Mahinda Sulanga
රටක ඉරණම තීරණය කල හැක්කේ එහි ජනතාවටය. රටේ ජනතාව දැනුම් තේරුම් ඇති අය වීම, ඒ සඳහා ප්‍රයෝජනවත් වේ.
හොඳ පොතක් කියවීම තුලින්, ජංගම දුරකථනය රීලෝඩ් කරන අයුරින්, මනස දැනුමින් රීලෝඩ් වනු ඇත.
බිලියන හැටක් සොරකම් කල හැකිද? මහා මහ බැංකු කොල්ලයේ ඇත්ත නැත්ත. මහින්ද යුගයේ ආර්ථීකයට සිදුවුයේ කුමක්ද? ඇසට පෙනෙන ආර්ථීකය. මහින්ද පෙරලන්න කරන ලද කුමන්ත්‍රණ. මියගිය දේශය යලි ජීවය ලැබූ අයුරු. මහින්ද සුළඟ පිලිබඳ ඉරිදා ලංකාදීප විවාදය. සහෝදර සමාගම. යහපාලනයේ අයහපත් පැත්ත.
මේවා පිලිබඳ දැනගැනීම ප්‍රයෝජනවත් යැයි ඔබ සිතනවාද?
කැල‚ය සරසවියේ ආචාර්ය මණ්ඩලයේ, මහේන්ද්‍ර ගුණවර්ධන මහතා විසින්, මේවා පිලිබඳ ලියූ, —අරුණාලෝකය˜ පොත පිටවුණා. කෘතවේදී විද්වතෙකුගේ හෘදය සාක්ෂිය.
- කියවීමට කැමති සිතෙන භාෂා ශෛලිය.
- පාඨකයා කෙරෙහි කතුවරයා තුල පවතින හිතවත්කමින් යුතු, පණ්ඩිතමානී නොවන, ආකල්පය.
- සී. ඒ. චන්ද්‍රප්‍රේම, මොහාන් සමරනායක සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන සම්භාවනීයයන් විසින් ලියන ලද හැඳින්වීම් සහිතයි.
පොතේ අඩංගු ලිපියක් දෙකක් පුවත්පත්හි පලවූ අතර, ඒ පිලිබඳ ලැබුණු හිතවත් ප්‍රතිචාර අතුරින් කිහිපයක්ද, උදාහරණ ලෙස, පොතට ඇතුලත් කර ඇත. එමෙන්ම, අහිතවත් ප්‍රතිචාර වලට උදාහරණද පාඨකයාගේ විනෝදය උදෙසා ඇතුලත් කර ඇත.
පොතේ මිල රුපියල් 220යි. එම මිල, ඔබ නිතර මිලට ගන්නා රීලෝඩ් දෙක තුනක මිලට වඩා වැඩි මිලක් නොවේ.
පොත ලබාගැනීමේ පහසුම සහ ඉක්මන්ම ක්‍රමය වන්නේ, ජංගම දුරකථන හරහා පහසුවෙන් මුදල් යවන ක්‍රමයෙන්, රුපියල් 265ක් එවා, පොත තැපෑලෙන් ඔබ ලිපිනයටම ගෙන්වාගැනීමයි.
- ඒ සඳහා, ලඟම ඇති කොමියුකේෂන් සෙන්ටර් වෙත ගොස්, ඩයලොග් ැZ ගිණුම් අංකයකට සුළු මුදලක් යවන්න අවශ්‍ය බව පවසන්න.
- එමගින්, 0779 152 080 ගිණුමට, රුපියල් 265ක් යවන්න.
- ඉන්පසු, 077-915-2080 දුරකථන අංකයට කතාකර, ඔබේ ලිපිනය දැනුම් දෙන්න.
මෙම ඊ මේල් ප‚විඩය, ඔබ දන්නා ඊ මේල් ලිපිනයන් වෙත ෆෝවර්ඩ් කිරීම ඔබ අප වෙත දක්වන සහයෝගයකි.
අපේ දේශය එක්තරා දිනෙක යලි ඉපදුන බව.
මහේන්ද්‍ර ගුණවර්ධන, අංශ ප්‍රධාන, ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යයනාංශය, කැල‚ය විශ්ව විද්‍යාලය.
අනුරාධපුර, පොලොන්නරුව, යාපහුව ආදී රාජධානි කේන්ද්‍ර කරගෙන අපේ රටේ ඉතිහාසයේ එක් එක් යුගයන් පැවතුන බව අප දනිමු. පිලිවෙලින් පෘතුගීසී, ලන්දේසි සහ ඉංග්‍රීසි යන ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්වීමේ සන්ධිස්ථාන තුනක්ද අප ඉතිහාසයේ ඇත. 1948 වසරේදී යටත් විජිත භාවයෙන් නිදහස ලැබීමද, 1972 දී ජනරජයක් ලෙස පුර්ණ නිදහස ලැබීමද ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයන්ය.
2005 වසරද රටේ ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වූයේ, එම වසර යනු, රට ඒ වනවිට මුහුණ පා තිබුණු විපතෙන් වාසනාවකට මෙන් ඉවෙතට පියවර තැබූ වසර නිසාය.
සිහිබුද්ධියෙන් ද ගුණවත් බවින්ද දුප්පත් උදවියට සමහරවිට අමතක වී තිබිය හැකි වූත්, ෆේස්බුක් පරම්පරාව යනුවෙන් සුලබව හඳුන්වනු ලබන අපේ දරු පරම්පරාවට එතරම් අවබෝධයක් තිඛෙනු නොහැකි වූත්, එම සන්ධිස්ථානය පිලිබඳ සිතා බැලීමට දයාබර පාඨක ඔබට දැන් ඇරයුම් කරමි.
දෙදහස් පහ වසරේදී අපේ රටේ උපත ලැබූ දරුවන් මේ වනවිට දස හැවිරිදිය. පාසැල් වල බාලාංශ පන්තිවල ඉගෙනගන්නා ඔවුනගේ ජීවිත ගෙවීයන්නේ බොහෝදුරට සතුටින් සහ කෙළිදෙලෙනි. ඔවුනගේ දසුන විඩා නිවා සිත් සනහාලයි. කලාතුරෙකින් සිදුවියහැකි රිය අනතුරක් වැන්නක් හැර ඔවුනගේ ජීවිතවලට වියහැකි වෙනත් අනතුරක් ගැන සිතාගත නොහැකිය. දෙමාපියන්ගේ රැකවරණ මැද ඇති දැඩි වන ඔවුනගේ අනාගතය පිලිබඳ සිතන විට අප සිත් නැවුම් බලාපොරොත්තුවලින් පිරී යයි. සියල්ල යහපත්ය.
දැන්, දෙදහස් පහ වසර දෙස නැවත හැරී බලන්නට මම ඔබට ඇරයුම් කරමි. එය වනාහි, අද ඉහතකී ලෙස සුරක්ෂිතව වැඩෙන දරුවන් උපත ලද වසර වුවද, ඒ දිනවල එවන් සුරක්ෂිතබවක සලකුණකුදු නොවූ බව එවිට ඔබ මතකයට නැගෙනු ඇත. ඒ වෙනුවට ඒ වනවිට පැවතියේ මියගිය දේශයකි.
දෙදහස් පහ වනවිට පැවතියේ මියගිය දේශයක් බව කියන විට, සිහි බුද්ධියෙන් ජීවත් වන ඔබට එම ප්‍රකාශයෙහි අරුත වහා වැටහෙනු නිසැකය. එහෙත්, එහි කිසියම් අතිශයෝක්තියක් ඇතැයි සිතේ නම්, නැවතත් එම වකවානුවේ තතු විමසා බැලිය යුතු වේ.
දෙදහස් පහ වනවිට අපේ රට පැවතියේ අනාගතය පිලිබඳ අවිනිශ්චිත සන්ධිස්ථානයකය. එදා උතුරේ හෝ නැගෙනහිර ඉපදෙන දරුවකුගේ ඉරණම බොහෝවිට ලියැවී තිබුණේ, යන්තමින් රොටියකින් කුස පුරවා වයස දොළහක් පහළොවක් වනතුරු ඇති දැඩි වී, ඉන්පසු බරැති රයිපලයක් හෝ වෙනත් අවියක් අත දරා බංකරයක සටන් කර, බඩවැල් ඉවෙතට පනින ලෙස වැදුණු උණ්ඩයකින් මිය යන්නටය. නැතහොත්, කිසිදා නොදුටු කොළඹට පැමිණ, බඩ බැඳි බෝම්බය පුපුරවා කිසිදා නොදුටු පිරිසක් මරාගෙන මැරෙන්නටය. ගැහැණු දරුවකු නම්, එම ඉරණම ම ලැබීමට හෝ සමහරවිට, එම ඉරණමෙන් බේරීමට අඩු වයසින් විවාහ වී දරුවන් ලැබීමටය.
දෙදහස් පහ කාලයේ රටේ සෙසු පෙදෙස්වල ඉපදුණු දරුවන්ගේ ඉරණම ලියැවී තිබුණේ කෙලෙසද? සමහරවිට, පිරිසිදු සුදු ඇඳුමින් සැරසී පාසැල් ගොස් එන අතරමග බසයේ පිපිරෙන බෝම්බයෙන් මිය යන්නටය. නැතිනම් දෙමාපියන් සමග
නගරයට යනවිට දුම්රිය තුල එකවරම පිපිරෙන බෝම්බයෙන්, සියලූ දෙන එකවර මිය යන්නටය. පාසැල් ගේට්ටුව අසල බියපත් මවුවරු මුරකරුවන් ලෙස රඳවනු ලැබ සිටියහ. දවසේ වැඩ නිමවා, පියවරු ගෙදර එන තුරු මව සමග දූ දරුවන් කාලය ගතකලේ අවිනිශ්චිත බවිනි. බෝම්බයක ප්‍රවෘත්තිය කියනවිට ඉමහත් සැකයෙන් රුපවාහිනිය දෙස බැලූවේ, පිපිරීම සිදු වූයේ තම පියා ගෙදර එන පාරේදැයි බියෙනි. අනාගත බලාපොරොත්තු වෙනුවට බොහෝවිට පැවතියේ, එදා දවස නිරුපද්‍රිතව සිටීමේ බලාපොරොත්තුවයි.
ඒ වකවානුව වනවිට, දිවයිනෙහි ආරක්ෂාව භාර යුධ, ගුවන් සහ නාවික හමුදාවල සහ පොලිසියේ ඉරණම ලියැවී තිබුණේ කෙලෙසද? පුනරින්, එලිෆන්ට් පාස්, මුලතිව් ආදී දැවැන්ත යුධ හමුදා කඳවුරු ඒවායේ සිටි භටයන් සහ නිලධාරීන් අති විශාල සංඛ්‍යාවකගේ ජිවිත නැතිකරමින් සතුරා විසින් විනාශ කොට තිබු‚. 1995දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජය විසින්, අනුරුද්ධ රත්වත්ත මහතාගේ මග පෙන්වීමෙන් යාපනය අර්ධද්වීපය භමුදාව යටතට ගෙන තිබුණද, ගොඩබිමින් සම්බන්ධතාවයක් නොතිබූ නිසා එහි හතලිස් දහසකට අධික හමුදා පිරිසක් සිටියේ කොටි තර්ජනය යටතේය. වව්නියා සිට ඒ-නයින් මග ඔස්සේ යාපනය දක්වා සම්බන්ධවීමට දියත් කල ජය සිකුරු යැයි නම් කළ හමුදා මෙහෙයුම, මාස ගණනක් තිස්සේ මාන්කුලම් මංසන්ධිය පසුකිරීමට නොහැකිව සිට, එක දිනයක් තුල බරපතල ලෙස පරාජයට පත්වී වව්නියා කිට්ටුවට පසුබැස තිබු‚. එලිෆන්ට් පාස් පරාජයෙන් පණ බේරාගත් විසිරුණු සෙබල කණ්ඩායම්, විජලනයෙන් සහ සතුරු පහරින් මිය යද්දී, පලෙයි මුහමලෙයි දක්වා පසුබැස තිබු‚. රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වූයේ ඉන්දියානු නැව් වල උදවු ගෙන, යාපනයේ සිටි හමුදාව මුහුදින් මෙහි ගෙන්වාගෙන, යාපනය කොටින්ට දී පණ බේරාගතයුතු බවය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එය විකල්පයක් ලෙස පිළිගෙන සිටියාය.
ඒ අතරේ, කොටි ත්‍රිකුණාමලය වරාය අවට කඳවුරු වළල්ලක් සමග බර අවි රැසක් ස්ථානගත කරගෙන, එමගින් කොයි මොහොතක හෝ ත්‍රිකුණාමලයට පහරදී යටත් කර, යාපනයට තිබූ නාවික මාර්ගය කපාහැර, යාපනයේ සිටි හමුදාව සමුලඝාතනය කර, අවසාන ඊලාම් සටන ජයගැනීමට හොඳින් සූදානම්ව සිටියහ.
පැහැදිලිවම කොටි සංවිධානයට පක්ෂපාතී ව, විටෙක කොටින්ගේ ඔත්තුකරුවන් ලෙසද කටයුතු කළ, සටන් විරාම කමිටු සාමාජිකයන් සහ නිරීක්ෂකයන් යන නමින් සිටි, සැකකටයුතුවූත්, මෝඩවූත් එමෙන්ම දුෂ්ඨ වූත් විදේශිකයන් පිරිසකගේ බලපෑමටද, ද්‍රෝහිකම් වලටද යටත් වී සිටීමට සිදුව තිබි‚.
රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීමට තර්මෝබැරික් අවි තබාගෙන සිටි බවට අභූත අපබ්‍රංශ චෝදනාවක් ඉදිරිපත් කරමින්, අතුරුගිරියේ මිලේනියම් සිටි තුල රහසේ පිහිටුවා තිබූ හමුදා දිගු දුර විහිදුම් බලකායට කඩා පැන, දිවි පුදා මව්බිම රැකීමට කැපවී සිටි විරුවන් රැසක් කොටිනට හෙළිදරව් කරනු ලැබ තිබූ අතර, කොටිද එම විරුවනගේ නම් ලයිස්තුව ළඟ තබාගෙන, ඉන් එකින් එකා සොයා මරා දමමින් සිටියහ. රට රැකීම සඳහා පුහුණුව ලැබූ ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝන නියමුවෝ, කොටි නායකයන් හට ගුවන් ගමන් පහසුකම් සලසාදීමට අණ ලබා සිටියහ. විටෙක කොටිනට ආයුධ ලබාදීමටද, තවත් විටෙක යටත් වී මියයාමටද ආරක්ෂක හමුදාවෝ අණ ලදහ. පසුකලෙක ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, ජගත් ඩයස්, ශවීන්ද්‍ර සිල්වා, දයා රත්නායක, ප්‍රසන්න සිල්වා, කමල් ගුණරත්න ආදී ත්‍රිවිධ හමුදා නිලධාරීහු පසුකලෙක සේවයට බැඳුනා නොව, ඒ කාලයේද හමුදාවේ සිටියහ. රට කෙමෙන්
කොටිනට යටත් වන බව ඔවුනට රහසක් නොවන්නට ඇත. එහෙත්, ඒ බව පාලකයන්හට පෙන්වා දෙන්නට උත්සාහ කිරීමකට අමතරව, කොටි බලයට එරෙහිව ඔවුනට කළහැකි කිසිවක් නොතිබි‚.
දෙදහස් පහ වන විට, රටේ ආර්ථීකය පැවතියේ ඛෙහෙවින් අබලන්වය. ආර්ථීකයේ මර්මස්ථාන කොටි තර්ජනයෙන් අකර්මන්‍යව පැවතිනි. අනාරක්ෂිත තත්වය නිසා, වරායට පැමිණෙන නැවු වල අධිභාරයන්ද, රක්ෂණ වියදම්ද, දැරිය නොහැකි විය. ආයෝජන සිඳී ගොසිනි. එදිනෙදා වියදම් සොයාගැනීම සඳහා, රජය සතු ආයතන අඩු මිලට විකුණා දමමින් තිබු‚. උද්ධමන වේගය ද රටට දැරිය නොහැකි විය. සංවර්ධනය ඇනහිට තිබු‚. විටෙක, ආර්ථීක වර්ධනය ගත්තේ ඍණ අගයකි.
රට පරාජිත තත්වයක තිබේනම්, එය ඉන් මුදවා ගැනීම සඳහා සැලසුම් සකස්කර, ඒවා ක්‍රියාවට නැංවීම පාලකයන්ගේ වගකීමයි. දෙදහස් පහ වනවිට, රටේ පාලක පක්ෂයේ සහ සෙසු දේශපාලන පක්ෂවල ස්ථාවරයන් කෙසේ වී දැයි මතක් කර ගැනීමට ඔබට ඇරයුම් කරමි. එක පෙලට සිදුකරන ලද නායකත්ව ඝාතන වැලකින් පසුව, ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ඉතිරිවූ නායකයෝ, කොටිනට සිය කැමැත්තෙන්ම යටත් වී සිටියහ.
රන්ජන් විෙජ්රත්න, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිධෑ දිසානායක ආදී දේශපාලන නායකයන්, කොටි සංවිධානය විසින් පහසුවෙන් ඝාතනය කර දමන ලදී. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගහට දිවි ගලවා ගැනීමට හැකිවුයේ යන්තමිනි.
ගෞරවධෑය ශ්‍රී ලාංකිකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා, විදේශ අමාත්‍යවරයා වශයෙන්, කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර තලයේ ක්‍රියාමාර්ගයන් රැසකට මග පාදා තිබු‚. කීර්තිමත් නාවික හමුදා නිලධාරී වසන්ත කරන්නාගොඩ විසින්, ත්‍රීකුණාමලය වරාය සහ නාවික කඳවුරු යටත් කරගැනීම සඳහා සකස් කල කොටි සැලසුම් පිලිබඳ කරන ලද දැනුවත් කිරීම, හදිසි දේශීය සහ විදේශීය අවධානයට යොමුකරවන ලද්දේද, කදිරගාමර් මහතාණන් විසිනි. එතුමා කොළඹදී ඝාතනය කිරීමට කොටි සංවිධානය සමත් වූ පසු, අපේ දේශය පරාජය පිලිගත්තාක් මෙන් විය.
එවන් අසීරු තත්වයක් යටතේ, රටේ ජනතාව විසින් එවකට රට පාලනය කල චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙතින් බලාපොරොත්තු වූයේ, රටට නායකත්වයකි. කොටින්ගෙන් යන්තමින් දිවි බේරාගත් ඇය, ඒ නිසාම කොටි සංවිධානයට එරෙහිව තීරණ ගනු ඇතැයි, ජනතාව තුල කිසියම් බලාපොරොත්තුවක් විය. එහෙත්, සිදුවුයේ වෙනත් දෙයකි. තම රටට සහ ජනතාවට නායකත්වය දෙනු වෙනුවට, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියද, රට දෙකට ඛෙදාගෙන දෙදෙනා දෙපැත්ත පාලනය කිරීම සඳහා, පී-ටොම් ආදී එකඟතාවයන්ට එළැඹෙන්නට එන්නැයි කොටියාට ආයාචනා කරන්නට පටන් ගත්තාය. රනිල් වික්‍රමසිංහ මහතා ඒ වනවිටත් සිටියේ, කොටියා සමග කිට්ටු මිත්‍රතාවයෙනි. එහෙත්, ඔහු රටට හඟවන්නට උත්සාහ කලේ, එය කොටියාව රවටන ක්‍රියාවක් ලෙසිනි. රටට, නායකයෙකු සිටියේ නැති බැවින්, දෙමල සිංහල මුස්ලිම් ආදී ජනකොටස් සියල්ල, කොටි ඉදිරියේ අසරණව සිටියහ. මුළු දේශයම මියගියා වැනි විය.
ඔය අතරේ, තීරණාත්මක දෙදහස් පහ වසර උදාවිය. කොටිනට අවශ්‍ය වූයේ, වැඩේ ඉක්මනින් ඉවරයක් කරන්නටය. අවසාන සටනට සියල්ල සූදානම් කරගෙන සිටියද, සටන කලාවටම දියත් කරන්නට නම්, මේ පැත්තෙන් යම් ආරම්භයක් තිබේ නම් මැනවැයි පැතූහ. සිංහලයා සමුලඝාතනය කිරීමේ අවසාන වැඩසටහන, සිංහලයාගේ වුවමනාවට කරගත් දෙයක් සේ ලොවට හැෙඟන ලෙස කරන්නට, අලූතින් බිහිවීමට නියමිත ඊලාම් රාජ්‍යයේ රාජ්‍ය නායක ප්‍රභාකරන්, ආශාවෙන් සිටියේය. එහෙත්,
ගැහැ‚යක සේ ඇෙඟ් ඇලෙන්නට එන රනිල් වික්‍රමසිංහ මහතා, කිසිදා ගැටුමකට නොඑන බවත්, එහෙයින් ඔහුගෙන් වැඩක් නැති බවත් ප්‍රභාකරන් හොඳින් දැන සිටියේය. සියලූ කැපිලි කෙටිලි මධ්‍යයේ, මහින්ද රාජපක්ෂ චරිතය, ජනාධිපති අපේක්ෂක තත්වයට මතුවී එන්නේ, එවැනි තත්වයක් යටතේ දීය.
මහින්ද රාජපක්ෂ බලයට පත්වුවහොත්, බැරි මරගාතේ ගැටුමකට එළැඹෙන බවත්, එමගින් සිංහලයාගේ මරණ වරෙන්තුව, ඔවුන් විසින්ම ලියාගන්නා බවත්, ප්‍රභාකරන් කල්පනා කළේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආදරය, ප්‍රභාකරන්හට දැනුණේ වාතයක් ලෙසය. ඒ අනුව සිතමින්, තොගය පිටින්ම රනිල්ට යන දෙමල ඡන්දය වලක්වන්නට, ප්‍රභාකරන් තීරණය කළේය. ඒ සඳහා කළ යුතුව තිබුණේ, ඉතා සරල වූත්, පහසු වූත් ක්‍රියා මාර්ගයකි. එනම්, දෙමල ප්‍රදේශවල ඡන්දය අවහිර කිරීමයි. එය ඔහු කළේය. එමගින් ප්‍රභාකරන්, ඉතිහාසයේ තමන් විසින් කරගත් බරපතලම වැරදීම, කර ගත්තේය. මහින්ද රාජපක්ෂ බලයට පත්විය.
රජීව් ගාන්ධි ඝාතනයද, ප්‍රභාකරන් විසින් ගන්නා ලද තමන්ටම හානිකර වූ තීරණයක් ලෙස අර්ථ දක්වන්නට සමහරු පෙළඹෙති. එහෙත්, එමගින් ඉන්දියාව කිසිදා තමන්ට විරුද්ධව හමුදා නොයොදන පමණට කීකරු කරගන්නට, ප්‍රභාකරන් සමත් විය. රනිල් වික්‍රමසිංහ මහතා බලයට එම වලකාලීමෙන්, ප්‍රභාකරන් කරගත්තේ, සැබවින්ම මාරාන්තික වැරදීමකි.
ප්‍රභාකරන් පමණක් නොව, අපට යුද්ධය බැරි බවත් අපට කල හැක්කේ සාමය පමණක් බවත් තීරණය කර සිටි දකුණේ පරාජිතයෝද සිතුවේ, මහින්ද ප්‍රභාකරන් අවුස්සාගෙන ඇන ගන්නවා ඇතැයි යනුවෙනි. එහෙත්, මහින්ද ජනාධිපතිතුමා, සියල්ල උඩු යටිකුරු කළේය.
ඉතිහාසය බොහෝවිට තීරණය වන්නේ, රටක පවතින භෞතික යථාර්ථය මත විනා, එක් එක් නායකයාගේ පුද්ගල ස්වභාවය මත නොවන බවට, අදහසක් ඇත. එහෙත්, ඉතිහාසය දෙස හැරී බැලූවහොත්, නායකයන් ගන්නා ලද තීරණ අනුව ඉතිහාසය වෙනස් වූ බවට, ඕනෑතරම් උදාහරණ හමුවේ. ලංකාවේ ඉතිහාසයද, මහින්ද රාජපක්ෂ නම් දැවැන්ත පෞරුෂය විසින්, එලෙස වෙනස් කෙරු‚. ප්‍රභාකරන්ද, සාම කාක්කෝද දෙපසට වී බලා සිටියේ, මහින්ද පාලනය වලං කඩයට ඇතුළුවූ ගොනාගේ චරිතයට පණ පොවනු ඇතැයි සිතමිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු, නායකත්ව ගුණයෙන් පරිපූරණ, කලාතුරකින් පහල වන, මහා පෞරුෂයක් බව වහා පැහැදිලි වන්නට විය. ආපසු හැරීමට හෝ, පැරදීමට හෝ, ඉඩක් නොතබා ජයගැනීමම අරමුණු කරගත්, මහා සංග්‍රාමය සැලසුම් කිරීම, මොහොතකුදු අපතේ නොහැර ආරම්භ කෙරිණ.
ආර්ථීක පෙරමුණෙහි, දක්ෂ නිලධාරීන් ස්ථාපනය කරමින්, එය සවිමත් කල අතර දේශපාලන පෙරමුණ, බැසිල් රාජපක්ෂයන් යොදවා සවිමත් කරන ලදී. ගෝඨාභය රාජපක්ෂයන්ගේ සුවිශේෂ සේවය, යුධ පෙරමුණ සවිමත් කිරීම උදෙසා, වහා අනුයුක්ත කෙරිණ. බරපතලම අභියෝගය වූයේ, පරාජිත මානසිකත්වයකට යොමු කරවනු ලැබූ ජනතාවක් අතුරින්, යුද වැදීමට අදිටන් කරගත් හමුදාවක් සාදා ගන්නේ කෙලෙසකද යන්නය. අපේක්ෂා භංගත්වයෙන් පෙළෙමින්, හමුදාව අතහැර දිනපතා පලා යන හමුදා භටයෝ සැලකිය යුතු සංඛ්‍යාවක්, හොරු, මංකොල්ලකරුවන් සහ කුලියට මිනී මරන්නන් බවට පත්ව සිටි බව, එම යුගයේ අප්‍රසන්න සත්‍යයයි. මරණයට පත්වන සෙබල පවුල්වල සහ ආබාධිත සෙබළුන්ගේ සුභ සාධන කටයුතු පැවතියේ, ඉතා අයහපත් මට්ටමකිනි. මහත් පරිශ්‍රමයකින් පසු, එම අභියෝගය ජයගනිමින්, නිර්භීත තරුණයන් හමුදාව වෙත ඇදී එන තත්වයක් ඇතිකරලන්නට,
ආරක්ෂක අමාත්‍යාශය සමත් විය. තම පුත්‍රයෙකු ආරක්ෂක හමුදාවකට බැඳවීමෙන්ද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්, රටට යම් මග පෙන්වීමක් සිදු කෙරිණ. විශාල ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින්, නව සේනාංක ඇතිකරමින්, හමුදාවේ පිරිස් බලයද, යුධ ටැංකි, ප්‍රහාරක අවි, සරත් ෆොන්සේකා මහතා ඇතුළු වටිනා යුද්ධෝපකරණ යොදවා, හමුදාවේ ප්‍රහාරක ශක්තියද වැඩි දියුණු කරන ලදී.
යුද්ධයේ හැඩ තලය, ජන කොටස් දෙකක් අතර සිදුවන සිවිල් යුද්ධයක ස්වභාවයෙන් පැහැදිලිව වෙනස් කරමින්, ජනතාව බේරමින් සතුරු හමුදාවක් සමග පමණක් කරන, නීතිගරුක සහ යුක්තිගරුක යුද්ධයක් බවට පත් කරන ලදී. එහි නම, මානුෂික මෙහෙයුම වූයේ අහම්බයකින් නොවේ. යුද්ධයේ ස්වභාවය වෙනස් කල එම දේශපාලන තීරණයද, එය ජයගැනීමට බලපෑ බව පැහැදිලිය.
යුද්ධය ජයගැනීම සඳහා, රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද, වැදගත් කාර්යභාරයක් කරන ලදැයි විශ්වාස කිරීමට, අහිංසක එජාප පාක්ෂිකයන් පොළඹවනු ලැබ ඇත. රනිල් කපටියා යැයිද, කොටියා රවටමින් සිටියේ යැයිද, සමහරු කියති. කොටියා සිටියේ රැවටෙමින් නම්, ඌ බර අවි ස්ථානගත කර ත්‍රිකුණාමලය වටකරයිද? ගෙදරට හොරු ඇතුලූවන විට, විගස ඉදිරිපත් වී, ඔවුනට මුදල් සහ රන් බඩු තිඛෙන තැන් පෙන්වා, තේද සාදා දී, හොරුන්ව රැවටුවා යැයි කීම පිස්සු කතාවකි.
රනිල් වික්‍රමසිංහ මහතා, කාහටත් එපා වනතුරුම සාම සාකච්ඡා කලත්, එය අසාර්ථක වූ නිසා, ඒ ළඟදීම බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාහට, නැවතත් සාම සාකච්ඡා කරන්න යැයි තරයේ බලකර සිටින්නට, විදේශ බලවේගවලට පවා, මුලදී තරමක් අපහසු විය. කොටි සමග සාම සාකච්ඡා යනු, මෝඩ, තකතීරු, නිෂ්ඵල වැඩක් බව, නැවත වරක් ඔප්පු වීම, රනිල් ගේ සාම සාකච්ඡාවලින් මහින්ද මහතාත් රටත් ලද ප්‍රතිලාභයකි. එමගින්, කොටි සමග සාමයට යා යුතු යැයි බලකරන බලවේගවල කන්දොස්කිරියාව, මඳකට හෝ අඩුවූ බැවිනි. එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතාහට ඒ වෙනුවෙන් කිසිදු ගෞරවයක් හිමි විය යුතු නොවන්නේ, ඒ මහතා, එවැන්නක් සිතා මතා සැලසුම් කලේ නැති හෙයිනි. හරකා ගොම දමන්නේ, ගොම යනු, භෝග වගාවට පොහොර ලැඛෙන දෙයක් බව අවබෝධ කරගෙන කරන ලද සැලසුමක් අනුව නොවේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්, යුද්ධ කිරීමේ තීරණය ගනු ලබන විට, එමගින් තම ජීවිතයට කිසිදා නිම නොවන තර්ජනයක් එළැඹෙන බව දැන සිටියේය. එම තර්ජනයට, තමන් පමණක් නොව, ආර්යාව, දරුවන් සහෝදර සහෝදරියන් ඇතුළු, පවුලේ සියලූ දෙනාම ලක්වන බව, එතුමා හොඳින් දැන සිටියේය. එහෙත්, ජීවිත තර්ජනයෙන් බේරීම සඳහා, නොර්වීජියන් තක්කඩියන්ගේ සාම සාකච්ඡා වල පිහිට පැතීම හෝ, කොටි සමග පී-ටොම් ගිවිසුම් ගැසීමේ හෝ, ක්‍රියාමාර්ගයක් තෝරාගැනීමට එතුමා අදහස් නොකළේය. එතුමා තීරණය කලේ, කලයුතු දෙය කිරීමට විනා, ඇඟ බේරාගෙන ජනපති ධුරයෙහි කාලය ගතකිරීමට නොවේ. සැබෑ නායකයෙක් වන්නේ, එවැනිවූ නිර්භීත බවකින් පිරිපුන් අයෙක් පම‚.
දෙදහස් පහ වනවිට මියගිය දේශය යලි අවදි කරවන්නට දෛවය විසින් එවන ලද නායකයාණන් වූයේ අපේ රටේ ජනතාවගේ මහින්ද මහත්තයාය.
සැබෑ නායකයෙකු සතු නායකත්ව ගුණාංග කවරේද? මහින්ද රාජපක්ෂ චරිතය දෙස බැලීමෙන්, සැබෑ නායකත්ව ගුණාංග යනු මොනවාදැයි වටහාගත හැක. ඒ අතුරින්, මා සිත්හි තදින් සටහන් වූ ගුණාංග කිහිපයක් ඔබ සමග පැවසීමට, මට ඉඩ දෙන්න.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම්, ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ වෙනත් නායකයෙකු, ඉතිහාසයේ සොයාගත නොහැක. එතුමා විසින්, ආර්ථීක පෙරමුණේ කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් ලඟා කරගත් බව අප දනිමු. ඒ අතරේ, දිගු කාලීන ආර්ථීක කළමනාකරණ පියවරයන් මගින් ලබාගත් ජයග්‍රහණ වලට අමතරව, එදිනෙදා ගත් හදිසි තීරණ වලින් ලබාගත් ජයග්‍රහණයන් ද එමටය.
එතුමා දේශපාලන පෙරමුණෙහි ලද ජයග්‍රහණයන්ද මහත් රාශියකි. සුළු බහුතරයක් සහිතව බලයට පත්වී, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දක්වා, දේශපාලන බලය තහවුරු කර ගැනීම, සුළුපටු ජයග්‍රහණයක් නොවේ. දෙදහස් හත වසරේදී, මහින්ද රජයේ අයවැය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් තිබු‚. එය සාර්ථක වුවා නම්, යුද්ධය ජයගැනීම පසෙක තබා, පැරදී ගෙදර යන්නට සිදුවිය හැකිව තිබු‚. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා, එවන් අභියෝග සියල්ල ජය ගත්තේය. දෙදහස් පහේ සිට පැවැත්වූ විවිධ මැතිවරණ සියල්ල ජයගත්තේද එතුමාය. යුධ ජයග්‍රහණය යනු, මේ සියලූ ජයග්‍රහණ ඉක්මවා ගිය ජයග්‍රහණයකි.
ඉහතකී බහුවිධ ජයග්‍රහණ රැසක් අභිමුව, මහින්ද ජනාධිපතිතුමාගේ හැසිරීම පිලිබඳ සිහියට නඟා ගන්න. එවිට, ඔබ මනසට එන්නේ, එතුමා කොතරම් වැදගත් සහ තීරණාත්මක ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්තද, ඉතාම සංයමයෙන් යුතුව ඒවා දෙස බැලූවා විනා, එක වචනයකින් හෝ වහසි බසක්, කයිවාරුවක්, නොකී බවය. සැබෑ නායකයෙකු වන්නේ, එවන් සංයමයකින් යුතු අයෙකුය. එය ශක්තිමත් බවේ ලකුණකි.
එතරම් සංයමයෙන් යුතුව ජයග්‍රහණ භුක්ති විඳීමට තරම් අභ්‍යන්තර ශක්තියකින් යුතු නායකයෙකු, මෑත ඉතිහාසයේ නොවීය. ගැහැ‚යකු පිරිමියෙකු බවට පත්කිරීම හැර, අන් සියල්ල කල හැකි බවටද, ඉන්දියානු හමුදාව හමුවේ ප්‍රභාකරන් නමැති පිස්සාට කර කියාගන්නට දෙයක් නැති බවද ආදී වශයෙන් කයිවාරු ගැසුවේ, ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාය. කොටි සංවිධානය, යුද්ධයට සූදානම් වන බව සඟවන්නට සාම සාකච්ඡාවලට කොළඹ එන විට, ‘කවුද හිතුවේ ඇල්ටීටීඊ එක සාකච්ඡා මේසයට ගෙනෙන්න පුළුවන් කියා’ යනුවෙන් කයිවාරු ගැසුවේ, ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාද, යුද්ධය අවසාන සතියේ ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බැලූවේ එතුමා බව පැවසීය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගෙන වසර දහයක් ගතවූ පසුද, අන් කවරදාකටත් වඩා, වහසි බස් දෙඩීමට ප්‍රිය කරන්නීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු, කෙතරම් සංයමයකින් යුතු නායකයෙකුද යත්, එතුමා සමග සංසන්දනය කිරීමට පවා මේ උදවිය ගැලපෙන්නේ නැත.
ජනවාරි මස පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද ජනාධිපතිතුමා තුලින් පිළිබිඹු වූයේ, බලයේ සිටි අවදියටත් වඩා ශක්තිමත් චරිතයකි. එතුමා, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීම ගම් පළාත බලා ගියේ, පරාජය මැදහත් සිතින් විඳ දරාගෙන වුවද, පළමු දින කිහිපය තුල, තමා බලන්නට පැමි‚ ජනතාව, හ~ නගා වැලපෙමින් දුක්වන අයුරු දුටු එතුමා සිතින් සසැලී ගිය බව රහසක් නොවේ. එහෙත්, එම ජනතාවට එලෙස සංවේදී වන අතරේම, ජනතාව මුණගැසෙමින් දිවයින පුරා කරන ලද සංචාරය, කිසිවෙකුට සිතාගත නොහැකි තරමේ මෙහෙයුමක් විය. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කරන විටත්, එතුමා මහා ජනතා රැල්ලක් මෙහෙයවා හමාරය. නායකත්වය යනු එයයි.
යහපාලකයන් ගේ හිරිහැර වලට ලක්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද උදවිය බලන්නට යාමේදී, ඉන් සමහරවිට ඇතිවිය හැකි දේශපාලන අවාසි පිලිබඳ කිසිදු
තැකීමක්, මහින්ද රාජපක්ෂ මැතිතුමා නොකළ බව මගේ මිතුරකු වරක් මා හා පැවසීය. එයද, ශක්තිමත් බවේ ලකුණක් යැයි සිතමි.
හිතවත් දේශපාලන ව්‍යාපාර එකතුවක් විසින් දියත් කරන ලදුව, එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ, ශ්‍රීලනිපය හෝ, නායකත්වය නොගත් රැස්වීම් මාලාව, නුගේගොඩින් ආරම්භ කර, තවත් නගර කිහිපයකම අතිශය සාර්ථක අයුරින් පැවැත්වි‚. ඒ අතුරින්, කුරුණෑගල සහ මාතර රැලි පැවැත්වෙද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමා, රැස්වීම් භූමි අසලට පැමි‚ නමුත්, වේදිකාව වෙත නොපැමි‚යේය. වේදිකාවට නැගීමට සිතාගෙන පැමි‚යේ නැති වුවත්, තමාගේ නාමයෙන් රැස්වී සිටින අතිවිශාල ජන ගඟ සහ, ඔවුන් වෙතින් තමා කෙරෙහි එන ඒකමතික ඉල්ලීම දකින, වෙනත් ඕනෑම නායකයෙකු, ජනතාවගේ කර මතින් වේදිකාව වෙත අවතීර්ණ වීමට පෙළඹෙනු නොඅනුමානය. මහින්ද රාජපක්ෂ යනු, ඊට වඩා ශක්තිමත් නායකයෙකි. රැල්ල දුටු පම‚න් එහි පාවී නොගොස්, නිසි මොහොත එනතුරු ඉවසා සිටීමට හැකිවීම, ශක්තිමත් නායකත්වයේ ලකුණකි. එතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට සිදුවන තැනට කරුණු යෙදුනේ, ඒ පිළිවෙත නිසාය.
බලයට පත්වීම සඳහා ජනතා කැමැත්ත අවශ්‍ය වන්නේ වුවද, ඉහලට ගිය පසු, තරමක හෝ අහංකාර බවක් සිතට ගැනීම යනු, එතරම් පෞරුෂයක් නොමැති නායකයන් හට සිදුවන දෙයකි. දශකයකට ආසන්න කාලයක් ජනාධිපති ධුරයෙහි කටයුතු කිරීමෙන් පසුව වුවද, සාමාන්‍ය ජනයා කෙරෙහි ඇති බැඳීම, බිඳකුදු හෝ නොඅඩුව පැවතීමද, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශක්තිමත් නායකත්ව ගුණාංගයක් යැයි සිතමි.
ඉරිදා ලංකාදීප පුවත්පතෙහි, මගේ ලිපියක් දෙකක් පළවීමෙන් අනතුරුව, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලේකම්වරයෙකු දුරකථනයෙන් මා අමතා, හිටපු ජනාධිපතිතුමා මඳ වෙලාවක් ඇතුළත මා අමතනු ඇතැයි, දැනුම් දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්, මහා මැතිවරණයට නාම යෝජනා ලැබීම හෝ නොලැබීම පිලිබඳ ඇතිව තිබූ අවිනිශ්චිතභාවය හේතුවෙන්, එදින හිටපු ජනාධිපතිතුමාහට, ඉතා කාර්ය බහුල දිනයක් වූ බව නිසැකය. ඒ සියල්ල අතරේ, පුවත්පතේ පළවූ ලිපියක් දෙකක් වෙනුවෙන් සතුට පලකිරීමට සිතූ සැටියෙන්, එතුමාගේ නායකත්වයෙහි තවත් එක් පැතිකඩක් පිළිබිඹු වේ. මියගොස් තිබූ දේශයට යලි ජීවය දුන් ජන නායකයාගේ චරිත ස්වභාවය එයයි.
============ =========
යමෙකු ගේ සේවය වර්ණනා කරද්දී, ඒ සඳහා උදාහරණ දැක්වීම අනිවාර්යයෙන් කල යුත්තකි. රටට සාමය උදා කිරීම මහින්ද පාලනය තුලින් ඉටුවූ දැවැන්තම ජනතා සේවය බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එහෙත්, මහින්ද යුගයේ ලද රටේ ආර්ථීකය ලද වැදගත් ජයග්‍රහණ කිහිපයක් කෙටියෙන් පෙන්වා දෙමින් ලිපිය අවසන් කරමි.
දෙදහස් පහේ ජනවාරි මාසයේ සිට, දෙදහස් පහළොවේ ජනවාරි මස දක්වා ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිතය, සවිමත්ව වර්ධනය වී 2014 අගෝස්තු මාසයේදී ඇ.එ.ජ. ඩොලර් බිලියන 9 දක්වා පෙර කිසිදා ලඟා නොවූ මට්ටමක් කරා ලඟාවිය.
විදේශ වලින් නොකඩවා භාණ්ඩ ආනයනය කරන අතරේ, විදේශ මුදල් සංචිතය වැඩිකර ගැනීමට හැකිවීම දක්ෂ සැලසුම්වල ප්‍රතිඵලයකි.
ආර්ථීක වර්ධනයේ අවාසනාවන්ත තත්වයක් වන ඍන අගයක් අපේ රටේ වාර්තා වූයේ, 2001 වසර අවසානයේදීය. එහිදී රටේ ආර්ථීකය, වර්ධන වේගය ඍන 1.55 විය. 2002 වසරේ යන්තමින් වර්ධනයක් පෙන්වුවද, එය සියයට 0.3 ක් පමණක් වූ බැවින්, නොසලකා හැරිය හැකි තරම් සුළු වර්ධනයක් විය.
2005 සිට 2014 අවසානය දක්වා රටේ රටේ ආර්ථීක වර්ධන වේගයෙහි සාමන්‍යය සියයට 6.80ක ඉහල අගයක් සමත් විය. එක අතකින් යුද්ධයද, අනෙක් අතින් ලෝක ආර්ථීකයේ ඍන අගයක්ද පැවති 2009 වසරේදී ද, සියයට 3.54ක ආර්ථීක වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපේ රට සමත් විය.අවාසනාවකට මෙන් රටේ ජනතාව බහුතරයක් මේ කරුණු පිලිබඳ දැන නොසිටි බව ජනවාරි අටවැනිදා පැහැදිලි විය.
1948 සිට 2014 දක්වා ගතවූ දීර්ඝ කාලය පුරා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අයවැය පරතරය වූයේ 3.03% ක හිඟයකි. 2014 වසර සඳහා ජපානයේ අයවැය හිඟය එම වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් 7.7% ක් විය. 2014 දී චීනයේ අයවැය හිඟය 2.1% කි. එම වසරේදී එක්සත් රාජධානියේ අයවැය හිඟය 5.7% ක් වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ එම හිඟය 2.68% ක් විය. 2014 වසර සඳහා ශ්‍රී ලංකාවේ අයවැය හිඟය වූයේ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් 6% කි. 2005-2014 අතර කාලය තුල එක්සත් ජනපදයේ අයවැය හිඟයේ සාමාන්‍යය අගය දල දේශීය නිෂ්පාදිතයෙන් 6.13% ක් වූ අතර එම වකවානුව තුල ශ්‍රී ලංකාවේ අයවැය හිඟය ඊට කිට්ටුවෙන් එනම් 7.11%ක සාමාන්‍යය මට්ටමක පවත්වා ගන්නට හැකි විය. යහපාලකයෝ ආර්ථීකය ගැන ඔබ සමග තර්ක කරන්නට එන විට, මේ ඉලක්කම් වලින් ඔවුනට දමා ගැසිය හැකි බව සතුටින් සඳහන් කරමි.
2002, 2003, 2004 වසර තුනේදීම අපේ රටේ ණය බර දල දේශීය නිෂ්පාදිතයටත් වඩා වැඩිවිය. ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය වන දල ජාතික නිෂ්පාදිතයෙන් 103.2% ක් ණය බරක් බවට ණය එක්රැස් වූයේ චන්ද්‍රිකා රනිල් සුසංයෝගය රජකළ එසමයෙහිදීය. 2005 දී රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් 100% ද ඉක්මවා තිබූ ණය බර මහින්ද රාජපක්ෂ යුගයේදී ක්‍රමානුකූලව අඩුකර 2014 දී 75.5% දකවා පහතට ගෙන එන්නට සමත් විය. එය හාස්කමක් වන්නේ එය සිදුකලේ අලූතින් ණය ලබාගැනීම අඩු කිරීමක් මගින් හෝ ගත් ණය ආපසු ගෙවීමේ වේගය වැඩිකිරීමක් මගින් හෝ නොවන නිසාය. ඇත්ත වශයෙන්ම එම යුගයේදී අලූතින් ණය ලබාගෙන රට සංවර්ධනය කිරීමද නොකඩවා සිදුවිය. ණය ආපසු ගෙවීම ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන ගියා විනා එහි එතරම් ඉහල පහල යාමක්ද දක්නට නොලැබු‚. එසේනම්, මෙම වික්‍රමය සිදුකිරීමට සමත් වූයේ සමස්ත ආර්ථීකයේ විද්‍යාත්මක කළමනාකරණය මගින් බව පිළිගැනීමට සිදුවේ. එම කළමනාකරණ පිළිවෙත් මගින්, 2005-2014 අතර මහින්ද යුගයේදී රටේ දල දේශීය නිෂ්පාදිතය හෙවත් රටේ වත් පොහොසත්කම සෑහෙන මට්ටමකින් එනම් 300% කින් පමණ ඉහල ගියේය. අපේ රටේ දල දේශීය නිෂ්පාදිතය පිම්මේ ඉහල නැංවීමට හැකිවූ නිසා, ඇමරිකාවටද බැරිවූ අයුරින් අපේ ණය බර ප්‍රතිශතය පහත දැමීමට අපට හැකි විය. 2015 ජූලි 05 වැනිදා වනවිට එක්සත් ජනපදයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 18,153 ක් බව සටහන් විය. මෙය අප රටට සිතාගැනීමට පවා අපහසු තරමේ මුදලකි. එය එරටේ දල දෙශීය නිෂ්පාදිතයෙන් 101.53 % ක් විය.
අපේ රට ණය ලබාගන්නා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, චීන මහජන සමුහාණ්ඩුව සහ එහි මුල්‍ය ආයතන, ලෝක බැංකුව, ජපානයේ ජයිකා
අරමුදල ආදී ආයතන සහ රටවල් අපට ණය දුන්නේ, බොරු සංඛ්‍යා ලේඛන වලට රැවටී නොව, ණය ආපසු ගෙවීමට හැකි තරම් ආර්ථීක ශක්තියක අප සිටින බව සැක හැර දැනගැනීමෙන් පසුවය. ඒ රටවල සහ ආයතනවල විශ්ලේෂණවලට අමතරව, රටක ආර්ථීක ශක්තිය තක්සේරු කරන ජාත්‍යන්තර ආයතන වල ශේ‚ගත කිරීම් මගින්ද අපේ රටේ ආර්ථීකය පිලිබඳ සංඛ්‍යා ලේඛන වල නිවැරදි බව තහවුරු වේ.
කරුණු එසේ හෙයින්, මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල, යුද්ධයක් පැවතුනබවද නොසලකා, රටේ ආර්ථීකය දියුණු වූ බව පිළිගැනීමට අපට සිදුවේ.