කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

February 24th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (23) පස්වරුවේ උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන (URP) සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතිය (SCURP) සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

නාගරික අවිධිමත් ජනාවාස වෙනුවට මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010 වසරේ බව මෙහි දී සිහිපත් කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා 2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් සාදා නිම කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

ප්‍රධාන වශයෙන් කොළඹ අඩු පහසුකම් නිවාස මහල් නිවාස බවට පත් කිරීම මෙහි ඉලක්කයයි. ඒ අනුව නිවාස ඒකක 14,611ක් දැනටමත් ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස 5590ක් දැනට ඉදිකරමින් තිබෙන බව ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.

මෙම වැඩසටහන්වල පළමු කාර්තුවට අදාළ ප්‍රගතිය සහ ඉදිරි කාර්තු වලට අදාළ අපේක්ෂිත ප්‍රගතිය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව කාලිංග මාවත, හයසිය එක වත්ත (ස්ටේඩියම් ගම) සහ කොළොන්නාවේ දැනට වැඩ අවසන් වූ නිවාස ව්‍යාපෘති හා කාලිංග මාවතේ සහ කොළඹගේ මාවතේ මේ වසරේ වැඩ අවසන් වීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳව හෙතම පැහැදිලි කළේය.

කුරුණෑගල විල්ගොඩ  ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී නිවාස ඒකක 300ක ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

මෙයට අමතරව චීන ප්‍රදාන යටතේ නිවාස 1996ක් ලැබී ඇති බවත් එම නිවාස ව්‍යාපෘති දෙමටගොඩ, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාට ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත බවත් උදය නානායක්කාර මහතා මෙහි දී කරුණු හෙළි කළේය.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක මේ සෑම ව්‍යාපෘතියක්ම 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට සැලසුම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආධාර යටතේ කොළඹ ඇපල්වත්ත අදියර 3 යටතේ ඉදිවන නිවාස 400ක්, කිඹුලාඇල නිවාස 472ක්, මහරගම නිවාස 600ක් ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.

ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේදැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍යතුමා මෙහි දී විමසා සිටියේය.

අදාළ ව්‍යාපෘතිය කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත් කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් එහි ඉදිවන බවත් මෙහි දී නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්හ.

රුපියල් මිලියන 6-7ක් වටිනා නව නිවසක් වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ගෙන් දැනට අයකරන මුදල රුපියල් මිලියනයක් පමණ බවත් එම මුදල මසකට රු.3000 වැනි සුළු මුදලක් යටතේ වසර 30ක දී අයකර ගන්නා බවත් මෙහි දී සඳහන් විය.

නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කුලී පදනම යටතේ සිටින පදිංචිකරුවන් වෙනුවෙන් ද නිවාස ලබා දිය යුතු යැයි තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

නාගරික ප්‍රදේශවල අවුරුදු 20-30 කුලියට ජීවත් වන අය ඉන්නවා. එක ගෙදර දෙකට බෙදන් ඉන්න අයත් ඉන්නවා. සමහරු මේවා පවත්වාගෙන යන්නෙ ප්‍රධාන පාසල්වලට ළමුන් දාන්න. ඒ නිසා අවිධිමත් ජනාවාස ඉවත් කරන්න නම් මේ කුලියට ඉන්න අයටත් නිවාස ව්‍යාපෘතිවලින් සියයට 10ක්වත් දිය යුතුයි. අමාත්‍යාංශය ඊට අදාළ නිර්ණායක හදලා කැබිනට් අනුමැතියට යොමු කරා නම් වටිනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි පොලිසිය ඇතුළු රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලින් ලැබී ඇති ඉල්ලීම් සහ ඊට අදාළව හඳුනාගෙන ඇති වටිනා ඉඩම් සම්බන්ධ ව්‍යාපෘති යෝජනා ගැන නිලධාරිහු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.

ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික සැලැස්මකට අනුව අපේ රට සංවර්ධනය විය යුතුයි. අඩුම අවුරුදු 10ක්වත් එක දිගට ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ නිසා හැම තැනම තියෙන ඉඩම් වගේම ඊට අදාළ ව්‍යාපෘති එක්ක පුළුල් සාකච්ඡාවකින් පසු මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි. නිවාස ව්‍යාපෘතිම ක්‍රියාත්මක කරනවා වෙනුවට රථ වාහන තදබදය, පාසල් අවශ්‍යතා, පරිසරය මේ හැම පැත්තක්ම අවධානය යොමු කරමින් අපි කටයුතු කළ යුතු යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව ජාතික සැලැස්මට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එච්. කරුණාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගී වූහ.

Covid: 1,208 positive cases confirmed within the day and records 30 new fatalities from Covid-19

February 24th, 2022

Courtesy Adaderana

The Health Ministry says that another 1,208 persons have tested positive for Covid-19 today, as the daily count of new cases continues to rise in the country.

This brings the tally of Covid-19 cases registered in the country thus far to 641,786.

According to official figures, 607,912 positive cases have recovered.

Following the new development, the number of virus-infected people who are undergoing treatment moved to 17,758. Meanwhile, the death toll stands at 16,116.

The Director-General of Health Services has confirmed another 30 coronavirus-related deaths for February 23, pushing the country’s death toll from the pandemic to 16,116.

The deaths reported today include 21 males and 09 females, according to the figures released by the Department of Govt. Information. 

Seven of the victims are between the ages of 30-59 years. Another one was aged below 30 years and the remaining 22 are in the age group of 60 years and above.

Women’s History Month Begins on March 1st

February 23rd, 2022

Chandra Fernando, Educational Consultant, USA

The Italian educator and physician Maria Montessori (1870–1952) is best known for the teaching method that bears her name. She was also a lifelong pacifist, although historians tend to consider her writings on this topic as secondary to her pedagogy. In The Best Weapon for Peace: Maria Montessori, Education, and Children’s Rights .Erica Moretti reframes Montessori’s pacifism as the foundation for her educational activism, emphasizing her vision of the classroom as a gateway to reshaping society. Montessori education offers a child-centered learning environment that cultivates students’ development as peaceful, curious, and resilient adults opposed to war and invested in societal reform.
 


Using newly discovered primary sources, Moretti examines Montessori’s lifelong pacifist work, including her ultimately unsuccessful push for the creation of the White Cross, a humanitarian organization for war-affected children. Moretti shows that Montessori’s educational theories and practices would come to define children’s rights once adopted by influential international organizations, including the United Nations. She uncovers the significance of Montessori’s evolving philosophy of peace and early childhood education within broader conversations about internationalism and humanitarianism. (Published by the University of Wisconsin press)

Post Script: Montessori schools around the world, unlike those in Sri Lanka educate children from toddlers through high school using the Montessori method. This is mostly prevalent in Europe, South America and North America including such countries as Canada and the United States.

Some famous Montessori students have been the founders of Google: Larry Page and Sergey Brin, the founder of Amazon, Jeff Bezos, Anne Frank the young girl who wrote, The Diary of Anne Frank before the Nazis sent her to a death camp. Others have included the former co-owner of the Washington Post, Katherine Graham and actresses Helen Hunt and Melissa Gilbert.

Chandra Fernando, Educational Consultant, USA

RUN OF THE RIVER HYDROELECTRICITY

February 23rd, 2022

Sugath Kulatunga

The country is in the midst of a acute power crisis. If we ignore the immediate problem of dearth dollars to buy fuel the present crisis is mainly due to the Yahapalana government not investing in a single new power generation unit. The dollar crisis will exacerbate with oil prices expected to go over 100 dollars a barrel in the coming weeks. Policy makers seem to concentrate on solar power and wind power. Have we exhausted the conventional hydroelectric power? There is more potential in minor hydro schemes, but the environmental constraints limit further expansion in this area.

A few days back I looked at the RUN OF THE RIVER power production and found that it is a much-utilized source of electricity. I wonder why our power gurus have not thought of this source. Before getting at streams and canals why are we not harnessing our rapids. All our major rivers have rapids which may have the potential to be tapped under this technology. In the Mahaweli there are a few rapids close to Kandy. In the Kalani there is Kitulgala and in Kaluganga there is the Naragala rapids. Naragala is in the same latitude as the Labugama reservoir, and it may be possible to tap Kaluganga at this point to augment Labugama water supply.

I found in the Wikipedia the following examples of existing run of the river projects in different parts of the world with over 1500 MW capacity.

·       The following website lists 58 hydroelectric power stations that generate power using the run-of-the-river method. This list includes most power stations that are larger than 100 MW in maximum net capacity, which are currently operational or under construction.

https://en.wikipedia.org/wiki/List_of_run-of-the-river_hydroelectric_power_stations

 Sugath Kulatunga

My dear Sampanthan WHY HIDE THE TRUTH?

February 23rd, 2022

Stanley Perera Melbourne, Australia.

My dear Sampanthan,

WHY HIDE THE TRUTH?

One minute you go to UNO.  The next minute you go to the Indian Prime Minister.  Now you are asking Tamil Nadu politicians to support your move against the GOSL on Human rights violation.This is never ending agitation.  In your old age Sampanthan  you must sit down and relax reading the newspaper.  Look back at your past.  What have you achieved in your campaign against the GOSL?  You conducted a campaign with the Tamil Diaspora and the LTTE Terrorists against the GOSL to establish a seperate State in the North and East of Sri Lanka with the blessings and support of Tamil Nadu to the world..  Did you go anywhere with your Tamil people’s aspiration propaganda campaign telling a pack of lies.  Did you ever tell the world that GOSL rescued 298,000 Tamils in the North when they were taken hostage by the LTTE to make a human shield?

The GOSL gave you a new lease of life after annihilating the LTTE terrorists menase by not locking you up in a cell for the campaign conducted against the GOSL    This is a classic example Sampanthan.  You must tell the world the TRUTH.  You exported some 250,000 Tamils from North to the west under the guise of Refugees.  They are in actual fact BOGUS Tamil REFUGEES who are supporting you financially to topple Rajapakse government.

Sampanthan, you are lucky to be in Sri Lanka.  If it is in the western country  You are thriving in jail for treason charges.

Sampanthan, tell the truth.  You are lucky to be a Sri Lankan.

13A.

75% of Sri Lanka’s population are Sinhalese.  Tamils are only 12% of the population.  You are demanding privileges not enjoyed by 75% of the total population.  These 75% of the population gave 2/3 majority votes in the Rajapakse Government to delete the 13th amendment from the constitution.

My dear Sampanthan, just relax and learn to enjoy your life at this old age of yours.  Your bogus claim of Tamil peoples aspiration is a myth.  You have no genuine desire to serve the Tamils in Sri Lanka. 

Say “thank you Sri Lanka” for the new lease of life after the annihilating LTTE Terrorism.

 Yours Truly

Stanley Perera Melbourne, Australia.

තරුණයින් දස දහස් ගණනකගේ ඡන්ද හිමිකම අහිමි කරලා. ග්‍රාම නිලධාරි හරහා ඡන්ද ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි

February 23rd, 2022

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක

2021 ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේ දී සිදු වු අඩුපාඩු සහ වරද හේතුවෙන් අලුත් ඡන්දදායකයින් විශාල පිරිසකට ඉදිරි ඡන්ද විමසීමක දී ඡන්ද බලය අහිමි කර ඇත.  වසර 55 කට වැඩි කලක් අඛණ්ඩව හා සාර්ථකව ගෙන් ගෙට ගොස් සිදු කළ ඡන්දහිමියන් ලියාපදිංචි කිරිම වෙනුවට නාමික ඔන්ලයින් ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම මෙයට හේතුවයි.

2021 ඡන්ද ලේඛනය සකස් කර ඇත්තේ මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමයට ය.  මේ වසරේ ද (2022) නිවසින් නිවසට ගොස් ඡන්දය ගණන් ගැනීමක් මේ දක්වා සිදුවන්නේ නැත.  එබැවින් මෙවර ද දස දහස් ගණනකට ඡන්ද අයිතිය අහිමිවීමේ අවදානමක් පවතී.  

නිවසින් නිවසට ගොස් ඡන්ද නාම ලේඛන සැකසීම වෙනුවෙන් ග්‍රාම නිලධාරිවරුන්ට ගෙවන දීමනා සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසම හා ග්‍රාම නිලධාරී සමිති අතර ගැටුමක් මතුවී ඇත.  එම හේතුවෙන් 2022 වසරේ ඡන්ද හිමි  නාම ලේඛන සැකසීමේ දී ද, මාර්ග ගත (ඔන් ලයින්) ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම සිදු වේ.

2021 ඡන්ද නාම ලේඛනයේ ඡන්දදායකයින් ගේ වැඩිවීම ඇදහිය නොහැකි පහත අගයක් දරයි.  ඒ අනුව, 2021 ඡන්ද නාම ලේඛනය ලංකා ඉතිහාසයේ අසාර්ථකම සහ වැඩිම දෝෂ සහිත ලැයිස්තුවක් බවට පත්ව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් වසරට නව ඡන්දදායකයින් 8000 ක් පමණ ලියාපදිංචි කෙරේ.  නමුත් 2021 දී ඡන්ද හිමි නාමලේඛනයේ වැඩිවීම ඡන්ද 4,968 ක් පමණී. 

පුත්තලම වසරකට ඡන්ද 14,500 ක් පමණ වැඩිවේ.  2021 දී වැඩි වී ඇත්තේ ඡන්ද 8,369 කි. 

පෙර වසර වල ඡන්ද 6000 ක් පමණ වැඩි වූ හම්බන්තොට මෙවර වැඩිවීම ඡන්ද 3,598 කි.

පෙර වසරවල ඡන්ද 10,000 ක් පමණ  වැඩි වූ ගාල්ලේ මෙවර වැඩිවීම ඡන්ද 3601 කි.

