කෘෂි රසායන භාවිතයෙන් ලංකාව අංක එකට…දැන් කළ යුත්තේ කුමක්‌ද?

July 24th, 2018

සෞඛ්‍ය සම්පන්න, සමබල, පෝෂ්‍යදායී හා ගුණදායී ආහාර වේලක්‌ යනු සියලූ ම ජීවීන්ට තම පැවැත්ම සඳහා වූ අතිශය වැදගත් තීරණාත්මක සාධකයකි. ආහාරයක්‌ යනු මිනිසා හෝ සතුන් මගින් තම පැවැත්ම උදෙසා ආහාරයට ගනු ලබන ඕනෑම ආකාරයේ පෝෂක ද්‍රව්‍යයකි. නමුත් ආහාරවල ගුණාත්මකභාවය අද වන විට ලෝකයට ම පොදු ගැටලූවක්‌ ව පවතී.
 
 ලෝක ජනගහනය ඉහළ යැමත් සමගම වැඩි වූ ආහාර ඉල්ලූම සපුරාලීම සඳහා ආහාර නිෂ්පාදනය වැඩි කිරීම විසි වන දශකයේ මැද භාගය තුළ වූ ප්‍රබලතම ගැටලූවක්‌ විය. ඒ අනුව ආරම්භ වූ හරිත විප්ලවය ආහාර නිෂ්පාදනය වැඩි කිරීම උදෙසා සාර්ථක විසඳුමක්‌ ලෙස පෙනී ගිය ද, ඒ සමග ඇති වූ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අද වන විට ආහාරවල ගුණාත්මකභාවය උදෙසා ප්‍රබල තර්ජනයක්‌ ව පවතී. මෙම හරිත විප්ලවය සමග කෘතිමව නිෂ්පාදනය වූ විවිධ වර්ගයේ කෘෂි රසායනික ද්‍රව්‍ය කෘෂි කර්මාන්ත ක්‌ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. මුළු මහත් ලෝකයේම කෘෂිකාර්මික රටවල් අතුරු සිදුරු නොමැතිව මෙය දෝතින් වැළඳ ගත්තේ ඉන් ගොවියා ලැබූ පහසුවත් ලාභයත් නිසාය. නමුත් එදා වැළඳගත් එම විප්ලවය අනාගත කෘෂිකර්මාන්තයේ ගුණාත්මය සුනු විසුණු කරන හේතුවක්‌ වේ යෑයි ඔවුන් නොසිතන්නට ඇත.

krushi
 
 කෘෂි රසායනික ද්‍රව්‍ය අවභාවිතය හේතුවෙන් සිදු වන ආහාර අපවිත්‍රණය අද වන විට මුළු ලෝකයටම පොදු ගැටලුවක්‌ වී හමාරය. ගොවියා හෝ ආහාර නිෂ්පාදකයා තම වාසි ප්‍රයෝජන තකා කිසිදු වග විභාගයක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට හුරු වීම මෙයට ප්‍රධාන හේතුව විය.
 
 ආහාර අපවිත්‍රණයේ ආකාර
 
 ආහාර අපවිත්‍ර විය හැකි මූලික ආකාර තුනකි. 
 
 ; ජෛව අපවිත්‍රණය – කිසියම් ජීවියකු මගින් හෝ එම ජීවීන් මගින් නිපදවනු ලබන ජෛව නිෂ්පාදන මගින් ආහාර අපවිත්‍ර වීම.
 
 ; භෞතික අපවිත්‍රණය – කිසියම් බාහිර කාරකයක්‌ එක්‌ වීම මගින් ආහාර අපවිත්‍ර වීම.
 
 ; රසායනික අපවිත්‍රණය – බාහිර රසායනික ද්‍රව්‍ය එක්‌ වීම මගින් ආහාර අපවිත්‍ර වීම.
 
 ශ්‍රී ලංකාව කෘෂිරසායනික ද්‍රව්‍ය 
 
 භාවිතයෙන් ලෝකයේ අංක 1 ට
 
krushi2ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්‌ ලෙස ලොවම හමුවේ නම් දරමින් එය තුළින් ම වැළලීමට යන අවාසනාත්මක ඉරණමක්‌ අද වන විට දිස්‌ වෙමින් පවතී. පෙරදිග ධාන්‍යාගාරය නම් විරුදාවලිය ලැබූ අප රට එදා විදේශිකයන් විසින් විස්‌තර කළේ විසි කරන දණ්‌ඩ පවා පැලවෙන සශ්‍රීක භූමියක්‌ හිමි රටක්‌ ලෙසයි . නමුත් අද වන විට ශ්‍රී ලංකාව නම් දරා ඇති ආකාරය ගැන නම් සැබවින්ම අප ලැඡ්ජා විය යුතුය.
 
 ලංකාවේ මිලියන 1.7 ක ජනතාවක්‌ තම ප්‍රධාන ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තයේ යෙදී සිටී. එලෙසම වගාවට යෝග්‍ය මුළු භූමි ප්‍රමාණයෙන් 37.4 % ක ප්‍රමාණයක්‌ භාවිතා කරන්නේ ද කෘෂිකර්මාන්තයටයි. කෘෂිකර්මාන්තයට 29% ක පමණ ශ්‍රම බලකායක්‌ අයත් වන අතර ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායමෙන් 10% පමණ ද කෘෂිකර්මාන්තය මගින් සපයනු ලබයි (මහ බැංකු වාර්තාව, 2015).
 
 ලෝක ආහාර සංවිධානයට අනුව ශ්‍රී ලංකාව තුළ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය හෙක්‌ටයාරයට ඒකක 287 කි. ඒ අනුව භූමි අනුපාතයට අනුව ලෝකයේ වැඩි ම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. ලංකාවේ පොහොර භාවිතය 300.2 නටරැය් ක්‌ ලෙස වාර්තා වන අතර කෘමි නාශක භාවිතය ද ඉතා ඉහළ අගයක්‌ ගනී (ලෝක ආහාර සංවිධානය,2015).
 
 මීටත් වඩා ශෝචනීය තත්ත්වය සමාජ සමීක්‌ෂණ අනුව ගොවියා මෙම වාර්තාගත ප්‍රමාණයටත් වඩා විශාල ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය කෘෂිකර්මාන්තය තුළ භාවිතා කිරීමයි. එලෙසම ලංකාව තුළ නීතිමය ලෙස තහනම් කරන ලද කෘෂී රසායනික ද්‍රව්‍ය පවා ගොවීහු කිසිදු තහනමක්‌ නොමැතිවම භාවිතා කරතිs. 
 
 ශ්‍රී ලංකාවේ ආහාර හා සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ක්‍රමවත් පැවැත්ම උදෙසා කොතෙකුත් නීති අණපනත් නම් ඇත. 1860 තරම් ඈතක සිට ම මෙම නීති ක්‍රියාත්මක වන අතර අදටත් නව නීති සම්පාදනය වෙමින් පවතී. නමුත් මේවා මළ හෝ ලොඹු ලියකියවිලි පමණක්‌ බවට පත් වී ඇත. ලියවිල්ලකට පමණක්‌ සීමා වූ නීති, රටක්‌ තුළ පැවතීම රටේ ජනතාවගේ අභාග්‍යය ද නැත්නම් පාලකයන්ගේ අක්‍රීයභාවය ද යන්න සිතා බැලිය යුතු ය.
 
 වෙළෙඳ පොළේ ඇති වැඩි ප්‍රතිශතයක්‌ ආහාර කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් අපවිත්‍රයි 
 
 ශ්‍රී ලංකාවේ රස පරීක්‌ෂක දෙපාර්තමේන්තුවේ නවතම අධ්‍යයන වාර්තාවලට අනුව සාමාන්‍ය වෙළෙඳ පොළේ ඇති ආනයනික දොඩම්, මිදි හා ඇපල් වලින් 50% කෘමිනාශක අන්තර්ගත ව අපවිත්‍ර වී ඇත. එනම් ආහාරයට සුදුසු ප්‍රමාණය ඉක්‌මවා මෙම කෘමිනාශක ද්‍රව්‍ය අඩංගු වී ඇත. මෙම වාර්තා පෙන්වා දෙන්නේ -Chlorpyrifos හා Profenofos නම් කෘමිනාශක මේවායේ ප්‍රධාන ලෙස ම අඩංගු බවයි. මෙහි සඳහන් ඉතා වැදගත් අනෙක්‌ කරුණ නම් මෙම කෘමිනාශක ද්‍රව්‍ය දෙක ම ලංකාවේ භාවිතය නීතිමය ලෙස තහනම් වූ රසායනික ද්‍රව්‍ය බවයි (රස පරීක්‌ෂක දෙපාර්තමේන්තුව, 2018).
 
 තවද පලතුරු වල පමණක්‌ නොව තක්‌කාලි, වම්බටු හා අල වැනි විවිධ එළවළු වල ද 33% ක්‌ පමණ මෙවැනි කෘෂි රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම කෘමිනාශක අඩංගු වන බව විවිධ පර්යේෂණ වාර්තා තහවුරු කරයි (ඡේ.මුණසිංහ, 2017).
 
 ප්‍රතිඵලය දරුණුයි – මරණ අනුපාතය ඉහළට
 
 කෙසේ වෙතත් මෙම වග විභාගයක්‌ නොමැති කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵල අද වන විට අප ඇස්‌ ඉදිරි පිට ම දිස්‌ වෙමින් පවතියි. අද ශ්‍රී ලංකාවේ පිළිකා මරණ සංඛ්‍යාව වාර්තා ගත ලෙස දිනෙන් දින ඉහළ යන අතර විෂ සහිත සෞඛ්‍ය අනාරක්‌ෂිත ආහාර අනුභවය මේ සඳහා වූ එක ම හේතුව නොවූවත් ප්‍රබල හේතුවක්‌ බව නම් නො නොරහසකි.
 
 2010 වර්ෂයේ පමණක්‌ ලියාපදිංචි පිළිකා රෝගීන් ආසන්න වශයෙන් 16,963 පමණ වන අතර අද සෑම මරණ 10 කින් එකක්‌ ම වාර්තා වන්නේ පිළිකා රෝගීන් ලෙසයි (ජාතික පිළිකා ලියාපදිංචි ඒකකය,2018 ). එලෙසම වකුගඩු රෝගීන් සංඛ්‍යාව ද අති විශාල ලෙස වැඩි වෙමින් පවතී. මෙම CKD (Chronic Kidney
 Disease) නම් ප්‍රබල වකුගඩු රෝගය වැඩි වශයෙන් ම වාර්තා වන්නේ උතුරු මැද, නැගෙනහිර, වයඹ හා ඌව වැනි වී වගාව බහුල ප්‍රදේශවලින් වීම මෙම වකුගඩු රෝගය හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අතර ඇති සම්බන්ධතාවයේ සැකය තහවුරු කරයි. උදාහරණයක්‌ ලෙස මහවැලි කලාපයෙන් පමණක්‌ වාර්තාව වී ඇති වකුගඩු රෝගීන් ප්‍රමාණ 9,000 ඉක්‌මවයි (ඡේ.මුණසිංහ, 2017). එපමණක්‌ නොව බොහොමයක්‌ බෝ නොවන රෝග (දියවැඩියාව, හෘද රෝග ආදී) ඇති වීමේ ප්‍රතිශතය ද ඉතා කනගාටුදායක අන්දමින් වැඩි වෙමින් පවතී. මරණ 75%කටම අද හේතුව වී ඇත්තේ මෙම බෝ නොවන රෝගයි (සෞඛ්‍ය අමාත්‍යාංශය,2015).
 
 පරිසරය හා ආර්ථිකය අනතුරේ
 
 වග විභාගයක්‌ නොමැති මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සෞඛ්‍යයට පමණක්‌ නොව රටේ ආර්ථිකයට ද මරු පහරකි. එදා ලාංකීය කෘෂි නිෂ්පාදන වලට තිබූ ජාත්‍යන්තර කීර්තිය හා ඉල්ලුම අද වන විට අඩු වෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අපගේ ආහාර නිෂ්පාදන වල අඩංගු කෘෂි රසායනික ද්‍රව්‍ය මට්‌ටම පිළිගත් ඉහළ ම මට්‌ටම ද අභිබවා තිබීමයි. ඉතා ආසන්න උදාහරණයක්‌ ලෙස තේ වගාවේ ජාත්‍යන්තර වෙළඳ ඉල්ලුම පහළ යැම දැක්‌විය හැක. 
 
 මිනිසාගේ සෞඛ්‍යයට, ආර්ථිකයට මෙන් ම පරිසරයට ද කෘෂි රසායනික ද්‍රව්‍ය අවභාවිතය අතිශය සංකීර්ණ ලෙස බලපා ඇත. පාරිසරික සමතුලිතභාවය අද වන විට සහමුලින්ම වාගේ බිඳ වැටෙමින් පවතින අතර ඊට ද ප්‍රධාන ලෙස මෙම අධික හා අක්‍රමවත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය හේතු වී ඇත. පරිසරය තුළ ස්‌වාභාවික ලෙස සිදු වන්නා වූ ජෛව යාමනය සහමුලින්ම බිඳ වැටී ඇත. අහිතකර මෙන් ම වගාවට හිතකර සතුන් ද මේ හේතුවෙන් වඳ වී ගොස්‌ හමාර ය. ගැඩවිලකු, සළඹයෙකු හෝ වී කුරුල්ලෙකු දැකීම පවා අද අපහසු වී ඇත. ආහාර දාම බිඳ වැටෙමින් පවතී. මිනිසාගේ දෑසට මේවා පෙනෙනුයේ කලාතුරකිනි. සිතා බලන්න එදා ඔබ අවට වටපිටාවේ නෙත ගැටුණු කුඩා කෘමීන් හෝ සතුන් අද සිටිනවා ද? මෙය සතුටු විය හැකි තත්ත්වයක්‌ නොවන බව වටහා ගන්න. මෙයින් පෙනී යන්නේ මිනිසාගේ මැදිහත් වීම තුළ පරිසරයේ ජෛව විවිධත්වය හා සමතුලිතභාවය බිඳ වැටෙන බවයි. මිනිසාගේ මෙම නොමනා ක්‍රියා කලාපයේ පිළිතුර වන්නේ ඉතා ප්‍රබල හා හානි පමුණුවන පළිබෝධකයින්, විලෝපිතයින් හා ක්‌ෂුද්‍ර ජීවී විශේෂ පරිසරය තුළ බහුල වීමයි. එපමණක්‌ නොව බෝග වගා අබිබවා වර්ධනය වන තර්ජනකාරී, ආක්‍රමණශීලී පැළ ද මීට යම් ආකාරයක නිදසුනකි.
 
 අප කළ යුත්තේ කුමක්‌ ද ?
 
 විසඳුම් නම් කොතෙකුත් ඇත. වඩාත් වැදගත් වන්නේ තිරසාරවූත් ප්‍රායෝගිකවූත් විසඳුම් කරා වහ වහා එළඹීමයි. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සහමුලින්ම නවතා දැමීම කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න සිතා බැලිය යුතු ය. ඊට වඩා ප්‍රායෝගික කාලීන විසඳුම් අප සතු ව නොතිබිය නොහැක.
 
 අප ලෙඩක්‌ සෑදුණු විට බටහිර ඖෂධ ලබා ගනී. එය අද වන විට ඉතා සුලභ සාමාන්‍ය කරුණකි. නමුත් මේ සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ පවතී. වෛද්‍ය උපදෙස්‌ හා නිර්දේශ යන්ට අනුව පමණක්‌ අප ඖෂධ ලබාගත යුතු ය. නැතහොත් හිතුමතයේ ඖෂධ භාවිතය ලෙඩ සුව වීම වෙනුවට මරණයට පවා හේතු විය හැකි ය. මෙය ගහ කොළ ට හා පරිසරයට ද පොදු ය. ඉතා අල්ප ප්‍රමාණ පවා උග්‍ර විෂ දෙන කෘෂි රසායනික ද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක ඕනෑම හේතුවක්‌ උදෙසා ඕනෑම ප්‍රමාණ වලින් මිලදී ගැනීමටත් විකිණීමට නිදහස ඇත. කුඩා දරුවෙකුට පවා මේවා මිලදී ගැනීමටත් විකිණීමටත් පුළුවන. එලෙසම කිසිදු සැලකීමකින් තොර ව ගොවියාගේ හිතුමනාපයට ඕනෑම ප්‍රමාණයක්‌ ඕනෑම වර්ගයක්‌ තම වගාවට භාවිතා කිරීමට ද නිදහස ඇත. 
 
 අප පළමුව සිතා බැලිය යුතු කරුණු වන්නේ මේවා යි. නීති සම්පාදනය විය යුත්තේ මේ සදහායි. පළමුව හා ප්‍රධාන ලෙස ම මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිය හා මිල දී ගැනීම නියාමනය කළ යුතු ය. ක්‍රමවත් කළ යුතු ය. එලෙසම භාවිතය ද සුපරීක්‌ෂාකාරී කළ යුතු ය. කෘෂි රසායනික ද්‍රව්‍ය වර්ගය, ප්‍රමාණය පමණක්‌ නොව භාවිතා කළ යුතු ආකාරය ද ආරක්‌ෂාකාරී වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙතරම් උපදෙස්‌ හෝ අවවාද දුන්නත් මෙරට ගොවීහු මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ කිසිදු සැලකිල්ලක්‌ නොමැතිවය. වරද සිදු වන තැන මෙය යි. එය නිවැරදි නොකර තවදුරටත් කල් මැරීම කළ නොහැකි ය. ලංකාවේ බොහොමයක්‌ වගා බිම් කුඩා බිම් කැබලි වශයෙන් විසිරී පැතිරී ඇත. එබැවින් කෘෂී දත්ත හා උපදෙස්‌ සම්ප්‍රේෂණය බොහෝ දුරට දුර්වල තත්ත්වයක පවතී. මෙය ද මෙම අපරික්‌ෂාකාරී රසායනික ද්‍රව්‍ය භාවිතයට යම්තාක්‌ දුරට හේතු වේ. එබැවින් රජය මගින් නව සැලසුම් ඔස්‌සේ කෘෂි දත්ත හා උපදෙස්‌ සම්ප්‍රේෂණය ක්‍රමවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. 
 
 ජාත්‍යන්තර ව පිළිගත් සෑම රටකට ම පොදු තත්ත්ව පරීක්‌ෂණ නිර්ණායක පැවතීමත් ඊට අනුකූල ආහාර පමණක්‌ රට තුළට ගෙන් වීමට වග බලා ගැනීමත් ප්‍රධාන වේ. සාමාන්‍ය වෙළඳ පොළට ඇතුල් වීමට පෙර දේශීය නිෂ්පාදන මෙන් ම ආනයනික ආහාර සදහා ගුණාත්මක තත්ව සහතික ලබාදීම අනිවාර්ය කළ යුතු ය.
 
 පාරිභෝගිකයන්ට තමා මිල දී ගන්නා ආහාරවල තත්ත්වය නිවැරදිව නිර්ණය කර ගැනීමට හැකි වන පරිදි ක්‍රමවත් තොරතුරු කේත ක්‍රමයක්‌ හඳුන්වා දිය යුතු ය. මේවා අරුම පුදුම ක්‍රියා නොවේ. අද වන විටත් ලෝකයේ බොහොමයක්‌ රටවල් වල ක්‍රියාත්මක වන ආරක්‌ෂාකාරී ක්‍රම වේදයන් ය. ඉතින් අපට මෙලෙස වෙනස්‌ විය නොහැකි විය නොහැක. කොළ පුරවන විසඳුම් සොයන කාලය ඉක්‌මවා ගොස්‌ ඇත. ක්‍රියාත්මක විය යුතුය. මෙම පවත්නා වැරදි වෙනස්‌ විය යුතුය. වෙනස්‌ කළ යුතුය. නිවැරදි විය යුතුය. පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයා එක ලෙස දැනුවත් විය යුතු ය. එලෙසම පාලකයින් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුය.
 
  * නදීරා යුමාලි (BSc. in Agriculture)
 
 බෝග අධ්‍යයන අංශය, කෘෂිකර්ම පීඨය, 
 රුහුණ විශ්වවිද්‍යාලය. 
 (උපදේශනය – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් සේනාරත්න, හිටපු උප කුලපති, රුහුණ විශ්ව විද්‍යාලය

භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරන් දෙමල කඩ ගිනිතිවුවා.. දෙමල මිනිසෙකුට පෙට‍්‍රල් දමා ගිනි තියනවා මං ඇස් දෙකින්ම දැක්කා.. සුළු ජතිකයන් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔ්නෑමයි..

July 24th, 2018

 lanka C news

83 කළු ජූලියේදී භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරගෙන දෙමල ව්‍යාපාරිකයන්ගේ කඩ ගිනි තැබූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

දෙමල මිනිසෙකුගේ ඇගට පෙට‍්‍රල් වත්කර ගිනි තබන අයුරු තම ඇස් දෙකින්ම දුටුවේ යයිද ඇය සදහන් කරයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

මෙරට ජීවත් වන සෙසු ජන කොටස්වලට තම අයිතිවාසිකම් නීතියෙන්ම ලබා දීම සදහා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් උවමනා බවද ඇය කියා සිටී.

එකට බැඳුණු හම්බන්තොට වරාය.. මත්තල ගුවන්තොට.. ශ්‍රී ලංකාව හසුරුවන පාලන සුක්කානම මත්තල හරහා ඉන්දියාව අතට..

