චීන තානාපති කාර්යාලය මගින් මහජන බැංකුව අසාදුලේඛන ගත කිරීම

November 4th, 2021

සමස්ත ලංකා බැංකු සේවක සංගමය

චීන තානාපති කාර්යාලය මගින් මහජන බැංකුව අසාදුලේඛන ගත කිරීම

රජය මගින් පොහොර මිලදී ගැනීමේ ගැටළුවක් සම්බන්ධයෙන් එම ගනුදෙනුවේ මූල්‍ය සේවා පහසුකම් සැපයීමට කටයුතු කරන ලද මහජන බැංකුව චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අවනත වීම හේතුවෙන් මහජන බැංකුව මෙලෙස අසාදු ලේඛනගත කිරීමකට ලක්කර ඇති බව බැංකුව පාර්ශවයෙන් කරුණු දක්වා ඇත. මෙවැනි තත්වයක් තුළ වසර 60 ක් පුරා ජාතික ආර්ථිකයේ ජීවනාලියක් බඳු වූ මහජන බැංකුවේ කීර්ති නාමය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වීමටත් ව්‍යාපාරික පැවැත්මට හානියක් වීමටත් පසුබිම සකස් වෙමින් පවතී.

දැවැන්ත ආර්ථික පසුබෑම හමුවේත්, #කොවිඩ් වසංගත සමයේත් ජාතික ආර්ථිකය රැක ගැනීමට අඛණ්ඩ මෙහෙයක් ඉටුකළ මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා නොදන්නා බව මාධ්‍යයට පැවසීම විමතිය දනවන්නක් වේ. අදාළ පොහොර සමාගම ණයවර ලිපි විවෘත කිරීමේදී බලයලත් නිලධාරීන්ගේ අනුමැතිය හා බලපත්‍ර සහිතව අදාළ කටයුතු සිදු කරාද යන්න සමාජයේ සංවාදයට බඳුන්ව පවතී.
 
පසුගිය ආණ්ඩු සමයන් තුළ හෙජින් ගිවිසුම, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි දූෂිත ගනුදෙනු හරහා නිර්මාණය වූ අත්දැකීම් රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ හෙළීමටත් රාජ්‍ය බැංකුවල ව්‍යාපාරික වපසරියන් හකුළුවා දැමීමටත් විවිධ ආණ්ඩු කටයුතු කර ඇත. නමුත් බැංකු සේවකයන්ගේත් පොදු මහජනතාවගේත් අඛණ්ඩ කැපවීම හා ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජනතා ආර්ථික මර්මස්ථාන රැක ගැනීමට හැකියාව ලැබී ඇත.

නීති තත්වය පරීක්‍ෂාවකින් තොරව ගෙන්වන ලද මෙම පොහොර තොගය පිළිබඳ වගකීම පොහොර සමාගම විසින් භාරගත යුතු වුවත්, මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම නිසා ඉදිරියේදී මහජන බැංකුවට දැඩි මූල්‍ය පාඩුවක් සිදුවනු ඇති අතර රාජ්‍ය බැංකු මේ අන්දමින් අනතුරේ හෙළීමේ වගකීම මෙම පොහොර තොගය ගෙන්වීමට මූලික වූ රජය විසින් භාරගත යුතු බවට අවධාරණය කළ යුතුය.
 
අදූරදර්ශී හා දූෂිත ආණ්ඩු ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි ලාභ ලබන ආයතන අර්බුදකාරි වාතාවරණයන්ට පත් කරන පාලකයන්ට එරෙහිව පෙළගැසෙන ලෙස සියළුම බැංකු සේවකයින් හා ජනතාවට ආරාධනය කරන අතර විදේශ තානාපති කාර්යාලයකට දැවැන්ත අර්බුද නිර්මාණය කළ හැකි යැපුම් ආර්ථිකයක් ඇති කළ වසර 73 ක් රට පාලනය කළ ආණ්ඩු වෙනුවට ජනතා ආර්ථිකයක් බිහිකළ හැකි දැක්මක් හා වැඩපිළිවෙලක් ගොඩනැඟීම සඳහා අත්වැල් බැඳ ගන්නා සියලූ ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

ස්තූතියි.
 
මෙයට, විශ්වාසී
වසන්ත සමරසිංහ
සභාපති
සමස්ත ලංකා බැංකු සේවක සංගමය.

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ.. 2029 තෙක් කිසිවෙකුට බේරුමක් නෑ..- ඇමති බන්දුල.

November 4th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකාව ගමන් කරමින් ඇත්තේ බංකොලොත් රාජ්‍යයක් වෙත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

2029 වසර අනතුරු කිසිවෙකුට ඔළුව උස්සන්න හැකියාවක් නැති බවත් ඔහු පවසයි.

දෙරණ නාලිකව සමඟ පැවති සාකච්ඡාවකදී එහි මාධ්‍යවේදියා සහ අමාත්‍යවරයා අතර සිදු වූ සංවාදය මෙසේය.

මාධ්‍යවේදියා – මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව CAA1 ඉඳන් CAA2 දක්වා අපේ ශ්‍රේණිගත කිරීම් පහළ ගිහින් තියෙනවා. තව දෙකක් පල්ලෙහාට ගියොත් default. ඒ කියන්නේ බංකොලොත්. අපි මේ යමින් ඉන්නේ බංකොලොත් රාජ්‍යයක් වෙන තැනකටද ?

ඇමතිවරයා – බේරගන්න ඕනේ, යමින් ඉන්නේ එතනට. 2029 වෙනකන් කාටවත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. අලුත් මුදල් ප්‍රවාහයක් ඇතිකරගත්තේ නැත්නම්. නැත්නම් මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් විකුණනන්න ඕනේ. ඒත් විකුණන්න අපිට වත්කම් නැහැ.

ආණ්ඩුව නැහැ කිවුවට නැනෝ නයිට‍්‍රජන් රසායනික බවට තහවුරු වෙලා

November 4th, 2021

උපුටා ගැන්ම TrueNews

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ද නැනෝ නයිට‍්‍රජන් යනුවෙන් හදුන්වන ලද පොහොර, කාබනික පොහොර විශේෂයක් නොව, යූරියා අඩංගු රසායනික පොහොරක් බව, විශ්ව විද්‍යාල ආචාර්යවරුවන්ගේ සමිති සම්මේලනය පවසයි.

පොටෑසියම් ෆ්ලෝරයිඩ් යනු රසායනිකයක් යැයි කියන්නේ මෝඩයින් බවත් එය පාෂාණයක් බවත් ඉන්දියාවෙන් ගෙන එන්නේ තාක්ෂණය භාවිත කළ නැනෝ නයිට්‍රජන් බවත් එහි වර්ග දෙකක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසුවේය.

පළමු වැන්න ශාඛ සහ සත්ව කොටස් එකතු කර සාදන නැනෝ නයිට්‍රජන් බවත් දෙවැන්න යූරියාවලින් සාදන නැනෝ නයිට්‍රජන් බවත් යූරියාවලින් තැනූ නයිට්‍රජන්වල රසායනික බව අධික බවත් එය ලංකාව ගෙන ඒමට තහනම් බවත් පවසන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට ගෙන එන්නේ ශාඛ හා සත්ව කොටස්වලින් සාදන නැනෝ නයිට්‍රජන් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

එසේ කියද්දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) කෘෂිකර්මය පිලිබඳ ක්‍රියාකාරී කමිටුව විසින් ඉදිරිපත් කරන, ඉන්දියාවෙන් ආනයනය කරන ලද නැනෝ-නයිට්‍රජන් පොහොර පිළිබඳ සම්පුර්ණ මාධ්‍ය ප්‍රකාශය මෙසේ පළ කරන්නෙමු.

ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී ඉන්දියාවේ Indian Farmers Fertilizer Cooperative Ltd. (IFFCO) නම් සමාගමෙන් දියරමය නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර මිලියන 3.1 ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇත. ඉන් පළමු තොගය වූ මිලි ලීටර් 500 නැනෝ නයිට්‍රජන් බෝතල් 90,000 ( ලීටර් 45,000) ක්, ගුවන් මඟින් 2021 ඔක්තෝබර් 19 දා දිවයිනට ලඟා විය. මෙම පොහොර සම්බන්ධව ජනමාධ්‍ය හරහා මේ වනවිට විවිධාකාර මතවාද ජනගත වෙමින් පවතින බැවින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු වෘත්තීයවේදීන් සමුහයක් ලෙස දිවයිනේ කෘෂිකර්ම පීඨ සහ තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත වන, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA), කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව (Action Committee for Agriculture) නියෝජනය කරමින් මෙම ආනයනිත පොහොර සම්බන්ධව පවතින විද්‍යාත්මක කරුණු සහ අපගේ විශේෂඥ මතය මෙසේ ජනතාව හමුවේ තැබීමට බලාපොරොත්තු වෙමු.

IFFCO සමාගම මඟින් නිෂ්පාදනය කෙරෙන මෙම නැනෝ නයිට්‍රජන් යනු, යූරියා අඩංගු සංයෝගයකි. බහු අවයවික සංයෝග මඟින් යූරියා අණු ආවරණය කර ඉතා කුඩා නැනෝ අංශු ලෙස සාදන නිසා සාම්ප්‍රදායික යූරියාවලින් මෙම නැනෝ නයිට්‍රජන් පොහොර වෙනස් වේ. මෙම නැනෝ අංශු ඉතාමත් කුඩා ප්‍රමාණයේ පවතින බැවින් ශාක පත්‍රවල ඇති පුටිකා හරහා කාර්යක්ෂමව ශාකයට උරා ගනු ලබයි. මෙම පොහොර විශේෂය කෘත්‍රිමව නිෂ්පාදනය කරනු ලබන සංයෝගයක් වන අතර එය කාබනික පොහොරක් නොවේ. මෙම දියර පොහොර ශාක පත්‍ර මතට ඉසීම සඳහා නිර්දේශ කර ඇති, 4% නයිට්‍රජන් අඩංගු සංයෝගයක් බව සඳහන් වේ. මෙම පොහොර වර්ගය ඉතා මෑතක දී ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට ලක් කරන ලද, එමෙන්ම මෙම වසරේ මාර්තු මාසයේ දී මහා පරිමාණ වාණිජ නිෂ්පාදනය සඳහා ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද රසායනිකයක් වේ. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සම්මත ප්‍රමිතීන්ට අනුව (SLS1324:2018) කාබනික වගාවන් සඳහා නැනෝ පොහොර නිර්දේශ නොකරයි.

කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් විසින් සිදුකරන ලද මාධ්‍ය නිවේදන හරහා දැනගැනීමට ලැබෙන ආකාරයට, වී වගාවේ හෙක්ටෙයාරයකට මෙම දියර පොහොර ලීටර 2.5 ක් (4 ml/L) එක්වරකට යෙදිය යුතු වේ. එමෙන්ම වගා කාලය තුළ තුන් වරක් එය යෙදිය යුතු බැවින් එක කන්නයක දී හෙක්ටෙයාරයකට අවශ්‍ය මුළු දියර පොහොර ප්‍රමාණය ලීටර 7.5 ක් වේ. මෙසේ යෙදීමේ දී නැනෝ නයිට්‍රජන් දියර පොහොර මඟින් වී වගාවේ හෙක්ටෙයාරයකට සැපයෙන නයිට්‍රජන් ප්‍රමාණය ග්රෑම් 300 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් හෙක්ටෙයාරයකින් නිෂ්පාදනය වන ටොන් 4-5 දක්වා වූ වී අස්වැන්නක් ලබාදීම සඳහා ගොයම් ගස් මඟින් ආසන්න වශයෙන් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105 ක් සපයාගත යුතුව තිබේ. මේ ආකාරයෙන් බලනවිට, ශාකයේ නයිට්‍රජන් අවශ්‍යතාවය නැනෝ නයිට්‍රජන් පොහොර මඟින් පමණක් සැපයීමට අවශ්‍ය නම් ඒ සඳහා හෙක්ටෙයාරයකට මෙම දියරය ලීටර් 1,250 ක් යෙදිය යුතුය! මෙවැනි ක්‍රියාවක් කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව ඉතා පැහැදිලි කරුණකි.

IFFCO ආයතනයේ නිල වෙබ් පිටුවෙහි සඳහන් වන ආකාරයට මෙම දියරමය නැනෝ නයිට්‍රජන් පොහොර වගාවට යෙදීම නිර්දේශ කරනු ලබන්නේ ශාකයේ වර්ධක අවස්ථාවේ මතුපිට පොහොරක් ලෙස, යූරියා භාවිතය අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස පමණි. ඒ සමඟම වගාවට අවශ්‍ය අනෙක් ප්‍රධාන මුලද්‍රව්‍ය වන පොස්පරස් සහ පොටෑසියම් නියමිත ප්‍රමාණවලින් ලබා දිය යුතු වේ. මේ සම්බන්ධව දැනට ප්‍රකාශිත සියලු විද්‍යාත්මක පර්යේෂණ නිර්දේශ කර ඇත්තේ මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර, යූරියා භාවිතය සියයට පනහක් දක්වා අඩු කිරීමට උපකාරක පොහොරක් ලෙස මිස යූරියා භාවිතයට පූර්ණ විකල්පයක් ලෙස නොවේ.

මීට අමතරව, මෙවැනි මහා පරිමාණ දියර පොහොර ඉසීම කාර්යක්ෂමව කිරීම සඳහා නවීන ඩ්‍රෝන තාක්ෂණය යොදාගත යුතු වේ. එයට හේතුව, විශාල වපසරියකින් යුතු කෘෂිකාර්මික ක්ෂේත්‍ර සහ වඩා උසකින් යුතු බඩඉරිඟු සහ උක් වැනි වගාවන් සඳහා සාම්ප්‍රදායික ඉසිනයන් සාර්ථක නොවන බැවිනි. එමෙන්ම යොදන දියර පොහොර කාර්යක්ෂමව භාවිතා කිරීමට නම් ඒ වන විට බෝගයේ පත්‍ර පස ආවරණය වන තරමට වර්ධනය වී තිබිය යුතු වේ. මීට අමතරව පවතින කාලගුණික තත්ත්වය සහ දියර පොහොර ඉසීමේ තාක්ෂණික ක්‍රමවේදය මෙහි සාර්ථකත්වයට ඉතා දැඩි ලෙස බලපායි. ඒ බැවින් මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ගොවීන්ට නිවැරදිව ලබා දීම වැදගත් වේ.

මේ ආකාරයට සලකා බලන විට, මෑතක දී රජය මඟින් සිදුකරන්නට යෙදුනු රසායනික” පොහොර තහනමත් සමඟ, ගොවියන්ට තම වගා කටයුතු කරගෙන යාම සඳහා ලබා දිය යුතු විකල්ප කවරේදැයි යන්න ඉතා විශාල ගැටලුවක්ව පවතී. මෙම පොහොර සැපයුම් අඩාල වීමත් සමඟ බෝග වර්ධනය සඳහා විවිධ පෝෂණ ද්‍රව්‍යයන් හීන වූ පසුබිමක, ඉතා අධික මුදලක් වැය කරමින් ගෙන්වන්නට යෙදුනු නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතය හරහා අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි වේ දැයි යන්න ගැටලුවකි. නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාකයේ පත්‍ර මතට ඉසින බැවින් ඒවායේ සාන්ද්‍රණය නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි කල නොහැක. එමඟින් ශාක පත්‍රවලට හානි සිදුවන බැවිනි. මේ හේතුව නිසා ශාකයට අවශ්‍ය සමස්ථ නයිට්‍රජන් ප්‍රමාණය පත්‍ර හරහා ලබාදීම ප්‍රායෝගික නොවේ. ඒ සඳහා ඇති එකම විකල්පය කුඩා සාන්ද්‍රණවලින් කිහිප වතාවක් මෙය පත්‍ර මතට ඉසීමයි. නමුත් 4% ක සාන්ද්‍රණයකින් යුතු පොහොරකින් ශාකයේ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට නම් ඉතා විශාළ වාර ගණනක් ශාකයට ඉසීම කල යුතුය. මෙය කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.

තවත් සලකාබැලිය යුතු කරුණක් වන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර, සාම්ප්‍රදායික යූරියා පොහොරට වඩා කිහිප ගුණයකින් මිළෙන් වැඩි බවය. එමෙන්ම, සාම්ප්‍රදායික කෘෂිරසායන ඉසිනයන් භාවිතයෙන් වී වගාවට මෙම පොහොර යෙදීම නිෂ්පාදන පිරිවැය විශාල ලෙස ඉහල නැංවීමට හේතුවක් වනු ඇත.

සාමාන්‍යයෙන් බලපවත්වන නීතියට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඕනෑම පොහොරක් ඒ සම්බන්ධව ප්‍රමිතිගත පරීක්ෂණයකින් සමත්වී තිබිය යුතු අතර, කිසිදු අහිතකර ද්‍රව්‍යයක් ඒ තුළ අන්තර්ගත නොවන බවට විද්‍යාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබිය යුතු වේ. එමෙන්ම, ඕනෑම පොහොර වර්ගයක් පසට හෝ බෝගයන්ට නිර්දේශ කිරීමට පෙර නිසි ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට ලක් කර තිබිය යුතුය. මෙම පොහොර ආනයන ක්‍රියාවලිය තුළ ඒ කිසිවක් සිදු නොවන බව පෙනෙන්නට තිබේ.

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ, පරිසර හිතකාමී, හරිත කෘෂිකර්මාන්තයක් කරා යන ගමනේ දී පසෙහි සාරවත්බව වැඩිදියුණු කොට පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බවයි. එසේ වුවද, බෝගයන්ට ඉසිනු ලබන දියර පොහොර මඟින් පසෙහි සරු බව ඉහල නැංවීමට නොහැකි වේ. එබැවින් මෙම දියර පොහොර ආනයන වැඩපිළිවෙල හරහා අස්වැන්න වැඩි කරගැනීමේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකිවනවා පමණක් නොව හරිත කෘෂිකර්මාන්තය සඳහා වූ අපේක්ෂාවන්ද ඉටුකරගැනීම දුෂ්කර කටයුත්තක් වනු ඇත. 

The agricultural sector in a mess

November 4th, 2021

Dr. C.S. Weeraratna,

Economic and social benefits of the agricultural sector, which includes cultivation of food crops and plantation crops, are well known to most of us. The value of the paddy and other food crops produced during a year is around Rs. 300 billion and we earned a similar amount in foreign exchange by exporting tea and other planation crops. Fertilisers and pesticides play an important role in crop production. However, the importation of chemical fertilisers, pesticides and herbicides was banned by a Cabinet Memorandum dated April 27, although these are not locally available in adequate amounts. As a result, inorganic fertilisers such as urea, Triple superphosphate, Muriate of Potash and other agrochemicals (insecticides, fungicides, etc.) became scarce. Agriculture Ministry in the meantime, promoted manufacture of organic fertilisers but they were unable to get sufficient amounts of organic fertilisers manufactured mainly because raw-material necessary for production of adequate amounts of organic fertilisers is not available locally. Thousands of farmers all over the country started to protest demanding that appropriate fertilisers and pesticides are made available. They have prepared the lands to cultivate paddy for the current Maha season but they are yet to start cultivating as they are not sure ofthe availability of appropriate fertilisers. Non availability of suitable fertilisers at correct times and appropriate pesticides is causing immense problems not only to paddy farmers but also among those who cultivate other food crops, horticultural and floricultural crops.

Probably the Finance Minister, having realised the utter foolishness of banning the import of inorganic fertilisers and synthetic pesticides lifted the ban and issued a gazette notification on 3 August re-authorising the import of several types of chemical fertilisers to be used in the Maha season. Ministry of Agriculture (MOA) realising the need to use inorganic fertilisers got down 30,000 of tons of potassium chloride. Although the MOA says that it is organic, to satisfy some, it is Muriate of Potash which is chemically potassium chloride (KCl) extracted from deposits of a mineral Sylvinite found in several countries. It does not matter whether it is called organic or inorganic as long it supplies potassium to crops

Perhaps because the MOA realised that there would be not enough organic fertilisers for the Maha season, Sri Lanka’s two state fertilizer companies signed an agreement with a Chinese fertilizer supplier to supply 96,000 MT of organic fertilizer (OF) in granular form containing 10 per cent of Nitrogen . According to National Plant Quarantine Service OF to be imported contain some pathogenic bacteria such as Bacillus and Erwinia. Hence, the shipment of the China-manufactured organic fertilizer was halted and the ship carrying the OF was supposed to have turned back.

As Sri Lanka is facing a severe shortage of both inorganic and organic fertilisers, after the import of the former was banned and the shipment of OF from China, was halted, MOA went ahead with the import of 3.1 million litres of nano- urea , a liquid fertiliser from Indian Farmers Fertiliser Cooperative Ltd (IFFCO) . In their official website, IFFCO has indicated that this Nano-urea fertiliser should be applied only as a top dressing along with a reduced rate of urea, According to all research reports on this liquid fertiliser, Nano-urea is a supplementary source of Nitrogen.

According to a web site https://patents.google.com/patent/CN1269774C/en Nano Urea comprises 0.01 to 5 wt% of quinhydrone, 0.01 to 10 wt% of calcium cyanamide in addition to urea.. There were some who were of the view that Chronic Kidney Disease ( CKDU) is caused by fertilisers. This is one of the reasons to justify banning of inorganic fertilisers and synthetic pesticides. Whether nano urea will cause similar effects is not known. Nano particles are of minute size . In general, nearly 100 kg of nitrogen is taken up by the paddy crop yielding 4-5 tons of grains per hectare. Accordingly, Nano-Urea should be applied at a rate of 1,250 liters per hectare if it is the only source of nitrogen added to the crop. Nano- urea need to be sprayed to the foliage and it is possible that it could have a disastrous effect on the living organisms including human beings, which the health authorities need to give serious consideration. Nano products are new to the environment and not enough research has been conducted on the long-term effects of Nano particles on animal health and environment. There are no recommendations on the amounts, and frequency of Nano Urea to be applied to different crops . Many Farmers are refusing to apply nano urea as they have not being made aware of the appropriate recommendations which should not be made in an ad-hoc manner without conducting any field investigations.

Considering the cost of the fertilizer and labour cost for application, the use of foliar fertilisers in a crop like paddy, is expensive and will increase the cost of production. Any fertiliser imported to the country needs to be tested following the accepted protocols prior to giving approval for importation and after the shipment has arrived in order to assure quality and to avoid any negative impacts. It is not known whether such tests were carried out before Nano-Urea was brought to the country.

Dr. C.S. Weeraratna,

csweera@sltnet.lk

Meerigama-Kurunegala section of E-04 as ’User Fee’ National Highway

November 4th, 2021

Chaturanga Samarawickrama Courtesy The Daily Mirror

A pecial gazette notification was issued announcing the Meerigama-Kurunegala section of the Central Expressway (E-04) which was designated as an Expressway to be an ‘User Fee National Highway’

The gazette notification was issued by the Highways Minister, Johnston Fernando.

The stretch of road is 40.910 km long and 80.000-100.000 metres wide, situated between Meerigama (36.981km) and Kurunegala (77.891km) of the Central Expressway, the gazette notification said. 

List of pesticides prepared for importation

November 4th, 2021

Courtesy Hiru News

The Department of Agriculture stated that a list is currently being prepared for the importation of pesticides. The department stated that it would then table the said list to the cabinet of ministers.

The Director-General of the Department Ajantha Silva further stated that as local pest control methods are increasingly used, attention will be paid to import eco-friendly pesticides as required.

Meanwhile, the Fertilizer Secretariat stated that the stock of nano nitrogen liquid fertilizer brought to Sri Lanka from India this morning will be distributed to farmers from next week.

Hiru News correspondent stated that about 385 farming families in the Onegama area in Polonnaruwa are preparing for cultivation by producing organic fertilizer required for the Maha season.

Farmers in the Giritale area in Polonnaruwa also stated that they are ready to commence cultivation as the government has promised to pay compensation for crop damage. Accordingly, they are constructing canals and dams to commence cultivation activities.

Farmers in the Medirigiriya area in Polonnaruwa have started cultivating with rainwater before releasing irrigation water and say that they have started cultivating as the government has promised to provide fertilizer for the Maha season.

Organic fertilizer required to cultivate 82,000 hectares in the Kurunegala District has been provided by 56 Fertilizer Centers in that district and the distribution of these to farmers has already commenced.

Imposing conditions when purchasing rice or sugar is against the law’

November 4th, 2021

Courtesy Hiru News

Lawyers point out that the condition imposed by Trade Minister Dr. Bandula Gunawardena that at least five more items should be purchased without giving the opportunity to purchase only rice and sugar from Sathosa is a violation of the Consumer Affairs Act.

The decision taken by the Minister of Trade Dr. Bandula Gunawardena was implemented from today and consumers came to the CWE outlets to buy sugar and rice.

However, NM Shaheed, a former chairman of the Consumer Affairs Council, said that traders could not impose any conditions on consumers other than the requirement that the price of the product be paid promptly.

The Consumer Affairs Authority can take action against traders who sell goods by imposing such conditions.

Shaheed further added that the Consumer Affairs Authority Act No. 9 of 2003 provides for fines as well as imprisonment for such traders.

Meanwhile, a gazette notification was issued removing the maximum retail prices imposed on severel essential food items and removing the control prices imposed on sugar, chicken, dried fish, mackerel, green gram, chickpeas, big onions and maize.

Meanwhile, the Ministry of Finance has taken steps to reduce the Special Commodity Levy of Rs. 65 per kilogram of imported rice to 25 cents.

Nihal Seneviratne, Spokesman for the Importers of Essential Commodities, said that after the revision of the import duty, orders have been placed to import 15,000 metric tons of rice from India to date.

Our correspondents stated that people are still waiting in queues to buy gas, kerosene and cement in several parts of the island.

Gazette issued removing price controls on multiple food items

November 4th, 2021

Courtesy Adaderana

A special gazette has been issued removing the price control on a number of food items including sugar, dhal, chicken, canned fish, corn, big onions, wheat flour, potatoes and milk powder.

The Consumer Affairs Authority (CAA) said the gazette is effective from Wednesday (November 03).

Thereby, seven gazette notifications previously published by the CAA have been rescinded by the new communiqué:

• Order No. 39 published in Gazette Extraordinary No. 1975/68 on July 14, 2016 for MRP on chickpeas, wheat flour and imported milk powder
• Order No. 40 published in Gazette Extraordinary No. 2003/44 on January 27, 2017 for MRP on dried sprats, green grams and imported potatoes
• Order No. 48 published in Gazette Extraordinary No. 2048/30 on December 06, 2017 for MRP on dried fish, coconut, dried chilies, Maldive fish and several other items
• Order No. 59 published in Gazette Extraordinary No. 2166/29 on March 12, 2020 for MRP on chicken
• Order No. 60 published in Gazette Extraordinary No. 2166/30 on March 12, 2020 for MRP on corn
• Order No. 61 published in Gazette Extraordinary No. 2167/9 on March 17, 2020 for MRP on Masoor Dhal, big onions and canned fish
• Order No. 76 published in Gazette Extraordinary No. 2243/13 on September 02, 2021 for MRP on white sugar and brown sugar

Fifteen new COVID victims added to death toll

November 4th, 2021

Courtesy Adaderana

The total number of people who died of COVID-19 infection in Sri Lanka moved up as 15 more fatalities were confirmed by the Director-General of Health Services on Wednesday (November 03).

The new development has pushed the official death toll from the virus outbreak in the country to 13,806.

The latest victims include 08 males and 07 females, the Department of Government Information said.

According to official data, 12 deaths were reported among elderly people aged above 60 years. In addition, 03 people aged between 30-59 years have also fallen victim to the virus infection.

Daily count of coronavirus cases climbs to 592

November 4th, 2021

Courtesy Adaderana

The Ministry of Health reported that another 124 persons have tested positive for coronavirus today, increasing the daily count of new cases to 592.

Accordingly, the total number of Covid-19 cases registered in the country so far has risen to 543,385.

Over 15,000 patients infected with the virus are currently being treated across the island while total recoveries is 514,234.

Court briefed on probes into financial irregularity at Fertilizer Secretariat

November 4th, 2021

Courtesy Adaderana

The Criminal Investigation Department (CID) has briefed the court of probes initiated into alleged misappropriation of Rs. 1 billion at the National Fertilizer Secretariat.

Former Secretary to the Agriculture Ministry, Major General (Retired) Sumedha Perera had filed a complaint, stating that this financial irregularity occurred in 2018 and 2019 during the process to import three types of fertilizer including urea into the country. He claimed that chemical reports and other documents had been forged in the process.

The financial crimes unit of the CID told the court that it has so far recorded statements from the plaintiff and two other officers about the allegations.

According to reports, four officers of the National Fertilizer Secretariat have already been suspended in connection with the incident.

ETHNICITY IN SRI LANKA Part 2

November 3rd, 2021

KAMALIKA PIERIS

The first census of Ceylon of which there is a record is the census of 1824. That was an incomplete census which grouped the population by caste.  The first complete population census   of Ceylon was the census of 1871.  This census left out ‘caste’ and introduced ‘race’ and ‘nationality’,   two European   concepts which were in vogue at the time.   Race appeared for the first time in this census.  There were 72 nationalities and 24 races, including foreign ones such as Chinese, German and Irish. The local ‘races’ were Sinhalese, Tamil, Burgher, Chetty, Malay and Moor. Sinhalese and Tamils were ‘races’ as well as ‘nationalities’. 

The Sinhala, Tamil and Moor races were officially recognized for the first time in 1871. The proportions were Sinhalese 69.40%, Tamils 22.21% and Moor 6.79%. There was a census every ten years or so after 1871.  At the 8th International Statistical Congress 1872, it was agreed that a census must include language, religion, birthplace and nationality. The 1881 Census referred to 72 nationalities in the text but classified the population only by ‘race.’ The races were ‘Europeans, Sinhalese, Tamil, Moors, Malay, Veddahs and Other’. Race became the main category of classification thereafter. The 1911 Census    had ten races, ‘Low country Sinhalese, Kandyan Sinhalese, Indian Tamils, Ceylon Tamils, Indian   Moors, (also known as Coast Moors) Ceylon Moors, Malays, Burghers, Veddahs, Europeans and Other’.

The 1911 Census said Sinhalese and Tamils are distinct, clearly differentiated races. They have their own religion and speak different languages. ‘Their settlements are clearly defined.’ Intermarriage between them is very rare. Even a superficial observer could see, it said, that there are marked physical differences between the Sinhalese and the Tamils. However,  the 1921 census has photographs of the ‘races’. They all look alike. The   difference was in their costumes, not in facial or physical characteristic.

Ponnambalam Arunachalam in his introduction to the 1901 census used history to show that the Sinhala and Tamil races were genuine and long standing. Arunachalam added a chapter on the history of Ceylon to the 1901 census. This   was not there in the earlier reports.  He wrote that the Tamils and Sinhalese have lived in the island for two thousand years. He drew attention to Dutugemunu’s fight with Elara. Denham in 1911 said that the Sinhalese and Tamils had been in Sri Lanka for centuries, fighting with each other. However, he added that only the Sinhalese could ‘regard Ceylon as home’. It was the ‘shrine of their national traditions.’

Each district was   designated ‘Tamil’ district’ and ‘Sinhala district’ according to the racial percentage. This created geographically contiguous ‘Tamil areas’ and ‘Sinhala areas’.   Census of 1871 showed 50-90% Sinhalese in all provinces except Jaffna, Vanni, Mannar (5%) and Trincomalee, Batticaloa (10%). Tamils were 90% in Vanni and Jaffna, 70% in Mannar and Eastern province, 40% in Central province and 16% in Badulla. Moors were 35% in Batticaloa 30-20% in Mannar, Trincomalee and Puttalam.

The Census of 1891 has three separate maps indicating the ‘relative proportions of races’ for Tamil, Sinhala and Moor. Jaffna, Vanni, Mannar, Trincomalee and Batticaloa districts were assigned in bright pink to the Tamils. These figures ignore the important issue of population density.  The 1911 census showed the following population density. In Northern Province, Jaffna with 998 sq miles had 326,510 persons. Mannar had 904 sq miles and 25,603 persons, Mullaitivu had 1466 sq miles and 17,336 persons.  In Eastern province, Batticaloa had 2800 sq miles and 153,943 persons Trincomalee had 1048 sq miles and 29,374 persons.

Sometime after the Sinhala race” was invented, it got bisected.  Ponnambalam Arunachalam, Superintendant of Census, divided the Sinhalese into Kandyan and Low country for the 1901 census. Then he said that Tamils were equal to each of the Sinhala groups when taken separately. Census of 1921 stated that the Kandyan Sinhalese differed from the Low country Sinhalese in all respects except those of color, religion and language. Kandyan villagers saw the Low country Sinhalese as a separate race (pahata rata minissu), probably due to the impact of Portuguese, Dutch, British, Malay and Chinese influences (sic).

Census of 1911  however, stated ‘ the distinction between Kandyan and Low country Sinhalese is every year lessened, intermarriages are on the increase and in many parts   of the  ‘Up country’, it is difficult to distinguish  between Kandyan and Low country men and women’.  Then  in  1922   a  district court case dealing with property rights in marriage  went  into appeal and  Supreme Court ruled that  that Low country Sinhalese  and Kandyan Sinhalese were the same race. (NLR vol.24 p245)

But as late as 1946, persons from the Central, North central, Uva and Sabaragamuwa provinces, the Kurunegala and Puttalam districts and the ’Sinhalese divisions’ of the districts of Batticaloa, Trincomalee and Vavuniya continued to be Kandyan. Persons from Western and Southern provinces and Chilaw and Puttalam districts were Low country (Census 1946). Arthur Ranasinghe, Superintendant of census for 1946 cited the 1922 case and observed that this division made no sense. Kandyan and Low- country Sinhalese were treated as two separate census groups from 1901 to 1971.  They were combined in the 1981 census.

Ponnambalam Arunachalam said in the 1901 census that the ‘modern’ approach at that time was to identify ‘aggregations of persons believed or presumed to belong to the same stock and having a common language, character and political institutions.’  But no objective criteria  were devised for this. The answer given by the respondent was accepted by the enumerators in 1981. Denham had said in 1911 that it is inconceivable that any Sinhalese would enter himself as Tamil or vice versa.

In the Census of 1946, the enumerators were offered a list of races and had to slot people into one of them. The enumerators were instructed, ‘ enter the race of each as Low country Sinhala, Kandyan Sinhalese, Ceylon Tamil, Indian Tamil,  Ceylon Moor .Indian Moor, Malay, English, scotch, Irish etc. also state whether Malay, Parsee, Borah. Do not use general terms such as British , Ceylonese. The children were given their fathers’ race.

In 1946, the criteria for deciding if a person was a  Ceylon Tamil ,was ‘racial stock’. Ceylon Tamils are those who can trace their origins to a ‘Tamil district in Ceylon,’  said the Census. A Ceylon Tamil therefore  was a person who traditionally had his origins in a Tamil district. It was ‘stock’ not birthplace that decided.

For language, 1946 census said’ Enter in this cage the language of the race to which the father belongs. For Moor, Burghers, Eurasians the language used in the home.  The census asked for ‘mother tongue.’ But father’s tongue must be stated  for the mother tongue. Enter father’s language in the mother tongue column”, the Census instructed.

The Census asked whether   a person could speak Sinhala or Tamil. There was a separate question for literacy, which asked can they read and write Sinhala or Tamil.  Jennings said the census would have been more useful if it has asked, instead for mother tongue,  for languages spoken, literacy in mother tongue, literacy in other languages. The 1950 Whitepaper quietly dropped mother tongue and substituted the language of the home, noted Jennings.

The 1981 census classified the population into six ethnic groups: ‘Sinhalese, Sri Lanka Tamil, Indian Tamil, Sri Lanka Moor, Burgher, Malay and other.’  The 2012 census added ‘Sri Lanka Chetty’ and ‘Bharatha’ to the list. The ethnic pattern in 2012 was: Sinhalese (15,250,081) Sri Lanka Tamil (2,269,266) Indian Tamil (839,504) Sri Lanka Moor (1,892,638) Burgher (38,293) Malay (44,130) Sri Lanka Chetty (5,595), Bharatha (1,717) Other (18,215).  Total 20,359,439. (Census 2012). 

The Population Census, which is based on the Census Ordinance, has a great deal of authority and influence, observed Tudor Silva. Its statistics are used as the base for many economic activities, such as distribution of state resources.   Its ethnic categories, which are utterly artificial, are accepted as official. This has led to other complications. These artificial ethnic Identities then started to    develop a life   and history of their own   and become fixed.   Now they are claiming land rights and   sovereignty, Tudor concluded. (Continued)

සුද්දගෙ නීතිය අපිට එපා – පලවෙනි කොටස

November 3rd, 2021

 චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.

වයිට් මෑන්ස් බර්ඩන්

ලංකා කොලනියේදී සුද්දාගේ උරචක්‍රමාලය වූයේ පන්සල හා ගැමියා අතරවූ ගහට පොත්ත වැනි බැඳීමය. ඔවුන්ගේ බර්ඩන් එක එය කඩාකප්පල් කරන්නේ කෙසේද යනුය.

‘සුද්දගෙ නීතිය අපිට එපා’ යන්න විශාල අර්ථයක් ඇති කියමනකි. එය බිඳහෙලිය නොහැකි මතවාදයකි. එය පදනම් කරගෙන මෑත ලංකා ඉතිහාස කතාව වුවද ලියන්නට හැකිය. මෙම කියමන නිල වශයෙන් හෝමාගම මැජිස්ට්‍රේට් රංග දිසානායක  මහතාට ඉදිරිපත් කලේ බොදු බල සේනාවේ ගල්බොඩ අත්තේ ඥානසාර හිමිඳුන් විසින්ය. එය, එක රටක්, එක නීතියක් නමැති කාසියේ අනිත් පැත්තය. මේ නිසා එක රටක්  එක නීතියක් සඳහා පත්කල ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ඥානසාර හිමියන් පත්කිරිම දිවයිනේ සිංහල බෞද්ධ ජනයාට ලබාදී ඇති අගනා අවස්ථාවකි, ජයග්‍රහණයකි. 1956 දී අගමැති බණ්ඩාරණායකට සිංහල භාෂාව සම්බන්ධයෙන් ගන්නට සිදුවූවා මෙන්, මෙය 1815 න් පසුව දිගටම වරින් වර මතුවී යටවී ගිය ජාතික ‘නිදහස්’ සටනක ප්‍රතිපලයක් ලෙස, කයිරාටික පක්ෂ දේශපාලක බිස්නස්කාරයෙක් නොවූ ජනාධිපති ගෝඨභයට ප්‍රමාදවී නොව කල්තියාම, රුවන් වැලි මහාසෑය අබියස දීම 2018 දී ගන්නට සිදුව තිබූ තීරණයක් විය. ඔවුන් දෙන්නාම පිළිවෙලින් යුග දෙකක, ජාතික අරගල අවස්ථා දෙකක, වින්නඹුවන් පමණය. 1505 ට කලින් ලංකා ඉතිහාසය පසෙකට තබා, 1798 න් පසු කාලය ගත්තොත්, එය එක් අතකින් රටේ පන්සල් හා අනිත් පැත්තෙන් සුද්දන්-කළුසුද්දන් අතර ඇතිවූ සනාතන අරගලයක කතාන්තරයකි. මේ නිසා මෙම ජාතික රාජ්‍යපාලන කාරිය සඳහා මතවාදී නායකත්වය දීමට සුදුසුම පුද්ගලයා පත්කර ඇත. සියළු සත්වයෝ (මිනිසුන් පමණක් නොව) නිදුක්-නිරෝගී-සුවපත් වේවා යන්න සිංහල බෞද්ධයින්ගේ පුද්ගලික හා පොදු අභිලාශයය. ගස් ගල් වලට පවා කෘතගුණපූර්විකවීම බුදු දහමින් දෙන ආදර්ශයයි.

සිංහල බෞද්ධ අන්තවාදය

මේ දිවයිනේ පැවති සිංහල බෞද්ධ රාජ්‍යය තුල දෙමළ, මුස්ලිම් හෝ හින්දු ඉස්ලාම් භේදයක් නොවීය. සිංහලේ රට තුල දමිල හා මුස්ලිම් ජනයා හා 1551 ට පසුව සිට බිහිවූ ක්‍රිස්තියානි ජනයා සමානයන් සේ ජීවත් විය. සිංහලේ රජු පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් ඝාතනයට ලක් කල ඉස්ලාම් හා කතෝලික සරණාගතයින්ට පිහිට විය. මුහුදුබඩ තීරයෙන් පිටත රට තුල දැන් තිබෙන කතෝලික හා මුස්ලිම් ගම්මාන එහි ප්‍රතිපලයකි. පොලොන්නරුව සමය වනවිට ගවයා සඳකඩ පහණින් ඉවත් කලේ හින්දු භක්තිකයින්ට ගරු කිරීමක් වශයෙනි. 1883 කොටහේන කතෝලික-බෞද්ධ ගැටුම හා 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය හා ජී. ජී. පොන්නම්බලම්ගේ කට කැඩිච්ච කතාවක් නිසා ගම්පොල ඇතිවන්නට ගිය සිංහල-දමිල ගැටුම හැර ලංකා ඉතිහාසයේ,  යුරෝපයේ මෙන් ජාති-ආගම් ගැටුම් සිදුවී නැත. එය 1832 දී ඇරඹුණ කෝල්බෲක් කොමිෂමේ ජාතිවාදී නියෝජන ක්‍රමය තුලින් මතුවූ බෙදා පලනය කිරීමේ න්‍යායයේ නිෂ්පාදනයකි. ත්‍රිපිටකයේ හෝ ධම්මපදයේ හෝ පන්සිය පනස් ජාතක පොතේ හෝ ජාතික වාදයකට මිස ජාති වාදයකට ඉඩක් නැත. බුදු දහමේ කියන්නේ එව බලව මිස, එව අදහව (come and examine, not come and believe) කියා නොවේ. මෙම ලිපිවලදී සිංහල බෞද්ධයින් ගැන සඳහන්  කරන්නේ සුද්දගෙ නීතියෙන් අසාධාරණයක් සිදුවූයේ ඔවුන්ට නිසා මිස සෙසු ජනවර්ග වලට නොවන නිසාය. ධර්මපාලතුමාවත්, සෝම හාමුදුරුවන්වත්, බොදු බල සේනාවවත්, සිංහල බෞද්ධ නොවන අයට වෙනස්කම් කරන්නට යෝජනා කර නැත.

මේ ආකාරයට රටේ ඉතිහාස කතාව දෙස බලන විට, දිවයිනේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට, උරුමයට, හතුරුව, රට කැබලි කිරීමේ ව්‍යාපාරයට දැන හෝ නොදැන මුක්කු ගහන පිරිස්, දේශීය හා විදේශීය බලවේග, ඥානසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලා 2012 මැයි මාසයේ සිටම බෙරිහන්දුන් පිරිස්, වෙඩි වැදුන ඌරන් මෙන් දැඟලීම පුදුමයට කරුණක් නොවේ. මේ වනවිට එම පත්කිරීමට පක්ෂව ලියූ එකම පුද්ගලයා මහාචාර්ය නලින් ද සිල්වා පමණය.  මෙහිලා සෙනාලි වඩුගේ විසින් ලංකාවෙබ් වෙබ් අඩවියට ඔක්තෝබර් 27 දා ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියකින් අසා ඇති ප්‍රශ්ණ එහි සිංහල අනුවාදයක් ලෙස පලකලොත් එය සිංහල බෞද්ධ ජනයාගේ ඇස් අරවනවා නිසැකය LankaWeb – Regime Change & Constitutions – Is Sri Lanka ready? . මෙවැනි පසුබිමක් යටතේ සුද්දගෙ නීතිය අපිට එපා යන මාතෘකාව, නීති විද්‍යාව- භූගෝල විද්‍යාව-බුද්ධාගම යන ත්‍රිකෝණය (ත්‍රිත්වය) තුල  විමසා බැලීම සුදුසු යයි මට සිතේ. මෙම ලිපිය එහි පලවෙනි කොටසය.

එවැනි කාර්ය සාධක බලකායක් (1 ) අනවශ්‍යය (2 ) එයට පත්කර ඇති සාමාජිකයින් හෙවත් එහි සංයුතිය, දෝෂ සහිතය (ව්‍යවස්ථා නීති ව්ශාරදයින්/දමිළයින්/කාන්තාවන් නැත) (3 ) ඥානසාර හිමියන්ට එය භාරදීම නුසුදුසුය යනුවෙන් නඟන අදෝනා, නහයෙන් ඇඬීම් අතරින්, කර්කශ, දුෂ්ට, කුහක, අපහාසාත්මක හා අසාධාරණම  වන්නේ 3 වැන්නය. මෙහිදී අපට වැදගත් හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලීමේ ඇති කෙටි ඉතිහාස කතාව හා එහි අසාධාරණ කමය. වෛරයෙන් අන්දවූ අඳබාල පිරිස් මැද සිටින න්‍යායාචාර්ය පඬිතුමා දයාන් ජයතිලකය. පුදුමය නම් සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි හා නාගානන්ද කොඩිතුවක්කු වැනි අය පවා වලිගේ පාගා ගෙන තිබීමය. විග්නේශ්වරන්, ඒබ්‍රහම් සුමන්තිරන් ශිවාජිලිංගම්, රාවුෆ් හකීම්, ජෙහාන් පෙරේරා, පාකියසෝති, රාසමානික්කම් කොළුවා හෝ අලි සබ්‍රිගේ  ක්ෂණික විලිරුදා තේරුම් ගත හැකිය.

හිත හොඳ ගෑණු

සුද්දන් සමඟ එකතුව අනාගාරික ධර්මපාලතුමාට වටකරගෙන පහරදුන්නේ බෞද්ධ යයි කියාගත් දේශපාලක සිංහල කළු සුද්දන්ය. ඩී. ඇස්. සේනානායක පමණක් නොව ඩී. බී ජයතිලක පවා මෙම පාප කර්මයට හවුල්කාරයෙක් විය. 2003 දෙසැම්බර් 12 දා රුසියාවේදී සැකකටයුතු ලෙස අපවත්වූ සෝම හාමුදුරුවන් විසින් සිංහල බෞද්ධයින්ගේ අභිමානය හා දේශාණුරාගය ගොඩ නැංවීමේ ප්‍රතිපලයක් ලෙස මතුවූ සීහල උරුමය හා ජාතික හෙළ උරුමය ඒවා තුලට රිංගාගත් හතුරන් විසින්ම කඩාකප්පල් කර දමන ලදී. 2009 මැයි 18 දා උතුර හා නැඟෙනහිර නිදහස් කරගැනීමට සිංහල බෞද්ධ ගැමි තරුණ-තරුණියන් දායක වූයේද සෝම හිමියන් ගෙන් ලැබුණු දායාදයේ මහිමයෙනි. එසේ වුවත් යුද ජයග්‍රහණයෙන් සිංහල බෞද්ධයින් බලාපොරොත්තුවූ වෙනස්කම් සිදු නොවීම හේතුවෙන් ඇතිවූ අසහනයට පිළිතුරක් වශයෙන් 2012 මැයි මාසයේදී බොදු බල සේනාව බිහිවිය.

එතෙක් පැවති සිංහල බෞද්ධ සංවිධාන හා බොදු බල සේනාව අතර තිබූ වෙනස නම් එය බෞද්ධ කළුසුද්දන් විසින් ඇතිකල රාමුව/කොටුව නමැති වැට කඩාගෙන යාමය. සිංහල බෞද්ධයින්ට නායකයෙක් නැත යන ඥානසාර මතවාදය සිංහල පක්ෂ දේශපාලකයින් හා අනිකුත් නොයෙක් දේශීය හා විදේශීය ඩොලර් ඒජන්තලාට එල්ලවූ මරු පහරක් විය. මේ නිසා කළු සුද්දන්ගේ එකී නොකී සමස්ත රාජ්‍ය පාලන සංස්ථාවම/සංහතියම ඥානසාර විරෝධී  ව්‍යාපාරයක් දියත් කලේය. ඊට එක් නොවූ එකම ප්‍රසිද්ධ පුද්ගලයාවූයේ ගෝඨාභය රාජපක්ෂ පමණයයි මට සිතේ (මේ යුද්ධය දිණන්න පුළුවන් යයි කී එකම උසස් රාජ්‍ය නිලධාරියා වූයේද ඔහුය).

ධර්මපාලතුමාට සුද්දන් වත් නොකල අන්දමේ දීන කුමන්ත්‍රණ මඩ ව්‍යාපාරයක් හැම මට්ටමෙන්ම ක්‍රියාත්මකවිය. නොර්වේ රටේ ඒජන්ත කෙනෙක් යන මුසාවට මහින්ද රාජපක්ෂ, රජීව විජේසිංහ වැන්නන්ද හවුල් විය. එහි උග්‍රම අවස්ථාව වූයේ ලඟදීම බල සේනාව බලුකූඩුවේ දානවා යයි මිසිස් චන්ද්‍රිකා මුස්ලිම් රස්වීමකදී කල ප්‍රකාශයය. මහ රෑ ඈත කැලෑපාරකදී ඥානසාර හිමියන් අත්ඩංගුවට ගැනීමට පොලිස් බලඇනියක් කල සැලැස්ම මහජනයා මැදිහත්ව වලක්වන ලදී. දේශපාලකයින්, පොලිසිය, බාර් ඇසෝසියේෂන් හා නීතිපති දෙපාර්තමේන්තුව එකතුව ඥානසාර  හාමුදුරුවන් කොටුකර ගත්තේ හෝමාගම මැජිස්ට්‍රේට් හරහාය.

මෙම විස්තරය ලිවිය යුත්තේ උසාවියට අපහාස කර හිරේ ගිය අයෙක් ඉන් පසු ජනාධිපති සමාව ලබා ඇවිත් එක නීතියක් හදන්නේ කෙසේද යනුවෙන් ගොබෙල්ස් න්‍යාය අනුව ගිරවුන් මෙන් ලියන, කියන අයට සත්‍ය කතාව මතක් කර දීමටය. බොරු කාරයින් නිරුවත් කිරීමටය. නඩුකාරයින් යනු ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි පංචස්කන්ධමය. ඔවුන්ගේ නඩුතීන්දු බයිබල් හෝ කෝරාන වාක්‍ය නොවේ. නඩු තීන්දු සද්භාවයෙන් විවේචනය කිරීම ලෝකය පුරාම සිදුවන දෙයකි. එය නීති විද්‍යාවට කරණ සේවයකි. මේ අනුව යමින් ඥානසාර හිමියන්ට රටේ උසාවි ක්‍රමය-නීතිපති දෙපාර්තමේන්තුව කල නීතිවිරෝධී ක්‍රියාවලිය මා විසින් විග්‍රහ කර එය ලංකාවේ සුප්‍රිම් උසාවියට, ඇපැල් උසාවියට, නීතිපතිට, බාර් ඇසොසියෙෂන් එකට, කොළඹ  නීති පීඨයට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට හා වෙනත් බොහෝ අයට ඊමේල් මඟින් යවන ලදී.

2019 ජනවාරි 22 ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවූ එම වාර්තා ලිපියට ලින්ක් එක පහතින් ඇත.

LankaWeb – Six lawyers and a monk: importance of impotence

 එහි විස්තර කර ඇති අන්දමට මෙම ඥානසාර නඩුව හා නඩු තීන්දුව මුළු ලෝකයේම නිග්‍රහයට පාත්‍ර විය යුතු අධිකරණ විකෘතියක් යයි මම සිතමි (වාර්තාවට අමුණා ඇති විඩියෝ කොටස් අසා බලන්න).  එය හුදෙක් නීතීඥයින් හය දෙනෙක් හා සුප්‍රීම් උසාවියේ දෙන්නෙක් එකතුව, ඥානසාර නම් පංචස්කන්ධයට කල හානියක් නොව, සිංහල බෞද්ධ ජනයාගේ සර්වාධිපත්‍යය කොල්ලකා ගැනීමක් වන්නේය. මුළු නඩුවම බොරුව මත ගොඩ නැඟුණකි. ස්වාභාවික යුක්ති ධර්මය යන රීතිය අමු අමුවේ ගිල දැමීමකි. එක උදාහරණයක් පමණක් මෙසේය. රට බේරාදුන් සිංහල රණවිරුවන් වෙනුවෙන් සාධාරණ ලෙස මැදිහත්වූ හාමුදුරුනමකට  බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬුවමක් දුන් විට ඊට විරුද්ධව සුප්‍රීම් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සුප්‍රිම් උසාවියට ආයාචනයක් ගොනුකරණ ලදී. එහි නඩුකාරයින් තුන් දෙනාගෙන් දෙන්නෙක් එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කලේය. ඒ දෙන්නාගෙන් එක් අයෙක් තමන් බාර් ඇසෝසියේෂන් එකේ සිටියදී ඥානාසාර හිමියන්ට හා බොදු බල සේනාවට විරුද්ධව බලවත් ලෙස ක්‍රියාකල අයෙක් විය. මොහු එම ආයාචනය ඇසීමෙන් ස්වකැමැත්තෙන්ම ඉවත් විය යුතුව තිබුණි. එසේ නැත්නම් ඥානසාර හිමියන්ගේ නීතීඥයා එය පෙන්වා දිය යුතුව තිබුණි. ලංකාවේ නීතීඥයෝ නඩුකාරයින්ට බය බව  රටම දනී.

කොසොල් රජතුමා දුටු සීන දාසැය

සිංහල බෞද්ධ විරෝධී පිරිසගේ අමන්දානන්දයට හේතුවූ මෙම විකෘති අධිකරණ තීන්දුව, ලඟදීම අපි බල සේනාව බලු කූඩුවේ දානවා යන මිසිස් චන්ද්‍රිකාගේ ප්‍රකාශයට අනුකූල විය. මෙම විකෘති පිරිසගේ හැසිරීම් රටාව උසාවියට පරිබාහිර යම් කාරණාවලින් සක්සුදක්සේ තහවුරුවේ. පසුකාලයක රන්ජන් රාමනායක නම් අන්දමන්දවූ පුද්ගලයා කලා මෙන් ඥානසාර හිමියන් තමන්ට සමාව දෙන ලෙස කාටවත් බැගෑපත්වූයේ නැත. තමන් ජාතිය වෙනුවෙන් කරණ ක්‍රියා වරදවල් ලෙස උන්වහන්සේ සළකන්නේ නැත. ඒවා සුද්දගෙ නීතිය යටතේවත් වැරදි නොවේ. එසේ නැතිනම් නම් ධර්මපාලතුමා සිටිය යුතුව තිබුණේ මහජනයා අතර දේශනා දෙමින් නොව හිරගෙදරය. හාමුදුරුවන් නිදහස් කරණ ලෙස ඉල්ලා සිටියේ අසාද් සාලි, හිස්බුල්ලා, (හකීම්?) යන අයත් රවි කරුණානායකත්ය. ඒ පාස්කු ප්‍රහාරයට පසුව හාමුදුරුවන් තවදුරටත් හිරේ තබන්නට හැකි ආත්ම ශක්තියක්, රනිල්ට, චන්ද්‍රිකාට හෝ මෛත්‍රීපාලට නොතිබුණු නිසාය.

ඊට කලින් හාමුදුරුවන් නිදහස් කරන්නට එපාය යන පෙත්සමට මුලින්ම අත්සන් කලේ රනිල්ගේ බිරිඳ මෛත්‍රීය! මාක්ස්වාදය, ඉස්ලාම්, ක්‍රිස්තියානි ලබ්ධි වලින්  කරන්නේ අනුගාමිකයින් බිහිකිරිම මිස එව බලව යන ස්වාධීන, විචක්ෂණ මනසක් වර්ධනය කිරීම නොවේ. බුද්ධාගමට පහරදීමේ ව්‍යාපාරයෙන් හදන්නේ එවැනි පඹයින්, රොබාට්ලා, එහෙයියන් ගෙන් පිරි රටක් කරා හෙමින් හෙමින් මිනිසුන් දක්කාගෙන යාමය. එසේ නැත්නම් ලෝකයේ ප්‍රථම වරට තමන්ගේ රටට විරුද්ධ යෝජනාවට පක්ෂවු මංගල සමරවීර මියගියවිට ඔහුට ස්ත්‍රෝත්‍ර ගයන්නේ කවුද? සුනිල් පෙරේරා කරේ තියාගන්නේ කවුද? මේවාට කියන්නේ කොසොල් රජතුමාගේ හීන සැබෑවෙනවා කියාය.

ජනාධිපති ප්‍රේමදාස මියගිය විට රතිංඥා පත්තුකල පිරිස දැන් පුතානෝ පිටුපසින් යමින් සිටී. සජිත්ට අනුව රංජන්ට සමාව දීමට අවශ්‍ය ඔහු හිරේ සිට උපාධියකට පාඩම් කරන නිසාය! රන්ජන් රාමනායකට සමාව දෙන ලෙස කියන අය ඔහුට දුන් අවුරුදු 4 සිර දඬුවම අසාධාරණ හා මානව අයිතිය කඩකිරීමකැයි කියමින් නීතිය වෙනස් කිරීමට හෝ අළුත් නීතියක් ගේන්නට කියයි. උසාවි තීන්දුව දුන් පසුව උසාවි භූමියේ සිටම මුන් හොරු යයි වහසිබස් දෙඩවූ රංජන් වෙනුවෙන් ඉදිරිපත්වූ පිරිස්, ඥානසාර හිමියන්ට අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් දීම ගැන නිහඬව සිටියේ හාමුදුරුවන්ගෙන් පිළිඹිඹුවන සිංහල බෞද්ධ උරුමයට ඔවුන්ගේ ඇති දැඩි, දුෂ්ට වෛරය නිසාද? පොසොන් කියන්නේ ලංකාවට එල්ලවූ පලවෙනි ආක්‍රමණය යයි කිව හැක්කේ සටන් විරාම ගිවිසුමකින් රට පාවාදුන්, රට කැබලිකිරීමට සූදානම් අයෙකුට පමණය. රනිල්, රාජිත, අනුර කුමාරලාගේ හා උලමා සභාවේ ඩබල්ගේම් රටට එළිකලේ ඥානසාර හාමුදුරුවෝය. නිලධාරීන් රට කොට උඩ යවන්නට සදන බව නිර්භයවම කියන්නේද උන්වහන්සේ පමණය.

කතෝලික රදගුරු සමුළුව, දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ හා, සිංහල-දෙමළ ක්‍රිස්තියානි හා මාක්ස්වාදී පංචස්කන්ධ වනාහි මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බෑ කියූ පිරිස්ය. ඥානසාර හිමියන් දඩමීමා කරගෙන ඔවුන් නඟන   චෝදනාවලට  වලට යටින් ඇත්තේද 1815 න් පසු ක්‍රියාත්මකවූ සිංහලයගේ රට කැබලිකිරීමේ න්‍යායපත්‍රය මය. මුලතිව් ගුරුකන්ද විහාරයේ ආදාහන ප්‍රශ්ණයේදී මුළු රටේම හාමුදුරුවරු අසරණවී තුෂ්ණිම්භූතව සිටියදී එයට මැදිහත්ව, දැන් සුද්දගෙ නීතිය යටතේ චූදිතයෙක් වී සිටින්නේද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු ඥානසාර හිමියන්මය. තමන්ට භාරදුන් රාජකාරිය හාමුදුරුවන් විසින් කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා… ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.

November 3rd, 2021

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත්

බඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න  වෙලා. දැන්  භූමිතෙල් පෝලිමකුත් තියෙනවා. ඒ වගේම පාලන මිල පාලනයෙන් ගිලිහිලා. හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා. ආණ්ඩුවත්  පාලනයෙන් අයින්  වෙලා ඉන්නේ. මේ නිසා රටේ ජනතාව බරපතළ අර්බුද රැසක ගිළිලා.
විශේෂයෙන් සිමෙන්ති  හිඟ  වීමත්  එක්ක  අපේ රටේ ශ්‍රම බළකායෙන් 7%-10%ත් අතර පිරිසකට රැකියා අහිමිවෙලා. මේ නිසා මේසන් බාසුන්නැහේට වගේම අත් උදව්කරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී අසරණභාවයට පත්වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට තනි තනියෙන් මහ පාරේ උද්ඝෝෂණය කරන්න සිදුවෙලා. දරු පවුල් රකින්න  කිසිම මාර්ගයක් නැහැ. බොහෝ තැන්වල  සිමෙන්ති කොට්ටයක් දෙන්නේ වැලි, ගඩොල් ගත්තොත් විතරයි. එහෙම තියෙද්දිත් එකක් රු. 1500-1600 අතර වෙනවා. අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙලා. රු. 95,000ට තිබුණු යකඩ කම්බි  ටොන් එක රු. 210,000 දක්වා වැඩිවෙලා. රු. 2ට තිබුණු කොන්ක්‍රිට් ඇනය දැන් රු. 5යි. යම්කිසි ඇස්තමේන්තුවක් කරලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන්නේ කොහොමද? ඉදිකිරීම් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තෙන්ම මිල වැඩිවෙලා; අර්බුදයට ලක්වෙලා.

ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුප්‍රකට ජාවාරමක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් මාස 3කදී රු. කෝටි 1500ක් රජයට අහිමි වුණා. මේ තාක් සීනි ගෙන්වන්නේ ශත 25 බද්දට. මේ නිසා අද වෙනකොට රජයට වුණු පාඩුව රු. කෝටි 6,000ක් විතර වෙනවා. ආණ්ඩුව පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නවලට ජනතාව උත්තර ගන්නේ කාගෙන්ද? හැමදේම අයාලේ යන තත්වයට පත්වෙලා තියෙන්නේ. සිමෙන්ති  ආනයනකරුවන්ගෙන් 10%ක කොමිස් ඉල්ලන බව කවුරුත් දන්නවා. සමහර ඇමතිවරුන් විවෘතවම ආනයනකරුවන්ට කතා කරනවා. එක පැත්තකින් ඩොලර් අර්බුදය තිබෙන අතර අනෙක් පැත්තෙන් 10%ක කොමිස් දුන්නම තවත් මිල ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාමට ආණ්ඩුව විසින් ඇතිකළ ඩොලර් අර්බුදයත් කොමිස් අය කිරීමත් හේතුවී තිබෙනවා. මේ රට මේ තත්වය තුළ ආර්ථික වශයෙන් මහා  අර්බුදයකට ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව තිබුණු 4.8%ක උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ 7.6% දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්වය පාලනය කරන්න  මොළ හතේ විකෘති මිනිසාට හැකිවුණේ නැහැ.

මේ අතර ගොවි ජනතාව පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැති ප්‍රශ්නයට මුහුණදීලා. ආණ්ඩුවේ ඔළමොට්ටල තීරණ නිසා මුළු රටේම ගොවි ජනතාව මහ පාරට ඇවිත් සිටටිනවා. කෘෂි නිෂ්පාදන කඩාවැටිලා දැවැන්ත සාගතයක ලකුණු පහළ  වී තිබෙනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් නොවුණු බව අගමැතිවරයා සංවත්සරයේදී කිවුවා. අද වුණත් ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. අර්වීනියා හා බැසිලස් කියන බැක්ටීරියා අඩංගු හානිකර කුණු කන්දක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කළ නිසා මහජන බැංකුවට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නැව ලංකාවේ මුහුදු සීමාවේ නැංගුරම් ලා තියෙනවා. නමුත් ඇමතිවරු කියන්නේ රේඩාර් පද්ධතියට පෙන්වන්නේ නැහැ කියලයි. අපේ රටේ ජාතික ආරක්‍ෂාව කෝ? බලහත්කාරයෙන් ඇවිත් තියෙන නැවට කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මහජන බැංකුවට මේ වෙනුවෙන් ඩොලර් මිලියන 09ක් ගෙවන්න සිදුවෙනවා. ඒ කියන්නේ රු. කෝටි 210ක්. මහජන බැංකුවේ  සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් ගෙවන්න සිදුවෙනවා. මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. යූ.සී.ටී. 600 කියන ජාත්‍යන්තර නීතියට Uniform Custom and taxes) අනුව මේ සල්ලි ගෙවන්න  බැඳිලා ඉන්නවා. මේක රාජ්‍යයන් දෙක අතර ගනුදෙනුවක් නොවන බව ජයසුන්දර මහත්තයා කියනවා. එහෙම නම් මොකටද තානාපති කාර්යාලය නිවේදන නිකුත් කරන්නේ? ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයයි, රාජ්‍ය ඇමතිවරයයි තානාපති කාර්යාලයට ගිහින් කරුණු පැහැදිලි කරන්නේ ඇයි? ඒ වගේම මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට නිවේදනයකින් දැනුම් දෙන්නේ ඇයි?

චීනයේ කුණු පොහොර ගෙන ඒමට අපේ නිරෝධායන ඒකකයෙන් බාධා එනකොට ආණ්ඩුව ඊළඟට ගත්ත ඔළමොට්ටල තීන්දුව ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වන එකයි. පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ විවෘත කර හදිසියේම කෝටි 29ක් දැම්මා. පහුගිය සිකුරාදා ඒ ගිණුම වහලා මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා ඒ හරහා ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවනවා. කොමර්ෂල් පොහොර සමාගම එක්ක ඉන්දියාවේ සමාගම අත්සන් කරන ගිවිසුමක් අනුව මේ පොහොර ගේන බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා. නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්‍ෂ 21ක් ඉන්දියාවෙන් ගෙන්වන්න ඩොලර් 529,125,00ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රු කෝටි 1200ක් මේ වෙනුවෙන් වියදම් දරනවා. මේ සා විශාල මුදලක් අහිමි  කර ගැනීමේ ගනුදෙනුව පිටුපස අයථා මූල්‍ය ගනුදෙනු සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික ගැටලුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනයත් ඉන්දියාවත් අතර බල අරගලය හමුවේ මේ රටවල් දෙකෙන් එකක් සමග කරන ආනයනයේදී චීනයේ පොහොර නැවැත්වීමෙන් චීනය රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් අපිට එල්ල කළා. තාම ඒ තර්ජනය අවසන් වුණේ නැහැ. එහෙම තියෙද්දී ඉන්දියාවෙන් පොහොර ආනයනයේදී සිදුවන බලපෑම ආණ්ඩුවට තේරෙන්න ඕනෑ. වැරදි තීන්දු නිසා ඇතිකරගන්න මේ තත්වයන් නිසා විශාල අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ අපේ රටේ ණය  ගෙවීමේ හැකියාව තවත් පහත දැමීමට මූඩීස් ආයතනය ක්‍රියාකර තිබෙනවා.
රටේ හැම තැනම බඩුමිල පිළිබඳ, වැටුප් පිළිබඳ සහ පොහොර ඇතුළු අනෙකුත් ප්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණ තිබෙනවා. ඒ වගේම ජාතික සම්පත් විකිණීමට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති විරෝධතා දියත් කර තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සියල්ල යට ගහන්න ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න යට ගහන්න සුපුරුදු පරිදි කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනාවන් ඉස්සරහට ගෙනත් තිබෙනවා. 2019 සිදුකළ කුමන්ත්‍රණකාරී දේශපාලනය නැවත වටයකින් කරළියට ගේන්න කටයුතු කර තිබෙනවා. හිටි හැටියේ  එක  රටක්, එක නීතියක් හදන කාර්යසාධක  බළකායක් පිහිටුවන්නේ මේ නිසා. මේ පාලකයන්ගේ වැරදි ක්‍රමවේද නිසා පොඩි මිනිසාට එක නීතියකුත් බල පුළුවන්කාරයාට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. ජාති, ආගම්, කුල භේද අනුව තව පැත්තකින් වෙනස් විදිහට සලකනවා. නීතියේ ආධිපත්‍යය බිඳවැටෙමින් පවතිනවා. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරයක්.

රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 58 දෙනෙකු වෙත පත්වීම්

November 3rd, 2021

තිසර සමල් – එප්පාවල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 58 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරමින්ය.පළමු අදියර යටතේ පත්වීම් 59 ක් ප්‍රදානය කෙරුණු අතර, මීට පෙර පළමු අදියර යටතේ දුමින්ද දිසානායක මහතා විසින් පත්වීම් 298 ක් ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

සමහර මෙතන ඉන්න අය මට මනාප දීලත් නැතිව ඇති, මාව දන්නෙත් නැතිව ඇති මේ ගෙදරට කලින් ඇවිල්ලත් නැතිව ඇති, පළමු වැනි වතාවට වෙන්න ඇති මේ ගෙදරට එන්න ඇති.මාව අදුරගෙන, මට වැඩකරලා, පෝස්ටර් ගහලා නෙමෙයි ඔය අය ආවේ.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ අපි වැඩ කරපු ක්‍රමයට, විශේෂයෙන්ම මගේ පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 07 ත් එක්කම වැඩ කරා, අපි ආසන 07ම අපේ කියලා හිතුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනා එකම කණ්ඩායමක්, එකම පවුලක් කියලා අපි හිතුවේ.

මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ, අවශ්‍යතාවක් තියෙනවා නම්.හැබැයි නෑ කියලත් තරහක් නෑ,අපි මේ ප්‍රථිඋපකාරයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.අපිව පත් කරපු ඔබතුමන්ලා වෙනුවෙන් අපෙන් විය යුතු සේවාවක් විදිහට තමයි මේ රැකියාව ඔබතුමන්ලාට ලබා දීලා තියෙන්නේ.

මේ රැකියාව ලැබිලා යන තැන් එක්ක ප්‍රශ්න ඇති, ඒ්කට අපිත් එක්ක අමනාප වෙන්න එපා කියලා ඉල්ලනවා.ආණ්ඩුවේ රස්සාවක් කියන කොට අපි හැමෝම හිතන්නේ, කාර්යාලයක රැකියාවක්, මේසයක් – පුටුවක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ, හැබැයි අපිට අවශ්‍යතාව තිබුනේ රටේ තියෙන යම් යම් තනතුරු වලට බදවා ගන්නා කට්ටිය ඒ රැකියාවට ගත්තාම, ඒ අය බඳවා ගන්නා රැකියාවට අදාළ  රාජකාරිය නෙමෙයි කරන්නේ වෙනත් රාජකාරියක් තමයි කරන්නේ.ඒ නිසා යම් රාජකාරී ප්‍රමාණයක් තියෙනවා පුරප්පාඩු වුණ, ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ සුදුසුකම් වලට ලැබුණ මේ රැකියාව, කවමදාවත් ආණ්ඩුවේ රැකියාවක් නොලැබෙන අවස්ථාවක තමයි ඔබතුමාලාගේ සුදුසුකම් වලට මේ රැකියාව ලැබිලා තියෙන්නේ.ඒ නිසා යන තැන හිත සතුටින් රාජකාරී කරන්න,ඔබතුමන්ලා මේ ආරම්භ කරන රජයේ රැකියාව ඉදිරියේදී ක්‍රමවේදයන් එයි ඔබතුමන්ලාගේ සුදුසුකම් හදාගත්තාම ඉහලට යන්න.ඒ නිසා යන තැන හිත සතුටින් වැඩ කරන්න.

එහෙම නැත්නම් ආණ්ඩුවේ රස්සාවකුත් ලැබිලා අපිට වැඩ කරන්න ලැබුනේ අහවල් තැන, මේක මොකටද අපට කියන චෝදනාව, හෝ විවේචනය කරන්න එපා.අපි හැමෝම මේ දෙන දෙයින්, ලැබෙන දෙයින් සතුටු වුණොත් තමයි අපිට ඉදිරි ගමනක් හදා ගන්න පුලුවන්කම තියෙන්නේ.

මේ ලැබෙන පත්වීම හිත සතුටින් භාර ගෙන, මේ ලැබෙන රැකියාවත් එක්ක තමන්ගේ ජීවිතය ජය ගන්න.තමන්ගේ පවුලට, දෙමාපියන්ට සලකලා ආදර්ශමත් පවුලක් විදිහට ඉදලා , රටටත් වැඩදායි පුද්ගලයකු ලෙස තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද, මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍ය  සරත් ඉලංගසිංහ, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, හිටපු ප්‍රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායකවරුන් වන හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන හා හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි,කැකිරාව ආසන සංවිධායක නීතීඥ රවීන්ද්‍ර දිසානායක, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඥානතිලක යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ. 

අධිකරණ තීන්දුවට අභියෝග කරමින්, මතභේදයට තුඩු දුන් කඩොලාන දූපතේ පස් ඉවත් කිරීම නිමල් ලන්සා විසින් වලකයි.

November 3rd, 2021

ජයන්ත විජේසිංහ වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

ඔක්සිජන් කන්නදැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසාවන නිලධාරිනී දේවානි මහත්මියගෙන් ප්‍රෂ්ණ කල සනත් නිෂාන්ත මන්ත්‍රීවරයාගේ මූලිකත්වය ගත්, මතභේදයට තුඩුදුන් මීගමුව රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) නමැති කඩොලාන දූපත කලක් තිස්සේ අනවසරයෙන් කඩොලාන කපා පස් පුරවා තිබුනු අතර එය සංරක්ෂණයට මූලිකත්වය ගත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට දිගින් දිගටම දේශපාලනික වශයෙන් බාදා කරණ ලදී.

පළමුව සනත් නිෂාන්ත මන්ත්‍රීවරයා ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේදී මෙම ඉඩම පිට්ටනියකට ලබා දෙන ලෙස බල කල අතර එහිදි දේශපාලන හෙන්චයියන් කීප දෙනෙකු විසින් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසාවන නිලධාරීනිය අපහසුතාවයට පත්කිරීමත් ඔක්සිජන් වලට වඩා තමන්ට සෙල්ලම් පිට්ටනියක් අත්‍යාවශ බව සඳහන් කල අතර අනවසර සහ නීතිවිරෝදී ලෙස පස් පුරවා ගොඩ කරන ලද එම දූපත සංරක්ෂණයට මූලිකත්වය ගත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව දේශපාලනික වශයෙන් බල පෑමකට ලක් කිරීම දිගින් දිගටම සිදුවෙමන් පැවතුනි. කෙසේ නමත් පසුකාලීනව සනත් නිෂාන්ත මන්ත්‍රීවරයා එම ගැටලුවෙන් ඉවත්වූ අතර ඔහු ඒ සම්බන්ධව මැදිහත්වීමක් නොකල අතර අදාල දූපතෙහි පස් ඉවත්කිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් පවා ලබාගෙන ඇත.

මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ දූපත් විශාල ප්‍රමාණයක්ද කඩොලාන ප්‍රදේශ විශාල ප්‍රමාණයක්ද තවමත් ඉතිරිව පවති. ශ්‍රී ලංකාවේ කඩොලාන එක් ගසක් හෝ නොකැපීමේ ජාතික ප්‍රතිපත්තියක් පවතින අතර ශ්‍රී ලංකාව කඩොලාන ආරක්ෂා කිරීම තිරසර සංවර්ධන ඉලක්ක යටතේ ලෝකයට, එක්සත් ජාතීන්ට ලබා දී ඇති පොරොන්දු අතර එක් පොරොන්දුවක්ද වේ.

වර්ථමානයේදී  ජනාධිපතිවරයා ග්ලාස්කෝ හීදි  එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සමුලුවට සහභගී වී සිටින අතර ලංකාව පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව එහිදී ප්‍රකාෂයට පත් කිරීමට නියමිත වන  අතර පරිසර අමාත්‍යාංශය විසින්  සකස්කල නවතම වාර්තාව ප්‍රකාරවත් කඩොලාන ආරක්ෂා කිරීමේ වැදගත් කමක් ඒ සඳහා වන ජාතික නැඹුරුවත් සම්බන්දව දැඩිලෙස කරුණු දක්වා ඇත.කෙසේ නමුත් එවැනි තත්වයක් තිබියදී අධිකරණ නියෝගයක් පවා ඇති අනවසර ලෙස කඩොලාන කපා පස්පුරවා ඇති රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) යන දූපතේ පස් ඉවත්කිරීමේ ක්‍රියාවලියට දිගින් දිගටම නිමල් ලන්සාගේ නායකත්වයෙන් යුත් දේශපාලන හෙන්චයියන් විසින් බාදා එල්ල කරන බවට කරුණු වාර්තා වේ.

මෙම පස් ඉවත්කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මීගමුව පොලිසියද අසමත් වී ඇති අතර ඒ සම්බන්ධවද මේ වන විටත් දැඩි කතාබහකට ලක්වී ඇත්තාසේම  පොලිසියේ සහයෝගය නොලැබීම නිසාවෙන් පරිසර සංවිධාන විසින් පොලිස්පති තුමාට ලිඛිතව පැමිණිලි කර ඇති බවට වාර්තා වේ. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුව ක්‍රයාත්මක කිරීම සඳහා ධීවර අමාත්‍යංශය විසින් කලපු සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ අදාල කාර්ය කිරීමට අවස්ථා තුනකට වැඩි ගණනකදී කටයුතු කල අතර ඒ සඳහා ප්‍රදේශයේ දේශපාලන හෙන්චයියන් උසිගන්වා පස් ඉවත් කිරීමේ කටයුතු අඩපණ කිරීමට නිමල් ලන්සාගේ නායකත්වයෙන් යුතුව කුමන්ත්‍රණ සිදුවන බවට වාර්තා වේ. එසේම පස් ඉවත්කිරිමේ ක්‍රියාවලිය සඳහා දිගින් දිගටම පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත් පොලිසිය ප්‍රමාණවත් ආරක්ෂාවක් හෝ සහයෝගයක් ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැත.

එසේම වන සංරක්ෂණ නිලධාරීන් අදාල ක්‍රියාවලිය නිරීක්ෂණයට යන අවස්තාවන් වලදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමත්, ඔවුන්ට පහර දීමට උත්සහ කිරීමත්, වාහන හරස්කිරීමත් වැනි කාර්යන් විශාල ප්‍රමාණයක් වාර්ථා වී ඇත. ඒ සම්බන්ධව මීගමුව පොලීසියට පැමිණිලි කර ඇතත් මීගමුව පොලීසිය විසින් මෙතෙක් අදාල වැරදිකරුවන් විසින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට වාර්ථා වේ. එමනිසා මීගමුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව පොලිස් අමාත්‍යවරයා වෙත මේ වන විට කරුණු වාර්තා කර ඇති බවට වාර්තා වන අතර ඉදිරියේදි මේ සම්බන්ධව අදිකරණයටද කරුණු දැක්වීමට පාර්ෂව කීපයක් සූදානම්ව පසුවන බවට වාර්තා වේ.

මෙසේ වෙරල සංරක්ෂණ කලාප වල සහ සමුද්‍රීය ආරක්ෂණ ප්‍රදේශ වල මෙන්ම පොදුවේ පිහිටි කඩොලාන ශාක සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතින් දැඩි ආරක්ෂාවක් ලබා දී ඇතත් මෙම කඩොලාන දූපතේ කඩොලාන කැපූ අයට එරෙහිව සහ කපා පස් පුරවන අයට එරෙහිව කටයුතු කිරීමට තබා එසේ කර ඇති හානිය රජයේ මුදලින් ප්‍රතිස්ථාපනය කිරීමට යන අවස්ථාවේදී පවා මෙසේ බාදා කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලනඥයෙකු වන නිමල් ලන්සාගේ මෙම මැදිහත්වීම ඉතා ගැටළුවක් බවට පත්ව ඇත.

එසේම ඔහු විසින් මෙය දඩමීමා කරගනිමින් මෙම කාර්ය වැලක්වීම සඳහා දිසාවන නිලධාරීනියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලදී සහ ප්‍රාදේශීය සමිබන්ධීකරණ කමිටු වලදී ඉතා අප්‍රසන්න ආකාරයට පරිබව කරණ ආකාරය අවස්ථා කීපයකදීම ප්‍රධාන ධාරවේ මාධ්‍ය වලින්ද දැක ගැනීමට හැකි විය. එසේම නෛතිකව සහ ප්‍රතිපත්තිමය වශයෙන් ආරක්ෂාවක් ලැබී ඇති සහ පොදුවේ රැකගත යුතු වෙරල කලාප වල සහ පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති සුවිශේෂී දූපත්වල කඩොලාන රැක ගැනීම සඳහා කටයුතු කල යුතු අවදියක සහ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ශ්‍රි ලංකාව ලබා දී ඇති පොරොන්දුව සහ කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දී ඇති තීන්දු සහ වර්තමානයේදී තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධ සමුළුව පවතින අවස්ථාවන් වලදී මෙසේ පොදුවේ රටතුල ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට නිමල් ලන්සා වැනි දේශපාලඥයිගේ මැදිහත් වීමෙන් සිදුවන හානිය සළුපටු නොවේ. එසේම එය රජය බලවත් ලෙස අප්‍රසාදයට පත්වන සහ අදිකරණ තීන්දුවක් ලබා දී ඇති  අවස්ථාවක මෙසේ කටයුතු කිරීම අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කිරීමකි.

එසේම නඩු තීන්දු වලට පයින් ගසා තම හෙන්චයියන් භාවිතා කරමින් දීවර අමාත්‍යංශයට සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බලපෑම් එල්ල කරමින් මෙම ක්‍රියාවලිය අඩපණ කරන සහ මෙම ක්‍රියාවලිය නැවැත්වීමට දිගින් දිගටම කටයුතු කරන නිමල් ලන්සා ඇමතිවරයා අධිකරණ අමාත්‍යංශය සහ පොදු යුක්තියට එරෙහිවද කටයුතු කරන අතර ඔහුට ගරු අදිකරණයට අපහස කිරීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  0777771348 (ජයන්ත විජේසිංහ) ඇමතීමෙන් ලබාගත හැක.

ජයන්ත විජේසිංහ

කැඳවුම්කරු

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

උත්තම මාතා ගුණ සමරු පූජා -2021 අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

November 3rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී අද (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රුවන් පතිරණ මහතා විසින් පස්වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම උත්තම මාතා ගුණ සමරු පූජා උත්සවයේ මුලසුනට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ වැඩම කර සිටියහ.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර මහත්වරු ද මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූහ.

දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකි යැයි ගුණ සමරු දෙසුම ආරම්භයේ දී ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පෙන්වා දුන්නේය.  

දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ගැන මම පෞද්ගලිකව දන්නෙ නැහැ. නමුත් එතුමියගේ දරුවන්ගේ දේශපාලන භුමිකාව ගැන මට යමක් විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි. අපි ගහක කොළයෙන් ගස අඳුනගන්නවා. දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකියි. ඕනෑම මනුස්සයකුගේ පළමු පාසල නැතිනම්  පළමු  ගුරුවරයා ඔහුගේ හෝ ඇයගේ මවයි.

දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය දුර්ලභ සුවිශේෂි කාන්තා චරිතයක් ලෙස අපට නිගමනය කරන්න පුළුවන්. එතුමියගේ සැමියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා අපේ රටේ නිදහසින් පසු දේශපාලන සමාජ පෙරළියක් විප්ලවයක් සටහන් කළ 1956 යුග පරිවර්තනයට දායක වූ නියමුවෙක්.

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, දෙවරක් ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබූ වත්මන් අග්‍රාමාත්‍යතුමා මෙන්ම වත්මන් ජනාධිපතිතුමාගේ මව ලෙස ඇය ඉතිහාසයට එක්වෙනවා. එතුමිය අපේ රටට දායාද කළ දරුවන් අපේ රටේ ස්වාධීනත්වයට, සමාජ සාමයට, ස්ථාවරත්වයට කළ මෙහෙවර විශිෂ්ටයි.

2015 සිදුවුණ වරද යළි සිදු වුවහොත් මේ රට යටත් විජිතයක් වීම වළක්වන්න බැහැ. එතුමිය රටට දායද කළ දරුවන්ට කළ හැකි ලොකුම උපකාරය මේ ගමන ස්ථිරව ගමන් කිරීමට අප සහය වීම යැයි” මොහාන් සමරනායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර, ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රුවන් පතිරණ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, පැල්වත්ත සීනි කම්හලේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Agriculture Minister ready to purchase organic paddy at Rs 100 (Video)

November 3rd, 2021

Courtesy Hiru News

Agriculture Minister Mahindananda Aluthgamage stated that the government is ready to purchase a kilo of paddy from organic farmers at Rs. 100 each.

Meanwhile, farmers in some parts of the country have organized protests demanding fertilizer in the wake of the commencement of their cultivation activities in anticipation of fertilizer.

A member of the Samagi Jana Balawegaya staged a protest in front of the Hanguranketha Pradeshiya Sabha against the fertilizer crisis and the increase in commodities.

Meanwhile, representatives of several bhikku organizations met Agriculture Minister Mahindananda Aluthgamage at the Ministry of Agriculture this morning to inquire about the fertilizer issue.

General Secretary of the New Sinhala Ravaya Organization Ven. Magalkande Sudaththa Thera, General Secretary of the Ravana Balaya Organization Ven. Ittekande Saddhatissa Thera and General Secretary of the Sinhala Organization Ven. Madille Pannaloka Thera and several others were present at the occasion. Later the delegation also met State Minister Shashindra Rajapaksa.

Meanwhile, the second consignment of nano nitrogen liquid fertilizer to be imported to Sri Lanka is to be brought to the island by air today.

ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්…

November 3rd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

යුගදනවි ගිවිසුම හා මෙරටට LNG සැපයුමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සූදානම් බව දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුර මේ බව කියා සිටියේය.

තම වෘත්තිය සන්ධානය විසින් අදාළ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවත් එහි සාක්ෂිකරුවන් ලෙස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිවරුන් කැඳවීමට ඉල්ලා ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර අමාත්‍ය විහල් වීරවංශ මහතා මෑතකදී කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී LNG ඒකාධිකාරය ඇමරිකාවට පැවරීමට විරුද්ධව දැඩි විරෝධය පළ කරමින් අදහස් පළ කළේය

‘නයිට්‍රො රජා’ ගෙන්වා කෝටි 800ක වංචාවක්.. ඉන්දියාවේ බෝතලේ රුපියල් 240යි..

November 3rd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටී.

නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව දැනට මෙරටට ගෙන්වා ඇති සම්පූර්ණ තොගයට ගෙවා ඇත්තේ ඩොලර් තුන් ලක්ෂ අසූ හත් දහසක් පමණක් බවත් ඉතුරු සියලු මුදල් වංචා කර ඇති බවටත් ඔහු චෝදනා කළේය.

මෙසේ වංචා කර ඇති මුදල ආසන්න වශයෙන් කෝටි 800 ක් බවත් ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

November 3rd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය බවද කියවේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේය. ජී. එල්. හා කොළඹ ගේ ගැටුම කරළියට පැමිණ ඇත්තේ මීට දවස් දෙක තුනකට පෙරය. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට යාමට පෙර ඒ වැඩ කටයුතු සූදානම් කිරීමට ජී. එල්. ලන්ඩන් නුවර බල පිටත් වී ඇත. ජී. එල්. මෙම ගමනට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ අයෙක් වූ ගම්ලත් නැමැත්තකුද සහභාගී කරගෙන ඇත.

නමුත් ලන්ඩන් සිට ස්කොට්ලන්තය බලා යන කණ්ඩායමෙන් ගම්ලත්ගේ නම ඉවත් කර ඇත. ඇමැතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කෙනෙක් රැගෙන යාමට දෙන්න බෑ කියා අද්මිරාල් දුන් නියෝගයකට අනුව ගම්ලත්ගේ නම කැපී ඇති බව කියවේ.

නමුත් ඇමැති ජි .එල්. ගම්ලත්ව ස්කොට්ලන්තය බලා රැගෙන ගොස් ඇත. ‘‘අඩුම ගානේ වයස ගැනවත් හිතන්න තිබුණා. බෑග් එකවත් අරගෙන යන්න කෙනෙක් ගෙනිච්චාම මොකද වෙන්නේ ‘‘ කියා මේ වන විට ඇමැතිවරයාට හිතවත් අමත්‍යංශයේ අය කතාබහ වන බව ආරංචි මාර්ග කියයි.

එකී ආරංචි මාර්ගම වැඩි දුරටත් පවසන්නේ ඇමැතිට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය ගෙනියන්න බෑ කියන අද්මිරල් පසු ගිය දිනක මොස්කවු හී කළ සංචාරයට තමන්ගේ පෞද්ගලිකකාර්ය මණ්ඩලයේ අයෙක් රැගෙන ගිය බවයි. මෙලෙස අමාත්‍යංශ ලේකම්වරයෙක් තමන්ගේ බෑග් එක උස්සගෙන යාමට සහයකයෙක් රැගෙන ගියේ ප්‍රථම වතාවට බවත් කියයි.

මේ දෙදෙනාගේ ගැටුමේ උච්චතම අවස්ථාව උදාවී ඇත්තේ‍ ජනාධිපතිවරයා සිය දේශනය කිරීමට යන විටදීය. දේශනය සඳහා ජනාධිපති සමග ඇතුළට යන්න දෙන්නේ එක් අයකුට පමණි. ‍අද්මිරාල් එතැනදීත් ජී. එල්. ගේ නම කපා ලලිත් වීරතුංගගේ නම දමා ඇත. කෝපය ඉහ වහ ගිය ජී .එල්. බැරිම තැන කෙලින්ම බැසිල්ට ඇමැතුමක් දී සියල්ල මුල සිට කියා ඇත.

– Aruna

CEB chairman admits Yugadanavi deal bypassed tender procedure

November 3rd, 2021

Tharaka Samman Courtesy Ceylon Today

Trade unions of the Ceylon Electricity Board say they will decide after tomorrow (04) a date to launch a strike in protest against the handover of shares of Yugadanavi power plant and the liquified natural gas supplies to New Fortress energy firm of the US.

Convener of the CEB Joint TUs Alliance Ranjan Jayalal said so during a demonstration in front of the CEB head office in Colombo today.

Meanwhile, CEB chairman M.C. Ferdinando says the agreement relating to the Yugadanavi power plant was inked after obtaining the attorney general’s approval for its basic content.

Speaking to journalists, he said, By now, the CEB has been unsuccessful with two coal tenders. There is no money to pay up front. There are no dollars to open the letters of credit. That crisis is there. Because of the CEB’s fuel purchases, the Petroleum Corporation is on the verge of collapse. What exists now is an abnormal situation. Since the government is faced with a burning issue, the procurement procedure was bypassed. If the CEB collapses, no one needs to cut power, it will happen automatically.”

අමෙරිකා ගිවිසුම ගැහුවේ‌ ටෙන්ඩර්වලින් තොරව බව විදුලි බල සභාපති පිළිගනී

November 3rd, 2021

තාරක සම්මාන් මව්බිම දැන්

යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීමට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් හෙටින් පසුව දින නියම කර තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (නොවැ: 3) කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව අතරතුර මේ බව සඳහන් කළේ ය.

“මේ අමෙරිකානු ගිවිසුම අවලංගු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව. මේ ක්‍රියාමාර්ගගය ජනග්‍රහණයකින් තමයි අවසන් වෙන්නේ. ගත්ත වැඩවර්ජන තීන්දුවට හෙට දවස තුළ අපි දින නියම කරලා ප්‍රකාශයට පත්කරනවා.”

යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල්, වරාය සහ විදුලිබල මණ්ඩල සේවකයින් සංවිධානය කළ උද්ඝෝෂණ අද කොළඹ ස්ථාන 4 කදී පැවැත්විණි. 

මේ අතර, යුගදනවි ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.    

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ යුගදනවි ඇත්ත කතාව යන තේමාව යටතේ අද (නොවැ: 3) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු එහිදී සඳහන් කළේ, ආණ්ඩුව “දැවෙන ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග අමෙරිකාව සමග ගිවිසුමට එළැඹි බව ය.

“ඒ ගිවිසුම සකස් කළේ සියලු ම පාර්ශවයන්ගේ එකඟතාව ඇති කරගෙන අවසානයේ හැම වචනයක් වචනයක් පාසා ම නීතිපති විසින් බලලා නිෂ්කාෂණය වීමෙන් අනතුරුවයි. හැබැයි මේක තවමත් ඉදිරිපත් කරන්න බැරි වුණා, විදුලිබල මණ්ඩලයටවත් ආවේ නැහැ. මොක ද මේකේ තියෙනවා කොන්දේසියක් disclose කරන්න පාර්ශවයන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් දැනට භාණ්ඩාගාරයේ මා දන්නා තරමට භාණ්ඩාගාරයෙන් නීතිපතිගේ අදහස් විමසලා තියෙනවා මේක ඉදිරිපත් කිරීම තුළින් රජයට යම් අවහිරතාවක් වේවි ද කියන එක. මේවා වාණිජ ගනුදෙනු. මේ වාණිජ ගනුදෙනු අනවශ්‍ය පුද්ගලයින් අතට ගියා ම, ඒ වාණිජ ක්‍රියාවලියේ තියෙන මූල්‍ය විචල්‍යතාව පිළිබඳ ලොකු ලොකු අර්බුද ඇවිල්ලා ඒවා arbitration බේරුම් කරන එක විශාල වන්දි ගෙවීම්වලට තුඩු දෙන හේතු වෙනවා. අමාත්‍ය මණ්ඩලය මේකට අනුමැතිය දුන්නේ රාමුව අනුමත කරලා, සිද්ධාන්ත අනුමත කරලා විස්තරාත්මකව ඒක අත්සන් කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා ඒ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අරගෙන, මම හිතන්නේ අපේ ඇමැතිතුමාත් ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා කියලා. මේවා හංගන්න තියෙන කරුණු නෙමෙයි. 

මේ වෙනකොට විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු ටෙන්ඩර් දෙකක් අසාර්ථක වුණා. අත්පිට මුදලට ගෙවන්න සල්ලි නෑ. ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නෑ. ඒ අර්බුදය තියෙනවා. තෙල් මිලදී ගැනීම සඳහාත් විදුලිබල මණ්ඩලය හින්දා ඛණිජ තෙල් සංස්ථාවත් දැන් බිම වැටෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තියෙන්නේ, අසාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ හින්දා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග ඇරලා හරි මේ ගියේ මොක ද දැවෙන ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණ දෙනවා. මොක ද විදුලිබල මණ්ඩලය කඩාගෙන වැටුණොත් එහෙම විදුලිය නිකම් කවුරුවත් කපන්න ඕනේ නෑ, නිකම්ම කැපෙනවා.”

Farmers’ agitation weighs heavily with Govt.

November 3rd, 2021

Courtesy The Daily Mirror

Prime Minister Mahinda Rajapaksa has sensed the gravity of the problem in the agriculture sector

The prime minister said the farmers’ protest, like that of the school teachers, would not have snowballed to such an extent had the party engaged them politically

Public uprisings, coupled with internal squabbling, have sent the government reeling

Still, there is a vague idea within the government about the extent of cultivation undertaken this time

Farmers’ agitation has become an issue that weighs heavily with the government. Rice, fruit and vegetable growers took to the streets urging the government to provide them with fertilizer for cultivation. The fertilizer shortage, triggered by President Gotabaya Rajapaksa’s decision to ban chemical farming, is now bound to create multiple effects in the agricultural supply chain; possibly leading to a high cost of living in the end. The political cost is already visible, and the rulers themselves have felt the pinch of it.


Prime Minister Mahinda Rajapaksa has sensed the gravity of the problem in the agriculture sector. Normally, he has taken a back seat in the affairs of the government. Nonetheless, he opened up his mind at the event to mark the fifth anniversary of the ruling Sri Lanka Podujana Peramuna (SLPP) on November 2, 2021 at Nelum Pokuna Theatre. He did mince his words when referring to the problem. In fact, he took an indirect swipe at those calling the shots in the government and the party. The prime minister said the farmers’ protest, like that of the school teachers, would not have snowballed to such an extent had the party engaged them politically. He emphasised that politicking is also important to remain engaged with the people rather than leaving it to government officials.

Otherwise, he said the forces that the SLPP defeated would capture the political momentum for their ends.


The prime minister’s remarks did not come out of the blues. Instead, he had observed developments after various radical decisions taken by the president and their political implications for the ruling side. He sounded an alarm for the party in this regard and called for immediate course correction. He also cautioned against creating ruptures with the minor allies of the government, and asked the party to not consider them as mere appendages or sidekicks.  

No matter what, crop reduction is expected. In the event of it, it will lead to a supply shortage of items such as rice, maize and vegetables. In the Maha season, 800,000 hectares are normally cultivated with rice. According to State Minister Shasheendra Rajapaksa, 435,000 have been or are under cultivation at the moment


Public uprisings, coupled with internal squabbling, have sent the government reeling.


Food crop cultivations have already been hampered since farmers, in some cases, are reluctant to work their fields due to uncertainty over availability of fertilizer despite the government having taken some measures to bring consignments of Nano liquid nitrogen fertilizer from India to be used as a substitute for Urea hitherto used in the agricultural areas. Lack of cultivation means impact on food security. In addition to recovering from the political shock of the farmers’ struggle, the government has now been compelled to look for measures to avert any impact on food security.


Still, there is a vague idea within the government about the extent of cultivation undertaken this time. Proper reports have not been worked out yet though the ruling party politicians give varying figures. No matter what, crop reduction is expected. In the event of it, it will lead to a supply shortage of items such as rice, maize and vegetables. In the Maha season, 800,000 hectares are normally cultivated with rice. According to State Minister Shasheendra Rajapaksa, 435,000 have been or are under cultivation at the moment. Cultivation for the current season continues until the end of this month.


The government has been compelled to brace any shortage. Mr. Rajapaksa said the government would be ready to import to make up for any shortage in the local supply.


I don’t think the problem will arise,” he said.


Besides, he said the Agrarian Insurance Board would closely observe the acreage of cultivation this time and identify the farmers involved.


We will pay them incentive grants in terms of better prices for their produce. We have not decided on the rates yet. But, the Cabinet paper will be presented next Monday for it,” he said.  

Food crop cultivations have already been hampered since farmers, in some cases, are reluctant to work their fields due to uncertainty over availability of fertilizer despite the government having taken some measures to bring consignments of Nano liquid nitrogen fertilizer from India to be used as a substitute for Urea hitherto used in the agricultural areas


Despite practical difficulties involved in the transformation of chemical farming into organic agriculture within a short period, the president is unlikely to budge from his decision in this regard.


Delivering his remarks at a special conference organized by Sri Lanka on the sidelines of the United Nations Climate Change Conference (COP 26) in Glasgow, Scotland, under the theme Rediscovering Nitrogen: Solutions and Synergies for Climate Change, Health, Biodiversity and Circular Economy”, the president reaffirmed his position about what he termed ‘a new agricultural revolution ‘which is in harmony with nature.  


My Government’s policy frameworks emphasise sustainability. This is reflected in Sri Lanka’s ambitious updated Nationally Determined Contributions to the United Nations Framework Convention on Climate Change (UNFCCC) Mechanism,” President Rajapaksa said.


The challenge facing us now is to use modern scientific techniques and practices to enhance agricultural production without causing environmental degradation.  For decades, chronic kidney disease has been a serious issue in Sri Lanka’s agricultural heartland. The overuse of chemical fertilizers has contributed significantly to this problem,” the President said.


Although this action has been broadly appreciated, it has also met with some criticism and resistance. In addition to chemical fertilizer lobby groups, this resistance has come from farmers who have grown accustomed to overusing fertilizer as an easy means of increasing yields,” the President said. This is particularly unfortunate considering Sri Lanka’s rich agricultural heritage,” the President added.


Total reversion to chemical farming is now unlikely. The total use of organic manure looks unthinkable. As a result, the government appears to have taken a step back to achieve moderation in this regard. 

Colombo Uni. Students’ Union opposes Ven. Murutthettuwe Ananda’s appointment as new Chancellor

November 3rd, 2021

Courtesy The Daily Mirror

The Colombo University Students’ Union and the Student Community unanimously expressed their displeasure over the appointment of Ven. Murutthettuwe Ananda Thera as the new Chancellor of Colombo University.

The University Students’ Union claims that the Chancellorship of a university should never be a political appointment or to fulfill a political agenda.

Although the Chancellor has no statutory administrative powers, the he is a symbol of the University’s honour, especially at the graduation ceremony.

However, the government has appointed Ven. Murutthettuwe Ananda as the next Chancellor of the University of Colombo.

“It is in this context that the independence and dignity of the university administration are preserved. But we believe that a political appointment to the post of a Chancellor of the University could destroy both the independence of the university administration and the dignity of the University overall,” the Students’ Union said.

Therefore, we, as the Students’ Union, and on behalf of the entire student community, express our strong opposition to this political appointment to the University of Colombo, which has a distinguished history and is still a prestigious university today, the Students’ Union added. 

Agreement with NFE cannot be disclosed due to certain conditions: CEB Chairman

November 3rd, 2021

Courtesy The Daily Mirror

Claiming that the agreement pertaining to the Kerawalapitiya Power Plant was signed with the US-based New Fortress Energy (NFE) following the approval of the Attorney General, CEB Chairman M.M.C. Ferdinando said today that the content of the agreement could not be disclosed due to a condition in the agreement.

He said the approval of all parties concerned was received for the agreement and that it was approved by the AG after thorough study.

The Chairman said there was a condition in the agreement that it should not be disclosed without the consent of the both parties and added that was why the agreement was not published.

The agreement has not even been presented to the CEB as yet. As far as I know, the Treasury has sought advice from the Attorney General whether there would be any issue for the State if the content of the agreement was disclosed,” he said.

He said it was a commercial agreement and that there would be negative impacts if unauthorized people got hold of such agreements.

The Chairman said there was nothing to hide and said even the framework agreement was signed with the Cabinet approval and the Subject Minister assured to present the agreement in parliament.(Ajith Siriwardana)

Maithri, security establishments only concerned of their own safety: Cardinal

November 3rd, 2021

Courtesy The Daily Mirror

Former President Maithripala Sirisena and those who were in the security establishments only tried to ensure their own safety when they received prior warnings on impending Easter Sunday attacks , Archbishop of Colombo His Eminence Cardinal Malcolm Ranjith said. 

Cardinal Ranjith who visited the residence of a native of Katuwapitiya who has lost his entire family members during the Easter Sunday carnage said the the former President and the  security establishment during that time had failed their duty. 

“Former President and others in the security establishment only exchanged letters among them and only ensured their safety. The Presidential Commission had recommended that all these persons should be punished. However the present regime had not done it as yet. We have been informed that a sum of Rs. 600 million has been spent for the Presidential Commission. These funds have gone down the drain as the recommendations made by the commission has not been implemented,” Cardinal said. 

“We feel that those in the present government had prior knowledge about the attacks. Also it is not fair for some of us to appear before the CID or legal action being filed against us when we express our suspicions. It is also unfair to stick political labels on me. We will fight to unveil the truth behind the Easter Sunday mayhem even if we are killed in the process,” he added. 

Sri Lanka, World Bank ink USD 500 million financing agreement

November 3rd, 2021

Courtesy Adaderana

The Government of Sri Lanka and the World Bank signed a $500 million financing agreement to provide safe, efficient and climate resilient connectivity to strengthen agricultural supply chains through the Inclusive Connectivity and Development Project.

This project is expected to benefit around 16 million people living in rural communities in selected districts of Sri Lanka.

Sajith Atygalle, Secretary to the Ministry of Finance, signed on behalf of the government and Hartwig Schafer, World Bank Vice President for South Asia, signed on behalf of the World Bank.

In Sri Lanka, agriculture – the main livelihood source of the rural community – is heavily dependent on roads to connect farmers to resources and domestic and international markets. While nearly all national roads are paved, only 67 percent of provincial roads, and 13 percent of rural roads are in good condition. Sri Lanka also has the highest rate of road fatalities in the South Asia Region with around 3,000 deaths per year.

An uninterrupted and safe road network in Sri Lanka is crucial to connect rural communities to health and education services and economic opportunities,” said Hartwig Schafer, World Bank Vice President for South Asia. Scaled-up road investments will contribute to the acceleration of human capital in Sri Lanka, leading to sustainable and inclusive economic growth.”

This Project is part of the 100,000 KM Rural Roads Development Program”, a key initiative of the national development strategy of the Government of Sri Lanka.

We are extremely happy with the design of this project and its impact on our local communities,” said Hon. Johnston Fernando, Minister of Highways of Sri Lanka. The holistic approach to ensure safety, climate resilience and sustainability for our road network is critical for building back better post pandemic”.

The project is expected to build on the ongoing provincial and rural roads rehabilitation initiatives under the World Bank financed Transport Connectivity and Asset Management Project and the Asian Development Bank funded Integrated Road Investment Programs – iRoad I and II. The project will support the Government of Sri Lanka to expand its services by building on the lessons learned and establishing a comprehensive system to improve rural connectivity in an inclusive manner, while improving rural livelihoods.

This project is implemented by the Ministry of Highways. A National Steering Committee will be established to oversee the project. 


-World Bank

Daily cases count reaches 581 today and 21 more COVID-related deaths

November 3rd, 2021

Courtesy Adaderana

The daily count of COVID-19 cases confirmed in Sri Lanka moved 581 today (November 03) as 107 more people were tested positive for the virus, says the Epidemiology Unit.

This brings the total number of confirmed cases of coronavirus reported in the country to 542,793.

As many as 513,880 recoveries and 13,791 deaths have been confirmed in Sri Lanka since the outbreak of the pandemic.

More than 15,122 active cases in total are currently under medical care, official figures showed.

The total number of people who died of COVID-19 infection in Sri Lanka moved up as 21 more fatalities were confirmed by the Director-General of Health Services on Tuesday (November 02).

The new development has pushed the official death toll from the virus outbreak in the country to 13,791.

The latest victims include 06 males and 15 females, the Department of Government Information said.

According to official data, 16 deaths were reported among elderly people aged above 60 years. In addition, 05 people aged between 30-59 years have also fallen victim to the virus infection.

Dhaka, Colombo mull launching cruise service to boost regional tourism

November 3rd, 2021

Courtesy Adaderana

Bangladesh and Sri Lanka are considering launching a cruise service between the countries to boost regional tourism.

Regarding the issue, a virtual meeting was held recently by the Bangladesh Tourism Board (BTB) with the participation of the concerned stakeholders, said sources at the BTB.

Dhaka, Colombo mull launching cruise service to boost regional tourism

BTB Chief Executive Officer Dr Jabed Ahmed told The Business Standard, We have memoranda of understanding (MoU) on tourism with a number of countries. Now, we are going to sign an MoU regarding tourism with Sri Lanka too.”

One of the provisions in the agreement would be to start a cruise line as part of the blue economy. We may include India in the cruise line considering the business viability,” he said.

If we can start ocean cruises in the region, other businesspersons will come forward to launch cruises in Bangladesh,” he added.

Reportedly, during a meeting at the Ministry of Tourism in Colombo, Bangladesh High Commissioner to Sri Lanka Tareq Md Ariful Islam and Sri Lankan Tourism Minister Prasanna Ranatunga have decided to take steps to launch cruise service between the two countries.

During Sri Lankan Prime Minister Mahinda Rajapaksa’s visit to Bangladesh earlier this year, it was decided to sign the MoU between the two countries.

Tareq Md Ariful Islam said the MoU on tourism has been drafted and is expected to be signed soon. 

Sri Lankan Tourism Minister Prasanna Ranatunga said more attention should be paid to uplift the tourism industry in the South Asian region through regional platforms such as Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation and South Asian Association for Regional Cooperation.

He also said a joint tourism action plan should be implemented in these countries through a conference of tourism ministers of South Asian countries.

Bangladesh High Commissioner to Sri Lanka Tareq Md Ariful Islam pointed out that the assistance of those involved in the tourism industry in Sri Lanka is essential for the revival of the tourism industry in Bangladesh and requested the Sri Lankan tourism minister to assist in that endeavour.

Prasanna Ranatunga said Sri Lanka is ready to come forward in this regard any time.

Journey Plus, a Bangladeshi tour operator, arranged the first ever trip by an international cruise liner in Bangladesh in 2017, and then again in 2019.

Journey Plus Chief Executive Tawfiq Rahman said, We faced many difficulties to include Bangladesh on the world’s cruise map. We did not get sufficient cooperation from the government. Then, we did not take any further initiative to arrange such a tour after 2019.”

Journey Plus arranged the ‘Silversea Discover Expeditions’ to bring 162 foreign tourists from 17 countries to Maheshkhali Island and the Sundarbans in 2017.  They were on the Colombo to Kolkata Asia Expedition Cruise.

Journey Plus had to try for several years to bring Silversea, a luxury cruise line headquartered in Monaco, to this region and to open new routes that would include Bangladesh.


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress