චානක බණ්ඩාරගේ, සභාපති, සිංහල සංවර්ධන සංවිධානය
මෙම කරුණ පිළිබඳව අප විසින් කලින් ලිපි
කිහිපයක් පල කිරීමෙන් අනතුරුව ලබන වසර (2022) සඳහා වන පාසැල් පොත් වල කලින් තිබු ශ්‍රී
ලාංකික (සිංහල) ඉතිහාසය විකෘති කිරීම් නිවැරදි
කර තිබේ. මෙවර පොත් යුරෝපිය, ඉන්දීය ඉතිහාස වලින් ද පුරවා ඇති බව පෙනේ.
නමුත්, සිංහල ඉතිහාසයට අහිතකරවු වැරදි රාශියක්
තවමත් ඇත. ඒවා අප මෙසේ ඉදිරිපත් කරමු:
6 ශ්‍රේණිය
පොත (සංස්කාරක මණ්ඩලය – හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජ් සෝමදේව, පත්මසිරි
කන්නංගර, චන්දිමා ධර්මපාල) –
33වෙනි
පිටුව – විජය නමින් හැඳින්වෙන කුමරෙකු ……. ඉන්දියාවේ සිට පැමිණ මේ රටේ පදිංචි
වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ බව පැහැදිලිව විස්තර වන්නේ ……. මහාවංශය නම් වූ වැදගත් ඓතිහාසික මුලාශ්‍රයෙනි.”
විජය ‘නමින්’
, මහාවංශය ‘නම්වූ’ වදන් වලින් සිසු දරුවාගේ මනසේ විජය, මහාවංශය පිළිබඳව කුකුසක්
ඇති කරවයි. මෙය උවමනාවෙන්ම සිදු කර ඇති දෙයකි.
මෙම පොත
විජයාගමනය ඉතාම සුළුවෙන් හුවා දක්වයි. විජය
රජු උතුරු ඉන්දියාවේ වංග දේශයේ, ලාට රටේ සිංහබාහු රජුගේ පුත්‍රයා බව මෙම පොත පාසැල්
දරුවන්ගෙන් වසන් කරයි. 19, 20වෙනි ශතවර්ෂ වල ලියැවුණු පාසැල් ඉතිහාස පොත් වල මේ බව
අනිවාර්යයෙන්ම සඳහන් වුණි. ඒ පිළිබඳව දීර්ඝ විස්තර ලබා දෙන ලදී.
සිංහලයා
තමා විජය රජුගෙන් පැවත ඒම ගැන ඉතා ආඩම්බර වුහ. දැනට වසර 20ක පමණ සිට සිංහලයා පැවතෙන්නේ
විජයගෙන් නොව රාවණා වැනි මිත්‍යා චරිතවලින් බව පෙන්වා දීමට ඇතැම් ඉතිහාසඥයෝ මහත් උත්සහයක් දරත්. ඒසේත් නොමැතිනම්,
සිංහලයාගේ සම්භවය නොපැහැදිලි, අවුල් සහගත දෙයක් ලෙස පෙන්වීමට ඔවුහු උත්සහ දරත්.
මහාවංශය බොරු බවත්, සිංහලයාට ප්‍රථම මේ රටේ ද්‍රවිඩයන් වාසය කල බවත්, සිංහලයාට ඇත්තේ
උතුරු ඉන්දීය නොව දකුණු ඉන්දීය සම්භවයක් බවත් ඉතා
සුක්ෂම ලෙස පෙන්වා දීම ඔවුන්ගේ වෑයමයි. ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම්,
විග්නේස්වරන්, සීවජිලිංගම් වැන්නන්ට අවශ්‍ය කලේ ද
මේ මතයම සමාජගත කිරීමටය.
දෙමළ ඊලාම්
වාදීන් සිංහල ඉතිහාසය අවුල් කිරීමට කුවේණිය ද්‍රවිඩ කාන්තාවක් යයි කියති. දේවානම් පියතිස්ස
‘පියතිස්සම්’ වශයෙන් හුවා දක්වති.
බුදුන්
වහන්සේ පැමිණීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ බුදු සසුන තිබුණි, ශ්‍රී ලංකාවේ දෙමළ බෞද්ධයෝ
වුහ, බුදුන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේය, ලොව සියල්ලන්ටම පෙර වාගේ වී වගාව, යකඩ සොයා
ගැනීම සිදු කලේ සිංහලයාය, ශ්‍රී ලංකාවේ සිංහයෝ සැරි සැරූහ, මීට වසර 49,000 පෙර සිංහලයෝ
හෝර්ටන් තැන්නේ බාර්ලි, ඕට්ස් වැවුහ වැනි බොරු
කියන ඉතිහාසඥයෝ/පුරාවිද්‍යාඥයෝ අද සිටිති.
මේ බොරු
ප්‍රචාර වෙනුවෙන් ඇතැම් පුද්ගලික රුපවාහිනි නාලිකා තදින්ම වැඩ කළහ, අදද වැඩ කරති.
රාවණා රුවක් රාවණා ඇල්ල පසු පස කළු ගලේ දිස්වන බවට බොරුවක් මේ මෑතකදී අන්තවාදී ද්‍රවිඩ
අයිතිකරුවන් ඇති එක් රූපවාහිනී මාධ්‍යයක් විසින් ප්‍රචාරණය කරන ලදී. අද ඇතැම් යු ටියුබ් නාලිකාද මේ බොරු ප්‍රවර්ධනයට
තදින්ම වැඩ කරයි.
ශ්‍රී ලංකාවේ
තරම් ඉතිහාසය ඉතා හොඳින් ග්‍රන්තාරූට කරන ලද වෙනත් කිසිම රටක් ලොව නැතැයි කිවේ පොන්නම්බලම්
රාමනාදන්ය. නමුත් නුතන ඉතිහාසඥයන් උත්සහ දරන්නේ එම පැහැදිලි ඉතිහාසය අවුල් ජාලාවක්
බවට පත් කිරීමටය. එහිදී, අපේ දරුවන් නොමඟ යැවීමට තැත් කිරීම සමාව නොදිය හැකි වරදකි.
වසර 2000ට
එහා සිට මුළු ලොවම පිළිගත් ඉතිහාසයක් මෙරට අපට ඇත. එය අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර,
පෝල් ඊ පීරිස්, සෙනරත් පරණවිතාන, පී ද එස් කුලරත්න, එල් එච් මෙත්තානන්ද, චාර්ල්ස් ගොඩකුඹුර,
ගුණපාල මලලසේකර, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, මඩිහේ පන්ඥාසීහ හිමි වැනි වියතුන් අපට ඉගැන්වූ ඉතිහාසයයි. තමන් මේ වියතුන්ට
වඩා දන්නේය යන මතයේ සිට අපේ පිළිගත් ඉතිහාසය විකෘති කිරීමට වලිකණ නුතන ඉතිහාසඥයන්/පුරාවිද්‍යාඥයන්
පිරිසක් මතුවීම අභාග්‍යයකි. සියල්ල සිදුවුයේ ශ්‍රී ලංකාවේ යයි ඔවුහු කියති. මේවා විශ්වාස
කරන අප දරුවන් ජාත්‍යාන්තරයට ගිය විට තමන්ගේ දැනුම වැරදි බව වැටහෙන විට සියල්ල පමා
වී වැඩිය.
35 පිටුව
– අවුරුදු 4000 කට ඉහත කාලයකදී ඔවුහු යකඩ සොයා ගත්හ.”
මෙය නව
සොයා ගැනීමකි. එවැන්නක් ‘peer review’ මඟින් ලෝකයේ පිළිගත් ඉතිහාසඥයන් විසින් සනාථ
කල යුතුය. අප දන්නා පරිදි එවැන්නක් සිදුවී නොමැත. ලෝකයේ පැරණිතම මානව ශිෂ්ටාචාරය වන්නේ
ඉන්දු වැලිය. එය වසර 5500කට එහා වුවකි. විකිපීඩියා අනුව ලොව මුලින්ම වාත්තු යකඩ සොයා
ගත්තේ චීනයේය. ඒ මින් වසර 3500කට පෙරය.
7 ශ්‍රේණිය
පොත (සංස්කාරක මණ්ඩලය – පද්මසිරි කන්නංගර, රාජ් සෝමදේව,
අනුෂා සේනාධිරාජා, චන්දිමා ධර්මපාල) –
60වෙනි
පිටුව – යාපනය රාජධානිය ගැන වෛය්පමාලයි සහ ගේගරාසසේකරමාලයි යන ග්‍රන්ථ මේ රාජ්‍ය ගැන
තොරතුරු සපයන මුලාශ්‍රයන් වේ.”
මෙවැනි
ග්‍රන්ථ ගැන අප කිසිදා අසා නැත්තෙමු. මේවා මෑතක බිහිවූ ග්‍රන්ථ විය නොහැකිද? අප අසා
ඇත්තේ මහාවංශය, දීපවංශ, චුලවංශය, පුජාවලිය වැනි මුලාශ්‍රය. ඒවායේ දැක්වෙන ඉතිහාසය සත්‍යය.
61 වෙනි
පිටුව – යාපනය රජ පරම්පරාව ආර්ය චක්‍රවර්තී පරපුර ලෙස හැඳින්වේ. එම රජ පරම්පාරාවේ
ආරම්භකයා විජය කුලංගෛය් ආර්ය චක්‍රවර්තී වේ. මෙබඳු පාලකයන් 12 දෙනෙකු සිටි බවට තොරතුරු
තිබේ. ගම්පොල යුගයේදී සහ කෝට්ටේ යුගයේදී යාපනය රාජ්‍ය ප්‍රධාන රාජධානියට යටත් කෙරුණි.
එහෙත් පසුව යාපනයේ රජවරු යළි තම බලය පිහිටුවා ගත්හ. පෘතුගීසින් පැමිණෙන විට යාපනය පාලනය
කරන ලද්ද්දේ සංකිලි රජු විසිනි. 1619 වර්ෂයේදී පෘතුගීසීහු යාපනය ආක්‍රමණය කොට තම ආධිපත්‍යට
යටත් කළහ.”
‘විජය
කුලංගෛය්’ වදන නව සොයා ගැනීමක්ද? විජය
රජු සහ ආර්ය චක්‍රවර්ති එකම සම්භවයක් ඇති බවට පෙන්වීමට වෑයම් කිරීමක්ද?
අනුරාධපුර
යුගයේ ආරම්භයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා කිසිම අවස්ථාවක යාපනය අර්ධද්විපයේ ස්වාධින
ද්‍රවිඩ රාජ්‍යක් තිබුනේ නැත වශයෙන් මහාචාර්ය සිරිමල් රණවැල්ල පවසයි.
දාමරික
දකුණු ඉන්දියානුවන් විටින් විට පැමිණ ශ්‍රී ලංකාව ආක්‍රමණය කල බව සැබවී. සිංහල රජවරුන්
සෑම විටම ඔවුන් පලවා හැරියහ. එළාර දෙමල නොව ඉරාණ සම්භවයක් ඇත්තේ යයි ඇතැම් ඉතිහාසඥයන්
දක්වා ඇත. මෙහි සත්‍ය අසත්‍ය භාවය මෙම ලිපිකරු නොදනී.
දෙමළ ආර්ය
චක්‍රවර්තී වසර එකහමාරකට අඩු කාලයක් බලහත්කාරයෙන් යාපනය පාලනය කල බව ඉතිහාසඥයන්
දක්වා ඇත. ඉන්පසු සපුමල් කුමාරයා කෝට්ටේ 6
වන පරාක්‍රමබාහු රජතුමා යටතේ යාපනය පාලනය කළේය. එය සත්‍යයකි.
6 වන පරාක්‍රමබාහු
රජතුමා (1412 – 1467) කෝට්ටේ සිට යාපනය මුලුමනින්ම පාලනය කළේය. යාපනය සිංහල රාජ්‍යට
අයත් විය. කාර්තිගේසු ඉන්ද්‍රපාල මහාචාර්යවරයා පවසන්නේ මෙම පරාක්‍රමබාහු රජු යාපනය
පාලනය කරන අවධියේ කයිට්ස් දුපතේ ඉතා වැදගත් නාවික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි
(1983න් පසු මොහු ඊළාම්වාදියෙක් වී තමන්ගේ පර්යේෂණ තමන් විසින්ම මොට කරගැනීමට උත්සහ
ගත්තේය).
දෙමළ රජවරුන්
12ක් ඇත්තටම ස්වාධීනව යාපනය පාලනය කලේ නම් ඒ අයගේ නම් අපගේ දරුවනට මේ පෙළ පොත් මඟින්
දිය යුතුය. මේ කියමන් සත්‍ය බව සාක්ෂාත්
කල යුතුය.
යාපනයේ
දෙමළ රජවරුන් සිටියා නම් ඔවුන්ගේ සෙල් ලිපි තිබිය යුතුය. නමුත් එවැනි එකදු සෙල් ලිපියක්වත්
මෙතෙක් හමුවී නොමැත.
8වන ශ්‍රේණිය
පොත (සංස්කාරක මණ්ඩලය – පත්මසිරි කන්නංගර,
අනුෂා සේනාධිරාජා, චන්දිමා ධර්මපාල)
කිසිදු
අඩුපාඩුවක් නොමැත
9වන ශ්‍රේණිය
පොත (සංස්කාරක මණ්ඩලය – පත්මසිරි කන්නංගර,
පී පුෂ්පරත්නම්, කේ අරුන්තවරාජා, චන්දිමා ධර්මපාල, සමන්ති ගුණවර්ධන)
අනගාරික
ධර්මපාලතුමා පිළිබඳව මෙවර පොතේ වැඩි සඳහනක් කිරීම හොඳය. නමුත් ‘හින්දු පුනර්ජීවන ව්‍යාපාරය’
යනුවෙන් වන පර්ච්චේදයේ ආරුමුගම් නාවලර්ට ධර්මපාලතුමාට වඩා වැඩි තැනක් පොතෙන් දී තිබේ.
10වන ශ්‍රේණිය
(සංස්කාරක මණ්ඩලය – හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජ සෝමදේව, පත්මසිරි කන්නංගර, අනුෂා
සේනාධිරාජා, සමන්ති ගුණවර්ධන) –
29වෙනි
පිටුව මහාවංශය සඳහන් කරන ආකාරයට විජය කුමරු ඇතුළු ඔහුගේ පිරිස මෙරටට පැමිණෙන අවධියේ
ශ්‍රී ලංකාවේ ඉතා සංවිධානාත්මක සමාජයක් පැවතිණි.”
මෙය අසත්‍ය
ප්‍රකාශයකි. මහාවංශයේ එවැන්නක් සඳහන්ව නැත. කුවේණිගේ යක්ෂ ගෝත්‍රිකයන් ‘දඩයම සහ
එකතුකිරිම’ යන ජීවන රටාව ගෙවුවෝය. ඔවුන් ඕස්ත්‍රේලියාවේ ඇබරජින්වරුන්ට වඩා දියුණු තත්ත්වයේ
වුහ. නමුත් කෘෂිකාර්මික නොවුහ. ශ්‍රී ලංකාවේ දියුණු කෘෂිකාර්මික ජීවන රටාවක් ඇරඹියේ
විජයාගමනයට පසුවයි. එවැනි සමාජයකට මුලාරම්භය හොඳින්ම වැටුනේ පණ්ඩුකාභය/දේවානම් පිය
තිස්ස රජ සමයන්හීය.
මහාවංශය
සඳහන් කරන ආකාරයට විජය ලංකාවට පැමිණියේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේය.
මහාවංශයට අනුව පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත්
තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය මාගේ
සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.”
31වෙනි
පිටුව – ක්‍රිස්තු පුර්ව 2400ක තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු
වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මුල්ල ආදී ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙන පැරණි සොහොන්
බිම්වලින් තහවරු වී ඇත.”
මේවා දැවැන්ත
නව සොයා ගැනීම්ය; ඒවා ලෝක ඉතිහාසඥයන් කිසි තැනක සනාථ කර නැත. සොහොන් බිම් වලින් මෙවැනි දේ සනාථ වෙන්නේ කෙසේද?
මේ පොතේ
කතෘන් කියන ලෙස දැනට වසර 4400 ක පමණ සිට මෙරට
කෘෂිකාර්මික ජිවන ක්‍රමයක් පැවතිණි. මුළු ලොවම පිළිගන්නේ ලොව ප්‍රථම කෘෂිකාර්මික ජිවන
ක්‍රමය බිහි වුයේ මිසපොටේමියාවේය (දැනට වසර 5500ට ප්‍රථම). ඉන්පසුව ලොව බිහිවූ කෘෂිකාර්මික
ශිෂ්ටාචාර වනුයේ ඊජිප්තුව, ඉන්දු වැලි සහ දකුණු
ඇමරිකාවේ ඇන්ඩිස් කඳුකරය ආශ්‍රිතවයි. ලොව කිසිම පොතක ශ්‍රී ලංකාවද මේ ගොන්නට අයත් වන
බව පවසා නැත.
කෘෂිකාර්මික
ශිෂ්ටාචාරයක් (ජීවන රටාවක්) යනු බෝග වගාවන් සහ සත්ව පාලනයෙන් ජිවන ක්‍රමය ගෙන යන සමාජයකි.
ක්‍රමානුකූලව භුමිය වගා කිරීම සහ සතුන් පාලනය කිරීම ඒ සමාජයේ ප්‍රධානතම ජීවන ක්‍රමයයි.
ඒ තත්ත්වයට එන්නේ ‘දඩයම සහ එකතුකිරිම’ යන ජීවන රටාවෙන් ඔබ්බට දියුණු වීමෙනි. කර්මාන්ත
ඇතත් අද ද ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක්
(ජීවන රටාවක්) ඇති රටක් වශයෙන් දැක්විය හැක (කලින් සඳහන් කලාක් මෙන් පන්ඩුකාභය/දේවානම්
පියතිස්ස ඒ ආරම්හය අපට දුනහ). වෙනත් බොහෝ රටවල්ද එසේය. ඉන්දියාව කාර්මික වීමට උත්සහ දරන තවමත් කෘෂිකාර්මික
රටකි. කෘෂිකාර්මික ජිවන රටාවක් තුල වවන ලද බෝග වල අතිරික්තය ගබඩා කිරීමක් සිදුවේ. කෘෂිකාර්මික ජිවන රටාවට පසුව එන්නේ 3වෙණි සහ අවසාන
ජිවන රටාව වන කාර්මික ජිවන රටාවයි. අද ඇමරිකාව, බටහිර යුරෝපය, ජපානය, ඕස්ත්‍රේලියාව,
දකුණු කොරියාව වැනි රටවල්. මේවාද කාලාන්තරයක්
කෘෂිකාර්මික ජිවන රටාවන් හෙබි රටවල් විය.
පිටුව 31
– එහෙයින් මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුගේ පැමිණීමට පෙර
වකවානුවට අයත්ය.”
දේශපාලන
බලය යනු නුතන සංකල්පයකි. එය පක්ෂ දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේ හා බැඳේ. විජය/කුවේණි
කල පැවතියේ ජීවන රටාවකි, දේශපාලනයක් තිබුනේ නැත.
පිටුව 31
– රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ එරටේ වෙසෙන මහජනයා විසිනි.
කවරෙකුට වුව රටක් පාලනය කිරීමට මහජනතාවගේ කැමැත්ත අවශ්‍යය.”
මේ අදහස
වැරදිය. මේ අදහස නුතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයනට බලපායි. නමුත් ආදී ශ්‍රී ලංකාවේ රජවරුන්
බලයට පැමිණයේ මහජන කැමැත්ත ලබා ගෙන නොවේ. උරුමය,
යුධ වැදීම්, රජුන් ඝාතනය කිරීම වැනි ක්‍රියාවලින් බලය අල්ලා ගත්හ. අදද ලෝකයේ ඒකාධිපති පාලන ක්‍රමයන් ඇත – එනම් මහජන
කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් කරන රාජ්‍ය පාලනයි.
42 පිටුව
– විමධ්‍යගතව පැවතී මෙරට දේශපාලනය මධ්‍යගත කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ දුටුගැමුණු
රජතුමා විසිනි.”
දුටුගැමුණු
රජතුමාට ප්‍රථම සිටි එළාර මුළු රටම රාජ්‍ය කල බවට සාධක නොමැත. ඔහුගේ අණසක අනුරාධපුරය
කේන්ද්‍ර කර පැවතුනි. එසේ නම් මධ්‍යගත රාජ්‍ය කිරීමක් එළාරට අදාළ නොවේ. දුටුගැමුණු
රජතුමා දේශපාලනයක් නොකළ බවත් එතුමා පිය උරුමයෙන් රජකමට පත්වූ බවත් ඕනෑම කෙනෙක් දන්නා
කරුණකි. බලය විමධ්‍යගත කිරීම වැනිදේ නුතන සංකල්පය, ඒවා පුරාණ රාජධානි සමයේ නොපැවතිණි.
රජවරුන් ඒකාධිපතිත්වයෙන්, සිය අමාත්‍ය මණ්ඩලය සමඟ, තනිව රාජ්‍යන් පාලනය කළහ. ඒකාධිපති
වුවත් ඉතා හොඳ, කාරුණික, ධාර්මික, බුද්ධිමත් බොහෝ රජවරු ශ්‍රී ලංකාවේ වුහ.
61 පිටුව – පුරාණ කාලයේ ශ්‍රී ලංකාවේ
පාලන කටයුතු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් ආයතන තුනක් මඟින් ක්‍රියාත්මක
විය.”
මෙය වැරදිය.
සියල්ල පැවතියේ රජතුමාගේ අණසක යටතේය. සුළු නඩු ඇසීමට රජතුමා නිලධාරීන් පත් කල බව සැබවී. මරණ දඬුවම නියම කිරීමේ
අයිතිය තිබුනේ රජතුමාට පමණි. රජකාලයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයක් තිබුනා යයි පැවසීම
වැරදිය. මේවා ඉතා නුතන සංකල්ප වේ. අපගේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් රාජ්‍ය
පාලනය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කාණ්ඩ 3ට බෙදා තිබේ. එදා රජ කාලයේ මෙවැනි
රාජ්‍ය පාලන සංකල්ප තිබුනේ නැත.
61 පිටුව
– ….. සෑම අවස්ථාවකදීම අපේ පැරණි පාලකයෝ
නම්‍යශීලි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.”
ඒ කාලයේ
‘විදේශ ප්‍රතිපත්ති’ කියා දෙයක් තිබුනේ නැත. නම්‍යශීලි විදේශ ප්‍රතිපත්තියක් පැවැත්වුයේ
කිනම් රාජ්‍යයන් සමඟද කියා සිසුනට දැක්විය යුතුය. 1955 බැන්ඩුන් සමුළුවෙන් පසු නොබැඳි
ව්‍යාපාරය ලොව මුලින්ම ඇරඹුණේ 1961දි යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවර පැවති සමුළුවෙනි.
103 පිටුව – යාපනය රාජධානියේ ආරම්භකයා
විජය කුලංකෛ ආර්ය චක්‍රවර්තී ලෙස සැලකේ. ඔහුගේ පාලන කාලයේ සිට පෘතුගීසින්ගේ පැමිණීම
තෙක් යාපන ප්‍රදේශය පාලනය කළ කුලශේකර, වික්කිරම, වරෝදය, මාර්තන්ඩ වැනි පාලකයන් දොලොස්දෙනෙකු
පිලිබඳ විස්තරයක් යාල්පාන චෛය්පව මාලයි ග්‍රන්ථයෙහි දක්වා තිබේ.”
මේවා මෑත කාලයේ එළිදැක්වූ ග්‍රන්ථ නාමය.
සමහවිට 21 වන සියවසේ මතුවූ පොත් විය හැක. මෙම ලියුම්කරු මේ පොත් ගැන නොදනී.
අප දන්නා පිළිගත් ඉතිහාසය නම් යාපනයේ
ස්වාධින දෙමළ රාජ්‍යන් තිබී නැත. පෘතුගීසින් පැමිණෙන තෙක්ම යාපනයේ සිටි යුව රජුන්/කුමරුන්
පාලනය වුයේ කෝට්ටේ සිංහල රාජධානියෙනි. ‘ලංකා ආක්‍රමණය’ යන පොතේ ක්ව්රෝස් නමැති පෘතුගීසි
කතෝලික ඉතිහාසඥයා සඳහන් කරන්නේ ද්‍රවිඩ නායකයන් ඒ ප්‍රදේශ පාලනය කරන ලද්දේ කෝට්ටේ රාජ්‍යය
යටතේ වූ පාලකයන් වශයෙන් බවය. ඕලන්ද කාලයේ කාලයේ
විසු ඕලන්ද ජාතික පිලිපස් බැල්දියස් පියතුමා
ශ්‍රී ලංකාව පිළිබඳව විස්තරයක් සඳහන් කරමින් දක්වනුයේ එකල සිටි දෙවන රාජසිංහ රජු (1635
– 1687) ශ්‍රී ලංකාවේ එම්ප්‍රදෝරු රජු වශයෙන් ඕලන්ද ආණ්ඩුකාරතුමා හැඳින්වූ බවයි. ඔහු
කියන පරිදි එකල ශ්‍රී ලංකාව ඒ රජු හට ආරූට කරන ලද රාජ්‍ය 5කින් සමන්විත විය – කන්ද
උඩරට, කෝට්ටේ, දඹදෙණිය, අනුරාධපුරය සහ යාපා පටුනයි. එම රජු ත්‍රිකුණාමලේහි සහ මඩකලපුවේ
කවුන්ට් වරයා යන විරුදාවලියෙන් ඕලන්ද නායකයන් සලකා ඇත. රොබර්ට් නොක්ස් ත්‍රිකුණාමලයේදී
අත් අඩංගුවට ගැනීමෙන් පසු භාර දෙන ලද්දේ කන්ද උඩරට රජුටය, දෙමළ රජෙකුට/නායකයෙකුට නොවේ.
103 පිටුව
– රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර, උතුරු මැද හා වයඹ පලාත්වල ජන ඝනත්වය අඩු ප්‍රදේශ ආශ්‍රිතව වන්නි වශයෙන්
හැඳින්විය හැකි කුඩා පාලන ඒකක කිහිපයක් නිර්මාණය වූ බව පෙනේ.”
අප දන්නා
පමණින් වන්නි වශයෙන් හැඳින්වෙන්නේ වවුනියාවේ උතුරේ සිට කිලිනොච්චි/එලිෆන්ට් පාස් දක්වාවූ
ප්‍රදේශයි.
131 පිටුව – ‘සංකිලි නම් රජෙක් 1519දි
සිට 1561 දක්වා යාපනය රාජධානිය පාලානය කළේය.’
මේ පෘතුගීසි පාලන සමයයි. එවිට කෝට්ටේ
රාජධානිය දෙදරුම් කා තිබුණි. 1530දි පමණ කෝට්ටේ පාලනය කල බුවනෙකබා රජු තම සහෝදර මායාදුන්නේගෙන්
පලි ගැනීමට පෘතුගිසින්ගෙන් ආධාර පැතිය (ලංකාව අත් හැර දමා පෙරලා යාමට සිටි පෘතුගීසින්ට
යලි ලංකාවේ නතර වීමට සිතුනේ එවිටය). මේ කෙටි කාලයේදී සංකිලි සමහර විට ස්වාධීනව යාපා
පටුන පාලනය කළා විය හැකියි. ඔහු තවදුරටත් කෝට්ටේ යුව රජ වශයෙන් කටයුතු කළා යයි ඇතැම්හු
තර්ක කරති. 1621 පමණ වන විට යාපන අර්ධද්වීප පාලනය මුළුමනින්ම පෘතුගීසින් අත්ට පත්ව
තිබුණි.
20වෙනි
සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳව පොත් පලකල බී හෝර්ස්බර්ග්, ජේ පී ලුවිස්,
එස් ඥානප්‍රගාසම් පියතුමා, එස් ඩබ්ලිව් කුමාරස්වාමි
යන අය ලියා ප්‍රසිද්ධ කර ඇත්තේ මුල පටන්ම යාපනය සිංහල ප්‍රදේශයක් වූ බවත් ද්‍රවිඩයන් පසුව සිංහල ගම් නම්
දෙමළ කල බවත්ය. ඒ බව තහවරු කිරීමට ඔවුහු උතුරේ බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව කරුණු රාශියක්
හෙළි දරව් කර ඇත.
11 වන ශ්‍රේණිය
පොත (සංස්කාරක මණ්ඩලය – පත්මසිරි කන්නංගර, අනුෂා සේනාධිරාජා,
චන්දිමා ධර්මපාල)
කිසිදු
අඩුපාඩුවක් නොමැත.