July 24th, 2018

නුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ- lanka C news

ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා ‘ ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවක්’ ලෙස සඳහන් කර ඇති බවත් ඉන්දියාව සැමදා සිහින දුටුවේ මේ ‘ශ්‍රී ලංකාව නැමැති යුද නෞකාව හසුරුවන සුක්කානම’ තමන්ගේ අතට ගැනීමට බවත් ඔවුන් මත්තල ගුවන්තොටුපළ මිලදී ගැනීමත් සමග ඒ සිහිනය බොහෝ දුරට සැබෑ වන බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ පැවති ‘ඉන්දියාවට විකුණන් කන්නේ මත්තල ගුවන් තොටුපළ ද? රටේ ආරක්ෂාව ද ? යන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එකට බැඳුණු හම්බන්තොට වරාය.. මත්තල ගුවන්තොට.. ශ්‍රී ලංකාව හසුරුවන පාලන සුක්කානම මත්තල හරහා ඉන්දියාව අතට..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

අපේ උුවමනාවන්ට සරිලන පරිදි අපට ජාතියේ ඉරණම් කතාව ලියා ගන්නට බැරි වුණොත් සියවස් ගණනාවක් නොනැසී රැකගත් අපේ උරුමය අහිමි වී මේ මව් පොළොව ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට පත් වෙනවා. මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීම කියන්නේ සාමාන්‍ය ගුවන්තොටුපළක් විකුණා දැමීම පිළිබඳ කතාවක් නොවෙයි. එය ජාතියේ ඉරණම හා බැඳුණු කතාවක්. එම කථාව මා වෙත ලැබී ඇති විශේෂ වාර්තා කිහිපයක් සමඟ සැකසූ වීඩියෝ වැඩසටහනක් සමඟ ඔබ හමුවේ තබන්නම්.

‘ ලොව විශාලතම ගුවන් කලාපයක් ’

ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ විශාලතම ගුවන් කලාපයක් හිමි රටවල් අතුරෙන් එකක්. එම ගුවන් කලාපයට දකුණෙන් ඕස්ටේ්‍රලියාව ද උතුරෙන් ඉන්දියාව ද නැගෙනහිරින් ඉන්දුනීසියාව ද බටහිරින් මාලදිවයින ද දක්වා විහිදුණු වර්ග කිලෝමීටර 17 ලක්ෂයකට වඩා විශාල ප්‍රදේශයක් අයත් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට එහි භූමි ප්‍රමාණය මෙන් 28 ගුණයක් විශාල ගුවන් කලාපයක් අයත් බවයි. මෙම ගුවන් කලාපය හරහා සිදු වන ‘ඒ 380’ වැනි ලෝකයේ විශාලතම ගුවන්යානාවල ගුවන් ගමන් දිනෙන් දිනම වැඩි වෙමින් තිබෙනවා. ‘ඒ 380’ වැනි විශාල ගුවන්යානා අපේ ගුවන් තොරතුරු කලාපය හරහා වැඩි වැඩියෙන් යාමට නම් එවැනි යානා ගොඩබැස්සවිය හැකි පහසුකම් සහිත ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අත්‍යවශ්‍යයි.

’ප්‍රශස්ත තීරණයක්’

කටුනායක ගුවන්තොටුපළේ එවැනි විශාල ගුවන්යානා ගොඩබැස්සවිය හැකි පරිදි පහසුකම් තිබුණේ නැහැ. විශේෂයෙන් ගුවන්පථයක් තිබුණේ නැහැ. ඒ නිසයි ශ්‍රී ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් අවශ්‍ය වුණේ. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕනෙ එදා දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස මත්තල නිර්මාණය කරන විට එමිරේට් සමාගම ඔවුන්ගේ ‘ඒ 380’ වැනි විශාලතම ගුවන්යානා ගොඩ බැසීමට හැකි පරිදි එය නිර්මාණය කරන ලෙස ලිඛිතව ඉල්ලා සිටි බව. දැනටමත් මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍රකර ගනිමින් ජාත්‍යන්තර ගුවන් මාර්ග හතක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අප තේරුම් ගත යුතුයි, එදා දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස මත්තල නිර්මාණය කිරීම ඉතාමත් නිවැරදි දේශපාලන උපායමාර්ගික තීරණයක් බව.

ඒ වගේම දැන් ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන්යානා දකුණු ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් වෙනුවට විකල්ප ගුවන්තොටුපළක් ලෙස මත්තල ගුවන්තොටුපළ යොදාගැනීමෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 13ක මුදලක් රටට ලැබෙනවා.

‘එකට බැඳුණු හම්බන්තොට වරාය – මත්තල ගුවන්තොට’

මෙහිදී තවත් කරුණක් සිහිපත් කළ යුතුයි. ඒ තමයි 2000 වර්ෂයේ මාර්තු 24 දින‘ඒ එන් 12 ’ ගුවන්යානය කඩා වැටුණු පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් නිර්දේශ කරනු ලැබුවේ ද ශ්‍රී ලංකාව වහාම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදි කළ යුතු බව. ඒ වගේම හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟ මත්තල ගුවන්තොටේ අවශ්‍යතාව දෙගුණ තෙගුණ වුණා. දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා දිවෙන මුහුදේ පිහිටි ලෝකේ ලොකුම වරායවලින් එකක් වන්නේ හම්බන්තොට වරායයි. ඇත්තටම ලෝකයේ විශාලතම වරායවල් අතුරින් දසවන ස්ථානය හිමි වරාය ද හම්බන්තොට වරායයි. තායිලන්තයේ ‘ක්‍රා ඇළ’ නිර්මාණය කිරීමෙන් පසු සිංගප්පූරුවට වඩා වැඩි ප්‍රමුඛස්ථානයක් හම්බන්තොට වරායට හිමි වුණා. ඒ තරම්ම වැදගත් වරායකට සේවා සැපයීමට ජාත්‍යන්තර මට්ටමේ විශාල ගුවන් පථයක් හිමි ගුවන්තොටුපළක් අවශ්‍යයි. ඒ නිසා හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ අපට හිමි ඉතාමත් වැදගත් ආර්ථික මර්මස්ථාන දෙකක්. ඒවා දවසකින් දෙකකින් ලාභ උපයන්නේ නැති බව රටට ආදරය කරන කුඩා දරුවකුට වුවත් තේරුම් ගත හැකියි.

ඉන්දියානු සහ බටහිර ඔත්තු සේවාවන් මෙහෙයවන විද්වතුන් හා දේශපාලන සංවිධාන විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හම්බන්තොට වරායේ ගලක් ගැන කතා කළා. මත්තල ගුවන් කලාපයේ කුරුල්ලන් ගැන කතා කළා. මේ වටිනා ආර්ථික මර්මස්ථාන දෙක හෑල්ලු කළා. එසේ කළේ ඒවා නොවටිනා තත්ත්වයට පත් කර විකුණා දැමිය හැකි වාතාවරණයක් රට තුළ හදා දෙන්නයි. මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් බවට පත් කිරීම නිසා එයට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම පවා අහිමි වූවා. මේක තනිකරම කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්.

‘ඉන්දියානු ආධිපත්‍යය ගැන කතාවක්’

අපි මේ සිදු කරන්නේ මත්තල ගුවන්තොටුපළ පිළිබඳ කතාවක් නොවෙයි. එය ඉන්දියාව අපේ මව් පොළොව සිය ග්‍රහණයට ගැනීම පිළිබඳ කතාවක්. ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්, ආරක්ෂක උපදේශක වූ ශිවශංකර් මෙනන්ගේ ‘තේරීම් : ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැදීමේ ඇතුළාන්තය’ කෘතියෙන් ඉන්දියාව නැමැති දකුණු ආසියානු බලවතාගේ උවමනාව මනාව පැහැදිලි වෙනවා. ඔහු සිය කෘතියේ එක්තරා තැනක සඳහන් කරනවා ‘ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවකි’ කියලා. ඒ නිසා ඉන්දියාව හැමදාම සිහින දැක්කේ මේ යුද නෞකාව හසුරුවන සුක්කානම තමන්ගේ අතට ගන්නයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ ආධිපත්‍යය යටතට ගැනීමටයි.

ඉන්දියාව අපේ ගුවන් කලාපය අත්පත් කර ගැනීමට දීර්ඝකාලීන උත්සාහයක නිරතව සිටිනවා. එය ඇරඹුණේ 1971 දීයි. 1971, 1972 හා 1985 යන වසරවලදී අපේ ගුවන් කලාපයේ ඇතැම් කොටස් ඉන්දියාවට නොමිලේම ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට රුපියල් මිලියන 5000කට වඩා වැඩි මුදලක් අහිමි වන බව විශේෂඥ මතයයි.

‘යුදමය වටිනාකම’

අද වන විට මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත තවත් අක්කර 99000ක් ද ඉන්දියාවට ලබා දීමට සියල්ල සූදානම්. ඉන්දියාව සතුව ඉන්දියානු භූමිය තුළ ශ්‍රී ලංකාවට සමීපව ජාත්‍යන්තර ගුවන්තොටුපළ 18ක් පවතිනවා. ඒ නිසා ඉන්දියාවට වාණිජමය වශයෙන් මත්තල ගුවන්තොටුපළේ වැදගත්කමක් නැහැ. ඕස්ටේ්‍රලියාව, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවලට නම් මත්තල වාණිජ වටිනාකමක් ඇති ගුවන්තොටුපළක්. ඒ නිසා ඉන්දියාවට මත්තල වැදගත් වෙන්නේ යුදමය වශයෙන් පමණයි. මේ ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට ඉතාම නොවටිනා මුදලකට විකුණා දමා අවසන්. දැන් වාණිජමය වශයෙන් ඩොලර් මිලියන දහස් ගණනක් වටිනා මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 325කට තක්සේරු කර තිබෙනවා. විකිණීම තමන්ගේ එකම කර්මාන්තය කරගත්තු මේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ සඳහා දැනට වෙන් කර ඇති හෙක්ටයාර 2800ට අමතරව තවත් ඒ ආශ්‍රිත අක්කර 99,000 ක් ද ඇතුළුව තමයි මේ තක්සේරුව කර ඇත්තේ. ඇමරිකාවේ FUGRO සමාගම දැනටමත් මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත සමීක්ෂණ කටයුතුවල නිරත වී සිටිනවා. අමතර අක්කර 99,000 තුළ ආරක්ෂක නිරීක්ෂණ කටයුතු සිදු කිරීම ඉන්දියාවට භාර කටයුත්තක් වෙනවා. මේ ආරක්ෂක කලාපය, චීනයට විකුණූ හම්බන්තොට වරාය කලාපය වටකර විහිදුවීමට නියමිතයි.

‘ආසියාවේ න්‍යෂ්ටික බලවතුන්ගේ දඩබිමක්’

මේක ඉන්දියාව හා චීනය අතර ගැටුමකට මගපාදා දීමක් නොවෙයි ද? මෑතකදී ඩොක්ලාම් දේශසීමාව අසලදී චීන හමුදා සහ ඉන්දියානු හමුදා මුහුණට මුහුණ හමු වූවා. අද භූතානය සහ ටිබෙටය මේ ආසියාවේ න්‍යෂ්ටික බලවතුන්ගේ ගැටුම මැද්දේ සිර වී සිටිනවා. ඩොක්ලාම් අත්දැකීමට ශ්‍රී ලංකා ජනතාවට ළඟදීම මුහුණ දීමට සිදු වේවි. මේ නිසයි අපි තේරුම් ගත යුත්තේ මේක භයානක සෙල්ලමක් කියලා. අවසානයේ අපි මේ ලෝක බලවතුන්ගේ ගැටුමට මැදි වුණු රටක් වේවි. චීනයට හම්බන්තොට වරායත් ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළත් විකුණන් කෑම ඉතාමත් බරපතළයි. ඒක ඉන්දු-ලංකා ගිවිසුමට වඩා භයානක පාවාදීමක්. ඒකයි අපි කියන්නේ මේ රටේ ජාතික සම්පත් විකුණගෙන කන බ්‍රෝකර්ලාගේ සහ ජෝකර්ලා ආණ්ඩුව ඉන්දියාවට විකුණන් කන්නේ මත්තල ගුවන්තොටුපළ පමණක් නොවෙයි ඔවුන් රටේ ආරක්ෂාව ද විකුණන් කනවා කියලා.

‘සියල්ල ඉන්දියාවට ’

ගාලු වරායේ ස්ථානගත කර ඇති නාවික හමුදා කඳවුරු ඉවත් කර එම වරාය ඉන්දියාවට දීමට නියමිතයි. ත්‍රිකුණාමල තෙල් ටැංකි දැනටමත් IOC සමාගමට දී අවසන්. ත්‍රිකුණාමල වරාය ද ඉන්දියානු, ජපාන හා සිංගප්පූරු හවුල් සමාගමකට බාර දීමට යනවා. පලාලි ගුවන්තොටුපළට සහ කන්කසන්තුරේ වරායට සංවර්ධනය කිරීමේ මුවාවෙන් දැනටමත් ඉන්දියාව අතගසා ඉවරයි. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමත් ඉන්දියානු රජයේ මැදිහත් වීමෙන් තමා සිදුවන්නේ. එතැන් සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා හනුමාන් පාලම ඉදි වෙනවා. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, පෝට් සිටි ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් ඉන්දියාව විසින් ඉල්ලා තිබෙනවා. එට්කා ගිවිසුම වෙනුවට ගෙනාපු සිංගප්පූරු වෙළද ගිවිසුමට අනුව සියලු ක්ෂේත්‍රවලට අයත් ඉන්දියානු ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසයි මම යළිත් අවධාරණය කරන්නේ මේක මත්තල ගුවන්තොටුපෙළ විකුණා දැමීම ගැන කතාවක් පමණක් නොවෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය හා රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්’ කියලා.

‘පාවාදීමට වක්‍රාකාරව හෝ හවුල් වෙන්න එපා ! ’

එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට කියා දුන්නු, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දියාවට මත්තල විකුණා දැමීමට අවශ්‍ය වාතාවරණය හැදුවා. බොරු බේගල් අත හැරියා. අද මේ මහා අපරාධය සම්බන්ධයෙන් සම්පූර්ණ චිත්‍රය බොහෝදෙනෙකුට දකින්න බැහැ. ඔවුන් මේ බොරු බේගල්වලින් නොමග යවලා තිබෙනවා. අපි හැකි පමණ දැනුම්වත් විය යුතුයි. මේ රටේ ආරක්ෂාව අනතුරේ හෙළීම හා ඉන්දියානු ආධිපත්‍යය පිළිබඳ කතාව ගමින් ගමට, ගෙයින් ගෙට රැගෙන යා යුතුයි. අද මේ මහා අපරාධය හමුවේ නිහඬව සිටියහොත් අපි එයට වක්‍රාකාරයෙන් සහයෝගය දුන් අය බවට පත් වෙනවා.

ස්වකීය ජාතියේ අනාගතය පාවා දුන් මිනිසුන් ලෙස තමන්ගේ නම් ලියවෙනවාට මේ මව් පොළොව ඇලුම් කරන කිසිවකුත් කැමති වන්නේ නැහැ. ඒ නිසා මේ මහා පාවා දීමෙන් රට බේරා ගැනීමට ඔබ පෙරමුණ ගත යුතුයි. ඒ සඳහා ඔබට ධෛර්යය, ශක්තිය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

රටත් කා ගමත් කා අපත් කන එට්‌කා අංක 1,2,3

July 24th, 2018

මේ කතුවැකියේ අනු මාතෘකාව ලෙස දැක්‌වෙන බාල්දිරෙ ප්‍යාර්කෙරේ මගින් බැලූ බැල්මට නිරූපණය කරනු ලබන්නේ හින්දි වචන දෙකකි. එහෙත් මෙහි නියම තේරුම ‘බාල්දි රෙපයාර් කෙරේ’ හෙවත් බාල්දි අලුත්වැඩියා කරනු ලැබේ යන්නයි. මෙයට අවුරුදු විස්‌සකට පෙර මේ රටේ සිටි තරුණ පරපුර අතර මේ වචන දෙක ඉතා ජනප්‍රිය විය. කවටකම් ප්‍රියකළ තරුණයෝ හින්දි චිත්‍රපටයක නමක්‌ සේ සලකා මිනිසුන් නොමඟ යෑවීමට මේ වචන පාවිච්චි කරන ලදහ. මෙහි තේරුම දැනගත් විට සියලු දෙනාටම සිනාසීමට හැකි විය. පසුගිය දිනවල මේ තීරුව ඔස්‌සේ අප සාකච්ඡා කළේ එට්‌කා ගිවිසුමේ විභවය ගැනය. එම ගිවිසුමේ ඉංග්‍රීසි නම Economic and Technology Co-operation Agreement ය . සිංහල නම ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුමය. මේ නම් දෙක දකින විට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඉන්දියාව අප කෙරෙහි පතල කරුණාවෙන් තම රටේ සිටින බඩවල් මිලියන ගණනද, ශ්‍රමිකයන් මිලියන ගණනද, දුප්පතුන් කෝටි ගණනද අමතක කර අපගේ හිත සුව පිණිස ආර්ථික සහ තාක්‍ෂණික ගේමක්‌ ගහන්නට යන බවය. එහෙත් එට්‌කා ගිවිසුමේ ඇතුළාන්තය දෙස බැලීමේදී පෙනී යන්නේ එය ඉතාම කෲර විහිළුවක්‌ බවය. බාල්දිරෙ ප්‍යාර්කෙරේ හින්දි නමක්‌ සේ පෙනුනද, ඇතුළතින් සිංහලය. එට්‌කාව (ලංකාවට පක්‍ෂපාත) සහයෝගිතා ගිවිසුමක්‌ ලෙස පිටතින් පෙනුනද, ඇතුළතින් (ඉන්දියානු) ව්‍යාප්තවාදීය. ඉන්දියාව කවදාහරි දවසක අප ගිල දමන බව රෝහණ විඡේවීර 1968 දී පමණ දුටුවේය. මේ කතුවැකි පෙළෙහි පළමු කොටසින් පැහැදිලි කරන ලද පරිදි ඔහු තම සංවිධානයේ සාමාජිකත්වය දැනුවත් කිරීම සඳහා පිළියෙළ කළ පන්ති පහෙන් තුන්වන පන්තිය වූ ඉන්දියානු ව්‍යාප්තවාදය මගින් ඒ බව තහවුරු කර දෙන්නේය. කලාපයේ ආනයන අපනයන ඒකාධිකාරය තම අතේ රඳවා ගැනීම සඳහා ඉන්දියානු ප්‍රාග්ධනය ක්‍රියාකරන බව ද විඡේවීර මේ පන්තිය මගින් විග්‍රහ කළේය. ඉන්දියානු ධනවාදී අර්ථපතිත්වය ඔවුන්ගේ භූමියේ දෙපා තබාගෙන ඉන්දියානු ධනවාදීන් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සාරය උරාබොනු ඇතැයි විඡේවීර තර්ක කළේය. ‘චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්‍ෂය වූ කලී ඉන්දියානු දෙමළ ජනයාගේ ශ්‍රී ලාංකික ශාඛාවකි. ඉන්දියානු චිත්‍රපට සහ සඟරා මගින් ඉන්දියානු සංස්‌කෘතිය ශ්‍රී ලංකාව තුළ වපුරා ඇත.’ විඡේවීර තවදුරටත් කීවේය.
 
 එට්‌කා ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු කිසිදු ඩියුටියක්‌ නොගෙවා බඩු භාණ්‌ඩ රාශියකට මෙරටට ඇතුළුවීමට හැකි බව අපි මේ කතු වැකි පෙළ මගින් පැහැදිලි කර දී ඇත්තෙමු. එවිට එම බඩු ඉතාම ලාබෙට මෙරට තුළ විකිණිය හැකිය. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාවේ නිපදවන බිස්‌කට්‌ එකක්‌ ගනිමු. මේ බිස්‌කට්‌ එක සෑදීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ඉන්දියාවේ නිපදවනු ලැබේ. බිස්‌කට්‌ හදන පාන්පිටි නිෂ්පාදනය කරන්නේ තිරිඟු වලිනි. ඉන්දියාවේ තිරිඟු නිපදවනු ලැබේ. බිස්‌කට්‌වලට අවශ්‍ය කිරිපිටි ඉන්දියාවේ අමුල් සමාගම නිපදවනු ලැබේ. බිස්‌කට්‌වලට අවශ්‍ය සීනි, ලුණු, යීස්‌ට්‌ යනාදිය ද ඉන්දියාව තුළ නිපදවනු ලැබේ. මේ බඩු එකක්‌වත් පිටරටින් ගෙන්වන්නේ නැත. ඒ නිසා ඒවාට රේගු බදු එකතු වන්නේ නැත. මේ අනුව ලංකාවේ බිස්‌කට්‌ එකක්‌ හැදීමට යන පිරිවැයෙන් ඉන්දියාව තුළ බිස්‌කට්‌ හතරක්‌ හැදිය හැකිය. ලංකාවේ බිස්‌කට්‌ නිෂ්පාදකයා සියලු අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වයි. ඒවාට රේගු බදුත් ගෙවයි. යම් හෙයකින් එට්‌කා ගිවිසුම යටතේ කිසිදු ඩියුටියක්‌ නැතිව ඉන්දියානු බිස්‌කට්‌ ලාබෙට ලංකාවට එන්නට පටන් ගත්තොත් මේ රටේ ජනයා ගන්නේ එම ඉන්දියන් බිස්‌කට්‌ ය. සාක්‌කුව, එහි ඇති පර්ස්‌ එක සහ ඒ තුළ ඇති මුදල් යන පාර්ශ්වකරුවෝ දේශප්‍රේමය නොහඳුනති. ඔවුන්ට ස්‌වදේශානුරාගය ගැන දැනුමක්‌ නැත. ඔවුන්ගේ පළමු තේරීමත් අඩු මිල බඩුය දෙවන තේරීමත් අඩු මිල බඩු ය. තෙවන තේරීමත් අඩු මිල බඩු ය. මේ නිසා දේශීය බිස්‌කට්‌ නිෂ්පාදකයාට සිදුවන්නේ බිස්‌කට්‌ නිපදවීම නවත්වා මස්‌කට්‌ නිපදවීමටය. එහෙත් බිස්‌කට්‌වලට තරම් ඉල්ලුමක්‌ මස්‌කට්‌වලට නැත. ඉල්ලුමක්‌ තිබුණත් හොඳම ඉන්දියන් එළඟිතෙල්, හොඳම ඉන්දියන් සීනි සහ හොඳම ඉන්දියන් පිටි යොදා ලංකාවේ නිපදවනවාට වඩා ලාබෙට ඉන්දියාවේදී මස්‌කට්‌ හදා ලංකාව තුළ විකිණීමට ඉන්දියාවට පුළුවන. එට්‌කා ආවොත් අපේ චොකලට්‌, ටොපි, පැණිබීම ඇතුළු රස කැවිලි නිෂ්පාදනය මහපොළොවට සමතලා වනවා ඇත. ප්ලාස්‌ටික්‌ බඩු ඇලුමිනියම් බඩු, රබර් නිෂ්පාදන කිලෝ ගාණට යනවා ඇත. ඉන්දියානු ශ්‍රමිකයන් ඉතා අඩු කුලියට මෙහි වැඩට ඒමට ඉඩ ඇති බැවින් අපේ ශ්‍රමිකයන්ට හිඟාකෑමට සිදුවනවා ඇත. එට්‌කා ගිවිසුම ක්‍රියාත්මක වීමට විරුද්ධව මුළු ලංකාවම මහපාරට බැසිය යුතු අතර මේ ගිවිසුම ක්‍රියාත්මක වුණොත් අපට සිදුවනු ඇත්තේ ඉන්දියාවේ කැඩුණ බාල්දි රෙපයාර් කරදී ජීවිත ගැට ගසා ගන්නටය.

Maithri on why 20A is bad

July 24th, 2018

By Rathindra Kuruwita Courtesy The Island

The current Presidential system allowed all Sri Lankans eligible to vote to have a say in deciding who should be the Head of State, and the 20th amendment to the Constitution seeks to deprive the voting public of that right , leader of the United National Freedom Front (UNFF), Maithri Gunaratne says.

He told the media yesterday, “All citizens vote and that’s true democracy. The President is elected by the people directly. The proposed system will vest that power in 225 MPs.

Is this a good system at a time when almost all MPs have taken money from Arjun Aloysius of the Perpetual Treasuries Limited?”

Most of the MPs have been bought off by the rich and powerful who have sinister intentions and it will be easy to manipulate the lawmakers, Gunaratne said.

“We have recently found that people we expected to be clean have taken money from Perpetual Treasuries Limited. What we can do is to ensure the sovereignty of the people.

Gunaratne said the 19th Amendment to the Constitution had removed the unnecessary powers vested in the Executive President. “Now no one is on the roads asking for the repeal of the post of executive President? No one wants the 20th Amendment. There are people who can’t win elections and they want to hold positions without winning elections. The Janatha Vimukthi Peramuna (JVP) by bringing in the 20th amendment is directly helping such persons.”

Ian Paisley Jr has been suspended from the House of Commons and the DUP

July 24th, 2018

Courtesy The Journal

The suspension follows Paisley’s failure to declare two family holidays that were paid for by the Sri Lankan government.

DUP MP IAN Paisley has been suspended from the House of Commons for 30 sitting days.

The suspension will come into effect in early September and Paisley’s salary will be withdrawn. He has also been suspended by the DUP pending further investigation into his conduct”.

It comes after the North Antrim MP was found by a parliament watchdog to have broken rules by not declaring two trips to Sri Lanka that were paid for by its government before he advocated on their behalf.

The chair of the Standards Committee, Sir Kevin Barron, said they had concluded Paisley was guilty of serious misconduct”. The Speaker of the House, John Bercow, described it as a regrettable state of affairs”.

Paisley earlier vowed that he will not go quietly into the night”.

The value of the trips, which included helicopter flights for his family, have been put at between £50,000-£100,000.

The breaches have also raised the prospect that the North Antrim MP could be unseated.

MPs who are suspended for more than 21 days can a face recall petition and if it is signed by more than 10% of eligible electors then the seat is declared vacant and a by-election would follow.

But in an article written by Paisley published in today’s Ballymena Guardian, he said he would fight any such by-election if it came.

They are opportunists, some with questionable motives, and I can tell them that I have no intention of going quietly into the night,” Paisley wrote.

If a petition leads to a by-election make no mistake about it, I will seek re-election as I have never run away from an election in my life and I don’t intend to do so now.

Earlier in the article Paisley again apologised but said that, while he accepted the punishment, his actions were the result of an unintentional error.

Paisley said that the rules he broke were confusing” and that the letter he sent advocating on behalf of the Sri Lankan government was interpreted harshly.

I’m man enough to accept that the committee has found against me and will have to live with that consequence, however I am equally prepared to point out what will be my proportionate response, ” Paisley wrote.

Opposing politicians including those from Sinn Féin, the SDLP and the Alliance Party have called on Paisley to either resign, be dismissed or consider his position as an MP.

to-the-point: Solar panel factory opens in Sri Lanka

July 24th, 2018

July 24 (Renewables Now) – Japanese Sri Lanka Friendship (JSF) Corp celebrated on Saturday the start of solar panel production at a facility in Katunayake which became Sri Lanka’s first solar manufacturing plant.

The company, a unit of Japanese firm REK CO Ltd, will sell the photovoltaic (PV) panels under the Sakura Solar brand. It will also offer inverters, batteries and LED lighting.

JSF’s plant is located at the Katunayake Export Processing Zone. The establishment of a local solar factory will support Sri Lanka’s clean energy goals, while it would also export to other markets.

ජාවාරම්කාරයන් බන්ධනාගාරයේ සිට වැරදි කරනවා නම් වරද ආණ්ඩුවේ

July 24th, 2018

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය උපුටාගැණීම  මව්බිම

වත්මන් ආණ්ඩුවට එරෙහි පිරිස් එකතු කරගැනීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ තුළින් මෙම ආණ්ඩුව පෙරළා දැමිය හැකි බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මෙසේ ප්‍රකාශ කෙළේ ඊයේ (23දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව අස්සන් කරපු සිංගප්පූරු ගිවිසුම පිළිබඳව වෘත්තීයවේදී සංවිධාන 40ක් පමණ එකතු වී එහි දුර්වලකම් හා ඉන් ශ්‍රී ලංකාවට සිදුවන අවාසිදායක තත්ත්වයන් පිළිබඳව පෙන්වා දී තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ පිළිබඳව තැකුවේ නැහැ. නමුත් මලික් සමරවික්‍රම ඇමැතිතුමා කියා තිබෙනවා අපි මොකටද බය වෙන්නේ ලෝකයේ නිෂ්පාදනත් සමඟ තරග කරන්න කියලා. ඔය ප්‍රකාශය ජපානය කරනවාද? ඇමෙරිකාව කරනවාද? ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ ආරක්ෂා වෙන විදියටයි ඔවුන් කටයුතු කරන්නේ. හැම රටක්ම තමන්ගේ ආර්ථික ආරක්ෂාව රැක ගන්නවා. නමුත් විදේශ ආයෝජනත් අපිට අවශ්‍යයි. අපේ සම්පත්වලට අනුකූලවයි අප ඒවා කැඳවා ගත යුත්තේ. මේ ගිවිසුම විශාල පාවාදීමක්.

එල්ලුම් ගහට කෙනෙක්ව නියම වුණාට පසුව ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ නෛතික ක්‍රියාදාමයේ අවසානයට තමයි ජනාධිපතිවරයාගේ කාර්යය තිබෙන්නේ. ජනාධිපතිවරයාට හිතුණ හිතුණ විදියට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට බැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට සිරගත වුණ අය තවමත් බන්ධනාගාරය තුළ ඉඳගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කරනවා. කවුද වැරැදිකාරයන්. ඒ අය බන්ධනාගාරයේ ඉඳගෙන මේ දේවල් කරනවා නම් කවුද වැරැදිකාරයෝ. එවැනි බන්ධනාගාර දෙපාර්තමේන්තුවක් පිළිබඳව ආණ්ඩුව පළමුවෙන් වරද භාරගත යුතුයි. වරදක මුල අල්ලගන්නවා වෙනුවට වරදක අග අල්ලගෙන එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා නම් එය තර්කානුකූලවත් වැරැදියි.

ජනතාව මත පටවලා තිබෙන බදු බරේ ප්‍රමාණය පිළිබඳව හැමෝම කතා වෙනවා. බදු වර්ග 7ක් විතර තිබෙනවා. අපට වැඩියෙන්ම බලපාන්නේ වැට් බද්දයි. මුළු බදු ප්‍රමාණයෙන් ආහාරවලට පමණක් 73%ක් පමණ බදු අයකරනවා.

පර්යේෂණයකින් එය ඔප්පු වී තිබෙනවා.

මෙවැනි ජනතාවට අහිතකර දේවල්වලට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනවා. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවලිය නිසා මේ රටේ පීඩාවට පත්වී සිටින පවුල්වලින් එක් අයකු හෝ මේ උද්ඝෝෂණයට සහභාගි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව කතා නොකරන්න අපි එකඟ වුණා.

මේ යක් පැටියා ඉපදෙන්න කලින් ගබ්සා කර දැමිය යුතුයි

July 24th, 2018

තිළිණි කෞශල්‍යා විජේසිංහ උපුටාගැණීම  මව්බිම

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ප්‍රශ්නයක් බවත් රට කෑලි නවයකට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම ඊටත් වඩා ප්‍රශ්නයක් බවත් ඒකීය රාජ්‍ය අතහැර සිටින ජවිපෙ විසිවැනි සංශෝධනය ඉදිරිපත් කළේ ෆෙඩරල් ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට පාර කැපීමට දැයි සාධාරණ සැකයක් මතුවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (23දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

විසිවැනි සංශෝධනය විවාද කරන දවසේ කාරක සභා අවස්ථාවේදී ෆෙඩරල් ව්‍යවස්ථාව විසිවැනි සංශෝධනය ඇතුළට ඔබාවි. එවිට ඒ ෆෙඩරල් ලක්ෂණ අනුමත කර ගන්න ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමේ අවස්ථාව රටේ ජනතාවට අහිමි කරලා, ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුව තුළම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ මහා භයානක අනතුරක් විසිවැනි සංශෝධනය හරහා ඇති වී තිබෙනවා.

ලබන හත්වැනිදා හෝ ආසන්න දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයක් නෙවෙයි. ෆෙඩරල් ව්‍යවස්ථාවේ කලලයක්. ඒ නිසා මේ යක් පැටියා ඉපදෙන්න කලින් කලලය අවස්ථාවේම ගබ්සා කිරීම රටට ආදරේ හැමෝගේම යුතුකමක්.

පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම එය ඉදිරියට ගෙනයෑමට පාර්ලිමේන්තුවේ අවසරය ඕනෑ. ඒ නිසා පළමුවර කියැවීමේදීම ඊට විරුද්ධව ඡන්දය දී කලල අවස්ථාවේම මේ යක් පැටියා ගබ්සා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එම කලල අවස්ථාවේම පරාජය කිරීමට ඒකරාශී වීම රටට ආදරය කරන සියලු දෙනාගෙම යුතුකමක් කියන එක අපි සිහිපත් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිමට සමතලා කරපු පාතාලය අද දේශපාලන අනුග්‍රහයෙන්ම හිණිපෙත්තට නැඟලා.

සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ ගෝලයන් ලෙස පාතාල සාමාජිකයන් පස්දෙනකු සිටින බව පළමු වරට හෙළි කෙළේ නෙත් එෆ්.එම්. ගුවන් විදුලිය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයලා ඒ සාමාජිකයන් ඉවත් කරනවා වෙනුවට ඇමැති ෆොන්සේකා කළේ හේමන්ත කහවලගේ කියන මේ මාධ්‍යවේදියාට තර්ජනය කරන එක.

අද ගම්පහ පොලිස් නිලධාරීන් අපට කියන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්න කියලා ඔවුන්ට වැඩිම දේශපාලන බලපෑම් එල්ල වෙන්නෙ ෆොන්සේකා ඇමැතිවරයාගෙන්. මේ ඇමැතිවරයාගේ බලපෑම මත මෑතකදී කුඩු සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවක් වෙනුවට එයාගේ සහෝදරියක් අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට සිදු වෙලා තිබෙනවා. මෙයාට නීතිය සහ සාමය ඇමැති ධුරය භාර දුන්නා නම් කොහොමට තිබේවිද?

අද ෆොන්සේකා ඇමැතිවරයා තර්ජනය කිරීම්වලින් නොනැවතී මේ මාධ්‍යවේදියාට අපහාස කරන්නත් පටන් අරන්. ‘මගෙන් විස්කි බෝතල් දෙකක් ඉල්ලුවා. ඒක දෙන්න බෑ කිව්ව නිසා මට මේ මාධ්‍යවේදියා අපහාස කරනවා’ කියා ඇමැතිතුමා අවලාද නඟනවා. දේශපාලනඥයන් අතුරෙන් හේමන්තව වැඩිම කාලයක් හඳුනන්නේ මම.

මම හේමන්තව දන්නේ කොට කලිසම ඇඳගෙන පාසල් යන කාලයේ පටන්. මම ඉගෙන ගත් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ තමයි හේමන්තත් ඉගෙන ගත්තේ. මම පාසලේ සිංහල සාහිත්‍ය සංගමයට නායකත්වය දෙන විට හේමන්තත් ඒ නිලධාරි මණ්ඩලයේ හිටියා. ඒ නිසා හේමන්ත දේශපාලකයන්ගෙන් විස්කි බෝතල් ඉල්ලන්න යන්නෙත් නෑ දේශපාලකයන්ට මඩ ගහන්නෙත් නෑ, කියන ඇත්ත කියන්න බය වෙන්නෙත් නෑ කියන එක ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.

හේමන්ත කහවලගේ මාධ්‍යවේදියාට නිසි ආරක්ෂාව සලසා මාධ්‍ය නිදහස තහවුරු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ආණ්ඩුව ගම් පෙරළියක් ගෙනාවේ ජනතාව රවටන්නයි

July 24th, 2018

හාවාඑළිය – චන්ද්‍රසිරි මහගම උපුටාගැණීම  මව්බිම

“ආරක්ෂාව පෙරළලා දැම්මා. මුළු රටම පෙරළලා දාලා දැන් ගමත් පෙරළන්න ගම්පෙරළියක් ගේනවා. ගමේ ඉතිරිවෙලා තියෙන සංස්කෘතිය, අපේකම උදලුතලෙන් ගහල අවසාන කරන්න තමයි ගම්පෙරළිය ගේන්න හදන්නේ” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ “එළිය” සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව පෙරේදා (22දා) දින නුවරඑළිය නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කීය.

2005 මහින්ද රාජපක්ෂ මහතාට විශාල අභියෝග සහිතව තමයි මේ රට භාර දුන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ සියලු ජනතාව භීෂණයට, පීඩනයට ලක්වෙමින් ඒ ජනතාව විනාශ කරමින් අපේ ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් මේ රටේ ත්‍රස්තවාදය පැවතුණා. කඩාවැටුණු ආර්ථිකය, ඇනහිටිය සංවර්ධනය මෙන්න මේ අභියෝග සමඟ තමයි එදා එතුමාට තිබ්බේ.

එතුමා ඉතා කෙටි කාලයක් තුළ අවුරුදු ගණනාවක් තිබුණු ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරලා දැම්මා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තනයේත් ඇතුළත් වෙලා තිබුණේ ජනතාව කේන්ද්‍රීය කරගත් සංවර්ධනයක්. එතුමා සෑමවිටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබිය යුත්තේ ජනතාවයි කියන මතය තුළ තමයි සිටියේ.

විශේෂයෙන්ම රටක සංවර්ධනයක් ඇතිවන අවස්ථාවක රටේ ජනතාවට සමාන ලෙස මේ සංවර්ධනය බෙදී යා යුතුයි. ඒ නිසා තමයි එතුමා නගරය මෙන්ම ගමත් දියුණු කළේ.
2005 සිට 2014 දක්වා ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට පමණ ඉහළ ගියා. එක කොටසක පමණක් ආර්ථිකය ඉහළ ගියාට මදි. විශේෂයෙන්ම පහළ මට්ටමේ ජනතාවත් අපි ඉහළට ගන්න ඕන. ආර්ථිකයක් හත්තක් වගේ වෙන්නට බෑ. අර ඉහළ මට්ටම සංවර්ධනය වෙලා පහළ හීනියට තියෙන කොටස සංවර්ධනය වුණේ නැතොත් රට කඩාගෙන වැටෙනවා. එහෙම් කඩාගෙන වැටුණොත් ඒ රටේ ස්ථිර සංවර්ධනයක් ඇතිවෙන්නේ නෑ.

මෙන්න මේ හින්දා තමයි මහින්ද චින්තනය තුළ විශේෂයෙන්ම ගමට සංවර්ධනය ගෙනයන, සෑම කෙනකුටම සංවර්ධනය ගෙනයන වැඩපිළිවෙළක් ගෙන ගියේ. මේ හින්දා තමයි ගම්බද පවා සෑම ගමකම පාරවල් දියුණු කළේ.

ගෙනගිය මේ සංවර්ධනය අපි දන්නවා 2015ත් අතරමඟ නතර වුණා. අපි නැවතත් එතුමාගේ නායකත්වයෙන් යුතු පාලනය මේ රට තුළ ඇති කරන්නට ඕන. එදා නතර වුණු ආර්ථිකය ගොඩගන්නත් එදා නතර වුණු සංවර්ධනය ඉදිරියට ගෙනයන්නත් නැවතත් ජනතාව සංවිධානය වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අලුත් රජයක් බිහිකරන්නට ඕන.

තමුන්නාන්සේලා දකින්න ඇති අර ගම්පෙරළිය ආරම්භ කරපු අවස්ථාවේදී අර උදැල්ලක් අරගෙන පිඩැල්ල කපන ආකාරය. ගමේ ඉතිරිවෙලා තියෙන සංස්කෘතිය, ගමේ ඉතිරිවෙලා තියෙන අපේකම, මේවත් උදලු තලයෙන් ගසල අවසානයක් කරන්නට තමයි ගම්පෙරළියක් ගේන්න හදන්නේ.

තේ වතුවල වැඩ කරන ඒ කම්කරුවන්ගේ වේතනය ජීවත්වීමට සුදුසු තරමකට ගෙන එන්නට ඕන. ඔවුන්ගේ ආදායම වැඩිකර ගත හැකි වෙනත් ක්‍රම අපි හදලා දෙන්නට ඕන. ඒ එළවළු වගා කරන ඒ ගොවියාගේ අලුත් නවීන ක්‍රමවේද ඔවුන්ට හඳුන්වලා දෙන්න ඕන. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමට අවශ්‍ය නිවෙසක් ලබාගැනීමට හැකියාව අපි ලබලා දෙන්නට ඕන. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාව අපි ලබලා දෙන්න ඕන.

ඒ වගේම ඔවුන්ගේ දරුවන්ව ඉහළ මට්ටමකට ගේන්න ඉහළ අධ්‍යාපනයක් ලබාගැනීමට හැකිවන අයුරින් ඒ අධ්‍යපනය සකස් කරන්නට ඕන.

මෙන්න මේ සැලැස්මක් අනුව තමයි අපි ඉදිරියේදී මේ රට පාලනය කිරීම සඳහා සැලසුම් සකස් කරගෙන යන්නේ. එදා ආණ්ඩුව තුළ තිබුණු සැලැස්ම තමයි මේ රට තුළ ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට, සුදුසු වාතාවරණයක් සකස් කරලා දීම. රටක රජයක වගකීමේ තමයි ජනතාවට ඒ අවශ්‍ය වාතාවරණය සකස් කර දීම.

මේ රටේ ඉන්න ජනතාව මහන්සිවෙලා වැඩ කරන්නට පුළුවන් දක්ෂතාවක් තියෙන ජන කොටසක්. ඒ අයට අවශ්‍ය පොහොර ටික ලබාදෙනවා නම් ඒ අයට අවශ්‍ය වතුර ටික ලබලා දෙනවානම් ඒ අයට අවශ්‍ය පහසුකම් ලබලා දෙනවා නම් ඔවුන් මේ රට සංවර්ධනය කරන්න ලැහැස්තියි. ඒ ජනතාව ගැන විශ්වාසයක් තිබෙන පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන නායකයා. ඒ හින්දා තමයි එදා ගමට සංවර්ධනය අරගෙන ගියේ.

අපි දන්නවා ඉතිහාසය දිහා බැලුවම 1970 වැනි කාලෙත් කැරලි ඇතිවුණේ ප්‍රධාන වශයෙන්ම ගම සංවර්ධනය නොවුණු නිසා. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක්, කාලයක් තිස්සේ කතා කර කර හිටපු වරායවල්, දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපොළත්, මේ හම්බන්තොට වැනි දුෂ්කර පළාතකට අරගෙන ගියේ. හම්බන්තොට, මොනරාගල, අම්පාර, මඩකළපුව වැනි ප්‍රදේශවලට තමයි මෙවැනි යටිතල පහසුකම්වලින් ලාභයක් ලැබෙන්නට තිබුණේ. ලාභයක් ලබන්නට පුළුවන් වෙන්නෙ මේයින්.

මේ සෑම යටිතල පහසුකමකින්ම ලාභයක් ලැබිය හැකි ක්‍රමවේදයක් මේවා ඉදිකරනවාත් සමඟම සකස් වෙලා තිබුණා. අපිට හැකියාව තිබුණා වරායෙන් ආදායම උපදවලා ඒ ණය ගෙවන්නට. ඒකට සැලසුම් හැදිලා තිබුණා. ඒ වගේම අපි දන්නවා ඕනෑම රටකට දෙවැනි අන්තර් ජාතික ගුවන්තොටුපළක් අවශ්‍යයි. ඒ අවශ්‍යකම දුටුවේ බොහොම අෑත අතීතයේ ඉඳලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ ඉඳලා මේ අවශ්‍යතාව තිබුණා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නට පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට.

අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ සැලසුම් තිබුණා. නමුත් ඒවා ක්‍රියාත්මක කළේ මහින්ද රාජපක්ෂ යුගයේදී. ඒවායින් ඇතිකළ යටිතල පහසුකම්වලින් පවා ප්‍රයෝජනයක් ගැනීමට මේ ආණ්ඩුවට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒවා විදේශිකයන්ට විකුණලා දැම්මා. මෙවැනි අදූරදර්ශී පාලනයක් තමයි මේ ආණ්ඩුවේ වසර 4කට ආසන්න කාලයක් ගෙනගියේ. එදා නැවැත්වූ ඒ සංවර්ධනය එදා නැවතුණු, කඩා වැටුණු ආර්ථිකය නැවතත් ගොඩගන්නට අපි සියලු දෙනාම එක්වෙමු. නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් මෙරට ඇති කරමු

අෑවරයි දෑවරයි මත්තලත් අහවරයි

July 24th, 2018

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

වත්මන් ආණ්ඩුව බලයට ආ දා පටන්ම ජප කරන එකම මන්තරය විකිණීමය. සමහර විට වර්තමාන අගමැතිවරයා උදේට ඇඳෙන් බහින්නෙත් අද විකුණන්නේ කුමක්ද කියා සිතමින් විය යුතුය. මන්ද රටේ සෑම ප්‍රශ්නයකට විසඳුම ලෙස ඔහු දකින්නේ මොකක් හෝ විකිණීම බැවිනි.

පසුගිය දිනෙක ප්‍රවෘත්තිවලින් මුළු රටම අසා සිටියේ රටේ ආර්ථිකය 30% කින් කඩා වැටී ඇති බවත්, මුදල් සංසරණය දුර්වල වී ඇති බවත් අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයයි. මේ ප්‍රකාශය කරන්නේ ආසියාවේ දෙවැනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබූ ආර්ථිකය භාරගෙන වසර 3 1/2කට පසුවය. 2014 වන විට සෑම ආර්ථික දර්ශකයකින්ම වාගේ දකුණු ආසියාව තුළ පළමු හෝ දෙවැනි තැන ලංකාවට හිමිවී තිබිණි. රටේ දළ ආර්ථික සංවර්ධන වේගය 7%කට ආසන්න විය. අද 30%කින් කඩා වැටී ඇතැයි අගමැතිවරයාම කියන්නේ එවැනි ආර්ථිකයකි. මෙතෙක් පාවිච්චි නොකළ මඩු වලිගෙන් ගහන්නට ඕනෑ නම් ජනාධිපතිවරයාට මීට වඩා සුදුස්සකු සොයා ගැනීමට අසීරු වනු ඇත.

කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කියා පැරණි කියමනක් ඇත. ඒ අනුව යමින් දෝ ප්‍රමාද වී හා් තම ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය විනාශ කර ඇති තරම අගමැතිවරයා ප්‍රසිද්ධියේ පිළිගැනීම සතුටට කාරණයක් වුවත් එය භයානක ප්‍රවෘත්තියක් වන්නේ අගමැතිවරයා ප්‍රශ්නයට විසඳුම ලෙස ඉන් මොහොතකට පසු කියනා දේ නිසාය. “ඉතින් අපි මේකත් විකුණනවා” කියා ඔහු කියන ප්‍රවෘත්ති නරඹන්නන් හට දැකීමට ලැබිණි. මෙවර විකුණන්නේ කුමක්ද කියා පැහැදිලි නොවුණත් අගමැතිවරයාගේ දීර්ඝ විකිණීම් භාණ්ඩ ලැයිස්තුව තුළ කිසිදු ජාතික සම්පතක් සුරක්ෂිත නැති බව නම් ජනතාව දැනටම වටහාගෙන අවසන්ය.

ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාව හඳුනාගත් ප්‍රථම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නොවේ. හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටුපොළද ආණ්ඩු ගණනාවක් විසින් කතාවට පමණක් සීමා කොට තිබූ සැලසුම් පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයන්ය.

රටක් දියුණු කිරීමට නම් ආණ්ඩුවකට දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුය. තමුන්ගේ කියා දැක්මක් හා සැලැස්මක් නොමැතිව අනුන්ට ‍ෙදාස් නඟමින් කාලය නාස්ති කිරීමට රජයක් අවශ්‍ය නැත. එදා මත්තල ගුවන්තොටුපොළ ඉදිවූයේ ලංකාව දකුණු ආසියාවේ ආසියා නාවික හා ගුවන් ගමන් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට පසුගිය ආණ්ඩුවේ තිබූ සැලැස්මේ එක් පියවරක් වශයෙනි. හම්බන්තොට ආශ්‍රිතව ජාත්‍යන්තර වරායක් හා කාර්මික නගරයක් ගොඩනැඟෙන විට ඒ ආසන්නයේ ගුවන්තොටුපොළක්ද ඉදිවිය යුතු බව වටහා ගන්නට මහා ව්‍යාපාර ඥානයක් අවශ්‍ය නැත. මත්තල ඒ සඳහා තෝරා ගැනුණේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුවය. වත්මන් ආණ්ඩුව ඒ ස්ථානය ගුවන්තොටුපොළකට නුසුදුසු යැයි කියනාවිට එය විශ්වාස කරනා අමන මිනිසුන්ගෙන් ජනතාව ඇසිය යුත්තේ ඒ තර්කය නිවැරදි නම් එම ගුවන්තොටුපොළම ඉන්දියාව භාරගන්නේ ඉන්දියාවට පිස්සු නිසාද කියායි. සත්‍යය නම් ඉන්දියාව මෙම ගුවන්තොටුපොළේ වටිනාකම හොඳින්ම දන්නා අතර වත්මන් ශ්‍රී ලංකා පාලකයන්ගේ නොහැකියාව හා අදූරදර්ශීකම ඔවුන්ට වාසනාව ගෙන ආ බවය. පෙර අපරදිග යා කරන සේද මාවතේ භූගෝලීය වශයෙන් සුදුසුම තැනක පිහිටා ඇති හම්බන්තොට වරාය අත්පත් කරගත් චීන්නුන්ද අද ඔවුන්ගේ වාසනාවට පින්දෙමින් ලංකාවේ අමන පාලකයන්ට සිනහසෙන බව නිසැකය.

හම්බන්තොට කාර්මික පුරය නිමවූ විට වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත ගුවන් මගීන් හම්බන්තොටට පැමිණීම අපේක්ෂා කළ හැකි අතර, ව්‍යාපාර අවශ්‍යතා සඳහා පැමිණෙන්නන් මෙන්ම සංචාරකයන්ද ඒ අතර සිටිනු ඇත. කාර්මික නගරයේ කර්මාන්තශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩවලින්ද කොටසක් ගුවන් මඟින් ප්‍රවාහනය කෙරෙනු ඇත. එමෙන්ම ධාරිතාව සීමිත කටුනායක ගුවන්තොටුපොළ වෙනුවට යම් ගුවන් සමාගම් මත්තල හරහා තම ගමන් මාර්ග සැලසුම් කරනු ඇත. ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ නිසාම නව ගුවන් මාර්ග බිහිවනු ඇත. මත්තල ඉදිකළාට පසු එය භාවිත කරමින් දැනටමත් නව ගුවන් මාර්ග රැසක්ම ආරම්භ වී ඇති අතර ඒ නව ගුවන් මාර්ග සැලසුම් නිසා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් යුරෝපයට සහ මැදපෙරදිගට පියාසර කරන සහ ආපසු පැමිණෙන යානාවලට ගමන් දුර කෙටි වන අතර පිරිවැය අඩුවේ. එසේම ඒ මඟින් හදිසියකදී භාවිත කිරීම සඳහා රැගෙන යායුතු ඉන්ධන බර ප්‍රමාණ අඩුවීම මඟින් ද පිරිවැය අඩුවේ. මෙම වාසිදායක තත්ත්වයන් ගුවන් සමාගම්වලට ලැබෙන්නේ ලෝක සිතියමේ මත්තල ගුවන්තොටුපොළ පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් ස්ථානය නිසාය. මත්තල තම ගුවන් ගමන් පථයේ සඳහන් කරන සෑම විදේශ ගුවන් යානයක්ම මත්තලට ගොඩනොබෑවද මත්තලට ආසන්නව පියාසර කළ පමණින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිත කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු මත්තල ගුවන් තොටුපොළට ගෙවිය යුතුය.

සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි වැනි රටවල් තම ගුවන් තොටුපොළවල සැලසුම් කළේ වසර ගණනාවක් ඉදිරියට සිතාය. වාසනාවකට මෙන් ගුවන්තොටුපොළ සාදා නිම කළ වසරේ සිට එය ලාභ ලැබිය යුතුයැයි තර්ක කරන අනුවණයන් ඒ රටවල සිටි බවක් නොපෙනේ. එසේ සිටියත් කිසිවකු ඔවුන්ට සවන් නොදුන් බව අද එම ව්‍යාපෘතීන් ලබා ඇති සාර්ථකත්වයෙන් පෙනී යයි.

මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය කර ඇත්තේ අනාගතයට සරිලන ආකාරයටය. ලෝකයේ විශාලතම ගුවන් යානා වුණත් ගොඩබෑමට හැකි ආකාරයට සැලසුම් කර ඇති මත්තල ගුවන්තොටුපොළේ දැනට නිමවී ඇති පළමු අදියරේ ධාරිතාව වසරකට මගීන් දසලක්ෂයක් වේ. මත්තල සැලසුම් කොට තිබෙන්නේ ඉදිරියේදී ඉල්ලුම් වැඩි වුවහොත් ගුවන්තොටුපොළ තව දුරටත් පුළුල් කොට ධාරිතාව මගීන් මිලියන 5 දක්වා වැඩි කළ හැකි ආකාරයටය. ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති කටුනායක ගුවන්තොටුපොළ මෙසේ පුළුල් කිරීමට පහසුකම් නැත.

ඕනෑම ව්‍යාපාරයකට ව්‍යාපාරික සැලැස්මක් අවශ්‍ය වේ. මත්තල ගුවන්තොටුපොළ විවෘත කරනාවිටම එයට සැලැස්මක් තිබුණු අතර එම සැලැස්මට අනුව ගුවන් යානා සමාගම් කිහිපයක්ම මත්තල ගුවන්තොටුපොළ සමඟ ගිවිසුම් ගත වී තිබිණි. තවත් සමාගම් ගණනාවක් ඉදිරියේදී සාකච්ඡා කිරීම සඳහා හඳුනාගෙන තිබිණි. හම්බන්තොට කාර්මික නගරය කෙමෙන් ඉදිවන විට හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වන විට ඉල්ලුමේ වැඩිවීමට සමාන්තරව එසේ තව තවත් ගුවන් යානා සමාගම් සමඟ ගිවිසුම්ගත වීම ව්‍යාපාර සැලැස්මේ අපේක්ෂාව විය. එහෙත් 2015 වූ දේශපාලන බල පෙරළියෙන් පසු මෙම ව්‍යාපාර සැලැස්ම කුණු කූඩයට විසිවූ අතර මත්තල වී ගබඩා කරමින් ආරම්භ කළ යහපාලන නරි නාටකය අවසන් වූයේ අලුතින් ව්‍යාපාර ගෙන එනවා වෙනුවට තිබුණු ගිවිසුමත් මත්තලට අහිමි කරමිනි. හම්බන්තොට වරායට කළාක් මෙන් මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අනුගමනය කළේ එකම ප්‍රතිපත්තියය. ඒ පළමුව ව්‍යාපාරය බිඳදමා දෙවැනුව එය විකිණීම සාධාරණීකරණය කිරීමය.

ආණ්ඩුව කියන ඕනෑම බොරුවක් විශ්වාස කිරීමට සැදී පැහැදී සිටින සමහරක් අය මත්තල ගුවන්තොටුපොළ රටට ඉතා බරක් වන තරමේ විශාල ආයෝජනයක් ලෙස සලකන්නේ හුදෙක්ම නොදන්නාකම නිසාය. මත්තල ගුවන්තොටුපොළ සාදන්නට ගිය මුළු වියදම රුපියල් බිලියන 30කට අඩුය. වත්මන් ආණ්ඩුව බලයට ආ පසු ගත් වැරදි තීරණ දෙකක් වන වරාය නගරය ඉදිකිරීම් අත්හිටුවීම හා ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් ඇණවුම් කොට තිබූ නව ගුවන් යානා අවලංගු කිරීම වෙනුවෙන් ගෙවන්නට වූ වන්දීන්හි එකතුව පමණක් රුපියල් බිලියන 40කි.

රටේ සම්පත් විකුණා ඒවා විදේශ සමාගම් විසින් දියුණු කළ විට ලංකාවට එය වාසිදායක බවට මිථ්‍යාවක් ජනගත කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කරයි. නමුත් මේ සමාගම්වලට විශාල බදු සහන දී ඇති බවත් ඒ නිසා තව පරම්පරාවකටවත් මේ ව්‍යාපාරවලින් ආදායමක් නොලැබෙන බව ඔවුහු හෙළි නොකරති. එපමණක් නොව දැනටමත් අස්සන් කොට ඇති සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම් හා අස්සන් කිරීමට නියමිත ඉන්දියා වෙළෙඳ ගිවිසුම සඳහා කළමනාකරුවාගේ සිට කම්කරුවා දක්වා පිටරටින් ගෙන ඒමට මේ සමාගම්වලට ඉඩ ලැබෙන නිසා ලංකාවේ තරුණ තරුණියන්ට මෙම සමාගම්වල රැකියා අවස්ථා උදාවේ යැයි සිතීම මිරිඟුවක් පසුපස දිවීමක් බවද ජනතාවට හෙළිකොට නැත. වත්මන් නායකයන්ගේ හැසිරීම් රටාව තේරුම් ගැනීමට පුළුවන් වනු ඇත්තේ දක්ෂ මානසික වෛද්‍යවරයකුට පමණකි. මන්ද දැන හෝ නොදැන ඔවුන් දිනපතා රටට කරනු ලබන ද්‍රෝහිකම් අපමණ බැවිනි.

පසුගිය දිනෙක නාවික හමුදා කඳවුරක වූ උත්සවයකදී අගමැතිවරයා අපූරු අනාවැකියක් කීවේය. ඒ නුදුරු අනාගතයේ දිනක ශ්‍රී ලංකාව ආශ්‍රිතව සබ්මැරීන් යුද්ධයක් ඇති විය හැකි බවත් එයට මුහුණදී හම්බන්තොට වරාය ආරක්ෂා කරන්නට වන්නේ ලංකාවේ නාවික හමුදාවට බවත්ය. එසේ නම් ඔහු මේ නොකියා කියන්නේ චීනයත් ඉන්දියාවත් අතර අනාගතයේ ඇති විය හැකි යුද්ධයක් ගැනය. මෙහිදී මතුවන ප්‍රශ්නය නම් අසල්වැසියන් සමඟ ආරවුල් ඇති කර නොගන්නා සාමකාමී රටක් වන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධයකට පවා මැදිවිය හැකි තරමේ අනතුරක හෙළුවේ කවුද යන්නයි. චීනයට හම්බන්තොට වරාය පවරා දී ඉන් සැතපුම් කිහිපයක් අෑතින් පිහිටි ගුවන්තොටුපොළ ඉන්දියාවට පවරා දීම ගැටුමකට තමන් විසින්ම මඟ පාදා දීමක් බව මුලින් වටහා ගන්නට තරම් මොළයක් මේ පාලකයන්ට නොතිබුණු බවත් වැඩේ වරද්දාගත්තාට පසුව තම අමන තීරණ නිසා අනාගතයේ රට මුහුණ පෑ හැකි අනතුර තරමක් දුරට හෝ වැටහී ඇති බවත් මින් පෙනී යයි.

ජාතික සංවර්ධන සැලසුම් අවුල් කරමින්, රටේ සම්පත් අනාගත පරපුරට අහිමි කරමින්, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින්, කලාපීය බලවතුන්ගේ ගැටුම්වලට මැදිවිය හැකි අනාගත යුදබිමක් බවට ලංකාව පත් කරමින් කරනු ලබන මත්තල විකිණීමේ තීරණය කෙතරම් විශාල පාවාදීමක්ද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත.

Sri Lankan reform has ‘ground to a halt’ with torture used freely – UN

July 23rd, 2018

 Diplomatic editor Courtesy The Guardian (UK)

Sri Lanka’s progress towards reform has virtually ground to a halt” and brutal torture is used with impunity, the UN concludes in a scathing report on the country’s human rights record.

The report, which comes three years after the country appeared to have turned a corner in its history by electing a new coalition government, is published on Monday following a UN visit to Sri Lanka at the request of the government. None of the measures so far adopted to fulfil Sri Lanka’s transitional justice commitments are adequate to ensure real progress,” it says.

Ben Emmerson QC, the UN rapporteur on countering terrorism, met most senior members of the government, military judiciary and prison staff – including inside high security Anuradhapura prison.

Sri Lanka suffered three decades of civil war as Tamil fighters fought for a separate state, culminating in 2015 in the election of a national unity government.

Emmerson concluded on the basis of his visit that progress towards reconciliation and a fair judicial system had virtually ground to a halt. The British barrister said impunity is still the rule for those responsible for the routine and systemic use of torture, and countless individuals are the victims of gross miscarriages of justice resulting from the operation of the Prevention of Terrorism Act (PTA).

He added: The Tamil community is stigmatised and feels disenfranchised, while the trust of many minority communities that the government is able to deal with all forms of nationalism equally, is eroding.”

Sri Lankan children look on as a soldier stands guard.  Sri Lankan children look on as a soldier stands guard. Photograph: Ishara S.kodikara/AFP/Getty Images

Emmerson said he had heard distressing testimonies of very brutal and cruel methods of torture, including beatings with sticks, the use of stress positions, asphyxiation using plastic bags drenched in kerosene, pulling out of fingernails, insertion of needles beneath the fingernails, use of various forms of water torture, suspension of individuals for several hours by their thumbs, and mutilation of genitals”.

He added: The pervasive climate of impunity and the lack of accountability for the serious human rights violations that occurred both during the conflict and in the aftermath needs to be addressed and those responsible for human rights violations, sanctioned.”

Although the number of arrests under the PTA was falling, the law was still being used and needed to be repealed as the government had promised in 2015. It was difficult to resist the conclusion that the inertia reflects the continuing influence of certain vested interests in the security sector, who are resistant to change, and above all, to accountability”.

The definition of terror in the PTA and proposed replacement legislation was too broad, vague and all encompassing, suggesting the PTA in effect allowed for indefinite detention. Emmerson said he had met a significant number of individuals detained under the PTA whose length of detention ran into double figures in terms of years”.

Figures from the Office of the Attorney-General showed that out of 81 prisoners at the time in the judicial phase of their pre-trial detention, 70 had been in detention without trial for more than five years and 12 had been in detention without trial for more than 10 years.

Many current and former PTA detainees interviewed claimed they had signed documents in a language they did not understand or were asked to sign at the bottom of a blank piece of paper, having been tortured, sometimes in exchange for transfer out of police or security service custody”.

The Sri Lankan government insists it does not condone torture and is committed to ensuring all allegations are investigated, including by the independent Human Rights Commission. It says no evidence of any such allegations have been passed to the commission.

No political string attached to Chinese assistance to Sri Lanka: Spokesperson

July 23rd, 2018

Courtesy APP

BEIJING, July 23 (APP):A Chinese foreign ministry spokesperson said Monday that no political string is attached to Chinese assistance to Sri Lanka at all, and it serves and benefits all the Sri Lankan people.
No political string is attached to this assistance at all, and it serves and benefits all people in Sri Lanka,” Geng Shuang said during his routine press briefing when asked to comment on China’s purpose for a financial aid to Sri Lanka.
President of Sri Lanka Maithripala Sirisena said that China has pledged 2 billion yuan to be utilized for any project in Sri Lanka.
He said that China and Sri Lanka enjoy traditional friendship, adding, Over the years, China has provided assistance to Sri Lanka within our best capacity under the framework of South-South cooperation in accordance with its development needs, including such livelihood projects as housing, hospitals and roads, with a view to promoting local socio-economic development.”

Iran Dismisses Sri Lanka Oil Debt Swap With Tea Proposal

July 23rd, 2018

Courtesy Financial Tribune (Iran)

Iran has described as impossible” Sri Lanka’s proposal to clear its oil debts worth $250 million to Iran with tea. Lucille Wijewardena, chairman of Sri Lankan Tea Syndicate, said the offer made by the syndicate is an attempt to get round restrictions on transactions with Iranian banks. Sales and Marketing Manager of Iran Tea Organization Goudarz Khordadpour explained that as Iran produces 25,000 tons of tea annually and its import needs stand at a maximum of 55,000 tons worth $275,000, the money Ceylon Petroleum Corporation–Sri Lanka’s state-owned fuel supplier–owes Iran is 900 times as much as Iran’s entire tea import bill, Mehr News Agency reported.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම දේශපාලන සටන් පාඨයක් කරගෙන

July 23rd, 2018

සංලාපය – රසිකා හේමමාලි උපුටාගැණීම  මව්බිම

මත්කුඩු සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඬුවම බලාත්මක කිරීමේ යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?

දේශපාලන සටන් පාඨ එකිනෙක ගිලිහෙමින් පවතිද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යන සටන් පාඨය ජනප්‍රිය සටන් පාඨයක් වශයෙන් භාවිත කරන්න උත්සාහ කරනවා ඇති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය පොදු ජනතාව අතර පොදු පිබිදීමක් ඇති වෙයි කියල හිතනවා ඇති. මේ කාරණය පිළිබඳ උඩින් අත ගාමින් පොදු ජනතාවගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරන්නාවූ එක් අවස්ථාවක් ලෙස මැල්කම් රංජිත් අගරදගුරුතුමා, විශේෂ ස්වාමීන් වහන්සේලා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හොඳයි කියන තත්ත්වයට පත්වෙලා.

එසේ කියන්න හේතුව මොකක්ද?

මේ තීරණයත් එක්ක පෝස්ටර් ව්‍යාපාරයක් ගියා ශ්‍රී ලංකාව වටේම මේ සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තූතිය ප්‍රකාශ කරලා. 2015 ජනවාරි 08 වැනිදා නිර්පාක්ෂික අපේක්ෂකයකු වශයෙන් අපි ජනාධිපතිවරයා පත් කරගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදිය බලාපොරොත්තුවෙන්. නමුත් ඒ කිසි දෙයක් සිදු නොවුණු අවස්ථාවක මේ වගේ සටන් පාඨයක් පාවිච්චි කරමින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් පේන්න තිබෙනවා.

කොළඹ මහ අධිකරණයේ වැඩ කරන නීතිඥයකු වශයෙන් මට පැහැදිලිව පේනවා ලංකාවේ හෙරොයින් වැටලීම් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. එම වැටලීම් කළහම අප වෙත එන සේවාදායකයන්ගේ රහස්‍යභාවය සුරැකීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නැති නිසා අපට ඇත්ත කියනවා. අහිංසක අසරණ මිනිස්සු ගොඩක් වෙලාවට හෙරොයින් වැටලීම්වලට අත්අඩංගුවට පත්වෙලා තිබෙන බව දැකගන්න පුළුවන්. අපරාධ නඩුවකදී සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කරන්න කියලා න්‍යායක් බිහිවෙන්න විශේෂ හේතුවක් තිබෙනවා. අපරාධ නඩුවකදී පැමිණිලිකාර පාර්ශ්වය වන්නේ රාජ්‍ය විධායකය. විධායකයේ ආයතනයක් වන පොලිසිය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, අපරාධ දෙපාර්තමේන්තුව වැනි ආයතන තමයි පැමිණිල්ල වෙන්නේ. පොලිසිය, බන්ධනාගාරය, අධිකරණය වගේ ලංකාවේ දූෂිත ආයතන රාශියක් තිබෙනවා. ඒ දූෂිත ආයතන රාශියෙන් පැමිණිල්ලක් මෙහෙයවා දූෂිත වූ අධිකරණයක් මාර්ගයෙන් දූෂිත වූ පොලිසියක් විසින් මේ කරන්නාවූ වැටලීම්, පරීක්ෂණ සහ නඩු විභාග, ගැන ගැටලුවක් තියෙනවා. පොලිසිය සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වැටලීම්වලදී වැටලීම් කරන්න කලින් ඔත්තුවක් දෙනවා අදාළ ජාවාරම්කරුවට.

කාව හරි ඉදිරිපත් කරන්න කියලා කියනවා රිමාන්ඩ් කරවන්න. ගෙවීමක් සහිතව රිමාන්ඩ් වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. අපි දන්නවා ඒක. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වැටලීමක් කරන්න යනකොට නිලධාරීන් සටහන් යොදන්න ඕනෑ. නමුත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය කාර්යාංශය වගේ ආයතනයක් වැටලීම් සටහන් යොදන්නේ වැටලීම් කර ඒ පුද්ගලයා එක්කගෙන ඇවිත්, ඒ පුද්ගලයා එක්ක වාඩිවෙලා, ඔක්කොම කට්ටිය එකතු වුණාට පසුවයි. මේ නිසා මත්ද්‍රව්‍ය කාර්යාංශය වගේ ආයතනයකදී පරස්පරතාවන් අඩුවෙලා ගොඩක් වෙලාවට අධිකරණයේදී තීරණය වෙන්නේ මේ පුද්ගලයා මරණ දඬුවමට නියම විය යුතුයි කියලා. ලංකාවේ නඩුවකදී හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබාගත් පුද්ගලයාට මරණ දඬුවමට නියම වෙනවා.

නිදහසින් පසුව ඇතිවුණු දේශපාලන ක්‍රමයත් එක් දූෂිත පොලිසියක් අපට තිබෙන්නේ. දූෂිත පොලිසියකින් හුදු මිනිහෙක්ව එල්ලා මැරීමට සම්පූර්ණ විරුද්ධ වෙනවා. ඒ නිසා ලංකාවේ දේශපාලන තන්ත්‍රය, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මේ සියලු ආයතන ජරාජීර්ණ වෙලා තිබෙද්දී, හුදු කණ්ඩායමකට මරණ දඬුවම ලබාදෙන්න උත්සාහ කිරීම හිසේ රුදාවට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්.

නීතියෙන් මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට බැහැ කියලද ඔබ කියන්නේ?

නීතිය ක්‍රියාත්මක කළහම මත්ද්‍රව්‍ය ගැටලුව අවසන් වෙයි කියලා සමහරුන් කියනවා. නමුත් මේ වගේ සමාජ ආර්ථික ප්‍රශ්න තිබෙන රටක, මේ විදියට නීතිය ක්‍රියාත්මක කළා කියලා එම වැරැදිවල අඩුවීමක් වෙන්නේ නෑ. රාජ්‍යයකට හැකියාවක් තිබෙන්න ඕනෑ තමන්ගේ රාජ්‍යයේ පුරවැසියාට හොඳ ජීවන තත්ත්වයක් උදා කරවන්න. ලංකාව රාජ්‍ය එය අසමත් වෙලා. පුද්ගලයකුට රැකියාවක් කර යම් කිසි අනිසි ක්‍රමයකින් තොරව තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පූර්ණය කර ගන්න පුළුවන් සමාජයක් බිහි කළාට පස්සේ ජනතාව නීති විරෝධී වැඩවලට යොමුවෙන එක අඩු වෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ රටවල ඒ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. හේතුව යුරෝපයේ මිනිස්සු කුමන මට්ටමක හිටියත්, රැකියාවක් නොකළත් ඔවුන්ට ඩෝල් එකක් නම් ජීවන වියදමක් හිමි වෙනවා. එයින් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීමට හැකි තත්ත්වයක් උදා කර දී තිබෙන්නේ.
ගෙයක් හැදීම, වාහනයක් ගැනීම අපේ රටේ ජනතාවගේ සිහින. ඒවා ඉටුකරගන්න රාජ්‍යයෙන් අවස්ථාවක් දීලා නෑ. වාහනයක් ගන්නවා කියන එක මිනිසුන්ගේ ලොකු සිහිනයක්. සාමාන්‍ය රැකියාවක් කරලා ගෙයක් සහ වාහනයක් ලබාගන්න මිනිසුන්ට හැකියාවක් නෑ. සමාජයේ වටිනාකම්, සමාජයේ සිවිල් බලයක් නැති, දේශපාලන බලය, නිල බලය, වෘත්තීයමය බලය නැති පුද්ගලයන්ට සමාජයේ මිනිසුන්ගේ වටිනාකම් මනින මිම්මක්නේ ලොකු ගෙවල් සහ ලොකු වාහනයක් හිමි වීම.

සම්මත හොඳ රැකියාවලින් මේ වටිනාකම් ලබාගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා මේ පිරිස අතර ඇති වෙන්නා වූ මානසික පීඩනය, විශාදය වැනි තත්ත්වයන් පවා ඇති වෙනවා. මේ දේවල් අත්පත් කරගැනීමට යෑමේදී ලැබෙන දඬුවම ගැන කල්පනා කරන්නේ නෑ. සෞදි අරාබියේ තරුණ පරපුරින් මීට උදාහරණ ගෙන එන්න පුළුවන් මෙහෙම කියද්දී ඇතැමකුට. නමුත් මේ රටේ තරුණ පරපුර සෞදි ආරාබියේ තරුණ පරපුර වගේ නෙවෙයි. සංස්කෘතික වශයෙන් වෙනස්. ඒ රටවල තරුණ පරපුරට වාහනයක් ගෙයක් කියන ඒවා ලබාගන්න බැරි දේවල් නෙවෙයි. ලංකාවේ විවාහයක් කරගැනීමේදීත් පිරිමියකු වටිනාකම වාහනයකින් ගෙයකින් බලනවා. ජීවිතයට මේ දේවල් අත්පත් කරගැනීමේ වුවමනාව මත මේ වගේ දේවලට පෙලඹෙනවා. මේක ලොකු සමාජ ප්‍රශ්නයක්. මේ සමාජ ප්‍රශ්නය මරණ දඬුවම ක්‍රියාත්මක කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.
එසේම අප අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයට යනවා මිසක් ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට යන්න ඕනෑ නෑ.

අතීතයේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙලා තියෙනවා?

අහිංසක මිනිස්සු එල්ලුම් ගස් ගිහින් තිබෙනවා එදා. ඒ වගේ අදත් අහිංසක මිනිස්සු එල්ලුම් ගස් යෑමේ ප්‍රවණතාවක් තිබෙනවා. හෙරොයින් ජාවාරම් කරන්නේ කවුද කියලා අපි දන්නවා. පහුගිය කාලයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ නිවෙසක් විශේෂ කාර්ය බළකායෙන් වැටලුවහම හිටපු ජනාධිපතිතුමා ඒ දේශපාලනඥයාගේ නිවෙසට ඒ වෙලාවේ ගිහින් ඔහුව බදාගත්තා. එතැනින් ඒ සිදුවීම ඉවර වුණා. ඒ අයට කවදාවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වගේ අසමානතාවකින් නීති ක්‍රියාත්මක වෙන රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි.

හෙරොයින් ජාවාරමේ යෙදෙන මිනිස්සු මරණ දඬුවම ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා ඒ වෙලාවට සලකන්නේ නෑ. අපරාධ කරන පසුබිම ඇති වුණාට පසුව ඒ මිනිස්සුන්ට අනිකුත් වටපිටාව පිළිබඳ අවබෝධයක් නැතුව යනවා. ඒක තමයි අපරාධ විද්‍යාවෙන් අපට තේරෙන දේ. මේක සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක්. මානව විද්‍යාත්මක, සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ නිසා මේ දඬුවම දුන්නා කියලා විසඳුමක් ලැබෙන්නේ නෑ. අපරාධ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන් කියන්නේ මරණ දඬුවමින් අපරාධ වළක්වගන්න බෑ කියලා.

සමහර රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා?

ඒ රටවල ආර්ථික තත්ත්වයන් වෙනස්. ඇමෙරිකාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම මිනිස්සු ඇවිත් සිටින වෙනස් සමාජයක්. එහෙ සංස්කෘතික තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. චීනයත් සම්පූර්ණයෙන්ම වෙනස් ආර්ථික රටාවක් හා වෙනත් දේශපාලන තත්ත්වයක් තිබෙන රටක්. සෞදි ආරාබිය විශේෂ ආගමික තත්ත්වයක් තිබෙන රටක්. සෞදියේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ ආගම අනුව අනාචාරයේ හැසිරීම වැනි දඬුවම්වලට. මේ වගේ ජාවාරම්වලට ඔවුන්ගේ සංස්කෘතිය එක්ක යන්න බෑ. ඒ රටවල තත්ත්වයන් එක්ක ලංකාව සංසන්දනය කරන්න අමාරුයි. මිනිස්සු දියුණුයි, සදාචාරවත්, ශිෂ්ට සම්පන්නයි, ජනතාව නිදහසේ ඉන්නවා කියලා තීරණය කරපු රටවල් කීපයක් තියෙනවා. ඒ රටවල් අරගල කරලා ඒ තත්ත්වය ඇති කරගෙන තිබෙන්නේ. ජනතාවගේ ජීවිතේ මූලික අභිමතාර්ථ ඉෂ්ට කරලා එවැනි දඬුවම් ක්‍රියාත්මක කරනවා නම් ගැටලුවක් නෑ.

අවුරුදු දෙක තුනක් ඇතුළත ශ්‍රී ලංකාව කුඩු බෙදාහැරීමේ මර්මස්ථානයක් වුණා කියලා විපක්ෂයෙන් චෝදනා වෙනවා?

හෙරොයින් ජාවාරම්කාරයන් ලංකාවේ භාවිත කරන්න පටන් ගන්න ඇත්තේ අවුරුදු 20ක විතර සිට වෙන්න ඇති. 2009 වනතුරු ලංකාවේ යුද්ධයක් තිබුණා. මහ පරිමාණයෙන් කුඩු ගේන්නේ මුහුද හරහා. පහුගිය කාලයේ යුද්ධය තිබුණු නිසා මුහුද හරහා කුඩු ප්‍රවාහනයට යම් යම් බාධා ඇතිවෙන්න ඇති නාවික හමුදාව හා එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි ක්‍රියාකාරකම් නිසා. නමුත් යුද්ධයෙන් පසුව ඇතිවුණු සාමකාමී තත්ත්වයත් එක්ක ව්‍යාපාරවලට හොඳ තත්ත්වයක් ඇතිවීමත් සමඟ මේවත් වැඩි වෙන්න ඇති. මේක පරිණාමීය තත්ත්වයක්. ඒ නිසා වෙන ආණ්ඩුවක් ආවත් මේ ව්‍යාපෘතිය මීට එහාටත් යනවා.

සාමාන්‍ය ජනතාව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යහපත් ප්‍රතිචාර දක්වන බවක් පේනවා?

සාමාන්‍ය ජනතාව තමයි අල්ලස ඇති කරලා තියෙන්නේ. ඔවුන් දේශපාලනඥයන්ට ‍ෙදාස් කීවාට දේශපාලනඥයන්ට වඩා සාධනීය ලක්ෂණ සමාන්‍ය ජනතාවගෙන් දකින්නේ නෑනේ. දේශපාලනඥයන් ළඟට යන්නේ තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්නයි. ඒකේ වැරැද්දක් නෑ. හේතුව ලංකාව වගේ රටක ජනතාවට තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න දේශපාලනඥයන් පස්සේ යන්න වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව කවදාවත් දේශපාලනඥයන්ගෙන් ඉල්ලන්නේ නෑ ඔබතුමාගේ රාජකාරිය නීති හදන එක, ඒක කරන්න කියලා. තමන්ගේ පාර හදා ගැනීම, දුවගේ මඟුල් ගෙදර සාක්ෂියට අස්සන් කර ගැනීම වගේ දේවල් තමයි දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.
මේ තත්ත්වයන් යටතේ හැමදාම අහිංසක අසරණ මිනිස්සු එල්ලුම්ගස් යයි. මේ තරම් දූෂණ සමාජයේ තියෙද්දි තමයි අහක ඉන්න අයට ගල් ගහන්න හදන්නේ. අද හැමදේම දූෂිත වෙලා තියෙන්නෙ. පාලකයන් දූෂිතයි. ඒක නිසා මේ තත්ත්වයන් නැති කරලා යහපත් සමාජයක් හදලා අපි මරණ දඬුවම ගැන සලකා බලමු.

සංලාපය – රසිකා හේමමාලි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහා සංඝරත්නයේ එකඟත්වයක් නෑ

July 23rd, 2018

මහනුවර – ගයා ශ්‍රී කාරියවසම් උපුටාගැණීම  මව්බිම

දැනට රටේ පවතින අවුල් සහගත තත්ත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මහා සංඝරත්නයේ එකඟත්වයක් නැතැයි අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පැවැසූහ.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පෙරේදා (21දා) අස්ගිරි අනුනාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගෙන රටේ වත්මන් තත්ත්වය පිළිබඳව උන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් අතරතුර අනු නාහිමියෝ මෙසේද සඳහන් කළහ.

අද රටේ වර්තමාන තත්ත්වය දෙස බලන විට පවතින අවුල් සහගත බවත් රාජ්‍ය මට්ටමේ ක්‍රියාකාරීත්වයේ අවුල් සහගත තත්ත්වයත් නිසා රටේ ආර්ථිකය බිඳවැටී තිබෙනවා. ඒ තුළින් ජීවන වියදම ඉහළ යෑම වැනි විශාල ගැටලු පැන නැඟී තිබෙන අතර ආගමික හා සංස්කෘතික වශයෙන්ද රටේ ගැටලු පවතිනවා. එම නිසා එවැනි තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව මහා සංඝරත්නයට එකඟ වීමට හැකියාවක් නැහැ.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සුදුසු වාතාවරණයක් පළමුව රට තුළ ගොඩනැඟිය යුතුයි. එවන් වාතාවරණයක් රටේ ගොඩනැඟී ඇති විටෙක විධායක ජනාධිපති ක්‍රමය මේ රටට අවශ්‍ය නැහැ කියන තැනට පැමිණිය හැකියි. මේ රටේ පරිසරය සාමකාමීව ගොඩනැඟුණු විට රට තුළ ගැටුම් අවම වූ විට මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද නැද්ද කියන එක අප භාර කළ යුත්තේ අනාගතයටයි. නමුත් වර්තමානය දෙස බලන විට පවතින ක්‍රමය සහ රටේ ඇති ගැටලුත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි කියන එකයි මහා සංඝරත්නය ලෙස අපේ අදහස වන්නේ.

පසුගියදා සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන විට රටේ මහා සංඝරත්නය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා මේ අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැහැ කියලා. රටේ පවතින තත්ත්වය අනුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ කියලා අප ප්‍රසිද්ධියේම සඳහන් කළා. නමුත් ඒ කියන දේවල් කිසිවක් පිළිගන්නේ නැතිව කටයුතු කරනවා නම් එය මහා ගැටලු සහගත තත්ත්වයක් බවද අනු නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

ඩො. මි 16 ක් ආයෝජනය කළ බව ඔප්පු කළොත් මම මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙනවා

July 23rd, 2018

උදයන්ති මුණසිංහ ඡායා – දුමිඳු වනිගසේකර උපුටාගැණීම  මව්බිම

1815 කන්ද උඩරට පාවාදීමටත් වඩා දරුණු පාවා දීමක් ලෙස විද්වතුන් සලකන සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් දරන්නේද මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ මතයම බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

සිංගප්පූරු ගිවිසුම සිංගප්පූරුවට වඩා ශ්‍රී ලංකාවට වැදගත් බව පවසමින් විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේම මතවාදය ගෙන යන බවත් පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්‍ෂයේ භූමිකාව කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (22දා) බොරැල්ල පිහිටි වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

”වගකිව යුතු රජයේ පුවත්පතක් පළ කරනවා මුල් පිටුවේ මුල් පුවත විදියට ‘විදේශ ආයෝජන නැතිව රටක් නංවන්න බැහැ. දැනටම ඇමෙරිකන් ඩොලර් බිලියන 16ක ආයෝජන ඇවිල්ලා’ යනුවෙන්. මේක මහපොළොව නුහුලන පට්ටපල් අසත්‍යයක්. ‘සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ අරමුණ ගෝලීය වෙළෙඳපොළ සමඟ තරග කිරීම බව ඇමැති මලික් පාර්ලිමේන්තුවේදී කියයි’ කියලා වැඩිදුරටත් ඒකේ සඳහන් කරලා තියෙනවා.

පසුගිය මාස දෙක තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් ලංකාවට ලැබිලා තියෙනවා කියලා ඔප්පු කළොත්, ශ්‍රී ලංකා මහ බැංකුව මේ සංඛ්‍යාව සත්‍යයි කියලා නිල වශයෙන් ලබන සතියේදී ඔප්පු කළොත් ඒ ඔප්පු කළ වහාම මම මගේ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ සතියේම කථානායකවරයාට භාර දෙනවා. භාර දීලා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වෙලා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායක තනතුරක් ඉල්ලා ගන්නවා. ඉල්ලගෙන එතුමාගේ සහ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ඇතුළු නිලධාරීන්ගේ මේ ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ගෙන්වා ගත්ත ආකාරය පිළිබඳව වැඳ වැටී හෝ අධ්‍යයනයක් ලබා ගන්නවා. තොරතුරු සොයාගෙන ඒක පදනම් කරගෙන ඊළඟ මැතිවරණයකදී නැවත පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ දෙයින් රට ගොඩගැනීම සඳහා වන අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒක තමයි මගේ ඒකායන අරමුණ.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අස්සන් කළාට පස්සේ මාස 2ක් ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් ලැබිලා තියෙනවා කියලා කියන මේ දේ සම්පූර්ණ බොරුවක්. ලංකාව නිදහස ලබපු දිනයේ සිට අද දක්වා මේ රට සතුව විදේශවල තියෙන ජාත්‍යන්තර සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 10යි. සංචිතවල දැනට 10ක් තියෙද්දී පසුගිය මාස දෙකේ හම්බ වුණු 16 කෙසේද දැම්මේ කියන එක ප්‍රශ්නයක්. ඒ 16ත් ලැබුණා නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් කවුද ගත්තේ කියන එක බරපතළ ප්‍රශ්නයක්. අපේ රටේ ප්‍රධාන මාධ්‍යක් ඉතාම වගකීමෙන් යුතුව මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ පින්තූරයත් සහිතව, මේක ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

දැන මාධ්‍ය මර්දනය සඳහා පොලිස් රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඇමැතිවරයෙක් කුඩු ජාවාරම්කරුවකුට උදවු කරන බව පෞද්ගලික එෆ්.එම්. නාළිකාවකින් ප්‍රකාශ කළාට පස්සේ ඒ මාධ්‍යවේදියාට එළව එළවා පහර දෙනවා. ඒ වගේම සමහර මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැල්ලා ප්‍රශ්න කරනවා. නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය රට ඇතුළේ ඇති වෙන්න ඕන කියලා කියන විජයකලා මන්ත්‍රිතුමියට නූල් පොටකවත් වචනයකින්වත් හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.

අපි ලබන සතියේ මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ නීතිඥයන් මේ දිනවල කටයුතු කරගෙන යනවා. මහජනයාගේ බදු මුදල් භාවිත කරලා පසුගිය රජයට මඩ ගැසීමේ චේතනාවෙන් ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 85කට වඩා වැඩි මුදලක් වියදම් කරලා මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් එය වැළැක්වීමට මැදිහත් වන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්න අපි බලාපොරොත්තු වෙනවා. මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට කරුණු කියලා අපි පිහිටක් පතන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මහපොළොව නුහුලන අසත්‍ය සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම තමයි කරන්නේ.

බහුතරයකින් යුත් 70ක් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න කොට අපි විපක්‍ෂය නොවෙයි කියලා හීලෑ විපක්‍ෂයක් සහ ඩීල් විපක්‍ෂයක් අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස පිළිඅරගෙන තියෙනවා.

සක්‍රිය බැරකම්වලට විරුද්ධව, සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව, බැඳුම්කර හොරකම ගැන මේවාට පළමුව මැදිහත් වෙලා ජනතාවගේ සැබෑ විපක්‍ෂයේ භූමිකාව කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ 70 දෙනා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන විවාදයේදී එම පුවත්පත් වාර්තා වගකීම් විරහිත බව අපි ප්‍රකාශ කළා. චෝදනාව ඉදිරිපත් කරන මන්ත්‍රිවරයාට චෝදනාවවත් හරියට කියාගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේදී ඒකෙන්ම තේරෙනවා මේක මඩ විහිළුවක් කියලා.”

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි,
පාසල අද මත්ද්‍රව්‍ය මත් පෙතිවලින් පිරුණු ස්ථානයක් වෙලා. ළඟම පාසල හොඳම පාසල කිව්වාට ළඟම පාසල් ගාවත් හොඳම පාසල ගාවත් දැනටමත් මත්පෙති අලෙවි කරනවා. කුඩු අලෙවි කරනවා.

හොඳ ගුරුවරුන්ව, විදුහල්පතිවරුන්ව මාරු කරලා දේශපාලන හෙංචයියන්ව විදුහල්පති හා අධ්‍යාපන සේවයේ තනතුරු ලබාදීමේ වැඩපිළිවෙළක් තමයි අධ්‍යාපන ඇමැතිවරයා කරන්නේ. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි කියන කරුණු මත ඉතාමත්ම පහත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරමින් රටේ ජාතික පාසල් පද්ධතිය විනාශ කිරීමේ වැඩපිළිවෙළකට ආණ්ඩුව ගමන් කරනවා.”

උදයන්ති මුණසිංහ
ඡායා – දුමිඳු වනිගසේකර

එදා සිල් රෙදි බෙදපු අය හිරගෙවල්වල කුඩු බෙදන අය අද රජගෙවල්වල

July 23rd, 2018

උදයන්ති මුණසිංහ,කමල් මහේන්ද්‍ර වීරරත්න, කෑගල්ල – බණ්ඩාර මද්දුමගේ උපුටාගැණීම  මව්බිම

එදා පෙබරවාරි 10 වැනිදා ඔබ සියලු දෙනා එකාවන්ව එකතුවෙලා ‘මහා බල පෙරළිය’ ආරම්භ කළා. අද රනිල්ගේ ‘ගම් පෙරළිය’ කින් ඒක වෙනස් කරන්න හදනවා යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (22දා) දැදිගම පැවැති ජනහමුවකදී කියා සිටියේය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

මේ පාර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව වැඩි ඡන්ද 13424කින් ජයග්‍රහණය කිරීම ගැන දැදිගම ජනතාවට අපේ ගෞරවය මුලින්ම පුද කරනවා.
අපි දන්නවා දැදිගම ජනතාව කවදත් නියම මාර්ගයේ යන පිරිසක්. එහෙම තැනකින් පටන් ගත්ත මේ රැස්වීම් මාලාව මුලින්ම පවත්වන්නේ ඔබෙන්.

බි්‍රතාන්‍ය පාලකයාගෙන් නිදහස් වූ පසුව පත්වුණු ආණ්ඩු යටතේ පාලනයේත් කිසි වෙනසක් නැහැ. පාලනය සුද්දාගෙන් කළු සුද්දාට ලැබුණා විතරයි. මේ රටේ දහදිය හෙළන කම්කරුවාට, ගොවියාට රටේ තැනක් නැහැ. ඒ වගේම රටේ ආර්ථික මර්මස්ථානය සියල්ල විදේශිකයන් සතුව තියෙන්නේ කියලා තේරුණු නිසා තමයි එදා පංචමහා බලවේගය එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා මේ රටේ සංස්කෘතියට තැන දුන්නා. ඒ විතරක් නෙවෙයි එදා බි්‍රතාන්‍ය කොඩිය පහළට දාලා මේ සිංහ කොඩිය එසෙව්වේ බණ්ඩාරනායක මහත්මයලා කියන එක අපි කියන්න ඕනි.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා ගන්නා ජනාධිපතිවරයෙක් අර මහින්ද මහත්තයා හදපු හම්බන්තොට වරායේ අපේ රටේ ජාතික කොඩිය පහළට දාලා වෙන රටක ජාතික කොඩියක් උස්සලා. ඒකත් විකුණන්න පටන් ගත්තා. බණ්ඩාරනායක මහත්තයා ජනසතු කරපු ඒ වරාය විදේශිකයන් සතු කළා. ඒ වගේම රටේ සියල්ල විනාශ කළා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගන්නා පක්ෂය බෝඩ් ලෑල්ලකට රාජකාරි කාර්යාලයකට සීමා වෙන කොට තමයි මේ රටේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ. ඒකට ශක්තිය වුණේ මේ ගමේ ඔබ. ඔබ තමයි ඒ නායකත්වය ගත්තේ.

අද මේ ආණ්ඩුව ඇවිල්ලා කරලා තියෙන්නේ මොනවද? එක පැත්තකින් ජාතික ආරක්ෂාව ඉල්ලලා ඔබේ පෞද්ගලික ආරක්ෂාව දක්වා නැති කරලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව නෑ අද. ඒ වගේම අද මහපාරේ යන්න බයයි. කොයි වෙලාවේ වෙඩි පාරක් වදීද කියලා කියන්න බැරි තරමට පෞද්ගලික ආරක්ෂාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ගමේ සංවර්ධනයේ ඉඳලා රටේ සංවර්ධනයත් නතර වෙලා තියෙනවා. අද ගමේ කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. එදා තිබුණු ගමේ සංවර්ධනය අද නැහැ. ඒ වගේම ජාතික ආර්ථිකය කඩාගෙන වැටිලා විතරක් නෙමෙයි ගෙදර ආර්ථිකයත් කඩාගෙන වැටිලා.

ඒකටත් දැන් බද්දක් ගහලා. අපි දිවි නැඟුමෙන් ගෙදර ආර්ථිකය හැදුවා. අපි ස්වයං රැකියා ඇති කරලා ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හැදුවා. ඒක අද කඩාගෙන වැටිලා. අද අලුත් අලුත් දේවල් හදනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා. ඒවායේ නම් විතරයි වැඩ නැහැ.

රටකට නිදහසක් තියෙන්න ඕනේ. අද බොරුවට එල්ලුම්ගහ අරක මේක කියලා මේ බලන්න කියන ඒවා. දැන් එල්ලුම් ගහ ගැන කතා කරන්න පටන් ගත්තා. මෙතුමාලාගේ එක්කෙනා කිව්වේ කඩුව ගැන. දැන් කඩුව ඇතුළට දැම්මා. ගත්තා එල්ලුම්ගහ.

දැන් පාකිස්තාන් ලණුවෙන්ද එල්ලන්නේ. නැත්නම් අපේ කඹෙන්ද එල්ලන්නේ. දැන් වාදෙ. හැබැයි ඒකට නිදහසක් නෑ අපේ රටේ දැන්. අරෙහෙ යුරෝපා හවුලෙන් කියනවා එල්ලුවොත් ට්ඉර්ථී බදු සහනය දෙන්නැතිලු. අන්න රටේ නිදහස නැතිවෙච්ච එක. ඔන්න ඕවට තමයි මහින්ද මහත්තයා නැඟී සිටියේ. මහින්ද මහත්තයා කිව්වා මේක උඹලගේ කොලනියක් නෙවෙයි. අපි නිදහස අරගෙන දැන් අවුරුදු ගාණක් වෙනවා. උඹලා එන්න එපා කියලා. එදා මිලි බෑන්ඩ්ලා පුෂ් කරන්න හැදුවේ ඒකයි. ඒකයි මේ කියන්නේ. මෙන්න ජාත්‍යන්තරය යාළු කරපු විදිය. මොකක්ද වෙලා තියෙන්නේ. එල්ලුම් ගහ කරන එකත් එහෙන් අහන්නෝනේ. මෙහෙම බෑ තීන්දු ගන්න. රටේ නිදහසට වෙච්ච දෙයක්. ඔබේ නිදහස ගැන මොනවද කතා කරන්නේ. වැඩක් නෑ.

ඒ කාලේ බෙදුවේ සිල් රෙදි – දැන් බෙදන්නේ කුඩු. සිල් රෙදි බෙදපු අය අද හිර ගෙවල්වල. අද කුඩු බෙදන අය ඉන්නේ කොයි ගෙදරද? රජ ගෙදර. මම නෙමෙයි ඒක කියන්නේ ඔබලා. සුනාමියෙන් විනාශ වුණු, යුද්ධයෙන් විනාශ වුණු මේ රටට ඊටත් වැඩිය විනාශයක් මේ ආණ්ඩුව කරලා තියෙනවා.

සමහරු කියනවා විනාශ වුණහම කොහොමද හදන්නේ කියලා. ඒක අපි හදනවා. අපි මේ රට ගන්නකොට අපිට භූමිය අහිමි වෙලා තිබුණේ. මුහුදු තීරය නැතුව තිබුණේ. බස් ටික තිබුණේ ඩිපෝවල කොට උඩ.

අපි ලංගම හැදුවා. බස් ටික දුන්නා. හැම දෙයක්ම කළා. මහින්ද ජනාධිපතිතුමා කියන්නේ කියන දේ කරන, කරන දේ කියන නායකයෙක්. ඒක නිසා මහින්ද ජනාධිපතිතුමා නැවත මේ මවුබිම ගොඩනඟනවා කියන පොරොන්දුව අපි දෙනවා.

 

They are taking revenge because I refused a ministerial portfolio – Johnston

July 23rd, 2018

Former Minister Johnston Fernando stated at the Colombo Magistrate’s Court that, he is being charged against by the Bribery Commission because he rejected a ministerial portfolio offered by the Yahapalana government.

A case against Fernando, filed under the Bribery act for not providing assets and liabilities for the year 2010, was taken up today (23) at the Colombo Magistrate’s Court.

Defendant former minister Fernando made a statement that he was offered a ministerial portfolio by the President Sirisena after his victory in 2015, which he rejected.

According to him, they have been taking revenge against him and the series of charges filed under the Bribery Act against him is also an act of revenge.

He says that, measures have already been taken to produce the assets and liabilities for year 2010 to the President and the charge against him is baseless; therefore, he pleaded the court to acquit and release him.

Recording the statements from Johnston Fernando has concluded and Colombo Chief Magistrate Ranga Dissanayake ordered that the evidence of the defense be called on August 29th.

JO will abort ‘federal demon baby’ before its birth – Gammanpila

July 23rd, 2018

By Tharindi Pabasara Courtesy Adaderana

There is a risk of the proposed new Constitutional Draft being clandestinely included on the same day of the debate on 20th Amendment, says Pivithuru Hela Urumaya (PHU).

The General Secretary of PHU Udaya Gammanpila stated this addressing a press conference in Colombo, today (23).

According to him, the bill that is to be presented to the parliament on the August 7 is not regarding the abolition of Executive Presidency, but of the foundation for establishing a federal constitution.

He further stated that the Joint Opposition MPs will take action to abort this ‘federal demon baby’ before its birth.

ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..

July 23rd, 2018

 ප‍්‍රදීප් අනුර කුමාර lanka C news

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවකට එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙවැනිම පුහු අදහස් රැසක් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව හමුවේ තැබූ බව පැවසූ රණතුංග මහතා ජනප්‍රිය සටන් පාඨවල එල්ලී හෝ තව වරක් ජනාධිපති පුටුවට පැන ගැනීම ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ සංවිධාන නියෝජිතයන් පිරිසක් මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22) හමු වූ අවස්ථාවේදීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..

තමන්ගේ ජනාධිපති ධූර කාලසීමාවේ අන්තිම හරියට ළංවීගෙන එනකොට දැන් ජනාධීපති සිරිසේන මැතිතුමා සිංහයෙක් වෙලා. අවුරුදු තුනකට පස්සේ තමයි එතුමට මතක් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති තමන් කියලා. හිටිහැටියේ ඒක මතක් වෙච්ච ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්‍ එල්ලලා මරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා.

හරියට හොයලා බැලුවොත් එතුමට පෙනෙයි පහුගිය අවුරුදු තුනේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වුණේ කියලා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මරණ බියෙන් රට පැනලා හිටපු පාතාලයෝ ටික ආපහු ලංකාවට ආවේ සිරිසේන මහත්තයා බලයට පත්වුණාට පස්සෙයි. ඒ පාතාලයන් ලංකාවට ගෙන්නුවෙත් එතුමා ළඟම ඉන්න කැබිනට් ඇමැතිවරුන්ගේ මැදිහත්වීමෙනුයි.

මේ රට අරාජික, පාතාල රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රධාන වගඋත්තරකරුවා සිරිසේන මහත්තයාම තමයි. කුඩු ‍ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි. ජනාධිපතිවරයාට බලයේ ඉන්න  තියෙන්නේ අවුරුද්දකට මදක් වැඩි කාලයක්. බලය ගිලිහෙන මොහොත ළංවෙනකොට එතුමා බොරු සිංහ පාට් දාන්න ගන්නවා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදිත් මේ වගේ ගැලරි ටෝක් දිදී පපුවට ගහගනිමින් රට වටා ගියා. කෝ අද ඒවා ක්‍රියාත්මක වුණාද? එතුමා හදන්නේ එල්ලුම් ගහේ එල්ලිලා හෝ ගොඩයන්නයි.

ජාතික සම්පත් විකුණලා දානකොට සිරිසේන මහත්තයා ඉන්නේ බීරෙක් වගෙයි. හම්බන්තොට විකුණුවා. දැන් මත්තල විකුණන්න යනවා. අඩුගාණේ එතුමා ඒ ගැන වචනයක්වත් කියලා නැහැ. හැබැයි මත්තල ගුවන් යානා එන්නේ නැහැ කියලා විකුණන ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ගම වන පොළොන්නරුවේ හිඟුරක්ගොඩ අලුත් ගුවන්තොටුපොළක් හදන්න යනවා.

මේවා තමයි ලොකුම විහිලු. ගුවන් යානා එන්නේ නැත්නම් මත්තල තවදුරටත් දියුණු කරලා ගන්න එකට වඩා අලුත් ගුවන්තොටුපොළක් හදන එක රටකට වාසිදායකද වෙන්නේ කොහොමද කියලා අපි අහනවා. මේ හදන්නේ මත්තල විකුණලා කොමිස් ගහන ගමන් හිඟුරක්ගොඩ අලුතෙන් හදලා තවත් කොමිස් මුදලක් සාක්කුවේ දාගන්නයි.

රනිල් වික්‍රමසිංහයි එයා වටේ ඉන්න මලික්, කබීර් වගේ ආර්ථික උපදේශකයෝ ටිකයි තව අවුරුද්දක් බලයේ හිටියොත් මේ රටම විකුණලා දායි. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු හොරු රැලට රටම කොල්ල කන එක ලොකු දෙයක් නෙමෙයි. එල්ලුම් ගස් දාහක් හරි ක්‍රියාත්මක කරලා එල්ලලා මරන්න ඕනේ මේ වගේ හොරුයි කියන එකත් අපි ජනාධිපතිවරයාට‍ මතක් කරනවා.

රටම විනාශ කරලා දාපු මේ හොරු රැලට එරෙහිව පියවර ගන්න තරම් හයියක් සිරිසේන මහත්තයාට නැහැ කියලා අපි දන්නවා. ඒ හින්දා 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුවෙන් මේ යහපාලන හොරු රැලට දඬුවම් කිරීමේ වගකීම අපි භාරගන්නවා.

මහ බැංකු හොරු, හම්බන්තොට- මත්තල විකුණන් කාපු හොරු, තමන්ගේ හිතවතුන්ගේ බිල්ඩින් කෝටි ගණන් දීලා කුලියට ගත්තු හොරු ඇතුළු යහපාලන හොරු නඩයම ප්‍රසිද්ධියේ නඩු අහලා එල්ලුම් ගහට යවන කටයුත්ත අපි අකුරටම ඉටුකරනවා. කිසිම හොරෙක්ට අපෙන් සමාවක් නැහැ. පිල් මාරු කරලා අපේ පැත්තට එකතු වෙලා දඬුවමෙන් බේරෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

ආණ්ඩුවේ කාලය දැන් ඉවරයි. ඊළඟට එන පළාත් සභා මැතිවරණයෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ජයග්‍රහණය තුළින් ජනතාව පෙරටුකොට ගෙන ජනාධිපතිවරණය දක්වා ගිහින් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව කන්දෙන්නේ ජනතා හඬට පමණයි කියන එකත් කවුරුත් මතක තබා ගත යුතුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

Why Dayan Jayatilleka is promoting Dinesh Gunawardena?

July 23rd, 2018

C. Wijeyawickrema

When Mahendran crook was replaced by Coomarswamy as the CB governor politicians such as Vasudeva, Gammanpila, DEW Gunasekara or Dinesh praised the selection, not thinking for a moment that the best choice should have been an officer currently serving in the CB itself. This reflects the shades of black-whiteness that exist in these politicians, perhaps unknown even to themselves. I hesitate to call Dinesh a black-white, but his father, the father of Marxism in Ceylon had a period of full-blooded black-whiteness under Dudley. Now, the issue is why a black-white Dayan Jayatilleka (DJ) came to promote Dinesh over Gotabhaya R for the 2019 presidential race.

I oppose DJ’s choice based on reasons DJ gave for his decision (Island, 23/07/18. People in Sri Lanka will not accept Dinesh simply because MahindaR thought that Dinesh was MR’s choice. People have no way of knowing that MR has made any change in the behavior and policies he followed prior to his 2015 defeat. Based on what DJ reports Dinesh is for 13-A kind of devolution, and MR is for that because MR and Basil wants support of the big and small crooks in the PC system.

DJ reveals that GR is opposed to 13-A. But this does not mean GR and the military officers and soldiers behind him are opposed to devolution. DJ has this habit of distorting facts and taking slippery paths suitable to his changing positions and backings. It is now clear that DJ is withdrawing from his GR platform, because he got signals that his plan for 13-A plus was not accepted by those behind GR. Despite the tragedy called Wigneswaran, DJ still thinks 13-A is not a death-trap. He thinks his 13-A plan is a wall against an Eelam by pen.

The people in Sri Lanka do not want career politicians, like in so many other western and other countries. Therefore, what DJ cites as a plus for Dinesh could become a minus. GR clearly indicates a system of governance based on scientific management run by professional not in politics of corruption.

DJ talks about an ultra-right, and some military monks. As a Christian Marxist, DJ cannot fathom the grievances and discrimination faced by the Sinhala Buddhist in this island. MR got misled by an Interfaith myth and multi-cultural trap. European countries which propagated these ideas are now withdrawing from such jokes. Sri Lanka is the country of the Sinhalayas in which others ethnic groups have a right to live with dignity. India or America or EU cannot decide to alter this.

The devolution Sri Lanka needs is devolution of power to people at the Grama Raajjya level. 13-A kind of devolution is a method to divide the island into 8 or 9 pieces and destroy the Sinhala Buddhist heritage of this island. 13-A is a bribe to Tamil politicians to become rulers controlling poor Tamil people and nothing else. A proposal on how the island’s GSN units be re-demarcated using ecological boundaries was presented to the then LLRC and to president MR. MR was willing to consider that plan but Basil and Lalith Weeratunga sabotaged it. MR would have become a model ruler in the world if he implemented that plan. It would have solved the ethnic headache and the ecological, social and economic problems in the nation once and for all. As Raj Somasundara says there are 17,000 tanks in the Anuradhapura District alone, and if half of these are resurrected there would not be a food problem.

Basil created a Divinaguma monster and put the country on logs. GR began a project to beautify Colombo for the rich Tamils and Muslims, instead of using the army to repair village tanks in the dry zone. This time around, if GR comes a real Gamperaliya will take place instead of Ranil’s big jokes.

If Dinesh accepts these ideas, it odes not matter if Dinesh or GR becomes the candidate. MR should retire leaving GR and Dinesh to jointly run the country as MR has shown no signs of reforming himself.

ගිනිගත් නගරය

July 23rd, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය.

ග්රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? “හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය

හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. “ග්රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. ” මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. ” ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය

පොලිසියේ රාළහාමි කෙනෙක් ” හේමපාල ග්රාමසේවකගේ වචන ප්රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය

ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. “

හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි.

කොල්ලාට කරදරයක්වත් වෙලාද? ” ඔහු තැවුණේය. “ඉතින් ග්රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. “

හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. “

අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය.

මේක වෙන්න බැහැ. මේක වැරදීමක් ” ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා

එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි.

“මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. ” ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය.

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය.  

හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. ” ග්රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය

*****

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය.

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය.

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි.

කාගෙන්ද කෝල් එක? ” තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය

ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. ” රාජේෂ් කීවේ කලබලයෙනි

ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, ” තවරාණි මෙහිදී ඇසුවාය

කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං” මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය

පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. ” රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි.

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ” වික්‍රමරත්න රාළහාමි කීවේය.

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය.

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය.

හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට රේමන්ඩ් එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි රේමන්ඩ් එකට යමු. ” වික්රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය.

පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. “

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද, ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය.

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය.

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. අඩෝ, අපි මූව වලට දාමු, “ පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ.

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ රේමන්ඩ් මල් ශාලාවට පැමිණියේය.

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය.

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය.

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය.

පාර්වතී කටවහපං” ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. “තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා” එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය

ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. ” මිසිස් දේවරාජා තවරාණිට කීවාය. “අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. ” තවරාණිට ඇඬුම් ආවාය

“රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. ”

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. “ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය.

රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. ” මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය.

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත.

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ.

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ.

තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? ” කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය

අපි සිංහල, ” සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. “මහත්තයව ගෙදර බස්සවන්න යනවා. “

මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? ” එක් මැරයෙක් ප්රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. “ඒයි මහත්තයා, තමුසෙ සිංහල ? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. “

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය.

මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. “

අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. ” මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය

ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, “මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය.”අනේ අපේ මහත්තයට ගහන්න එපා. ” සිල්වා දෑත් එක් කොට වැන්දේය.”අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, ” මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්රදේශයට පා පහරක් එල්ල කළේය

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. අනේ අපේ මහත්තයාසිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය.

******

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, ” පාර්වතී මුර ගෑවාය

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි.

“මොකද ඔහේලා මෙහේ කරන්නේ. ” ඇය උස්හඬින් ඇසුවාය. නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. “ මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි.

මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. “

නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. ” ඔහු පෙට්ට්රල් බූලියක් අතට ගත්තේය

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින ජිනාලංකාර  හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය.

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි.

උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? “

මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. “සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය.

සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. ” භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත

උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. “

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ.

*****

තම පුතාගේ හත් දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟ වැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය.

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය.

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරු පවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

සිල්වා මොකද වුණේ? ” හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. “නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? “

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. “

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. “ ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. “

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය.හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

වෛද් රුවන් එම් ජයතුංග 

PLIGHT OF THE ELDERLY IN SRI LANKA

July 22nd, 2018

Dr. Daya Hewapathirane

The elderly population (over 60 years) in Sri Lanka amounted to 2.5 million or 12.5% of the total population in 2012.  In three years or by 2021, Sri Lanka’s elderly population is expected to increase to 3.5 million (this compares roughly with the total population of Colombo and Kandy districts in combination). The large majority of the elderly in Sri Lanka live under most despicable conditions. Neglect from all sides, children and relatives, the Government and inability to cope with rising cost of living are making their lives not worth living. Increasing numbers of the older population are resorting to suicide as an escape from their unhappy lives. Most of these older individuals are having everything taken away from them in terms of their work, their health, their families, friends, and find their role totally diminished. For some of them, taking their own life is the only option that they have. Suicide rates are particularly high in farming areas and in commercial plantations particularly among the elderly men. Hanging themselves and consumption of insecticides and pesticides, were the primary modes of their suicide.

Among primary reasons for this sad plight are isolation, poverty, chronic health problems such as diabetes, heart conditions, kidney malfunction, depression and frustration and lack of necessary health and welfare services, acute financial burdens with the rising cost of living, broken family bonds, migration of children overseas, and lack of care from the government.

The vast majority of families, owing to diverse reasons, mainly financial, find it difficult to care for the elderly. All Governments in recent decades have failed to provide for the elderly. It is disgraceful that the present Ministry of Social Empowerment provides a mere Rs 25,000 to each of the few elderly care centres in the country. There are nearly 250 Elders’ Homes in the country sheltering about 6775 elders and with long waiting lists. A major drawback in Elders’ Homes is that they take in only those who can look after themselves and not elders in fragile health.

Elders’ care should be a collaborative partnership between the government and private sector. Politicians should be aware that the elderly form a substantial vote bank and taking more interest in helping them can lead to an increase the political mileage that our politicians are keen on developing. There is the urgent need in all administrative districts, for the establishment of more Elders Homes with especially with government initiative and with assistance and collaboration of the private sector and philanthropists both local and foreign.

Buddhist, Hindu, Christian and other religious organizations should be in the forefront in actively assisting the helpless elderly. Establishing Elders Homes is a priority where special programs could be developed and executed for the benefit of the helpless elders. The tendency among most elderly people is towards spirituality and religion during their sun-set years. This is especially true among Buddhists. Bhikkhus in temples with the cooperation of devotees, can find the time to organize and coordinate suitable assistance programs, including religious programs in temples focused on the welfare of elders.

Universities, schools, and other public bodies, including the private sector agencies should be encouraged by the government to be involved in charitable and welfare activities, to help ameliorate the conditions of the elderly. Volunteer projects should be organized in universities and colleges to assist the senior citizens of the country living in Elders Homes. In most Elders homes the elders suffer from boredom and loneliness. There is boredom that comes from living in a scheduled and somewhat regimented facility. They are not able to get out and interact with the outside world, see different kinds of people, and be energized and less bored with life. The media also can assist by providing more publicity to the plight of the senior citizens of the country and the conditions of the Elders Homes, thereby generating public interest in helping the helpless elderly population of the country.

In the world, the number of persons aged 60 and over is increasing at an unprecedented pace. It is expected to reach 1 billion by the end of the decade. Today, two-thirds of the world’s older people live in low-and middle-income countries and this proportion will rise to 80 per cent by 2050. While some continue to lead active lives as part of their community, many others face homelessness, lack of adequate care or isolation and more susceptible to disease, syndromes, injuries, and sickness. Discrimination, poverty, violence, and abuse as well as the lack of specific measures and services are among the main human rights challenges faced by the older generation.

Dr. Daya Hewapathirane

daya.hewapathirane@gmail.com

ගම් පෙරළියෙන් තව පිම්මක් වැව් ඝාතනය ජනතාව අතට

July 22nd, 2018

මතුගම සෙනෙවිරුවන්

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගම් පෙරළිය නව කතාව ලියන ලද්දේ විසිවන සියවස මුල් භාගයේ දකුණු පළාතේ ගමක සිදුවූ සමාජ පෙරළිය පාඨකයා වෙත සංනිවේදනය කිරීමටයි.ඔහු ඉන්පසු කලියුගය සහ යුගාන්තය රචනා කරමින් නව ලිබරල් ධනවාදී පෙලැන්තියක් විසින් ගමේ මෙන්ම නගරයේද බලය ලබා ගන්නා හැටි  විවරණය කරයි. මෙරට වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගම් පෙරළිය ආරම්භ කිරීමට නිකවැරටිය ප්‍ර දේශයේ මඩත්තව වැවේ දී ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේය. එහි පැවති උත්සවයේ දී සිය කතාව පවත්වමින් ඔහු කියන්නට උත්සාහ කලේ කුමක්ද. මෙතෙක් කල් වැව් වල මඩ සහ වැලි ඉවත් කළ කොන්ත්‍රාත් කරුවන් අතට ගිය මුදල් ගමේ ගොවි සංවිධානයට ජනතාව අතට ලබා දෙන බවයි.

        මෙරට ජීවමානව පැවති වැව් තිස් දහසකට අධික බව පැරණියන් කියති. එයින් තවමත් පහලොස් දාහකට අධික සංඛ්‍යාවක් ජීවමානව ක්‍රියාත්මක වෙයි.වැවක මූලික අරමුණ කුඹුරට ජලය සැපයීම යන්නෙන් අර්ථ කථනයක් තිබුණද. එය ප්‍රථම අරමුණ නොවේ. වැවේ මූලික අරමුණ වනුයේ පොළවේ පවතින භූගත ජලය ඉහළට ඔසවා හාත්පස පරිසරය තෙත්ව තබා ගැනීමයි. අහස් වැව් මූකලන් වැව් වැනි  වැව් බඳවන ලද්දේ ජල සම්පත මැනවින් ලබා ගෙන භූගත උල්පත් ආරක්ෂා කරමින් වන සතුන්ටද ඉන් ප්‍රයෝජනයක් ලැබෙන පරිද්දෙනි. මහ වැව් නිර්මාණය කළ පසු එවාට දිවෙන අගාර පාරවල් හරස් කර කුළු වැව් බඳවන ලද්දේ මහ වැව් රොන් මඩ වලින් පිරී යෑම වළක්වාලීමටයි. එම කුළු වැව් පද්ධතියද වන සතුන්ට බෙහෙවින් ප්‍ර යෝජනවත් වූ බව පැවසිය යුතුය.වැව ආහාර ගබඩාවකි. වැව සමග තිබෙන ගම්ගොඩ ස්වයං පෝෂිතආර්ථකයකි.වැව අයිති ගමේ සංස්කෘතියටයි. එම නිසා වැව මවක් මෙන් රැක ගැනීමට වැව් භාර මුතුන් මිත්තන් ගේ අදිටන විය.

      නමුත් යටත් විජිත සමයේ ඉංග්‍රීසීන් ගේ මුල් වෑයම වූයේ වැවෙන් ගම ඈත් කොට රාජකාරිය තහනම් කොට ස්වයං පෝෂිත භාවය නැති කිරීමයි. වැව් දෙකඩ කොට ඒ උඩින් මහා මාර්ග ගමන් ගත්තේ ඓහෙයිනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙරට පිහිට වූ පසු කුඩා වැව් සලකන ලද්දේ පොල් කටු වැව් විලසිනි.  කාර්යක්ෂමතාවයක් නැති කුඩා දිය කඩිති වැනි කුඩා වැව් තිබීමෙන් පලක් නෙවන බැව් කී වාර්මාර්ග අධයක්ෂ වරුන්ද එකල සිටියහ. මහවැලි ව්‍යාපාරය දියත් කළ පසු ග්‍රාමීය වැව් රාශියක් ඝාතනයට ලක් විය. මහවැලි එච්.කලාපයේ පමණක් වැව් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ඩෝසර කොට උලුප්පන ලද්දේය. මින්නේරිය මහ වැවේ තිබූ කුලු වැව් පද්ධතිය විනාශ කර කොට ඉහත්තාවේ තේක්ක වගාව ප්‍රචලිත කරවීය. සමහරක් වැව් එහි අගය නොසලකා කුඹුරු අස්වැද්දුමට යොදවා ගැණුනි.අදටත් උතුර දිග තැනිතලා ප්‍ර දේශ වල තනිවුණු වැව් එල්ලංගා පද්ධති රාශියක් පවතී. ඒවා පෝෂණය කළ මහ වනය ඝාතනට ලක් වීමෙන් විශේෂයෙන්ම අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිවිපාක වශයෙන් ඉස්මතු වූ වල් නාශක සහිත හේන් ගොවිතැන නිසා මහා වනස්පති මෙන්ම කටු පඳුරු ළඳු කැලෑ පැවති පරිසරයම මුඩු බිම් බවට පත් වී තිබේ. විල්පත්තු වන විනාශයේ දී ඝාතනය වූ කුඩා වැව් සංඛ්‍යාව ගැන තවමත් ගණන් තබා නොමැත.

           වැවත් සමග ගැමි දිවියේ සාමූහිකතවය ප්‍රකට වූ බව පැරණියන් දනිති. ගම් සභාව හෝ වරිග සභාව රැස් වූ කල්හි වැව ගැන ගම ගැන තීරණ දෙන්නට ඔවුහු සමත් වූහ. වෙල් විදානේ විල්ලඹු ආතා නැකැත් රාළ ගමරාළ ආදී ගමේ වැඩිහිටියන් අතින් වැවත් කුඹුරත් හේනත් පරිසරයත් වන සතුන් ආදී අපා දෙපා සතුන් සමග තිබූ සහ ජීවනයත් ආරක්ෂා කර ගන්නා ලද්දේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පිහිටුවා ලීමෙන් පසුව මෙරට ගොවි සංවිධාන ඇති විය. ඒ හා සමගාමීව ගමේ ශ්‍රමදාන සංගම් ඇති වී ගමේ වැඩිහිටයන් අතින් ගමේ නායකත්වය ගිලිහිණ. ගමේ අමුණ ගමේ වැව ඇළ දොළ ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ගැනීම ඇරඹීණ. කොන්ත්‍රාත් ගැනීම යනු ගොවි සංවිධානයේ අරමුදල තර කර ගැනීමට කරන වැඩ කටයුත්තකි. ශ්‍රමදානය මගින් ගමට දේශපාලන පක්ෂ වල ආධිපත්‍ය කැන්දාන පැමිණියහ.වැව ඝාතනය ඇරඹුණේ එලෙසයි. නමුත් විසිවන සියවසේ අග භාගය පමණ වන තෙක් පැරණි වැඩිහිටයන් ගම් වල ජීවත්ව සිටි හෙයින් වැව් ඝාතනයට රිසි සේ අවසර නොලැබුණි.එදා වැව් වල රොන් මඩ ඉවත් කෙරුණේ කට්ටි කැපීමෙනි. මහා වැව් වලට රොන් මඩ පැමිණීම හැකිතාක් වළක්වනු ලැබිණ. ඒ සඳහා ඉස්වැටි පෝටා වැටි යොදා ගත්හ. නියන් කාල වලදී කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරගන්නා ලද අතර උලපත් ජලය බහුල එම පරිසරය පුරාන වාරි සම්ප්‍රදාය ආරක්ෂා කර ගත්හ.

       පස් ලෝඩර් සහ ඩොසර් ලංකාවට බහුල වශයෙන් ගෙන්වන ලද්දේ ඉතාමක් මෑතකදීය. මේ යන්ත්‍ර සූත්‍ර නිසා සංවර්ධනයේ විශාල විපිරියාසයක් සිදු විය. මහා කඳු පොළවට සමතලා වූ අතර වගුරු ගොඩ වුණි. තෙතමනය සිඳී ගිය අතර වැව් කපා දැමිණ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගේ  සමයේ දී වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතියක් ඇරඹිණ. එහිදී වූ යේ වැව් වල රොන් මඩ ඉවත් කිරීමයි. මේ සඳහා යොදවා ගන්නා ලද මහ යන්ත්‍ර සූත්‍ර නිසා විශාල විනාශයක් සිදු වූ බව මගේ විශ්වාසයයි. ඉඳි කිරීම් ක්ෂේත්‍රය පුලුල් වී යෑමත් සමග වැලි සැපයීම මහා ජාවාරමක් බවට පත් විය. ගංගා ඇළ දොළ වල වැලි හිඟ වීමත් සමග වැව් තාවුලු වල වැලි කැපීම ඇරඹිණ. මේ වෑයමට මුල් කාලයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පරිසර අංශ වලින් විරෝධය පළ විණ. එහෙත් පසුව  මේ කටයුත්ත ඉතා වේගයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්තව ගියේය. එහි උච්ච ප්‍රාපතිය යාන් ඔය වැලි නිධිය හෑරීමයි. යාන් ඔය පිටාර නිම්නය තුළ ගොවිතැන් කරමින් සිටි ජනතාව ඉන් පළවා හැරීම මුලින්ම සිදු වූ අතර ඔවුනට රිසි සේ වන්දි ගෙවීමක් පවා නොකළහ. අනතුරුව මේ වැලි කොන්ත්‍රාත්තුව දේශපාලකයන් ගේ ගජ මිතුරන් අතට හුවමාරු විය. විශේෂයෙන්ම යහ පාලන  ආණ්ඩුව බලයට පත් වූ පසු එවකට සිටි වාර්මාර්ග ඇමැති ගේ ගෝල බාලයන් මෙයට වහ වැටිණ.  අද එය මහා පරිමාන වැලි මංකොල්ල කෑමකි.

       ගොවිතැනත් බතත් සමග ගමත් වැවත් තවමත් හැල්මේ  ගමන් කරති.නව ලිබරල් ආර්ථික ප්‍රවණතා කුමක් තිබුණද ග්‍රාමීය ආර්ථිකය තමන්ට අවශ්‍ය පරිදි සංස්කෘතියට පරිසරයට ගැලපෙන පරිදි හැසිරවෙයි.හම්බන්තොට වරාය මත්තල තුවන් තොටුපළ ආදී ජාතික සම්පත් පිටරට විකිණෙන අවස්ථාවක ගමට හුදකලාව සිය අනන්‍යතාවය රැක ගෙන පැවතීම ලිබරල් ව්‍යවසායකත්වයට බාධාවකි.යහපලනයේ අධර්මිෂ්ට බව නිසාම රටට වැහි නැත. කන්න හයක් දැන් රජරට වැසි නැතිව ගොවිතැන් කර නෙමැත. කෘෂීරසායන යන්ත්‍ර සූත්‍ර ගමට ගෙනවුත් අලෙවි කරමින් ඇති කළ පෙරළිය. තව දුරටත් ඉදිරියට ගෙනියන්නට නම් ගම සහමුලින්ම විවෘත විය යුතුය. වැව ගැන ගම්ගොඩ ගැන ගැමියාගේ තීබූ පහන් හැඟම් මාතෘත්වය ඉවත් විය යුතුය. වැව් හාරා වැලි පැටවීම ගමට භාර දෙන්නට යහපාලනයට අවශ්‍ය තිබෙන්නේ මේ නිසයි. බිලියන අසූවක් ගම්මාන වලට මුදා හැරි පසු වැවත් ගමත් ඝාතනය වනු නියතය. මුදල් ඉදිරියේ  ගම කළඹවන්නට මෙන්ම ඒ මගින් චන්ද කුට්ටිය කඩා ගන්නටද දේශපාලකයන් දක්ෂය.එවිට.ගමේ ඇති කළ හැකි නවීන සංවර්ධනය ඉඳි කිරීම් ගැන කතා කරන්නට ප්‍රමුඛත්වය ගන්නට ගමට නොහැකිය. එයට මැදිහත් වීමට චීනා හෝ ඉන්දියන් දෙමළා ගම වදිනු නිසැකය. ඉක්ටා මෙන්ම සිංගප්පූර් වෙළෙඳ ගිවිසුම් වල තිබෙන භයානක සැලසුම් ගැමියන් ලවාම ක්‍රියාත්මක කරලීමට ඇරඹි ගම් පෙරළිය රනිල් වික්‍රමසිංහ  ගේ ගම් පෙරළිය බව අප තේරුම් ගත යුත්තේ එහෙයිනි.

මතුගම සෙනෙවිරුවන්

”යුක්තියට හ`ඩක්” – Voice for Justice” සංවිධානය

July 22nd, 2018

මාධ්‍ය නිවේදනය සභාපති මාධ්‍ය ප‍්‍රකාශක යුක්තියට හ`ඩක් සංවිධානය

2015 ජනවාරි 08 වන දින පිහිටුවාගත් ආණ්ඩුව විසින් සමස්ථ රාජ්‍ය සේවය තුළ හා ආයතනයික ව්‍යුහයන් තුළ පිළිගත් නීතිරීති හා සම්ප‍්‍රදායන්ට පරිභාහිරව යමින් මෙරට ජන සමාජය තුළ ආරම්භ කළ දේශපාලන පළිගැනීම් කි‍්‍රයාවලිය නිසා අපහසුතාවට, හිරිහැරයට, අවමානයට, අසාධාරණයට මෙන්ම ගැරහුමට ලක්වූවන්ගේ හ`ඩට සවන් දී, ඔවුන් වෙනුවෙන් පෙනීසිටිමින් ඔවුනට සාධාරණය ඉටුකරදීම ස`දහා ”යුක්තියට හ`ඩක්” සංවිධානය ආරම්භ කළ බව සියලූ රට වැසියන්ට ඉමහත් වූ ගෞරවයෙන් ප‍්‍රකාශ කර සිටිමු.

ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, අන්‍යාගමික නියෝජනයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ නිලධාරීන් හා සේවකයින්, සම්භාවනීය පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, රණවිරුවන්, කලාකරුවන්, සංගීතවේදීන්, කී‍්‍රඩකයින්, නිර්මාණකරුවන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයින් සහ සිවිල් පුරවැසියන් ඇතුළුව තමන්ට දේශපාලන වශයෙන් බලපෑමක් හෝ අභියෝගයක් වේ යැයි සිතන දෙස් විදෙස් ඉලක්කගත පිරිස් දේශපාලනයමය වශයෙන් පළිගැනීමකට ලක් කර, බිය ගන්වා, ඔවුන්ගේ චරිත ඝාතනය කර කි‍්‍රයාත්මක කරන අත්තනෝමතික කි‍්‍රයාකලාපය හේතුවෙන් අපහසුතාවට පත් වන සියලූ දෙනා වෙනුවෙන් මෙම සංවිධානය ඉදිරියට කි‍්‍රයාත්මක වේ. මෙම සංවිධානය දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් වෙනුවෙන් කටයුතු කරන අතරම රටේ දේශපාලන, ආර්ථික, සමාජීය කි‍්‍රයාවලිය පිළිබ`ද නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරයි.

මෙම සංවිධානයේ ආයතනයික ව්‍යුහය වන්නේ විශේෂ උපදේශක මණ්ඩලයක්, සම සභාපතිවරු දෙදෙනෙකු, ලේකම්වරයෙකු, භාණ්ඩාගාරිකවරයෙකු, ප‍්‍රධාන සංවිධායකවරයෙකු (කැදවුම්කරුවකු*, උපසභාපතිවරු දෙදෙනෙකු හා උප ලේකම්වරු දෙදෙනෙකු වේ. සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ලෙස ශී‍්‍ර ලංකා පරිපාලන ක්‍ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා කටයුතු කරයි. සංවිධානයේ ලේකම්වරයා ලෙස නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා කටයුතු කරන අතර ප‍්‍රධාන සංවිධායක ලෙස ප‍්‍රවීන මාධ්‍යවේ දී රොහාන් වැලිවිට මහතා කටයුතු කරයි.

උක්ත කි‍්‍රයාවලිය නිසා රට තුළ කඩාවැටී ඇති සමස්ථ රාජ්‍ය සේවය, රටේ යහපතට බලගැන්විය හැකි ලෙස නැවත ගොඩ නැගීම ස`දහා ආණ්ඩුවට බලකිරීම මෙන්ම මාධ්‍ය ආයතන වසා දමා මාධ්‍යට තර්ජනයකර බියගන්වා සිදුකරන සියලූ ක‍්‍රියාකාරකම් පිළිබ`දව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරීම ද අප සංවිධානය විසින් සිදුකරනු ලබයි. වර්තමාන හවුල් ආණ්ඩුව සිදුකරන දේශපාලන පළිගැනීම්වලට හා හිංසාවලට ඔබ හෝ ඔබ දන්නා අයෙකු කුමන හෝ අයුරකින් මුහුණ දුන්නේනම් ඒ පිළිබ`ද සියලූ තොරතුරු අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු. එම තොරතුරු සංවිධානයේ ලිපිනයට, දුරකතන අංකයවලට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකළ හැකි අතර ඒ සියලූ තොරතුරු පිළිබ`ද විධිමත් සොයාබැලීමකින් හා අධ්‍යනයකින් පසුව සාධාරණය ඉෂ්ට කිරීම ස`දහා ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට බලපෑම් කිරීම හා ඒ ස`දහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සංවිධානය මගින් සිදුකරනු ලබයි. ඔබගේ තොරතුරු යොමුකළ යුතු ලිපිනය හා දුරකතන අංක පහත ස`දහන් වේ.

ලිපිනය: යුක්තියට හ`ඩක් සංවිධානය, අංක: 76, පූර්වාරාම පාර, කොළඹ – 05.
විද්‍යුත් තැපැල් ලිපිනය: info@vforj.org
වෙබ් අඩවිය: www.vforj@org
දුරකතන අංක: 0774054198, 0703558668, 0714115252

ස්තුතියි.
එස්. අමරසේකර
සභාපති මාධ්‍ය ප‍්‍රකාශක
යුක්තියට හ`ඩක් සංවිධානය යුක්තියට හ`ඩක් සංවිධානය

Let us foil the government’s attempt to reveal the sources of information from journalists

July 22nd, 2018

Chathura De Alwis Chairman National movement for web journalists.

National Movement for Web Journalists shows their strong displeasure for summoning the co editor of Rivira Newspaper Tissa Ravindra Perera to the terrorist investigating department and urging him to disclose the source of information of the articl published in the Sunday Rivira newspaper on the 24th of last month under the caption “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී”

The letter forwarded by the TID D/TID/OUT/8742/18 collecting information of the investigation” indicates the reason to summon journalist Tissa Ravindra is to obtain a statement statement relevant report he gave to the newspaper about the investigation he conducted”අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී”

When co editor Tissa Ravindra visited the TID last 20th he was continually questioned for about five hours about how the source of information obtained. Tissa in many occasions before, has revealed informations about terror activities risking the national security and the latter bears an ability to gather information from responsible parties.From the caption of the newspaper it was revealed, few terrorists who were taken into custody with the possession of explosives and claymore mines in the Oddusudan area last July 22nd.

From nonstop questioning by the TID regarding the source of information obtained it is clear the intention of the government is not to prevent the rising of the terrorists but to prevent the embarrassment the current government facing regarding the exposure.

We never challenge the rights of the security forces of the country about the investigations into alleged incidents risking the national security and about corruptions and crimes carried out by the politicians. But however by trying to reveal the source of information, if the government under the pretext is trying to risk the lives of the journalists, the movement of web journalist would defeat such attempts and will stand against those.

During the past few days various groups within the government has influenced journalists about the source of information’s obtained. The government mechanism has also started to intimidate the journalists.

Recently Kollupitiya police called Neth FM and collected contact numbers of listeners who gave calls and summoned them to the police. Further the CID collected information of journalists Lasantha Weerakulasuirya and Gayathri Ginganarachchi for the news published in Dinamina and Lakbima newspapers on the 25th of May 2018 about thesteps taken by the security forces for the commemoration of fallen heroes in the north and south during last May. Above are examples of

the state suppressing mechanism against media.

Therefore the campaign for the web journalists strongly emphasize the president, prime minister and the relevant sources of the government who came to power pledging to protect journalists to stop jeopardizing the lives of journalists under the pretext of national security.

Thank You,

Chathura De Alwis

Chairman

National movement for web journalists.

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු!

July 22nd, 2018

චතුරංග ද අල්විස් සභාපති වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

“අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව පසුගිය 24 වැනිදා රිවිර ඉරිදා සංග‍්‍රහයේ පළකරන ලද ප‍්‍රධාන පුවත පිළිබඳ ප‍්‍රකාශ සටහන් කරගැනීම සඳහා රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා ලිපිය මගින් අනාවරණය කළ තොරතුරු වල මුලාශ්‍ර හෙලිකරන ලෙසට බලපෑම් කිරිම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි අප්‍රසාදය අදාළ පාර්ශවයන් වෙත පලකරමු. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින්  D/TID/OUT/8742/18 දරණ අංකය යටතේ “විමර්ශනයකට අදාලව විස්තර ලබා ගැනිම් සදහා” යනුවෙන් යොමුකර ඇති ලිපියේ දක්වා ඇත්තේ “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” ශිර්ෂය යටතේ සිදුකර ඇති වාර්තාව සම්බන්ධයෙන් අදාළ වාර්තාව පුවත් පතට සැපයු මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරාගෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනිමට ඇති බවයි.

අදාළ ඉල්ලිමට අනුව ජුලි මස 20 වැනිදා පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශට ගිය රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප‍්‍රශ්න දිගින් දිගටම විමසා ඇත්තේ අදාළ මුලාශ්‍ර ලබාගත් ආකාරය ගැනය. ජාතික ආරක්ෂාවට අනතුරක් එල්ල වන ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳව අවස්ථා ගණනාවකදිම තිස්ස රවීන්ද්‍ර පෙරේරා අනාවරණයන් රැසක්  සිදු කර තිබෙන අතර ඒ සදහා වගකිව යුතු පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගැනිමේ හැකියාවක් ඔහු සතුව පවතී.

අදාළ සිරස්තලයෙන් හෙළිදරව් කරනු ලැබ ඇත්තේ පසුගිය ජුලි මස  22 වැනිදා ඔඩ්ඩුසුඩාන් කැලෑවේදී ක්ලේමෝ බෝම්බයක් ඇතුළුව පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුනු ත‍්‍රස්ත සාමාජිකයන් සම්බන්ධයෙන් වන අතර අදාළ වාර්තාව බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු පදනම් කරගනිමින් සකස් කරන ලද්දක් බව ද පෙනීයයි. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මාධ්‍යවේදියා කැදවා දිගින් දිගටම මුලාශ්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම හරහා මනාව පැහැදිලි වන්නේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ත්‍රස්තවාදීන් යලි හිස එසවිමට දරණ උත්සහය ව්‍යාර්ථ කිරිම නොව අදාළ අනාවරණයන් හරහා වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්විම වලක්වා ගැනිම පමණක් ඔවුන්ගේ පරමාර්ථය වි ඇති බවයි.

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිද්ධියක් මෙන්ම පාලකයන්ගේ හොරකම්,මැරකම් මෙන්ම දුෂණයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරන අනාවරණයන් සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයන්ට අදාළව තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනිමට රටේ වගකිවයුතු ආරක්ෂක අංශ වලට ඇති අයිතියට අප කිසිවිටක අභියෝග නොකරමු. නමුත් ඒ මුවාවෙන්  මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටත් ගන්නා උත්සහයන් පරාජය කලයුතු වන අතර ඒ වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර නොබියව පෙනී සිටින බවද අවධාරණය කර සිටිමු.

පසුගිය ආසන්න දින කිහිපයකදිම මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර වලට ආණ්ඩුවේ විවිධ තරාතිරමේ කණ්ඩායම් බලපෑම් එල්ල කල අතර එහි වර්ධනීය තත්ත්වය ලෙස රාජ්‍ය යාන්ත්‍රණයද මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ආරම්භ කොට ඇත.

පසුගියදා මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල කරමින් කොල්ලුපිටිය පොලිසිය නෙත් එෆ්.එම් වෙත දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රාවකයින් ගණනාවකගේ දුරකථන ඇමතුම් විස්තර ලබා ගෙන ඒ අනුව එම ශ්‍රාවකයින් පොලිසියට කැදවිමත්,මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චිගේ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රැස් කිරිමට ගැනිමත් රාජ්‍ය මර්දන හස්තය මාධ්‍ය වෙත යොමුවෙමින්  තිබෙන බවට ආසන්නතම උදාහරණ වේ. 

ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ  ජිවිත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

ස්තූතියි! 

මෙයට,  

චතුරංග ද අල්විස්

සභාපති

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

Pakistan:  Ahmadiyya Community announces disassociation from the General Elections 2018.

July 22nd, 2018

by A. Abdul Aziz.

 

According to reports, voters belonging to Ahmadiyya Community in Pakistan boycott the July 25 elections in Pakistan to protest the discriminatory” move to have a separate voter list for them.

 

Though the elections are being held under a joint electoral system, there is a separate voter list for the Ahmadiyya Community in the country.

 

The forms issued for the registration of the voters include religion box and oath-declaration. Under the current circumstances, for the Ahmadis to cast votes they first have to distance themselves from Prophet Muhammad (PBUH) and this is something that no Ahmadi can countenance,” said, a spokesman for the Ahmadi community in Pakistan.

 

All religious groups including Muslims, Hindus, Christians and Sikhs are part of a voter list, whereas in the case of Ahmadis, a separate voter list is being prepared, bearing the titles Qadiani men/women”.

 

This discriminatory treatment on the basis of religion is a deliberate attempt to disenfranchise the Ahmadis of Pakistan…deny them their right to vote. Such prejudicial behaviour is an open violation of Pakistani Ahmadis’ rights as citizens of the state and goes against the vision of the founding father of the country and contravenes both the Constitution and the very joint electoral system,” according to reports.

 

Therefore, the Ahmadis in Pakistan consider taking part in the elections is against their faith.

 

If there is anyone who may be contesting these elections as an Ahmadi, they cannot and should not be seen as a representative of the Ahmadiyya community as a whole and nor will any Ahmadi accept them as such,” the Spokesperson said, adding that in view of the prevailing circumstance, the Ahmadis of Pakistan will not be participating in the July 25 elections.

  

Since 1974 Ahmadis in Pakistan are being persecuted in various ways. It is a criminal offence for Ahmadis to call themselves or ‘pose’ as Muslims.

ගෝඨා බය ද? ගෝඨාට බය ද? ගෝඨා – අභයද?

July 22nd, 2018

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ  උපුටා ගැන්ම දිවයින

ගෝඨා සම්බන්ධයෙන් ප්‍රශ්න තුනකි. පිළිතුරු ගොඩකි. රට විපතට පත් වී තිබීම හා ශීඝ්‍රයෙන් තවත් ඒ වෙත ගමන් කිරීම ගැන ගෝඨා පමණක්‌ නොව රටවැසියාම බයට පත් වී ඇත. මින් මුදා ගැනීමේ මඟක්‌ සම්බන්ධව දිවා – රාත්‍රි නොබලා ඔහු කටයුතු කරන්නේ එහෙයිනි. උතුරේ පමණක්‌ නොව මුළු රටේම ආරක්‍ෂක තත්ත්වය ද විනාශව ගොසිනි. මහින්ද හා ගෝඨා එක්‌ව යුද්ධය නිම කළ බව තවමත් හැමෝටම මතකය. කවුරු හිටියත් ඒ දිනවල යුද්ධය ඉවර වෙන බව අනුර කුමාර මැතිතුමා කියයි. එය ඇත්තය. එහෙත් යුද්ධය අවසන් වන්නේ වෙනත් ආකාරයකටය. එක්‌ වතාවක්‌ යුද්ධය කරගෙන යන අතරතුර ඉන්දියාවෙන් පරිප්පු දැමූ අවස්‌ථාවේ සාමාන්‍ය එඩිතරකමට වඩා එඩිතර ජන නායකයකු වූ ෙ-. ආර්. ජයවර්ධන උතුමාණන්ට බහිස්‌ස්‍රාව පහ නොවූයේ ජාතියේ පිනටය. ප්‍රේමදාස මහතා නම් හොඳවයින් දෙකක්‌ ඉන්දියාවට කිව්වේය. ඒ අවස්‌ථාවේ සාමය උදාවිය යුද්ධය නිමා විය. සාම සාධක හමුදා පැමිණියහ. ජාත්‍යන්තර සාම නොබෙල් ත්‍යාගය ජයවර්ධන උතුමාණන්ට අහිමි වුණේ නූලෙනි. එම සාමය කිමෙක්‌දැයි යළි පහදා දිය යුතු නැත. සාම සාධක හමුදාවට එරෙහිව දකුණ ගිනි ගත්තේය.
 
 gota135

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වූ අවස්‌ථාවක යළිත් සාමය උදාවිය. ඒ උතුරු නැගෙනහිර කොටස ගිවිසුමක්‌ මගින් කොටියාට භාරදීමෙනි. ප්‍රභාකරන් උතුරේ සිට ගිවිසුම අත්සන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සිට ගිවිසුම අත්සන් කළේය. යුද්ධය නැවතිණ, සාමය උදාවිය. මිනීමරු ත්‍රස්‌ත කල්ලියකට රටෙන් තුනෙන් එකක්‌ භාර විය. රටට වුණ හා වෙන්නට යන වින්නැහිය දුටු මහින්ද මහතා එයට විරුද්ධව ඉවසුවා ඇති යනුවෙන් දකුණේ සිට කොළඹට පා ගමන් ආවේය. පාර්ලිමේන්තුව විසුරුවා අලුත් රජයක්‌ පත් කෙරිණ. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේදී එල්. ටී. ටී. ඊ. ප්‍රශ්නය යුද්ධ කිරීමෙන් අවසන් කිරීමට ගියත් නිසි සැලසුමක්‌ නොතිබූ හෙයින් විශාල වශයෙන් හමුදා භටයන් පොලිස්‌ නිලධාරීන් හා සිවිල් ජනතාව මියගියහ. ඉලක්‌කය වෙත ළඟාවීමට නොහැකි විය.
 
 මහින්ද මහතා ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින් රටේ ජනාධිපති බවට පත්විය. ගෝඨාභය මහතා සමඟ එක්‌ව අති විශාල ජාත්‍යන්තර ජාලයකට හිමිකම් කියන එල්. ටී. ටී. ය පැරදවීමට සූක්‍ෂම පිඹුරුපත් සැකසීය. ත්‍රිවිධ හමුදාව සඳහා හමුදාපතිවරුන් පත් කිරීමේදී ගෝඨාභය මහතාගේ නුවණ මනාව ප්‍රකට විය. යුද හමුදාපති වශයෙන් සරත් ෙµdන්සේකා මහතා පත් කිරීමට විරුද්ධව එක්‌සත් ජාතික පක්‍ෂය විශාල හඬක්‌ නැඟීය. ඔවුන් කීවේ ඒ සඳහා නියම සුදුස්‌සා ජානක පෙරේරා මහතා බවයි. ගෝඨාභයගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට මේ සඳහා නුසුදුස්‌සකු පත්කර ගත් බවට එජාපය චෝදනා නැඟීය. ගෝඨාභය මේ සියල්ල ඔහුගේ සුපුරුදු නිහතමානී සිනාවෙන් ඉවත දැමීය. යුද්ධය එවර යුද්ධයක්‌ ලෙස කළේය. දිනෙන් දින අසන්නට ලැබුණේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රවෘත්තිය. ඒවා දරා ගැනීමට අපහසු අය මැදවච්චි යනවා කියා පාමංකඩ යනවා යෑයි උපහාස නැඟූහ. තිස්‌ අවුරුද්දක්‌ රට විනාශ කළ යුද්ධය අවසන් කළ පසු එය කෙසේවත් දරා ගැනීමට අපහසු වූ වැදගතෙක්‌ යුද්ධ කිරීම ඕනෑම ගොනෙකුට කළ හැකි යෑයි ගොන් කතාවක්‌ කීවේය. තම අයියා භාරදුන් කටයුත්ත හරියටම ඉටු කළ ගෝඨාභය මහතා ඊළඟට පිවිසුණේ අවුරුදු තිහක්‌ තුළ බිඳ වැටී තිබුණ ජාතීන් අතර සමගිය ගොඩනැඟීමේ අපහසු කාර්යයටය. නිලධාරීන් තෝරා ගැනීමේදී ගෝඨාභය අති දක්‍ෂයෙක්‌ විය. ඒ ඒ කටයුත්තට අදාළ නිලධාරියා ඔහු තෝරාගත්තේ ඒ නිසාය. ලුතිනන් කර්නල් රත්නප්‍රියගෙන් එය මෑතකදී ද හොඳටම පැහැදිලි විය.
 
 කොළඹ නගරය සංවර්ධනය කිරීම ඔහුට භාර වුණ ඊළඟ කටයුත්ත විය. ඉතා සුළු වැස්‌සකදී පවා යට වී යන පාරවල්, අති දුර්ගන්ධ ජලාශ, අක්‍රමවත් මාර්ග පද්ධති, අක්‍රමවත් නිවාස ඉදිකිරීම් ඔහුගේ නෙත ගැටිණ. ඉතා කෙටි කලකින් මේ කොළඹ දැයි සිතා ගැනීමට නොහැකි ආකාරයේ ආකර්ෂණීය නුවරක්‌ තැනීමට ඔහුට හැකි විය. කොළඹ ඉතා පිරිසිදු නගරයක්‌ බවට පත් කිරීමට පවිත්‍රතා ජාලය සකස්‌ කෙරිණ. එකතු වන කුණු පුත්තලම ප්‍රදේශයේ හුණු ගල් හෑරූ විශාල වළවල් ගොඩ කිරීම සඳහා දුම්රිය පෙට්‌ටි මගින් යෑවීමට සැලසුම් සැකසිණ. ඒ මගින් ඒ ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ද හැකිවනු ඇත. එහෙත් අද වනවිට කොළඹ නගරයේ පාරවල්වල වැස්‌සට වතුර පිරෙන්නේය. ජලාශ සියල්ල යළිත් දුර්ගන්ධවත් වෙමින් පවතී, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළට තිත තැබිණ. මේ සියල්ලට හේතුව සාදා දුන් කොළඹ නගරය නිසි පරිදි නඩත්තු නොකිරීමය. වැඩ කිරීමේදී පූර්ණ කැපවීමකින් වැඩ කළ නායකයකු සිටියා නම් ඒ ආර්. ප්‍රේමදාස මහතාය. පවරන ඕනෑම වැඩක්‌ හරියටම කරන ගෝඨාභය මහතා දැන් රටට සිදුවන හානිය හේතුවෙන් කනගාටුවට මෙන්ම බයට පත්ව ඇත.
 
 ගෝඨාභයට විරුද්ධ දේශපාලනවාදීන් අතිශය බිය වී ඇති බවක්‌ පෙනේ. ඔහු ජනාධිපතිවරණයට ඉල්ලන බවක්‌ හෝ එහෙම අදහස්‌ කරන බවක්‌ ගැනවත් කියා නැත. එහෙත් මේ රට යළි ගොඩනඟන වැඩපිළිවෙළක්‌ ගැන විද්වත් කථිකාවක නියුක්‌තව සිටී. සියලු පාරිසරික හා දේශගුණික යහපත් තත්ත්වයන්ගෙන් ආඨ්‍ය වූ මෙම දේශය ගොඩනැංවීම අපහසු කටයුත්තක්‌ නොවේ. අවශ්‍ය නිවැරදි ආදර්ශවත් දේශපාලන නායකත්වයයි. පරාජය කළ නොහැකි බවට බොහොමයක්‌ ඉහළ පෙළේ පුද්ගලයන් පුන පුනා කිවූ එල්. ටී. ටී. ඊ. ය වසර තුනකින් නිවැරදි දේශපාලන නායකත්වය යටතේ පරාජය කළ අයුරු මීට නිදසුනක්‌ වේ. එහිදී වූ ගනුදෙනු හා වංචාවන් ගැන කතා කරන්නට ඒ දිනවල යුද්ධය ජය ගැනීමට නොහැකි වූ බොහෝ අය දැන් ඉදිරිපත් වී සිටිති. එහෙත් ඊට පෙර වසර විසි හතක්‌ තිස්‌සේ විනාශ කළ අති විශාල ධනස්‌කන්ධය සහ ජීවිත ගැන ඒ අයට වගක්‌ නැත. මෙය දේශපාලන කුහකකමයි. ගෝඨාභය මහතා යුද්ධයෙන් උපයාගත් ධනයෙන් තැන් තැන්වල වතු සහ ගෙවල් මිලයට ගත් බවක්‌ තවමත් කියති. එවැන්නක්‌ ඇතොත් එය වහාම සොයාදෙන තැනැත්තාට ලියා පවරා දෙන බැව් ගෝඨාභය මහතා පුන පුනා කියද්දී එවැන්නක්‌ සොයාදෙන තැනැත්තෙක්‌ ද නැත. හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතොත් එක්‌සත් ජාතික පක්‍ෂය තරගයකින් තොරවම ජයගන්නා බවයි. එසේ නම් එතුමා කළ යුත්තේ ගෝඨාභය මහතාට මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා උදව් කිරීමයි. නමුත් එතුමා කරන්නේ ගෝඨාභය මහතාගේ පැමිණීම වැළැක්‌වීම සඳහා හැකි තරම් කරුණු කාරණා දෙඩවීමය. ඉදිරියේදීත් තව කරුණු ඉදිරිපත් කරන බව ද කියයි. ගෝඨාභය මහතාට ඉදිරිපත් විය නොහැකි යෑයි කියමින් තලතා මැතිනිය සංතෝෂ වන්නීය. හිට්‌ලර් කතාවත් වේඬරුවේ ස්‌වාමින් වහන්සේ මිස ගෝඨාභය කීවේ නැත. තවද එම කතාවට නොයෙකුත් වැරදි අර්ථකථන දෙමින් සහ එය ගෝඨාභය කිවූ දෙයක්‌ තරමටම අර්ථ ගන්වන්නේ පරාජයෙන් බේරීමට නොව ලැබෙන පරාජයේ බලවත්කම අඩුකර ගැනීමටය. එය අසාර්ථක උත්සාහයක්‌ බව හැමෝටම තේරෙන කරුණකි. ගෝඨාභය ජයගනිතැයි මෙපමණටම බය වී ඇත්තේ ඔහුගේ ජයග්‍රහණයෙන් පසු රට ශීඝ්‍ර දියුණවක්‌ කරා යැම නිසා ඔවුනට යළිත් කිසි දින බලයට පැමිණීමට නොහැකි හෙයිනි. එතුමන්ලා තේරුම් ගත යුතු කරුණ වන්නේ මේ තරම් පහත් තත්ත්වයකට වැටී ඇති මෙම රටේ බලය ලබාගන්නවාට වඩා ගෝඨාභය මහතා සවි ශක්‌තිමත් කර දෙන රටක ලිපිකරුවෙක්‌ හෝ වශයෙන් රැකියාවක්‌ කරගෙන ජීවත් වීම උතුම් සහ සැනසිලිදායක බවයි.
 
 මහින්ද ගෝඨාභය ද්විත්වයේ ප්‍රඥවන්ත හා එඩිතරභාවය හේතුවෙන් රටට අභය ලැබිණ. සිංහල, දෙමළ, මුස්‌ලිම් සහ අනෙකුත් ජනයාගේ බිය තුරන් විය. ආරක්‍ෂක හමුදාවල ජීවිත අවදානම පහව ගියේය. මෙම අභය ලැබීමේදී පක්‍ෂ විපක්‍ෂ භේදයක්‌ නොවීය.
 
 මෙනයින් බලන කල මාතෘකාවේ සඳහන් ප්‍රශ්න තුනටම එකම කෙටි පිළිතුර “ඔව්” යන්නය.


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress