිරිපුන් බව, සමෘධිය, කීර්තිය පුරපස චන්ද්‍රයා මෙන් දියුණු වෙයි.
විනිසුරු යුක්ති ධර්මය නොසලකා හරිනු ලැබේ ද එසේම යුක්ති ධර්මයේ රීතිවලින් බැහැර වෙන්නේ ද නීත්‍යනුකූල අයිතිකරුට හෝ උරුමකරුට අගතියක් හානියක් කෙරෙන නඩු තීන්දුව ව්‍යාජ පැමිණිලිකරුගේ වාසියට දෙනු ලැබේ ද,
විනිසුරු ඥාතිත්වයෙන් මිත්‍රත්වයෙන් පොළඹවන ලද දයාව හෝ ආදරය නිසා හෝ ලබාදෙන ලද ලාභ ප්‍රයෝජන සඳහා කළගුණ සැලකීම වශයෙන් නඩුවේ එකී පාර්ශ්වයේ වාසියට නඩු තීන්දුව දෙනු ලැබේ ද,
විනිසුරු පෞද්ගලික ද්වේෂය, වෛරය නිසා හෝ පර්ශ්වකරුවන්ගෙන් එක් අයෙකුගේ බිහිසුණු සහ නපුරු, දුෂ්ට කල්කිරියාවෙන් ඇති කරන ලද, පොළඹවන ලද බිය නිසා නඩු තීන්දු දෙනු ලැබේ ද,
විනිසුරු නඩුවේ පාර්ශවකරුවෙකු රජයේ, ආණ්ඩුවේ බලගතු පුද්ගලයෙකු වීම හේතුවෙන් පොළඹවනු ලැබීමෙන් ඇති කරන ලද බිය නිසා නඩු තීන්දු දෙනු ලැබේ ද,
විනිසුරු නො දැනුවත්කම, නොසැලකිල්ල නිසා යුක්තිය බැහැර කරනු ලැබී නම්, එනම් බුදුන් වහන්සේගේ දේශනා තුළින් විස්තර කොට, පැහැදිලි කොට උගන්වා ඇති නීති විද්‍යාව (Science of Jurisprudence) පිළිබඳව නිසි ලෙස දැනීමක් නො ලැබීමෙන් නඩු තීන්දු දෙනු ලැබේ ද,
එවැනි අසාධාරණ විනිශ්චයකරු=ගේ සමෘද්ධිය, අනුගාමික පිරිවර ජනයා සහ කීර්තිය අවපස චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් මිය යන්නේය. ඒ නිසා ගිහියෙකු හෝ පැවිද්දෙකු හෝ වේවා, විනිසුරු, එවැනි සාපරාධී ලෙස කරන ලද විනිශ්චය තුළින් ඔහුගේ සමෘද්ධිය, සම්පත් සහ බලයේ විනාශය තමන් ම සනිටුහන් කෙරෙයි.
එසේම සියලූ අගතිවලින් හෝ දුරාචාරයන්ගෙන් තොර සාධාරණ විනිසුරුගේ විනිශචයන් තුළින්, දිනෙන් දින විශාල වෙන, පුරපස චන්ද්‍රයාගේ දීප්තිය නො නැවතී පැතිර යාම හා සමානව ඒ විනිසුරුගේ කීර්තිය, ප්‍රශංසාව සහ ගෞරවය ක්‍රමයෙන් වැඩි දියුණු වෙයි.
එසේ හෙයින් ඥානවන්ත විනිසුරු පහත සඳහන් යුක්තිය පසිඳලීමේ රීතිවලට අනුකූලව නිරන්තරයෙන් ම කි්‍රයා කිරීම කළ යුතු වෙයි.
(ලංකාවේ බි්‍රතාන්‍ය අධිකරණ කොමසාරිස් විසින් දැනට වසර 188 ක පමණ කාලයකට පෙර (1830) සූත්‍ර පිටකය, විනය පිටකය සහ ඒ සම්බන්ධ අටුවා කථා පරිශීලනය කොට පුරවැසියන්ගේ යහපත සඳහා සකස් කරන ලද රීති මාලාව ඉතා දීර්ඝ නිසා මෙහි ඇතුළත් නොකරමි. එහෙත් ශී්‍ර ලංකා ශ්‍රේෂඨාධිකරණය, අධිකරණ සේවා කොමිසම සහ විනිසුරන් පුහුණු කරන ආයතනය එම රීති මාලාව පරිශීලනය කොට සුදුසු පරිදි විනිසුරුවන් දැනුවත් කරන්නේ නම් අධිකරණ සේවාවක පවතින ජනතා පරමාධිපත්‍යයේ අගය තහවුරු වෙනු ඇත.)
එසේම, විනිශ්චය අතරතුර විනිසුරු කි්‍රයා කළ යුතු ආකාරය පිළිබඳව ද අධිකරණ කොමසාරිස් තව දුරටත් උපදෙස් දෙයි:
විනිසුරු අසුනේ සිටින
• විනිසුරු උඩගු නොවිය යුතුය හෝ අහංකාර, ගර්විත නොවිය යුතුය.
• එසේම විනිසුරු භිකෂූ සංඝයාට හෝ රජුට අවඥාසහිත නොවිය යුතුය. හෝ අවිනීත, උඩ`ගු නොවිය යුතුය.
• විනිසුරු යහපත් දෙයින් සතු=ටු වෙන බවට හෝ අයහපත් දෙයින් නොසතුටු වෙන බවට පත් නොවිය යුතුය, එහෙත් යහපත් සහ අයහපත් දෙය ගැන උපේකෂාසහගත විය යුතුය.
• විනිසුරු දොඩමලූ, වාචාල නොවිය යුතුය. එසේම වැදගම්මකට නැති වචන ප්‍රකාශ නොකළ යුතුය. එහෙත් අදාල වෙන සහ අවශ්‍ය වෙන දේ පමණක් කිව යුතුය.
• විනිසුරු අයහපත්, නපුරු දේ ගැන නොසිතිය යුතුය. එහෙත් යහපත් දේ කිරීමට බලාපොරොත්තු විය යුතුය.
• විනිසුරු භිකෂූන් වහන්සේ කෙනෙකු පැමිණිලිකරු වෙනවිට උන්වහන්සේගේ ආචාර්යවරයා කවුරුන් ද, උපාධ්‍යායන් කවුරුන් ද, උපසම්පදා භිකෂුවක් බවට පත් කළේ කවුරුන් විසින් ද, උන් වහන්සේගේ ශිෂ්‍යයන් කවුරුන් ද ආදි වශයෙන් අනුකම්පා උපදවන ලෙස විමසීම් නොකළ යුතුය.
• විනිසුරු තද බව සහ මෘදු බව සුදුසු, ඔබින අවස්ථාවන්හි පැහැදිලිව දැක්විය යුතුය.
• පරීකෂණ කිරීමේදී, විනිසුරු කරුණාන්විත විය යුතු අතර යහපත කිරීමට සිතා ගත යුතුය. දැඩි, නපුරු ද`ඩුවමක් පැවරීමේ කැමැත්තකින් පොළඹවනු නොලැබිය යුතුය.
• විනිසුරු කෝපයෙන්, උදහසින් සහ පමණ ඉක්මවා ගිය නොඉවසිලිමත් බවෙන් නොව ශාන්තව සහ මෘදු ලෙස නඩු විභාගය පැවැත්විය යුතුය.
• විනිසුරු විනිශ්චය මණ්ඩලය තුළ කණට කොඳුරා හෝ රහසින් කථාකිරීම හෝ ඍජු නොවූ බැල්මෙන් බැලීම නොකළ යුතුය. එවැන්නකට ඉඩ නොදිය යුතුය, නොඉවසිය යුතුය.
• විනිසුරු පැමිණිලිකරුවන් වෙත බරපතල ලෙස ඇසිපිය හෙළීම හෝ හිස සෙලවීම නොකළ යුතුය.
• විනිසුරු ඔලූව වැනීමෙන් හෝ ඇහිබැම හැකිලීමෙන් හෝ ඔහුගේ හැ`ගීම්, අදහස් අනුමාන කිරීමට අවස්ථාව නොසැලසිය යුතුය.
• විනිසුරු ඔහුගේ බැල්ම බඹයක පමණ දුරකට සීමා කළ යුතුය. එසේම එම දුරින් එහාට කිසිම දිසාවක ඇති දෙයක් කෙරෙහි ඕනෑකමින් බලා නොසිටිය යුතුය. බැල්ම දිගු නොකළ යුතුය.
• විනිසුරු අයිතිවාසිකම් දක්වන පුද්ගලයන්ගේ සහ කෛරාටික බවට සහ බොරු කියන බවට හඳුනාගෙන ඇති අයගේ ප්‍රකාශ පරීකෂා කිරීමේදී තමන්ගත් මතයෙහි හෝ කි්‍රයාමාර්ගයෙහි එල්බ සිටීමේ පරිස්සම්කාරී විය යුතුය.
• එහෙත්, විනිසුරු සත්‍යවාදී සහ කපටි කමෙන් තොර අය සහ අවංකභාවය, නිවටකම සහ නූගත් කම නිසා කලබලයට පත්වූ, විකෂිප්තවූ සහ බයාදු, ලජ්ජා සහිත අය ප්‍රශ්ණ කිරීමේදී පි්‍රයශීලී සහ මෘදු වීම සුදුසුය. කාරුණික වචනවලින් උනන්දු කළ යුතු ය.
• මේ සියල්ලට අමතරව යහපත් විනිසුරු වෙනත් යහපත් ගුණාංගයන්ගෙන් සම්පන්න විය යුතු වෙයි.
• එසේම විනිසුරු බුදුන්ගේ ශ=ද්ධ දේශනාවලින්, එහි අන්තර්ගතයෙන් සහ ඒ හා සම්බන්ධ අටුවා විවරණ වලින් ඉදිරිපත් කොට ඇති නියමයන් දැඩි ලෙස අනුගමනය කළ යුතුය.
ඒ සඳහා මෙසේ නියම කරනු ලැබේ.
“උත්සාහවන්ත, අනලස් විනිසුරු සූත්‍ර සහ විනය සහ ඒවායේ ප්‍රකාශන සහ අටුවාවලින් දක්වා ඇති රීතීවලට දැඩි අනුකූලතාවයකින් යුතුව යුක්තිය පසිඳලීම කළ යුතුය.”
“වාචික සම්ප්‍රධායන්ට වඩා වාර්තාගතව ඇති රීතීන් ඉතා වැදගත් ය, ඒ නිසා ලිඛිත රෙගුලාසි, රීති විධිමත් ලෙස වලංගු කළ යුතුය.”
“පුද්ගලයන්ගේ නූගත්කම, නොසැලකිල්ල සහ වරදවා හැසිරීම, ඔවුන්ගේ පෙර පරම්පරාවේ ආචාර්යයන්ගේ පිළිපැදීම් නිසා විටින් විට නීතියේ කඩවීම් සිදු වීමට ඉඩ ඇත, එහෙත් පොත්වල වාර්තා කොට ඇති පාලි බුද්ධ දේශනා වෙනස් වීමට ඉඩ නැත, පිරිසිදුව පවතින්නේය. ඒ නිසා බුද්ධ දේශනාවේ දැක්වෙන පාලි පාඨ (Pali Text&) අධිකරණ පරීකෂණවලදී නිත්‍ය රීති ලෙසට යොදාගත යුතු බව මෙයින් නියම කරනු ලැබේ.”
ඉහත සඳහන් කළේ වසර 188 කට පෙර (1830) අධිකරණ කොමසාරිස් විසින් දිවයිනේ විනිසුරන් වෙත නිකුත් කරන ලද යුක්තිය පසිඳලීම සඳහා අනුගමනය කළ යුතු රීති මාලාවේ පූර්විකාව ලෙස දී ඇති උපදෙස් ය.
උපසම්පදා භිකෂුවකගේ චීවරය ගැලවීමට කිසිම නිලධාරියෙකුට හෝ ගිහියෙකුට බලයක් හෝ අයිතියක් නැත. පාරාජිකා වීමෙන් දුසිල් බවට පත් වූ උපසම්පදා භිකෂුවක උපැවිදි කරවීමට භිකෂු සංඝයා වහන්සේට හැකිය. එහෙත් ඒ භිකෂුව සාමනේර නමක් ලෙස පැවිදි වත් පුරමින් සිටීමට කැමැති නම්, එසේම සාමණේර පැවිදි දිවියට හානි දායක වෙන ලෙස ධර්ම විනය විරෝධී වී නැත්නම්, එයට අවස්ථාව ලැඛෙනු ඇත. එහෙත් ජීවිතයේ කිසි දිනෙක යළිත් උපසම්පදාව ලබා ගැනීමට නොහැකිය. එසේම උපසම්පදා භිකෂුවකට තමන්ගේ කැමැත්තෙන් විනයානුකූලව සංඝයා ඉදිරියේ ප්‍රකාශ කොට උපසම්පදාව අත්හැරීමට ද හැකිය.
සංඝ සභාව විසින් උපසම්පදා වූ හෝ නොවූ භිකෂුවක් භිකෂුත්වයෙන්, පැවිදි දිවියෙන් ඉවත් කරනු ලැබුව හොත් එතැන් සිට ඔහු භිකෂුවක් නොවේ. ඔහුගේ පැවිදි දිවිය අහෝසි වෙයි. ඔහුට චීවරය දැරීමට කිසිදු අයිතියක් නැත. එසේ භිකෂුත්වයෙන්, පැවිද්දෙන්, භිකෂු ශසනයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව ද පැවිද්දන් ලෙස පෙනී සිටින අය ගැන වාර්තා වෙයි. ඔවුහු පැවිද්දෝ නොවෙති. වංචනිකයෝ ය. හොර චීවර ධාරියෝය.
බුද්ධ දේශනා අනුව තෙයියසංවාසක යනුවෙන් හඳුන්වනු ලබන තුන් ආකාරයක අපරාධකාරයෝ වෙති.
- ශාසනයට විධිමත් කැප කිරීමක් හෝ කැප වීමක් නැතිව සහ ආචාර්ය ස්වාමීන් වහන්සේ කෙනෙකු විසින් ධර්ම විනයට අනුව ආගමික පුණ්‍යෝත්සවයකින් පැවිදි බවට පත් කිරීමක් නැතිව යම් අයෙකු තමන්ම සිවුරක් පොරවා ගෙන පැවිද්දෙකු ලෙස පෙනී සිටී නම් ඔහු චෞරයෙකි.
- කිසි දිනෙක උපසම්පදා නොවූ හෝ පාරාජිකා වීමෙන් ඔහුගේ උපසම්පදාව අහිමි වී ඇති යම් පැවිද්දෙකු වංචනික ලෙස තමන් උපසම්පදා භිකෂුවක් යයි හ`ගවමින් උපසම්පදා භිකෂූන් අතරට ඇතුළත් වී පෝය පවාරණ ආදී ශ=ද්ධ ආගමික මෙහෙයන්ට සම්බන්ධ වීමට බිය සැක නැතිව සිටී නම් ඔහු චෞරයෙකි. එසේම සාමණේර පැවිද්ද පමණක් ඇති අයෙකු තමන් ආගන්තුකයෙකු වෙන ඉතා දුර බැහැර ප්‍රදේශයකට ගොස් තමන් උපසම්පදාවෙන් වසර 10ක් පිරුණු ථෙරනමක් බව වංචනිකව හ`ගවමින් විධිමත්ව උපසම්පදාව ලද උපසපන් භිකෂූන්ගෙන් පූද සත්කාර, ගරු බුහුමන් ලබන්නේ ද, තමන් එනවිට ඒ උපසම්පන්න භිකෂූන් හුන් අසුන්වලින් නැගිට බුහුමන් කරනු දකින්නේද, පෝය පවාරණ ආදී ශ=ද්ධ ආගමික මෙහෙයන්ට සම්බන්ධ වීමට බිය සැක නැතිව සිටී නම් ඔහු චෞරයෙකි.
- ආචාර්ය ස්වාමීන් වහන්සේ කෙනෙකු වෙතින් පැවිදි බවට පත් නො වී තමන් විසින් ම සිවුරක් පොරවා ගත් එසේම පාරාජිකා වීමෙන් උපසම්පදාව අහිමි කරගත් හෝ විනය කර්මානුකූලව
විධිමත් ලෙස උපසම්පදාව ලබා නොගත් අයෙකු තමන් පැවිද්ද සහ උපසම්පදාව ලබා ගත් අයෙකු ලෙසින් පෙනී සිටින්නේ නම් ඔහු චෞරයෙකි.
මෙවැනි ශාසනික චෞරයන් (තෙනකා) භිකෂුත්වයෙන් පහ කිරීම බුදුන් වහන්සේ අනුදැන වදාළහ.
පාරාජිකා වීමෙන් දුශ්ශීල භිකෂුවකගේ උපසම්පදාව ඉවත් කළ පසු ඔහු උපසම්පදා භිකෂුවක ලෙස පෙනී සිටිමින් ශාසනික චෞරයෙකු වීම පාරාජිකා වීමට ද වඩා බරපතල වරදකි. ඔහු අඩු වශයෙන් සාමනේර බවට හෝ පත් නොකළ යුතුය. අනිවාර්යයෙන් ම ඔහුට උත්ෙකෂ්පනීය කර්මය (excommunication&) පැණවිය යුතුය.
මෙවැනි තුන් ආකාරයක ශාසනික චෞරයන් බුද්ධ දේශනා තුළින් හෙළි කොට ඇත. මොවුහු රටේ පවතින අපරාධ නීති රීති අනුව ද ද`ඩුවම් ලැබිය යුතු අපරාධකාරයෝ වෙති.
“ඉතා දැඩි විමර්ශණයකින් යම් අයෙකු ඉහත පැහැදිලි කරන ලද ආකාරයෙන් එකකට අයත් චෞරයෙකු ලෙස හඳුනාගනු ලැබුව විට ඔහු ගෞරවාර්හ මහා සංඝරත්නය විසින් හෝ රටේ පවතින රීතී අනුව උපැවිදි කළ යුතුය. එසේම ඔහුගේ සියලූ දේපල බඩු භාණ්ඩ සාංඝික කොට සංඝරත්නයට පැවරිය යුතුය.”යන රීතිය ද විනිසුරන් විසින් පිළපැදිය යුතු ලෙස නියම කොට, 1830 දී දිවයිනේ බි්‍රතාන්‍ය අධිකරණ කොමසාරිස් නිකුත් කරන ලද zzයුක්තිය පසිඳලීම සඳහා වූ රීති මාලාවටzz ඇතුළත් කොට ඇත.
ගිහියන් ඇඳුමක් අඳින ලෙසින්, කොහෙන් හෝ ලබාගත් චීවරයක් දමා ගෙන පැවිදි වෙන්නට නොහැකිය. එය ශාසනික චාරිත්‍රානුකූල ආගමික විධි අනුගමනය කොට සිදු කරනු ලබන වැදගත් ශාසනික පින් කමකි. එසේම උපසම්පදාව ලැබීම ඊටත් වඩා ප්‍රබල විනය ධර්මානුකූලව පවත්වනු ලබන විනය කර්මයකි. එය පවත්වනු ලබන්නේ බාහිර ලෝකයෙන් වෙන් වූ, ගිහියන්ගේ හෝ අඩුම තරමින් සාමනේර භිකෂූන්ගේ පෙනී සිටීමක් නැති, උපසම්පන්න ථෙරවරුන්ගේ සහ ධර්ම විනය උගත් උපසම්පදා අපේකෂකයන් පමණක් සිටින, බොහෝ විට දියෙන් වට වූ සීමා මාලකයක් තුළ ය.
ගිහි ජීවිතය තුළ උපන්දා සිට මියයන තෙක් විවිධ විලාශිතා අනුව සකස් කරන ලද ඇඳුම් පැලඳුම් භාවිත කරනු ලබයි. පාසලට, කාර්යාලයට, ම`ගුලට, මරණයට, පන්සලට, පල්ලියට, ගෙදරට, ව්‍යායාමයට, රාති්‍රයට ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවට අදාලව ගැලපෙන විලාශිතා, මෝස්තර අනුව සකස් කරන ලද ඇඳුම් ඇදීම සහ එකම දවසේ එක එක වේලාවට විවිධ ඇඳුම් ඇඳීම ගිහියන්ගේ සිරිත ය. එලෙසින් ම zජම්පරයZ යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිර ගෙදර ඇඳුම් මෝස්තරයයි. එය ඇඳීම ගිහියෙකුට අරුමයක් නොවිය හැකි ය. එසේම ගිහි සමාජය නිරුවතින් සිටීම දක්වා ගෝති්‍රක සමාජයට ආපසු ගමන් කරමින් ඇත.
භිකෂූන් වහන්සේ පන්සලට, දනට, බණට, පාංශ=කූලයට, ගමට, රටට, රජ ගෙදරට වුව දරන්නේ බුදුන් වහන්සේ අනුදැන වදාල චීවරයයි. එය දැනට වසර 2600 කාලය පුරා විලාශිතා මෝස්තර වලට බිලි නො වූ බුද්ධ චීවරයයි. එය සිරගෙදර ඇඳුම් මෝස්තරය වෙන zජම්පරයටZ යටත් නො කළ යුතුය. නායක භිකෂූන් වහන්සේට හෝ පාරාජිකාවීමෙන් දුශ්ශීල නොවූ උපසම්පදා භිකෂූන් වහන්සේගේ චීවරය ගැලවීමට නො හැකි ය. එසේම චීවරය දැරීම ශාසනික චෞරයන් නො වූ, පාරාජිකා වීමෙන් දුශ්ශීල නොවූ, ධර්ම විනය විරෝධී නොවූ භිකෂූන්වහන්සේගේ මූලික අයිතිවාසි කමකි.
1830 දිවයිනේ බි්‍රතාන්‍ය අධිකරණ කොමසාරිස් මග පෙන්වා ඇති ලෙසින්, භිකෂූන් වහන්සේ සම්බන්ධ නඩු වින්ශ්චය කිරීමේදී, බුදුන් වදාල සූත්‍ර පිටකය, විනය පිටකය සහ ඊට අදාල අටුවාවල පැහැදිලි කොට ඇති පරිදි කි්‍රයා කිරීමට බුද්ධ ශාසනය ආරකෂා කොට දියුණු කිරීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ව්‍යවස්ථාවෙන් බැඳී ඇති අනුල්ලංගනීය වගකීමකි.