බුර්කාව තහනම් කරන්න මැතිවරණ කොමිසමට හැකිවේද
December 28th, 2017මතුගම සෙනෙවිරුවන්
ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කරන ලද්දේ ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු විය හැකි වන පරිදි දූෂණයෙන් තොර සාධාරණ මැතිවරණ පැවැත්වීමට බලය ලබා දීමටයි.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම ස්වාධීන කොමිසම ස්ථාපිත කරන ලදී. එවිට නව මැතිවණ කොමිසම විසින් පවත්වන පළමු මැතිවරණය 2018 පළාත් පාලන මැතිවරණය බවට පත්වේ.මැතිවරණ කොමිසමේ සභාපති වරයා වන මහින්ද දේශප්‍රිය මහතා මේ වන විටත් මෙයට පෙර ක්‍රියාකල පරිදි සියළුම රාජ්‍ය ආයතන වලට මැතිවරණයට අදාල චක්‍ර ලේඛන නිකුත් කර ඇත. මැතිවරණ සමයේ අපේක්ෂකයන් විසින් බඩු භාණ්ඩ බෙදා හැරීම. මැතිවරණ කාර්යාල පිහිටුවීම දැන්වීම් ඇලවීම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ආදී කරුණු මෙයට පෙරත් පැවති මැතිවරණ වලදී සීමා කිරීම් වලට යටත් විය.මෙවර මැතිවරණයේදී කාන්තා අපේක්ෂකත්වය සියයට විසිපහක් තිබිය යුතුය.එවිට මැතිවරණයෙන් දිනුවත් නැතත් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් සියට විසිපහක් ප්‍රාදේශීය සභා වලට පත් කළ යුතුය.
මෑත මැතිවරණ ඉතිහාසයේ පළමු වරට චන්ද මධ්‍යස්ථානයේදීම මෙවර චන්ද ගණන් කරනු ලබයි. එම ප්‍රතිඵල කෙලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට ලබා දේවිද යන්න මෙන්ම එම චන්ද මධ්‍යස්ථානයන්ට දෙන ආරක්ෂාව සම්බන්ධ තවමත් උපදෙස් නිකුත් කර නොමැත. වෙසෙසින්ම පොලිස් බල ප්‍රදේශයක සිටින සෑම පොලිස් නිළධාරියකුම චන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කළ නොහැකිය. පෙර පැවති ක්‍රමය වූයේ පොලිස් නිළධාරින් දෙනෛකු එක් චන්ද මධ්‍යස්ථානයකට යෙදවීමයි. නමුත් මෙවර චන්ද ගණන කිරීම සිදු වන බැවින් අනිවාර්යයෙන්ම ආරක්ෂාව තර කළ යුතුය.මධ්‍යස්ථානයන්හි පහසුකම් වර්ධනය කළ යුතුය.මේ නිසා ඒ සඳහා උපදෙස් මාලාවක් නිකුත් කළ යුකුය.මෙවර කාන්තා අපේක්ෂකත්වයඉහළ යන අතර මුස්ලිම් පක්ෂ වලින්ද කාන්තවන් ඉදිරිපත් වේ. ඔවුන් ගේ මෑත කාලීන ප්‍රවණතාවය නම් අරාබි පර්දාව හෝ බුර්කාවකින් සැරසී සිටීමයි.අතැම් කාන්තාවන් දෑස පමණක් පෙනෙන පරිදිද ඇතැම් කාන්තාවන් දෑස්ද වසා ගනිමින් අත්මේස ද පළදා සිටීමෙන් සමාජයේ මේ වන විටත් ගැටළු පැණ නැගී ඇත.
විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණ මුහුණ ආවරණය කොට ගෙන වාහන එළවීමද කරත්. නමුත් පොලිස් නිළධාරීන් එයට විරුද්ධව ගත් පියවරක් නැත.මෙම බුර්කාව භාවිත කොට පිරිමින් සොරකමේ ගිය අවස්ථා මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල අවස්ථා ද වාර්තා වී තිබේ.බැංකු මංකොල්ල වලට ගිය අවස්ථා තිබේ.මුහුණ වැසෙන හෙල්මට් තහනම් කිරීමට පොලිසිය උත්සාහ කළද තවමත් බුර්කාව තහනමට පියවර ගෙන ගෙන නොමැත. එසේම පසුගිය මැතිවරණයේදී බුර්කාව ඇඳ ගත් තරුණියන් සිය චන්දය භාවිතා කිරීමට චන්ද මධ්‍යස්ථානයන්ට පැමණි තිබේ. ඇතැම් සථාන වලදී නිළධාරීන් එයට විරෝධය පළ කළද පොදු විරෝධයක් එල්ලවී නොමැත. එම් නිසා මැතිවරණ කෙමිසමේ සභාපති වරයා විසින් මෙම තත්ත්වය සලකා බලා මුස්ලිම් කාන්තාවන් අපේක්ෂකයන් ලෙසට පැමිණීමේදී සහ චන්දය දීමට පැමිණීමේදී සම්පූර්ණයෙන්ම මුහුණ වසා නොපැමිණ සිටිය යුතු බවට උපදෙස් නිකුත් කළ යතුය.එය මැතිවරණ කොමිසමේ වගකීමකි.
පසුගිය කාලයේ මැතිවරණ කොමිසමේ සභාපති වරයා දැඩි නිහැඬියාවක් සිටියහ. චන්දය දිගින් දිගටම කල් යන අවස්ථාවේහිදී නෙයෙකුත් රස කතා කියමින් කල්මැරීය.එසේම චන්දයට දින නියම කරලීමේදී රජය තෝරාගත් දිනයම ගැනීමට ඔහු දැක්වූ කැමැත්ත පුදුම සහගත වෙයි.මැතිවරණ සමයේදී බඩු භාන්ඩ බෙදා හැරීමට නිළධාරින් පමණක් යෙදවිය යුතු බවට චක්‍ර ලේඛන එවා ඇති නමුදු ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අතපසු ව තිබෙන එම කටයුතු කිරීම වරදක් නොවන බවද කියා සිටියේය. පෝස්ටර් ඇලවීම සිදු කළද එය ගැලවීම සහ ඒවා පාලනය කිරීම පොලිස් නිළධාරීන් ගේ වකකීමක් ලෙසට ප්‍රකාශ කොට එම පෝස්ටර් වලට උඩින් මෙය නීති විරෝධී දැන්වීමක් යයි තවත් දැන්වීමක් අලවන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. එහෙත් දැන් දිගින් දිගටම එවැනි පොස්ටර් ඇලවෙයි.. පොලිසිය තවම ක්‍රියාකාරී වී නොමැත. මැතිවරණ කොමිසමද තම නීතිය අතට ගෙන එම නීති විරෝධී දැන්වීම ඇලවූ අපේක්ෂකයන් ගේ අපේක්ෂකත්වය තහනම් කරද නැත. එවිට ස්වාධීන ලෙසට ක්‍රියාකළ යුතු මැතිවරණ කොමිසම බල රහිත කොමිසමක් ලෙසට ජනතාවට පෙනෙන්නට පටන් ගෙන තිබේ.
2015 මැතිවරණයේ දී මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමසාරිස් ව සිටියදී එවකට පැවති විපක්ෂයට සෘජුවම පක්ෂපාතිව කටයුතු කළ බවට චෝදනා එල්ලව ඇත. 2015 මහ මැතිවරණයේදී සිදු වූ චන්ද දූෂණ විශාල ගණනකි.ඇතැම් තැන්වල ලියාපදිංචි චන්ද සංඛ්‍යාවට වඩා චන්ද පෙට්ටියේ චන්ද වැටී තිබුණි. නමුත් එම වැරදි ඉස්මතු කොට නඩු මගට බැසීමට දේශපාලන පක්ෂ උත්සුක නොවුණි. එසේම මනාප ගණන් කිරීමේදී ඇතැම් අපේක්ෂකයන්ට එම ස්ථානයන්ට යන්නට ඉඩ නුදුන්හ.උතුර සහ නැගනෙහිර ප්‍ර දේශ වලදී ප්‍රසද්ධියේ චන්ද පෙට්ටි පුරවන ලදහ. ඇතුලේ දූෂණයක් සිදුවූ තරම ඉන් වටහා ගත හැකිය.දහනව වන සංශෝධනය මගින් මැතිවරණ කොමිසම පිහිටුවා ලීමේදී රජයේ සෘජු පොරෙන්දුව වූයේ එම කොමිසමේ සභාපති වරයා ලෙසට මහින්ද දේශප්‍රිය මහතාව පත් කරන බවයි. එය ඉටු වුණි.ඉතින් ඔහු තව දුරටත් ස්වාධීන කොමිසමක සභාපති නොව පක්ෂාපාතී මැතිවරණ කොමිසමක නිළධාරියෙකි.
බුර්කාව පැළඳීමෙන් අනන්‍යතාව සඟවා චන්ද භාවත කිරීම වැලක්වීමට නීත සම්පාදනය කල හැකිය. එය කළ යුත්තේ මැතිවරණ කොමිසම විසිනි.එසේ නැතහොත් සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජනතාවක් වෙසෙන මුසලි වැනි ප්‍රා දේශීය සභා බල පෙදෙසක මුහුණ වසා ගත් පුද්ගලයන් විසින් හොර චන්ද දැමීම වළක්වනු හැකි නොවනු ඇත. එහෙත් පසුගියදා අප දුටුවේ මහින්ද දේශප්‍රිය මහතා අන්තවාදී මුස්ලිම් සංවිධානයකින් කුරාණයක් තෑගි ලබන ආකාරයයි. ඒ තාග්‍ය යෙන් ප්‍රකට වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති වරයා මුස්ලිම් නීතිය ගැන දැනුවත් විය යුතු බවයි.එය පිලිපැදිය යුතු බවයි. එවිට බුර්කාවට එරෙහිව නීති පැනවීම කල හැකි වේ විදැයි සැකයකි.කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ස්වාධීන නොවන බැවින් මෙම චන්දයේදී සිදු වන චන්ද දූෂණයන් වැලැක්වීමට ජනතාව තුළින් පෙළඹීමක් ඇති කළ යුතුය.
මතුගම සෙනෙවිරුවන්




මූලික වශයෙන්ම අපි ආර්ථික වර්ධනය පිළිබඳව කතා කරමු. ආර්ථික වර්ධනය වූ කලී රටක ආර්ථික සංවර්ධන ගමන් මගේ මූලිකම පූර්ව අවශ්‍යතාවයි. මූලික වශයෙන්ම ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කිරීමටත්, ඒ ලබාගත් ආර්ථික ප්‍රගතිය බිඳ නොවැටී ස්‌ථාවරව පවත්වා ගැනීමත් මෙහිදී ඉතා වැදගත්ය. ඒ අනුව මේ වසරේ (2017) ආර්ථික ක්‍රියාකාරීත්වයට සිදුව ඇත්තේ කුමක්‌ද? ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා” වාර්තාවේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේය. 
ලංකාවේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය හා කරන එකිනෙකට පරස්‌පර ප්‍රකාශ හේතුවෙන් කිසිම ආයෝජකයෙක් ලංකාවේ මූල්‍ය ක්‌ෂේත්‍රයේ ආයෝජනය නොකරන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී යළිත් නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙර ඉල්ලීම අධිකරණයෙන් කරනු ලැබූ අතර ඒ වන විට කොටි සාමාජිකයකුව සිට පසුව සවිධානය අතහැර පැමිණ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එක්‌වූ විඡේකාන්තන්ද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
The countries that supported the Russian resolution were India, China, Egypt, Iran, Iraq, Jordan, Kuwait, Oman, Pakistan, Qatar, Saudi Arabia, UAE and others.