පෙර වසරවල ඡන්ද 5,500 බැගින් වැඩිවූ මාතලේ මෙවර වැඩිවීම ඡන්ද 3,153 කි.

පෙර වසරවල ඡන්ද 5,500  බැගින් වැඩි වූ මොණරාගල මෙවර වැඩිවීම ඡන්ද 3,564 කි.

ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට හේතු වූ මාර්ගගත ක්‍රමය මගින් පමණක් කිසිදු ලෙසකින් සාර්ථක ඡන්ද හිමි නාම ලේඛනයක් සකස් කර ගත නොහැකි බව පැහැදිලිය. 

‘‘සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛයක්‘‘ සැකසීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම ඉතිහාසය පුරාම ප්‍රමුඛත්වය දී තිබුණි. ලෝකයේ ඉහළම ප්‍රමිතියකින් යුතු ඡන්ද හිමි නාමලේඛන පවත්වා ගෙන යාමට ඒ නිසා අපට හැකියාව ලැබී තිබුණි.  2022 ඡන්ද හිමි නාමලේඛන සැකසීම නැවත වරක් විධිමත් කළ යුතුව ඇත.

ඡන්ද හිමි නාම ලේඛන සැකසීම, ග්‍රාම නිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ කොටසකි.  ඒ සඳහා පහසුකම් හා දීමනා සැපයීම මැතිවරණ කොමිසමේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමකි.  ග්‍රාම නිලධාරි දීමනා ගෙවීමට නොහැකි බව පවසමින් ඡන්ද ලියාපදිංචිය අඩාල කිරීම තුලින් තරුණයින්ගේ ඡන්ද අයිතිය උදුරා ගනු ලබන්නේය. ග්‍රාම නිලධාරිවරුන් හා මැතිවරණ කොමිසම අතර මතුව ඇති ආරවුල නිරාකරණය කර ‘සුදුසුකම් සහිත සෑම ඡන්ද හිමියෙකුම ලියාපදිංචි කිරීමට‘‘ රජය වහා පියවර ගත යුතුව ඇත.

2021 ඡන්ද ලේඛනයේ නම ඇති දැයි පහත දිගුවෙන් පරීක්ෂා කළ බැලිය හැකිය.    

https://eservices.elections.gov.lk/pages/es_ct_MakeQuery.aspx

ඡන්ද පොතේ නම නැත්තම්, ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබෙන්නේ නැත.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ

රාජගිරිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පහසුකම් සහිත නව පුහුණු ආයතනයක් ලෙස නවීකරණය කිරීමට පියවර ගැනේ.

February 23rd, 2022

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් රාජගිරිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි (VTA) හදිසි නිරීක්ෂණ චාරිකාවක ගරු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය ඊයේ (22) දින නිරත විය.

වසර ගණනාවකින් අවධානයට ලක් නොවු මෙම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පූර්ණ පහසුකම් සහිත නව පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීමට අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් හට අමාත්‍යතුමිය විසින් උපදෙස් ලබා දෙන ලදී .

නිරීක්ෂණ චාරිකාව අතරතුර එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් සමඟ සිදුකළ කතාබහකට පසු ඔවුන්ගේ ඉල්ලීම්වලට අනුව අධ්‍යාපනය සඳහා පවතින පහසුකම් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි ඉදිරියේ දී කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

🔸සූපවේදී පාඨමාලාව

🔸අධිවේගී මහන යන්ත්‍ර ක්‍රියාකරු පාඨමාලාව

🔸කොණ්ඩා සැකසුම් ශිල්පී පාඨමාලාව

🔸පරිගණක යෙදවුම් සහයක පාඨමාලාව ඇතුළු පාඨමාලා රැසක් මෙම මධ්‍යස්ථානයේ පැවැත්වෙන අතර සිසු සිසුවියන් 154 දෙනෙකු පමණ අධ්‍යාපනය  ලබති.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපායා දිනය (Sapphire Day) ගැන අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරයි

February 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Blue Sapphires) සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැළකිල්ලට ගනිමින් නිල් මැණික්වලට සමඟාමීව සංචාරක ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කයකි.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපායා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහි දී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය අතරතුර දී සපායා ශ්‍රී ලංකා (Sapphire Sri Lanka) නමින් ශ්‍රී ලංකාවේ මැණික් හා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ සුවිශේෂී වීඩියෝවක් එළි දැක්වීමට නියමිත බව මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන හා සංස්කෘතික අංග ඇතුළත් කරමින් සකස් කළ මෙම වීඩියෝ නිර්මාණය  සංචාරකයන්ට මෙරටට පැමිණීමට උනන්දුවක් ඇති කරන අතර ඔවුන්ට රටින් පිටව යාමේදී සිහිවටනයක් ලෙස මැණිකක් මිලදී ගැනීමට ආරාධනා කරයි.

මැණික් ප්‍රදර්ශනයට පෙර දින (පෙබරවාරි 25) මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව ලොව විශේෂඥ දැනුමකින් හෙබි හෙලන් මොල්ස්වොත්( Helen Molesworth) මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඇතුළු වටිනා මැණික් සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සියලු ජාත්‍යන්තර මාධ්‍ය සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන්, උප සභාපති අල්තාෆ් ඉක්බාල්, ව්‍යාපෘති ප්‍රධානී රොෂේන් වීරරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ICCROM සම්මානලාභී ආචාර්ය ගාමිණී විජේසූරිය උපහාර උළෙල

February 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රෝමයේ පිහිටි සංස්කෘතික දේපල සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ගාමිණී විජේසූරිය මහතාට උපහාර පිදීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙක් හා පුරා විද්‍යාඥයෙක් වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා 20වන සහ 21වන සියවස්වල ලොව බිහිවූ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කිහිපදෙනා අතර සිටින විද්වතෙකි.

ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින් මෑතක දී රචිත අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයට පත් වැදගත් ලේඛන ඇතුළත් ග්‍රන්ථ 05ක සිංහල භාෂා පරිවර්තන කෘතීන් ඒ මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා වෙත  පිළිගන්වනු ලැබීය.

ලොව පුරා විවිධ අධ්‍යන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් 1969 වසරේ සිට මේ දක්වා පිරිනමා ඇති  ICCROM සම්මාන ගණන 50ක් පමණ වේ. ඉන් දකුණු ආසියාවටම ලැබී ඇත්තේ සම්මාන තුනකි. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ පළමුවතාවටය.

කුරුණෑගල ඇස්සැද්දුම ග්‍රාමයේ උපන් ආචාර්ය ගාමිණි විජේසූරිය මහතා නාගොල්ලාගොඩ මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්  පාසල් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්‍යාවේදී සහ විද්‍යාපති උපාධිය ලබමින්  වරලත් වාස්තු විද්‍යාඥයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතයට මුල පුරා ඇත. එක්සත් රාජධානියේ යෝක් විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව/උරුම කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, අමෙරිකා එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය/සංරක්ෂණය පිළිබඳ තවත් ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගන්නා ආචාර්ය විජේසූරිය මහතා පුරාණ ශ්‍රී ලංකාවේ භාවනාරාම පිළිබඳ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ නෙදර්ලන්තයේ ලයිඩන් විශ්ව විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණයේ  ආරම්භක ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස  පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඇතුළත් වන විජේසූරිය මහතා නියෝජ්‍ය කොමසාරිස් (වාස්තුවිද්‍යා)  හා අධ්‍යක්ෂ (වාස්තුවිද්‍යා සංරක්ෂණ) ලෙස වසර 18ක කාලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිය සේවය ලබාදී ICCROM කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස එක්ව ඇත්තේ එහි සේවයට එක්වන පළමු ආසියාතික වෘත්තිකයා ලෙසිනි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ වාස්තු විද්‍යාඥ රසල් දන්දෙනිය, ශ්‍රී ලංකා ICOMOS ආයතනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය බී.ඩී නන්දදේව මහත්වරුන්වෙත ද මෙහිදී  අග්‍රාමාත්‍යතුමා අතින් තිළිණ ප්‍රධානය කෙරිනි.

මෙම උපහාර පිදීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ, ශ්‍රී ලංකා ICOMOS ආයතනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය බී.ඩී නන්දදේව, පුරාවිද්‍යා අධ්‍යන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසන්න බී රත්නායක, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ වාස්තු විද්‍යාඥ රසල් දන්දෙනිය  මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Poverty, Inequality and the IMF: How Austerity Hurts the Poor and Widens Inequality

February 23rd, 2022

The Boston University Global Development Policy (GDP) Center

Adum, Kumasi, Ghana. Photo by Reuben Hayfron on Unsplash.

In offering loans to developing countries in exchange for policy reforms, the International Monetary Fund (IMF) typically sets the fiscal parameters within which development occurs. Among the drivers of socio-economic development, a new working paper focuses on an important, yet insufficiently understood, international-level determinant: the spread of austerity policies to the developing world by the IMF.

In a new working paper, Thomas Stubbs, Alexander Kentikelenis, Rebecca Ray and Kevin P. Gallagher use an original dataset of IMF-mandated austerity targets to examine how policy reforms prescribed in IMF programs affect inequality and poverty. Their empirical analyses span a panel of up to 79 countries for the period 2002-2018. Using instrumentation techniques, the authors control for the possibility that these relationships are driven by the IMF imposing harsher austerity measures precisely in countries with more problematic economies.

Their findings show that stricter austerity is associated with greater income inequality for up to two years, and that this effect is driven by concentrating income to the top ten percent of earners, while all other deciles lose out. The authors also found that stricter austerity is associated with higher poverty head-counts and poverty gaps. Taken together, their findings suggest the IMF has neglected the multiple ways its own policy advice contributes to social inequity in the developing world.

In December 2021, this working paper was published as a journal article in the Journal of Globalization and Development.

https://www.bu.edu/gdp/files/2021/04/GEGI_WP_046_FIN.pdf

IMF Austerity is Alive and Increasing Poverty and Inequality

February 23rd, 2022

By Rebecca Ray Courtesy The Boston University Global Development Policy (GDP)

Buenos Aires, Argentina. Photo by Nate Kadlac on Unsplash.

For many years, researchers have debated the International Monetary Fund’s (IMF) use of austerity, or required fiscal budget tightening: how common it is, which borrowers receive such requirements, whether IMF practice has changed after successive financial crises, and what impacts such austerity has had.

Two new working papers from the Boston University Global Development Policy Center (GDP Center) pushes these questions further. Using a new dataset that measures the depth of required fiscal adjustment in each agreement from 2001-2018, these papers reveal four main findings.

From IMF Austerity Since the Global Financial Crisis: New Data, Same Trend, and Similar Determinants” by Rebecca Ray, Kevin P. Gallagher, and William Kring:

  • IMF-required austerity is commonplace and did not diminish in intensity after the 2008/2009 financial crisis.
  • Borrowing countries are less likely to face required austerity if they are strongly tied to Western Europe, either through trade or diplomatic channels, or if they receive significant aid from non-OECD countries (mostly China).

From Poverty, Inequality, and the International Monetary Fund: How Austerity Hurts the Poor and Widens Inequality,” authors Thomas Stubbs, Alexander Kentikelenis, Rebecca Ray, and Kevin P. Gallagher:

  • Borrowing countries are more likely to face austerity if they are host to significant foreign direct investment (FDI), particularly from Western Europe.
  • IMF-required austerity is significantly associated with rising inequality, by increasing the income share to the top ten percent at the expense of the bottom 80 percent. Unsurprisingly, the impact can also be seen in significantly rising poverty levels in countries facing tighter austerity requirements.

How does the dataset measure the depth of IMF-required fiscal adjustment?

Over the last year, researchers at the GDP Center have created a new dataset on the depth of fiscal adjustment required in IMF agreements. By incorporating this new variable, the researchers pushed beyond explorations of who receives conditionality, to how lenient or harsh each agreement has been. This new data, which the working papers are based on, will be made public upon journal publication.

This dataset includes all IMF agreements since 2001 with binding fiscal adjustment targets (known as quantitative performance criteria, or QPCs) at the end of calendar years. By limiting the sample to end-of-year QPCs, it allows each fiscal adjustment requirement to be measured as a share of calendar-year GDP. These annual measures are then compared across the length of the agreement to produce cumulative, annualized fiscal adjustment, in percentage points of the borrower’s nominal GDP. Positive numbers indicate government budgets that were required to tighten (or become more positive), while negative numbers indicate agreements that allowed government budgets to loosen (or become more negative).

This dataset takes only the final level of each QPC, after any adjustments or revisions, and it ignores any that were waived because of extenuating circumstances. After all of these factors were taken into account, and after removing a few extreme outliers in unusual circumstances (for example, Iraq shortly after the ouster of Saddam Hussein), it resulted in a dataset of 335 QPCs from 154 IMF arrangements across 18 years.

How much fiscal adjustment did the IMF require from 2001-2018?

In the first of the two new working papers, IMF Austerity Since the Global Financial Crisis: New Data, Same Trend, and Similar Determinants,” coauthors Rebecca Ray, Kevin P. Gallagher, and William Kring find a remarkable variability in the fiscal tightening (or loosening) required across IMF agreements. While required fiscal adjustments always averaged between one percent of GDP cut or added to borrowers’ budgets for every year in the sample, Figure 1 below shows that the arrangements include a wide variety of experiences, even after removing the outliers mentioned above.

Figure 1: IMF-imposed Fiscal Adjustment in % of Borrower GDP per year, 2001-2018

Source: Ray, Gallagher and Kring, 2020, Figure 2.

Some of this variation is due to the diversity of economic situations faced by IMF borrowers, like the type of arrangement they entered, or their income levels, economic growth, and inflation rates at the time of their IMF arrangement. When considered together with these factors through an ordinary least squares regession model, the IMF agreements coalesce around a narrower range. Figure 2 below shows the predicted fiscal adjustment levels and 95 percent confidence intervals across the dataset, resulting from that process:

Figure 2: Modeled IMF-Imposed Fiscal Adjustment in % of Borrower GDP per year, 2001-2018

Note: Bars represent 95 percent confidence intervals. Source: Ray, Gallagher and Kring, 2020, Figure A1.

These results run counter to recent research on the IMF rhetoric and the text of agreements, which often find that the agreements grew more lenient after the 2008/2009 financial crisis. In fact, Figure 3 below shows no significant trend at all across this time period, in terms of the fiscal adjustment actually required by the agreements. Average predicted fiscal adjustment appears to have dipped in 2008 and 2009 (though not statistically significantly so) before rebounding to its prior levels. In fact, the only year with predicted fiscal adjustment that is statistically significantly greater than zero is the most recent year in the dataset, 2018.

Which countries gets more austere or lenient IMF arrangements?

The same working paper also finds that IMF-required austerity wasn’t evenly distributed among all borrowers, or even all borrowers facing similar economic pressures. Even after taking into account each country’s economic situation, the authors find that countries’ foreign economic and diplomatic relationships mattered in setting the stage for the terms of IMF programs. Figure 3 shows the specific relationships that emerged as significant determinants of IMF austerity. For each variable, it shows the difference in IMF-required austerity that is associated with an increase of one standard deviation in each of the significant variables: 

Figure 3: Significant Determinants of IMF-Required Fiscal Adjustment, 2001-2018

Note: Bars indicate 95 percent confidence intervals. Source: Ray, Gallagher and Kring, 2020, Fig. 3.

As Figure 3 above shows, three of these variables were associated with significantly more lenient (less austere) IMF agreements.

The strongest of these impacts is a country’s diplomatic relationship with Western Europe, measured as its average voting alignment with Germany, the UK, and France at the UN General Assembly (UNGA). An increase of one standard deviation in this variable was associated with IMF agreements that were less austere by a whopping 0.9 percent of GDP per year.

Borrowers’ trade relationship with Western Europe was also associated with significantly less austerity: an increase of one standard deviation in a country’s exports to France, Germany, and the UK (from 1.8 percent to 5.6 percent of GDP) was associated with an average of 0.5 percent of GDP less in required fiscal tightening per year.

Finally, aid (official development assistance, or ODA) received from sources outside of the rich countries that make up the Organization for Economic Co-operation and Development’s Development Assistance Committee (DAC) seems to act as a buffer on countries’ willingness to accept harsh IMF conditionality. An increase on one standard deviation in aid from non-DAC countries (from $25 to $54 per capita) is associated with QPCs that are an average of 0.5 percent of GDP less austere per year. It is worth noting that this non-DAC aid is most likely to come from China. This reinforces another recent GDP Center working paper showing that countries may approach China as an alternative to seeking IMF assistance.

In contrast, two additional variables are associated with greater austerity in IMF agreements: a country’s role as a host for foreign investment, generally, and from Western Europe specifically. An increase by one standard deviation in net FDI inflows (from 3.4 percent to 9.3 percent of GDP) is associated with QPCs that require 0.5 percent of GDP tighter fiscal adjustments: the same impact as an increase by one standard deviation in the FDI in-stocks from Western Europe (from 0.3 percent to 2.2 percent of GDP). These findings bolster the growing literature on tight fiscal policy being associated with the influence of foreign investors.

What happens after austerity is enacted?

Austerity often falls on the shoulders of the nation’s most vulnerable people.

With this in mind, an additional GDP Center working paper explores the impact of IMF-imposed fiscal adjustment on inequality and poverty, using the same dataset. In this new paper, Poverty, Inequality, and the International Monetary Fund: How Austerity Hurts the Poor and Widens Inequality,” authors Thomas Stubbs, Alexander Kentikelenis, Rebecca Ray, and Kevin P. Gallagher find that greater IMF-imposed austerity is associated with increased inequality and poverty in borrower countries.

Figure 4 below summarizes the findings of ten separate regression models, showing the impact of IMF austerity on the income share of each income decile (each representing ten percent of the population), from the poorest ten percent (decile one) to the richest ten percent (decile ten).

The results show a statistically significant negative effect of fiscal adjustment on the income share of the bottom 80 percent of the population: income deciles one through eight. For the top ten percent — decile ten — the effect of the IMF adjustment coefficient turns positive and is large relative to the other deciles (coefficient, 0.198).

In other words, IMF-required austerity is significantly associated with the highest earners receiving more at the expense of the bottom 80 percent. The biggest losses are accrued by middle-class earners, in deciles six through eight, plausibly a product of wage, employment, and pension cuts for civil servants.

Figure 4: Impact of IMF-Required Fiscal Adjustment on Income Share to Each Decile, 2001-2018

Source: Stubbs et al, 2021, Fig. 1.

These results have serious implications for families facing poverty. Figure 5 below shows the results of a model of the impact of IMF-required austerity on the poverty rate at $2.50 per person, per day. This model varies IMF fiscal adjustment and averages the remaining covariates in the sample. It finds IMF-mandated austerity to be significantly associated with higher poverty rates.

For example, fixing IMF fiscal adjustment at five percentage points (requiring government budgets be tightened by five percent of GDP per year), our model would predict a poverty headcount at 27.35 percent of the population, compared to 24.83 percent with no adjustment. 

Figure 5: Impact of IMF-Required Fiscal Adjustment on Poverty Rates, 2001-2018

Source: Stubbs et al, 2021, Fig. 2.

What now?

As the IMF holds its annual Spring Meetings the first week of April in Washington, D.C., it faces a changed world.

The COVID-19 pandemic has ravaged economies around the globe, with the poorest regions hit hardest: Sub-Saharan Africa and Latin America and the Caribbean each saw their regional economies shrink by over six percent last year, while emerging Asian economies (excluding China) shrank by eight percent.

Amidst the global economic instability, international investors fled developing economies, before returning after vaccines were announced, creating significant exchange rate instability, which can make a country’s dollar-denominated debt obligations unsustainable, even if they were within a normal range before the pandemic. It can also wreak havoc on a country’s balance of payments, creating just the type of international financial instability the IMF was created to address.

As the IMF responds to these crises, encouraging signs have emerged that the Fund may be treating this crisis with special care. The GDP Center’s IMF COVID-19 Recovery Index shows that IMF arrangements in 2020 and 2021 have begun to directly target maintaining or increasing health spending, for example, though rarely in binding ways.

But as these GDP Center working papers show, broader austerity matters as well. The IMF would be well served to take its recent progress and expand it to apply to austerity generally, or at the very least, work to ensure that required austerity does not worsen inequality and poverty in borrowing nations as they work to recover from the COVID-19 crisis.

SL in Guinness Record books for world’s largest sapphire aggregate

February 23rd, 2022

Courtesy The Daily Mirror

The star sapphire cluster weighing 503.2 kg, which was found in the Ratnapura area last year, today received the Guinness World Record as the world’s largest sapphire aggregate.

The ceremony of handing over the certificate for the world’s largest sapphire aggregate was held at the Cinnamon Lakeside Hotel with the patronage of Gem and Jewellery related Industries State Minister Lohan Ratwatte, National Gem and Jewellery Authority Chairman Tilak Weerasinghe, Adjudicator of the Guinness World Records and Founder Swapnil Dangarikar and other officials.

Addressing the event, the chairman said the cluster was registered in the Guinness Book after it was certified as a star sapphire cluster by the Gübelin Gem Lab in Switzerland.

He said the gemstone belonged to the Coronandum genus and was valued at more than Rs. 2,000 million.

The star sapphire cluster was found by workmen digging a well at a home in Ratnapura last year. The Gem and Jewellery Authority is taking measures to put this sapphire cluster on an auction or in a museum.

Meanwhile, the Guinness World Records adjudicator said Sri Lanka has received the new Guinness World Record title for the largest sapphire aggregate, which has been done for the first time in the world. (Chaturanga Samarawickrama)

Daily Covid-19 cases count at 1,281 today and death toll sees uptick with 31 more victims

February 23rd, 2022

Courtesy Adaderana

The Health Ministry says that another 1,281 persons have tested positive for Covid-19 today, as the daily count of new cases continues to rise in the country.

This brings the tally of Covid-19 cases registered in the country thus far to 640,578. 

According to official figures, 607,583 positive cases have recovered.

Following the new development, the number of virus-infected people who are undergoing treatment moved to 16,909. Meanwhile, the death toll stands at 16,086.

The Director-General of Health Services has confirmed another 31 coronavirus-related deaths for February 22, pushing the country’s death toll from the pandemic to 16,086.

The deaths reported today include 14 males and 17 females, according to the figures released by the Department of Govt. Information. 

Six of the victims are between the ages of 30-59 years. The remaining 25 are in the age group of 60 years and above.

THE PRESENT CRISES IN SRI LANKA- A FRIGHTENING OVERVIEW.

February 22nd, 2022

Editorial

Feb.22nd. 2022

Sri Lanka’s present crises borne of an ill political wind based on detrimental administration and bad choices as it appears are of a severe  socio-economic nature that can end in bankruptcy which seems like an impending disaster looming over the horizon.Despite warning signs  the Government seems to be unconcerned and act as though it might blow away in the manner of a proverbial ostrich burying its head in the sand where properly targeted drastic action which is the key to resolving it seems to be the furthest thing from the Rajapaksa administration currently dabbling in issues of lesser priority than one imminently at hand and the nation continues its agitation in apprehension and uncertainty which could result in dire ramifications for all concerned which in all probabilities could include themselves..

It precludes the rationality and reason towards the well being of the Nation that the people appear to be completely unaware of the gravity of the situation where post haste remedial action is needed( if not already too late!) to prevent a downward spiral as Sri Lanka teerers on the edge of economic uncertainty as well as issues relative to Covid 19.

A clear plan of action to address this entire situation invariably rests on the  nation’s stability both economic and relative to the Covid 19 situation.The enforcement of the health rules should be given equal or higher priority in the total program as well as bolstering the economy which disastrously seems to be slipping out of control for which the Administration seems totally responsible.

Sri Lanka according to knowledgeable world financial analysts is alarmingly rated as being close to bankruptcy and desperately in need of dollar resources where foreign investors cannot be expected to come to her rescue due to the high risk involved and thereby forced to borrow short term loans at high interest from unscrupulous lenders further compunding Sri Lanka’s woes and consequently being subjected to a foreign debt trap as the lenders invariably demand more than a pound of flesh in return.The foreign exchange reserves to buy essentials like food and medicines from abroad appear to be running out. The lack of dollar reserves will lead to a severe shortage of essentials. The result will be racketeering and high prices – a black market. This will send prices up further and a worse case scenario could plunge the country into dire straits all too frightening to apprehend as well as comprehend!!

One report says, quote “Within the country the economic situation is extremely bad and specially people in the villages and the ‘urban slums’ are suffering terribly. Within Sri Lanka 60% of our population is living in poverty. Hunger is widespread and many live on one meal a day. The malnutrition level has gone up to 18.3% (which means that out of five children who are five years of age one is suffering from malnutrition). Not only will the body and mental development of these malnourished children be badly affected, it can have some adverse impact on the entire future generation.

Quoting further and appropriately,” so how do we prevent or minimize these unfortunate trends? The question asked is how long will this

Covid-19 pandemic last. On the basis of experience with past pandemics and epidemics, which have generally existed in epidemic form for two or three years, they have then become milder routine infections like the common cold, or influenza. The appearance and increase of herd immunity contributes to the above change.Hopefully with Covid -19 too this will be the case.

With regard to the repayment of our loans as a country which has been badly hit by the Covid-19 pandemic as well as the global economic crisis we are entitled to re-negotiate and restructure the repayment of our sovereign debt. Accordingly we should ask for a period (say about five years) where we do not re pay our debt to the creditors.

This is to enable us to bring about the requisite changes of the policies that will result in sustainable development. During this period we can ensure that our people obtain their essential needs and their suffering be minimized.

The welfare state (free health, free education, allowances to the needy etc.) must not only be properly implemented during this period but also be sustained in the future. Our dependence on loans can be minimized by ensuring that the haves also take a significant part of the burden. The tax rate in Sri Lanka, both personal (14%) and corporate (18%) is one of the lowest in the world. This must be increased to well above the upper limit of tax charged in countries of Europe (35-40%).

A significant section of the future generation will be mentally deficient, in addition to being short and thin and may behave abnormally. There may be an increase of crime and misbehavior. This trend has already appeared among a significant section of the present younger generation (who have lost their jobs, and become drug addicts as well as part of the underworld) ” end quote.

It is horrendous prediction for the once beautiful and well balanced nation of a once proud and dignified people which hopefully can be averted with timely intervention and the right measures taken.

Points for the Administration to ponder upon before impending disaster takes over the smooth functioning of Sri Lanka even in some small measure as the vultures of the opposition and disgruntled enemies of the state are ready to pounce on the shortcomings of a faltering and what could be, a failed state if the current trend continues..

.

සිතන්නට සහ ක්‍රියාවට කාලයයි Time to Think and Act

February 22nd, 2022

ජයන්ත හේරත් 

ගම්පහ

කොටදෙනියාව නමැති ගමක

කහ පැහැ චීත්ත රෙදි

ඇඳ ගත්,

පන්සලක් වැනි තැනක

වාසය කරන

දෙදෙනෙකුගේ

කෘර දාමරික ක්රියා

පසුගියදා අසන්නට ලැබින.

ඇඳ සිටි පාටින්

කෙනෙකු

බෞද්ධද, හිංදුද, කතෝලිකද,ඉස්ලාම්ද 

කියා හෝ

පන්සලක්, පල්ලියක්, කෝවිලක් වැනි තැනක

සිටි පමණින්

කෙනෙකු

හාමුදුරුනමක්,

පුසාරියෙක් ,

පුජකයෙක් 

හෝ

ඉමාම්වරයෙක්  

වන්නේ නැත.

බුදු දහම

අනෙකුත්

ආගම් වලින්

වෙනස් වන්නේ

අනාත්මය හා බැඳි පුනර්භවය සහ කර්මය

පිලිබඳ

සංකල්ප නිසාය,

පුනර්භවය/සසර

යනු

මමත් නොවන වෙන කෙනෙකුත් නොවන,

කුසල් අකුසල් කර ගහ ගෙන යන,

නැවත නැවත ඉපිද මියෙන

අනන්ත සංඛ්යාවක චක්රයයි.

නිවන සම්මාවබෝධය 

වන තෙක් මේ චක්රයේ කැරකෙන්නට

සිදුවේය.

හිත උපදවන

රාග ද්වේශ මෝහ

ගින්න බුර බුරා යන්නෙකි,

ගින්න නිවීම

කල යුත්තේ

තමන් විසින්මය

එය පහසු කාරියක් නොවුනද

අපහසු කාරියක්ද නොවේය.

හිත මෙල්ල කරගත් තැන

මේ කෙලෙස් ප්රහාණය

කල හැක,

සංසාරය නැති කිරීමට 

මේ කෙලෙස් තුනින් මිදීම

කල යුතුය. 

අවාසනාවකට

අද බොහෝ දේශපාලන පක්ෂ වල

මූලික පදනම වී ඇත්තේ

විසබීජ හිත් තුල

රෝපණය කිරීමය,

ඒ රෝපණයෙන්

පමණක්ම

කෙනෙකු

අන්තවාදියකු කල හැක

අන්තවාදියා

අනන්තවාදියකු වී

එක තැන කැරකෙයි

ඔහුට එය

Merry-Go-Round ය.

විසබීජ අඳුනා ගත යුතුය

එය හිත තුලට නොගත යුතුය

ආවත් එය පලවා හරින්නට තරම් 

දක්ෂ විය යුතුය.

කෙසේ නමුත්

හාමුදුරුනමක්

පූජක වරයෙක්

පළමුව කෙලෙස්

ප්රහාණය කල යුතුව ඇත,

කෙලෙස් පුරවා ගෙන

නාමිකව පූජස්ථානයක්

පවත්වා කරන්නේ 

තව තව කෙලෙස් වැපිරීමය,

ස්වයං පාලනයක් නැති නම්

ඔහුට

 හාමුදුරුනමක්

පූජකවරයෙක්

විය නොහැක.

පූජනීය ස්ථානයක

සිටිය

නොහැක.

මෙය සිතීමට

Reorganize කිරීමට

ක්‍රියාවට නැංවීමට 

කාලය පැමිණ ඇත.

ශෝක පණිවුඩය

February 22nd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතාගේ හදිසි අභාවය සැළවීමෙන් මම බලවත් ශෝකයට පත්වූයෙමි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ කමල් ලියනාරච්චි මහතා සිය මාධ්‍ය දිවියට අත්පොත් තැබුවේ ඇත්ත” පුවත්පතෙනි.

ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සමාජ යුක්ති ධර්මය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළ කමල් ලියනාරච්චි මහතා 1993 දී යුක්තිය”පුවත්පතට සම්බන්ධ විය.

2001 වසරේ දී ලක්බිම” දිනපතා පුවත්පතෙන් නව ගමනක් අරඹන කමල් ලියනාරච්චි මහතා දේශපාලනය හා සබැඳි වාර්තාකරනයන්හි ප්‍රමඛයෙකි.

ලක්බිම පුවත්පතේ සේවය කළ කාලයේ පටන් කමල් ලියනාරච්චි මහතා සහෘද මාධ්‍යවේදියෙකු ලෙස මා සමඟ ඉතා සමීපව කටයුතු කළේය.

නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස සේවය කරමින් සිටිය දී 2006 වසරේ දී ලක්බිම පුවත්පතෙන් ඉවත්වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට එක්වූයේ එහි සිංහල මාධ්‍ය පැමිණිලි නිලධාරී ලෙස ය.

මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා ජනමාධ්‍යයේ පැවැත්ම වෙනුවෙන් කළ අනගිභවනීය මෙහෙවර සදා අනුස්මරණීය වනු ඇත.

දිවයින පුරා පුහුණු වැඩමුළු සංවිධානය කරමින් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමටත් මාධ්‍ය ආයතන සමඟ සුහඳශීලීව ආචාර ධර්ම රැකගැනීමටත් කමල් ලියනාරච්චි මහතා වෙහෙසුනේය.

ඒ නිසාම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා දක්වා ගමන් කිරීමට කමල් ලියනාරච්චි මහතාට හැකිවිය.

කෙතරම් තනතුරු වරදාන ලැබුණද එම තනතුරු වලින් උදම් නොවී නිහතමානී වූ කමල් ලියනාරච්චි මහතා පුවත්පත් කලාවට සීමා වූ ආචාර ධර්ම විද්‍යුත් මාධ්‍ය හා නව මාධ්‍යට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූවෙකි.

අත්දැකීම්වලින් පිරිපුන් මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව රටටත් සමාජයටත් තදින් දැනෙන මොහොතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ කමල් ලියනාරච්චි මහතාගේ නික්ම යෑම මාධ්‍ය ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතාගේ අභාවයෙන් ශෝකයට පත් ඒ මහතාගේ බිරිඳ මාධ්‍යවේදිනි කමණි හෙට්ටිආරච්චි මහත්මිය, දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු සහෘද මාධ්‍යවේදීන් හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි.  

Lessons from Sri Lanka crisis: How not to go green, plus how not to do business with China

February 22nd, 2022

Courtesy The Times of India

The loss of tourism caused by the pandemic, no doubt dealt Sri Lanka a more severe blow than to economies for which it is a less critical foreign-exchange earner. Pre-pandemic tourism amounted to more than 10% of the country’s GDP. But if today the country is struggling to pay for fuel imports, the shortage of which is having a cascading effect, and is on the brink of a sovereign bond default, the government’s ill-calculated policies have as much to do with it as the pandemic.

Before the pandemic, populist tax policy changes by the newly-installed Gotabaya Rajapaksa government (such as slashing the VAT rate) set off a decline in revenue, at a time when public finances were already fragile. Then, in April 2021, even as the pandemic had weakened the economy further, President Rajapaksa declared that import of chemical fertilizers would soon be stopped completely. Whether this was intended to promote organic farming or to save dollars from flowing out of the country, it crushed farmer sentiment. Prices of food and basic items have shot up since.

A big import order of organizer fertilizer from a Chinese company has opened a new can of worms, with its quality, price and payment all having become bitterly contested. China anyway accounts for around 10% of Sri Lanka’s foreign debt, with a notable part of this borrowing sunk into costly white elephant projects. It remains to be seen if Sri Lankan appeals to restructure this debt will be heeded with generosity, better late than never. Meanwhile, India is extending a $1 billion line of credit. For many within Sri Lanka, the writing is on the wall that the country should now turn to the IMF – to put its economy back on track with discipline. This will be a bitter pill for the government but it has largely itself to blame. It’s been a case study of how not to govern.

Sri Lanka inflation hits record high as crisis worsens

February 22nd, 2022

Courtesy The Digital Journal

Sri Lanka’s inflation hit a record high for the fourth consecutive month, official data showed Tuesday as an economic crisis driven by a crippling foreign exchange shortage worsens.

The National Consumer Price Index (NCPI) rose 16.8 percent in January from a year earlier, the fourth consecutive record rise and more than double October’s figure of 8.3 percent.

The record highs came as the South Asian island struggles to find dollars to finance essential imports, including food, fuel and medicines.

The energy ministry announced Monday it was struggling to buy fuel on credit and reported shortages at many pumping stations, leading to queues and forcing some to shut.

The ministry said the main state-owned oil company, the Ceylon Petroleum Corporation, was straddled with outstanding debt of $3.5 billion and was no longer able to raise new commercial loans.

However, the CPC is banking on a proposed credit line of $500 million from the Indian government to procure oil in the coming months, officials said.

The worsening economic crisis has already led to food rationing with supermarkets restricting the quantity of rice, milk powder, sugar, lentils and tinned fish sold to consumers.

Many pumping stations have also rationed fuel issued to motorists in the provinces.

Sri Lanka’s economy has collapsed since the onset of the pandemic, with a nosedive in tourism revenue as well as foreign worker remittances.

International rating agencies have downgraded Sri Lanka over expectations it may not be able to service its $35 billion foreign debt. The government insists it can meet its obligations.

Police summons Pushpika de Silva over attack on Chamuditha’s house

February 22nd, 2022

Courtesy The Daily Mirror

Former Mrs. Sri Lanka for Mrs. World’ Pushpika de Silva has been summoned to the Piliyandala Police to record a statement regarding the investigations into the attack on journalist Chamuditha Samarawickrema’s residence in Piliyandala.

Police said Pushpika had been informed  to appear before the police at 10.00 am tomorrow.

They said statement would be recorded from her as she had taken part in an interview conducted by Samarawickrema on his YouTube channel.

Earlier, police also recorded a four-hour long statement from Ape Jana Bala party leader Saman Prasanna Perera who had also taken part in an interview with Samarawickrema on his YouTube channel.

Journalist Chamuditha’s house in Piliyandala was attacked with stones and excrement on February 14.(Darshana Sanjeewa Balasuriya)

All 88 volumes of PCoI report on Easter attacks handed over to Speaker.

February 22nd, 2022

Courtesy Adaderana

All 88 volumes with proceedings, final report and witness records of the Presidential Commission of Inquiry (PCoI) which probed the Easter Sunday terror attacks have been handed over to the Speaker of Parliament.

The complete 88-volume report of the Presidential Commission of Inquiry was presented to Speaker Mahinda Yapa Abeywardena by the President’s Legal Director-General Harigupta Rohanadheera this morning (22).

The final report of the Presidential Commission of Inquiry appointed to investigate and inquire into and report or take necessary action on the Easter Sunday attacks, was tabled in Parliament on April 8, 2021, and due to legal reasons the related witness records and certain evidence had not been released until now.

The relevant files were handed over to Parliament on the instructions of President Gotabaya Rajapaksa as the findings of the Presidential Commission of Inquiry should be communicated to the public and for further perusal by the Members of Parliament, the PMD said.

Sri Lanka’s stance on seeking IMF assistance

February 22nd, 2022

Courtesy Adaderana

Sri Lanka is open to having discussions with the International Monetary Fund (IMF) and other multilateral lenders for assistance and advice, says Minister Ramesh Pathirana.

He made this remark addressing the media briefing held earlier today to announce the decision of the Cabinet of Ministers.

According to the co-Cabinet spokesman, Sri Lanka is keeping lines of communication open with the IMF and other multilateral lenders such as the Asian Development Bank and the World Bank.

Sri Lanka has sought financial and loans from the IMF 29 times in the past 50 years, the minister added, noting that the government has not taken a firm stance not to seek IMF assistance.

Four and a half hour power cuts tomorrow

February 22nd, 2022

Courtesy Adaderana

The Public Utilities Commission of Sri Lanka (PUCSL) has approved the request made by the Ceylon Electricity Board (CEB) for rotational load shedding tomorrow (Feb. 23), due to the shortage of fuel supplies. 

PUCSL Chairman Janaka Ratnayake said that power cuts of 04 hours and 40 minutes will be imposed in the areas mentioned under groups A, B and C in the power interruption schedule (see schedule below).

Meanwhile power cuts of 04 hours and 30 minutes will be imposed in the other areas, he said. 

The PUCSL chairman said that the power cuts of 4 hours and 40 minutes will be imposed between 8.30 a.m. and 10.30 p.m. in groups A, B and C while it will be divided as 02 hours in the morning and 02 hours 40 minutes in the night. 

Meanwhile in the other groups, the power cuts of 04 hours and 30 minutes will be imposed between 8.30 a.m. and 9.30 p.m. while it will be split as 02 hours in the morning and 02 and a half hours in the night. 

The PUCSL said that around 4,000 metric tonnes of fuel is required daily to generate electricity in the country and that today (February 22) there had been a shortage of around 2,000 metric tonnes of fuel.

As a result, power plants with a total power generation capacity of 550MW were shut down, it said.

The electricity regulator added that tomorrow’s fuel requirement to generate electricity is 4,000 metric tonnes and that, however only 1,000 metric tonnes have been supplied. Accordingly, the fuel shortage for tomorrow is 3,000 metric tonnes, it said.

If there is such a shortage, 750MW of power will be withdrawn from the national grid, the PUCSL said.

See the full schedule below:

Power Interruption Schedule (23-02-2022) by Adaderana Online on Scribd

Rise of Tamil Nadu

February 21st, 2022

Vichara

The founding fathers of the Indian Constitution took an unequivocal stand that the Union is not a Federation and ensured the predominance of the Centre over the States of the Union. In introducing the Draft Constitution to the Constituent Assembly, the Chairman of the Drafting Committee, Dr. Ambedkar explained that Though India was to be a federation, the federation was not a result of an agreement, no State has the right to secede from it. Though the country and the people are divided into different States for the convenience of administration, the country is one integral whole, its people a single people living under a single imperium derived from a single source”

But at a recent debate in the Indian Parliament Rahul Gandhi asserted India is an Union of States” The Congress leader added: It is a partnership, not a kingdom. You will never in your entire life, rule over the people of Tamil Nadu.”

This statement was hailed by Tamil Nadu and the Chief Minister MK Stalin praised Rahul Gandhi for his rousing speech,”. The Congress leader replied, I have no doubt that our shared belief in the pluralistic, federal and cooperative idea of India will triumph.”

 It is noted that the Federal idea is fast gaining ground in India. The wide discrepancies in socio economici development amongst the States has enhanced this process. States like Tamil Nadu which has a history of extreme demand for independence is likely to lead in such a move. Tamil Nadu has a population of 85 million and the GDP of US$ 78 billion in 2010 has increased to US$ 298 billion in 2020. It is the most industrialised state in the country and is the second wealthiest state in the Indian Union.More than 60% of the state is urbanized, accounting around 10.6% of the urban population in the country, while only comprising 6% of India’s total population. Services contributes to 55% of the economic activity in the state, followed by manufacturing at 34% and agriculture at 11%. In 2018 software exports of Tamil Nadu was US$18 billion.

The defence industry in Tamil Nadu is one of the fastest growing sectors with defence manufacturing undertakings such as Heavy Vehicles, Combat Vehicles, Ordnance and also where the first Indian made Fifth-generation jet fighter plane is to be manufactured.

Coimbatore in Tamil Nadu is known as “Manchester of South India” due to its extensive textile industry and is the home of more than 30,000 small, medium and large industries.

What our leaders must recognize is the rise of a hostile giant with a population of 85 million and an economy of US$ 300 billion in our immediate neighborhood. The size of the population may be compared with those of Germany at 83.9 million, the United Kingdom at 68 million, and France at 65.47 million although there is no comparison with the economies of these countries.

The dream of a Greater Eelam seems to be still lurking in the minds of extreme Tamil nationalists. The sleeping beast may arouse with encouraging calls from the likes of Gandhi. The wide variations of GDP in Tamil Nadu and the States in the North is an incentive to go it along.

A strong Tamil Nadu will make the Central Government accommodate even unfair demands from them. On the other hand, the Central Government will do its utmost to protect the Union. Central Government will not want a new confrontation in the South while resisting heavy hostile pressure in the North and the West. In a situation where the Central Govt gives in to demands antagonistic to Sri Lanka do we have a defense? A Tamil Nadu growing in strength is bound to encourage the separatist movement in Sri Lanka.

Make no mistake, as far as a ‘relation’ we are only a poor relation of India. What are our options to save this nation? The Non-Aligned Movement is dead, SARC is killed, an opportunity to join the ASEAN was missed by a cowardly UNP. Do we have any buffer to defend us from this turmoil which is bound to take place in this miserable decade? Just after the Indo-Sri Lanka accord of 1987 Minister Lalith Athulathmudali led an ESCAP sponsored trade delegation to Pakistan when General Zia invited him to his palace. Zia welcomed Lalith very warmly and said that Pakistan is very sorry that Sri Lanka did not consult them before entering into that Agreement with India. He said, we could not have prevented you from signing that Agreement, but we could have advised you to avoid any trap.”  Wise words indeed. The trap was the Exchange of Letters.

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 59 වැනි කොටස-‍දමනයේ මාවත

February 21st, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සියලු ආකාරයේ අපරාධකරුවන් මෛත්‍රියෙන් සහ කරුණාවෙන් දමනය කර යහපත් මිනිසුන් ලෙසින් සමාජගතකරවීම බෞද්ධ නීතියේ පරමාර්ථය බැව් අපි දනිමු. මෙය කළ හැක්කේ කෙ ලෙසින් ද? වැරැද්දට යොමුවීම සඳහා හේතු වූ කරුණු විමසා ඒ අනුව හඳුන්වාදෙනු ලබන විසඳුම් මාර්ගයෙන් මෙය කළ හැක්කේ ය. වරද විනිශ්චයේ දී අදාළ හේතු විමසිය යුතු බව මෙම ප්‍රවාදයෙන් අවධාරණය කළේ ද එබැවිනි.

මිනිසුන් වරදට යොමුවන හේතු ගණනාවත් ත්‍රිපිටකය තුළ දක්වා තිබේ. අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත්‍රය තුළින් ද එවැනි කරුණු දැකගත හැකි ය. අලස බව, උත්සාහයෙන් නැගී නො සිටීම, සෞඛ්‍යයට හිතකර ක්‍රියාවලින් බැහැරවීම, පාපමිත්‍ර සේවනය, ඉන්ද්‍රීය අසංවරය, නිතර වාද විවාදයෙහි නියැළීම, බහුශ්‍රැත නොවීම, මැනැවින් සවන් නො දීම, අසන දකින දේ නො විමසීම, නුවණ මෙනෙහි නො කිරීම, මිථ්‍යා ප්‍රතිපදාව යන කරුණු ඒ තුළ වෙයි. එහෙයින් වරදට පෙළැඹුණු අය නැවත හරිමගට ගත හැක්කේ උක්ත දුර්වලකම් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙනි. එහෙයින් අදාළ හේතු සාධක වෙන වෙනම හඳුනාගෙන නිශ්චිත දඬුවම් නියමකිරීම විනිසුරන්ගේ වගකීම වෙයි.

පාපමිත්‍ර සේවනය නිසා වරදට පෙළැඹුණු කෙනකු ඔහුටත් වඩා වැරැදි කළ අපරාධකරුවන්ගෙන් පිරුණු බන්ධනාගාරයක සිරකිරීමෙන් යහමගට යොමුකළ නො හැකි ය. සුළු වැරැදි කළවුන් සහ දරුණු අපරාධකරුවන් සියලු දෙනා එකට බන්ධනාගාර ගතකිරීම කිසි ලෙසකින්වත් සිදු නො කළ යුත්තකි. සැබැවින්ම, සුළු වැරැදි කළ අයවළුන් බන්ධනාගාරගත කළයුත්තේ ද නොවේ. වරදකරුවන් දමනය සඳහා ජනරජය විසින් වැය කළයුත්තේ වරද නිසා සිදු වූ අලාභයට වඩා අඩු මුදලකි.

මෙම අවශ්‍යතාව තහවුරු කළ හැක්කේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලබාගත හැකි කටයුතු සඳහා වැරැදිකරුවන් යොමු කරවීමෙනි. සුළු වැරැදි කළවුන් ග්‍රාමීය සහ කෝරළ මට්ටමේ ප්‍රජා සේවයට, වැඩ බිම්වලට යොමු කළ හැකි ය. ප්‍රවේශපත්‍රයක් නොගෙන බසයක හෝ දුම්රියක හෝ ගමන්ගත් කෙනෙකු වරද පිළිගන්නේ නම් ඒ වෙනුවෙන් වෙනත් විනිශ්චයක් අවශ්‍ය නොවේ. වරදේ තරම අනුව නියම කෙරුණු වරුවක හෝ දවසක හෝ කාලයක් තුළ යම් නිශ්චිත කටයුත්තක නිරතවීමට එවැන්නකු යොමු කරවීම ප්‍රමාණවත් ය.

දඬුවම් ලබා දී වැඩට යොමු කරවන්නන්ගේ කාර්යසාධනය එම කටයුතුවල ආර්ථික සහ සමාජ ප්‍රතිලාභ අනුව ඇගැයිය යුත්තේ ය. විධිමත් අයුරින් සංවිධානගත කෙරුණු කර්මාන්තශාලාවල හෝ වැඩ බිම්වල හෝ වැඩට යොමු කරවීමෙන් මෙය පහසුවෙන් කළ හැකි ය. අලස බව නිසා හෝ උත්සාහයෙන් නැගී නො සිටීම නිසා හෝ වරදට පෙළැඹුණු අය පුනරුත්ථාපනයට මෙම ක්‍රමවේදය ඉතා ප්‍රයෝජනවත් ය.

ඉන්ද්‍රීය අසංවරය නිසා හෝ නිතර වාද විවාදයෙහි නියැළීම නිසා හෝ වරදට පෙළැඹුණු අය තුළ කායික – මානසික සංවරයක් ඇති කරවීම සඳහා සැකැසුණු නිශ්චිත වැඩපිළිවෙළ තිබිය යුතු ය. විධිමත් ලෙසින් සංවිධානය කෙරුණු දෛනික කාලසටහනක් අනුව ක්‍රියාකිරීමට හුරුකරවීම, නිශ්චිත ආර්ථික කාර්යයන්ට යොමුකර එම කටයුතුවල ඵලදායිතාව නිරීක්‍ෂණය කිරීම, බෞද්ධ ශීල සමාදාන සහ භාවනා වැඩසටහන්වලට යොමුකරවීම වැනි ක්‍රම මේ සඳහා යොදාගත හැකි ය.

බහුශ්‍රැත නොවීම නිසා හෝ මැනැවින් සවන් නො දීම නිසා හෝ අසන දකින දේ නො විමසීම නිසා හෝ නුවණ මෙනෙහි නො කිරීම නිසා හෝ මිථ්‍යා ප්‍රතිපදාව නිසා හෝ වරදට පෙළැඹෙන අය පුනරුත්ථාපනය කළ හැක්කේ ඔවුනගේ එම ඌනතා නැතිකිරීමේ වැඩපිළිවෙළ තුළිනි. ඒ වෙනුවෙන් සැකැසුණු විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනික වැඩසටහන් ඔස්සේ මෙම ගැටලුවලට පිළියම් යෙදිය හැකි ය.

ඒ ඒ පුද්ගලයින් වරදට යොමුවුණු හේතු වෙන වෙන ම නො විමසා, අදාළ සමාජ සහ ආර්ථික පසුබිම් හඳුනා නො ගෙන නියම කරනු ලබන දඬුව්මවලින් ඔවුන්ව යහමගට ගත නො හැකි ය. එ මෙන් ම, වරදකරුවන් වැඩිකරන සහ සුළු වැරැදි කළ අය දරුණු අපරාධකරුවන් බවට පත්කරන දඬුවම් ක්‍රම මුළුමනින්ම පිටුදැකීමට ජනරජය ක්‍රියා කළ යුත්තේ ය. තව ද මෙම දණ්ඩන කටයුතු වෙනුවෙන් කරනු ලබන වියදම ජනතාවට ආර්ථික බරක් නොවන බවට ද ජනරජය වග බලාගත යුත්තේ ය. සැබැවින් ම, වරදකරුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රමවල ඵලදායි බව ඇගැයිය යුත්තේ ඒවායින් ලැබෙන සමාජ – ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව විමසා බැලීමෙනි.

ද්විතීයික මට්ටමේ අනෙකුත් ආයතන මෙන් ම පොලිස් බල ප්‍රදේශ ද කෝරළ භූමියට සමපාත විය යුතු බව මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරිණි. අපරාධ පිළිබඳ ගම් සහ කෝරළ මට්ටමේ දත්ත ලබාගැනීමට ද ඒ අනුව අදාළ පිළියම් සැලසුම් කිරීමට ද, එම කටයුතුවල ඵලදායිතාව ඇගැයීමට ද මෙය අවශ්‍ය වෙයි. තව ද, පුනරුත්ථාපන වගකීම් පැවැරුණු අයගේ කාර්යයසාධනය ද ප්‍රතිඵල අනුව තීරණය කළ යුත්තේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

3/2016 (iv) චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ

February 21st, 2022

ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

අධ්‍යාපන ලේකම්

මහාචාර්ය කේ. කපිල .සී.කේ. පෙරේරා
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අධ්‍යාපන ලේකම්තුමනි,

03/2016 (iv)
චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ

ඉහත චක්‍ර ලේඛනය පරිදි නිකුත්කරන ලද ඔබතුමාගේ ED/02/29/02/02/27 ලිපිය පරිදි පරිවේණාචාර්යවරුන්ට හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා උපකෘත පාසල් ආචාර්යවරුන් වෙත ද වැටුප් සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

02.
ඉහත උපදෙස් එසේ වුවත් පෙබරවාරී මසටද වැටුප් සකස් නොකරන ලද අවස්ථා රාශියක් අප සංගමයට වාර්තාවෙයි,

03.
තවද ජනවාරි මස හිඟ වැටුප බොහෝ පරිවේණාචාර්යවරුන්ට සකසා නැති අතර පෙබරවාරි මස වැටුප පමණක් ගෙවා ඇත,

04.
එකම පරිවේණස්ථානයේ සමාන තත්වයේ සිටින ගුරුවරුන්ගෙන් සමහර අයට වැටුප් සැකසී තවත් සමහරෙකුට සකස් නොවී ඇත,

05.
මෙකී දුර්වලතා ඉවත්කර මාර්තු මස වැටුප නිවැරදිව ලබාදෙන ලෙස (සියලූ හිඟ වැටුප් සහිතව) අවශ්‍ය උපදෙස් කඩිනමින් කාලප කාර්යාල වෙත නිකුත්කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
මීගහජඳුරේ සීලානන්ද හිමි
ලේකම්
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය.

පිටපත්:-
01.
අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි – දැ.ගැ.ස. හා අ.ක.ස
02.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා – දැ.ගැ.ස. හා අ.ක.ස
03.
අධ්‍යාපන රාජ්‍ය ලේකම් එස්.එච්. හරිස්චන්‍ද්‍ර මහතා – දැ.ගැ.ස. හා අ.ක.ස
04.
අතිරේක ලේකම් (ආයතන) පී.කේ.එස්. සුබෝදිනී – දැ.ගැ.ස. හා අ.ක.ස
05.
සියලූ ජනමාධ්‍ය

2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි.

February 21st, 2022

රජිත් කීර්ති තෙන්නකෝන්

නිමල් පුංචිහේවා මහතා,

සභාපති, මැතිවරණ කොමිෂන් සභාව

සරණ පාර, රාජගිරිය.

ප්‍රිය සභාපතිතුමනි,

2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි.

2021 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අලුතෙන් ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇත.  දිස්ත්‍රික්ක මට්ටමින් ශුද්ධ ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම පැහැදිලි අපගමනයක් පෙන්වයි. 

‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ය.     

1960 දශකයේ සිට වාර්ෂිකව ග්‍රාම නිලධාරීවරුන් මගින් ‘ඡන්ද කොළ පුරවා‘ නාම ලේඛන ප්‍රතිශෝධනය සිදු කිරීම තුලින් මැතිවරණ ලෝකයේ ඉහළම නිරවද්‍යතාව සහිත ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීමට අප සමත්වීමු.   2021 අංක 22 දරණ පනත මගින්, 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරනු ලැබූවේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන නව ඡන්දදායකයින්ට වහා ඡන්ද හිමිකම ලබාදීමේ අපේක්ෂා සහිතවය. ඒ සඳහා පසුගිය වසර 10 පුරා මම පුද්ගලිකවම මැදිහත්වීමි.  ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබූ 2021 ඡන්ද හිමි නාම ලේඛනය මගින් එහි අපේක්ෂිත අරමුණ සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.  එසේ තිබිය දී, 2022 නාම ලේඛනය ද එලෙසම සැකසීම පුදුමයකි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්වජන ඡන්ද බලය අහිමි කිරීමකි.   

යුධ තත්වයක් පැවති සමයේ දී උතුරු නැගෙනහිර හැර, සුදුසුකම් සහිත පුරවැසියන්ට ඡන්ද ලියාපදිංචිය අහිමි කර නැත.  ඉතිහාසයේ කිසිම දවසක මැතිවරණ අරමුදල් සපයා ගත නොහැකිව, ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය හෝ ඡන්ද පැවැත්වීම හෝ අතපසු කර නැත. 

මැතිවරණ කොමිසම, ස්වදේශ කටයුතු ලේකම්, ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්, ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එක්ව වත්මන් අර්බුදය කළමනාකරණය කළ යුතුව ඇත. නැතිනම් විකල්ප සොයා ගත යුතුව ඇත.  ග්‍රාම නිලධාරිවරුන්ට සිදු කරන ගෙවීම හා ගෙවීම් අනුමත කිරීමේ යාන්ත්‍රණයක් සකස් කර ගැනීම ආයතනික වගකීමකි.

ඡන්දහිමි නාම ලේඛන සංශෝධනය ග්‍රාමනිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ අංගයකි. ඔවුන්ට මේ දක්වා ගෙවූ මුදල හෝ වෙනත් සුදුසු දීමනාවක් ගෙවීම කලමනාකරණ වගකීමකි.  ග්‍රාම නිලධාරිවරුන්ගෙන් මෙම කටයුත්ත ඉටු කර ගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මැතිවරණ කොමිසම අසමත් වන්නේ නම් ඒ සඳහා වෙනත් යාන්ත්‍රණයක් සකසා ගැනීම ද ආණ්ඩුවේ වගකීමකි.  

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත වගකීමක් ඇත. දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ග්‍රාම නිලධාරිවරුන් කැටුව ගොස් ඡන්ද ලියාපදිංචියට සහභාගි විය හැකිය.  එය මම ද ඡන්දදායකයෙකු වන බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන මහජන නියෝජිත කපිතාන් සී.පී.ජේ.සෙනෙවිරත්න මහතා ගේ යෝජනාවක ප්‍රතිඑලයකි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් පසුගිය වසරේ ඡන්ද ලියාපදිංචියට සක්‍රීය දායකත්වයක් සපයා නැති බව පෙනේ.  

නිශ්චිත ලෙස වෙන් කොට හදුණාගන්නා සමාජ කණ්ඩායමක් (වසය 18 ට වැඩි පලමු ලියාපදිංචි ඡන්දදායකයින්) ට ඡන්ද වරම් අහිමි කිරිම ජාතික මැතිවරණයක ප්‍රතිඑලය වෙනස් කිරීමට සමත්වන තත්වයකි.  මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයකට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව වෙනස් කරන (උදා. ගම්පහ) සාධකයකි.

ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට 2021 දී ගෙන ආ සංශෝධනය  සිවිල් සංවිධාන විසින් දිගු කාලීන පරිශ්‍රමයකින් දිනාගත් ප්‍රගතිශීලි ජයග්‍රහණයකි.  අවසනාවකට එය  ඡන්දදායකයින් දස දහස් ගණනකට ඡන්ද බලය අහිමි කිරිමට එය මෙවලමක් බවට පත්ව ඇත. 2022 වසර සඳහා ද එම අසමත් යාන්ත්‍රණයම දැන් එලෙසම ක්‍රියාත්මක ය. 

1.      මැතිවරණ කොමිසම මගින් ක්‍රියාත්මක ඔන්ලයින් ක්‍රමය අසම්පූර්ණය.

2.      මෙයට පෙර ඡන්දය භාවිත කළ අයෙකුගේ නම, 2020 ඡන්දහිමි නාමලේඛනයෙන් හැලී ඇති නම්, ඔහු/ඇය තමාගේ ඡන්දය අහිමිවී ඇති බව දැනගන්නේ ඊලඟ ඡන්දයට ඡන්ද කාඩ් බෙදීමේ දී හෝ ඡන්ද දිනයේ දී ය. 

එබැවින් මේ ගැටළුව විසඳා ගැනීමට පහත යෝජනා ඉදිරිපත් කරමි.

1.      ග්‍රාම නිලධාරීන්ගේ සමිති සහ මැතිවරණ කොමිසම අතර ‘සම වේදිකාවක‘ දී මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම.  එකිනෙකාගේ බලය පෙන්වීම වෙනුවට ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීම සඳහා නම්‍යශීලිවීම

2.      ග්‍රාම නිලධාරීන් වෙනුවට විකල්පයක් ලෙස, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන සහායකවරුන් මගින් පෝරම බෙදාදීම/රැස්කිරීම

3.      තරුණ ප්‍රජාව ඉලක්ක කර සමාජ මාධ්‍ය මගින් මහා පරිමාණ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම  

3.      ශබ්දවාහිනී යොදා ගනිමින් ගමින් ගමට තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුලත්වන්නේ ද යන්න පරීක්ෂා කරන ලෙස දැනුවත් කිරිම හා එසේ නොමැති පුද්ගලයින්ට පෝරම බෙදාදීම   

4.      විනිවිදභාවයක් සහිත යාන්ත්‍රණයක් ඇතිකර, පළාත් පාලන නියෝජිතයින් (ගමේ මන්ත්‍රීවරුන්) සහ පරාජිත අපේක්ෂකයින් මගින් පෝරම බෙදාදීම (ඡන්දහිමි නාමලේඛනයේ පිටපත් පලාත් පාලන නියෝජිතයින්ට ලබාදීම)  

5.      පාසල් දරුවන් මගින් නිවෙස්වලට ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කිරීම පිළිබඳ දැනුවත් භාවයක් ලබාදීම/පෝරම බෙදාදීම

6.      කෝවිඩ් මර්ධනය, කාබනික කෘෂිකර්මයට යොදාගත් අයුරින්ම ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක බලකා යොදා ගැනීම

7.      සිවිල් සංවිධාන, මරණාධාර සමිති, තරුණ හා ක්‍රීඩා සංගම් යොදා ගැනීම

පාසල්වලට දරුවන් ඇතුලත් කිරීම සහ දේශපාලන පක්ෂ හා දැඩිව බැඳී ඇති සීමිත පිරිසක් හැර බහුතරයක් පුරවැසියන්ට ඡන්දය සඳහා ලියාපදිංචිවීමට විශේෂ උනන්දුවක් නොමැති බව අප වටහා ගත යුතුව ඇත.  ඔවුන්ට ඡන්දය වැදගත්වන්නේ ඡන්ද දිනයේ දී ය.  ඒ සඳහා කාලය, මුදල්, ශ්‍රමය වැය කරන්නට බහුතරයක් පුරවැසියන් පෙළඹෙන්නේ නැත.  ඡන්දහිමියන් ලියාපදිංචියට පහසුකම් සැලසීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන්නේ ඒ නිසාම ය.

ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ යාන්ත්‍රණයක් සඳහා එම මුදල් සැපයීම රජයේ වගකීමකි. මුදල් සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමකි.  එය සිදු නොවන්නේ නම්, ප්‍රෝඩාකාරී ඡන්දයකට මාවත එමගින් සකස්වන්නේය.

ඡන්දහිමියන් ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරුන් ගේ සහාය නැවන ලබා ගැනීමටත්, ඔවුන්ට සුදුසු දීමනා ලබාදීම අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.

මෙයට හිතවත්,  

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක

පිටපත්

1.      මැතිවරණ කොමිසමේ ලේකම් – කරුණාකර මැතිවරණ කොමිසමේ සියළු සාමාජිකයින් වෙත මෙම ලිපිය යොමු කරන මෙන් ද, කොමිෂන් සභාවේ සාකච්ඡාවට බදුන් කරන ලෙස ද ඉල්ලමි.

2.      ලේකම් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

3.      කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිසම

4.      නියෝජ්‍ය/සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්

5.      ග්‍රාම නිලධාරීවරුන්ගේ සමිති සහ සමාගම් ප්‍රධානීන්

මාධ්‍යවේදින්ට පහරදීම

February 21st, 2022

ජයන්ත ලියනගේ – ලේකම් සිංහලදීප ජාතික පෙරමුණ 

ප්‍රවෘත්ති කතෘතුමා,
මාධ්‍යවේදින්ට පහරදීම

හිරු රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදි චමුදිත් සමරවික්‍රම මහතාට පහරදීම අප හෙලා දකිමු. එහෙත් ඉන් ප්‍රයෝජනයක්වේ ද? මාධ්‍යවේදින්ට කලින් කලට මෙලෙස මෙවැනි ප්‍රහාර එල්ල වුව ද, සැමදාම සිදු වන්නේ එවැනි පහරදීම් සිදු කරන ලද දේශපාලන පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සහ විවිධ පාර්ශව හුදෙක් හෙලා දැකීම පමණි. ඉන් පසුව එවැනි සිදුවීම් සුපුරුදු පරිදි අමතකවී යයි. ඉන් සුළු කාලයකට පසු පවතින ආණ්ඩුව සිදු කරන්නේ ප්‍රහාරයට ලක් වු මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදින් හෝ පොදුවේ මාධ්‍යවේදින් සුපිරි හෝටලයකට කැ`දවා වැඩමුළු පවත්වා හොදට සප්පායම් කොට, සම්මාන ද ලබා දි නැවතත් මාධ්‍යවේදින් තමන් යටතට පත්වන පරිදි කටයුතු කිරීමයි. ජනතාවට සිදුවන්නේ ද එයමයි. ජනතාව සාමාන්‍ය කාලවල දි කොතරම් පීඩාවකට ලක් වුව ද, මැතිවරණ කාලවලදි ලබා දෙන සහනවලින් ජනතාව ඒවා සියල්ල අමතක කරයි. දේශපාලඥයන් මෙම යථාර්තය ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන න්‍යාය බවට පත් කොට ගෙන ඇත.

ඉහත ස`දහන් පහරදීම් සහ මාධ්‍යවේදින්ව ඝාතනය කිරීම් මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට අළුත් අත්දැකීමක් නොවේ. එහෙත් එම තත්වයේ කිසිදු වෙනසත් අද ද සිදුව නැත. ඉදිරියේ දි මාධ්‍යවේදින්ව ඝාතනය නොවේ යයි සිතිය හැකි ද? අප දකින ආකාරයට මෙලෙස මාධ්‍යවේදින් මුහුණ දෙන පහරදීම්වලට සහ ඝාතනවලට 100% ක්ම වගකිව යුත්තේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්මයි.

වර්ෂ 1988 -1989 යන කාලවකවානුව තුළ දි ප්‍රේමකිර්ති ද අල්විස් වැනි මාධ්‍යවේදින්ව ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන්ගේ නායකයන්ය. මාධ්‍යවේදින් පමණක් නොව පුවත්පත් අලෙවිකරුවන් හා පත්තරකරුවන් ද ඝාතනයේ කිරීමේ සංස්කෘතිය ආරම්භ කරන ලද්දේ ජ වි පෙයි. එලෙසම වර්ෂ 1990 – 1993 යන කාලයේ දි රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදින්ව ඝාතනය කරන ලද්දේ වත්මන් සජබේ ප්‍රධාන නායකයාගේ පියාය. එලෙසම ලසන්ත වැනි මාධ්‍යවේදින්ව ඝාතනය කරන ලද්දේ වත්මන් නායකයන්ගේ පෙර පාලන සමයේදිය. චන්දි්‍රකාගේ කාලයේදීත් මාධ්‍යවේදින් ඝාතනයට හෝ පහරකෑමට ලක්ව ඇත. ජයවර්ධන හා සිරිමාවෝගේ කාලවකවානුව තුළ දි ඒ ඒ කාලයට සුදුසු පරිදි මධ්‍ය මර්දනය සිදුවිය.

මාධ්‍යවේදින්ට අද ඒවා සියල්ල අමතකව ගොස් ඇත. එලෙස මාධ්‍යවේදින්ට එරෙහිව කටයුතු කරන ලද දේශපාලඥයන්ගේ කි්‍රයාකාරකම් මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට අමතක කළ හැකි නම් චමුදිත්ට පහරදීම ද මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට අමතක වනු ද නිසැකය. තව ද චමුදිත්ගේ නිවසට පහර දුන් පුද්ගලයන්ට දඩුවම් ලබාදීමෙන් අනාගතයේ දි මාධ්‍යවේදින්ට පහරදීම නතරවේ යයි සිතුවොත් එය මාධ්‍යවේදින්ගේ සිහිනයක්ම පමණි. යම් හෙයකින් යෝජිත තුන් වන ත්‍රස්ත කැරැල්ලේ දි ජ වි පෙ රාජ්‍ය බලය ලබා ගතහොත් එදින මාධ්‍යවේදින් විශාල සංඛ්‍යවක් ඝාතනයට ලක්වනු ද නිසැකය. රටින් පැන ගිය මාධ්‍යවේදින් ද නිහඩව නොසිටියහොත් ඔවුන්ව ද පිටරටවලදී පවා ඝාතනය වනු ඇත. සියළු පෞද්ගලික මාධ්‍ය ආයතන වසා දමා පොල්පොට් ට වඩා භායානක පාලනයක් බිහිවනු ඇත. සජබේ චෞරපුත්‍රයා බලයට ලබා ගතහොත් ඔහුගේ පියාට නොදෙවෙනි මාධ්‍ය මර්දන පාලනයක් බිහිවනු ඇත. අබලි යකඩකාරයාට ද යම් බලයක් ලැබුනහොත් තත්වය ද නරක වනු අත. වෙල්විදානේගේ තත්වය ද ඉතාම දරුණු වනු ඇත. ඒ අනුව මාධ්‍යවේදින්ගේ සහ මාධ්‍ය ආයතනවල අනාගතය එතරම් සුබදායක නොවේ. දැන් මාධ්‍ය කළ යුත්තේ අනාගතයට ගැලෙපෙන සටන් පාඨයක් දැන්ම සාදා ගැනීමයි. zමරුවා සමග වාසයZ යන පාඨය කෙසේද? වසර 74ක මෙම මාධ්‍ය මර්දනය පමණක් නොව සමස්ත රටම අද පවතින අගාධයට හෙලිමේ පාපයේ ප්‍රධාන චූදිතයන් පැවති සහ පවතින ආණ්ඩුවල දේශපාලඥයන් වුව ද එකී දේශපාලඥයන්ව දිවිහිමියෙන් ආරක්ෂා කරන මුර දේවතාවන් වන්නේ මෙරට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ය.

අද ප්‍රධාන මාධ්‍ය ආයතනවල ගුවන් කාලය වැඩියෙන්ම වෙන් වන්නේ මධ්‍යවේදීන්ගේ මරුවන්ගේ දේශපාලන පක්ෂවලටය. වසර 74 ක දේශපාලන සංස්කෘතිය වෙනස්වීමට ඉඩ නොදි දුෂිත, ඝාතන සංස්කෘතියම ආරක්ෂා කරන්නේ ආණ්ඩුව සහ විපක්ෂය ආරක්ෂා කරන මාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතනමය. සටන, තුලාව, තීරණය, බලය, හාර්ඩ් ටොක් ආදි වැඩසටහන්වලට කැදවන්නේ ද ඉහත සදහන් මධ්‍යයේ මරුවන්ගේ සගයන්ය. වසර 74 ක ව්‍යජ දේශපාලන සංස්කෘතිය ශාස්ති්‍රය විවාද මගින් වෙනස් කිරීමට උත්සහ කරන දේශපාලන පක්ෂවලට කිසිදු ඉඩක් වත්මන් මාධ්‍ය ආයතනවල නැත. මධ්‍යවේදීන් පක්ෂයක් ලෙස මැතිවරණවලට තරග කරන්නේ ද නැත. ජනතාවට අද අත්‍යවශ්‍යම දේශපාලන විකල්පයක් ලබාදීමට උත්සහ කරන පක්ෂවලට ඉහත මාධ්‍ය වැඩසටහන්වල ඉඩක් නැත. ප්‍රධාන පක්ෂවල වෙන්දේසිවාදය, ජ වි පෙ මිනිමරුවාදය, කොටින්ගේ ඛෙදුම්වාදය, මුස්ලිම් ආගමික ව්‍යප්තවාදය ආදි මතවාදයන්, මතවාදීව පරාජය කිරීමට හැකි දේශපාලන පක්ෂවලට ඉඩ ලබාදීමෙන් පමණයි වසර 74ක දුර්දාන්ත දේශපාලනයේ වෙනසක් සිදු කල හැකි වන්නේ. මධ්‍යවේදීන්ට දේව ආරක්ෂාව ලැබේවාෟ

ජයන්ත ලියනගේ – ලේකම්

වින්සන්ට් වැන් ගෝ ගේ චිත්‍රවල මනෝවිද්‍යාත්මක පරාවර්තන

February 21st, 2022

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද Psychological Reflections of Vincent Van Gogh’s Art ලිපියේ සිංහල අනුවාදයයි

වින්සන්ට් විලියම් වැන්  වැන් ගෝ    ප්‍රසිද්ධ ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන අතර ඔහුගේ නිර්මාණ බොහෝ විට පශ්චාත්-හැඟීම්වාදය සමඟ සම්බන්ධ වී පසුව ප්‍රකාශනවාදයට පරිවර්තනය විය. වින්සන්ට් වැන්ගෝ නූතන සිතුවම් කලාවේ වැදගත්ම පූර්වගාමීන්ගෙන් කෙනෙකි. ඔහු දශකයක් තුළ කලාව සඳහා කැප වූ විශිෂ්ටතම සිතුවම් සහ චිත්‍ර විශාල ප්‍රමාණයක් නිර්මාණය කළේය.

වින්සන්ට් වැන් ගෝ 1853 මාර්තු 30 දින නෙදර්ලන්තයේ උපත ලැබීය. කුඩා කල සිටම  වැන් ගෝ    චිත්‍ර කලාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය. වැන් ගොග් බොහෝ දුරට ස්වයං-අධ්‍යනය ලැබූ චිත්‍ර ශිල්පියෙකි , ඔහුගේ ප්‍රසිද්ධ කෘතිවලට ඇතුළත් වන්නේ: Starry Night, Cafe Terrace at Night, Terrasse, Houses at Auvers, Restaurant De La Sirene At Asnieres, Sunflowers ය. ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ කෘති බොහොමයක් ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ නිර්මාණය විය.

වැන් ගෝ   ආලෝකය සහ වචනාර්ථයෙන් වටපිටාව ප්‍රතිනිෂ්පාදනය කිරීමට වඩා එහි සංකේතාත්මක සහ ප්‍රකාශන අගයන්” සඳහා වර්ණය භාවිතා කළේය. වැන් ගෝගේ චිත්තවේගීය තත්වය ඔහුගේ කලාත්මක කාර්යයට බෙහෙවින් බලපෑ අතර එය ඔහුගේ අවිඥානක මනස ගැඹුරින් විශ්ලේෂණය කරයි.

ඔහුගේ කලා කටයුතු සඳහා මනෝ ගතික සාධක කිහිපයක් බලපාන්නට ඇත. මනෝ විශ්ලේෂක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කලාව සැලකුවේ  නිර්මාණකරුගේ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණවල විචලනයන් අවබෝධ කර ගැනීමට සහ අනාවරණය කර ගැනීම සඳහා මෙවලමක් ලෙස ය. මෙම සන්දර්භය තුළ වැන් ගෝගේ කලාව ගැඹුරු මනෝවිද්‍යාත්මක සටහනක් නියෝජනය කරයි. ඔහු සිය කලා කෘතිය තුළ ඔහුගේ කටුක ජීවිතය පිළිබඳ ගැඹුරු, ආත්මය සෙවීමේ විස්තරයක් ඉතිරි කළේය.

වැන් ගෝ   ඔහුගේ ජීවිත කාලය තුළ කලාකරුවෙකු ලෙස සුළු මූල්‍යමය සාර්ථකත්වයක් ලබා ඇති අතර බොහෝ විට දරිද්‍රතාවයේ ජීවත් වුවද, ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ කීර්තිය නාටකාකාර ලෙස වර්ධනය විය. අද වැන් ගෝ නාමය  ලෝකයේ වඩාත්ම කීර්තිමත්   සහ   ගෞරවනීය  චිත්‍ර ශිල්පියෙකුගේ නමක් ලෙස සනිටුහන්  වෙයි . නමුත් ඔහුගේ කීර්තිය දැකීමට ඔහුට ජීවත් වීමට නොහැකි විය. ඔහුගේ ජීවිතය දුක්ඛිත හා පාළු වූ අතර මෙම දුක් වේදනා කලාත්මක ලෙස ඔහු විසින් පින්තාරු කරන ලදී.

වින්සන්ට්  වැන් ගෝ   ඛේදනීය ජීවිතය සාරාංශගත කළ හැක්කේ ඔහු විධිමත් අධ්‍යාපනයෙන් ඉක්මනින් ඉවත්වීම, කලා ලෝකයේ සාර්ථක විකුණුම්කරුවෙකු ලෙස අසාර්ථක වීම, ආගමික අධ්‍යාපනයට උත්සාහ කිරීම, කාන්තා හා පවුල් සබඳතා සමඟ ඇති දුෂ්කරතා, කලා ලෝකයට නැවත පැමිණීම සහ අන්ත දෙසට නැඹුරු වීම හරහාය. දුර්වල පෝෂණය කුසගින්න සහ අධික ලෙස මත්පැන්  සහ දුම් පානය කිරීම  ඔහුගේ සෞඛ්‍යයට අයහපත් ලෙස බල පවත්වන ලදි. ඔහුගේ තෙල් සිතුවම “The Potato Eaters” චිත්‍ර ශිල්පියා අත්විඳින දුප්පත්කම සහ අසරණකම රහසිගතව නිරූපණය කරයි.

 වැන් ගෝ   සංකීර්ණ මානසික රෝගවලින් පීඩා වින්දේය. ඔහුව පීඩාවට පත් කළ මානසික රෝගය ඔහුගේ කලා කටයුතුවලට බලපෑවේය.  වැන් ගෝ   ඔහුගේ වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම කැන්වසය මත පින්තාරු කළේය. කැපී පෙනෙන වර්ණ, බොරතෙල් බුරුසු පහරවල් සහ විකෘති හැඩතල සහ සමෝච්ඡයන් ඔහුගේ කැළඹුණු මනස ප්‍රකාශ කරයි. ඔහු මානසික අවපීඩනයෙන්  පීඩා විඳි අතර, ඔහුගේ රෝග ඉතිහාසයෙහි පැහැදිලිවම ද්විධ්‍රැව ( Bipolar ) අංශ තිබේ.  වින්සන්ට් වැන් ගෝ  ගේ   කායික හා මානසික රෝග ලක්ෂණ නිදන්ගත ඊයම් විෂ වීම නිසා ඇති වන්නට ඇතැයි ඇතැම් විශේෂඥයෝ සැක කරති.

වැන් ගෝ ගේ අසමසම කලාව එහි බලගතු, නාට්‍යමය සහ චිත්තවේගීය ශෛලිය මගින් නිර්වචනය කල හැකිය.  ඔහු මිනිසා සහ මිනිස් ස්වභාවය අතර අරගලය, යථාර්ථය සහ ඔහුගේ අවිඥානික මානසික ගැටුම්  තම චිත්‍ර හරහා නිරූපනය කලේය. වැන්ගෝ වරක් මෙසේ පැවසීය: “අපි අපගේ මුළු ජීවිතයම ගත කරන්නේ අපගේ සිතුවිලි වචන ආධාරයෙන් ප්‍රකාශ කිරීමේ කලාවේ අවිඥානික අභ්‍යාසවල ය.”

ඔහුගේ ජීවිතය මානසික ගැටුම්වලින් පිරී තිබුණි. ඔහු තම අභ්‍යන්තර මනස සමඟ සටන් කළේය. මෙම ද්විත්ව ස්වභාවය ඔහුගේ චිත්‍ර හරහා නිරීක්ෂණය විය. ඔහුගේ වර්ණවල තීව්රතාවය නැති වී ගියේය. ඔහුගේ රේඛා නොසන්සුන් විය. ඔහු ඝන ස්ථර සමග වඩාත් ප්රචණ්ඩ ලෙස තීන්ත ආලේප කළේය.  වැන් ගෝ   ආතතිය යටතේ ස්වභාවධර්මයේ වස්තූන් වෙත ඇදී ගියේය: කැරකෙන හිරු, ඇඹරුණු සයිප්‍රස් ගස් සහ කඳු මුදුන් වැන් ගෝ ගේ අසනීපය නිරූපනය කරමින් වඩාත් ප්‍රචණ්ඩ ලෙස මතු වුවද ඔහු The Reaper, Cypresses, The Red Vineyard සහ ඔහුගේ සුප්‍රසිද්ධ Starry Night වැනි විශිෂ්ට නිර්මාණයන් කළේය.

Starry Night  (1889) හි මුළු ලෝකයම වෘත්තාකාර චලනයන් මගින් ගිලී ඇති බව පෙනේ.  Starry Night   යනු  වැන් ගෝ  ගේ වඩාත්ම අතුල්‍ය චිත්‍රය බවට සැකයක් නැත. ඔහුගේ වඩාත්ම ජනප්‍රිය  චිත්‍රය   සහ ඉතිහාසයේ වඩාත්ම බලපෑම් කළ  චිත්‍රයක් ලෙස  Starry Night  නම කල හැකිය. අහසේ කැරකෙන රේඛා ඔහුගේ මානසික තත්වයේ නිරූපණයකි.  Starry Night    ස්වභාවධර්මයට වැන් ගෝගේ ප්‍රතිචාරයේ අභ්‍යන්තර, ආත්මීය ප්‍රකාශනය මූර්තිමත් කරයි. වින්සන්ට් වැන් ගොග් වරක් පැවසුවේ “තරු දෙස බැලීමෙන් මට සෑම විටම සිහින පෙනේ. අපි තරුවකට ළඟා වීමට මරණය රැගෙන යන්නෙමු.”

ඔහු ප්‍රංශ Post-Impressionist කලාකරු Paul Gauguin සමඟ මිත්‍ර විය. කෙසේ වෙතත්, ඔවුන් නිතර නිතර රණ්ඩු වූහ.  වැන් ගෝට  විකේන්ද්රික පෞරුෂයක් සහ අස්ථායී මනෝභාවයක් තිබුණි. ඔහුගේ ප්‍රතික්‍රියාශීලී මානසික අවපීඩන  දිගු කලක් හයිපොමැනික් හෝ උමතු හැසිරීම් වලින් ගහන විය. මේ නිසා ඔවුන් ගේ මිත්‍රත්වය ඉරි තළා ගියේය. 

 1888 දී වින්සන්ට්ගේ මානසික සෞඛ්යය ඉතා අස්ථායී විය. මානසික අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස වින්සන්ට් වැන් ගෝ කිහිප වතාවක්ම රෝහල් ගත විය. ඔහුගේ මානසික තත්ත්වය ඉතා දුර්වල වූ අතර ඔහු තමන් ගේ එක්  කණක් කපා එය අභිසුරු ලියක් වෙත යැව්වේය.  සති කිහිපයකට පසු, වෙළුම් පටියක් සහිත කණ සහිත  තමන් ගේ ස්වයං-ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමට ඔහුට හැකි විය. 

වින්සන්ට්ගේ සියදිවි නසාගැනීමේ අභිනයන් ඔහුගේ අවසන් සිතුවම්වල නිරූපණය කර තිබේ . ඔහු අඳුරු සහ කුණාටු සහිත අහස යට විශාල තිරිඟු කෙත්වල පින්තාරු කරමින්  මගේ සම්පූර්ණ දුක සහ අධික තනිකම මෙහි ප්‍රකාශ කිරීම අපහසු නැත”  කියා කීවේය.ඔහුගේ අවසන් චිත්‍රවලින් එකක් වන Wheat Field With Crows, කළු කුරුල්ලෝ තරු නැති අහසක පියාසර කරති. එය ඔහුගේ හදවතේ පැවති හිස් බව ලෙස අර්ථ දැක්විය හැකිය. 

දුගී භාවය , අයාලේ යන, නිවාස නොමැති ජීවන රටාව ,කාන්තාවන් සමඟ සබඳතාවල අසාර්ථකත්වය ,මනෝ ව්‍යාකූලතාවන් , ගොගෑන්  සමඟ ඛේදජනක මිත්‍රත්වය , ඔහුගේ සොහොයුරා තියෝගේ විවාහය (අලාභයක් ලෙස අත්විඳීම) සහ ස්වයං විනාශයට නැඹුරු වීම  වැන් ගෝගේ සියදිවි නසාගැනීමේදී තියුණු කාර්යභාරයක් ඉටු කළේය. වින්සන්ට් වැන් ගොග් 1890 දී වයස අවුරුදු 37 දී සියදිවි නසා ගත්තේය. ඔහු මානසික ආබාධයකට ගොදුරු වුවද වින්සන්ට් මිය යන තුරුම පුදුමාකාර ලෙස නිර්මාණශීලී විය. ඔහු ජීවත් වූයේ සාපේක්ෂව කෙටි කාලයක් වුවද ඔහු සිතුවම් සිය ගණනක් ඇතුළත් විශ්මය ජනක වැඩ කොටසක් ඉතිරි කළේය.

Don McLean ගේ ජනප්‍රිය ගීතය වන Vincent (Starry, Starry Night) හි ගී පද  වැන් ගෝ  ගේ සැබෑ ජීවිතය සනිටුහන් කරයි. මෙම ගීතය හරහා වැන් ගෝ  ගේ   ඛේදනීය මරණය ප්‍රකාශ කරන අතර ඔහු චිත්‍ර කලාවට ප්‍රිය කළත් ඔහුගේ සිතුවම්වලට කිසිදා ඔහුට ආදරය කළ නොහැකි බව පෙන්වා දෙයි. වැන් ගෝ  අකාලයේ මිය ගියද වැන්ගෝ යුරෝපයේ විශිෂ්ටතම කලාකරුවෙකු ලෙස නමක් දිනාගෙන තිබේ. එහෙත් තම ජීවිතකාලය තුල තම සාර්ථකත්වය දැක ගැනීමට ඔහුට නොහැකි විතය. එය   වැන් ගෝ ගේ ජීවිතයේ විශාලතම ඛේදවාචකයයි. (වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද Psychological Reflections of Vincent Van Gogh’s Art ලිපියේ සිංහල අනුවාදයයි

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

February 21st, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600කට වඩා වැඩිමුදලක් වංචා කර ඇති බව ගුවන්සේවයේ අභ්‍යන්තර විගණන අංශ වාර්තා මගින් තහවුරු කර තිබෙනවා.

ගුවන්සේවයේ රහස්‍ය විගණන වාර්තා වලින් හෙළිකොට ඇති තොරතුරු වලට අනුව මෙම නිලධාරීන් විසින් සෞදි අරාබිය කරා රැකියා සඳහා යන මගීන් විසින් අනිවාර්යෙන් ලබාගත යුතු සෞදි නිරෝධායන පැකේජයි පහත පරිදි වංචා කර ඇත්තේ.

1.2021 මැයි මස සෞදි රජය විසින් පැනවූ නීතියට අනුව සෞදි අරාබිය වෙත යන සියලු මගීන් සඳහා නිරෝධායන පැකේජ ලබාදීමේ වගකීම ශ්‍රීලංකන් ගුවන්සේවය සතුවිය. අදාළ පැකේජ ගුවන්සේවය විසින් සකස්කර මගීන්ට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර යුතුව තිබුණි.

2. ගුවන්සේවය මගින් මෙම පැකේජ සකස්කර මගීන්ට ඉදිරිපත්කිරීම මැයි මස වන විට සිදුකළ අතර ශ්‍රී ලාංකික, ඉන්දීය හා බංගලාදේශ ඇතුලු සෞදියේ සේවය කරන විශාල මගීන් පිරිසක් මේවා මිලදීගෙන ශ්‍රීලංකන් ගුවන්සේවය සමගින් සෞදියට පැමිණ නිරෝධායනයව තිබුණි. මින් ශ්‍රී ලංකන් ගුවන්සේවය සැලකිය යුතු ආදායමක් මෙන්ම ගුවන් මගීන්ටද ප්‍රමිතියකින් යුත් නිරෝධායන පහසුකමත් තහවුරු කර තිබුණි.

නමුත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණු ක්‍රියාවලිය හදිසියේම 2021 ජුනි සිට සෞදි නිරෝධායන රෙගුලාසි වලටද පටහැනිව හදිසියේම ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍ර යේ නමගිය ආයතනය වෙත ලබාදීමට අලෙවි අංශ ප්‍රධානියා විසින් තීරණය කර තිබුණි. මෙම තීරණය ගෙන ඇත්තේ ඉහත ආයතනයට සෞදි ආරබියේ මෙවැනි මෙහෙයුමක් පිළිබඳ අල්ප මාතුයක හෝ දැනුමක් නොතියබියදීය.

ශ්‍රී ලංකාවේ අලෙවි ප්‍රධානියා හා ශ්‍රී ලංකාවේ කලමණාකරු විසින් ප්‍රසම්පාදන නීති කඩකරමින් සෞදි නීති වලටද පටහැනිව ආයතනය පත්කොට ඇති අතර ඔවුන් විසින්ම සෞදි ශ්‍රීලාංකික නිරෝධායන නියෝජිත ආයතනය ජෙට්වින්ග් සමග සම්බන්ධීකරණය කොට ඇත. ඊට අමතරව මෙම පැකේජයන්ගේ මුළු මෙහෙයවීමම ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි නිලධාරින් ලවා සිදුකර ගැනීමටත්, සියලුම ශ්‍රී ලංකිකයින්ට ශ්‍රීලංකන් ආයතනයේ, පැකේජ වෙනුවට ජෙට්වින්ග් පැකේජ ප්‍රවර්ධනය කිරීමටත් මෙම නිලධාරීන් කටයුතු කර ඇත. දැනට රහස්‍යව පවතින විගණන වාර්තාවේ මෙකී සියලු කරුණු කාරණා පැහැදිලිවම දක්වා ඇත.

මෙමගින් මෙම නිලධාරීන් 2021 ජුනි මාසයේ සිට 2021 දෙසැම්බර් දක්වා පමණක් මිලියන 600ක ආදායමක් ජාතික ගුවන්සේවයට අහිමි කර ඇත.

අදාළ සියලු කටයුතු වලට මූලිකත්වය ලබාදුන් සෞදි අරාබියේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කළමණාකරු මීට සමගාමීව සෞදි සමාගමක් සමග කූට නිරෝධායන සමාගමක් පවා ආරම්භ කර ඇති අතර එමගින් බංගලාදේශයේ සිට සෞදි අරාබියට යන මගීන්ට මෙම පැකේජ 1000කට අධික ප්‍රමාණයක් අලෙවිකර ඉන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අහිමි කර ඇත. මෙම වංචාවද විගණන අංශ විසින් හෙළිකොට වාර්තාවක් සකස්කොට ඇත.

මෙම වාර්තා ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති, හිටපු/ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී හා විගණන කමිටු ප්‍රධානීන් අතට පත්ව කලක් ගතව ඇතත් අදිසි හස්තයක් විසින් මෙම පරීක්ෂණ යටපත් කොට ඇත. හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගෙන් පසු එම තනතුරට පත්කොට තිබෙන රුපියල් ලක්ෂ 90ක වැටුප් ලබන වයස 72ක් වන රිචඩ් නුටෝල් නම් විදේශිකයා මෙම වංචාව වසන් කිරීම වෙනුවෙන් මේ වන විටත් මූලිකත්වය ගෙන ක්‍රියාකරමින් සිටින අතර ඔහුට දැනටමත් පෙරකී නිලධාරීන් ඇතුලු පිරිස ආරක්ෂා කරන අදිසි හස්තයන්හි වරදාන, වරප්‍රසාද පවා හිමිව ඇති බව වාර්තා වේ.

තවදුරටත් මෙම වංචා සහගත පැකේජ අදාල සමාගම හරහා මෙහෙයවීමට මොවුන් පෙළඹී ඇති අතර මේ සටහන තබන මෙහොතේදීත් මෙම වංචාව ගජරාමෙට සිදුවෙමින් පවතී.

අප සියලුදෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතනය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. බිලියන 150කට අධික ණය බරක් මෙන්ම දිනෙන් දින ලබන පාඩුව දේශපාලකයන්ට හා වෙනත් හේතුවලට බැර කරද සත්‍ය වශයෙන්ම පාඩුවෙන් වැඩි ප්‍රමාණයකට හේතුව මෙම ආයතනයේ චෞර ඉහළ නිලධාරී කණ්ඩායම බව ඉතා පැහැදිලිය. කවර ලෙස ආණ්ඩු මාරු වුණත්, සභාපති, ලේකම්වරු මාරු වුවත් මෙම චෞර, ඉහළ නිලධාරීන් සැමදා සුරක්ෂිතය. විශේෂයෙන් ශ්‍රී ලංකන් වාණිජ අංශය නම් හොරකමට, වංචාවට කප් ගැසූ අංශයක් ලෙස මුළු ගුවන්සේවා කර්මාන්තයම පාහේ දනී. මෙම අංශයේ ඉහළ කළමනාකාරීත්වයේ හිඳ විශ්‍රාම ගිය බොහෝ දෙනා බිලියනපතියන් බවට පත්ව ඇති අතර ඔවුන්ගේ ගෝලයින්ද තවමත් කිසිදු ඉහෙන් බහින රෝගයකින් තොරව මෙම කටයුත්තේ නියැලෙමින් සිටී.

යහපාලන ආනුභාවයෙන් පත්විම් ලද අලෙවි අංශ ප්‍රධානීයා මීට පෙරද මෙවැනි වංචා කටයුතු වලට හසුව ඇතත් ඔහු යහපාලන දේශපාලකයින්ගේ පිහිටානුභාවයෙන් මේ වනතුරුත් කටයුතු කරමින් සිටී. යහපාලන රජය යටතේත්, වර්තමාන රජය යටතේත් වංචා, දූෂණ වැරදි කෙතරම් කළද බේරී සිටීමට තරම් මොහු සූක්ෂම වී ඇත. ඔහුගේ කොළඹ නගරය තුළ පමණක් ඇති වත්කම් සොයා බැලුවේ නම් මොහු විසින් කර ඇති වංචාවල තරම ගැන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගත හැකිය.

දැන් ඔහු නව ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටෝල්ගේ හිතෛයිෂීම පුද්ගලයා ලෙස කටයුතු කරමින් සිටී. එමගින් විදේශිකයාගේ චෞර වළල්ලේ තරම අපට සිතා ගත හැකිය.

ගුවන්සේවය යලි ගොඩනැගීමට ලක්ෂ 90කට පඩියටකට රැකියාවට ගත් විදේශිකයා වන රිචඩ් නුටෝල් දැන් මෙම වංචාකරුවන් රැක ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටී. ඒ, විගණන වාර්තා වලින් හෙළිකොට ඇති මෙම වංචාව ගැන අල්ප මාත්‍රයක හෝ පියවරක් නොගනිමිනි. බොහෝවිට විදේශිකයකු හදිසියේම මෙවැනි තනතුරකට බඳවා ගන්නට ඇත්තේද ඉහත වංචාව යටගැසීමේ අරමුණින්ම විය හැක.

ගුවන්සේවයේ බහුතර සේවකයන් තම සේවය උපරිමයෙන් ආයතනයට ලබාදුන්නද අල්පයක් වූ චෞර නිලධාරීන් ගුවන්සේවයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීම හේතුවෙන් ආයතනය දිගින් දිගටම දැඩි අලාභ ලබමින් සිටී. ඒ හේතුවෙන් වැටුප් කප්පාදු වලින් පවා වැඩිම වන්දියක් ගෙවන්නේ අහිංසක සාමාන්‍ය සේවක පිරිසයි.

සුළු සේවකයකු අතින් වතුර බෝතලයක්, ආහාර පාර්සලයක්, හාෆ් ෂීට් කොළයක් අස්ථාන ගතවුවත් ගෙදර යවන්නට පසුබව නොවන ශ්‍රීලංකන් ප්‍රධානීන් මෙවැනි වෞර රජුන් ඉදිරියේ පතෝල න්‍යායක් අනුගමනය කිරීම මගින් පැහැදිලි වන්නේ එදා මෙන්ම අදත් ජාතික ගුවන්සේවයේ ප්‍රතිපත්තිය මහහොරු ආරක්ෂා කිරීම බවයි.

– repoter

ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…

February 21st, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි.

පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.

නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress