දැයෙන් සමුගන්නා ජාතික සටනේ ගිනිසිළුව මාදුළුවාවේ සෝභිත මා හිමියෝ
November 12th, 2015ධර්මන් වික්‍රමරත්න
සිංහල බෞද්ධ සමාජයට අද්විතීය නායකත්වයක් ලබාදෙමින් ජාතික සටනේ පුරෝගාමී යතිවරයෙක් වෙමින් දැවැන්ත සමාජ කාර්යයක නියළුනු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩවිසූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජොත්සවය නොවැම්බර් 12වැනිදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී සිදුවේ. මෙම ලිපිය ලියන ලියුම්කරු උන්වහන්සේගේ දායක පවුලක සාමාජිකයෙක් වශයෙන් 1970 සිට කටයුතු කර ඇති අතර අසූව දශකයේ සෝභිත හිමියන් නියැළුනු දැවැන්ත සමාජ කාර්යභාරයේදී සමීපතමව ඇසුරුකල මාධ්‍යවේදියෙකුද වේ.
ගැමි ගොවි යුවලකට දාව මාදුළුවාවේ සෝභිත හිමියන් 1942 මැයි 29 උපත ලැබීය. ගිහි නම පී.ඩී. රත්නසේකරය. අම්මා කරලිනාහාමිය. පියා පතිරගේ දොන් අප්පුහාමිය. වැඩිමහල් සොහොයුරෙක් සහ කණිටු සොහොයුරියක්ද විය. උපන් ගම හෝමාගම මාදුළුවාවය. එය සුන්දර ගමකි. එදා මාදුළුවාව ගම ප්‍රසිද්ධ වූයේ මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවෝ සහ රටම පිළිගත් නැකත් කේන්ද්‍රකරුවෙකු වන පොඩි ගුරුන්නාන්සේ නිසාය. මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හිමියෝ සෝභිත හිමියන්ගේ බාප්පාය. කොටා රෝඩ්හි ජයවර්ධනාරාමය ගොඩනැගුවේ ඉන්ද්‍රජෝති නාහිමියෝය. වර්තමානයේ මාදුළුවාව ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන් නිසාය.
සිංහල බල මණ්ඩලයේ 1982 ජුලි 22 රැස්වීමේදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රට මැරයින් පහරදී කානුවකට ඇද දමා සෝභිත හිමියන්ටද පහරදිමට එරෙහිව උන් වහන්සේ එදිනම කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කල ආකාරය.
ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හෝමාගම මාදුළුවාව පාසැලේදීය. වයස අවුරුදු 13දී එනම් 1955 මැයි 9වැනිදා පැවිදි වියට ඇතුළත් විය. උන්වහන්‍සේ ශ්‍රී නාග විහාරයට 1954දී සම්බන්ධවන්නේ මුල්ලේරියාවේ රේවත නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේය. උපසම්පදා පදවියට පත්වූයේ මෙයට වසර 53කට ප්‍රථම 1962දීය. අනතුරුව විද්‍යාලංකාර පිරිවෙනේදී අධ්‍යාපනය ලැබුවේ යක්කඩුවේ පඤ්ඤාරාම හිමි, බඹරැන්දේ සිරි සීවිලී හිමි, වල්පොල රාහුල හිමි, කොටහේනේ පඤ්ඥාකිත්ති හිමි වැනි ප්‍රඥාවන්ත හිමිවරුන් යටතේය. වැඩිදුර අධ්‍යාපනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලබාගත් උන්වහන්සේ ඉතිහාසය පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවටද වරෙක පත්වූයේ සෝභිත හිමියන්ය.
මම උන්වහන්සේ හදුනා ගත්තේ 1970දීය. ඒ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ විදුහල්පති වශයෙන් 1960 සිට 1964 දක්වා කටයුතු කල මාගේ පියාවන ගුණපාල වික්‍රමරත්න මගිනි. කෝට්ටේ ස්ථීර පදිංචියට 1971 පැමිණීමත් සමඟම අපේ ගමේ පන්සල වූයේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයයි. සෝභිත හිමි ප්‍රධාන ශ්‍රී නාග විහාරයේ හාමුරුවන් සඳහා 1976 සිට සෑම මසකම 23වැනිදා හීල්දානය පිරිනැමුනේද අපේ නිවසෙනි. කෝට්ටේ ඕනෑම අයෙක් සෝභිත හිමියන් නමෙන් හඳුනයි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව කෝට්ටේ සිය දායකයින්ගේ නිවසකට බණට, පිරිතට දානයට පමණක් නොව ලෙඩදුකට මෙන්ම අවමඟුලටද සෝභිත හිමිගේ සහභාගිත්වය උන්වහන්සේ රෝගාතුර වන තෙක්ම අඛණ්ඩව සිදුවිය. ජාතික තලයේ කුමන වැඩ කලද උන්වහන්සේ සහ පන්සලේ දායකයෝ අතර සම්බන්ධය ගසට පොත්ත මෙනි. නාගවිහාර සංඝාවාසය ගොඩනැගීම සඳහා රුපියල් 10ක ටිකට් පතක් අළෙවි කර 1976දී මහා පෙරහැරක් සංවිධානය කල සෝභිත හිමියෝ දෙමහල් සංඝාවාසය ගොඩනැගුවේ ඇසිපිල්ලන් ගසන සැණිනි.
එජාප රජය මගින් 1987 මැයි දින තහනමට එරෙහිව සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවති මැයි 01 පැවති රැස්වීම. මෙහිදී පොලිස් වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරමුවට පත්විය.
ඇතුල්කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පිරිවෙන, කුඩාතුඩුවේ නාලන්දා පිරිවෙන සහ නුගේගොඩ සුභද්‍රාරාමය ඇතුළු පිරිවෙන් වල කථිකාචාරවරයෙකු වශයෙන් කටයුතු කල සෝභිත හිමි මසකට සහභාගිවන ආගමික කටයුතු සංඛ්‍යාව 100කට අධික විය. කලක් මැදපෙරදිග සහ යුරෝපීය ශ්‍රී ලංකිකයින් අතර ජනප්‍රියතම ධර්ම කථිකයෙක් විය. පානදුරේ අරියධම්ම හිමි සහ ගංගොඩවිල සෝම හිමිට පසුව මෙරට වැඩිම ධර්මදේශනා පැවැත්වූ භික්ෂුව වන්නේද මාදුළුවාවේ සෝභිත හිමියන්ය.
ජනාධිපති ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එජාප ආණ්ඩුවේ 1980 සිට 88 දක්වා ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව එළිපිටම ජනතාවාදී ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන් ජාතික සටනේ පුරෝගාමී යතිවරයා උන්වහන්සේය. එම වකවානුවේ ජනතාවාදී සටන් වෙනුවෙන් අපමණ දුක්ගැහැට, ගැරහුම්, අවමන් වලට ලක්වූවද සෝභිත හිමියෝ ඒවාට නොසැලී, නොවැටී, නොබියව මුහුණ දුන්හ. අසූව දශකයේදී ශ්‍රී ලංකාවේ ජනතාවාදී භික්ෂූන්ගේ සංකේතය බවට පත්වූයේ මාදුළුවාවේ සෝභිත හිමියෝය. එකල එම දශකය පුරාම මම උන්වහන්සේ සමීපව මාධ්‍යවේදියෙකු ලෙස ඇසුරු කළෙමි.
සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් මව්බිම සුරකීමේ ව්‍යාපාරය මගින් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේදී 1987 ජුලි 28වැනිදා පැවැත්වූ අති දැවැන්ත උපවාසයේදී පොලිස් වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම මියගිය 21දෙනාගෙන් ප්‍රථමයාවූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරා මියගොස් සිටි අයුරු(පහළ) සහ ඔහුගේ ඡායාරූපය(ඉහළ)
සිංහල බල මණ්ඩලය 1981දී සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවූයේ බ්‍රිතාන්‍යයේ ගාමිණී කීර්තිචන්ද්‍ර, ඩග්ලස් වික්‍රමරත්න ඇතුළු කිහිප දෙනෙකුගේ දායකත්වයෙනි. එහි ප්‍රථම රැස්වීම 1982 ජුලි 21වැනිදා බෞද්ධාලෝක මාවතේ සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදි පැවති අතර සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් උනන්දුවක් දක්වන 2,000ක් පමණ එයට රැස්ව සිටියහ. සුපුරුදු පරිදි මඩිහේ පඤ්ඤාසිංහ නාහිමියෝ එදිනව ගිලන්ව සිටි අතර මුලසුන දරුවේ ඉත්තෑපානේ ධර්මාලංකාර හිමියෝය. රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා වූ සෝභිත හිමියෝ පිළිගැනීමේ කථාව කිරීමෙන් පසු මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන් කියා සිටියේ සිංහල සංස්කෘතියේ පිරිහිමට හේතුව රජයේ විවෘත ආර්ථිකය බවය.
“අඩෝ සරච්චන්ද්‍රයා බිමට බැහැපිය කියා” මැරයින් වේදිකාවට පැන සරච්චන්ද්‍රට පහරදී බිම දමා ඔහුගේ මුහුණට සහ පපුවට පයින් ගසමින් දෙපයින් අල්ලා එලියට ඇදගෙන ගොස් කානුවට ඇද දැමූ අතර එය බේරීමට ආ සෝභිත හිමියන්ටද පහර දුන්නේය. සෝභිත හිමි ඉන් අධෛර්යමත් වූයේ නැත. සිංහල වීර විදාන හරහා එම වැඩසටහන ඉදිරියට ගෙන ගියේය. යුද්ධයෙන් අනාථවූ උතුරු නැගෙනහිර සිංහල ජනයාට නිවාස තනවා දුන්‍නේය.
1987 හෙදි වර්ජනය විසදන ලෙස ඉල්ලමින් තුන්මුල්ලේදී උපවාසකල භික්ෂූන් පැහැර ගැනීමට එරෙහිව විරෝධය පලකරමින් සෝභිත හිමියන් නායකත්වය දුන් සත්‍යග්‍රහය.
ගම්පහ සාම විහාරාධිපති ආචාර්ය ධරමිටිපොල රතනසාර හිමියන්ගේ පැවිදි හඬ සම්මන්ත්‍රණයට සහ කොල්ලුපිටියේ පොලිසිය ඇතුළතදී විවියන් ගුණවර්ධනට පහර දීමට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී මුල්පෙලේ සිටි ක්‍රියාකාරිකයෙකු වූයේ සෝභිත හිමියෝය. මහනුවර ගැටඹේ ලබුදූව සිරිධම්ම හිමියන්ගේ රාජෝපාරාම පන්සලට ආණ්ඩුව කටු කම්බි ගැසිමට මුලින්ම එරෙහිවුයේ උන්වහන්සේය. එවිට ආණ්ඩුව කළේ ශ්‍රේෂ්ඨාධිකරණය දඩ නියම කල පොලිස් නිලධාරින්ට එම වන්දිය රජයෙන් ගෙවා උසස් වීම් ලබාදීමය. 80 ජුලි වර්ජනයේදී වර්ජකයින්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි උන්වහන්සේගේ නාග විහාරය එකල දිස්වූයේ සටන් බිමක් ලෙසිනි.
දෙමළ බෙදුම්වාදීන්ට සහ ඉන්දීය ආක්‍රමණිකයින්ට රටපාවාදුන් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කල මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයෙකු වූයේද සෝභිත හිමියන්ය. කොටුව බෝගහ අසළදී 1988 ජුලි 28වැනිදා 20,000කට අධිකව සහභාගිවූ උද්ඝෝෂණයට නායකත්වය දුන්නේද සෝභිත හිමියන්ය. එම ස්ථානයේදීම පොලිස් වෙඩි තැබීමෙන් 21ක් මියගිය අතර රටපුරා එයට එරෙහි උද්ඝෝෂණ ඇතිවිය. පසුව තරුණයින් 60,000ක් පමණ තිරස්ථීන ලෙස ඝාතනය කරද්දී එයට එරෙහිවද සෝභිත හිමියන් හඬ නැගුවේය. හිමිවරුන් 724ක් ධර්මචක්‍රයේ දමා වධදී ඝාතනය කර ගංගාවල පාකර යවද්දී සහ ටයර් සෑවල අවසන් ගමන් යද්දී ඇතැම් හිමිවරුන් ආරක්ෂිතව රැකබලා ගත්තේද විදේශවල රැකවරණයට යෑමට මඟ පෙන්නුවේද උන්වහන්සේය.
ලෝක කම්කරු දිනය සැමරීම 1987 මැයි 1 රජය මගින් තහනම් කල විට එම තහනම කඩා බිඳ දමමින් නාරාහේන්පිට අභයාරාමයේදී ලංකාවේ එකම ප්‍රසිද්ධ මැයි දින රැළිය පවත්වන ලද්දේද සෝභිත හිමියන්ගේ නායකත්වයෙනි. එහිදී දෙදෙනෙකු මරමුවට පත්විය. හෙද සටන 1986 දින 26ක් අඛණ්ඩව ඇදී යද්දී ඒ පිළිබද මර්ධනයට එරෙහි ජනමතය පෙළ ගස්සවන්නට තුම්මුල්ල හංදියේ බුදුරුව ඉදිරිපිට මාරාන්තික උපවාසයට නිරත හාමුදුරුවෝ 11 දෙනා මහ රෑ 12ට පැහැරගෙන ගොස් බොරැල්ල කතන්තේ මිනී වලවල් මත තබන ලදී. මෙයට එරෙහිව පොලිස් බාධක සහ ඇදිරිනීතියද නොතකා පන්දහසකට ආසන්න ජනයා සමඟ සෝභිත හිමියෝ යෝධ පවුරක් ගොඩනැගූහ.
ජනතා සටන්වලදී සෝභිත හිමිට අයෝමය ශක්තියක් 1985 සිට 1990 දක්වා ලබාදුන් යතිවරුන් කිහිපදෙනෙක්(වමේ සිට) මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නාහිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි සහ ආචාර්ය විලේගොඩ අරියදේව නාහිමි.
අසූව භීෂණ සමයේදී රටේ කැලඹිලි සිදුකරන බවට චෝදනා කර සෝභිත හිමියන් 1987 අගෝස්තු 1වැනිදා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදා පැමිණිමේදී නාගවිහාරයේ ඝංඨාර නාදය දසත පැතිරී ගිය අතර දායකයෝ සිය ගණනක් උන්වහන්සේ ගෙනයෑමට ඉඩ දුන්නේ නැත. පන්සලේ කටයුතු ගෙනයෑම එහිදී සෝභිත හිමියන්ගේ දෙවැනියාවූ වතුරවිල සුජාත හිමියන්ට පවරා නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක හමුදාවන්ට ඉඩදෙන්නැයි උන්වහන්සේ පවසා සිටියහ. මසකට ආසන්න කාලයක් පොලිස් අත්අඩංගුවට පත්වූ උන් වහන්සේ ඉන් තව තවත් පන්නරය ලබා තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයන් ඇතුළු බොහෝ පිරිසක් උන්වහන්සේට ශක්තියක් වූහ. අනූව දශකයේදී සංඝ භේදයකින් තොරව භික්ෂූන් වහන්සේලා ජාතික සංඝ සභාව හරහා ඒකරාශී කිරීමට හැකිවූයේද සෝභිත හිමියන්ගේ කැපවීම මතය.
පොදුජන එක්සත් පෙරමුණ රජය 1994දී බලයට පත්වූ අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ආගමික වතාවත් සිදුකිරීමට ප්‍රථමවරට පැමිණියේ ශ්‍රී නාග විහාරයටය. කොටි ප්‍රශ්නය නිමකර රට ඉදිරියට ගෙන යෑමට චන්ද්‍රිකා රජයට නොහැකි බැවින් රජය සමඟ හිතවත්කම අත්හැරි බව උන් වහන්සේ කියා සිටියේය. මේ සියළු කරුණු වලදී සෝභිත හිමියන්ට යෝධ බලයක් සහ අයෝමය ශක්තියක් සැපයූයේ උන් වහන්සේ වටා සිටි සිංහල ජාතිකවාදි පුද්ගලයින් සහ බලවේගයන්ය.
සෝභිත හිමියන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී
අසූව දශකයේදී සෝභිත හිමියන් මව්බිම සුරකීමට සහ ප්‍රගතිශීලි සටන්වලට එඩිතරව නායකත්වය දුන් සටන්කාමී භික්ෂුවකි. උන්වහන්සේ එදා අයත් වූයේ උඩකැන්දවල සරණංකර හිමි, කොටගම වාචීස්වර හිමි සහ මැදගොඩ සුමනතිස්ස හිමිගේ පරපුරටය. ගෞරවණීය සාමයක් වෙනුවෙන් එදා සෝභිත හිමියෝ පෙනි සිටියහ. බලකාමය. ධනකාමය සහ අවස්ථාවාදය අළුයම ලූ කෙල පිඩක් සේ බැහැර කළේය.
නාග විහාරයේ බණ මඩුව 1988දී විවෘත කළේ සෝභිත හිමියන්ගේ මව විසිනි. ඇය 2003දී මියගිය පසු අවසාන කටයුතු නිමවන තෙක් ඇගේ දේහය තබා තිබුනේද එම බණ මඩුවේය.
ඉකුත් වසර 2ක පමණ කාලයක් තුළ මාදුළුවාවේ සෝභිත හිමියෝ දේශපාලන ක්ෂේත්‍රය අභියෝගාත්මක භූමිකාවක් රඟ දක්වනු ලැබීය. ඒ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණු කිහිපයක් පෙරදැරිවය. ඒ යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, රාජ්‍යයේ යහපාලනයක් ඇති කිරීම, ඇමති තනතුරු 30කට අඩුකිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, වංචා සහ දූෂණ හෙළිදරව් කර ඒවාට දඬුවම් කිරීම වැනිදෑය. ඒ යටතේ විභේදනයට පත්වී තිබූ දේශපාලන බලවේග රැසක් ජනප්‍රිය ජාත්‍යන්තර සටන්පාඨ කිහිපයක් ඔස්සේ ඒකාබද්ධ කිරීමට උන්වහන්සේ සමත් විය. උන්වහන්සේගේ උත්සාහය ජයග්‍රහණය කලද උන්වහන්සේ අපේක්ෂා කල පොදුජන අපේක්ෂාවන් වසරකට ආසන්න කලක් ගතවූවද ඉටුවූයේ නැත. සෝභිත හිමියන්‍ගේ පරමාදර්ශී ප්‍රතිරූපයට ඉන් සිදුවූ බලපෑම පිළිබද අවංක තක්සේරුවක්ද උන්වහන්සේ තුළ විය.
අවසාන වශයෙන් මා සෝභිත හිමියන් හමුවූයේ ඉකුත් සැප්තැම්බර් 9වැනිදා පෙරවරුවේද හමුවිය. පසුව කොළඹ රජයේ සහ පෞද්ගලික රෝහලකද දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ගැනිමෙන් අනතුරුව සිංගප්පූරුවේ මවුන් එලිසබට් රෝහලේදී 2015 නොවැම්බර් 8වැනිදා සදහටම දැයෙන් සමුගත්හ. ඒ වන විට උන්වහන්සේ 74හැවිරිදි වියේ පසුවිය. වසර කිහිපයක් දියවැඩියාව රෝගයෙන් සහ මාස කිහිපයක් කොන්දේ වේදනාවෙන් විටෙන් විට පීඩාවට පත්ව සිටි උන්වහන්සේ හදවත් සැත්කමකටද භාජනය කර තිබිණි.
ජනතාව මතවාදිව හැඩගැස්වීමෙහිලා භික්ෂූහු ඉතිහාසය ආරම්භයේ සිට මේ දක්වා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ. මෑත කාලීන ඉතිහාසයේ අධිරාජ්‍යයට එරෙහිව හෝ මව්බිමේ නිදහස පතා විප්ලවය ඇරඹුණේ පන්සලෙනි. ශ්‍රී ලංකාවේ 19වැනි සියවසේ සිදුවූ ගොවිජන කැරළි පිළිබඳව අරගලයට නායකත්වය දුන්නේ පන්සලෙනි. 1816 සහ 1818 කැරළිවලදී ප්‍රධාන වැඩ කොටසක් කැරළි නායකයින් සමඟ ඉටුකරනු ලැබුවේ ඉහළගම රතනපාල ඇතුළු භික්ෂූන් විසින් පන්සල මුල්කර ගනිමිනි. නරාවිලි ධර්මරතන සහ දුම්බර පාලිත යන හිමිවරුන් ගොවි ජනතාව වෙනුවෙන් දේශපාලන වැඩකළේ පන්සලෙනි. සෝභිත හිමියන්ද නියෝජනය කළේ එම පරපුරය.
එදා සෝභිත හිමියෝ 30,000ක් පමණවූ ලක් සඟ සසුණේ නායකත්වයක් හිමිවූ සංඝ පීතෘවරයෙකි. දැවැන්ත සමාජ කාර්යයක නියැලුණේය. ලාංකීය ප්‍රගතිශීලි ව්‍යාපාරයට නාග විහාරය ක්ෂේම භූමියක් විය. සෝභිත හිමියෝ කල්ප රුක්ෂයක් බදු විය. දැයෙන් සමුගන්නා ජාතික සටනේ ගිණිසිළුව බවට කළෙක පත්ව සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවායි සැමගේ පැතුම වනු ඇත.














So quick went to nirwana? Saduuu saduuu
අනේ කොහොමට ජනතාව ගරුකළ හාමුදුරු කෙනෙක්ද ?අන්තිමේ නීච දේශපාලකයකුගේ අත් අඩංගුවට පත්වෙලා ජනතාවගෙන් බැනුම් අසමින් මැරෙන්න සිද්දවුනා .
රටට ජාතියට වින කරපු සිංහලයට විරුද්දව යහපාලනයට චන්දය දුන් එවුන්ට ශාපයක් ක්‍රියාත්මකයි .අනිවාර්යෙන් එක උඹලාව සොයා එනවා දැනටමත් ගොඩක් එවුන්ට පලදෙමින් යනවා .සමහරුන්ගේ පවුල් කඩා වැටිලා ,රැකියාවන් අහිමිවෙලා ,හොරකම් වලට පැටලිලා ,කකුල් කපන්න වෙලා ,ළමයින් ගෙවල්වලින් පැනල ගිහිල්ලා .ත්‍රස්තවාදය ආයෙත් ආවොත් අනිවාර්යේන්ම ඉස්සරවෙලාම මැරෙන්නේ තොපි .යහපාලනයට චන්දෙ දීලා මේ රට ආයෙත් කොටින්ට දෙන්න කටයුතු කරපු හැමෝටම ශාපවේවා .මහෙකාටත් මේ ශාපය වැදෙවා
අතීතයේ සිංහලයෝ හෙලපු ලේ
ඔවුන් මියගියත් ඔවුන් මුර දේවතාවුන් වගේ මේ රට රකිනවා.
රට කොටින්ට පාවාදුන්න එවුන්වයි උන්ගේ දරුවන්වයි ඔවුන් සොයාගෙන ඒයි.
නැත්නම් ඒ සිංහල ලේ වලට වටිනාකමක් නැතිවෙනවා.
(කොග්ගල නිලමේ පොත 1,2 කියවන්න)
පාවි පාවී මේ එන්නේ – අතීතයේ සිට එන සුලගයි
ඈත අතීතේ අසිපත් සිබගෙන – අතීතයේ සිට එන සුලගයි
අතීතයේ සිට එන සුලගයි
මුං වපුරා තල නෙලිය නොහැක යන බුද්ද දේශනාව අවසානයේ ඔබ වහන්සේට මනාව යතාර්ථයක් වී දර්ශනය විය.
ඔබගේ දැඩි සිත් තැව්ලට හේතු වූයේද ජඩ පාලන වපුරා යහ පාලනය බලාපොරොත්තු වූ නිසාය.. එය ඔබ වහන්සෙට තේරුම් ගියේ අස් වනු නෙලීමට ගිය විටය..
ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා, දෙමල බෙදුම්වාදයට රට පාවාදීමේ ආනන්තරීය පපකර්මයට” ඔබවහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව දායකවී ඇත.
ඔබ වහන්සේ දැන් නෙලාගත් ජඩපාලන අස්වනු බුක්ති විදීමට අප අතර නැත, නමුත් අප හා රටේ අනාගතය ජඩ පාලන අස්වැන්න බුක්ති විදිය යුතු වේ.
බුදු දහමට අනුව පව් සමාකල නොහැක” එසේම පව්” සහ පින්” එකිනෙකින් අහෝසිවීමක්ද සිදුනොවේ. ඔබවහන්සේ කරන ලද පින් සහ පව් වල කර්මඵල වෙන වෙනම බුක්තිවිඳීමට සිදුවනු ඇත.
මාදුලුවාවේ සෝභිත හිමියනි ඔබට නිවන් සුව…!!!
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පිදූ ලෝකය මයි
ඔබට සාපකර මේ එන්නේ……………
https://www.facebook.com/profile.php?id=100010413973501
අප කොපමණ නිවන්සුව පැතුවත්,සෝභිත එකතු කලේ පවුකාරකම් පමණි, එකතු කලේ කල්ප ගණනක් අපාගත සුවයට අවශ්‍ය පිං පමණි, සොබිතට අවශ්‍ය වුවේද එපමණකි, එසේ නම් සොබිත පැතු එම අපාගත සුවය එසේම ලැබේවා.
රතනං පනිතා ටත් අපේ භාන්දාගරෙන් සිංගප්පුරු වියදං දරනවාද නැද්ද යන්න දැනගැනීම අපේ මුලික මිනිස් අයිතියකි. රතනෙගේ පෙට්ටියට නම් කියක් හරි දුන්නට කමක් නෑ.
Nothing is permanent – Lord Buddha
Prince Siddhartha never tried to correct society,
Instead he corrected himself, achieved ultimate bliss of Nibbana
thereafter he taught others how to achieve Nibbana,
So the 8 fold path,
Ven Sobitha did not follow Lard Buddha, trued to correct society & failed miserably
Any way we are Buddhists ,
May Ven Sobitha attain Nibbana
මට දුක ඕකා මැරෙන්න ඉස්සරවෙලා කොහෙදි හරි ඕකාට කුණුහරුපෙන් බනින්න බැරිවෙච්චි එක ගැන .
මහෙකාටත් හෙන වැඩියන් බෝගේ පවුලටම සාපවෙයන්
හොර උපාධි කඩයක් නිසා රටක් වටින හිමි නමක් දැයට නැති උනා.
ඔබ වහන්සේ අපවත් උනෙත් රටට වටිනා පනිවිඩයක් ඉතුරු කරලා දැන් වත් ඔය හොර මාලබේ උපාධි කඩේ වහලා අහිංසක ජිවිත බේරා ගමු
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියනි ඔබ වහන්සේට නිවන් සුව පතමි!!!
Oba hariyatama hari
පාවි පාවී මේ එන්නේ – අතීතයේ සිට එන සුලගයි
ඈත අතීතේ අසිපත් සිබගෙන – අතීතයේ සිට එන සුලගයි”
ඈත අතීතයේ සිට… මව්බිම සුරකිනු පිණිස…. විරුවන් ඉහලට එසවූ අසිපත් සිඹගෙන…ඈත අතීතයේ සිට එන සුලඟ…. තවමත් මව්බිම සුරකින බවට සාක්ශි තමයි මේ!
මව්බිම සුරකින සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා! මව්බිමට ජයවේවා! මව්බිම සුරකින රණවිරුවන් සැමදා සුරැකේවා!
අපරාදේ අපේ හාමුදුරුවෝ ඉල්ලාගෙන වැලඳුවානේ, බත්කන මී හරකුන්ට හොඳ පාඩම්
ow ithn mahindayata kade giyaa nam ubala ohoma kiyanne na ne 😀
මේ මරණයට වගකියන්න ඕනා පැරදුනු එවුන් පස්සේ දොරින් අරගෙන උන්ට ඉහලම ඇමතිකම් දුන්නු අපේ තුමා .එයා තමයි සොපිත හාමුදුරුවන්ව මරාගත්තේ රට පාවාදීමේ පාපයත් මෙවැනි හිමිකෙනෙක් මරාගැනීමේ පාපයත් ඔහුව ගිලගන්නා බව නියතයි
umba wage bath bela wahallunta noterunata apita me hamuduruwo godak watinawa…mokada mahinda rata nati karagena yanakota me hamuduruwo tamai beragatte.
රට ජාතිය විනාශ කිරීමට පර දේශීන් හා එක්වී සින්හල යා මුලා කල වරද ට ජාති හිහයිශීන් ශාප කලා. උදෙ දවල් රෑ තුන් යාමයෙම
සසුන රැක ගන්නා දෙයිවරු. ගෙඉ කෝපය එල්ල උනා
සසඋන විනාශ කරන කෞරඋ උනත් අපාගත වෙනවා කිය බුදුන් වහන්සෙද දෙශනා කලා
ඉස්සර මෙයගෙ බනක් අහන්න අපිත් පුදුම සතුටකින් බලා හිටියෙ
ඉතා දක්ශ දර්ම දෙශකයන් කෙනෙක්
පවිටු මිත්‍යාද්‍රුශ්ටික ඇසුර නිසා අද ජාතියක් ශාප කරනවා
අනිත් පර යන ට ත් මේ කලම තමයි ඉතා ඉක්මනටම
සසර වසනා තුරාවට මෙවන් ජාති ද්‍රෝහීන් බුද්ද සාසන ය පවතින ලන්කා භූමිය තුල නොඉපදේවා
අනිත් ජාති ද්‍රඔහීන් රැලටහ් මෙඉ ඉරනම ම උදාවී මගෙ රට ජාතිය. ආගම රැක දෙතවා
Oba hari
දැන්වත් තෙරෙනවද මාලබේ වෛද්‍ය උපාධියේ බලය. රටට ගව පාලනය ගෙනල්ලා රට කොටියට ලියලා දුන්න පවට තමයි නෙවිල් ප්‍රනාන්දු කඩෙන් බෙහෙත් ගන්ඩ හිතුනේ.
මාගේ මෙම comment එකත් සමඟ බොහෝ දෙනා මා හා උරණ වෙනු ඇතැයි මා දනිමි… එහෙත්, අපි සිංහල-බෞද්ධයන් වශයෙන් කෙනෙකුගේ විපතේදී සතුටු වන තරම් පහත් තත්ත්වයකට වැටිය යුතු නැති බවයි මගේ හැඟීම… සෝභිත හිමියන් මහින්ද රාජපක්ෂයන් බලයෙන් ඉවත් කොට යහපාලනයක් ගෙන ඒමට දරදිය ඇදීමෙන් තමන් අතින් වූ වරදට අපමණ වාරයක් මනසින් පශ්චත්තාප වන්නට ඇතැයි මා සිතනවා…
එමෙන්ම, අප කුමන ආකාරයේ දේශපාලනික මතවාද හා අදහස් දැරුවද, පසමිතුරෙකු අභියස වුවද මිනිසත්කම” අපගේ සිත්වලින් පළවා හැර ගත යුතු නොමැති බව මගේ පෞද්ගලික හැඟීමයි…
Agreed.
yako mun gana api duk wunata wadak na mokada munta rate ilanga paramparawa gana kisima hangimak dukak nati un.Munta anukampa kirimama papayak.Api duk wiya utte attatama rata wenuwen peni sitina aya gana pamanai mokada mun adare kare apata topata ratata newi Dollar walata
ඇත්ත, මටත් මේ හමුදුරුවොන්ට බනින්න නම් හිතෙන්නෙම නැහැ. උන්වහන්සෙ ලංකාව ගැන අවංකවම දුක්වුණා, මහන්සිවෙලා වැඩකරා. ආණ්ඩුව වැරදි කරනවා දැකල හිතේ අමාරුවෙන්ම ලෙඩෙත් වැඩිවුණා. අනිත් නායකයොත් මෙහෙම අවංක නම් අපි කොච්චර වාසනාවන්තද? වරද උන්වහන්සේගේ නෙවෙයි උන්වහන්සේව ප්‍රෝඩාවකට හවුල් කරගත්ත දේශපාලකයො අතෙයි..
පැරදුන වුන් හොරපාරෙන් පාර්ලිමේන්තුවට ගත්ත එකටයි ඇමතිකම් දුන් එකටයි උන්වහන්සේ විරුද්ධව කතා කරා. ඒවා කනකට නොගෙන කිසිම ලැජ්ජාවක් නැතුව තවදුරටත් ප්‍රෝඩාව ගෙනියන අතිගරු තුමා තවමත් යහතින් වැජඹෙනවා.
මනුෂ්‍යකම සිංහලයාගේ මිසක මැදපෙරදිග තිරිසනුන්ගේ හෝ බටහිර සුද්දන්ගේ තියෙනවද බොල ?.එහෙම කියල හැම එකටම ඔලුව නමාගෙන හිටියොත් අර තිරිසන්නු ඇවිල්ලා බෝගේ ඔලුවත් කඩුවකින් කපාවි .සිංහලයා මෙහෙම හරි රැකුණේ අපි අතර ඉන්නා මැටි හරකුන් ජාතිය පවාදුන්නාට තවමත් රටට ජාතියට ආගමට ආදරය කරන අය අප අතර සිටින නිසයි .මොනවා උනත් සොපිතටනම් දෙව්යෝ දුන්නා දඩුවම .වැඩිකල් යන්න ඉස්සරවෙලා ජාතිය නසන්න ප්‍රධාන බුමිකාව කල එවුන්ටත් ලැබේවා කියල හැමෝම ප්‍රාර්ථනා කරන්න දවසකට තුන්වරක් ප්‍රාර්ථනා අක්රන්න
නැති ප්‍රශ්නයක් මවා පෙන්වමින් රට ප්‍රශ්න ගොඩකට තල්ලු කල උන් වහන්සේට සොබා දහමින්ම දඬුවම් ලැබුණ බව කියන්නට උඹලා මෙච්චර බය ඇයි…..?
ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම
කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්
ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා
සසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දින
හොඳට තිබුනු රට වනසල සුද්දන් යළි රජ කරවල
මැරුණු කොටින් පණ ගන්වල දෙකඩ කරන්නට මගෙ රට
පාර කපපු නිසයි එ හිමි සතුටක් දුන්නේ එ පුවත
දෝසය සිත තුරන් කරමු නිවන් පතමු එ උතුමන්ට
අසූ හතේ රට වෙනුවෙන් බැට කෑ හැටි සිහි ගන්වමු
ෂෝබිත , වටරැක , රතන , දඹර අමිල , තිබ්බොටුවාවේ , අත්තදස්සි සැමදා උදේ සවස ජනතාවගෙන් ආශීර්වාද ලබයි . එසේම බාහු , අනුර කුමාර , චන්ද්‍රිකාද ආදිහුද ආශීර්වාද ලබමින්ම් සිටිති .
රොටිය කරවුනා නේද හාමුදුරුවනේ? සෝභිත හිමි අවසාන මොහොතේ මහින්දට කී දේ!
in Featured, LNW SPY November 8, 2015
මාදුළුවාවේ සෝභිත හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ බැහැදැකීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි ගිය විට උන්වහන්සේ කිවේ එක දෙයකි…..”අපිට වැරදුනා මහත්තයෝ ” යනුවෙනි.නමුත් මහින්ද රාජපක්ෂ මහතා සිනාසුනා හැරෙන්නට කිසිවක් කිවේ නැත.
මව්බිම සුරකින විරුවන් අත රැඳි අසිපත් සිප අතීතයේ සිට ආ සුලඟ….. මහින්ද සුලඟ සමඟ එක්වී…අදටත් සැබෑ දේශප්‍රේමීන් රැක ගනිද්දී සෝභිත හිමියෝ තමන්ට වැරදුණු බව තේරුම් ගෙන මව්බිම හැර දමා ගොස් ඇත. මේ බුදුන් වැඩි දේශයට…බුදුදහම මුලු ලොවටම දායාද කිරීමට සුරැකුණු මේ පින්බිමට ….අතවර කිරීමට කිසිවෙකුටත් ඉඩ නොලැබේ!
මව්බිම සුරකින සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා! මව්බිමට ජයවේවා! මව්බිම සුරකින රණවිරුවන් සැමදා සුරැකේවා!
කළ ගුණ දත් බුද්ධිමත් සත් පුරුෂ ජනතාව සැමදා දෙවියන් සුරකියි!
අපරාදේ අපේ හාමුදුරුවෝ ඉල්ලාගෙන වැලඳුවානේ, බත්කන මී හරකුන්ට හොඳ පාඩම්
Rata hoora ka dusitha mineemaru rajapaksha hora ralagen rata beragath oba wahanse
Budu wenawamai.
ඕක කියන්න කල් වැඩි. තව ටික කලක් ඉඳලම කිව්වනම්. ඕක save කරලා තියාගන්න.
අනේ ගොනෝ, මාස 10ක් තිස්සේ තටමනවා එක හොර කමක් ඇල්ලුවද? හොයන්න හොයන්න ඔප්පු වෙන එකම දේ; කිසිම හොර කමක් කර නැති බව පමණයි. තොපි කොච්චර තප්පුලෑවත් ඔච්චර තමයි. තණකොල ටිකක් කාලා පාඩුවේ හිටින්.
විනාසයට මෝඩකම නිසා මුල්විය . විනාසයට කුහකකම නිසා මුල්වුවෝ තව ඇත. විනාසයට වෛරය නිසා, පර ගැති කම නිසා, ඩොලර් පෙරේතකම නිසා මුල්වුවෝ තව කොතෙක් ඇද්ද. ඔවුන්ගේ ඉරණම ????????
මතකයි කුඩකල දෙසු බන දරු අපට
වතගොත නොවෙයි හරි දේ වැදගත් රටට
සතවෙත කියාදුන් හරවා හරි මගට
පතනමි නිවන් සුව ගරු සෝබිත හිමිට
උන් වහන්සේට යහපාලනයේ නියම ඵල සියැසින් දකින්නට ඉඩහසර නොලද්දහ.
Lak Mawnata drohi wena ekekutawath hariyan nehe, es panapita paladenawa,
owe owe ubatath langadima set wei…
ai shan ubatath badu lagai
Muluratama pawa dun pawa paladunna,